Thursday, October 31, 2013

වායූ සුවද කරණය නැවත භාවිත කිරීම - Refilling Air fresheners !!


එයාර් ෆෙෂ්නර් වලට සිංහල නමක් මතක් කළද මතක් නොවූ නිසා මෙය වායු සුවදකරණය ලෙස හදුන්වා දෙන්නේය. මෙවැනි සුවදකරණ උපකරණයක් කඩෙන් ගතහොත් අවම මිල රුපියල් 500ක් වන්නේය. එසේම සමහර වර්ග වල සුවද රැදෙන්නේද නැත. එසේම මෙවන් ආකාරයේ සුවද හමන කාඩ්පත්ද වාහන වල එල්ලීමට ඇත්තේය. එහෙත් ඒවාද විශ්වාස නැතිය. ගොඩක් ඒවා හුදු කාඩ් පතක් පමණක් බවට පත්ව කොහේ හෝ එල්ලී තිබෙන මුත් සුවදක් වත් දැනෙන්නේ නැතිය. දියර සහිත එල්ලා තබන පහත ආකාරයේ සුවදකරණ උපකරණ දියරය අවසන් වු පසු ඉවත් කිරීම සාමාන්‍ය සිද්ධියයි. මෙය එය නැවත පුරවන ආකාරයයි.







මෙය ප්‍රායෝගිකව අත්හදා බලා, සතියක් පමණ භාවිතයෙන් පසු මේ පෝස්ට් එක ලියු නිසා තත්වය පිලිබදව වග කිව හැක. මා ඇතුලත දියරයක් ලෙස දැමීමට යොදා ගත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ක්ලෝන්ය. ඔබ කැමති ආකාරයේ සුවදකාරක යොදා ගත හැකිය. 

Written by sAm_ශ්‍රී_Perera_7:15am_31/10/13

72 comments:

  1. ගල් කාලක් දාල බලන්න ඔනි...........

    ReplyDelete
    Replies
    1. බාගයක් ගෙනත් ඉතුරු කාල මට එවහං !

      Delete
    2. යකෝ වෙන එවුන් ගල් සුවඳ නැති කරගන්න විදිහ හොයනවා.. මුං ගල් සුවඳ තවර ගන්න හදනවා..

      මෙහෙමත් බේබද්දෝ :ඩී

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. මේක කිව්වම මරු කතාවක් මතක් වුණා. අපේ ඔෆිස් එකේ හිටියා සිකියුරිටි කෙනෙක් හැමදාම බොන්නේ ලෙමන් ජින්. දවල්ටත් දෙකක් අනුමත වෙලා තමයි ඉන්නේ. අපේ ඔෆිස් එකේ කොල්ලෙක් හිටියා සංජීව කියලා. ඌ කියන්නේ ප්‍රේමදාස ඕඩිකොලොන් බීලා ඉන්නේ කියලා.

      Delete
    5. පට්ට කමෙන්ට් එක ....

      Delete
    6. උඩින්ම දාලා තියෙන්නේ රටක් වටින කමෙන්ට් එකක්.

      සුදීක..................බොන්න දේවල් නැති නිසා ඕඩිකොලොන් බොන අය හිටියා අරාබියේ. මේක තදබල ව්‍යසනයක් උනා ඕමාන් වල. ඇස් කෙමෙන් කෙමෙන් නොපෙනී යාම ගොඩාක් බලපෑවා. බොන්නම හදපු ඕඩිකොලෝන් රටට ආවා. වතුරට කලවම් කර බොන්නේ. අපේ අයත් හිටියා. ඉතාම සුළු පිරිසක්.

      Delete
  2. අර අහිංසක වායු සුවඳකාරක හදන උංගෙ බිස්නස් එකටත් කෙලවන්න යන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අහිංසක.. ?? යකෝ රුපියල් 500ට මෙහෙම ඒව විකුණන එවුන්ට අහිංසක කියනවද?

      Delete
  3. ජොන්සන් බේබි කොලොන් දැම්මේ බබාලා ඉන්න අම්මල ඉලක්ක කරල වෙන්න ඇති.:D

    ReplyDelete
    Replies
    1. දන්නවද? ඕනෙම දෙයක් මාකට් කරන්න ලේසි දරුවන් ඉන්න අම්මලටයි / ලස්සන වෙන්න හදන කාන්තාවන්ටයි...

      :)

      Delete
  4. එයාර් ෆෙෂ්නර් නෙවෙයි එයාර් ෆ්‍රෙෂ්නර්. සුවද නෙවෙයි සුවඳ. ක්ලෝන් නෙවෙයි කොලෝන්.

    ReplyDelete
    Replies
    1. අනේ පූතේ උඔ හොද එකා වගේ පැත්තකට වෙලා ඉදින්.
      ලිපියක අකුරු අඩුපාඩු බල බල ඉන්නැතිව උබත් අදම අලුතින් ‍බ්ලොග් එකක් පටන් ගන්න.

      Delete
    2. උසස් අධ්‍යාපන ඇමති ඇනෝ ඇවිල්ලද බොල ?

      Delete
    3. හොද නෙවෙයි හොඳ. උබ නෙවෙයි උඹ. උඹලට ඕනේ විදිහට වචන කන්න දෙන්න බැහැ.

      Delete
    4. ඇනෝ කවුද ඔයාගෙ ගුද මාර්ගෙට අර මාතලං කියන විදියට චූ කුරුල්ලෙක් යැව්වෙ....

      Delete
  5. අර කලින් කිව්වත් වගේ ගල් කාලක් දාලා බැලුවනම් පස්ට :D

    ReplyDelete
  6. ඇයි බන් ඔය කොලොන් රිෆිල් ගන්න තියෙනවනේ මෙහෙ ....... ලංකාවේ නැද්ද නැත්නම් කියපන් බිසිනොස් එකක් පටන් ගන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙ නැහැ එයාර් ෆ්‍රෙෂ්නර් රීෆිල් පටන් ගමු..

      Delete
  7. wahanayak nathi api gonaage pite ellannada ?

    munge BIZ ekata kelinnada hadanne :D

    suwan rakiyawak widiyata patan gaththnam elas..
    mama uthsahayak denna one


    Is at - iskole sita horen log unemi




    mama Ben tennyson




    www.sandainduwara.blogspot.com

    ReplyDelete
    Replies
    1. පාසල් දරුවෝ හැදෙන හැටි. හොරෙන් බ්ලොග් කියවනවා ...

      :)

      Delete
  8. මං නං උපන්තේකට එයාර් ෆ්‍රෙශ්නර් පාවිච්චි කොරලා නෑ.. පාවිච්චි කරන එවුන්ට වටින ඕස්ට් එකක් !

    ReplyDelete
    Replies
    1. වාහන වල එල්ලන්ට ඕන නොවැ.

      Delete
  9. ෙසල්ල වල ෙව්October 31, 2013 at 2:44 PM

    මම නම් කැමති ෙවරළු මල් සුවදට.....රී ෆිල් කරලා බලන්ට ඔ්න....

    ReplyDelete
    Replies
    1. ඒ සුවද නම් කල් පවතිනවා.

      Delete
  10. සෑම්,
    ඔන්න අපිත් ආවා මේ පැත්තට ........................

    ස්තූතියි පාර පෙන්නුවාට .

    ReplyDelete
    Replies
    1. අතරමං වෙලා හිටියද ග පාර පෙන්නන්න

      මාර පාර නේහ් ඈ

      Delete
  11. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
    "ජොන්සන් & ගොන්සන්"

    ReplyDelete
  12. උබ හදන්නෙ කොම්පැනි කාරයන්ව බන්කොලොත් කරන්ඩ... :D
    මොනා උනත් එල වැඩක් ඈ :)

    ReplyDelete
    Replies
    1. ගිණි කනවා බං. අපි ගෙදර හැදුවාම පාඩු නැහැ.

      Delete
  13. මේක දැක්ක ගමන් ඕකුන් බෝතලේ සිල් කරලා ඒවිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ප්‍රශ්නයක් වෙයි බං.

      Delete
  14. ඔය වගේ මදුරු නාශක දියරය වෙනුවට ඒ භාජනේටම පැඟිරි තෙල් පුරවන සීන් එකක් අටමා කාලෙකට කලින් දාලා තිබ්බා. ඒ වැඩෙත් ඇත්ත. ප්‍රශ්ණෙ පැඟිරි තෙල් හොයාගන්න එක.

    ReplyDelete
    Replies
    1. අටමා පැගිරි තෙල් කියා Lemon Gin භාවිත කරන්නට ඇත ;)

      Delete
    2. සිංහල බේත් කඩවල ඕනතරම් ඇත ඩූඩ්..!

      Delete
  15. ෂා මරු අදහස! කමෙන්ට් ටිකත් මරු!

    ReplyDelete
  16. උඹෙ පින්තූරේ දැක්කම මට මගේ යාළුවෙක් මතක් උනා.. ඌගේ නම පෙයාර්ස් බේබී.. පොර එනකොට බබෙක් එනවා වගේ පැත්ත පලාතම සුවඳයි..

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි......

    ReplyDelete
    Replies
    1. හිකිස්.. තාම පියයුරු/පියවුරු/ (පවුඩර් බං..) ගාන එවුනුත් ඉන්නව තමා..

      Delete
  17. උඹ බදින්නත් කලියෙන්ම පට්ට කුණෙක් වෙලානෙ....හොදා හොදා...සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. මේ ඉතුරු කරනවා බොලව්.. !!

      අරපිරිමැස්මයි - ලෝබ කමයි කියන්නෙ දෙකක්. අපි බොන්නෙ *ත්ති !

      Delete
  18. කොහොමද Black Label චුට්ටක් දැම්මානං... කාර් එක පුරාම හොයයි නේද..

    මේකෙ ඔර්ජිනල් සෙට් එකම Rs 360
    https://www.facebook.com/easylk




    ReplyDelete
    Replies
    1. බ්ලැක් ලේබල ක්ෂණික වාශ්ප ශීලීය.. කවුරුන් හෝ දැනගත්තෝත් කටේ හලා ගන්නා නිසා..වැඩි කල් තබා ගත නොහැක.

      Delete
  19. -නාගහ මුල රීපු අනෝ-
    පඩයක් දාලා වැහුවා නම් කොහොම තියේද?

    ReplyDelete
  20. අර වේපරයිසර් වලට ඔහොම පුරවන්න එකක් නැද්ද ? මදුරු කරදරේ ඉවසන්න බෑ :(

    ReplyDelete
    Replies
    1. අටමා කලින් මේ ක්‍රමය කියා දුන්නාලු.. ඒ පැත්තෙ ගිහින් හොයා ගන්න පුලුවන් වෙයි..

      Delete
  21. සෑමටත් හිතෙන දේවල්... හොද වෙලාවට අපේ ගෙදර වාහන නැත්තෙ.....

    බයික් එකට බැරිය මේ ගැජමැටික් කෑල්ල හයි කොරන්න.....

    ReplyDelete
    Replies
    1. අර විදිහට පැගිරි දාලා මදුරුවො නොකන ගැජට් එකක් හදමු !

      Delete
  22. උඹට නඬු වැටෙයි බිස්නස් වලට කෙලියා කියලා.. පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. යකෝ තරගකාරී වෙළඳපොළට එරෙහිව නඩු දාන්න පුලුවන්ද?

      Delete
  23. ස්තුතියි මචන්

    ReplyDelete
  24. මෙන්න සෑමා හොඳ වැඩකට අත ගහලා.

    ReplyDelete
    Replies
    1. සෑම් කලින් නරක වැඩමද සුදීකයියේ කලේ..?

      Delete
  25. සෑමගේ ටිකිරි මොලේ...............

    ReplyDelete
  26. Replies
    1. කෑම් වලට ගන්නව නොවැ ජෑම් !

      Delete
  27. මුදල් ඉතුරු කරන්න හොඳ ක්‍රමයක්. නමුත් air freshner වලින් කරන්නෙ අපිරිසිදු වාතය පිරිසිදු කිරීම වෙනුවට අපේ නාසයට සුවඳක් දැනීමට සැලැස්වීමයි.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මානෙල් අක්කේ ........

      Delete
  28. අපිට කොහෙන්ද සැමෝ වාහන ඕවා හයි කොරනන්.....
    අලියා ගන්න පුළුවන් හෙන්ඩුව ගන්න බෑ මුන්ට

    ReplyDelete
  29. මේක සාර්ථකද සෑමො ??
    වාශ්ප වෙන සුවද විලවුන් ජාතියක් වෙන්න ඕනෙ නේ හරියට කොලෝන් . එක එක සෙන්ට් ජාතිවගේ ටිකක් ඇද ගන්න ගතියක් තියන ජාතියක් වුනොත් හොදයි වගේ .
    නියමයි ජය !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...