Tuesday, October 29, 2013

රෑ දොලහට කළ ඉල්ලීම.... - Midnight Greetings !!



ඊයේ මධ්‍යම රාත්‍රී දොලහැන් ආරම්භ වූ තැන සිට සෑමාගේ ජන්ම දිනය සදහා නොයෙකුත් ආකාරයේ සුභ පැතුම් ලැබෙන්නේය. ඉස්සර නම් බර්ත්ඩේ එකක් සගවාගෙන සිටින්නේ වටේ ඉන්න එවුන්ට කේක් දෙන්නට සිද්ද වෙන නිසාය. ඉස්කෝලෙ කාලේ අපේ එවුන් බර්ත් ඩේ සොයා ගන්නේ නාම ලේඛනයෙන් හෝ රෙකෝඩ් බුක් එකෙන්ය. දිනපතා එය පිරික්සමින් සොයා බලන්නේ හෙට කේක් රැගෙන ආ යුත්තේ කවරෙක්ද කියාය. මන්ද තමාගේ හොදම මිත්‍රයාගේ පවා බර්ත් ඩේ එක සිහි තබා ගැනීම කොල්ලන්ට කරන්නට බැරි දෙයක්ය. එහෙත් කෙල්ලන්ට නම් බර්ත් ඩේ වගේ ඒවා කටපාඩම් වන්නේ ඔවුනට කේක් කන්නට ඇති ප්‍රියතාවය නිසාද නැතිනම් බඩජාරීකම නිසාද යන්න සෑමා ස්ථිරවම දන්නේ නැතිය. දැනගත්තත් මෙහිදී ප්‍රකාශ කළ නොහැක්කේය. කෙල්ලන්ට බර්ත්ඩේ හොද හැටි මතක යැයි සෑමා ඊයේ දින දැනගත්තේ ෆේස් බුක් භාවිත නොකරන, සෑමාගේ ඉපැරණි මිතුරියන් පවා එස්.ඇම්.එස් මගින් විශ් කොට තිබූ නිසාය. ඔවුන්ගේ බර්ත් ඩේ නොදැන සිටිකම සෑමා විලි ලැජ්ජා සහගත වූයේය.

ඉස්සර එලෙස සැගවූ බර්ත් ඩේ එක වර්ථමානයේ සැගවිය නොහැක්කේ සමාජ වෙබ් අඩවි තුලින්ය. එහි බර්තඩේ එක සගවා තැබිය හැකි මුත් බොහෝ අය කරන්නේ හැමෝටම පේන්නට තැබීමය. උපන් වර්ෂය සැගවූවද දිනය නොසගවා තැබීම හොද ක්‍රියාවක්ය. බොහෝ අය එයද සගවා තබන්නෝය. උක්ත වෙබ් අඩවි නිසා රෑ දොලහේ සිටි ටයිම් ලයින් එක වැසී යන්නේ සුභ පැතුම් වලින්ය. එසේම “බර්ත් ඩේ විශ්“ කරන ඇප්ලිකේෂන් පවා ෆේස් බුකියේ ඇතතේය. තාක්ෂණයේ දියුණුව සමගම ජංගම දුරකථනවල පවා එක එකාගේ බර්ත්ඩේ රිමයින්ඩර් දමා ගත හැකි තත්වයක් ඇත්තේය. ඒ සියල්ල සිදුවන්නේ කාගෙන් හෝ කේක් කෑල්ලක්, බෝතලයක් කඩා වඩා ගැනීමේ අරමුණින් නොවන්නේය. ;-) අවංකව සුභ පැතීමේ චේතනාවෙන්ය.

බර්ත් ඩේ එකකට විශ් කළ විට එසේම වේවා කීමට අවස්ථා හමුවන්නේ ඉතා දුර්ලභ ලෙසය. සෑමාගේ නිවස ආසන්නයේ සිටින මිත්‍රයාගේ බර්ත් ඩේ එක 29 වෙනිදා නිසා ඌ මට විශ් කරද්දී මා ඌට විශ් කළේ උබටත් හෙට එසේම වේවා කියාය. ඒ අතර බ්ලොග් ලොව නංගී කෙනෙක් බර්ත් ඩේ එකට විශ් කරද්දී සෑමාට කටපුරා එසේම වේවා කිව හැකි වූයේ ඇයද එදිනම බර්ත් ඩේ සැමරු නිසාය. සමහරු කෝල් කරද්දීද මූ මේ කතා කරන්නේ විශ් කරන්නට බව හැගෙන්නේය. නැතිනම් කවදාවත් කෝල් නොකරන උන් මධ්‍යම රාත්‍රියේ කතා කරන්නේ නැතිය. ඒ අතර එකෙක් නම් රස්තියාදුකාරයාය. මහ රෑ ජාමේ මචං අපි තාම වැඩ කියමින් මූ කොල් කර විශ් කළේය. ඊට මොහොතකට පෙර බුකියේ සිටියදී අපේ එකෙක් “හායි“ කියාගෙන ආවේ හරියටම රෑ දොලහට විශ් කරන්නට හිතාගෙන විය යුතුය. එය එසේ යැයි සෑමාට සිතුනද සිදුවූවේ අනෙකක්ය.

මිත්‍රයා ඉස්සර වැඩ කළේ කොළඹය. දැන් ඉන්නේ ගාල්ලේය. කොළඹ ඉන්නා විට අපේ විවිධ කාලකන්නි වැඩ සදහා සමාදර දායකත්වය දුන් මිත්‍රයා අප සමග ආරාධනාවකින් තොරව වෙඩින් එකකට ගිය සාමාජිකයෙක්ය. 28 වෙනිදා රෑ දොලහ කිට්ටුව තිබියදී චැට් එකට එද්දී සෑමා නම් හිතුවේ මූ එන්නේ විශ් කරන්න කියාය. එහෙත් අප මිත්‍රයා මා හට සුභ පැතුවේ අද උදෑසනය. ඒ කියන්නේ 29 වෙනිදා උදෑසනය. එක්කෝ ගාල්ල පැත්තේ කැලැන්ඩරය වෙනස් වී ඇත්තේය. නැතිනම් පොරට පිස්සුය. තවත් වචන අනවශ්‍යය ඔබට කියවා යමක් තේරුම් ගත හැකි නම් මෙම රූපය බලා මා මිත්‍රයා රෑ දොලහට සුභ පැතීමක් නොතියා ඉල්ලා සිටියේ වෙනත් උදව්වක්ය.

මේ චැට් දෙකක්ය. ගාල්ලේ මිත්‍රයා ගේ චැට් වින්ඩෝව දකුණු පස වේ..

පොටෝ එකත් අප්ලෝඩ් කළ පසු මට මතක් වූයේ මාගේ ටී-ෂර්ට් එකක ගසා තිබූ වචන කිහිපයක්ය. එය හුදෙක් අප සියළු දෙනාගේ මිත්‍රයන්ට ගැලපෙන්නේමය.

Good Friends Never Let You Do Stupid Things Alone... !!!

Written by sAm_ශ්‍රී_Perera_7:16am_29/10/13

පලි - මා හට සුභ පැතූ සහ මෙතුවක් සෑමා වෙනුවෙන් බ්ලොග් එකට ආව ගිය සැමට ස්තුති !!

60 comments:

  1. වැදගත්ම කාරණය. කෝ කේක්?

    ReplyDelete
    Replies
    1. යකෝ කවදාවත් නැතුව ප්‍රදිප් අයියා එක වෙලා.. කේක් ඉල්ලන්නමද මන්දා..

      Delete
  2. thaniwa samarana anthima eka kiwane cake dennath ekka ye mokak hari ekak ornaize karamuda trip ekak wagewath...

    ReplyDelete
    Replies
    1. යකෝ... වන්දනා ගමනක් යමු.. !!

      Delete
  3. උඹට විෂ් එකක් දැම්මේ යකෝ චාරිත්‍රයක් විදියට.. නැත්නං ඕක පෝස්ට්කටුවක කොටන්න ඕන දෙයක්ද හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. විෂ් නොකර මහ රෑට අහවල් සයිට් ඉල්ලන එක චාරිත්‍රද බොලව් ?

      Delete
  4. සුබ බොත්ඩෙ එකක් වෙවා

    ReplyDelete
  5. හැපී ෆයිනල් තනිකඩ බර්ත් ඩේ ඈ

    ReplyDelete
  6. මං වගේ යක්කු ගස් නගින වෙලාවට වැල බලන ඩයල් එකක්...
    සුබ උපන්දිනයක් වේවා සෑමා !

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      මම බලන්නේ එක පන්නලා !

      Delete
  7. මදැයි කේක් හරි මොනවා හරි කන්න ආවා...කෝ බොලව් ෆ්‍රයිඩ් රයිස් එකක්වත් දීපිය පට්ට බඩගිනියි..

    ReplyDelete
    Replies
    1. මට දැනුත් බඩගිනි යකෝ..රයිස් මතක් කරන්න එපා..

      Delete
  8. අඩේ සෑමගේ 86 වේනි බර්ත් ඩේ එකට... ගාලු පුතාගෙන් උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. මම බොට වඩා වසරක් බාලයි නේ :)

      ස්තුති !

      Delete
    2. යා..... උබ පොඩි එකා හරිනේ....

      Delete
  9. එහෙනම් ඔන්න සුභම සුභ මෙව්වා එකක් වේවා....... ආ වචනේ අමතක උනා බර්ත්ඩේ ....

    ReplyDelete
  10. සුබ උපන් දිනයක් සැමා... මේ ලඟදි හිරුවගේ උපන් දිනේ තිබිලා මම ස්කයිප් එකෙන් msg එකක් දැම්මා පස්සේ මේල් එකක් දාන්නම් කියලා..පහුවදා මට ඒක කරන්න බැරි උනා...:(

    මට නම් ඔය උපන් දින ප්‍රශ්න නිසා සෑහෙන ගැටළු ඇති වෙලා තියෙනවා.. මගේ එක්කෙනා සැප්තැම්බර් 01 ... මම සැප්තැම්බර් 02.. හැමදාම ඉතින් මට විශ් කරන්න අමතක වෙනවා.. හයියෝ සති දෙකක් විතර යනකම් මූණ එල්ලන් ඉන්නේ..

    හරි ඕවා වැඩක් නැහැ.. සුබම සුබ උපන් දිනයක් වේවා මචන්...!

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඔය මූණු එල්ලුනාම ශේප් වෙන්න බැහැ බං.. >.<

      ස්තුති අහ් !

      Delete
  11. සුබ උපන්දිනයක් වේවා ,, ගෙවුණු වසරට වඩා සතුට සැනසුම ලැබෙන වාසනාවන්ත වසරක් ,, නිදුක් නිරෝගී සුවය .. ඒ වගේම පවුලේ හැමෝටම සතුට ලැබෙන්න ඕනේ ,,

    අර යාළුවා ඉතින් දන්නේ නැහැනේ ඔයාගේ බර්ත් දේ එක කියලා ,, අනික හැමෝගෙන්ම ඔහොම ඉල්ලන්නේ නැහැනේ සැමා ඔවුවා ගැන දන්න පුද්ගලයාගෙන් නේ ඉතින් අහන්නේ හි හි ජෝර්ක් ඈ

    ReplyDelete
    Replies
    1. අපි විශයයෙහි ප්‍රවීණයෝ නංගි.. ඕනෙම සයිට් එකක් අපෙන් දැන ගන්න.

      ඒත් බර්ත්ඩේ දවසේ එහෙම එපා !!

      Delete
  12. පවු බොල ඌ මොකක් හරි තදියමක ඉන්න ඇති.
    :-)
    කොහොම උනත් හැපිම හැපි මෙවුවා එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති.

      තදියමට මා පිලිතුරු දුනිමි ථ)

      Delete
  13. සෑමට සුබ උපන්දිනයක් වේවා, ඉදිරි කටයුතු සාර්ථක වේවා !!

    උඹේ හැටි දැනගනම වෙන්ටැ බර්ත්ඩේ දවසෙ අරව ඉල්ලන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුති..

      මම ඕකෙ විශය නායකයා බං !

      Delete
  14. "Good Friends Never Let You Do Stupid Things Alone"
    අඩේ මූට වෙන වැඩක් තිබිලම නැද්ද අප්පා මහා රෑ බර්ත්ඩේ කාරයාගෙන් ඔව්ව අහන්නේ අසික්කිතයි. යකෝ ලංකාවේ හිටියනම් මම එනවා බෝතලයක් කඩාගන්න කොහෙද එකත් කරුමේ

    ReplyDelete
    Replies
    1. අඩේ බොන්න හොද නැහැලු බර්ත් ඩේ එකට. එදාට විතරයි නොබී ඉන්න තියෙන දවස !

      Delete
  15. සුභ උපන් දිනයක් මචං...
    උඹ ටත් මගෙ වගේ එහෙම එකක් තියෙනව එහෙනම්..
    බැචුලය කියන අවසන් වසර නේද මේ වසර...
    දීපන් බොල කොල්ලොන්ට තඩි පාටියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතී !

      ඔව් බං මාමන්ඩියත් කිව්වා මේ පාර හොදට බීපං කියල !

      Delete
  16. සුබ උපන් දිනයක් සැමා. පව් අර යාළුවා, අපි උනත් දෙයක් ඉල්ලන්නෙ ඒ දේ ගැන ප්‍රොපෙෂනල් පොරක්ගෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තුති.

      ඔව් මම බේත දුන්නා..

      Delete
  17. බෝතලයක් එහෙම කැඩුවෙ නැද්ද ? දැන්වත් දීපන්කො බන්...පණු බේත් බෝතලේ...මේ ලැබුවෙ 40 වෙනි උපන්දිනේ නේද ?

    ReplyDelete
    Replies
    1. හරියටම 40න් බාගයයි බං.

      පනු බේත් මැලේසියාවෙන් අරන් වරෙන්.

      Delete
  18. සුබ උපන් දිනයක් වේවා සෑම් ...!

    ReplyDelete
  19. සියලු ප්‍රාර්ථනා ඉටුවෙන ......සුබ උපන්දිනයක් !!සැමෝ

    ReplyDelete
  20. අන්න නියම යාළුවෝ.. ඌඹටම හරි යනවා හැබැයි.. මොකෝ උඹත් මහ රෑක මගෙන් ඔයිට සම්බන්ඳ එකක් ඇහුවනේ..

    හැපි උපන්දිනයක් වේවා සෑමෝ.. සතුටින් ඉදපං..

    ReplyDelete
    Replies
    1. අපිත් ඒම තමා නේද බං? කුණු එකතු වෙන්නෙ කුනු ගොඩට කියනව නේ..

      ස්තුති ! ;)

      Delete
  21. අද මගේ පරණ ගෑල්ලමයගෙ බර්ත්ඩේ එක.. බොලා දෙන්නටම හැපි බර්ත්ඩේ වේවා !

    ReplyDelete
    Replies
    1. නිකමට අහන්නෙ, මොකක්ද බං අර වැල සයිට් එක ? :)

      Delete
    2. ඊමේල් එකක් දාන්නම් !

      පරණ ගෑල්ලමයා වාසනාවන්ත දවසක ඉපදුන නිසා යසිත්ගෙන් බේරෙන්න ඇති :)

      Delete
  22. කෙරී පැකර් උඹව හොයාගෙන එනවා දන්නවා නම්.

    ReplyDelete
  23. අවසාන තනිකඩ බර්ත්ඩේ එකනම් පාර්ටි එකක් දෙන්නම ඕනේ බං..!! නැත්නම් වස් වදිනවලු ..

    ReplyDelete
    Replies
    1. අපි අද උබලගෙ ගෙවල් ලග කඩයක් ඕපන් කරන්න ආව. ඒකෙ කෑම ගොඩාක් තිබ්බ.

      ලකියා ගෙන් අහපං. වස් වදින්නෙ නැහැ ඒක නිසා.

      Delete
    2. අඩේ උබ දැන් කඩ ඕපන් කරන්නත් යනවද ?...

      Delete
  24. මම උඹට වෙන තැනක විෂ් කලා. නමුත් උඹට සුභ පසුවූ උපන්දිනයක් සෑමා.

    ReplyDelete
  25. රාජ සම්පත ඉතින්....!!!! ^_^

    ReplyDelete
  26. අපිට කේක් ඕනි සෑමෝ..

    ReplyDelete
  27. පරක්කු වෙලා හරි ඔන්න, සුබ උපන් දිනයක් වේවා කියල මමත් කියන්නම් :)

    ReplyDelete
  28. කවදාවත් මගෙ ෆෝන් එකට බර්ත් ඩේ දාලා නෑ... මොනවාහරි එකකට ටික් එකක් දාලා තියෙන්න ඇති.. උපන්දින වලට දවස් 7 ක ඉදන් සෑමට කෝල් කරනකොට චෝගම් වගේ "7 more days" කිය කිය කවුන්ට්ඩවුන්..

    ReplyDelete
  29. සුභ උපන් දිනයක් වේවා...
    ලැබුවාවු නව වසරේ ඔබගේ සියලු බලාපොරොත්තු සපල වේවා.
    දේව ආශිර්වාදය ලැබේවා...
    ඔබගේ හැකියාවන් දියුනු වෙවා..

    ReplyDelete
  30. පරක්කු වෙලා හරි හැප්පි හැප්පි බර්ත් ඩේ !!
    කේක්ස්ස් ස් . එපා . මේ ඇති :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...