Monday, October 7, 2013

පැරදුනා මදි... - Hate Victories???




අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...



පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී.. 
හෝ..ඕහ්..ඕ...



ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...



ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...

Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13

වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..

28 comments:

  1. meka raniltada kiwwe man hithuwe sajithta kiyala ekai nikan pissu wage affa

    ReplyDelete
  2. මේ නිව්ස් එක දැක්ක ගමං මං කිව්වෙ අපෙ මායියට, මේ පොලු තුවක්කු එල්ල වෙන්න ඕනෙ මේ ආණ්ඩුවට විරුද්ධව මිසක් පක්ෂෙ ඇතුලෙ කල්ලි වලට නෙවෙයි කියලා. කාල් මාක්ස් අයියත් මේ වගේ අදහසක් කියලා තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒයි ඩ්‍රැකීයා .....මොකද තරහා වෙලාද?

      Delete
    2. මේවා කැපුවත් කොල කට්ටියගෙ වැඩ නෙමේ.
      කෙහෙල් වත්තෙ උපන් නුගතා ගෙ එදා වේල් පන්සල් සංකල්පය.

      Delete
  3. හැ මරු මරු.බුකියට දානව හොදේ

    ReplyDelete
  4. සුපිරි යකෝ... මේකත් රෙකෝඩ් කරලා යූ ටියුබ් අප් කරහන්... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අර උමා කෙල්ලට කොළපාට චීත්තයක් අන්දලා ඒකිත් එක්ක යුග ගීතයක් ගායනා කරපං සෑමො...ඊළග ඡන්දෙට උඹ ආණ්ඩුවෙ සෑම වේදිකාවකම ගී ගයන ජන අප්‍රිය ගායකයෙකු වේවි...අපිට ජය වේවා !

    ReplyDelete
  6. මේක නම් සහතික ඇත්ත..
    අවුරුද්දේ 100ට සුභ පැතුම්..

    ReplyDelete
  7. එල එල මචෝ ඒත් බලාගෙන පොලු පාරක් එන්න බැරි නෑ...

    ReplyDelete
  8. කාලෙකින් මේ පැත්තේ ආවා. බ්ලොග් එක වෙනස් වෙලා අදුරගන්නත් බැරි වුනා. සෑම් හොදින් නේද..?

    ReplyDelete
  9. හෙහ්.. මේවට ඉතින් මොනවා කියන්නද සෑමා..

    ReplyDelete
  10. Ape Ranil nayaka thumata Jaya wewa. Henamama Banga wewa.

    ReplyDelete
  11. එළම කිරිය. ලවුස් පීකර් බැඳන් සිරිකොත ඉස්සරහ දාලා තිබ්බා නම් හරි

    ReplyDelete
  12. සංගීත් ම ඇවිල්ලා සැමාට ගහයිද දන් නෑ...

    ReplyDelete
  13. පව් යකෝ, අර අසරණ මනුස්සයා

    ReplyDelete
  14. සෑමෝ.... උබල දැන් දේශපාලණීයකරණය උනාද??

    කීයක් හම්බ උනාද??

    ReplyDelete
  15. paa gaman hondayi cholesterol aduwennath ekkala kiyala ara paththareth thibune

    ReplyDelete
  16. නියම ගේය පද රචනය. (හරිද මංද වචනෙ)

    ReplyDelete
  17. මේක ගායනා කොරන්ට කෝ කට්ටිය එන්ඩෝ ....

    ReplyDelete
  18. ඔය සිංදුව ටාසන් බාප්පට වඩා හොදට සැමා අනික් පැත්ත ගහලා තියෙනවා. නියමයි සැමා නියමයි.

    - ප්‍රියා.

    ReplyDelete
  19. තාලේ අල්ලලා කියවලා රෙකෝඩ් කරලත් බැළුවා..
    මෙන්න මෙතන ටිකක් කියන්න අමාරුයි බං...

    //(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..//

    //දිවි හිමියෙන් මයියා මා රකිමී...//

    ඒ ටිකත් තව රෙපෙයාර් කොරලා දාහංකෝ...

    (ඔන්න දැන් සෙට් එකක් පිකප් වෙයි... හරි හරී හරි එහෙම තමා...හබන් කුකුළන්ට තමා මෙහෙම උනාම මගුල්.. :D )

    ReplyDelete
  20. ඔව් බං සෑම්..පැරදුනානම් මදි තමයි...ඔය එකෙක්වත් නෙමේ...ඒ අපි...

    ReplyDelete
  21. කිව්වට කමක් නැති.....
    මුකුත්ම වෙන්නේ නැතී....

    ReplyDelete
  22. මේවා අපේම වැරදි . දැන් නම් දේශපාලනයට ගොඩ ඒමක් පෙන මානයක නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...