Friday, October 11, 2013

හූනා වැටෙන්න ඕන තැන අපට දන්වන්න.. - sAm's Pet "The Hoona"


ඉස්කෝලෙ යන කාලෙ අපි වතුර බිව්වේ ටැප් එකට අත නොතියාය. ඒ කියන්නේ ටැප් එක විවෘත කර පහළන් හිස ඇල කර වතුර පහරට කට ඇල්ලීමෙන්ය. එලෙස බොහෝවිට කළේ අත් දෙකේ ඇති ජරාව නිසා, අත් දෙක එකතුකර වතුර පහරට අල්ලා බීම අපිරිසිදු ක්‍රියාවක් නිසාය. එහෙව් ඉරියව්ව සෑමා ඉදහිට ගෙදරදීද භාවිත කරන්නේ ගෙදර සින්ක් එක ඉදිරියේදීය. කෝප්පයකට දමා වතුර බීම ඉතා කම්මැලි ක්‍රියාවක් නිසාම, එලෙස හිස ඇල කොට වතුර පහරට අල්ලා දිය බීම අගනේය. පහසුය.

ඊයේ රාත්‍රී කෑමෙන් පසුද සෑමා සුපුරුදු පරිදි හිස ඇල කොට කට දිය පහරට අල්ලා වතුර බොන්නට වූයේය. “ටකස්“ හඩ නංවමින් සෑමාගේ හිසකේ කෙලවරේ වදිමින් සින්ක් එකට ඇද වැටුනේ හූනෙක්ය. නොකන හූනා කෙට්ටු වුවත්, මූ කාලා හෝ නොකා හෝ මහත තඩි එකෙක්ය. හූනා රෑට නොකයි කීවාට හූනා රෑට කා ඇති බවක් දැනුනේ ඌ සින්ක් එකට වැටී මොහොතක් වතුර බිව් නිසාය. හූනා ගැන වචන අනිත් පැත්ත ගැසූ රචනා ගැන ඔබ දන්නවා ඇතිය. එයින් උපුටා ගත් වචන දෙකක් බෝල්ඩ් වී ඇති බවත්, ඒවා අනිත් පැත්ත හරවා අපහසුතාවයට ලක් නොවන බවත් ඉල්ලා සිටිමින් සෑමාගේ කතාව පෙරට ඇදෙන්නේය.
pic @ http://www.chathumithu.blogspot.com/2011/07/blog-post_28.html

සෑම ගෙදරකම පාහේ ලිතක් ඇත්තේය. එය ගෙදර කුස්සියට සීමා වන්නේ මන්දැයි සෑමා නොදන්නේය. එහෙත් ගෙදර ගෘහනිය නිතරම ගැවසෙන තැන නිසාත්, අකුරට වේලාවට, අලුත් අවුරුදු චාරිත්‍ර කුස්සියේ සිට ඉටු කෙරෙන නිසාත්, එය කුස්සියට සීමා වන්නට හේතු වන්නට ඇතැයි සෑමාගේ අදහසය. කෙසේ වෙතත් හිසට, හිස කෙස් වලට හූනා වැටුනු සෑමා දිව ගියේ ඔය කියන්නාවූ බිත්තියේ එල්ලී සිටින ලිත වෙතටය.“අම්මේ, ඔලුවට හූනෙක් වැටුනෝ... මොකද දන්නෑ වෙන්නේ...“ කියමින් සෑමා ලිතට එඹුනේය.

මගෙ අප්පේ හිසට වැටුනොත් කලහ සිද්ද වෙනවලු. කලහ කියන්නෙ මොනවද අම්මේ. සෑමා විකාර කියවන්නට වූයේය. “මම කොච්චර කියල තියෙනවද, වාහන වල යද්දි මිනිස්සු එක්ක රණ්ඩුවට යන්න එපා කියල.. ඒවට තමා කලහ කියන්නෙ..“ අම්මා විවරණය දුන්නේ පෙර වැරදි මතක් කරමින්ය. සියල්ල අසාගෙන තාත්තා සිනා සලනු ඈතින් ඇසෙන්නේය. කොහොමත් මෙවන් ආතල් කන්වර්ෂේෂන් යද්දී එයා කරන්නේ මැදින් ඇඩ් එකක් දැමීම පමණක්ය. 

“ඒක දරුණු වැඩී නේද? බලමු හිසට වැටුනා කියල.. එතකොට මොකද වෙන්නේ???... අප්පට සිරි.. එතකොට මරණය ලු“

“හරි ඉතිං කලහ කලාම මරණය තමා.. “

“අඩේ මේ.. පස්ස පැත්තට වැටුනොත් වස්තු ලැබෙනවලු... ඇග පුරා දිව්වොත් දීර්ෂායුෂලු.. මාර ආතල් නේ.. මට මේ වෙලාවට තමා හූනෙක් හුරතලේට හදන්න හිතෙන්නේ.. කැමති කැමති තැනට වට්ට ගන්න..“

ලිතේ තිබූ ස්ථාන ලිස්ට් එකෙන් අම්මාට ඇහෙන්නට කිව හැකි මට්ටමේ තිබුනේ කිහිපයක් පමණි. ඒ අතර කාන්තා යෝනියකට වැටුනොත් පිරිමියා මැරෙන බවක්ද තිබුනේය. අම්මෝ.. පවුල නිදි කරවන්නෝනි මුනින් අතට බව සියලු දෙනා දැනුවත් විය යුතුය.

“ඕවා බොරු කතා අප්පා..“ හූනෙක් හුරතලේට හදන කතාව අසා අම්මා අවසන කීවාය.

“ඒ ගමන දැන් බොරු කතාලු.. හෙහ්.. හේ..“ තාත්තා අවශ්‍යම තැනදී හඩ අවදි කළේය..

හූනු සාස්තරේ ගැන ගූගල් දෙයියා නියම කතාවක් සොයා දුන්නේය. එය නම් මෙසේය. එය සිළුමිණ සිත්මල් යාය අතිරේකයේ තිබුණු එකක්ය.

අමරසේන මහතා හොඳ දෛවඥයෙකි. පුහුණු ගුරුවරයකු වූ ඔහු පාසලේ වැඩට වඩා කළේ ඡ්‍යොතිෂ කටයුතු ය. නැකැත් සෑදීම, ගෙවල් ලණු ඇදීම, හෛරව පූජා පැවැත්වීම වැනි දේ ඒ අතර විය.

ඔහුගේ සහායට තවත් ගුරුවරයෙක් විය. ඔහු ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන අතර අමරසේන මහතාගේ හොඳ හිතවතෙකි.

අමරසේන මහතා කේන්ද්‍රයක් බැලුවොත් මාරක අපල ය. හොඳක් නම් කියන්නේ ම නැත.

ඒ සඳහා යන්ත‍්‍ර ගුරුකම් කරනු ලබන්නේ අනෙක් ගුරුවරයා විසිනි.

පාසලට ගෙන එන බෑගයේ විෂය නිර්දේශ ගුරු අත්පොත්වලට අමතරව පංචාංග ලිතක් ද වෙයි. ඒ ඉඩ කඩ ඇති වෙලාවට කේන්ද්‍රයක් බැලීමට හෝ නැකැතක් සෑදීමට ය.

එක දවසක් ගුරු කාමරයේ හූනෙක් වැටුනා යැයි කරුණාපාල මහත්තයා කීවේ ය.

“මොකෙක්ද වැටුණෙ.”

“හූනෙක්”

“ඔහොම ඉන්න මහත්තයා, හූනු සාස්තරේ බලනකන්”

“ඇයි හූනා ඒ තරම් ලොක්කෙක්ද?”

“එහෙම කියන්න එපා, හූනා නම් මහා භයානක සතෙක්”

“ඇත්තද? කරුණාපාල මහතා පුදුම විය.

අමරසේන මහතා පංචාංග ලිත ද රැගෙන කරුණාපාල මහතා ඉදිරිපස පුටුවෙන් වාඩි විය.

“ඔන්න අහගන්න හූනන් ඇඟ වැටීමේ පලාපල”

පංතියකට පාඩමක් උගන්වන අයුරින් සියලු විස්තර කියවමින් පැහැදිලි කළේ ය. අපි කවුරුත් මේ දෙස බලා සිටියෙමු.

“දැන් කියන්න මහත්තයා හූණ වැටුණෙ කොතෙන්ට ද?”

“මේසෙ උඩට”

අපි කවුරුත් සිනහ වෙන විට අමරසේන මහතා පංචාංග ලිතෙන් ම කරුණාපාල මහත්තයාගේ පිටට ගහගෙන ගහගෙන ගියේ දැඩි කෝපයෙනි.”

විශ‍්‍රාමලත් විදුහල්පති - සී.සී. ද සිල්වා
පිළියන්දල - කැස්බෑව

අද සිට සෑමා හූනෙක් අල්ලාගෙන, සුරතල් සතෙකු ලෙස හදන්නේය, කැමති කෙනෙක් කැමති තැනකට වට්ටා ගන්නට සෑමා ඇමතීම කළ යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_8:08am_11/10/13

පලි - හූනාට ඉංගිරිසි වචන කියනවාට වඩා සිංහල පහසු බැවින්, උක්ත මාතෘකාවේ ඉංගිරිසියෙන් හූනා ලෙස නොලිවීමි.

59 comments:

  1. මමත් වතුර බොන්න කැමති විදියක්. කෝප්ප සෝදන්න අවශ්‍ය නැහැ. කාර්යක්ෂම ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. අතිසාර්ථක ක්‍රමයක් !

      Delete
  2. අපේ සිංහල පංතියේ මරු වැඩක් වූයේය..

    කොල්ලෝ හූනා සම්බන්ද කර පද පේලි පහක පමණ රචනාවක් ලියා තිබුණේය.එම චිට් එක අතින් අත යවා සර්ගේ අතට ලැබෙන්නට සැලැස්වූයේය.සර් එය අතට ගෙන කියවාගෙන කියවාගෙන ගියේය....කොල්ලෝ මහ හඬින් හූ තලද්දී සර් ට එය බයිටක් බව සිහිපත් වී රචනාව කියවිල්ල නවතා දැමුවේ "මොන **යද යකෝ මේක එව්වේ අසමිනි...අහිංසක ශීලාචාර කෙල්ලන් වූ අපි බංකුවලට මූන ඔබාගතිමු. :D

    ReplyDelete
    Replies
    1. මෙය මෙසේ නිවැරිද විය යුතුය...

      අ(හිංසක + ශීලාචාර) කෙල්ලන් වූ අපි බංකුවලට මූන ඔබාගතිමු. :D

      සරල ගණිත දැනුම තියෙනව නේ ???

      Delete
  3. බලාගෙන ඔය හූන හුරතලේට හැදුවට කමක් නෑ. හැබැයි නැට්ටෙන්නං අල්ලන්න එපා.

    ReplyDelete
    Replies
    1. නැට්ට කැඩුනම දගලන විදිය තමා ආතල් :)

      Delete
  4. එතකොට හෙට අනිද්දට අපිට උබ බලන්න එන්න වෙනවද

    ReplyDelete
    Replies
    1. දවස් 7ක් ඉන්න බලං එන්ටෝ..

      Delete
  5. මට මතක විදිහට හූනා වට්ටගන්ඩ සිරාම තැන වම් උරයද කොහෙද නේද?

    ReplyDelete
    Replies
    1. දිනුක ප්ලෑන් කරන් ඉන්නෙ හූනා වට්ටගෙන සැප ගන්න නේද? හූනෙක් අල්ල ගත්තම කියන්නම්.. නියම තැනට වට්ටන්න :ඩී

      Delete
  6. හූනට ගිය කලක් අම්මපා

    ReplyDelete
    Replies
    1. නැතුව.. ඒ කාලෙ ඉදන්ම ලිතේ ඉන්න එකානේ !

      Delete
  7. >>හූනාට ඉංගිරිසි වචන කියනවාට වඩා සිංහල පහසු බැවින්, උක්ත මාතෘකාවේ ඉංගිරිසියෙන් හූනා ලෙස නොලිවීමි.<<

    ඒ නිසාම උඹ හූනා වෙනුවට ගෙම්බෙක්ව නේද දාලා තියෙන්නේ?

    ඒ නිසා මම ඒ ගෙම්බා (මම හිතන්නේ කර්මිට් ද ෆ්‍රොග්) ගැන මතක් වෙච්ච මේ කතාව කියන්නම්.

    Q: If you have one green ball in your right hand and another green ball in your left hand, what do you get?

    A: Kermit the Frog's undivided attention.

    (ප්‍ර: ඔබ එක් කොළ පැහැති බෝලයක් වමතිනුත්, තවත් කොළ පැහැති බෝලයක් දකුණතිනුත් අල්ලාගෙන සිටින විට ඔබට ලැබෙන්නේ කුමක්ද?

    උ: කර්මිට් ද ෆ්‍රොග් ගේ පූර්ණ අවධානය.)

    ReplyDelete
    Replies
    1. යකෝ හූනා සර්ච් කලාම ආවේ මේ ගෙම්බා.. අනික චතුමිතුවගෙ බ්ලොගේ දාපු එකක් :)

      කර්මිට් ගෙම්බා ලස්සනයි නේ, ඇත්ත ගෙම්බො තරම් අප්පිරිය නැහැ.. (බෝල කතාව නම් තේරුනෙ නැහැ..)

      Delete
    2. බෝල කිව්වාම තේරුනේ නැතිනම්, ඇට කිව්වාම තේරෙයිද බලපං.

      ඒ කිව්වේ බං, වෘෂන කෝෂ කියන්නේ පිරිමින්ට වැඩිම වේදනාවක් දැනෙන තැනක් හන්දා, ඒකෙන් අල්ලලා මිරිකලා කතා කලොත් සම්පූර්ණ අවධානය දෙනවා කියන එක. ඒක කොළ පාට සෙට් එකක් තියෙන කර්මිට් ගෙම්බටයි කියලා වෙනසක් නෑ, ඌත් පිරිමියෙක් නිසා.

      Delete
    3. හයියූ... ඇග කිලි පොලා යන සීන් එකක් නේ හෙන්රියෝ !!

      Delete
  8. අනේ මන්දා බන්...හූනෙක් වත් අපිට නැති හැටි...

    ReplyDelete
    Replies
    1. ඒක තමා සහනෝ කියන්නෙ ඇති කරන්නෝනි.. !

      Delete
  9. හූනෝ ගැන දන්නේ නැත.. දන්නේ උගේ නැට්ට කැඩුණු විට එයටද ටික වේලාවක් පණ තියෙනවා කියාය....

    ReplyDelete
    Replies
    1. මැරෙන්න කලින් කටේ දා ගත යුතුය.

      ජය !

      Delete
  10. මටත් හිතිලා තියෙනවා හූනෙක් ඇති කරන්න

    ReplyDelete
    Replies
    1. ඇති කරල මදි, ඌව පාවිච්චි කරල හම්බ කොරන්ටෝනි.. :)

      Delete
    2. හූනගෙන් හම්බකරන්නනම් *කට වට්ටගනින් :D

      Delete
  11. මමත් ව‍තුර බොන්න කැමතිම ක්‍රමය. ඒත් ගෙදර උදවියගෙ බලවත් විරෝධය නිසා දැන් හොරෙන් තමා බොන්නෙ. මාත් ආසයි හූනෙක් නැතිව කබරයෙක් හදන්න.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉස්මෝල්ලෙ යන සීන් එකක් තියෙනව තමා :)

      කබරයා ඇගට වැටුනොත් ප්‍රථිඑල දෙගුණ වෙයි නේද ප්‍රියා?

      Delete
  12. හොඳ වෙලාවට ඌ කාල හිටපු හූනෙක්... නොකන හූනෙක් එහෙම වැටිනා නං....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔඩොක්කුවට තමා වැටෙන්නෝනි ! නේද මධුවෝ ?

      Delete
  13. අපොයි පව් ඒ ඇතිකරන්න ගන්න හූනා...

    ReplyDelete
    Replies
    1. දන්නවද ඌ දිර්ඝායුෂ ලබනවා මගෙ ඇගෙ ස්පර්ෂ වුන නිසා...

      Delete
  14. ඔය හූනගෙ නැත්තෙ මොනවද කියල කියනවද?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මාත් ආසයි හූනෙක් ඇති කරන්න.
    ඒත් එවුන් කැමති "අස්සවල්"වල හැංගිල ඉන්න නිසා බයයි.

    ReplyDelete
  17. Replies
    1. ලිත බලා නිසි පරිදි වට්ට ගන්න නෙරෝ ! :)

      Delete
  18. මටෙයි කියලා වෙනම කෝප්පයක් තියල තියේ සින්ක් එක ගාව කට ගහල බෝනො කියලා :P මම බෝයි එකෙන් :3

    අර හුනා රෙන්ට් එකට හෙම දෙනවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කෝප්ප බෙල්ලෙ එල්ලුවත් උබව හදන්න බැහැ නොවැ..

      හූනා පැයට 1000යි/- ඕනද? ලොල් !

      Delete
  19. බෙල්ල උරහිස් අතරට මගෙ දවසක් වැටුනා..අවුරුදු 20 කට විතර කලින්

    ReplyDelete
    Replies
    1. දකුණු උරහිසට නම් නිරෝගි වෙනවලු නේද?

      අවුලක් නැහැනෙ :)

      Delete
  20. උඹ හූණු බිජු දැකලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. දැක්කා.. ගෙට්ටුගෙදර් එකේදි ගම්පහ.. උබ අර ස්ටේජ් එක උඩ ඉන්නකොට හැමෝම දැක්කා !!

      Delete
  21. මමත් හූනෙක් හුරතලයට හැදිය යුතුය!

    ReplyDelete
  22. මට දුක උඹ හදා ගන්න ගන්න හූනා ගැන.. එක්කෝ ඉතින් ඒ ගැන ඕන නෑ මෙහෙම කියන්න..

    ReplyDelete
    Replies
    1. චැට් එකේ හරි කියපං කෝ මම කියල දෙන්න.. :පී

      Delete
  23. හූනා ගැන කියනකොටම මට මතක් වුණේ අර හූනාගේ "තියෙන" දේ ගැන කතාව...

    ReplyDelete
  24. සහන් අයියා අන්න කුඹී ඇති කරන්න කතා කරනවා. ඒ පාර මේකා හුනෝ ඇති කරන්න හදනවා. ඉඩපියව් මම දඩාර හොතඹුවෙක් ඇති කරනවා.

    ReplyDelete
    Replies
    1. හෝතම්බුවෙක් !!! මල මගුලයි.. යකෝ සත්තු නැතුවද ??

      Delete
  25. දැන් කොත්නටද ඕකව ඉස්සරවෙලාම වට්ටගන්න හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඇග පුරා දුවවපං.. දිර්ඝායු වෙනවා :) ඉතිරිය ඊට පස්සෙ බලමු..

      Delete
  26. මටත් තියනව බන් ඹය ටැප් එකට ඹලුව අල්ලල වතුර බොන පුරුද්ද :D

    ඇති කරන හූනව වම් උරට වට්ටගනින් එතකොට නොකන හූනෙක් හම්බෙනව ;)

    ReplyDelete
  27. පිස්සු හු**ලා තොපි

    ReplyDelete
  28. සෑමා උබ මැරුනද බම්😂

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...