Thursday, July 31, 2014

වචන සෙල්ලම්.. - Word Games !!! (පොඩි සෑමාගේ ලිපියක්..)



දයා බර ප්‍රින්සි පල් සර්ට ලියමි...


ලිපියේ උඩින් ආ මන්ත්‍රනය කර ඇති ආකාරය දුටු විටම සර්ට තද වෙන බව දනිමි. මන්ද සර්ට ඒ කාලයේ කැළෑ පත්තල වැදුනේද ඒ ආකාරයෙන්ම නිසාය. එහෙත් සර් අපිට සිංහල ටීචර් ලියම් ලියන්නට කියා දුන්නේ මෙසේ ආ මන්ත්‍රනයක් දමාය. සිංහල ටීටර්ව මතක් කළාම සර්ට නැවත මල පනිනා බව දනිමි. අපේ සිංහල ටීචර් දයාසීලී වීමත්, හැමෝම ටීචර්ට ආදරේට දයා කීමත් ඒකට හේතුවක්ය. සර්ට තද වෙන අනිත් හේතුව නම්, සර් දයා ටීචර්ට හේත්තුවක් දාන්නට ගොස් මාට්ටු වී කැළෑ පත්තර කෑමය. ඒවා සියල්ල පරණ කතන්දර නිසා සර්ට මම මේ ලිපිය ලියන්නේ සිස්සයන් වෙන අපේ අයිතීන් සුරක්ෂිත කර ගැනීමටය.

ඒ අප පන්ති කාමරයේ කරනා වර්ඩ් ගේම්ස් (Word Games) හෙවත් වචන සම්බන්ධ සෙල්ලම් කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීමටය. පන්තියේ විවේකයක් ලද විගස අප කරන්නේ ජීවන නිපුනතා පොතේ අන්තිම පිටුව පෙරලා ගැනීමය. ඒ ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, බඩු, එලවළු සෙල්ලම කරන්නටය. සෙල්ලම හොඳ දෙයක් වුවත් අපි කරන්නේ හොරෙන්ය. ඒ ටීචර්ලා සර්ලා අපිට ඒවා කිරීමේ නිදහස වාරණය කර ඇති නිසාය. එකී වාරණය නිසා යම් දවසක පාසල් යන එවුන් මේවා නොකරනවා නිසැකය. එදාට උන් වචන සෙල්ලම් අමතක කොට දමා සියල්ල ක්‍රියාවෙන්ම කරන්නට සැරසෙනවා ෂුවර්ය. සර් තරහා නොගන්නේ නම් මේ සෙල්ලම අපට තදින්ම වාරණය කළේ සර්ගේ අපේ දයා ටීචර්ය. ඒ සිද්ධිය මෙසේය.

එදා තිබුණේ සිංහල පීරියඩ් එකක්ය. සිංහල ටීචර් කෝමත් පන්තියට එන්නේ පීරියඩ් එකෙන් හතරෙන් එකක් ගියාට පස්සේ කියා අපේ උන් දන්නේය. අපේ උන් ටීචර්ව හොයන්න යන්නේ නැත්තේ ටීචර්ව හොයන්නට දෙයක් නැති නිසාය. මන්ද ටීචර් ඒ හතරෙන් එක ඉන්නේ සර්ගේ රූම් එකේ කියා දන්නා නිසාය. ඒ නිසා ටීචර්ගේ උදේ පීරියඩ් එකේ මුල් හතරෙන් එක අපේ උන් ආහාර ගැනීමට වැය කළෝය. පසුව ඉතිරි හතරෙන් තුනෙන් ටීචර්ව අපේක්ෂා කළද ටීචර් එන පාටක් නොතිබුණේය. එකී කාලය අපේ උන් වචන හරඹය හෙවත් අපේ සෙල්ලමට වැය කරන්නට වූවෝය. එදා පන්තියම තරඟයට එකතු වූ නිසා පන්තිය එකම කලඹලයක් වූයේය. එකෙක් “ද“යන්නෙන් අකුරු ලියන්නට දී තිබියදී, ගැහැණු, පිරිමි, මල්, පළතුරු ආදිය සියල්ල ලියා තබා “බඩු“ වකට “දයා“ ලෙස ලියා තිබුණේය. එය අමු වැරැද්දක් බවත්, එලෙස බඩුවක් නැති බවත් පන්තියම මැදිහත්ව අපේ එකාට පැහැදිලි කරද්දී ටීචර් පන්තියට ආවාය. අපේ එකා සෙල්ලම කරපු කොළය හංගද්දී ටීචර් කොළේ උදුරාගෙන “ද“යන්නෙන් ලියූ වචන සැට් එක කියෙව්වාය. කියවා අපේ මිතුරාව පන්තියෙන් දොට්ට දමා සියල්ලන්ටම පහරදී මරණ තර්ජන පවා එල්ල කළේ මේ තරඟය පාසලේ දී කිසිදා නොකරන ලෙස වාරණයක් දමමින්ය. එදායින් පසු ඒ සෙල්ලම තහනම්ය. අපේ මිත්‍රයා තවමත් කියන්නේ බඩුවක් නම් එතැන ලියැවිය යුත්තේ “දයා“ කියාය.

උක්ත කාරණාවේ සත්‍ය අසත්‍ය බව දන්නේ සර් පමණක්ය. එහි සත්‍ය සෙවීමට මෙය ලියන්නට පටන් ගත්තා නොව එකී සිද්ධියෙන් පසු අපේ පන්තියේ විනය පිරිහිණු අන්දම ලියා දක්වන්නටය. එතැනින් මතු අපේ උන්ට වචන සෙල්ලම් කවදාවත් කරන්නට නොලැබුනේය. අපේ උන් එම සෙල්ලම දාන්නට වූයේ ඉන් පසුව ඉංග්‍රිසි ටීචර් සමඟය. දිනක් ටීචර් තාරාවාට කියන වචනය ඇසුවාය. අපේ එකෙක් එක වරම කීවේ duck (ඩක්) කියාය. පැත්තක සිටි එකෙක් dick (ඩික්) දෝ මොකක්ද කියනවා ඇසුනද ටීචර් ඒවා කනකට නොගත්තාය. පසුව එහි plural හෙවත් බහු වචනය ටීචර් ඇසුවාම එකෙක් දඩි බිඩියේ නැඟිට කියා සිටියේ එක තාරාවා ඩක් නම්, තාරාවෝ සමූහයකට “ගො-ඩක්“ කියනා බවක්ය. එදා සිංහල ටීචර්ගේ කේස් එක ටීචර් දන්නා නිසා අනිත් බහුතරයක් ටීචර්ලා අපේ පන්තියට සද්ද දාන්නට නොආවෝය. ඒ නිසා ඉංගිරිසි ටීචර් එය ඉවසා සිටියාය. ඇය එය නිවැරදි කරමින් කියා සිටියේ “ඩක්“, නම් බහුවචනය “ඩක්ස්“ කියාය. ඉන්පසුව තව එකෙක් පැත්තක සිට කෑගෑවේ “එහෙනම් ටීචර් තාරාවෝ ගෙනියන වාහනේට කියන වචනේ දන්නවාද කියාය.“ ටීචර් බයිට් වේදෝ නොසිතා “ඒ මොකක්ද ඒ...“ කියා ඇසුවාය. අපේ එකා “ඇයි ටීචර් ඩක්-කුව...“ කියූ නිසා ටීචර් පාඩම වෙන අතකට හැරෙව්වාය.

සිංහල ටීචර් අපට අහිමි කළ word games අපේ උන් නොනවත්වාම කළේ අපේ ඉංගිරිසි ටීචර් සමඟමය. දිනක් වාක්‍ය සැකසීම පිළිබඳව කළ පාඩමකදී ටීචර් සිංහල වචන පෙළක් දුන්නේ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ උන් එයද වචන සෙල්ලමට යොදාගත්තෝය. “මේ රටේ නීති පොත් දෙකක් නැහැ..“ කියා ටීචර් කීවාය. ඒ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ ජෝනා පුටුව පෙරළාගෙන නැඟිට උත්තර දුන්නේය. “THERE IS NO DOUBLE RULE BOOK IN THIS COUNTRY" එදා තව පොඩ්ඩෙන් ටීචර් අපේ ජෝනාව ඩබල් කරනවාය. ඉන්පසුව පන්තියේ පිළවෙලකට ඉන්නා සිරිකමලා ගෙන් ටීචර් ප්‍රශ්නයක් ඇසුවාය. “හරි සිරිකමල් කියනවා බලන්න ඕස්ට්‍රේලියාවේ යුද්ධයක සළකුණක් නැහැ කියලා ඉංග්‍රීසියෙන්..“ සිරි කමලා ඇඹරුණේය. නැවත ජෝනා නැගිට උත්තර දුන්නේය. “MARK WAR IS NOT IN AUSTRALIA“ මාර්ක් වෝ දැන් සෙල්ලම් කරන්නේ නැතැයි අනිත් උන් කෑ ගැසූ නිසා ටීචර්ට ජෝනාගේ වාක්‍යය ඇසුනේ නැතිය.

අපේ උන්ගේ සෙල්ලම නවතින්නේ නැති තැන ටීචර් පන්තියෙන් කලින් පිටත් වූවාය. නැවත ටීචර් පන්තියට ආවේ පසු දිනය. එදාත් අපේ උන් ටීචර්ට සත්තම් දාන්නට වූවෝය. මැදහත් සිතින් බැලූ විට සියළු වැරදි බැර වන්නේ අපේ සිංහල ටීචර්ගේ අකවුන්ට එකට සහ අපේ ජෝනාගේ එකවුන්ට් එකටය. නමුත් අපේ උන්ගේ බුද්ධි වර්ධනය කළ වචන සෙල්ලම් දැමීම වාරණය කළ තැන සිට අපේ උන් කුපිත වූ බව නම් සැබෑය. පසුදිනද ටීචර් පර්වර්ථනය සඳහා අපිට දුන්නේ වාක්‍ය දෙකක් පමණක්ය. ඉන් පළමු එක PRESENT TENSE ගැන කියා දීමටය. “මම පුතාට කෑම කවනවා“ යැයි ඈ කී විට අපේ එකෙක් කීවේ I AM EATING MY CHILDREN කියාය. එදා එය කීවේ ජෝනා නොව වෙන එකෙක්ය. ඌව පාවා දීමට නොහැකි නිසා මම නම නොකියමි. නැවත ටීචර් එය නිවැරදිව කියාදි “මගෙ අම්මා බත් උයනවා“ සිංහලට හරවන්නට කීවාය. අපේ ජෝනා නැවත උද්වීපනය වී කියා සිටියේ MY MOTHER IS A RICE COOKER කියාය. ටීචර් එතැනින් නොනැවතී අපේ උන්ට පහරදී, ප්‍රින්සිපල් සර්ව සොයා ආ සැටි, සියළු විස්තර සර් දන්නවා ඇතිය.

මේ සිද්ධි සියල්ල නොනැවතී ඉදිරියට ගලා යනු ෂුවර්ය. හරියට විස්සවිද්‍යාලේ උන්ට පහරදී, උන්ට වරද පටවා සමාව ගන්නට කීවා හා සමානය. උන් සමාව නොගන්නේ වරද නොකළා කියාය. මහ උන් සමාව ගන්න කියන්නේ උන් වරද පිළිගත්තා යැයි කීමටය. ඉතිං සර්.. මෙකී ලිපිය ලියන පොඩි සෑම සතුව විකල්පයක් ඇත්තේය. ඒ ක්‍රමයෙන් අපේ උන් නිවැරදි මඟට එනු ෂුවර්ය. අපේ උන්ට ඕනැ වචන සෙල්ලම් කිරීමටය. ගැහැණු, පිරිමි සෙල්ලම නැති වුණත් වෙනත් සෙල්ලමක් කිරීමට අපේ උන් කැමතිය. මා කියන්නේ අපේ උන්ට කොම්පියුටර් රූම් එකේ දොර නිදහස් වේලාවට විවෘතව තබන ලෙසය. එහි ගොස් උන්ට ගූගල් එකේ වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නේ නම් උන් වචන සෙල්ලම් දානවා ෂුවර්ය. ඒ SEX සර්ච් කොට ලෝකයේ පළමු තැන ගන්නට නොව, අපේ භාෂාව ලෝකය තුල තවත් ඉදිරියට ගෙනියන්නටය.

මේ ලිපිය කියවා සර් අපේ ඉස්කෝලෙම ඉන්න උන්ට රට වෙනුවෙන් උදව්වක් කරන්න කියා ඉල්ලා සිටිනු දැකීමට පොඩි සෑමා කැමතිය. Google Translate වෙතට සිංහල භාෂාව ඇතුලත් කරන්න ගන්න උත්සාහයක් විදිහට මෙය අපේ උන්ට හඳුන්වා දිය යුතුය. එදාට අපේ උන් කෙලින පිස්සුව අවසන්ව, ටීචර්ලාට නිදහසේ වැඩේ කරගෙන යා හැකිය. මේ ක්‍රමයෙන් ඉංගිරසි නොදත් අපේ ජෝනාට මෙන්ම සිරිකුමාරටත්, මටත්, වෙබ් පි‍ටුවක් උනත් පහසුවෙන් සිංහලයට පරිවර්තනය කරගන්න පුලුවන්ය. පාසල් ළමයින්ට,ගුරුවරුන්ට,ඉගෙන ගන්න හැමෝටම,මෙකී නොකී සියලු දෙනාටම වාසි සැලසෙන මහඟු කාර්යයක් ලෙස හැදින්විය හැකිය. ඒ නිසා ඔබේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේකට උදව් කරන්නේ නම් වටින්නේය. ඒකට ලින්ක් එක මෙසේය. මෙතනින් පිවිසෙන්න පුලුවන්

ගූගල් ට්‍රාන්ස්ලේට් ක්‍රියා කරන හැටි ගැන මෙම වීඩියෝව නරඹා බෙදා ගන්න. (සිංහල උපසිරැසි සහිතයි)


මෙය හඳුන්වා දීමෙන් සර්ට මෙන්ම දයා ටීචර්ටත් නිදහස් සුවය විදින්නට හැකි බව මතක තබා ගත යුතුය.

ඉතිං සර්..
ඔබට ජය..

මීට පොඩි සෑමා..

පලි - මේ පිළිබඳ ලිපියක් ලියන්නට කියා ඊමේල් එකක් එවූ එක වසරේ සිට මගේ මිතුරා වූ “Anja“ හෙවත් අංජනයාටත්, බුකියේ මාව මීට ටැග් කළ පසන් කොලුවාටත් ස්තුතියි.

පපලි - වැඩේ කොරලම බලපල්ලා. super mario ගේම් එක ගහනව වගේ තමා.. ඉවරයක් නැහැ.. වචන එනවා සූ ගාලා...

Written by sAm_ශ්‍රී_Perera_7:10am_31/07/2014

45 comments:

  1. ඒකෙන් සිංහල ටයිප් කරන්න පට්ට ලෙසි. එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. බ්‍රා නම් එළද මන්දා..

      Delete
    2. සංජීව Google Translate සහ Google Transliterate පටලවාගෙන වගෙයි

      Delete
    3. @මහා කලු සිංහලයා
      අනේ මන්දා අයියන්ඞි මගේ කම්පියුටර් ගැන දැනුම නම් අන්තිමයි. අපේ අයි ටි මැනා දන්නේත් නැතිකොට සිංහල පොන්ට් එක ඉන්ස්ටොල් කරලා දෙන්න මම එහම වුනාහම මොකෝ?

      Delete
  2. පැලපිහි කුසලානය එවපියෝ මම 1 වෙලා.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල මොකක්ද බං ඒ සම්මානේ?

      Delete
  3. හිහි... මන් ඔය කතාව කලිං අහල තියෙනව වගේ... මේක ඇවිත් පොඩි සෑම් කතාවක් කෙසේවත් ඇම්ඩ ස්ටෝරියක් කියල නං මතකයි.. හිරු එතේ අර මොකද්ද කොමිටල් වැඩසටහනකත් ඒව ගියා කියල ලාවට මතකයක් තයේ...

    මාත් අර ට්‍රාන්ස්ලේට් කේස් එක බුකියෙහෙයා කරා... හුගක් උං ඒකට සප් එක දීල තිබ්බ...

    ReplyDelete
    Replies
    1. මෙවන් ඇම්ඩන් ස්ටෝරියක් නම් මම අසා නැත්තෙමි.
      ඉංගිරිසි වදන් සැට් එක නම් එහෙන් මෙහෙන් අහුලපුවාය.

      ට්‍රාන්ස්ලේට් කේස් එක එකපාර නොදා මෙහෙව් ආතල් එකක් දී දැමීමෙන් අපේ උන් වැඩේ කරනවා යැයි විස්වාස කලෙමි ;)

      Delete
    2. අපි අහපු නැති ඇම්ඩන් ස්ටෝරි කීයක් නං තියේද...
      සෑම අහල තියෙනවද ඇම්ඩ මැරුණ හැටි

      Delete
    3. මචං අර ““දන්නෙ නැද්ද ඇයි අනේ..ඇම්ඩන්ගේ ***ය නේ කතාවද??““

      Delete
  4. සෑමා ගේ හඳුන්වා දීම අතිවිශිෂට ,දයා ටීචට මං කියා සිටින්නේ සෑමා හොඳ කුලොවෙකු බවට ප්‍රින්සිපල් සර්ට කියන ලෙසය

    ReplyDelete
    Replies
    1. ස්තුති..

      මූ කාලෙකින් සෑමාගේ පැත්තට කතා කරලා :)

      Delete
  5. උඹ වැඩේට එන්ටර් වෙන්න පසුබිම සකස් කරපු හැටි නියමයි.

    මම දැනටමත් ඕකට උදව් කරමින් තමයි ඉන්නේ වෙලාව තියෙන තියෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රි..

      ඉංගිරිසි නම් උබව මතක් වෙන්නෙ ්සර් කෙනෙක් නිසාද මන්දා ;)

      Delete
  6. ඊයෙ පෙරේදා බුකියෙ දාල තිබ්බ පෝස්ට් එහෙකින් තමා මාත් වැඩේ දැනගත්තෙ.
    කතාවනං එල.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුති වැඩේට බහිමු !

      Delete
  7. මම ඕකට ගිහිල්ලම නෑ බං..

    ReplyDelete
  8. ලාෆ් ගොයින් ඉල පුලින්.

    ReplyDelete
  9. හුඟ කාලේකින් පරණ සැම්පලේ සැම් ලියවිල්ලක් කියෙව්වා මොකද අපි තොගේ බ්ලොග් කියවන්ඩ ගත්තේ මහප්‍රාන ලියුම් කියවන්ඩ නේවිනේ ඔහොම තමා සොබාවේ මොරන්ට මොරන්ට අඟ පැහේනවලුනේ එකෙන් කාරි නෑ අදනම් මරු මේදවස්වල අපිත් ඔකේ සෙල්ලං කොර කොර ඉන්නේ හේක් හේක් !!!

    ReplyDelete
    Replies
    1. එල එල.. දිගටම සෙල්ලම දාන්ටෝ..

      රාජ් අයියා දිගටම මට කිව්ව තමා සරලව ලියපං කියල .. කෝ ඉතිං අහන එකක් ඈ !!

      Delete
  10. “බඩු“ වකට “දයා“ කියපු එක නම් හොඳටම වැරදියි. සිංහල ටීචර්ට විතරක් නෙවි මහ ඇමතිතුමාට උනත් තද වෙන්න පුළුවන් ඒක දැක්කනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් උඹට මේකට පැනලාම ගහන්න වුණත් බැරි නැහැ.

      Delete
    2. කුරු-දයා මට කෙලීද??

      Delete
  11. පට්ටනෙ. හිනා කාලා පණයනවා බන්. මුල් ටික කියවත්දි :D

    මම ඔය සීන් එක දැක්කෙ නෑනෙ. හිටින් බලන්න

    ReplyDelete
    Replies
    1. හිනා වෙවීම වැඩේ කොරපං ;)

      Delete
  12. Replies
    1. උදව්වක් ඕනේ = I am Going

      වෙන්න බැරිද ? ;)

      Delete
  13. මොන කුණුහබ්බයක්ද බං ඒ...

    ReplyDelete
  14. උඹනම් කියයි අපි ඔය සමාව ගන්න සීන් කෝන් වලට හරි මනාපයි යකෝ!

    ReplyDelete
    Replies
    1. ඒත් සමාව ගන්නෙ නැහැනෙ.. ;)

      Delete
  15. සෑහෙන කාලෙකින්පොඩි සෑමා ඇවිත්.. පොඩ්ඩක් හිටින් ගිහින් බලන්නම්..

    ReplyDelete
    Replies
    1. තව ටික කලකින් ජුනියර් සෑමා ඇත්තට එයි ;)

      Delete
    2. තොපි නම් හැදෙන්නෑ..

      වල් ජෝඩුව !!

      Delete
  16. මේ සීන් කෝන් එක ගැන දැනගත්තෙ දැන්. පද පෙරලුවැකි නිවාඩු වෙලාවට. තැන්කූ සෑමෝ... මේ නිවුස් එක කියන්න පොඩි සෑමාගෙ ලියුම යොදාගත්තු හැටි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ගැලපෙන තැනට ගැලපෙන දේ යොදා ගන්නෝනි...

      ඒකයි විවාහ දිවියේ රහස ;)

      Delete
  17. ගූගල් කාරයත් නරකම නෑ, මෙච්චර කල් මූට බැරිවුනේ සිංහල ටික හරියට ට්‍රාන්ස්ලේට් කරගන්න. මොකද අපේ භාෂාව සරල නැති නිසා. එත් දැන් ඒකට පාර කපාගෙන යනවා.. උත්සාහය හොඳයි.. හැබැයි මේ වැඩේ හරි ගියාම කෙලවෙන තැනුත් නැතුවාම නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ...කෙලවෙන තැන් තියෙනවා තමයි..

      Delete
  18. සැමා ගේ යාළුවො කරපු විදියට පරිවර්තන කරලා ගුගල් වලට උදවු කරන්න ගියොත් ගුගල් දෙවියෝ පිස්සු නටාවි.

    ReplyDelete
    Replies
    1. දැනටත් පිස්සු කෙලින නිසා .. අපේ උන් පරිවර්තන කලොත් මක් වෙයිද කියලත් බයයි බං..

      Delete
  19. ගෙහුං බලන්න ඕනි...... ජයවේවා......!

    ReplyDelete
  20. හප්පේ මං අදයි අපොඩි සෑමගෙ කතාවක් කියෙවුවෙ.. නරකම නැහැ.

    ReplyDelete
  21. Two bulls, took nails under a fever tree - හරක් දෙන්නෙක් උණ ගහක් යටදි ඇනගත්තා
    Rice flies are very arithmetic - හාල් මැස්සො හරි ගණං

    ඔය වගේ එව්වා තව දෙක තුනක් තිබ්බා. දැන් මතක නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...