Thursday, October 24, 2013

රින්ග් ටෝන් එක නිසා විනාශ වීම.. - Scary Ring Tones !!!



ඉස්සර ෆෝන් එකක් නම් නොකියාය. නොකියා එකට තිබුනු මාකට් එක දැන් නොකියා වලට නැත්තේය. තිබෙනවා නම් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ප්‍රිය කරන පිරිස් සිටින නිසාය. ස්මාර්ට් ෆෝන් රැල්ල නිසා ඒකත් එච්චරම නැති තරම්ය. එහෙත් ඉස්සර ජාවා/සිම්බියන් ඔපරේටින් සිස්ටම් සහිත නොකියා පෝං කෑල්ලක් තිබ්බා නම් වැඩ්ඩෙක්ය. 3120/1100 පෝං ආපු කාලයේ හැම එකාම සංගීත මාස්ටර් වරුය. ඒ මියුසික් කොම්පෝස් කරන තැනට ගොස් ඉලක්කම් ඔබමින් රින්ග් ටෝන් හදපු කාලයක් තිබුණ නිසාය. පසුව ඒ ගැම්ම නැතුව ගියේ කස්ටිය හදපු ඒවා ඩවුන් ලෝඩ් කරන්න හෝ, හදපු කෝඩ් බලාගෙන එන්ටර් කරන්න ගිය නිසාය. තවත් කළකදි තමන් කම්පෝස් කරපු ටෝන් එක තව කෙනෙකුට එස්.එම්.එස් කළ නොහැකි තත්වයක් ආවේය. එවිට එයටද පිලියමක් ලෙස අපේ එවුන් කම්පෝස් කරපු ටෝන් එක රීනේම් කළෝය. එහිදී මුලට # හෙවත් කොටු ලකුණ දැමූ විට ටෝන් එක සෙන්ඩ් කළ හැකි තත්වයක් උදා වූයේය.

එය රින්ග් ටෝන් ඉතිහාසයේ මුල් අවධියය. දැන් එහෙම නැතිය. මෙමරියේ ඇති සිංදුවක් ඩෝං කියා රින්ග් ටෝන් එකට දැමිය හැකිය. කැමති ගීතය ඩවුන්ලෝඩ් කළ හැකිය. මාර ආතල්ය. ඉස්සර වගේ මහන්සියෙන්, සිතේ වීරියෙන් කළ යුතු දෑ නොමැතිය. එලෙස යොදා ගන්නා රින්ග් ටෝන් එක පැටලෙන අවස්ථා එමටය. සමහර ප්‍රකට සිංදු බොහෝ අය ටෝන් එකට යොදා ගන්නා නිසා බස් එකේදී හෝ පොදු තැනකදී පෝං එකක් රින්ග් වෙනකොට සාක්කු අතගාන පිරිමිද, බෑග් අදින ගැහැණුද අනන්තය. එලෙසම දීර්ඝ කාලීනව එකම සිංදුව හෝ ටෝන් එක යොදා තිබෙන පෝං වල ටෝන් එක වෙනස් වීම හෝ කවරෙකු විසින් හෝ වෙනස් කිරීම නිසා අතරමං වන පිරිස්ද බොහෝය. එය සිදුවන්නේ බොහෝ විට වයසක උදවියටය. ඔවුන් පෝං එක ගන්නා විට ඩිෆෝල්ට් එන ටෝන් එකම දිගටම භාවිත කරන්නෝය. ඒ අතර පෝං එක අතට ගන්නා පොඩි උන් ටෝන් මාරු කරන්නෝය. එවිට පෝං එක වැදුනද පෝං එකේ හිමිකරුවා එය තමන්ගේ නොවන ටෝන් එකක් නිසා ඔහේ සිටින්නෝය. නැතිනම් වෙන කෙනෙකු “අන්න ඔයාගේ පෝං එක රින්ග්ස් යනවා“ කියා කියන තුරුම ආතල් එකේ සිටින්නෝය.

එය සිදුවන්නේ වයසක උදවියට වුවත් අපේ කොල්ලෙක්ට එවන්ම සිදුවීමක් වූ බව කිවහොත් ඔබ පිලි නොගන්නවා ඇත. නමුත් ඔහුද හිසකේ ගොස් තට්ටය පෑදුනු අයෙක් නිසා වයස බුවෙක් වගේය. වයසින් සෑමාට සම වුවත් කල්පනාව අඩු ඒ නිසා විය යුතුය. 2011 වසරේ දවසක ඔහු සෑමා සමග බස් රථයකට නැගුනේ වැඩ අහවර වී නිවසට එන්නටය. අප සිටගෙන සිටි හරියේ සීට් එකේ වාඩි වී සිටි දෙදෙනාගෙන ජනේලය පැත්තේ බුවා බැග් එකක් බදාගෙන සුපිරියටම නිදිය. නිදි දෙව් දුව සමග හිස ජනේලයේ ටක ටක ගා වද්දමින් සිටි ඔහුගේ පැත්තෙන් පෝං එකක් රින්ග්ස් යනු ඇසුනේය. ඔහු හොදටම නිදිය. එහා පැත්තේ බුවාද කළබලවී ඇත්තේ ඔහුගේ පෝං එක රින්ග්ස් යනවා කියා සිතමින්ය. මගේ මිතුරා සහ මටත් හොදටම හිනා ගියේ පොරගේ නින්ද කැඩෙන නිසාය. ඒ අතර එහා පැත්තේ හිදගෙන සිටි බුවා අප දෙසත් බැලුවේය. පිටුපස සීට් එකේ අයත් කළබලවී සිටියේ කාගේ පෝං එක රින්ග්ස් යනවාද කියා විමසුම් කරමින්ය.

“මචං.. අරුගේ පෝං එක තමා බං රින්ග්ස් යන්නෙ.. ඌ පැලෙන්න නිදි බං..“ ඒ මා මිතුරාය.

“පව් යකෝ.. නිදා ගන්න දෙන්නෙත් නැහැ. ඒත් උගෙ සීට් එක යටින්ද මන්ද බං සද්දෙ ඇහෙන්නෙ..“ ඒ සෑමාය.

“නැහැ බං ෂුවර් එකට බුවා එලාර්ම් එක ඔන් කරල නිදා ගන්න ඇති. දැන් නැගිටින වෙලාව ඇවිත් තියෙන්නෙ.“ අපේ එකා තවත් කට කැඩිච්ච කතාවක් කීවේය.

“උගෙ නෙවෙ බං.. වෙන කොහෙන්ද සද්දෙ ඇහෙන්නෙ..“ සෑමා කීවිට, පිටපස අසුනේ සිටි අයද කළබල වී සීට් එක යට පවා බලන්නට වූවෝය.

“මල්ලී සීට් එක යටින්ද කොහෙද සද්දෙ ඇහෙන්නෙ. මෙයාගෙ එකක් නෙවෙ.“ පිටුපස අසුනේ පුද්ගලයා සීට් එක අස්සට ඔලුව ඔබාගෙනද විපරම් කළේය.

“මල්ලී ඔයාගෙ සාක්කුව දෙදරණවා නේද?“ ඒ පිටුපස සීට් එකේ අප හිටගෙන සිටි පැත්තෙ බුවාය.

“යකෝ තොගෙ පෝං එක නේද රින්ග්ස් යන්නෙ අත දාල බලපං..“ සෑමා තම මිතුරාට කීවේ නවත්වා ගත නොහැකි සිනහවකින්ය.

“මල හු*&යි... යකෝ මේ ටෝන් එක නෙවෙනෙ බං දාල තිබ්බෙ. වයිබ්‍රේට් එක දැනුනෙත් නැහැ සාක්කුව ලොකු නිසා..“ කියමින් අප මිතුරා සාක්කුවට අත දැම්මේය.

උක්ත මිතුරා වයසක බුවෙක් නොවේය. නමුත් හිස ඉදිරිපස තට්ට කොටස වැසීමට, පිටුපස කොන්ඩය ඉදිරියට ඇදීමක් සිදු කරන්නේය. 2010 වසරේ අගභාගයේ සෑමා ගත් පින්තූරයක් මගින් එම ක්‍රමය පෙන්වා දිය හැකිය. ඔහුගේ පොටෝව ගනිද්දි එදා බස් හෝල්ට් එකේ සිටි තවත් තට්ට අංකල් කෙනෙක් ඡායාරූපයට සැට් වුයේය.


බ්ලොග් පෝස්ට් එක තට්ටය ගැන හෝ තට්ටය වැසීම ගැන නොවේය. රින්ග් ටෝන් ගැනය. දිනක් අපේ දිලා හොද ටොපියක් කෑවේ සෑමාගේ ටෝන් එක නිසාය. සෑමා සුට්ටං ඇන්ඩ්‍රොයිඩ් පෝං එකක් යූස් කරන්නේය. එය ඉන්ටර්නෙට් ගියා බැට්රි බහින ජාතියේ එකක්ය. එහෙත් සෑමා රින්ග් ටෝන් එකට දමාගෙන සිටින්නේ ස්කයිප් හි රින්ග් ටෝන් එකය. ඒ කියන්නේ සාමාන්‍ය ඇමතුමක් ආවත් ස්කයිප් ටෝන් එකෙන් රින්ග් වන්නේය. බොහෝ නොදන්නා අය අහන්නේ යකෝ මූට ස්කයිප් කෝල් හැමතිස්සෙම එනවා කියාය. වටේ ඉන්නා උන් ඒ අවස්ථා වලදී සද්ද නැතුව සිටින්නේ සෑමාගේ තරම දන්නා නිසාය.

දිලා මෑත භාගයේ කෑල්ලක් හා සම්බන්ධ වී සිටියේය. මාගේ ගණන් කිරීම නිවැරදි නම් ඒ අප සෙට් කළ දෙවන කෑල්ල විය යුතුය. ඊට පසු හය හතක් සැට් කළ නිසාත්, ඒවා අසාර්ථක වූ නිසාත් මාගේ ගණනය කිරීම් නිවැරදි නොවන්නට පුලුවන. නමුත් තවම දිලා තනිකඩ බව නම් ෂුවර්ය. කෙල්ලෙක් සෙට් කළ හොත් ඇය සමග සතියක් දුරකථනයෙන් පෙමින් වෙලෙන හෙතම, ඇය නැවත හමු නොවීම, දුරකථනයෙන්ම ප්‍රේමය අහවර කරන්නේ ඒකි පොෂ් වැඩී, ලොකු සීන්, මහතයි, ස්ටයිල් වැඩී, ෆෝන් එක වේටින් වුණා, වැනි දහසකුත් එකක් හේතු කියමින්ය. ඒ අතර අප සෙට් කළ දෙවෙනි කෑල්ල පිළිබද ප්‍රශ්න උද්ගත වූයේද සෑමාගේ රින්ග් ටෝන් එක නිසාය. ඒ ස්කයිප් ටෝන් එක නිසාය.

දිලාගේ ප්‍රේමයේ ප්‍රශ්න ඇති වෙමින්, නිවෙමින්, ගත වන කාලය අතරතුර සෑමා සමග සිටිද්දීම දිලාට කෝල් එකක් ආවේය. දිලා ඒ මොහොතේ ඇය භීතියට පත් කොට තිබ්බේ ඇගේ පොටෝවක් දිලාගේ කවර් පොටෝවට දමා ඇති බව කියමින්ය. ඒ වන විටත් දිලාව ඇය බුකියේ බ්ලොක් කර තිබුනේය. තමන්ව නැවත අන් බ්ලොක් කර ගැනීමට නියම ක්‍රමය මෙය යැයි සිතා දිලා එවන් උගුලක් ඇටෙව් බව සෑමා දැන සිටියේය. දිලා පෝං එක ආන්සර් කළේය.

“මේ ඔයාට පිස්සුද?“

“ඇයි..“

“මගේ පොටෝ කවර් පික් දැම්ම කිව්වෙ..“

“ඉතිං හොද නැද්ද?“

“පිස්සු නටන්න එපා හරිද? ඒව තව මිනිස්සු දකිනවා..“

“ඉතිං මට මොකෝ.. අපි යාලුයි නේ..“

“දැන් කොහෙද ඉන්නෙ?“

“දැන් වැඩ..“

“අතේ ලැප් එකක් තියෙනවද?? “

“නැහැ..“

“ලගපාත කම්පියුටරයක්, කැෆේ එකක්වත්??“

“නැහැ..“

“ෆෝන් එකෙන් වත් ලොග් වෙලා අයින් කරන්න බැරිද??“

“මගෙ ෆෝන් එකේන බැහැනෙ..“

සෑමාගේ පෝං එක ඒ අතර රින්ග් වේ.. එහි ස්කයිප් ටෝන් එක නාද වේ..

දිලා මඤ්ඤං වී සෑමා දෙස බලයි..

“තමුසෙ මහ බොරු කාරයෙක් ඕයි.. කම්පියුටරයක් ලග නැත්තං කෝමද ස්කයිප් ලොග් වෙලා ඉන්නේ??“

Written by sAm_ශ්‍රී_Perera_1:37am_23/10/13

68 comments:

  1. Replies
    1. මාත් නොකියා ආදරවන්තයෙක් (ඉස්සර)

      c3120 Classic / 6220 එහෙම පට්ට ගැහුව. ඒත් කාලානුරූපීව වෙනස් නොවිම නිසාමද මන්දා (ප්‍රසා කිව්ව වගේ..) නොකියා නොකියම මාරු..

      Delete
  2. නොකියා පෝං වල කොම්පෝසර් එකෙන් සිංදු හැදීමට මටනං කවදාවත් බැරිවිය.
    ඩිෆෝල්ට් එන එකම ජාතියේ ටෝං දමාගෙන ඇතිවිට එකෙක්ගේ ‍පෝනය රිං වෙනකොට කලබල වෙන පිරිස් මාද බොහෝවිට දැක ඇත්තෙමි.

    පළවෙනි සීංඑකනං මරුය. ඌට බස්එක පලාගෙන යන්නට හිතෙන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. බස් එක පලාගෙන යන්න හිතුන බං මටත්. මම උගෙ යාලුව විදිහට මිනිස්සු මූන බලද්දි කෝමද ඉවස ගන්නෙ?

      නොකියා කොම්පෝස් කිරීම ආතල්ය. 1 සිට පිලිවෙලට බටන් වල තිබ්බෙ C කෝඩ් සිට පිලිවෙලින්ය. * සහ # මගින් ටෙම්පෝ වෙනස් වීමක් සිදු විය. 0 මගින් විරාමයක් තැබිය හැක. ;)

      අඩේ තාම මතකයි නේ??

      ජය වේවා !

      Delete
  3. අර රිංග් ටොන් හදපු එක මාත් කළා තමයි ඒ කාලෙ... හි හි....

    මට නං තාම නොකියා තමා... ඒත් මේ ටච් සිස්ටම් ෆොන් එපා කියලා විහිළුවට වගේ කිව්ව එක සිරාවට අරන් අපේ මලයා මට ගෙනත් දුන්නෙ සැම්සුන් එකක්නෙ... නොකියා තරං අල්ලන්නෙ නැති උනාට ඒකත් නරකක් නෑ... මං ඉතිං ඕකෙන් කෝල් ආන්සර් කරන එක විතරනෙ කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. ඉන්කමින් විතරක් තියෙන සිම් එක දාගං බෙලව්.. :)

      ජය වේවා !

      Delete
  4. ඉවරයි... ආයේ මොක කිව්වත් කෙල්ල නම් පිලිගන්නෙම නැතුව ඇති ඔය කතාව..

    ReplyDelete
    Replies
    1. ඔව් බං කතා කරන්න දෙයක් නැහැ. ඒකිට විස්තර කරල වැඩකුත් නැහැනේ.

      ජය වේවා !

      Delete
  5. මේ දවස්වල රේඩියෝ එකේ යන ඇඩ් එකක් තියනවා ඒක අහලා නැතිව ඇති ඔය කෑල්ල ඒකයි...

    ඇඩ් එකේ සාරාංශය
    යාලුවා 1 - මම මේ ෆොන්එකෙන් ෆේස්බුක් යන්න හදනවා ලොග්වෙන්නෙ නෑනේ
    යාලුවා 2 - ඕක ගඩොලක්
    යාලුවා 1 - පැහැදිලි ඉරිසියාව
    යාලුවා 2 - බලපං මගෙ ෆෝන් එකෙන් යූ ටියුබ් යන ස්පීඩ් එක

    නිගමනය - කිසිම සිම් එකකින් බුකියට ස්පීඩ් එකේ යන්නබෑ. ඔන්නං යූටියුබ් එකට යන්න පුලුවන්

    මේ ඇඩ් එක අහන්න දීපං....

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකනේ ලෝඩ් වෙන්න වෙලාම යන එක.. ඒකයි එහෙම කියන්නෙ..

      :-O

      Delete
  6. ඒකනේ නෙට් එකට ලොග් වෙලා නෙමේ නං කොහොමද ස්කයිප් ටෝං එක ඇහෙන්නේ !

    ReplyDelete
    Replies
    1. අර යෝදි මොනව කිව්වත් විස්වාස කරන එකක් නැහැ බං..

      ජය වේවා !

      Delete
  7. //දුරකථනයෙන්ම ප්‍රේමය අහවර කරන්නේ ඒකි පොෂ් වැඩී, ලොකු සීන්, මහතයි, ස්ටයිල් වැඩී, ෆෝන් එක වේටින් වුණා, වැනි දහසකුත් එකක් හේතු කියමින්ය. //

    මෙයා නම් දුරකථනයක් පාවිච්චි කරන්ට දෙන්ට හොඳ කෙනෙක් නෙමෙයි.:)

    //ඒ කියන්නේ සාමාන්‍ය ඇමතුමක් ආවත් ස්කයිප් ටෝන් එකෙන් රින්ග් වන්නේය.//

    මේක කරගත්තේ කොහොමද අනේ?

    ReplyDelete
    Replies
    1. සරලයි අනේ.. මේ ටෝන් එක ඩවුන්ලෝඩ් කරගෙන http://www.zedge.net/ringtones/0-5-1-skype/

      set as ringtone දෙන්න :ඩී

      කෝමද වැඩේ??

      ජය වේවා !!

      Delete
  8. මුළු මැලෙසියවේම ඉන්න සිංහලයන්ගේන් රිගින් ටොන් එකට (රින්ග් ටොන් එක නෙවි..... අපි කාට හරි call එකක් ගත්තම අපිට ඇහෙන සිංදුව ) සිංහල සින්දුවක් දාගෙන ඉන්නේ එකම එකයි...... මමත් ට්‍රයි කරා දාන්න බෑ... එක network එකෙන් දෙන facility එකක්නේ එත් අර මහත්මයා දා ගෙන ඉන්නවා.... මම කියන කෙනාව අපේ සිරාත් දන්නවා

    ReplyDelete
    Replies
    1. සිරා මට දවසක් කිව්වෙත් මෙයා ගැනමද??

      Delete
  9. රින්ග් ටෝනයක් නිසා අහිමි වූ ප්‍රේමයක්. ඒකත් මරු. අර හෙයා ස්ටයිල් එකනම් මරු.

    ReplyDelete
    Replies
    1. අපෙ යාලුවා දැක්කොත් මරු නෙවෙ බං.. මාව මරු කටට දක්කයි..

      ජය වේවා !

      Delete
  10. ඒක සිරා සීන් එක.මමනං තාම පාවිච්චි කරන්නෙ නොකියා එකක් තමයි.කෝල් ගන්ඩ මැසේජ් යවන්ඩ පුළුවං.ටෝච් එකත් තියෙනවා.බිම වැටුනම කෑලි තුනකට කැඩෙනවා.ආයෙ එකට එකතු කළාම ආයෙත් වැඩ.රින්ග් ටෝන් එක වැඩක් වෙන්නෙ ගෙදර හරි හොස්ටල් හරි ඉන්නවනං විතරයි.එළියට යනකොට ෆෝන් එක සයිලන්ට් කරං යන්ඩ පුරුදු වෙලා ඉන්නේ.ඕක රිංග් වෙනකොට තියෙන වදේ දන්නෙ ඔය නාට්‍ය බලන්ඩ යන උනුයි ෆිල්ම් බලන්ඩ යන උනුයි තමයි.

    ReplyDelete
    Replies
    1. රින්ග් ටෝන් එකේ වදේ මාත් දන්නව බං. ගෙදරටත් මම දාගෙන ඉන්නෙ සයිලන්ට් නැත්තං වයිබ්‍රේට්. එලියට බැස්සම තමා සද්දෙට දාන්නෙ. නැත්තං ඔපිසියෙන් කේස් නොවැ.

      ජය වේවා.

      Delete
  11. පවු අර යාලුවාට..එයාට ස්කයිප් ටෝන් එක ගැන විස්තර කියල දෙන්නතිබුනෙ කැල්ලට..

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් කරන්න ලැබුනෙ නැහැ මම හිතන්නෙ. ආයෙ කතා කළේම නැද්ද මන්දා..

      ජය වේවා !

      Delete
  12. කාටද නොකියා 8250 මතක?

    ReplyDelete
    Replies
    1. රතු සුදු ස්ලයිඩ්, මියුසික් එඩිෂන් එකද?

      Delete
  13. අපිත් නොකියා තම්යි... msh ගහනවානම් දෙයියා..

    ReplyDelete
    Replies
    1. සිරාවට පෝං එක දෙස නොබලා මැසේජ් ගැසිය හැක.

      ජය !

      Delete
  14. සිරා සිද්දිය එක නම්

    ReplyDelete
  15. අපො උබ අර අහින්සකයව අමරුවෙ දාලනෙ.එක දවසක් හාමුදුරුනමකගෙ ෆොන් එකක් රින්ග් උනා මම ඉන්න තැන.ටොන් එක සිතින් අදිනවා ආපසු යන්න නොදි සින්දුව

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ගෙ හිතෙන් අදින්නෙ ගිහි ගෙදර පැත්තද දන්නෙ නැහැ :)

      එඒක මරුම සිද්දිය..

      ජය වේවා..

      Delete
  16. අයියෝ උඹ අර අහිංසකයගෙ පෙම විනාශ කලාද ? බලු කපුටු දානයක්වත් දීහං ඔය පව නැති කරගන්න...

    ReplyDelete
    Replies
    1. ඌට සෙට් කරන පරක්කුවට ඌම විනාස කර ගන්නව බං. එදා ගම්පහදි අපිත් එක්ක මල් වත්ත බලන්න ගිය බුවා තමා දිලා..

      ජය වේවා..

      Delete
  17. විලි ලැජ්ජයි යකෝ...!!! :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. නිගමනය - සෑමා අහල පහල ගැවසෙන විට මල් කැඩීම සුදුසු නැත...........

    ReplyDelete
    Replies
    1. අපි එහෙම බාධා කරනව ද බොලව්..

      ජය වේවා..

      Delete
  19. සිකේ ඔය මගුලේ රින්ග් ටෝන් මතක් කරන්න එපා මම හොද නෝන්ඩියක් කෑවා බැංකුව ඇතුලේ අපේ එකෙක් මගේ sms tone එක මාරු කරලා අර බක බක ගාලා හිනාවෙන එකකට බැංකුව ඇතුලෙදි මට මුම එවපි කෝ sms එකක් කොහොමද ආතල් එක

    ReplyDelete
    Replies
    1. සික්කේ.. ඒව නම් මහ අසමජ්ජාති වැඩ නේ බං?

      තමන් කරන දේවල්ම අනිත් පැත්තට වෙනව කියල අහල නැද්ද? උබ කාට හරි කරපු දෙයක් තමා වෙන්න ඇත්ත..

      ජය වේවා !

      Delete
  20. ඉස්සර 2002 දි වගේ මට තිබුනා ලොකු පිස්සුව නොකියා ෆෝන් එකකට අන්තිමට තාත්ත අරන් දුන්නේ එරික්සන් ලදියක් T 10 කියල.. කිව්වත් වගේ මටත් මතක් වුනේ ඉස්සර තිබුන ෆෝන් පිස්සුව.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ.. පිස්සුයි අහ් !

      ජය වේවා !

      Delete
  21. නොකියා එකත් smartphone එකක් ඈ!!

    ReplyDelete
  22. මට හිතා ගන්න පුළුවන් අර කෙල්ලට ඕක තේරුම් කරන්න මොන කට්ටක් කන්න ඇද්ද කියලා..

    ReplyDelete
    Replies
    1. අපොයි කෙල්ලො ඉර පෙන්නල ඒකට හද කිව්වත් අපි පිලගන්න ඕන බං..

      උබ දන්නව ඇති නේ ;)

      Delete
    2. නැ දන්නෙ නැ උඹ කියලා දිපං.

      Delete
  23. අරකගේ තට්ටෙ පෑදිල ඇත්තෙ පරම්පරාවෙන් ආපු දායාදයක් ලෙස වෙන්ටෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජියෝ.. උන්ගෙ පරම්පරාවම එහෙමයි !

      Delete
  24. අර අන්තිම සීන් එක පවු බං. උඹත් කලොත් කුජිත වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතල කරපු මගුලක්ද බං?

      Delete
  25. මමත් නොකියා 8250 6230 N81 8GB N8 (දැන්) පාවිච්චි කර ඇත. ළඟදීම නොකියා එකක් ලැබීමටද නියමිතය. නොකියා තරම් වෙන එකක් හරි යන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. N සීරිස් එකෙන් මම ආසම N8 එක. නොකියා හොදා.. ඒත් ඇන්ඩ්‍රොයිඩ් හොදාාා ;)

      Delete
  26. ඇත්තටම ඉස්සර රින් ටෝන් එකක් හදාගන්න පුළුවන් කියන්නේ වැඩර් ඌ.. මම නම් තාම පාවිච්චි කරන්නේ පුංචි ෆෝන් එකක් චයිනීස්.. කෝල් දෙන්න කියලා කෙනෙකුත් නැහැ ගන්න කියලා කෙනෙකුත් නැහැ.. හරි සරළයි ජීවිතේ ....

    ReplyDelete
    Replies
    1. සිම්පල් ප්ලෑන් එකක්ද එතකොට ? ගොඩක් අය දැන් පෝං ගන්නෙ කෝල් ගන්න නෙවෙ සහනෝ. ඉන්ටර්නෙට් යන්න, :)

      Delete
    2. ඉන්ටර්නෙට් යන්නේ ඇයි ? පෝං බලන්ට ... හරි සරළයි. :)

      Delete
  27. අරූගේ එක යායට කෙස් නේද බං?

    ReplyDelete
    Replies
    1. කෙස් ???? කොහෙ කෙස්ද බං?

      Delete
  28. “තමුසෙ මහ බොරු කාරයෙක් ඕයි.. කම්පියුටරයක් ලග නැත්තං කෝමද ස්කයිප් ලොග් වෙලා ඉන්නේ??“ :D :D

    කොහොමද ඉතින් මේ වැරැද්ද ආයේ හදාගත්තේ. ඇත්තටම අවුල් වෙනවනේ මේ වගේ දෙයක් උනාම...

    ReplyDelete
    Replies
    1. මේව හදන්න පුලුවන් වැරදිදි? සද්ද නැතුව ඉන්න එක තමා හරිම වැඩේ.. අනික කෙල්ල ඊට පස්සෙ අපෙ යාලුවව බලන්න ආවෙත් නැත්ද කොහෙද, මේ හේතුව විතරක් නෙවෙ උන්ට තව ප්‍රශ්න තිබ්බා.

      ජය වේවා !

      Delete
  29. හොකෑස්...මම තාම ජීවිතේට නෙිාකියා පාවිච්චි කර නැත. එදා සිට පාවිච්චි කලේ සෝනිය. ඇන්ඩ්‍රොයිඩ් හීනය සැබෑ වන තුරු තාමත් මා ලග සිටින්නේ සෝනි එරික්සන්ය

    ReplyDelete
    Replies
    1. සෝනි ඇක්ස්පීරියා Z වතුරට දමා හෝදන එකක් ගන්ට තියෙන්නෙ :ඩි

      Delete
  30. හි හි ඔය වගේ වැඩක් මටත් උනා ,,, අළුත් ඇපල් ගෝල්ඩ් i 5 එකේ තව ෂෝයි වැඩක් තියෙනවා හි හි

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බොල ඒ ? අපි දන්නෑ නොව ඇපල් ගැන. අපිට ඉතිං දොඩම් තමා.

      Delete
  31. වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරලා නැති නිසා මේ ලඟදී නොකියා ලුමියා 625 කට මාරු උනා. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් තරම් ඇප්ස් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා අවුල. මම නම් වින්ඩෝස් පෝං එකක් කියල කාලයක් පාවිච්චි කලා සැම්සුන් ඔම්නියා පෝං කට්ටක්.. අපෝ පට්ට චොර...
      අලුත් ඒව හොද ඇති නේ?

      ජය වේවා.

      Delete
  32. අනේ පව් බං අයියේ.....අසරණ දිලා......

    ReplyDelete
    Replies
    1. මම දැක්කෙ හදිසිස්සියට “අසරණයා දීලා“ කියලා :))

      Delete
  33. අනිත් උන් අමාරුවේ දැමීම පැත්තක තියහංකෝ. ඔය රිංටෝක් එක උඹට කරදරයක් වෙලා නැද්ද?

    ReplyDelete
  34. අපේ රංගයත් කාලයක් අර සමනලය වගේ කී පෑඩ් එක තියෙන රේඩියෝ තියෙන නොකියා ෆොන් එක තියාගෙන හිටියා. ඒකෙ ඌ දාලා තිබුණා ෆැක්ස් එකක ටෝන් එකක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...