Thursday, July 17, 2014

ඇතුලේ හිරවීම් (දෙක) - Can't Get it OUT?? (Part-02)

කලින් ලිපියේ ලියන්නට හැදුවේ හිරවීම් ගැනය. එහෙත් ලියැවුණේ බලු කතාන්දරයක්ය. දොට්ට පිලට යද්දී හරියටම කොමඩ් එක ටාගට් කරන අපේ එවුන්ට කතාවක් ලියද්දී මාතෘකාව ටාගට් කරගත නොහැකිවීම දුක්ඛිත සිද්දියක්‍ ය. සෑමාටද එසේමය. එලෙස ලියාගත නොවූ ATM කතාව මෙසේය.

හිරවීම් නම් ඉතා දුක්ඛිත බැව් එදා බලු කතාවෙන් සනාත වූවේය. හිරගන්නට යන එකෙක්ව බේරා ගැනීමට පිරිමි බහුතරයක් උපකාර කළද කාන්තාවෝ නම් කිසිම සහයෝගයක් නැත්තේය. එය සෑමාට අත්දැකීමෙන් තේරුම් ගියේ හිරවුණු දවසකය.

හදිසියට මුදල් අතට ගන්නට සෑමා යන්නේ ගෙවල් ලග අති ATM එකටය. එතැන බැන්කු ශාඛාවක් නැත්තේය. කාන්තාරයක් මැද හිටවූ ආකාරයේ ATM මැෂින් එකකින් සල්ලි ගැනීම අවධානම් බව මතක තබා ගත යුතුය. හදිසියේ ඔබගේ කාඩ් පත එවැනි මැෂින් එකක හිරවූවොත් ඔබ අසරණ වන්නේ සිද්ධිය ගැන කියන්නට එතැන සිකියුරිටි අංකල් කෙනෙක් වත් නොමැති වන නිසාය. බැංකුවක් අසල තිබෙන මැෂින් එකක නම් ඕනෑම වේලාවක කාඩ්පත හිර වූවොත් ඒ ගැන ඒ අසල සිටින සිකියුරිටි අංකල්ට කිව හැකිය. එහෙත් බැංකු ශාඛාවක් අසල නැති මැෂින් වලදී කාඩ් පත හිරවුණොත් ටිකක් කරදර වන්නට සිද්ධ වෙන්නේය.

දිනක් සෑමා ගෙවල් අසල ඇති මැෂින් එක අසලට ගියේ මුදල් ගැනීමටය. මැෂින් එක අසලට යාමට පඩිපෙළ නැගගෙන යද්දී එතැන කෙල්ලෙක් මූණ දෙක කරගෙන සිටියා සෑමාට මතකය. ඉන්පසුව කාඩ් පත ඇතුලට දැමූ සෑමා රහස් යැයි කියනා අංකය ඇතුලත් කළේය. සිදුවූයේ විපතක්ය. කාඩ්පත ඇතුලට ගියා මිසක එළියට නම් ආවේ නැතිය. සියළු සෙල්ලම් දමා ගන්නට හැදුවද වැඩේ ගොඩ නොගියේය. සියල්ල බලා සිටියේ උඩින් සවිකර තිබූ කැමරාව පමණක්ය. සෑමා එලියට ආවේ මැෂින් එක සැදූ එවුන්ගේ අම්මා මුත්තා සිහි කරමින්ය. පහළට එද්දී පෙර කී කෙල්ල සෑමා දෙස බැලුවාය.

“සල්ලි ගන්න පුලුවන් වුණාද අයියා...“

“ෂික් බලන්නකෝ.. කාඩ් එක හිරවුණානේ..“

“ඒක තමයි.. මගේ කාඩ් එකත් හිර වුණා..“

ඇගේ මුහුණ දෙස බලා සිටියදී සෑමාට මැවී පෙනෙන්නට වූයේ කිසිදාක නොදුටු ඇගේ මෑණියන්වය.

“ඉතිං මම ඇතුලට යද්දි කිව්වෙ නැත්තෙ මොකෝ හලෝ.. ඔයා මාර බඩුවක්නේ...“

ඇය නිරුත්තරය. සමහර විටක කාඩ් පතක් සිරවූවද ඊලඟට පැමිණෙන පුද්ගලයාට කිසිම ගැටළුවක් නැතිව තමන්ගේ කාඩ් පත පරිහරණය කිරීමට ඉඩ ලැබෙන්නේය. එහෙත් තම කාඩ්පත සිරවී තිබියදී ඊලගට පැමිණෙන පුද්ගලයාට ඒ බව පවසා සිටීම යුතුකමක් වන්නේය. නැතිනම් සිදුවන්නේ තමා වැටුණු වලේ තවත් කිසිවෙකු වැටෙනු බලා සිටීමටය. එදින සිරවූ කාඩ් පත නැවත බැංකු ශාඛාවෙන් ලබා ගැනීමට සෑමාට දින කිහිපයක් ගත වූයේය. එම සිද්ධියෙන් උගත යුතු පාඩම නම් බැංකු ශාඛාවක් අසල නැති ATM මැෂින් වලට කාඩ් පත ඇතුලත් කිරීමේදී දෙවරක් සිතිය යුතුය යන්නයි.

කාඩ්පත සිරවුවහොත් කුමන හෝ ජිල්ටෝන් එකක් දමා කාඩ් එක ගත හැකිය. එහෙත් ඔබේ මුදල් මැෂින් එකෙන් පිටතට නාවොත්, හො හිර වුව හොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැන සිටිය යුතුය. පෙර කී මැෂින් එකෙන්ම දිනක් සෑමා මුදල් ගන්නට උත්සාහ කළේය. එහිදී රුපියල් 2000/-ක් ගන්නට මුදලේ අගය මැෂින් එකට ඇතුල් කළද මුදල් පිටතට නොආවේය. සෑමා නැවත වරක් උත්සාහ කළේය. මැෂින් එකේ ක්‍රියාකරන හඬ පිටතට ඇසුනද, එවරත් මුදල් නොලැබිණ. මුදල් පිටතට ලැබෙන කවුළුව අතගා බැලුවද එ වැසී ඇත්තේය. කළ හැක්කේ අන් කිසිවක් නොව කැමරාව දෙස බලා මුදල් ලැබුණේ නැති බවට විරිත්තීම පමණක්ය. ඉන්පසුව කාඩ් පතේ ශේෂය විමසූ විට ඉන් රුපියල් 4000/-ක් අඩු වී තිබුණේය.

ඉන්පසු සෑමා කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ බ්‍රාන්ච් එකක් අසල නොවන මැෂින් එකක් නිසා ඔවුන් එය පරික්ෂා කරන්නේ යන්ත්‍රයට නැවත මුදල් පුරවන්නට ගිය විටක බවය. ඒ නිසා දින දෙකක් පමණ ඉවසා, වරද නිවැරදි නොවූයේ නම් ගිණුමට අදාල බැංකු ශාඛාවට දන්වන ලෙසය. සෑමා දින දෙකක් ඉවසා බැංකු ශාඛාවකට දැනුම් දුන්නේය. බැංකු සහකරුවෙක් කියා සිටියේ ගිණුමේ එදින 4000ක මුදලක් අඩුවී ඇති බවත්, තවමත් ඔවුන් එය නිවැරදි කර නැති බවත්ය. තවත් සතියක කාලයක් පමණ ඉවසා සිටින මෙන් ඔහු කීවේය. ඒ අතර සෑමා නැවත කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ සතියක කාලයක් පුරාවට කිසිවෙකු එම ATM මැෂින් එක ලඟට ගොස් නැති බවක්ය. එක අතකින් එය විහිළුවක් බව හැඟුනද සෑමා නිහඩව සිටියේය. නැවත මාකොළ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් විමසූ විට මුදල් තවමත් ලැබී නැත්නම්, බැංකුවට ලිපියක් නොදුන්නේ මන්දැයි ඇසුවේය. මෙතුවක් එවැනි පියවරක් අනුගමනය කළ යුතු බවට සෑමාට කීවේ කාඩ් මධ්‍යස්ථානය පමණක්ය. කලින් වර බැංකු ශාඛාවෙන් විමසූ විට ඔවුන් කීවේ එවැන්නක් අනවශ්‍ය බවත්, ඉවසා සිටිය යුතු බවක්ය. සෑමා කාඩ් මධ්‍යස්ථානය අමතා නැවත කතා කළ විට ඔවුන් කෑෂ් සෙන්ටර් හෙවත් බැංකු ශාඛාවලට අනුබද්ධව නොපිහිටි ATM මැෂින් වලට මුදල් පුරවන මධ්‍යස්ථානයක නම්බර් එකක් දුන්නෝය. සෑමා එය ඇමතුවේය.

ඔවුන් කීවේ එම කාල සීමාව තුල එසේ මුදල් වැඩියෙන් පිටතට පැමිණීමක් හෝ, යන්ත්‍රය තුල සිරවීමක් සිදුව නැති බවක්ය. සෑමා යන්ත්‍රය භාවිත කළ දිනය වේලාව සහ ඒ වේලාවේ අදාල මුදල් 2000, බැගින් දෙවරක් පිටතට ලබා දුන් බව ආයතනය මගින් කියා සිටියේය. එහෙත් සෑමා අතට මුදල් නොලැබුණු බවට එතැන තිබූ කැමරාව සාක්ෂි දරන්නේ නම්, එය නැවත නිරීක්ෂණ්‍ය කර බලා සාධාරණයක් ඉටු කිරීමට ආයතනය නිවැරදි විය යුතුය. ඒ මොහොතේ මැෂින් එකේ තිබූ කැමරාවෙන් සිද්ධිය නිරීක්ෂණය කරන මෙන් සෑමා ඉල්ල සිටිය විටදී ආයතනය කීවේ ඒ සඳහා කොමර්ෂල් බැංකු ආයතනයට බලයක් නොමැති බැවින්, පොලිස් පැමිණිල්ලක් මාර්ගයෙන් අදාල ඉල්ලීම කළ යුතු බවක්ය. අපේ ගිණුමක, අපේ සල්ලි ගන්නට පොලීසි බඩ ගාන්නට වන්නේ නම්, බැංකුවේ ATM මැෂින් එකක සවි කළ කැමරාවේ අයිතිය ඇත්තේ පොලිසියටද? ඒවා සවිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා සෑමා විමසා සිටියේය. එසේම ඔවුන් මින් අදහස් කරන්නේ බැංකු ශාඛාවක් නැති මැෂින් එකකින් මුදල් ගැනීමේදී ඇති අනාරක්ෂිත බවදැයි විමසා සිටිය විට එහා පැත්තේ කතා කළ පුද්ගලයා සිනාසුනේ එය සත්‍ය බව හඟවමින් දැයි සිතා ගත නොහැකිය.

උක්ත සිද්ධියට මුදලට නතු නොවූ, බලයට නතු නොවූ, ලොව සාධාරණම පොලිස් සේවය හවුල් කර ගන්නවාට වඩා, සිදුවූ පාඩුව දෙස බලා, නැවත එම වරදම නොකිරීමට වග බලා ගැනීම පහසුය. එසේම යම්කිසි මුදල් හදිස්සියකින් වැඩි මුදලක් ලබා ගන්නට ATM මැෂින් එකට ගියේ නම් එතැනදී සිදුවන අපහසුතාවය ගැන දෙවරක් කල්පනා කර බැලිය යුතුය.

මට නැවත මතක් වන්නේ මැෂින් ඇතුලේ හිරවීම් ගැන ලියන්නට ගොස් ලියැවුණු බලු කතාවේ අවසන් වාක්‍යයි.

//සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.//

Written_by_sAm_ශ්‍රී_Perera_7:17am_17/07/14

87 comments:

  1. මට එකම එක පාරක් ඕ වගේ දෙයක් වුණා...
    එච් එන් බී එකේ...
    අනේ හැබැයි ඒ මාමලා දෙයියනේ කියල කිසිම පුස්නයක් නැතිව මගෙ සල්ලි ටිකත් ඇරං කාඩ් එකත් ඇරං දුන්න...

    ලංකාවෙ කියලද අහන්නෙ...
    ඔව් යකෝ...
    කුරුණෑගල බ්‍රාන්ච් එකේද...
    ඔව් ඔව්...
    දවල් තමා...

    රෑ කීව....

    කියනව මං රෑ... @#@#^^$()(*%

    ReplyDelete
    Replies
    1. අන්න බැංකු කියල තමා මට කියන්න වෙන්නෙ :)

      Delete
  2. ඇයි දෙපාරක් සල්ලි කැපෙන සෙල්ලමකුත් තියෙනවනේ. එහෙම දෙයක් සිද්ධ වුනා නුවර ගිය වෙලාවකදි. බැංකුවෙන් කීවේ මුදල් කැපෙන්නේ පිටරටක බැංකුවකින් නිසා කිසිම දෙයක් කරන්ට බෑ කියලයි. හැබැයි වැරැද්ද සිද්ධ වුනේ එයාලගේ මෙෂින් එකකින් නෙමේ...

    ReplyDelete
    Replies
    1. දෙපාර කැපෙන සීන් එක නම් මට වෙලා නැහැ...

      ඉතින් මොකද ඒකට කර ගත්තෙ?

      Delete
  3. සල්ලි ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ අප්පා.
    නෑ මම කිව්වේ. බොහොම උගත් බුද්ධිමත් අයත් ඒ වගේ උත්තර දෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ “ප්‍රබුද්ධ“ අය මචං..

      Delete
  4. ඒ ඔක්කෝම බලු නීති උන්ගේ ගැලවිජ්ජාවට විතරයි බං.. බොරුවට ගණුදෙනු කරු දෙයියාය කිය කිය ඉන්නවා විතරයි.. බලු පූට්ටුව කියන්න ගිහින් මේ කතාව හිර උනා නේද බොට.. හැක්

    ReplyDelete
  5. උඹ නං ක්‍රියා කරල තියන විදිය අන්තිම වැරදියි. මම දන්න තරමින් නං ඔය 4000 මොකෙකුගෙ හරි සාක්කුවට යන්න ඇති. එහෙම බැලුවම අපරාදෙ කියන්න බෑ රාජ්‍ය බැංකු හොඳයි බං. උඹ ඔය කියන කේස්එක මොකක් හෝ ලියමනකින් මම කියෙව්ව. එකෙ තිබුන විදියට ඔය විදියට එන්නෙ නැති සල්ලි හරියට බලාගන්න ක්‍රමයක් තියනව(කැමරා නැතත්). ඔහොම එකක් මට උනානං මම ඒ බැංකුවෙන් මාරු වෙනව වහාම!

    ReplyDelete
    Replies
    1. කැමරා නැතත් සල්ලි ගිය ක්‍රමය බලන්නෙ උන් ලෝඩ් කරපු ගානට එලියට අරන්ද කියල චෙක් කොරලා. උන් කියන විදිහට සල්ලි මැෂින් එකෙන් රිලීස් වෙලා. එහෙම අඩු, වැඩියක් වෙලා නැහැලු. වෙන එකෙක්ට සල්ලි ගියාද කියල චෙක් කරවන්නත් උන්ට කැමරා චැක් කොරන්න ඕනෙ කිව්වෙ...

      උඹ කියන්නෙ මම කෝමද ක්‍රියා කොරන්නෝනි???

      Delete
    2. කරලා තියන වැඩේ නම් අනුමත නොකරමි. සල්ලි උබේ නම් බැංකුවට කොහොමද එහෙම දෙයක් උබට කියන්නේ කියන එක මට නම් ප්‍රශ්නයක්. ඔහොම ඒ ටි එම වල වෙන්න ඉඩ තියනවා ඕෆ්ලයින් සම්බන්ධ තාවයදී වගේ මුදල් ගත්ත නම්. සතියක් දෙකක් පරක්කු උනත් කමක් නැ බන් ලියුමක් ලියලා දීපන්, බැංකුවේ වගකීම කැමරා බලන එක, අනික ඕනෑම ඒ ටි එම් එකක ජන්ල් ප්‍රින්ට් එකක් සැම ගනුදෙනුවකම සටහන් වෙන නිසා ඒ වෙලාවට එකත් එක්ක ඔයාගේ ගිණුම බැලුවා නම් ඔය වැරැද්ද හදා ගන්න පුළුවන්.කාගේවත් සාක්කුවකට කොහොමද ඔහොම යන්නේ කියන එක නම් හිතා ගන්න බැ

      Delete
    3. මචං, මැෂින් එකෙන් සල්ලි එලියට එද්දි ඉල්ලපු වටිනාකම හැදුනු විදියත් ඒ සල්ලි මැෂින් එකෙන් එළියට ගියාද නැතිනම් හිර වුනාද කියලා බලන්න හැම ගනුදෙනුුවෙම විස්තර සටහන් වෙනවා මැෂින් එකේ ටේප් එකක හරි හාඩ් එකේ හරි. ඒ වගේම සල්ලි නොගත්තත් එකවුන්ට් බැලන්ස් බැලුවත් ඒක පවා සටහන් වෙනවා. මැෂිමට සල්ලි දාන වෙලාවට කලින් දාපු ලෝඩ් එකෙන් මැෂින් එක ඇතුලෙ හිරවීම් වගේ දේවල් සිදුවුනාද වගේ දේවල් පෙන්වන ප්‍රින්ට් එකකුත් ගන්න පුලුවනි. මේවගේ දෙයක් වුනාම හැකි ඉක්මනින් ලිඛිතව බැංකුවට දැනුම් දීලා ලිපිය බාරගත් බවට සහතිකයක් ගන්න එතැනින්ම. මොකද සමහර බැංකුවලට තමන්ගේ නොවන කාඩ්පත් වලට සිදුවන සිදුවීම් වලදි දින 15ක් පහුවුනාම ක්‍රියාමාර්ග ගන්න අමාරුයි.

      Delete
  6. උඹ වෙලාවට පොලෝසි නොගියෙ. ගියානම් ඔය 4000ගන්න උඹට 40000ක් විතර පාඩු වෙනවා.

    අනෙ අම්මෝ මාත් කොමර්ෂල් තමා. අම්මෙ මුත්තෙ කිව්වත් පාළු තැන් වලින් සල්ලි ගන්නෙ නම් නෑ ආයෙ.

    ReplyDelete
    Replies
    1. මේක සම්පුර්ණ ඇත්ත...

      Delete
    2. මගෙ යාලුවෙක් 30,000ක් වටිනවා කියල ඉනටර්නෙට් එකේ ඇඩ් එකක් දාල තිබ්බ පෝං එකක් අරන් බලද්දි 5000ක විතර වටිනාකමලු. කොල්ලා විලි ලැජ්ජාවට පොලිසි ඇන්ට්‍රියක් දැම්මා අරූ තව 20,000ක් හොරකම් කරල ඩීල් එක කලේ කියල. පස්සෙ හොරාව ඇල්ලුවා.

      පොලිසියට 10ක් දුන්නා. එතැන අපේ එකාට වාසියක් වුනේ.. (කතාව ලියන්න වෙයි වගේ..)

      මෙතන මම උන්ට කීයක් දීල වැඩේ කර ගන්නද බං??

      Delete
    3. //කතාව ලියන්න වෙයි වගේ..// ආයෙම වගේ මොනවද ලියලා දාමු සැමෝ, :)

      Delete
  7. මට මතක විදියට ඒටීඑම් මැෂින් වල ජර්නල් එකක් තියනවා ඔය ගැන බලන්න. බැංකුවෙන් මේ ගැන වැඩ කරලා තියන විදිය නං අන්තිම සවුත්තුයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන ජ‘නල් එකද කොයිද චෙක් කලා බං මම කෝල් එකේ ඉද්දිම උන් කිව්වා එහෙම වරදක් වෙලා නැහැලු.

      මම ඇහුවා මට පස්සෙ ආපු කෙනෙක්ට ඒ සල්ලි ගියා වෙන්න බැරිද කියල

      ඒව චෙක් කරන්නත් කැමරා එකේ වීඩියෝව චැක් කරන්න ඕනෙ කිව්වෙ..

      Delete
  8. මගෙත් එක වතාවක් NSB එකේ ඔය වගේ වැඩක් උනා. සල්ලි ආවේ නැහැ, හැබැයි සල්ලි ආවා කියලා කපලා තිබුනා. රාජගිරිය Branch එකට සිද්ධිය කියලා හවස ගෙදර යද්දී පානදුර Branch එකේ ATM එකෙන් balance එක check කරනකොට වැරැද්ද නිවැරදි කරලත් ඉවරයි.

    ගන්න එකේ අන්න ඒ වගේ බැංකුවකින් සල්ලි ගනිල්ලකෝ. කැපෙන්නේ රුපියල් 3යි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙව මාත් කිව්වෙ!
      කුඩු කරනව මට උනානං.

      Delete
    2. බ්‍රාන්ච් එක ලග ඒ.ටී.එම් එක නිසා වැඩේ ලේසි වෙන්න ඇති. මම කම්ප්ලේන් කලාට උන් කිව්වෙ ඒම දෙයක් වෙලා නැහැ කියල බං. පොලිසි ගිනෙ යනවට වැඩිය සද්ද නැතුව ඉන්න එක ලේසියි මගෙ හිතේ.

      යකූ අපේ එකේ 5ක් කැපෙනව නේ...

      NSB කිව්වම අපේ අනිත් රාජ් සතුටු වෙයි නේ??

      @රාජ්.. උබ මොකැ කිව්වෙ?

      Delete
  9. මමත් ඔය උඹ මූණ දීලා තියෙන ගැටලු ඔක්කොටම මුහුණ දීලා තියෙනවා. ඉස්සෙල්ලම ආපු පෙට් කාඩ් ගත්ත එකෙක් මම. හැබැයි හැම වතාවෙම ආපහු සල්ලි ලැබිලා තියෙනවා බැංකුවෙන්. අර කන කට්ට තමයි ඉවසන්න බැරි. මම මේ ගැන බ්ලොග් පෝස්ට් කීපෙකුත් ලිව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. උබෙ පෝස්ට් ටික බලන්න වෙයි... දාන්න බැරිද බං ලින්ක් ටික??

      අන්න අර කියන කට්ට නිසා තමා මම වැඩේ අතෑරලා දැම්මෙ..

      Delete
  10. ඔය වගේ තව දෙපාරක් තුන් පාරක් වුනොත් අපේ කවුරැ හරි එකෙක් පොස්ට් එකක් ලියයි
    බොලෝග් අවකාශයේ අපේ හිතමිතුරැ සෑම් බැංකු නිලධාරිකෙුට මන්නයකින් කොටා රිමාන්ඞ් බන්ධනාගාර කර ඇත කියලා.

    ReplyDelete
    Replies
    1. ආයෙ වුනොත් නම්.. මරාගෙන මැරෙනව යකෝ..

      Delete
  11. මටත් ඔහොම වුනා බං හැබැයි ලංකාවෙ නෙවෙයි උතුරුකුරු දිවයිනේ,එහෙ තියෙන ATM මැෂින් වලින් ඕනෑම බැංකුවක කාඩ් එකකින් සල්ලි ගන්න පුළුවනි.ඉතිං මම කාඩ් එක දාපු වෙලාවෙ සල්ලි ආවා කාඩ් එක ආපහු ආවෙ නෑ.ළඟ තිබ්බ බැංකුවට ගිහිං කිව්වම උන් පරණ කාඩ් එක කැන්සල් කරල අලුත් එකක් දුන්න.

    ReplyDelete
    Replies
    1. //ATM මැෂින් වලින් ඕනෑම බැංකුවක කාඩ් එකකින් සල්ලි ගන්න පුළුවනි.//

      මෙහෙත් එහෙමයි බොල..

      Delete
  12. කාඩ් එක අවුල් උන්ට ඔහොම වෙනව. දැන් තීනවනේද කාඩ්ලස් ක්‍රමයක්. ඒක ට්‍රයි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඉන්දික ඒ ක්‍රමය. දැනුම්වත් කරන්න අපව.

      Delete
    2. බ්‍රාලස් ටොප්ලස් වගේ තමා.යුරෝපේ තියෙනව.

      Delete
    3. අයියේ මේ යකා වැහෙන කථා කියන්න එපා.

      Delete
    4. ඇයි යකෝ බ්‍රාලස් ටොප්ලස් වුනාහම අපි කන්නේ පස්ද?

      Delete
    5. @ නලින් අයියා
      සම්පත් බැංකුවෙන් දෙන පහසුකමක්. සාමාන්‍ය ඩෙබිට් කාර්ඩ් එක දාලා මේ පහසුකම ලබාගන්න පුළුවන්. අපිටමයි ඕක ඇක්ටිව් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ATM එකට ගිහිල්ලා Cardless Cash කියන මෙනු එක තොර ගත්තම අහනවා ගනුදෙනු කරන බාෂාව, ඊට පස්සේ අහනවා ටෙලි බෑන්කින් අංකෙන්ද පින් අංකෙන්ද ගනුදෙනුව කරන්නේ කියලා.(මම නම් පින් එකෙන් කරන්නේ.) ඊට පස්සේ ගිණුම් හිමියාගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කරන්න ඕනේ (V අක්ෂරය නැතුව) ඊට පස්සේ පින් අංකය. එතනින් එහාට සාමාන්‍ය විදියට ඩෙබිට් කාර්ඩ් එක දැම්මම එන මෙනු එක තියෙන්නේ.

      Delete
    6. තාම සම්පත් එකේ තමා ඒ ක්‍රමය තියෙන්නේ..

      හැලපේ කිව්ව කතාවට සංජීවයියාගේ පපුව කඩා වැටෙන්න ඇති බං. බ්‍රා ලස් වෙච්ච ඇන්ටි කෙනෙක්ගේ වගේ..

      Delete
  13. කෝ මේ සුදික? සුදික තමයි මේකට මොනවද කරන්න ඕන කියලා කියන්න ඕන කෙනා

    ReplyDelete
    Replies
    1. හම්බෝ උන් තමා මේ ගේම් ගහන්නේ..

      Delete
  14. මෙව්වට හොඳටම උත්තර දෙන්න හැකි රාජ් ( බැංකු) හෝ සුදිකට තමා කෝ දෙන්න කවුරුවත් නැද්ද මේක කියවන්නේ

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නව බොග පැත්ත පලාතෙ ගෙන්න ගන්න බැහැ බං.. ;)

      Delete
  15. හැබැයි බන් අපරාදේ වැඩේ අතඇරියේ...!
    මේ ලගදී (දෙකක් දාලා එනකොට හෙම නෙමෙයි,, කතා හැදුවොත් හෙම බලාගනිල්ලකෝ) රෑ එනකොට මගේ පර්ස් එක වැටිලා. වැටුනේ කොහෙද කියල හිතාගන්න බැරි උනා. එක දවසක් බැලුවා, ආරංචියක් නැතිතැන බැංකුවට මෙල්ලුවක් හෙම දාලා විස්තරේ කියලා, පහුවදා උදෙන්ම බැංකුවට වාර්තා කොරල හෙම අලුත් ඩෙබිට් කාර්ඩ් එකක් අරන් හෙම අරගෙන ඊටත් පහුව දා සල්ලි ගන්න ගිය ගමන් අලුතෙන් ගත්ත ඩෙබිට් කාර්ඩ් එකත් ATM එකේ හිර උනා. ඒ ATM එක බ්‍රාන්ච් එකක් නැතිව තිබුන එකක්. කෙලහන්කෝ... call center කතාකලා, උන්ට කරන්න කිසිම දෙයක් නෑ කිව්වා.

    පහුවදා කඩවත බ්‍රාන්ච් එකෙන් දැනගත්තේ මම දාපු මේල් එකට උන් ඩ්ඇක්ටිවු කරලා තියෙන්නේ අලුත් කාර්ඩ් එක. කඩවතින් කිව්වා අලුත් කාර්ඩ් එකක් දෙන්නම් හැබැයි තව 250 ක් කැපෙනවා කියලා. හිටහන්කෝ දෙන්න කියල හිතාගත්ත මම ගියා බැංකුවේ හෙඩ් ඔපිසියට. උන් කියපි එතනට කාර්ඩ් ගන්න යන්නේ වෙන කට්ටියක් අපහු යන්නේ සල්ලි දාන දවසට විතරයි කියලා. එදා සිකුරාදා, අතේ සතපහක් නෑ. මට නැග්ගා අසුහාරදාහට (කේන්තිය හොදේ, වෙන මගුල් නෙමෙයි.) කරන්න දෙයක් නැතිතැන හිටපු මැනාට හොදට අමතලා (බැන්නේ නෑ) ෆ්‍රී ඔෆ් චාර්ජ් කාර්ඩ් එකක් අරන් අවා.

    ReplyDelete
    Replies
    1. හරි බං බොට වුනේ කාඩ් කේස් එකක් නේ..

      මට වුනේ කෑෂ් කේස් එකක් නේ..

      Delete
  16. හැම බැංකුවක්ම මේ වගේ නැහැ. මම ගනුදෙනු කරන පෞද්ගලික බැංකු දෙකක් තියෙනවා (නම් කියන්නේ නැහැ, එතකොට නිකං ඇඩ් එකක් වගේ වෙන නිසා) හරියටම අපිට සර්විස් එක දෙනවා. මම කාඩ් එකෙන් වුනත් ටිකක් ලොකු ගාණක්, 40,000 වගේ එකවර ගත්තොත් අනිවාර්්‍යෙයන්ම කෝල් එකක් එනවා ඒක තහවුරු කරගන්න. ඒ වගේම තමයි බැංකුවෙන්ම වුනත් ලොකු ගානක් ගත්තොත් කොල් කරලා තහවුරු කරගන්නවා මම මද ගත්තේ කියලා. ක්‍රෙඩිට් කාඩ් එක වුනත් මගේ එඩ්‍රස් එකට ටිකක් දුරින් තියෙන තැනකින් පාවිච්චි කරලා තිබුනොත් හරි නැත්නම් එක ළඟ වෙලාවල් කීපයකදී සල්ලි අරන් තියෙනවානම් අනිවාර්්‍යෙයන්ම කොල් කරලා වෙරිෆයි කරනවා.

    අනිත් එක ආරක්ෂාකාරිම වැඩේ තමයි SMS Alert පහසුකම දාගන්න එක. කාඩ් එක පාවිච්චි කරන හැම වෙලාවකම ගත්ත තැනයි, ගාණයි, වෙලාවයි කියලා මැසේඡ් එකක් එනවා. කවුරුහරි හොරකම් කරලා පාවිච්චි කරත් (ක්‍රෙඩිට් කාඩ්) අපිට ඒ වෙලාවෙම බැංකුවට කතා කරලා බ්ලොක් කරන්න පුළුවන්. පස්සේ චෙක් කරලා බලලා වෙරෆයි කරගෙන සාදාරණයක් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇස්.ඇම්.ඇස් ක්‍රමය ඇක්ටිව් කරල තිබ්බෙ නැහැ මාත් කලින්. දැන් ඇක්ටිව්.

      මොකක්ද බං ඔය බැංකුව? අනික උන්ට කෝල් දෙන්න තරම් වැඩ නැත්ද? එහෙම නැත්තං ඒකට වෙනම ටීම් එකක් ඉන්වද?

      Delete
  17. කොමර්ෂල් නේද... හාපෝ....

    ReplyDelete
  18. උඹ කාලේ සෑමා වැරදි වැඩක්.උඹට තිබුණේ මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න.මට හිතෙන්නේ උඹේ රුපියල් 4000/-හොරකම් කෙරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ ආපු එකෙක් ගත්තද දන්නෑ..

      පොලිසිය ගාවගත්තම එපා වෙනව බං.

      Delete
  19. //උක්ත සිද්ධියට මුදලට නතු නොවූ, බලයට නතු නොවූ, ලොව සාධාරණම පොලිස් සේවය හවුල් කර ගන්නවාට වඩා, සිදුවූ පාඩුව දෙස බලා, නැවත එම වරදම නොකිරීමට වග බලා ගැනීම පහසුය. එසේම යම්කිසි මුදල් හදිස්සියකින් වැඩි මුදලක් ලබා ගන්නට ATM මැෂින් එකට ගියේ නම් එතැනදී සිදුවන අපහසුතාවය ගැන දෙවරක් කල්පනා කර බැලිය යුතුය.//

    මොන වැරැද්ද කලත් මෙන්න මේ දේ කරපු එකනම් බොහොම නුවනට හුරුය.

    ReplyDelete
  20. පැට්ටෝල් ටිකක් දාල ගිණිකූරක් ගහපන්...මොකද වෙන්නෙ කියල බලන්න

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බං පැට්ට්‍රොල් ටික...

      Delete
    2. මහබාගෙ පැත්තට ඇවිත් ගිණි තියන්නද?

      Delete
  21. යකෝ...ඔය මැෂින් එක ඔය තරමටම චාටර් නං...ගෙවල් ලග තිබ්බට පැත්ත පළාතක යන්නෙ නැතුව..ටවුමෙ එකකින් ගනින්කො....උඹලගෙ මොළේ කොහෙද මංදා....

    ReplyDelete
    Replies
    1. ආයෙ එතැනට ගියා කියල කවුද බං කිව්වෙ??

      Delete
    2. මට කිව්වෙ ගේ ලග මැෂිම....

      Delete
  22. මම හිතුවා මාතලන්ගේ ඔරේන්ජ් බාර්ලි වගේ උඹේ ATM එක බලන්න සෑහෙන කාලයක් ඉන්න වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක ලියනකල් අපි ඌට බැන්නා වගේ.. මාත් බැනුම් අහන්න කැමතියි කියල උබ හිතනවද?

      Delete
  23. සල්ලි ගන්න පුලුවන් වුණාද අයියා...“

    “ෂික් බලන්නකෝ.. කාඩ් එක හිරවුණානේ..“

    “ඒක තමයි.. මගේ කාඩ් එකත් හිර වුණා..“

    ඇගේ මුහුණ දෙස බලා සිටියදී සෑමාට මැවී පෙනෙන්නට වූයේ කිසිදාක නොදුටු ඇගේ මෑණියන්වය.

    “ඉතිං මම ඇතුලට යද්දි කිව්වෙ නැත්තෙ මොකෝ හලෝ.. ඔයා මාර බඩුවක්නේ...“

    ......................................................................

    "මොනා කරන්නද...? එන්න නංගී අපි දෙන්නම බෑන්ක් එකට ගිහින් කියමු."
    "කොහොමද අයියා යන්නේ "
    " මගේ බයික් එකේම යමු"
    "මම බයික් වල යන්න බයයිනේ අයියා "
    " බයවෙන්න එපා නංගී ..පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා මගේ බඩවටේ අත දාලා හයියෙන් අල්ල ගන්න ,,හැබැයි අත පහලට ගන්න එපා "
    " අයියගේ නම මොකක්ද අයියා "
    " මම සෑම් නංගී "

    *****
    ඊට පස්සේ ......................
    මොනවා කොහේ හිරවුනාදයි දන්නේ සෑමා සහ නංගී පමණි

    ReplyDelete
    Replies
    1. මෙම සිදුවිම සහතික ඇත්ත බවට දිවුරා කිවහැක. බොරැවක් කියනවනම් පාරේ යන එකෙකුට හෙන ගහයි.

      Delete
    2. කෝ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න පත්තරයා

      Delete
    3. අන්න ෂින් එක. ඇත්ත කියහන් සෑමෝ උබ මේ ටික මග ඇරලා කතාව දැම්මේ නී....!

      Delete
    4. Ivan's imagination has no limits !! Own experience ?

      Delete
    5. ඔය නැතිවුණු (එහෙම කියන) 4000/= රූම් චාජර්ස්, රිෆ්‍රෙෂ්මන්ට් වලට ගිය ගාන .......

      Delete
    6. අනික සෑමාගේ කාඞ් එක හිරවුනේ නැත, කෙල්ල මැෂින් එක ලග කිම්බ කාපු එඞිම්බරෝ වගේ බලාගෙන ඉන්නකොට සෑමා බොරදියේ බා ගත් මාලුවෙකි.

      Delete
    7. @ඉවාන් - මේක නම් අනිවා බොට වෙච්ච දෙයක්. මෙච්චර කලාත්මකව හිතල කතා හදන්න බොට පුලුවන් එකක් ඈ...

      @සරත් අයියා- එල ඈ..

      @අනිත් උන් - අඩෝ දී කිරට බලල්ලු සාක්කි කියනව නේ??

      Delete
  24. මට තියෙන පස්නේ උබ 4000කම නැති කොර ගෙනත් ආයෙත් ලජ්ජා නැතුව ඒ මැසිම තියෙන තැනටම රින්ගුවානේ කාඩ් එකත් හිර කොර ගන්න

    ReplyDelete
    Replies
    1. යකෝ බොල යට ඉදන් උඩටද පෝස්ට් එක් කියෙව්වෙ??

      කොහෙද ඒම කතාවක් තියෙන්නෙ?

      Delete
  25. සාමාන්‍යයෙන් කාඩ් එකක් හිර වෙන්නේ වැරදි මුරපදය කීප වතාවක් දුන් විටයි.. එදා සෑම් කලේ අර කෙල්ල දිහා බලාගෙන කොටපු එක නිසා කාඩ් එකට උනේ ඔය වැඩේමය කියා මට හිතේ.. බැන්දාට පස්සෙ ඔව්ව අඩුවෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. කට ඇරහං සරත් මසුරමක් දාන්න...

      Delete
    2. මෙන්න මගෙනුත් මසුරමක්

      Delete
    3. දිගටම කට ඇරන් ඉන්න අයියේ මුන් දෙන්නා දාපු දෙක මම අරගන්නකන්........ උවමනාවකට නෙවි ඔයාගේ උගුරේ හිර උනොත් එහෙම

      Delete
    4. උඞ තියන මගේ පිලිතුරැ කමන්ටුව මේ හා සබැදේ.

      Delete
    5. යකෝ සරත් අයියා ඉවාන්ගෙ කමෙන්ට් එකට මට සපෝට් එකට රිප්ලයි එකක් දාල තිබ්බ නිසා මම ෆුල් කික් එකේ හිටයෙ.

      ඒත් යටට ඇවිත් මූ මාව කාල නොවැ...

      Delete
  26. කමෙන්ට් කියෙවුවම පොස්ට් එක අමතක වෙනව බන්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවලා මට ඇඬුනා බං :.(

      Delete
  27. අපිනම් තාම පාස් පොතෙන් තමා ගණු දෙණු.. මුකුත්ම හිර වෙන්නෑ එතකොට...

    ReplyDelete
    Replies
    1. හිරවෙනවා... බැංකු වහපු දවසක හදිස්සියෙ සල්ලි වුවමනා වුනොත් ;)

      Delete
  28. රසවත් කතාවක් . විවිධ අද්දැකීම් බලා ගත්තා..1990 වසර පටන් මම A.T.M. යන්ත්‍ර භාවිතා කරනවා.. දැනුත් බැංකු දෙකක දෙබිට් කාඩ් තියෙනවා. හැබැයි මගේ හතුරෙකුටවත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න නම් කියන්නෙ නැහැ. ඒක හරිම නය උගුලක්. මගේ අදහසට අනුව නම් සිහිකල්පනාවෙන් පාවිච්චි කරනාවා නම් මේ කිසිදු කරදරයක් නොවෙන බවයි.ඒ කියන්නේ ඒ ඒ බැංකුවේ සවි කර ඇති මැෂින් ඒක සමාන නැහැ. එබැවින් පළමුව ගනදෙනු කරන මැෂිම අධ්‍යනය කර ඒ අනුව කටයුතු කරන්න වෙනවා.එතකොට කරදර වෙන්නෙ නැහැ.පාවිච්චි කරන භාෂාවද කලින්ම් තීරණය කරන්න ඕනෑ. අනෙක ඒක මැෂින් ඒක තියෙන කාමරයට යාමට පෙරම ආපසු ගන්න මුදලෙ ප්‍රමාණය ගැන තීරණයක් සිතේ තියෙන්න ඕනෑ. ඊළඟට ඒ ගණනට හරියට ගිණුමේ මුදල් තියෙනවාද කියලා තහවුරුවක් සිතේ තියෙන්න ඕනෑ.රහස්‍ය අංකය හරියටම සිතේ ඇඳෙන කල් ඒක දිනපොත බලාගෙන කොටන්න ඕනෑ.රහස් අංකය දෙවරක් වැරදුනොත් කාඩ් ඒක ඇතුලෙ හිරවෙනවා..ෆෝන් ඒක කනේ ගහගෙන පාර හරහා මාරු වෙනවා වාගේ A.T.M. එක ඉස්සරහ වැඩ දෙකක් එකවර කරන්න බැහැ. මගේ වැරදි නිසා අපේ රටේදී දෙවරක් කාඩ් හිරවෙලා තියෙනවා.පාස් වර්ඩ් වරද්දලා ලියා ගත්ත නිසා නවසිලන්තේදී මාස 10ක් හොඳ කට්ටක් කැවා.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ සල්ලි ගද්දි හිතන්න දේවල් තියෙනවා.. අපි හිතන්නෙ නැති වුනාට..

      Delete
    2. << ඒක හරිම නය උගුලක්. >>

      මේකට එකඟ නෑ... මම 2001 ඉඳන් ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරණවා. කිසි අවුලක් නෑ.. තමන් දැන ගන්න ඕනා තමන්ගෙ ආදායමට අනුව පාවිච්චි කරන්න. කෙරිඩිට් මෙච්චරක් තිබුනා කිව්වට ඒවා අපිට අයිති නැති සල්ලි කියලා අපි දැන ගන්න ඕනා.. ඇත්තටම මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බැංකුවට පාඩුයි.. මම ඔය මුළු කාලෙටම දෙතුන් පාරකට වැඩිය පොලී ගෙවලා නැතුව ඇති.. ඒවයින් සමහර ඒවා බැංකුවෙ සල්ලි තිබිලත් වෙලාවට ගෙවනන් අමතක වෙලා වෙච්ච අතපසු වීම්.. මමනම් ක්‍රෙඩි කාර්ඩ් සංකල්පය උපරිමෙන්ම භාවිතා කරනවා රෝල ගහන්න..

      Delete
    3. සෙන්නාගේ අද්දැකීම හොඳයි. ඒකෙන් ඔප්පුපු වෙන්නෙ ඔබ තුල මුල්‍ය ශාක්ෂරතාවය මෙන්ම මුල්‍ය විනයද මැනවින් තිබෙන බවයි .එය හොඳ දෙයක්. මා ගැන සිතුවොත් මට උවමනාවටත් වඩා මුල්‍ය ශාක්ෂරතාවයක් ඇතත් මුල්‍ය විනයක් නැහැ.එබැවින් credit card වලින් මට සිදු උනේ යහපතක් නෙමෙයි.මා තුල මුල්‍ය විනයක් නොතිබීමට එනම් වෙන් කරන මුදල අදාල කාරනයටම පමණක්ම වියදම් කිරීමටම වෙන්කර තබා ගැනීමෙන් වැළකීමට මා finance manager කෙනෙක් ලෙස මා කල පලමු රැකියාව මුලික ලෙසින් බල පැවා.
      අනෙක් කාරණය නම් ගෙවන මුදල ගැන නොව භාණ්ඩයේ ගුණයම සොයන මගේ පුරුද්ද. පළමු පන්තියේ භාණ්ඩ හැර දෙවෙනි පන්තියේ භාණ්ඩ මගේ ඇසට ගැටෙන්නේ නැහැ.ඒක නම් මගේ පියාණන් ගෙන් ආපු පරම්පරා ගත පුරුද්දක්. අනෙක් කරුණ බොහෝ මුල්‍ය ශාක්ෂරතාවය තිබෙන අය ළඟ මුල්‍ය විනය නැහැ. ඒක හරියට වඩුවාගේ ගෙදර පුටුව නැතුවා වාගේ එකක්. එබැවින් මා කියන්නේ credit card පාවිච්චි කල යුත්තේ මුල්‍ය විනයක් ඇත්තවුන් පමණක්ම බවයි. නැත්නම් ඒක උගුලක් වෙන එක නම් වලක්වන්න බැහැ.

      Delete
  29. හොද වේලාවට කාඩ් එකයි සල්ලියි දෙකම තිබුනට ATM වලින් ගනුදෙනු නොකරන්නේ. සැමාට නම් හොද වැඩේ යකු... අර කෙල්ල මරු ! 

    ReplyDelete
  30. mageth commercial ATM eka hirawela thiyenawa, ewelema wisthare ahala passe dawase salli daala thibunaa, commercial bank - Beliatta

    ReplyDelete
  31. අඩේ ඕක කොමර්සල් එකේ අවුලක්.

    මට එකදවසක් තුන්දාස් නමසීයක් (මාරු ඕන නිසා එහෙම ගන්නෙ.) ආව සීයෙ කොළ ගොඩකුයි පන්සීයකුයි. ඒ.ටී.එම්. එක ඇතුලෙ හිඟන්නෙක් ඉඳලද කොහෙද!
    ආය දවසක් දෙදාස් නමසීයක් ඉල්ලුවම ආව විසිනමදාහක්. අඩු වෙලා තිබුනෙ තුන්දාස් පන්සීයයි එකවුන්ට් එකෙන්. බෑන්ක් එකට ගිහින් කිවුව (මන් මෝඩයනෙ ඉතින්.) උන් ඒකටනම් වෙන්න බෑ නොකිය ගානට අදාල මුදල අඩු කර ගත්තා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...