Wednesday, October 9, 2013

රජ විදිලි.. - King's Shootings !!!




*****

සෑමා - “මොකද බං මේ පාරවල් කඩාගෙන හදන්නේ..“

සම්පා - “අනෙ මන්ද බං.. හොදට තිබ්බ පාරවල් නේ..“

සෑමා - “පිස්සු බං. මුන්ට සල්ලි ඕන වුනාම පාරවල් කඩනවද මන්දා..“

සම්පා - “අඩේ... මේ චෝගම් එකට වෙන්න ඇති බං හදන්නෙ..“

සෑමා - “චෝගම්.. ඒ මොකක්ද බං ඒ.. සුනාමි වගේ සීන් එකක්ද?“

සම්පා - “නැහැ යකෝ.. ඒක මොකක්ද සමුළුවක්.. “

*****

“අයියෝ පුතේ අර මනුස්සය නැති වෙලානේ..“

“කවුද අප්පා??“

“බුද්ධික දන්නවද ඔයාගෙ යාලුවා නැති වෙලා නේද?“ එතැනින් ගිය බුද්ධික අයියාද කතාවට සෙට් වේ.

“කවුද?“

“අර ටෙලිකොම් එකේ මනුස්සයා.. ත්‍රීවීල් එකේ එන්නෙ, ෆෝන් ලයින් බ්‍රේක් ඩවුන් වුනාම හදන්න“

“අහ්.. අයි.ඕ.සී එකේ කිව්ව නේද?“

“පිස්සුද මොන අයි.ඕ.සී ද? මිනිහා ටෙලි කොම් එකේ..“

“ඔව්, ඔව්.. දන්නවද සමී.. පොර ගාව මොබයිල් ෆෝන් තුනක් තියෙනවා..“ බුද්ධික අයියා සෑමාවද කතාවට සැට් කර ගනී.

“ඇත්ත වෙන්න ඇති.. පොර ටෙලිකොම් නේ.. ඉතිං ෆොන් තියෙන්න එපෑ..“ ඒ සෑමාය.

“ඔව්.. මට ආරංචි වුනා අයි.ඕ.සී එකේ කියලා..“ ඒ බුද්ධික අයියාය.

“අයි.ඕ.සී වෙන්නෙ කෝමද බං.. ඒ මනුස්සයා මෑතක් වෙනකල්ම ටෙලිකොම්..“ සෑමාගේ අම්මා බුද්ධික අයියාව නිවැරදි කළාය.

“හරි.. හරි.. ටෙලිකොම් තමා.. ඒත් දවස් දෙකක් අයි.ඕ.සී හිටියා..“ ඒ බුද්ධික අයියාය.

“යකෝ.. අයි.ඕ.සී නෙවේ.. අයි.සී.යූ...“ සෑමාට වැඩේ නිවැරදි කළේය.

“මේකා විකාර කියවනවා.. මම හිතුවා අයි.ඕ.සී කිව්වේ පෙට්ටල් ෂෙඩ් එක කියලා..“

බුද්ධික අයියා ආ ගිය අතක් නොමැත..

*****

Written by sAm_ශ්‍රී_Perera_6:45pm_8/10/13

37 comments:

  1. අපෙ සෙට් එකෙත් හිටියා එකෙක් ඌට ඒඩ්ස් කියන්න බෑ ඇසිඩ් කියලයි කියන්නෙ. වෙලාවට අයි. ඕ. සී කියලා කියුවේ ඕ. අයි. සී කියලා නොකියා. කතාව නම් සුපිරි. :-D

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒඩ්ස් / ඇසිඩ් කියන්න තරම් උගෙ දිව කොටද බං.. බුද්ධික අයියා නම් කල්පනාව නැතුව කියන්න ඇත්තෙ :ඩී

      ජය !

      Delete
  2. පළමු කොටස ටියුබ් ලයිට් ය :/

    ReplyDelete
    Replies
    1. ඒක නොදැනුවත් කම නිසා කියපු කතාවක් බං.. නැත්තං මාත් චෝගම් නොදන්න විදිහක් නැහැ නොවැ..

      ජය !

      Delete
  3. චෝගම් තමා බං අපේ හෙණහුරා වෙන්නෙ ලබන අවුරුද්ද වෙනකොට. ග්‍රීසියෙ ආර්ථිකය කඩං වැටුණෙ තමන්ගෙ ආර්තිකයට දරන්න බැරි ඔලිම්පික් ගේම්ස් කරගහගත්තු නිසා. මඟුල් ගෙදරකට අපි වියදං කරනකොට, ඒ වියදමෙන් 60%ක් වත් ආපිට කලෙක්ෂන් විදිහට හම්බ වෙනවා. මේ මඟුලට එන උං අපිට දෙයි මේං කියලා බිබික්කමක්.

    උඹේ අරමුණු මාතෘකාවෙන් මගෙ කමෙන්ට් එක පිට ගිහිං තමා. ඒ වුණාට බං චෝගම් කියනකොට මට මතක් වෙන්නෙ නටපු තොයිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ කියන කතාව.

    ReplyDelete
    Replies
    1. චෝගම් කියන්නේ මෝඩ ඡන්ද කඩාගන්න හදපු මැෂින් එකක් බං..

      එච්චරයි මට හිතෙන්නේ ;)

      ජය !

      Delete
    2. පොදු රද මඩුලු සමුළුවෙන් මෙරටට ලැබෙන වරප්‍රසාද බොහෝමයි

      ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි

      Delete
    3. බොරු කියන මහත්තයෙක් ඈ !

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. චෝගම් දැන් චුයින්ගම් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හැම තැනම පැටලි පැටලි ඇලෙනවද බොල ?

      Delete
  6. පොළොව පලන් යන්න ඇති.....

    ReplyDelete
    Replies
    1. අර අසර් කාරය පේන්න නැහැ නේද දැන් මාස 4 කින් විතර ...? නයෙක් පොළොන්ගෙක් ගහලද දන්නේ නැහැ...

      Delete
    2. බුකියෙත් සද්ද නැහැ බං.. එහෙ එවුන් මූට ගැහුවද දන්නෙ නැහැ නයෙක් කියලා !

      Delete
  7. විදින ඒවා ලියන්න ගියොත් නම් පෝස්ට් බර ගානක් ලියන්න පුළුවන් බං.

    ReplyDelete
  8. අයියෝ නම් ගම් වත ගොත පටලවා ගැනීම සහ ටිකක් එහා මෙහා වීම තමයි පොඩි කාලේ කාඩ් එකක් වැටීමේ ප්‍රධාන සාධකය

    ReplyDelete
    Replies
    1. කාඩ් වැටෙන්නෙ විදිලි වලන් තමා :)

      Delete
  9. බුද්ධික අයිය ඊට පස්සෙ නැවතුනේ අයි.ඕ.සී. එකේද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. පොර ඕ.අයි.සී ට කියල මාව දැම්මා අයි.ඕ.සී එකට :ඩී

      Delete
  10. චුයින්ගම් ලස්සන නමක්... D :D :D

    ReplyDelete
  11. චෝගම්??? චුවින්ගම් වගේ කියවෙන්නේ...:-)

    ReplyDelete
  12. බුද්ධික අයියා පව්, අෆ්‍ෆා! සෑමා බ්ලොග් ලියනවා කියලා දන්නේ නැත්තං හොඳා!

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පෙ දැනටමත් ආරංචි වෙලාද මන්දා.. කමියුනිකේෂන් එකට එනව මගෙ රසිකයො :ඩී

      Delete
  13. පාරවල් කඩනවා මෙලෝ සිහියක් නැතිව.

    රෑට ආවා නම් ර පේමන්ට් එකට අල්ලන ගල් පැලට් තුන් හතරක් අරන් යන්න තිබ්බා මගේ ගේ ඉස්සරහට දාගන්නත්. ඒ තරමට ගොඩ ගහලා...

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. එහෙම කරන්න එපා හැබැයි.. ජනතා මුදල් නොවැ !! හිකිස්..

      Delete
    2. අන්න ඒකයි නොකර ඉන්නේ... පවුනේ ආණ්ඩුව!

      Delete
  14. පව් හලෝ බුද්දික...

    ReplyDelete
    Replies
    1. මේ කතා අහන අපි පව් නැද්ද අලෝ..

      Delete
  15. අපේ පැත්තෙ වයසක උන්දෙක් කැබ් එකේ ගියා කියලා කියන්නෙ ලෙබ් එකේ ගියා කියලා...මම බුද්ධිකයට මේ පෝස්ටුව ගැන ඔත්තුව දුන්නොත් සුදු කොඩි උස්සන්න වෙයිද ?

    ReplyDelete
    Replies
    1. බුද්ධිකයට ආරංචි වෙලා ඇති බං දැනටමත්.. ;)

      Delete
  16. මටත් පොඩි අවුලක් තියෙනවා, 'අනිද්දා' වෙනුවට 'පෙරේදා' කියලා කියවෙන... කරුමෙ කියන්නෙ කියන වෙලාවට මීටර් වෙන් නෑනෙ... වටේ ඉන්න උං කින්ඩිය දාද්දියි නුවණැස පහල වෙන්නෙ... :(

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...