Wednesday, August 27, 2014

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!


අත බලා සාස්තර කිව්වේ ඉස්සරය. ඊටත් පසුව මූණ බලා සාස්තර කියන්නට වූයේය. දැන් සාස්තර කියන්නේ අල්ල ස්කෑන් මැෂින් එකට තබාය. අත ස්කෑනර් එකට තැබූ විට එය කොම්පියුටරය මඟින් ඇනලයිස් කොට පුද්ගලයෙකුගේ ඕනෑම විස්තරයක් කියන්නේය. ඒ තරමට තාක්ෂනය දියුණුය. ඒත් සෑමා සාස්තර කියන්නේ පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාය. ඕනෑම අයෙක් සමඟ මොහොතක් කතා කොට, හැසිරීම නිරීක්ෂණය කොට ඔහු ගැන කිසියම් ගති ගුණයක් කියන්නට ජෝතිෂය විභාග සමත් විය යුතු නැත්තේය. උපන් දා සිට මෙතුවක් මුණ ගැසුණු අය, ආශ්‍රය කළ අය ඇසුරෙන් තවත් පුද්ගලයෙකු විනිශ්චය කළ හැකිය. විටක වරදින්නට පුලුවන එහෙත් වැඩි වෙලාවකට ඒවා නිවැරදි වන්නේය. එසේම කිසියම් අයෙකු දුටු මොහොතේම ඔහු කළ ක්‍රියාවක් නිසා ඔහු ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි සරල විද්‍යාත්මක ක්‍රම පවතින්නේය. මේ කියන්නට යන්නේ ඉන් සමහරක් ගැනය.

අවංකයා හඳුනාගන්න

විටක පිරිසක් මැද මහා ගඳක් ඔබ නහයේ ගැටෙන්නට හැකිය. බොහෝ විට එය කුණ කාණුවක හෝ වැසිකිලයක ගඳකට සමාන විය හැකිය. නමුත් එය ගුවනට මුදා හැර ඇත්තේ ඔබ සමඟ සිටි පිරිසෙන් අයෙක් බව හැමෝටම සැක සිතෙන්නේ එය අධෝ වාතයක් වන නිසාය. එවිට ඔබ අසල සිටින අය දෙස ඔබ හොරෙන් බලන්නේත්, අවට සිටින අය එකිනෙකා දෙස බලන්නේත්, වාතයේ හිමිකරුවා සොයා ගැනීමටය. වටේම සිටින්නේ හිත මිතුරන් නම්, අයෙක් අත ඔසවා වාතයේ හිමිකරුවා තමන් යැයි පවසන්නට තරම් හැකියාවකින් පසු වන්නේනම් හෙතෙම සැබෑම අවංකයෙක් වන්නේය. විටෙක “ඩෝං“ සද්දයෙන් යවනා අධෝවාතයක හිමි කරුවා සොයා ගැනීම පහසු සේම, ඕනෑම අයෙක් එවැනි සද්දයෙන් යවනා වාතයක හිමිකාරත්වය ලබා ගන්නේ ආඩම්බරයෙන්ය. එහෙත් මිනී මරණ “චූස්“ සද්දයෙන් යන වාතයට නම් හිමිකරුවෝ නැත්තේ එහි ගඳේ සාන්ද්‍රණය වැඩි නිසාය. එවැනි වාතයක් තමන්ගේ යැයි හිස නමා පිළිගන්නට හැකි තැනැත්තා සෑමා දකින්නේ මහා අවංක ඩයල් එකක් විදිහටය. එලෙසම එය අවංකව පිළිගැනීමට තරම් එඩිතර අයෙක්ද වන්නේය.

ආත්මාර්ථකාමියා තේරීම

ඔබ පිරිසක් කැටුව යම් ගමනක් යන්නේ නම් වතුර බොතල් ගෙන යනවා ෂුවර්ය. ඒ අතර ඔබ රැගෙන යන වතුර බෝතලය යම් කෙනෙකු පානය සඳහා ඉල්ලන්නේ වතුර නැති කමටය. පිපාසයටය. එවිට ඔබ රැගෙන යන බෝතලය ඔබේ යැයි සිතා ඔබ කට තබා පානය කරන්නේ නම්, ඔබ බොහෝ විට ආත්මාර්ථකාමීය. නැතිනම් රැගෙන යන බෝතලය තව කෙනෙකු ඉල්ලාවි යැයි සිතා කට නොතබා පානය කරන්නේය. පාන් හෝ කිසියම් ආහාරයක් ගත් සැනින් ඔබ වතුර බෝතලයට කට තබා පානය කර බෝතලය තුල බලන්නේ නම් එහි පාන් කැබලි හෝ ආහාර කැබලි පා වෙනු දැකිය හැකිය. එලෙස ඔබ කට තබා පානය කළ වතුර හෝ බීම හෝ බෝතලයක් අන් අයෙකු වෙත පිරිනමන්නේ නම් හෝ, පිරිනමන්නට සූදානම් වන්නේ නම් දෙවරක් සිතිය යුතුය. බොහෝ අය පුරුද්දට මෙන් කට තබා පානය කරන්නේ තමන් රැගෙන ආ වතුර බෝතලය නිසාය. එහෙත් තමන්ගේම බෝතලය වුවත් කට නොතබා ඉහළට ඔසවා පානය කරන්නේ නම් තව අයෙකුට පිරිසිදු වතුර බිඳක් ලබා දිය හැකි බව සිහියේ තබා ගත යුතුය.

පරාර්ථකාමියා යනු

පරාර්ථකාමියා යනු ආත්මාර්ථකාමී නොවන පුද්ගලයා යැයි ඔබ සරලව සිතනවා විය හැකිය. නමුත් එය එසේ නොවන්නේය. පරාර්ථකාමියා සැම විටම අනෙක් අයගේ යහපත ගැන සිතන්නේය. එය ආත්මාරථකාමී නොවීමට වඩා දුර ගිය ක්‍රියාවක්ය. ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්‍රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය. 

ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා  යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්‍රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.

පිරිසිදුකම සහ පරාර්ථකාමීත්වය

ඔබේ පිරිසිදු කම තවකෙකුගේ ජීවිතයට තර්ජනයක් නොවන බව ඔබ සිතන්නේ නම් එය හුදු මුලාවක්ය. දිනක් සෑමා කඩවත පැත්තේ කඩයකින් එළවළු රොටියක් කෑවේය. ප්ලේන්ටියක්ද ගසා කඩේ මුදලාලිට මුදල් දෙන්නට යද්දී ඔහු තම කිහිල්ල කසමින් ඉතිරි දුන්නේය. එක වරක් නොව දෙතුන් වරක් කිහිල්ල කසනවා දුටු සෑමාට සිහි වූයේ තමා බඩට දා ගත් එළවලු රොටිය ඔහුගේ අතින්ම ලබාගත් බවක්ය. ඒ ගැන වැඩිය සිතන්නට ගියොත් බඩට දා ගත් එක උගුරෙන් නැවත කටට එනවා ෂුවර් නිසා සෑමා ඒ ගැන වැඩිය සිතන්නට නොගියේය. කඩවල්වල නම් පිරිසිදු කම කෝමත් අන්තිමය. එහෙත් ඔබ නිවසේ සිදුවන කටයුතු වලදී පිරිසිදු කම ගැන සිතනා අවස්ථා තිබේදැයි මතක් කළ යුතුය.

ගෙදර සුරතල් බල්ලෙකු, බැල්ලියක හෝ, පූසෙකු සිටිනවා යැයි සිතන්න. ගෙදර ගෘහණිය වන කාන්තාවක් අනිවාර්යයෙන් පූසන් සුරතල් කිරීමට කැමතිය. පූසන් පිළිබඳව කාන්තා ආකල්පය ගැන ප්‍රශ්න කළ යුතු නැති නිසා බල්ලන් ගැන නොකියා පූසන් ගැන සඳහන් කළෙමි. ඒ පිළිබඳව දොස් නොනගන්න. එලෙස පූසා සුරතල් කොට පැමිණ යම් ගෘහණියක් නැවත ආහාර පිළියෙල කිරීමේ යෙදෙන්නේ නම්, අත් සෝදන්නට අමතක වන්නේ නම්, ඇයගේ පරාර්ථකාමීත්වය අල්පය. තමන් ගැනවත් නොහිතනා තත්වයට වැටී ඇත්තේය. මන්ද ඒ පිසින ආහාර ඇයද අනුභව කරන නිසාය.

කෑම කෙසේවෙතත් තම ආදරවන්තයා හෝ අදරවන්තිය හමුවන්නට යන්නේ නම් උදෑසන දත් සැට් එක මදින්නේ නැතුව ගියහොත් සිදුවන්නේ විනාසයක්ය. එදිනට මුහුණට මුහුණ ලංකිරීමටත් නොහැකි වන්නේය. ඉන් ඔබගේ අදාරවන්තයා හෝ ආදරවන්තියගේ අනෙකා ගැන නොහිතනා ගුණය පිළිඹිබු වන්නේය. එසේම බොහෝවිට කෙල්ලන් තම කොල්ලාගෙන් බේරීමට දත් මදින්නේ නැතිව කොල්ලා හමුවීමට පැමිණිය හැකිය. එවන් අවස්ථාවක සියළු හැඟිම් සිරකරගෙන අසරණ වන්නේ කොල්ලාය. එලෙස අපිරිසිදුකම අවියක් ලෙස සිතාගෙන දත් නොමැද පැමිණෙන කෙල්ලන් සිතේ තබා ගත යුත්තේ බෙහෝ කොල්ලන් ඌරන් බවය. උන් අපිරිසිදු කම ගැන නොසිතා කටේ දමා ගත යුත්ත දමා ගන්නේ කිසිම පැකිලීමකින් තොරවය. ඒ නිසා ඔබේ පිරිසිදු කම රටේ යහපත මෙන්ම ඔබේ යහපත උදෙසා බව සිතේ තබා ගත යුතුය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:43am_27/08/14

56 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අලේ මං දල්ලෑ අලේ...
    කලිං දාපු කොමෙන්ටුව මං ඩලීට් කොලේ නිකං ඇ...
    හරිම මාන්දමික කතාවක් වුණත් හිතන්න දෙයක් තියේ...

    දවසේ කියමන ඔබවෙත ගෙන ආවේ සමින්දික සිඑිමන්ත කොළුවා විසිනි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් නම වැරදුනානෙ යකෝ...
      එකපාරක් වැරදිල ඩිලීට් කොලා...
      ආයෙත් වැරදිල...
      සැක් ඉතරක්...
      ඔන්නොහෙ කමන් නෑ

      Delete
    2. @මහේෂ් - බොට ශ්‍රර්‍ කොටා ගන්න බැරි අවුලක් මයෙ හිතේ තියෙන්නේ :ඩී

      @ප්‍රියා - බොලා මොකැ කියන්න හදන්නේ ?

      Delete
  3. හැක් හැක් පැවසුවේ නම් සත්‍යමය...

    ReplyDelete
    Replies
    1. සත්‍යය අසාගෙන ඒ අනුව හැඩගැසෙත්වා !

      Delete
  4. අයිස් බකට් හරි නාන එක ළොකුම ළොකු දෙයක්, අපේ උන්ගේ පිරිසිඳුකම ගැන නම් කතා කරලා වැඩක් නැත..

    ReplyDelete
    Replies
    1. ඉතිං මාතලන් කැමති නැහැනේ ඒ බකට් එකෙන් හරි කස්ටිය නාගන්නවට ;)

      Delete
  5. ගොඩාක් දුරට කියලා තියන කතා ටික ඇත්ත. අපි කවුරුහරි ගැන විමසිල්ලෙන් බලන් හිටියොත් අපිට ඒ පුද්ගලයා ගැන අදහසක් ගන්න පුළුවන්. සමහරවෙලාවට අඳින පළදින විදිහෙන් වුනත් පුද්ගලයගේ ලක්ෂණ කියන්න පුළුවන්.

    ReplyDelete
  6. අවංකයෙක් වෙලා විහින් නැහෙන්න කියලද බං උඹ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. චූස්ස්ස්ස්ස්ස්ස්…

      ඒක මගේ!, නෙමේ.!!

      Delete
    2. හරි හරි මීට පස්සෙ උඹ අත උස්සන්න ඕනෙ නෑ දේශ්, අප්පේ.....ප්‍රියා ගඳ :-D

      Delete
    3. ප්‍රියා වටේ ඉන්න යාලුවෝ නම් ගඳ එද්දිම දන්නව ඇති අයිතිකාරයා මූ කියල..

      Delete
  7. මටත් පෙන්නන්න ම බැරි සීන් එක තමයි වතුර බෝතලේ කට තියලා බොන එක , උස්සල පොළොවේ ගහන්න හිතෙනවා ඒ වෙලාවට එකාව ....

    ReplyDelete
    Replies
    1. මතක තියන් ඉන්නේ.. මං

      Delete
    2. ඔය ඉන්නෙ එකෙක්.

      Delete
    3. අපෝ දේශකත් ඒමද? කක්කා ඈ

      Delete
  8. පට්ටම පට්ට ඇත්ත.
    ඇත්ත කියහං උඔ පාට් ටයිම් සාස්තර කියනවා නේද?
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා බලා සාස්තර කියමි...

      Delete
  9. Replies
    1. කී බෝඩ් එක අවුල්ද බං? සමහර අකුරු වැදිලා නෑ!!

      Delete
    2. අධෝවාත යන තරමට අත උස්සන්න පල්ලෙහාට දාන්න අමාරුනම් අත උස්සගෙනම හිටපං.:D

      Delete
    3. හා හා … උඹලගෙ කැත හිත. චැහ් :D

      Delete
    4. මොකක්ද බං මේ කියල තියෙන්නේ???

      Delete
  10. අන්තිම ඡේදෙ කියවනකොටනං මේ පෝස්ට් එක ගැන පොඩි සැකයක් ඇතිවෙනව. :D

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... කුනු කෙල පිටින්ම තොත්තුවක් හම්බවෙලා වගේ.:D

      Delete
    2. පවුලත් බැන්නා බං මේ පෝස්ට් එකට නම්..

      මොකෑ මන්දා...

      Delete
  11. අධෝවාතේ ගිය බව පිළිගත්තත් ඒ අවංකකමට සැලකිල්ලක් තියේවිද?

    ReplyDelete
    Replies
    1. එකක් සද්දෙට යවා එය ඔබේ බව පිලිගන්න.. අනාවාර්්‍යෙයන් ගඳ නැත..

      Delete
  12. සෑමාගේ සංකල්පනා

    ReplyDelete
    Replies
    1. මධුරංගයාගේ සංකල්පනා වගේද?

      Delete
  13. සෑහෙන්න වටිනවා බං මේ ටික!! ගලේ කෙටුවා වගේ හිතේ කොටා ගත්තා.

    ඈ බං, අර අන්තිමට කියපු විදිහෙ සීන් හෝටල් වලත් උයනවා ඇතිනෙ! ඒ කිවුවෙ මේ,, හෝටල් වල ගෑණුත් පූසා අත ගාලා ඇවිත් උයනවා ඇතිනෙ.

    :D :D

    ReplyDelete
    Replies
    1. හෝටල් වල මීයා බං අතගාන්නෙ.. මොකද වැඩි හරියක් පිරිමි නොවැ උයන්නේ..

      @ඉවාන් - මොකැ ගල් සීන් එක?

      Delete
  14. පිරීසිදු, අවංක, පරාර්ථකාමියා යනු
    දත්මැද, කටට වතුර බෝතලයක් හලාගෙන, අත උස්සා උදලු මිටක් තරම් බෙට්ටක් දමා වතුර බාස්කට් එකක් ගසන්නාය.

    ReplyDelete
  15. එලෙස අපිරිසිදුකම අවියක් ලෙස සිතාගෙන දත් නොමැද පැමිණෙන කෙල්ලන් සිතේ තබා ගත යුත්තේ බෙහෝ කොල්ලන් ඌරන් බවය. උන් අපිරිසිදු කම ගැන නොසිතා කටේ දමා ගත යුත්ත දමා ගන්නේ කිසිම පැකිලීමකින් තොරවය.
    මේකනම් අත්දැකීමක් වගේ

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් පැත්තකින් තියල හිතපං..

      ඌරන්ට මොන සෞඛයද බං??

      Delete
  16. හුඟාක් රස වින්ද පෝස්ට් එකක්. මම මේක මුලින්ම කියවපු වෙලේ උඹ කියන සමහර් දේවල වලට එකඟ නොවෙන්නයි එකඟ වෙන්නයි දෙකටම නොයම කමෙන්ට් එකක් ලියන්න හිතා ගත්තා. නමුත් දැන් මූඩ් එක වෙනස් වෙලා. අනික මට හුඟක් කරුණු මතකත් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකැ හෙන්රියා වුණේ පොස්ට් එක කියෙව්වාම හිත අතරමං වෙනවද? :)

      Delete
  17. බොහොම හොඳ ලිපියක් සෑම්. මේවා මෙහෙම හරි කියලා තියන එක හරිම වැදගත්.

    උදලු මිටක්. හුහ්.. අහුවෙයන්කෝ මට.

    ReplyDelete
    Replies
    1. ඇයි උදලු මිට කිව්වම බොට තද වෙන්නේ ??

      Delete
  18. ඔය ත්හින්නේ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට යොමුකරලා...

    කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත....

    ReplyDelete
  19. බොලේ සෑමා දාර්ශණිකයෙක් වෙලානේ.. මරු මරු...

    ReplyDelete
    Replies
    1. බැන්දම මිනිස්සු දාර්ශනිකයො වෙනවා...... හැක්...!!

      Delete
    2. තව ගොඩක් දේවල් වෙනව බං..

      Delete
  20. Replies
    1. සාස්තරේ සාස්තරේ කාටදෝ
      කියන්නේ මං ඇහින් බලා උන්නා වගේ රාලේ
      උනේ මොකෝ වෙන්නේ මොකෝ
      කොහොමද පෙළවාහේ

      කොයි කාගෙද මේ අත බලන්න ඕනා........

      ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
      (මිහිදුම් සිහින)

      Delete
    2. අපි කියන්නෙ අත නොබලා...

      Delete
  21. අධෝවාතයක් කියනවාට වඩා පඩයක් ගියා කිව්වම පොඩි කික් එකක් තියෙනවා නේද බං....

    ReplyDelete
    Replies
    1. ඔව් බං නැත්තං දැනෙන්නෙ නැහැ..

      Delete
  22. හික්ස්! පට්ට කතා ටික සෑමෝ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...