Tuesday, October 15, 2013

අංජනමක් බැලුවෙමි... - Found A Lost Item !!!


කවදාවත් කියන දෙයක් අහන එවුන්ද? පිලිවෙලකට තමන්ගෙ බඩු මුට්ටු තියා ගන්න කිව්වට තියා ගන්නවද? ඊට පස්සෙ අපි ගත්ත වගේ අරක කොහෙද, මේක කොහෙද කියල අහන්න තමා දන්නේ.

ඉතිං ඒක තියෙන්න ඕන තැන තමා තිබ්බෙ. එදා පොලිසියෙන් ඇල්ලුවම මම ඒ යකාට රුපියල් 500ක් දීල ලයිසන් එක කැබි හෝල් එක ඇතුලෙම දැම්මා. මම දන්නවද එතනින් ගත්තෙ කවුද කියල.

එතන තිබ්බ නම් තියෙන්න එපැයි. දැන් කාර් එක පුරාම හෙව්වනේ, කාමරේ පුරාම බැලුව නේ, එහෙනම් හරියටම හරි.. එදා පොලිස් කාරයටම දීල එන්න ඇති.

http://arumaya.blogspot.com/2009/04/blog-post_29.htmlපිස්සුද අප්පා.. මම පොලිස්කාරය ලග ඉදන් ඇවිත් වාහනේට නගිද්දි, මාත් එක්ක හිටපු එකා ඇහුව මචං ලයිසම ගත්තද කියල. මම මේ තියෙන්නෙ කියල පෙන්නල තමා කැබි එකට දැම්මෙ.

එහෙනම් ගිය මාසෙ 30 ඉදන් අද වෙනකල් ඒක කොහෙද ගියෙ.

අනෙ මන්ද, සර්විස් එක කලෙත් ඊට කලින්. 28 වෙනිද. මම සම්පටයි, දිලාටයි කෝල් කරල බැලුව. උන්ගෙ වාහන ඇතුලෙත් ලයිසම නැහැ.

ඉස්සර “සයින්“ කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සය මලේ නැත්තං ඕක යස අපුරුවට තියෙන තැන කියයි. මිනිහ හොද පේන කියන්න දන්න මනුස්සයෙක්.

දැන් ඔය ජාතියෙ එකෙක් නැද්ද?

එය කන්ද උඩහ ඉන්නව කියන්නෙ. ගිහින් බලනවද?

වැඩකුත් නැහැනෙ. ගිහිල්ලම බලමු.

එහෙනම් හන්දියට ගිහින් බුලත් අතක් අරන් එනවා. ඉක්මනට ඇදගන්න. දවල් 12ට කලින් යන්න ඕන.

මට මතක විදිහට සම්පගේ කාර් එකේ තිබ්බද මන්දා.. ඉන්න ඌටත් කෝල් එකක් ගහල බලන්න.

*****

සම්පා.. මචං උබෙ කාර් එකේ මගෙ ලයිසන් එක තිබ්බද?

පොඩ්ඩක් ලයින් එකේ හිටපං බලන්න..

පොඩ්ඩක් බලපං.. මම මේ ගෙවල් පෙරලගෙන හොයනව බං..

නැහැ මචං.. කැබියේ බැලුවා.. පේන්න නැහැ..

එහෙමද? තිබ්බොත් කියපංකෝ.. මම අංජනමක් බලන්න යනවා :))

*****

අංකල් බුලත් කොළ විස්සක් විතර දෙන්න.

අහ්. අද නිවාඩුද? 

ඔව් අංකල්..

බුලත් කොළ ටිකක් ඕන..

මොකටද පුතා බුලත්.. (අපි කඩේකට ගියොත් එහෙමය. කඩේ උන් සබන් ගත්තොත් අහන්නෙ පුක හෝදන්නද කියාය)

මම දන්නෙ නැහැ අංකල්. අනික මට වැඩකුත් නැහැනෙ. ගෙදරින් ගේන්න කියනවා මම ගෙනියනවා. (අංකල් අනාථ වුයේය)

ඇත්ත තමයි නේ?

ඔව් ඒ කාලෙ ඉදන්ම කළේ කඩේ යන එක තමා.

*****

ඔයාල මොකටද ආවේ...

අදුනක් බලන්න.. නැති වෙච්ච දෙයක් සම්බන්ධව

හරි එන්න බලන්න... දෙන්න බුලත් අත.. මේක තත්කාලෙට අනුව කියන්න යන්නෙ පුතා.. ඔතනින් ඉද ගන්න...

හරි...

ඔතන එලියේ මල් ගහෙන් සුදු මලක් කඩාගෙන එන්න පුතා... (අංජනම් බලන්නේ ඇන්ටි කෙනෙක්ය. ඇය කොම්පීතරේ ඔබමින්, පොත් පෙරලමින්, ගණන් හදමින් සිටින්නීය)

මෙන්න..

හරි.. මේ කොළේ කැමති කොටුවක් ඇතුලෙ මල තියන්න.

හරි තිබ්බා..

(නැවත ගණන් හදයි.. කොටුව ඇතුලේ ඉලක්කම් එකට එකතු කර, 9න්ද කොහෙදෝ බෙදුවාය. අවසන් උත්තරය ආවේ 6ය.)

හරි.. මේ පෙන්නන්නෙ... පුතාගෙ රැකියාව සම්බන්ධ දෙයක් නේද?

නැහැ..

මේකට අනුව ලැබීමක්, බලාපොරොත්තු ඇති වීමක් පෙන්නන්නෙ..

එහෙම දෙයක් නෙවෙ.

එතකොට මොනව ගැනද?

නැතිවුණ දෙයක් ගැන..

කහ පාට, රතු පාට, රත්තරන් පාටට හුරු දෙයක්ද? (ගොඩක් අය යන්නෙ රත්තරන් බඩු නැතු වූ නිසා විය යුතුය.)

නැහැ.

හරි යන්නෙ නැහැනෙ.. දැන්වත් නැති වුණ දේ කියන්නද? (ඒ අපේ අම්මාය..)

තත්කාලෙට අනුව මම ඔය ටික තමා දැක්කෙ..

හරි... නැති වුනේ මගෙ ලයිසන් එක.. තියෙන්නෙ කොහොද කියල බලා ගන්න බැරිද?

ඉතිං ලයිසන් එක ඔයාගෙ රැකියාවට සම්බන්ධ නැද්ද?

ඔව් ඉතිං.. වාහනේ තමා ජොබ් එකට යන්නෙ..

එතකොට ලයිසන් එක ලැබෙන්න කියල බලාපොරොත්තුවෙන් නේද ආවෙ..

ඔව් ඉතිං ඒක හොයා ගන්න තමා ආවෙ..

ඒක රත්තරන් පාටට, කහ පාටට හුරුයි නේද??

ඔව් ඉතිං.. සුදට හුරු කහ පාටක් වගේ තියෙන්නෙ අලුත් ලයිසන් එක...

ඉතිං තත්කාලෙට කියපුවා ඔක්කොම හරි නේ..

ඇත්ත තමයි.. මට දැන ගන්න පුලුවන්ද? ඒක හම්බෙනවද? කොතනකද තියෙන්නෙ කියල??

බය වෙන්න එපා ඒක හම්බෙනවා.. තියෙන්නෙ වතුර තියෙන තැනක, ලිදක් ලග, ටැප් එකක් ලග වගේ තැනක.. සත්තු ලගින තැනකුත් වෙන්න ඕන...

හ්ම්.. මම වාහනේ හේදුව දවසෙ ඒක ටැප් එක ලග තිබ්බද මන්දා..

බය වෙන්න එපා.. ඕක හම්බවෙනවා.. හොයන්න.. එතකොට හම්බවෙයි.. ටිකක් බාධා තියෙනවා.. කතරගම දෙවියන්ට බාරයක් ගැට ගහල හොයන්න පටන් ගන්න..

හරි.. බොහොම ස්තුති.. පඩුරු කීයද??

150ක් දෙන්න.. වැඩේ හරි යනවා..

*****

පිස්සුද මන්දා.. මොන බාරයක්ද? ගිහිල්ල ටැප් එක ලග බලමු..

මටත් මතක එතැන තිබ්බ වගේ.. හැබැයි  වාහනේ හෝදනකොට මම කාපට් විතරයි එලියට ගන්නෙ.

බලමුකෝ ගිහින්.. වැඩක් කරද්දි උබලගෙ කල්පනාවත් නැහැනෙ..

(ටැප් එක අසල උඩ යටිකුරු කළද ලයිසම එහි නොවීය...)

අර ගෑණිගෙ බොරුද කොහෙද.. මෙතනත් නැහැනෙ...

හොයන්න කිව්ව නේද? හෙව්වොත් හම්බවෙනව කිව්ව නේ?? එහෙනම් හොයන්නම වෙනවා... !!

*****

මචං සෑමා..

කියපං සම්පා..

*රි සීන් එක.. මෙන්න උබෙ ලයිසම තියෙනවා..

අඩෝ.. අපි මෙහෙ දෙවනත් කරනවා.. ගෙදරින් පට්ට බැනුම්.. කොහෙද යකෝ තිබ්බෙ..

බලපං.. මම වාහනේ හෝදන්න ගත්තා.. සීට් එක යට තිබ්බෙ..

ඒකනෙ බං කිව්වෙ.. උබ කැබියෙ විතරනෙ බැලුවෙ..

ඔව් බං.. ඒ කියන්නෙ මම කාලෙකින් වාහනේ හෝදල නැහැ නේද??

මචං.. උඹ වාහනේ පාර්ක් කරන්නෙ ලිදක් ලගද?

අනෙ මන්ද බං පල්ලෙහා ලිදක් නම් තියෙනවා..

හරි හරි බං..එතන සත්තු ලගිනවද??

බලු කූඩුවක් නම් තියෙනව බං..

ඒකනෙ බං කියන්නෙ.. තව වතුර වගේ තිබ්බද සීට් එක යට..

මොන මගුලක්ද බං?? වතුර නම් නැහැ.. මගෙ වතුර බෝතලේ නම් සීට් එක යට තිබ්බා..

ඒකනෙ බං.. තත්කාලෙ හරි.. මරුවට සාස්තරේ කියලා.. කෝම හරි ඕක මට හෙට දියන්.. ගෙදර ඉන්න වෙන්නෙ නැහැ නැත්තං..

Written by sAm ශ්‍රී Perera_12:57pm_15/10/13

37 comments:

  1. සම්පා නැමති සතා නිතර ළගින උගෙන් නිකුත් වූ වතුරෙන් නිතර තෙත් වී පවතින තැනක තිබී තත්කාලෙට අනුව ලයිශන් එක හම්බවෙලා තියෙන්නෙ.ඔය බලහංකෝ හරියට කියලා තියෙන්නේ.කිරි ගහට ඇන්නා වගේ.

    ReplyDelete
  2. අඩෙ මරු නෙ ඔය හරියටම කියල තියෙන්නෙ.ගිහිල තව පඩුරක් ගැටගහල වරෙන්

    ඉඩක් තිබුනොත් මෙ පැත්තෙට ඇවිත් යන්න http://damgune.blogspot.com/

    ReplyDelete
  3. ලයිසම හම්බවීම ගැන මාගේ උණුසුම් මෙව්වා එක මෙයා !!!

    ReplyDelete
  4. නුලක් දාල බෙල්ලේ එල්ලුවනම් හරි. 150 ත් ඉතුරුයි :D

    ReplyDelete
  5. බලාංටකෝ බලා හිටියා වගේ කිව්ව හැටි!

    ReplyDelete
  6. වැරදිලාවත් ඔබ ගාව තිබුනේ නැතිවුනාට පස්සේ දෙන duplicate copy එකක් නම් තත්කාලෙට වරදිනවා.
    මාතෘකාව කුමක් වුනත් සැමා ගේ පොස්ට් වලින් සියයට 90% කම සැමා ගේ කාරෙක ගැන සඳහනක් තියෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. අනෙ මචං මාව නයි ගොඩට දාන්න එපා. රැකියාව මහ මග, වෙන හැම දෙයක්ම වෙන්නෙ ඕක අස්සෙ, ඒක නිසා ඕක සම්බන්ධ නොකර මේ කතාව ලියන්න බැහැ නේද? අර ගෙදරට පැනපු නයා ගෙදරින් පිටත් වුනා වගේ තියෙන තවත් දේවල් සම්බන්ධ කරල මට ලොකුවට පෙන්වන්න පුලුවන්... සමහර කතා මම නොලිය ඉන්නෙ, ඔය අදහසක් එයි කියල තමා...

      * ඩුප්ලිකේට් එක මොන වගේද බං?

      Delete
    2. මම ඔබ ලියපු ගොඩක් පොස්ට් කියවලා තියෙනවා මහමග ගැවසෙන කෙනෙකුට අත්දැකීම් වාහනයෙන් ස්වායක්තව ලියන්න අමාරුයි. ඇත්තටම නයි අදහසක් එන්න පුළුවන් බොහෝ දෙනෙකුට. ඔබගේ මුල් පොස්ට් සිට කියවපු කෙනෙකුට තේරෙනවා ඔබ පම්පෝරි ගසන්නෙක් නොවන බව.

      //* ඩුප්ලිකේට් එක මොන වගේද බං?// duplicate copy කියලා හරහට ගහපු gray scale print කරපු card එකක්. මුල් එක වගේ ලස්සන නැහැ.

      Delete
    3. ස්තුති විශ්ව.. මා දන්නවා ඔබ ගැන.. ඔබේ පලමු කමෙන්ටුව දුටුවෙකු සිතන දෙය ඔබ ලවාම නිවැරදි කරවීමක් මම කලේ ;)

      ඩුප්ලිකේට් එවා කෝමත් ලස්සන නැහැ නෙ :)))

      ජය !

      Delete
    4. පිස්සුද කාර් එක කියන්නේ සෑම්ගේ ජීවිතේ

      Delete
  7. රු150 හරියටම කිවුවා කියන්නේ සෑහෙන ලාබයි නේ බං..

    ReplyDelete
  8. සෑහෙන්න දක්ෂ අංජනම්කරුවෙක්නේ නේද? :D

    ReplyDelete
  9. ඇත්ත වෙන සීන් නැතුවත් නෙමේ එහෙනම්.
    ඇත්තම සීන් එකක්ද බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මම විශ්වාස කරන්නෙ නැහැ ඕව. ලයිසම හොයන්නම ඕන නිසා ආතල් එකට ගොඩ වුනේ ;)

      ලංකාවෙ සිංහල ෆිල්ම් එකකින් වත් 150ට ඔය ආතල් එකක් දෙනවද?

      Delete
  10. // (අංජනම් බලන්නේ ඇන්ටි කෙනෙක්ය. ඇය කොම්පීතරේ ඔබමින්, පොත් පෙරලමින්, ගණන් හදමින් සිටින්නීය)//

    බ්ලොග් බල, බල කමෙන්ට් කර, කර හිටියද දන්නෙත් නෑ. :D

    ReplyDelete
  11. උබ අන්ජනම් ගැන කතා කරනව... යකෝ වැල්ලවත්තෙ බීච් එකට යන්න බෑනෙ... සාත්තර ගෑනු එකතු වෙලා "" අනේ මාත්තයා සාත්තරයක් අහමු... මාත්තයාගේ මූණ හරිම සිරියාවන්ත මූණක්.. මේ දුවට ධන යෝග පිහිටල තියෙනව...""

    ඔන්න තත්වෙ...

    මම එකදවසක් කිවුව ඒ වගේ කාන්තාවකට..

    "" අනේ අක්කේ මටයි මගේ ගෑණිටයි ධනයෝග තියෙනවනම් මම මෙතනට එන්නෙ නෑ අක්කේ... ""

    කියපු ගමන් ගෑණි මිසින්...

    ReplyDelete
  12. රිවිරිසි පත්තරෙත් යනව බන් ඔය විදිහට නැතිඋන දෙවල් හොයන විදිහ...

    ReplyDelete
  13. අනේ පලයන් මැට්ටෝ තෝ හිතාගෙන ඇති තෝ ඇනෝ ඇවිල්ලා බ්ලොග්වලදී මාව බයිට් කරන්න. හිතන්න එපා මම උබ වගේ සෙවලයෙක් කියලා ගොන් මී හරකා. තෝ දැන ගනින් මම තෝ මගේ හුජ්ජ කොල්ලන්ව තඹේකට මායිම් නොකරන පොරක් බව. අවලම් ගස් බල්ලා තෝ එනවද නපුංසකයෝ මා එක්ක හැප්පෙන්න අවලමා

    ReplyDelete
    Replies
    1. සැබෑ පිරිමි.. වෙස් වලාගෙන නොපැමිනෙත්..

      Delete
  14. දක්ෂ අංජනම්කරුවෙක්නේ !

    ReplyDelete
  15. කම්පියුටර් එකෙන් අංජනම් බලත්දි අංජනම්දේවි වඩින්නෙ කරන්ට් එක දිගේද?. අනික ඔය අංජනම් බලත්දි කියවන හනුමගෙයි අන්ජනම්දේවියගෙයි සම්බන්දෙ මොකක්ද දන්නෑ නේද?

    - ප්‍රියා.

    ReplyDelete
  16. අඩෝ කැරි ගස් බල්ලා වේසිගේ පුතෝ මම උබේ අම්මට හුකලයි යකෝ ආවේ. තෝ දැන ගනින් මට තොගේ පුක පලලා තොගේ ගැනියේ කටට දීලා පුකේ අරිනවා බොල බලු සිස්ටම් එකට

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් ඇවිත් මළ පහ කරයි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  17. ඒ කියන්නෙ අංජනම හරියටම කියවිලා වගේ...බෝතලේ තිබ්බත් ඉතිං වතුරමනෙ...ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන ඇට රිලවගෙත් වතුර මිරිකෙන්න ගහන්න ඕනෙ...පිස්සනු කොටුවෙන් පැනපු අවලමෙක් දෙන්නෙක් දැන් බ්ලොග් වල කරක් ගහන්න පටන් අරන්...

    ReplyDelete
  18. ඔය තැන කොහෙද සැමෝ ......?

    ReplyDelete
  19. ශික් අන්න අංජනම් මෑණියෝලා. ඔහොම අය දැන් හරි අඩුයි

    ReplyDelete
  20. itnishantha

    අඩේ එලට කියවිලා තියනවා මගෙත් නැති වෙච්චි එකක් තියනවා ඇන්ටි ළඟටවත් ගිහින් බලන්න ඕන

    ReplyDelete
  21. අංජනම් බලපු ඇන්ටිගේ මෙව්වා නොලේජ් එක නම් මරු.

    ReplyDelete
  22. උත්කෘෂ්ටයි, ජනාධිපති සම්මානයක් දෙන්න වටිනව.

    උඹේ ලයිසම කොහොමද අරූගෙ කාර් එකට ගියෙ. කරටි කැඩෙන්න ගහල හිටිය වෙලාවක නේද? :D

    ReplyDelete
  23. අංජනම හරියට කියවිලා තියෙනවා ...

    ReplyDelete
  24. සෑමෝ....ඔය ගෑණිව CID එකට බන්දවලා...CID .එකේ මහා එකාට අංජනම් බලන වැඩේ කරන්න කිව්වා නම් ෆුල් ආතල් ඕයි.

    ReplyDelete
  25. අඩෝ ධාතු සුනඛයා, තොගේ හතර හන්දි කැඩෙන්න පයින් ගහනවා ගස් බල්ලා

    ReplyDelete
  26. මටත් ඔය තත්කාලෙ ගැන හොද අත්දැකීමක් තියනවා. තව ඩින්ගෙන් ඔය මගුල නිසා මගේ ලවත් ගෙදරට මාට්ටු වෙනවා.. අයියෝ සල්ලි..

    ReplyDelete
  27. ඔන්න බලපං ඒකෙත් හැටි. අපි හිනාවෙනව මේවට!

    ReplyDelete
  28. "බොහොම ස්තුතියි"............ඔබගේ එදිනෙදා ජීවිතය,,,,තුලට මගේ ආයතනයටද ඉඩක් ලබා දීම පිලිබදව .................................සුභ දවසක්........................................................... , සුභ දවසක්........................................................... ,
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

    විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා


    විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිලයාත්මක කරයි.
    මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
    එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
    • ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)

    • විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)

    • විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්‌තර
    • පිළිබඳ සියළු විස්‌තර
    • සහනදායි පොළී ක්රතමයක‍ට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්‌තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
    • එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්යා‌පෘතිය පිලිබදව
    • සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්‌තර
    • විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
    • සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
    • සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
    • විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
    • සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
    • ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව


    ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ දුරකථන අංකයන්: 0094112879900
    0094112879901
    0094112879902

    ෆැක්ස් අංකය : 0094112879903

    ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
    ස්කයිප් : inforcenter_slbfe
    අන්තර්ජාලය : www.slbfe.lk
    මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.

    මෙයට- විශ්වාසි,

    අතුල ඉලංගන්තිලක
    පරිපාලන නිලධාරී,
    විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...