සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Wednesday, September 21, 2016

අම්මාගේ කවි සහ තාත්තාගේ රිප්ලයි..!!


සෑමාගේ අම්මා මීට පෙර ලියූ කවි සැට් එකක් බ්ලොගේ සටහන් විය. ඒ සෑමාගේ ආච්චිගේ වියෝව වෙනුවෙන් ලියැවුණු පෝස්ට් එකකය. එහි තිබුණේ සෑමාගේ අම්මා ලියූ කවි සැට් එකක්ය. මල ගෙදර දින වල අම්මා ඒ කවි සැට් එක එලියට ගත්තාය. එතැන් සිට ඒ කවි සැට් එක අවසාන කටයුතු දා මුද්‍රණය කර බෙදා හැරීම දක්වා කටයුතු සිද්ධ වූයේ සෑමා සහ ලහිරුවා ගේ මැදිහත් වීමෙන්ය. අම්මාගේ සාහිත්‍ය හැකියාව සෑමා දැක ඇත්තේ කවි වලින්ය. පුංචිම කාලයේ කිසියම් පොතක හෝ කොළ කිහිපයක ඇය ලියූ කතන්දරයක් හෝ කෙටි කතාවක් තිබූ බව සෑමාට මතකය. එහෙත් එය දැන් සොයා ගන්නට නැතිය. කඩේ සිටින විටක හෝ අම්මාගේ නිවසට ගිය විටක කිසියම් කොළයක් තිබුණොත්, එහි අම්මාගේ අත් අකුරු නම් සෑමා බලන්නේ එහි ඇත්තේ කවිද කියාය. මන්ද ඇය ලියන කවි කියවීම ඇගේ ඇති සාහිත්‍ය ආශාව පිළිබඳ සෑමාට ලැබෙන යම් මිණුම් දණ්ඩක් නිසාය. ඇය බ්ලොග් නොදන්නීය. දන්නවා නම් සෑමා අද ගමෙත් නැතිය. ඇයට බ්ලොග පෙන්වීමටද සෑමාට උවමනාවක් නැත්තේය. එහෙත් ඈ ලියූ මේ කවි පත්‍රිකා කිහිපය ගැන සටහනක් තැබිය යුතුය.



මුල්ම කවි සැට් එක සෑමා දුටුවේ කඩේ සිටියදීය. එය දුටු විගස කියවා සෑමා අම්මාගෙන් ප්‍රශ්න කළේය.

“මම“

හිතට දුක වැඩිවෙද්දි
බුදු හිමිගේ සරණ සොයා
සදහම් සිසිලස ලබා
සසරින් කෙලවර පතමි මම...

කසාවතක් ගත දවටා
සිත පුරා තෙරපෙනා
දුක් කන්ද මඟ හැර
යා යුතු යැයි සිතමි මම...

අවුරුදු තිස් ගණනක් මම
සෙවනැල්ලක් සේ
දුක සැප බෙදාගෙන
එක සෙවනක සිටි මම
මා ගියොත්..
තනිවේද ඔබ.. ??
ආ පස්සට මා හැරෙයි.

2016/03/28



සෑමා - කාටද මේ ලිව්වේ ?

අම්මා - ඕක ලිව්වෙ උබලෑ තාත්තට පේන්න.

සෑමා - ඉතිං රිප්ලයි නැද්ද ?

අම්මා - මොකද නැත්තෙ ඔය උඩින් තියෙන්නෙ.

තිබුණේ තනිකර ආතල් රිප්ලයි එකක්ය.

“තේකොළ කඩේ කුලියක් මාර්තු දක්වා 2640/-“

තාත්තා එහෙමය. කවි කියවා සද්ද නැතුව ඉන්නවා මිසක ලයික් හෝ කමෙන්ට් දැමීමෙන් වැලකී සිටින්නේය. එය ඉතා හොද ප්‍රවණතාවයක්ය. නැති නම් ලයික් කමෙන්ට්ස් වැඩි වී පෝස්ට් එක පබ්ලික් වී හිට්ස් වැඩි වූ විට වසලා හමාරය. ඉතිං අම්මා වුවද විවුස් කීයද නොබලා, හිට්ස් නොතකා ෂෙයාර් කරන්නේ තාත්තා සමඟ පමණක්ය.

කතාව වැඩිදුර යාමෙන් පසු අම්මා තවත් කවි දෙකක් රිලීස් කළාය. ඒවා නම් මෙසේය.

ඉර නැගෙනා පැයේ පිලමත වාඩිගෙන
කවියක් ලියන්නට හිතුනා හිතට එන
ආදර හැඟුම් හිත පත්ලෙන් පිටත එන
මට කිති කවයි ප්‍රේමයෙ මුල් දවස ගැන

පත්වීම රැගෙන තාත්තා කෙලින්ම ගියේ රාජාංගනයටය. එහි වසර හතරක් දෙදෙනා ගෙවූ දුක ජීවිතය අද සිහි කරන්නේ සතුටු සිතින්ය. ඒ කාලය විවාපත් වූ අලුතය. තවමත් ඒ මතකයන් සුන්දර බව ඇය කියන්නීය. එහෙත් ඒ කාලයේ තිබූ සම්පත් සීමිත බව, දුක අසීමිත බව දන්නේ ඔවුන් දෙදෙනා සහ තරමක් අසා ඇති කතන්දර දන්නා අප පමණක්ය.

යන එන විටදි නිදහස පෙන්නා සුහද
බැදගත් ඇසුර මතකද ඔබ මගේ හද
නොදකින විටදි ඔබ නෙතගට කදුළු පොද
ආ හැටි මතක ඇත මිහිරක් දැනෙයි අද

දෙගුරුන් ඔවා දී අපි එක්කල හන්දා
තිස්පස් වසක් පෙම්ලොව ජය දද බැන්දා
මිණිමුතු වගේ දරු තිදෙනා හද බැන්දා
වියපත් පෙමක සුන්දරකම අප වින්දා



2016.04.17

නේක විධ දුක දරන්
ගෙවුණු දිවි මග පුරා
මගේ අත්වැල වෙලා
නුඹ උන්න ලං වෙලා

අත කරට සරසන්න
රුවන් මිණි මුතු නැතත්
එදා මම ඇඩුවෙ නෑ
නුඹ ලග නැති නිසා

අද අපට නේකාසි
ඇති බව මම දනිමි
අපි හොදින් කා බී
සලුපිලිත් ඇදගෙන
පිනක් දහමකුත් කර
සසර බවයෙන් එගොඩ වෙමු.



වින්ද දුක අනේකය. එදා නැතත් අද ඔවුන් සාරවත්ය. ජීවිතය ජය අරන්ය. සියළු ලෞකික සුවය, එමෙන්ම ලෝකෝත්තර සුවය, ලබා ගත යුතු බව ඇය කවියෙන් ලියන්නීය. මේ නම් නොකියා කියන්නේ මාත් සිල් ගන්නවා, ඔයත් ඇවිත් සිල් ගන්න කියාය. ආච්චිලා සිල් ගත්තාට සීයලා සිල් ගන්නේ ප්‍රමාද වීය. නැතොත් නොගෙනම සිටින්නෝය. ඇය මේ කවිය ලියා ඇත්තේ එතැනට බව සෑමාට සිතුනේය.

සියල්ල අවසන ඇය කිව්වේ සෑමාගේ තාත්තාගේ අම්මාට හෙවත් අපෙ ආච්චීට, ඇගේ නැන්දම්මාට කවි කිහිපයක් ලියා ඇති බවක්ය. ඇය ශතකය හමුවේ නොදැවී ක්‍රීඩා කරන බැවින් ඒවා එලියට එන්නට තව බොහෝ කල් ඇත්තේය. තවත් කවි සැට් එකක් ලීක් වෙන තුරු සෑමා අවධානයෙන් සිටින අතර ඒවා එකතු කර නැවත් පෝස්ට් එකක් ලියැවෙනවා ඇත.

Written_by_sAm_ශ්‍රී_Perera_11:13pm_21/09/16

15 comments:


  1. //අද අපට නේකාසි
    ඇති බව මම දනිමි
    අපි හොදින් කා බී
    සලුපිලිත් ඇදගෙන
    පිනක් දහමකුත් කර
    සසර බවයෙන් එගොඩ වෙමු.//

    නැතිවිට හොයන, ඇතිවිට අමතක වෙන ඇත්ත. පුළුවන්නම් මේ ලිපිය ප්‍රින්ට් කර අම්මාට දීපන්.

    ReplyDelete
    Replies
    1. link ekata kela welaa.

      sovanmarga.blogspot.com

      Delete
  2. හිට්ස්, කොමෙන්ට් බලන්නැතුව ලිව්ව උනත් මාර ආරුත්බර කවි ‍සැට් එකක්නෙ.

    ReplyDelete
  3. ශා... හරිම අරුත්බර සුන්දර කවිනේ, සෑමෝ නරකද අම්මාගේ කවි පොතක් කලානම්

    ReplyDelete
  4. අපේ කමියත් අම්මා ලිව්වා කවි ඉස්සර කලාහිතේ දැම්මා මතකයි.උඹටත් අම්මා ගේ කවිකම තියෙනවානේ යම් දුරකට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දැම්ම නේන්නං .. දැන් අම්මයි මායි දෙන්නම කරන්නේ අනුන්ගේ කවි කියවන එක විතරයි :(

      Delete
  5. හරි ලස්සනයිනේ සැමා,, කවි ලියන්න පුලුවන් අම්මෙක් ඉන්න එක කොයි තරන් හොඳයි ද සැමා..ඇය දන්නවා ජිවිතේ කවියක් කරගන්න...

    ReplyDelete
  6. සෑමෝ, ඇත්තෙන්ම අපේ කාලයේ ලියවුන පෙම්පත් කියන්නේ, ඉතා විශේෂ සාහිත්‍ය නිර්මාණ සමුදායක් කියලා කියන්න පුළුවන්. ඒ තුළ තිබුණු ගද්‍ය පද්‍ය නිර්මාණ, අතිශයින් හෘදයාංගමයි. භාවාතිශය හැඟීම් ප්‍රකාශනයෙන් යුක්තයි. තමන්ගේ පෙම්වතා/පෙම්වතිය තමන්ව හැර ගියත්, හැර යන්නට සිදුවුනත්, වෛර නොකරන, එහෙත් සඟවාගත් සිතුවිල්ලක් බවට පත්ව, සාහිත්‍යයෙන් විරහව විඳගන්නාසුළු යි.

    මේ නිර්මාණ, අපේ කාලයේ ප්‍රේමයේ මිහිරි මතක සටහන් ලෙස අගය කරනවා.

    ReplyDelete
  7. සෑමෝ උඹේ ඔය වචන සෑට් එක, උඹ ලියන ආර්ට් එක උඹට හම්බෙලා තියෙන්නේ අම්මාගෙන් බන්...from maliya

    ReplyDelete
  8. ඔය කවි ඔක්කොම එකතුකරලා තියපං.. ඕවගේ අගේ එන්න එන්න වැඩිවෙනවා. මගෙ නං හිත ගියෙම උඹ්ලෑ තාත්තට.. අන්න කොල්ලෝ ආදර්ශෙට ගන්නවනං

    ReplyDelete
  9. sAm,

    Obe Amma Nam "Ela & Patta"..!

    Ithama lassana aruthbara kavi.

    ReplyDelete
  10. sAm,

    Obe Amma Nam "Ela & Patta"..!

    Ithama lassana aruthbara kavi.

    ReplyDelete
  11. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...