අපේ ආච්චී ගේ අවසන් කටයුතු ඊයේ සිදු වුණේය. මෑත භාගයේ සිට ඇය සිටියේ අසනීපයෙන්ය. පෙනහළු ආශ්‍රිත රෝගයක් නිසා ඇය ස්වසන පද්ධතියේ අකර්මණ්‍යතාවන් මැද දිවි ගෙවූයේ මෑත කාලයේ සිටය. 1931 වසරේ සිට 2013 වසර දක්වා අවුරුදු 82ක්, අප අතරේ සිට ඇය අපෙන් සමුගත්තාය. මේ පිළිබද කිසිවක් සෑමා බ්ලොග් අවකාශයට හෝ, බුකියේ හෝ සටහන් නොකළේ සියළු දෙනාගේ වැඩ කටයුතු වලට බාධාවක් වන නිසා වුවත් සෑමාගේ අයියා “මුදියා නොහොත් සමියාට“ මේ ගැන කියා තිබූ නිසා සිද්ධිය ලීක් වූයේය. ඒ ගැන අසා ඔහු කස්ටිය දැනුවත් කළේය. තරියාද සෑමා අමතා ශෝක ප්‍රකාශයක් නිකුත් කළේය. එසේම සෙනසුරාදා දින අපේ පැත්තේද ආවේය. ඒ අනුව කටයුතු පිළබද සොයා බැලූ, ආව ගිය හැමෝටම සෑමාගේ ස්තුතිය පිරි නැමෙන අතර, සෑමාගේ පාසලේ, අපේ ගමේ, පන්සලේ, සියළු දෙනාට හද පිරි ස්තුතිය පිරිනමන්නේ අපේ ඥාති මිත්‍රාදීන්ටවත් හිතන්නට වෙලාවක් නොදී සියළු වැඩ කටයුතු කරට අරගෙන සොයා බලා සිදු කළ නිසාවෙන්ය. අප ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හෙවත් අළුදෙනියේ සුමනරතන ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පිරිනමන්නේ සියළු දායකයෝ සහ දහම් පාසල් දරුවන්ගේ සහයෝගය අප වෙත ලබා දුන් බැවින්ය.
ආච්චීගේ දේහය නිවසින් පිටතට ගෙන පාංශකූලය දෙන අවස්ථාවේදී කතාවක් පැවැත්වූ හිමි නමක් කළ දේශනාව සෑමා මෙහිදී සදහන් කරන්නේය.
“අපි ගිය බොහෝ මලගෙවල් වල අපි දැකල තියෙනවා ගෙදරින් දේහය එළියට ගන්නට නොදී පෙට්ටිය බදාගෙන අඩන ඈයෝ. ඒත් මේ දරුවන්ගෙ හදවත් වල තියෙන දුක කදුළු වලින් පිටත් කළා මිස කෑගහගෙන දගලන්න ගියෙ නැහැ. මම හොදින් දන්නවා මෑණියන් අසනීපයෙන් සිටි කාලෙ මේ දරුවෝ සැලකුව හැටි. දරුවෝ අම්මව බෙදාගෙන සලකන්න ගියෙ නැහැ. හැමෝම එකා වගේ සැලකුවා. එහෙම ජීවතුන් අතර ඉන්න කාලෙ සලකන්න බැරි වුණ අය තමා පෙට්ටිය බදාගෙන අඩන්නෙ..“
ආච්චී අසනීපයෙන් සිටියද ඇදටම වී සිටියේ අවසන් දින තුනක් පමණය. ඒ අතර කාලයේ අතරින් පතර ඇය ඇදේ සිටියද එච්චර අසාධ්‍ය තත්වයක් නොවූයේ වෙලාවට කෑම බීම, බෙහෙත් ආදිය ලැබුණු නිසාය. අපේ මාමා නිතරම නිවසේ සිට ඇය ගැන සොයා බැලු නිසාත්, ලොකු අම්මා, අම්මා සහ පුංචී ඇයට අමාරු දින වල මාමාගේ නිවසේ රැදී සිටිමින් ඇය බලා ගත් නිසාත්, ආච්චීගේ බෑනලා, ලේලිලාද නොපිරිහෙලා තම කටයුතු ඉටුකළ නිසාත් ඇය ඉතා සතුටින් සිටියාය. ඒ අතර ඇයගේ කල්පනාව හිටි හැටියේ නැතිව යන්නට වූයේය. එයින් අප කතා කරන්නට යන විටදී ඇය විහිළු කරන්නේ, බනින්නේ අසනීප තත්වය නිසාය.
දිනක් සෑමා ඇය හමුවට ගියේ වැඩට ගෙස් ගෙදර එන අවස්ථාවකය. ඒ දින වල ඇයගේ කල්පනාව අඩුය. ඒ අතර දයාසිරි තම පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂය සමග එක්වී තිබුනේය. අපෙ ආච්චී උපන් දා සිට එජාපයේය.
“කොල්ලො උබ කොහෙද ඔය යන්නේ..“
“මම යනවා ආච්චී වයඹට..“
“උබලට කරන්න පුලුවන් දේවල්ද ඕවා.. උබලට පුලුවන්ද උන් එක්ක හැප්පෙන්න..??“
“මොකද බැරි ආච්චී.. මමත් ඉල්ලනව අනිත් පැත්තෙන්.. එහා පැත්තෙ දයාසිරි..“
“දයා සිරි කිව්වෙ?? ඒ කවුද බං??“
“ඇයි ආච්චි පල්ලෙහා කඩේ ඉදිආප්ප විකුණන දයාසිරි.. “
අපේ ගමේ ඉදිආප්ප විකුණන දයාසිරි අයියා සෑමා සිහිපත් කළේය. එවිට ඇයට සිනා පහළ වූයේ අපේ එවුන්ගේ හැටි දන්නා නිසාය. නිවසට ගිය විටක ඇය සිනාසෙන්නේ ඇය සතුටින් සිටින නිසාය. මිනිසුන් සමග සිටීමේ අනිසංශ දැනෙන්නේ මල ගෙයක් වූ විටකය. අවසන් කටයුතු කරන තුරාවට පාන්දර ජාමය වන තුරු ගමේ උදවිය රැදී සිටියේ අප ඥාති මිත්‍රාදීන්ගේ ගම සමග ඇති ලබැදියාව නිසාමය. මලගෙදරට ආ පිරිසට බාධාවක් කලේ සෑමාගේ අයියාගේ පුත්‍ර රත්නය පැමිණීමෙන්ය. කොල්ලා සිටින මොහොතේ කැරම් ගසන එවුන් පැත්තකට වී සිටියෝය. කාඩ් පැක් එකේ දෙපැත්තේ පාට සහිත ජෝකර් සහ පාට නැති ජෝකර් දෙපැත්තට තබා සෑමා පොඩි එකාගේ අතට දුන්නේය.
“මේක අතේ තියාගෙන ගිහින් ඉන්න කස්ටියට මැජික් පෙන්නන්න..“
“ඒ කෝමද?“
“මෙහෙම පැක් එක අරන්.. මේ පාට නැති ජෝකර් කියල පෙන්නන්න. ඊට පස්සෙ අත් දෙක පිටිපස්සට කරල... මැජික් එකක් වගෙ පෙන්නලා.. මෙන්න පාට ආවා.. කියල පැක් එක අනිත් පැත්ත පෙන්නන්න..“
කොල්ලා පැක් එක රැගෙන ගොස් වටේටම වැඩ දමනු සෑමා බලා සිටියේය. ආපු අයද කොල්ලාගේ වැඩ දැක මැජික් දැක්කා සේ රග පෑවේය. ඉන්පසු මොහොතකින් සෑමා දුටු වේ විලි ලැජ්ජාවේ බැරිව යන දෙබසක්ය. කොල්ලා අපේ තාත්තාගේ ඉස්කෝලේ ස්ටාෆ් එකේ කස්ටියද මැජික් පෙන්නමින් සිටියේය.
“ඔන්න බලන්න මැජික්.. මේ ජෝකර්ගේ පාට නෑ...“
“හරී...“ බලන් සිටින අය මැජික් බලනවා වගේ සිටින්නෝය.
“ඔන්න දැන් පාට තියෙනවා..“ කොල්ලා පැක් එක හරවා පෙන්වන්නේය.
“ආනේ.. මාරයි.. මේ පොටෝ එකේ ඉන්නෙ කවුද එතකොට..??“ සමහරු වැඩි දුර ප්‍රශ්න අසන්නෝය.
“අහ්.. මේ අපෙ බාප්පා පොඩි කලෙ පොටෝ එකක්..“ සෑමාගේ කාඩ් කුඩුවන්නේ ඒ කතාවටය. සෑමා කතාවට පිලියමක් යොදන්නට පොඩි එකාව ලගට ගත්තේය.
“මේක අතේ තියාගෙන ගිහින් ඉන්න කස්ටියට මැජික් පෙන්නන්න..“
“ඒ කෝමද?“
“මෙහෙම පැක් එක අරන්.. මේ පාට නැති ජෝකර් කියල පෙන්නන්න. ඊට පස්සෙ අත් දෙක පිටිපස්සට කරල... මැජික් එකක් වගෙ පෙන්නලා.. මෙන්න පාට ආවා.. කියල පැක් එක අනිත් පැත්ත පෙන්නන්න..“
කොල්ලා පැක් එක රැගෙන ගොස් වටේටම වැඩ දමනු සෑමා බලා සිටියේය. ආපු අයද කොල්ලාගේ වැඩ දැක මැජික් දැක්කා සේ රග පෑවේය. ඉන්පසු මොහොතකින් සෑමා දුටු වේ විලි ලැජ්ජාවේ බැරිව යන දෙබසක්ය. කොල්ලා අපේ තාත්තාගේ ඉස්කෝලේ ස්ටාෆ් එකේ කස්ටියද මැජික් පෙන්නමින් සිටියේය.
“ඔන්න බලන්න මැජික්.. මේ ජෝකර්ගේ පාට නෑ...“
“හරී...“ බලන් සිටින අය මැජික් බලනවා වගේ සිටින්නෝය.
“ඔන්න දැන් පාට තියෙනවා..“ කොල්ලා පැක් එක හරවා පෙන්වන්නේය.
“ආනේ.. මාරයි.. මේ පොටෝ එකේ ඉන්නෙ කවුද එතකොට..??“ සමහරු වැඩි දුර ප්‍රශ්න අසන්නෝය.
“අහ්.. මේ අපෙ බාප්පා පොඩි කලෙ පොටෝ එකක්..“ සෑමාගේ කාඩ් කුඩුවන්නේ ඒ කතාවටය. සෑමා කතාවට පිලියමක් යොදන්නට පොඩි එකාව ලගට ගත්තේය.
“දැන් ඔයා නිකං මැජික් පෙන්නුවා ඇති.. දැන් ඔයා සල්ලි වලට මැජික් පෙන්නන්න.“
“ඒ කෝමද බාප්පේ..“
“මැජික් එක කරන්න කලින් අහන්න මැජික් එකක් තියෙනවා රැපියල් පහක් දුන්නොත් කරනවා කියලා..“
කොල්ලා ශිල්පය දැන ජනතාව අතරට ගියේය. පසුව සෑමා ඒ අසල පුටුවක තිබී රුපියල් පහක් දැක විමසුවේ මේ කෙහෙන්ද කියාය. අසල සිටි අයෙක් කීවේ පොඩි එකාට අංකල් කෙනෙක් දුන් රුපියල් පහක් කියාය. ඒ කොල්ලාගේ මැජික් ආදායමය. ආනේ ඇත්තද කියමින් එය සාක්කුවේ ඔබාගන්නට සෑමා සමත් වූයේය.
පාංශකූලය වෙලාවේද කොල්ලා ඉදිරි පසින්ම හිද ගත්තේය. සෑමා හිතුවේ කොල්ලා ඒ අවස්ථාවේද වැඩේ වන කරයි කියාය. එහෙත් හොදින් වැදගෙන සද්ද වහගෙන ඉදගෙන සිටි නිසා කවුරුත් කොල්ලා දෙස බැලුවේ හොරෙන්ය. කොල්ලාට පේන්නම බැලුවොත් පිස්සු කෙලීමේ ප්‍රතිශතය වැඩිය. පැන් වඩන අවස්ථාවේද කොල්ලා සද්ද නැතිව පැන් කළය ඇල්ලුවේය. මාමා සියල්ල බලාසිටිනු සෑමා දුටුවේය. සියල්ල අවසන සෑමා මාමාගෙන් ඇසුවේ කොල්ලා හොදට හිටියා නේද කියාය.
“මාත් හොරෙන් බලං හිටියෙ කොල්ල සද්ද නැතුව බලං හිටියා..“
“මම බයේ හිටියෙ පිස්සුවක් කෙලී කියල..“
“වැදගෙන ඉන්න අස්සෙ මට ටොක් ටොක් ගාලා සද්දයක් ආව... මම හොරෙන් බැලුවා..“
“ඒ මොකද ඒ??“
“කොල්ලගෙ කකුල් දෙක ලගින් තඩි කඩි රෑනක් යනවා.. කොල්ල බෝතලේ උලුක් කරගෙන එකා එකාට ගේම දෙනවා මම දැක්කා..“ මේකා අත් දෙක වැදගෙනත් කඩි සැට් එකකට ගේම දී ඇත්තේය. මාමා නම් කීවේ කරන්නට දෙයක් නැති කමට තලන්නට ඇති කියාය.
එදා සමියා මලගෙදර ආ සැටියේ විමසුවේ “සෑම් අයියා මේ නැති වුනේ අර මාළු වැස්ස වීඩියෝ එකේ හිටිය ආච්චීද ?“ කියාය. ඇත්තටම වයසින් වැඩි අපේ තාත්තාගේ අම්මා නොහොත් සමියා කියූ ආච්චීය. තවමත් අපේ කඩේ වැඩ කරන්නේද, ඇයය. දැන් අපගේ එකම පැතුම ආච්චීවේ සෙන්චරිය දක්වා සනීපයෙන් තබා ගැනීමටය. තෙරුවන් සරණින් එය සාර්ථක වන බව අපේ විශ්වාසයය.
මේ සෑමාගෙ අම්මා අතින් ලියැවුනු එදින ජනතාව අතර බෙදා දැමුනු කවි කොළයයි. ටයිප් සැටිං කොලේ සෑමාය. පොඩි වැඩිනම් රයිට් ක්ලික් කොට වෙනත් ටැබ් එකක ඕපන් කොරන්ට.
Written_by_sAm_ශ්‍රී_Perera_2:44pm_26/08/2013
මේ සෑමාගෙ අම්මා අතින් ලියැවුනු එදින ජනතාව අතර බෙදා දැමුනු කවි කොළයයි. ටයිප් සැටිං කොලේ සෑමාය. පොඩි වැඩිනම් රයිට් ක්ලික් කොට වෙනත් ටැබ් එකක ඕපන් කොරන්ට.
ආදරණීය ආච්චී - ඔබට නිවන් සුව.. !
Written_by_sAm_ශ්‍රී_Perera_2:44pm_26/08/2013
ආච්චිට නිවන් සැප ලැබේවා! ආච්චිව හොඳින් බලාගත්තු පිනෙන් අනෙක් අයට දීර්ඝායුම ලැබේවා!
ReplyDeleteමමත් සෑමාලගෙ ආච්චිට නිවුන් සුව පතනවා ! අවුරුදු 82 ක් දරු මුනුබුරන් අතරෙ සතුටින් ඉන්න ලැබුනු ආච්චි ඇත්තටම වාසනාවන්තයි බං.
ReplyDeleteමොනව උනත් අපේ රටේ මිනිස්සුන්ගෙ තවම තියෙන ගතියක් කිට්ටුව පහළ ගෙදරක මෙහෙම දෙයක් උනු වෙලාවකට ඇවිත් දුවල පැනල හොයල බලල අවශ්‍ය වැඩටික කරන එක. ගෙදර ඉස්සරහ කාරකෙන් බැහැල ඇවිත් ශෝකය ප්‍රකාශකරල අනිත් පැත්ත හැරිල ගිහින් ආපු කාරෙකේ නැගල යන තැනට තවම අපේ රට පත්වෙල නෑ.
ආචිචිට සුභ ගමන්!!!
ReplyDeleteආච්චි කියන්නේ මුණුබුරෙක්ට ආදර උල්පතක්. මගේ ආච්චි ගැන මට තියෙන්නේ ආ ආදර හැඟීම වචන වලට පෙරලන්න බෑ. සමහර වෙලේට අම්මට වඩා ආච්චිගේ තුරුලේ සුවඳ මට හුරුයිද මන්දා....
ReplyDeleteනිවන් සුව!
ඇයට නිවන් සුව පතනවා.!!!
ReplyDeleteආච්චිට නිවන් සැප ලැබේවා!
ReplyDeleteඔබේ ආදරණීය ආච්චි අම්මා නිවනින් සැනසේවා....!!!!
ReplyDeleteආදරණීය ආච්චි නිවනින් සැනසේවා
ReplyDeleteආච්චිට නිවන් සැප ලැබේවා. මමත් හිතුවෙ මාලු වැස්සෙ ආච්චි කියල.
ReplyDeleteමට හිනා ගියේ සැමා අර තරියගේ ෆේස්බුක් මැසේජ් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක දැකලා... මාත් ඒකෙනුයි දැනගත්තෙ... කවි ටිකත් නියමයි සෑම්...
ReplyDeleteදරු මුනුබුරෝ ටික වටකරගෙන මැරෙන්න ලැබෙන එකත් පිනක්ලුනේ... ඉතිං අපි මොකටද දුක් වෙන්නෙ... ආච්චි හොඳ තැනක ඇති...
ආච්චිට නිවන්සුව පතනව
ReplyDeleteසෑමගේ ආච්චිට නිවන් සුව !!! මට නම් ආච්චිලා ගැන එච්චර ලොකු පැහැදීමක් නෑ.. මගේ නම් ආච්චිලා දෙන්නම මට දුරයි.. තාත්තිගේ අම්ම නම් කවුරුවත් ගැන බැලුවෙ නෑ.. අම්මිගේ අම්ම හැමෝම ගැන බලනව මං ගැන ඇරෙන්න.....
ReplyDeleteමටත් මැරෙන්න ආසාවක් ආවා මලගේ විස්තරය දැකලා..
ReplyDeleteආච්චිට නිවන් සුව පතනවා!!!! .... දවස් කීපයක් යනකම් උබට නිදි සුව පතනවා!!!! .... මළගෙයක් උනාම නිදි මරල ඉන්න කට්ටියට දැන් අවශ්‍යම දේ තමයි නිදි සුවය
ReplyDeleteඇයට නිවන් සුව අත්වේවා...!!!
ReplyDeleteමටත් මතක් උනේ මාළු වැස්ස.
ආදරණීය ආච්චිට මමත් නිවන් සුව පතනවා. මට නං ආච්චිගේ ආදරේ ලැබුණේ නැහැ. මම ඉපදෙන කොට ඒ දෙන්න ම නිවන් ගිහින් :'(
ReplyDeleteසෑම් ආච්චිට නිවන් සැප ලැබේවා!!!
ReplyDeleteඅනේ බං සෑමා. මං දැනං උන්නනං එනවනෙ, අර මූන් ෆ්ලවර් අත්තකුත් ඉල්ලගෙන ම යන්න.
ReplyDeleteආච්චිට සුගතියකට පත්වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා මචං. අපිත් බලාපොරොත්තු වෙන්න ඕනෙ අපේ අවසාන කාලයේ අනිත් අයට කරදරයක් බවට පත් නොවී, දුක් නොවිඳ ලැබෙන ශාන්ත මරණයක් කියල මම හිතනවා.
ඒ පැලේ අතු පැලවෙනවා බං. මහ ගේමක් නැහැ. වෙලාවක අරන් යන්න වරෙන්. නැත්තං කියපං ඉන්න පැත්තකට අරන්න එන්න. :)
Deleteස්තුති ඩ්‍රැකි !
අපිත් එතුමියට නිවන් සුව පතනවා.
ReplyDeleteනිවන් සුව ලැබේවා.. ! ඒ ජීවිතය නැවත පීදෙන්නේ නැහැ.අපිට ඉතුරු වෙන්නේ මතකයන් විතරයි. හොඳ ආතමයක් ලබාවි..
ReplyDeleteBora Diyaka Induwara
සෑමාගේ මිත්තණියට නිවන් සුව පතමි!
ReplyDeleteමොනව වුනත් අර පොඩි එකා හම්බ කරපු රුපියල් පහත් සාක්කුවෙ දාගත්ත එකනම් කැතයි සෑමො! හික් හික්
මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place
සෑමාගේ ආච්චීට නිවන් සුව පතමි. දරුවන්ගේ සත්කාර මැද ජීවිතයේ අවසන් කාලය ගෙවූ ඇය සැබවින්ම වාසනාවන්තියකි.
ReplyDeleteමගේ කිරි අම්මගෙ අභාවය ආයෙත් මතක් වුනා සෑමො...ආච්චිට නිවන් සුව පතන්නෙමි.
ReplyDeleteමටත් මතක් උනා සෑමෝ මගේ අම්මම්ම... උබලගෙ ආච්චිට නිවන් සුව... අම්මගෙ කවි පෙලනම් හරි අගෙයි... අනිත් ආච්චිට සෙන්චරිට ගහන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව....
ReplyDeleteසෑමාගේ ආච්චිට නිවන් සුව පතමි.
ReplyDeleteඅර පොඩි එකා දුක් මහන්සියෙන් උපයාගත් රුපියල් පහ මාටියා ගැසීම හෙළා දකිමි. :D
ඇය පින්වන්ත ආච්චි කෙනෙක්, ඇයට ප්‍රාර්ථණිය බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් සුව ලැබේවා!!
ReplyDeleteඇය අප අතරම ඉපදේවා
ReplyDeleteඉන්න කාලේ දුක් විඳින්න ඇරලා මැරුණාට පස්සේ බදාගෙන අඬන ඈයෝ මමත් ඕනි තරම් දැකල තියේ.
ReplyDeleteආච්චීට නිවන් සුව !!
ආච්චම්මට නිවන් සුව ලැබේවා!!!!!!!!!
ReplyDeleteසිරාවටම මටත් මතක් වෙන්නේ අර මාළු වැස්සේ වීඩියෝව හිනා වෙච්ච හැටි බං.. :(
ReplyDeleteආච්චිට නිවන් සුවම ලැබේවා!!!!
ඒ ආච්ච් නෙමේ කියල උඩ කියල තියෙන්නෙ බොල
Deleteයකෝ ඒ ආච්චිගේ සියවෙනි බර්තඩේ එක තව වසර පහකින් තියෙනවා.. වරෙල්ලා..
Deleteආචිචි අම්මට නිවන් සුව පතමි!!
ReplyDeleteවෙලාවකට මහ ඇණයක්.. වෙලාවකට මාර ශෝක්.. ආචිචි අම්මට නිවන් සුව !
ReplyDeleteමැරුණට පස්සෙ මිනී පෙට්ටි බදාගෙන ලෝකෙට ඇහෙන්න කෑ ගහන්නෙ මොකටද බං. ඉන්න ටික කාලෙ ඒ මනුස්සයට හොඳින් සැළකුව නම් එච්චරයි
මගේ අවාසනාවට මට මවු පාර්සවයෙන් වත් පිය පාර්සවයෙන් වත් ආච්චිලා සීයලා සමග ඉන්න නැති උනා. ඒ අතින් උඹ වාසනාවන්තයි.ආච්චිට නිවන් සැප ලැබේවා
ReplyDeleteඋඹලයි ගෙවල් ගාවද බැනර් එකක් දාලා තිබුනේ. "මිය ගියේ ඔබ නොව අපය" කියලා...
ReplyDeleteනැහැ බොල. ඔය කියන්නෙ කොය හරියෙද? ඉස්කෝලෙ ලගද?
Deleteආච්චිට නිවන් සුව ලැබේව !!!
ReplyDeleteනිවන් සුව පතමි
ReplyDeleteනිවන් සුව පතන්න පරක්කුවුනත් ඇය සතුටින් ජීවිත් වූ බව ඇසීම සතුටක්...
ReplyDeleteආච්චි අම්මාට නිවන් සුව ලැබේවා !
ReplyDeleteMenna Kolla
ReplyDeletehttps://www.facebook.com/mbasuru
ආච්චි ගැන ඔබේ මතකය ඉතා සුන්දරයි. විචාරකගේ බ්ලොගයෙන් දැකල මෙහි ආවේ.
ReplyDelete