Monday, October 21, 2013

දොස්තරගේ නූල් සාස්තරය... - Doctor's String Tricks !!!


මීට වසර ගණනාවකට ඉහතදී දොස්තරලා අහුවේ බැනුම්මය. අතක් කපා හෝ කකුලක් කැපීමෙන් ඔවුන්ට එල්ල වූ චෝදනා අනන්තය. ඒ ඉස්සරය. දැන් ලංකාවේ දොස්තරලා ශිල්ප දක්වන්නට පටන් ගෙන තිබෙන්නේය. මෑත භාගයේ පොල් ගෙඩි වැටී ඔළුව දෙපලු වීම්, පිහි මොලය හරහා ගොස් ඔළු පැලීම්, සහ ජුන්ඩා කපාගෙන අතට ගැනීම් වැනි සංවේදී ශල්‍ය කර්ම පවා සිද්ද කළේ අපේම දොස්තරලාය. ලෝකයේ කිසිම තැනක නොවු අයුරින් හිසට වෙඩි වැදී අසාද්‍යව සිටි මන්තිරීවරු පවා කිසිම කැලලක් නොමැතිව සමාජ ගත කරන්නට තරම් නවීන වෛද්‍ය විද්‍යාව දියුණුය. එය වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යය බව කිව යුතුය. එසේම මෙලෝ හසරක් මතක නැති තරමට වෙඩි වැදුන මන්තිරීතුමන්ට වෙඩි වැදුන බව පමණක් අමතක වී ඉතිරි සියළු කාරනා මතක් කරදීමට තරම්ම වෛද්‍ය විද්‍යාව දියුණු බව කිව යුතුය.

මීට වසර ගණනාවක් ඉහතදී, (සෑමා අට වසරේ සිටියදී) සෑමාගේද ගැජට් එකක් වෛද්‍යවරු විසින් ඉවත් කළෝය. එය අහවල් එකක් නොව උන්ඩුක පුච්චය බව සෑමා දත්තේය. අට වසරේදී රිජ්වේ ලමා රෝහලට ඇතුලත් වන්නට කිසිම කෙනෙකුට බැරිය. මන්ද ඊට අදාල වයස් සීමාවක් ඇත්තේය. එහෙත් එකල්හි වඩුවේගම පැත්තේ සිටි දොස්තර උතුමෙක් සෑමාට ලමා රෝහලට ඇතුලත් වීමට හැකි පරිදි ලියකියවිලි සාදා දුන්නේ තනිවම රෝහලේ සිටිය නොහැකි කුඩා දරුවෙකු යන සත් චේතනාවෙන්ය. ඒ අනුව අම්මා සමගම සෑමා රෝහල් ගත වූයේය. පුංචි කාලේ දහම් පාසල් යද්දී පවා, එතුමා අපිව දහම් පාසල් රැගෙන ගියේය. ඒ ඔහුද සෑම ඉරිදාම කැළණි පන්සල් වන්දනා කරන බැතිමතෙක් වූ නිසාය. පසු කලෙක එතුමා වියෝ වූ නිසා, එතුමාව මතක් වු මේ මොහොතෙ නැවතත් නිවන් සුව පැතීමට කැමැත්තෙමි.

එලෙස උන්ඩුක පුච්චය අහක් කොට නිවෙසෙට එන්නට ටිකට් කපන දින වාට්ටු බාර දොස්තරතුමා විත් සෑමාගේ බඩේ දකුණු පැත්තේ දමා තිබූ ප්ලාස්ටරය “බරාස්“ ගා ඇද්දේය. එවිට මැහුම් දමා තිබූ තැන කිසියම් දෙයක් වූවා යැයි සෑමාට සිතුනත් ටිකට් කපා ගෙදර එන්නට දෙන දවසේ නැවත රෝහලේ රැදෙන්නට තරම් කැසිල්ලක් නොවූ නිසාම සෑමා ගෙදර ආවේය. නැවත සති දෙකකින් ශල්‍ය කර්මය සිදු කළ තැන පැසවීම නිසා මාසයක් තිස්සේ සෑමා රෝහලේම සිටියේය. එය ශල්‍ය කර්මයට වඩා අපහසු කාර්යක් වූයේ දිනෙන් දින තුවාලය සුද්ද කරමින්, හාරමින් බෙහෙත් දැමූ නිසාය.

ඒ සෑමා නූල් සාස්තරය නිසා බැට කෑ අවස්ථාවක්ය. එහෙත් මේ කියන්නට යන්නේ වසර ගණනාවක් තිස්සේ රෝගී පුද්ගලයන්ට නීරෝගීකම සලසමින් බෙහෙත් කරනා වෛද්‍යවරියක් ගැනය. ඇය නූල් සාස්තරය භාවිත කරන්නේ ඉතාම සිත්ගන්නා සුළු අයුරින්ය. ඇය වසර ගණනාවක් තිස්සේ නම දිනා ගත්, දක්ෂ වෛද්‍යවරියක්ය. ඉතා හොදින් රෝගින්ට ලං වෙමින්, මානසික වශයෙන්ද නීරෝගී සුවයක් ලබා දෙමින් ඇය කටයුතු කරන්නීය. ඇගේ යහපත් බව සහ රෝගීන්ට දක්වන කරුණාව සෑමා ඇස් දෙකෙන්ම දුටුවේ එම අවස්ථාවේ සිදුවූ සිද්ධියක් නිසාය. ඒ පෝලිම කඩාගෙන කන සාක්කුවේ වැටෙන්නට අරක්කු බී පැමිණි අංකල් කෙනෙකුගේ ප්‍රෙෂර් චෙක් කළ ආකාරය දුටු නිසාය. වෛද්‍යවරිය අරක්කු ගද ගසන අංකල්ගේ ප්‍රෙෂර් චෙක් කරන ගමන් කීවේ “ඔහොම එන එක හරි නැහැනේ.. කවුරුත් වගේ පෝලිමේ එන්න“ කියා පමණක්ය. ඇත්තම කිවහොත් අපට පවා ලංවිය නොහැකි දුර්ගන්ධයක් ඒ අංකල්ගේ මුවෙන් ආවේය.

රෝගීන්ට එලෙස හොදින් සළකන ඇය භාවිත කරන නූල් සාස්තරය ඉතා අනර්ඝ, සරල ක්‍රමයක්ය. ඇගේ කුටිය පිහිටි තැන සිට ඩිස්පෙන්සරියට අඩි පහක් පමණ දුරක් ඇත්තේය. ඩිස්පෙන්සරියේ වැඩ කරන තැනැත්තා ඇය බෙහෙත් ලියු තුන්ඩුව වරින් වර රැගෙන යන්නට ආවහොත් ඔහුගේ කකුල් දනිස්ස දක්වා ගෙවෙන්නේය. ඒ නිසා ඇය සරල නූල් සාස්තරයක් භාවිත කරන්නීය. ඇගේ පැත්තේ සිට ඩිස්පැන්සරිය දක්වා නූල් දෙකක් ඇද ඇත්තේය. එකක් ඇය සිටින පැත්ත උස්ව සිටින සේද, අනිත් නූල ඇය සිටින පැත්ත පහත්ව සිටින සේද ගැට ගසා ඇත්තේය. එම නූල දිගේ ඇය තුන්ඩුව ඩිස්පැන්සරිය පැත්තට යවන්නේ කතුරු මිටක් වැනි කොක්කක් අධාරයෙන්ය. එම කොක්ක නැවත ඇ සිටින පැත්තට එවන්නේ ඩිස්පැන්සරිය පැත්තෙන් උස්ව සිටින සේ ගැට ගැසූ නූල ආධාරයෙන්ය. එය පහත රූප සටහනින් තේරුම් ගත හැකිය.



ලබා ගත් ඡායාරූපය පැහැදිලි මදි වූයේ ඩිස්පැන්සරියත්, වෛද්‍යවරියගේ කුටියත් අතර කොටසේ වීදුරු ජනේලයක් තිබූ නිසාය. එම ජනේලය සහිත කොටස පොකුණක් නිර්මාණය කිරීමට යොදා ගත් කොටසක් බව පැහැදිලිය. පසුව සෑමා තම පෝං එකේ කැමරාව උස්සාගෙන බලා සිටියේ සිද්ධිය වීඩියෝ කර ගන්නටය. නමුත් වරක් එම උත්සාහය ව්‍යර්ථවූයේ පෝං එකේ කැමරාව ඔන් වෙන විට තුන්ඩුව එහා පැත්තට ගොස් හමාර වූ නිසාය. ඒ තරමට වැඩේ වේගවත්ය. පසුව දෙවන වර උත්සාහ කිරීමේදී වීඩියෝව ගත හැකි වූයේ කැමරාව ඔන් එකේම තබාගෙන සිටි නිසාය. එම වීඩියෝව පහළින් බලන්න.



පළමුව බෙහෙත් තුන්ඩුව ඩිස්පැන්සරිය පැත්තට නූල දිගේ පහළට ගමන් කරන අතර, දෙවෙනුව ඩිස්පැන්සරිය පැත්තේ සිට තුන්ඩු යවන කොක්ක වෛද්‍යවරිය සිටින පැත්තට යන්නේය. 

උපදෙස - නූලකට කරන්නට හැකි දේ බොහෝය. ඒ නිසා තමන් සතු නූල් පරිස්සම් කර ගන්නට උත්සාහ ගත යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_12:41am_20/10/13

75 comments:

  1. දොස්තර නෝනාගේ නූල හොයන්න වෙන එකෙක් ඕනි.

    type කරන්න ලේසි    ඔන්ලයින් සොෆ්ට්වෙයා එකක ලින්කුවක් දියල්ලකෝ

    ReplyDelete
    Replies
    1. මා දන්න එකම එක - http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  2. දොස්තරිය ගැන මට හිතුනේ සැමෝ වැඩකරන මිනිස්සු ගැන හිතන හොඳ බොස් කෙනෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මැලේ.. !!

      ජය වේවා !!

      Delete
  3. ඔයවගෙ දොස්තරවරු දැන් කලුනික වගෙ බන්

    හය හතර

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු.. මම අදයි හය හතර ෆලෝ කරල තියෙන්නෙ..

      ජය වේවා !!

      Delete
  4. දොස්තර නෝනා දොස්තර විබාගෙට අමතරව ඉංජිනේරු විභාගෙකුත් කරලද දන්නේ නැහැ. පරිස්සම් කරගත්ත නූලක් හොයන එකත් දැන් කළු නික හොයනවා වගේ තමයි සෑම් අයියේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඇගේ ස්වාමියා ඉංජිනේරුවෙක්ද මන්දා !!

      හයියූ.. නූල් ගැන නෙවෙ.. රෙදි නැහැ බොලාගෙ අද පෝස්ට් එක බැලුවම :)

      ජය ඈ !!

      Delete
  5. යකෝ! ඒකනේ වැඩේ!!!! මල් හතයි ගස් දෙකයි!

    ReplyDelete
    Replies
    1. මට ආයෙ ආයෙත්..වීඩියෝව බලද්දි හිනා යනව නාඩියෝ..!

      ජය වේවා !!

      Delete
  6. උබේ උන්ඩුක පුච්චය කැපුවෙ උබ නියපොතු කෑවද බත් කනව වගේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න මම නියපොතු කාල නැහැ බං. මොන අටමගලයක් වුනාද මන්ද :(

      ජය වේවා !!

      Delete
  7. අම්මප මට කිසිම දෙයක් තේරුණේ නැහැ බන් ...:(

    ReplyDelete
    Replies
    1. යාන්තන් තේරුම් ගත්තා .. ඔය පොටෝ එක ඊ තල ගගහ එඩිට් කර කර උන්නු වෙලා අලුත් රූප සටහනක් හැදුවා නම් ඉවරයි පුංචි දොස්තර නෝනෙකුත් ඇඳලා ...:)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම වෙනත් බ්ලොග් එකක දැමු කමෙන්ට් එකක් කිසිම සම්බන්ධයක් නැති තැනක දාන්න එපා.. චීත්ත අඳින්න එපා..ඇයි ගෑණු වගේ වත්ත වටේ යන්නේ ?

      \\\මින් මතු ඔබේ අඩවියෙ පැත්ත පළාතේ නොඑමි ...\\\\\

      මාතලන්ටම කීපාරක් නම් ඔහොම කියලා ඇත්ද ...? බීලා නේද ඉන්නේ .. ඩෝප් බැස්සම හරි..

      Delete
    4. උඹලා දෙන්නා මේක අස්සෙ ගහගන්න යනවා කියලා මට ආරංචියක් ඇවිල්ලා මම මේ තකහනියෙ දුවගෙන ආවෙ....අනේ වදින්නං රත්තරනේ...ගහ ගන්න නම් එපා..

      Delete
    5. නැහැ නැහැ සිරා මෙතන තියෙන්නේ ඩෝප් සීන් එකක් ... " මන් අදම යනවා අම්මලාගේ දිහා..මට බැහැ තමුසේ වගේ මිනිහෙක් එක්ක ඉන්න " වගේ කේස් එකක් මේ ... :D

      Delete
    6. මොකැ බං උබල දෙන්නට වෙලා තියෙන්නෙ. දෙන්නම සුපිරි බුලට් දෙකක්. සාමකාමී වෙයල්ල බං..

      දෙන්නම බීලද ??? ;)

      ජය !!

      Delete
    7. කෙන්ජා මිලි 730 ක්ම ගහල ඉන්න වෙලාවට පෝස්ට් කටු නොදාන්න බොලා වගබලාගන්න ඕන.. හැක්

      Delete
    8. හෙහ් ඔන්න බලපං හෙට මුන් දෙන්නා යාළුයි

      Delete
    9. යාලු වෙලා තමා.. දැන් ඔන්න කෙන්ජියා අරක මකලා..

      මුන් මාරයි නේ?

      Delete
    10. මම නම් ඉතින් ගත්ත තරමක් ගත්තේ පයියෙන් තමයි වැඩ. මොකද ඔලුවක් තිබ්බ නැති නිසා වැඩකට ගන්න ඉතිරි උනේ ඔච්චරයි .

      මම ගොන්ජි , පජාන් වලින් ඒ හින්දා තමා මේ ගොං ,පජා කොමෙන්ට් දාන්නේ ගනං ගන්න එපා දික පුලා පජන් ගියාට ඉස්කෝලේ ගියේ නැනේ

      Delete
  8. මගේ නුල කැඩුනේ මම පොඩි කොලුවා කාලේ කෙහෙල් ගහකට ඔබලා. දැන් ඉන්න කොල්ලන්ට නම් නුල කඩා ගන්නවත් පන නැ. එකටත් එක්ක අපි ගල් කපන්න ඇති කකුල්වල දියපට්ට එනකන්

    ReplyDelete
  9. දක්ෂ දොස්තර මහත්මියකි.. ඇය ඉංජිනේරු ශිල්පයද යම්තාක් දුරට දනී..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..

      ජය !!

      Delete
    2. අමිල නිසා මට මගේ බ්ලොග් එක නැති උනා.

      මම යහපත් ඇනෝ .

      Delete
  10. ඇත්තටම අළුත් අදහසක් නේද? දක්ෂ වෛද්‍යවරියක් ඇය.

    ReplyDelete
    Replies
    1. අපිට අලුත් වුනාට මාර පරණයිලු තාක්සනේ.. ගොඩක් කල් ඉදන් ඇය ඒ පැත්තෙ ඉන්නෙ..

      ජය වේවා !

      Delete
  11. ඔය තුන්ඩුව ලෙඩාටම දීල ඩිස්පෙන්සිරියෙන් බෙහෙත් ගන්න සාමාන්‍යක්‍රමය මෙතන්ට හරි නොයන්න හේතුවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇය සමහර වෙලාවට බෙහෙත් පැකට් එක ගෙන්න ගෙන නැවත චෙක් කරන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට නැවත එන්නෙත් නුල දිගේ. එතකල් ලෙඩා ඇතුලේ..

      Delete
  12. පින්තූරේ දැක්කාම මම හිතුවෙ වදකාගාරයක් කියලා බං. :D

    ReplyDelete
    Replies
    1. හෙන්රි මේ දොස්තර ඉන්නෙ කිරිදිවැල. ඒ පැත්තෙ ගිහන් බලන්න වෙලාවක. වදකාගාරයක් වගේ තමා මැද තියෙන කාමරේ :))

      Delete
  13. කව්ද දන්නේ අදහස සමහර විට ඩිස්පැන්සරියේ වැඩකරන එක්කෙනාගේ වෙන්ඩත් පුළුවං.දොස්තර නෝනා හෙලාදැකීමට අදහස් කළා නෙමෙයි.
    ඈ බං සෑමෝ ඒ කියන්නේ උඹේ උණ්ඩුක පුච්ඡෙත් නෑ නේ.තව මොනවා කපලා අහක් කරලා තියෙනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ ඩිස්පැන්සරියෙ එකාට මල පැනල දාපු යෝජනාවක්ද මන්දා ;)

      මගෙ ලැජ්ජ නහරෙත් නැහැ බං !

      ජය වේවා !

      Delete
  14. සිරාවටම උණ්ඩුක පුච්ඡෙ විතරද සෑම් අයියේ අහක් කලේ..?

    www.amila-psx.blogspot.com
    නිවාඩු පාඩු වෙලාවක ඇවිත් යන්න........

    ReplyDelete
    Replies
    1. අහක් වෙච්ච අනිත් ඒව ගැන ඒ බ්ලොගටම ඇවිත් කියන්නම් කෝ..

      ජය වේවා !

      Delete
  15. // ලෝකයේ කිසිම තැනක නොවු අයුරින් හිසට වෙඩි වැදී අසාද්‍යව සිටි මන්තිරීවරු පවා කිසිම කැලලක් නොමැතිව සමාජ ගත කරන්නට තරම් නවීන වෛද්‍ය විද්‍යාව දියුණුය.//

    මේ වගේ ආස්චර්ය කරනකොට ඇස් වලට කඳුළු උනනවා සැමයියේ...

    //මීට වසර ගණනාවක් ඉහතදී, (සෑමා අට වසරේ සිටියදී) සෑමාගේද ගැජට් එකක් වෛද්‍යවරු විසින් ඉවත් කළෝය.//

    මටත් ඕකම කරා 2011දි... මගෙ නම් මැහුම් කැපුවේ දෙපාරකට...මැහුම් 8ක් තිබ්බා... මුල් දවසේ කැපුවේ ලස්සනම ලස්සන නර්ස් අක්කා කෙනෙක්... එයා කිව්වා දැන් මම මැහුම් එකායි කියලා ගලවනකොට ඔයත් එකයි කියලා ගනන් කරන්න කියලා... ඒ කියපු විදියට පනපිටින් හමගැහුවත් ගනන් කරන්න ලෑස්තිවෙලා හිටියේ... කෝමහරි 4ක් ගලවලා ඊලග සතියෙ එන්න කිව්වා...

    ඊළඟ සතියෙ ගියාම ඒ අක්කා නෑ... හිටියෙ හෙන මරුමුස් මූණක් තියෙන පොරක්.. ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ... මට ඒකව දැක්ක ගමන් හිතුනා බඩුම තමයි කියලා... කෝමහරි ඇතුලට ගියාම පොර කියාපි...

    //ප්ලාස්ටරේ ගලවලා ලෑස්තිවෙන්න තව ලෙඩ්ඩු ඉන්නවා// කියලා මාත් මොකැයි කියලා ගලෝගෙන දිගාවෙලා හිටියා දැන් එකායි කියලා ගනන් කරන්න... ඒකා කිසි කතාවක් බහක් නෑ කපලා ඇද්දා එකක්... මං දත්මිටි කාගෙන ගනන් කලා එකායි කියලා... ඔහොම ඔහොම 4ක් ගනන් කලාට පස්සෙ මම හොඳ හුස්මක් ඇරලා කෙලින් වෙන්න හැදුවා විතරයි ඇද්දා එකක් ඇඟ හිරිවැටෙන්නම...

    පහල බලද්දි හරියටම එදා නර්ස් අක්කා කපලා හොඳ වෙලා තිබ්බ තැන මේකා ඇදලා කබලත් එක්ක... රිදිල්ලත් එක්කම මං උගෙන් ඇහුවේ මොකක්ද යකෝ මේ කලේ කියලා... ඊට පස්සෙ ඌ අහපි කලින් මැහුම් කැපුවද කියලා...

    අන්තිමේ ආයේ මහන්න යැව්වා... සති දෙකක්ම අමුතුවෙන් විඳෙව්වා ඒකට... දැන් එතන කැලල තියෙනවා කරත්ත රෝදයක් බඩ උඩින් ගිහිල්ලා වගේ...

    අර දොස්තර නෝනාගේ නූල් සූත්තරේ නම් මරු ඈ.. වීඩියෝ කරගත්ත එක ඊට වඩා මරු

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ උඩම තියෙන ආට් එකත් මරු ඈ... අමුතු ලුක් එකක් තියෙනවා ඒකේ...

      Delete
    2. \\\\\\\\\අන්තිමේ ආයේ මහන්න යැව්වා..\\\\\\\\\\

      හිනා කාලා මැරෙනවා බන් මේක දැක්කම.. මගෙත් 7 වසරේදී මෙව්වා වලට කේස් එකක් වෙලා ඔපරේෂන් කරා.. මුළින්ම වම් පැත්තේ මෙව්වා එක්ක ඔපරේෂන් කරා..මාස දෙකකින් දකුණු පැත්තේ මෙව්වා එක ඔපරේෂන් කරා.. . දෙකටම දැම්මේ දිය වෙන මැහුම් ...මැහුන් දිය වෙන්න බෙහෙත් දීලා දවස් 3 යද්දී මැහුමේ ඇඟ ඇතුලේ කොටස දිය වෙලා යනවා..පිටින් තියෙන කොටස ගැලවෙනවා ...

      වැඩේ කියන්නේ ඒ මැහුම් ගිණි වතුරේ දැම්මත් දිය වෙන්නේ නැහැ , අර බෙහෙතට පටාර් ගාලා දිය වෙනවා...

      Delete
    3. දැන් දාන මැහුම් දියවෙන්න බේත් ඕන නැහැ. මාසයක් විතර වෙනකොට නිකම්ම දියවෙලා යනවා.

      Delete
    4. ඒ කියන්නේ මෙව්වා දෙක දැන් නැද්ද

      Delete
    5. @ගැමියා - මට හිනා යනව බං.. මටත් වෙන්න ඇත්තෙ ඔය ටිකම තමා. සහන් කිව්ව වගේ දිය වෙන මැහුම් තමා දැම්මෙ. හැබැයි සහනෝ ඒ බෙහෙත් දෙන්නෙ නුල දිය වෙන්න නෙවෙ. තුවාල වේලෙන්න. විශ්ව කිව්ව හරි. නූල නිකන්ම දිය වෙනවා.

      @අටම්- සහනගේ දෙපැත්තම කපල අයින් කරල බං :ඩී

      යකෝ උන්ඩුකපුච්චෙ තියෙන්නෙ දකුනෙ විතරයි.අරූට වමෙත් එකක් තිබලද??

      Delete
    6. මං හිතුවේ ඒ වෙන පුච්ච දෙකක් කියලා ඈ...

      Delete
  16. සිරාවට ප්‍රැක්ටිකල් දොස්තර නෝනා කෙනෙක්. සමහර විට අදහස වෙන කාගෙ හරිද දන්නෙත් නැහැ. බොට මාර දේවල් නේ මීටර් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කිරිදිවැල පැත්තෙ ඉන්න උදවිය නම් දන්නව ඇති මේ විස්තරේ. මම ඉතිං මේව දැක්කම මගාරින බුවෙක් නෙවේනේ :)

      ජය වේවා !

      Delete
  17. නියම ගැජට් එකක්නෙ.
    හොඳ වෙලාවට යට පොන්ඩ් එකේ වතුර නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. පොන්ඩ් එකෙන් පොගවල ගන්න තිබ්බා තුන්ඩුව..

      ජය වේවා !

      Delete
  18. රුපය නම් පැහැදිලි නැහැ. යාන්ත්‍රණය තේරුම් ගන්න අමාරුයි. ඉංජිනේරුවන් ටත් එහා යන දොස්තරලා ඉන්නවා. මාතර ඉන්න දොස්තර කෙනෙක් ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටුවකුත් හදලා තියෙන්නේ.
    ශල්‍ය කර්මය සිදු කළ තැන පැසවීම නම් ඔබේ කරුමයක් නමුත් දොස්තරගේ නොසැලකිල්ල තමයි ඊට මුල.

    ReplyDelete
    Replies
    1. අන්න දොස්තරලා..

      රූපයට නූල පැහැදිලිව පේන්නෙ නැහැ. අනික ඒ ජනේලේ බිදිල ඉරක් ගිහින් තිබ්බා. ඒකත් පේනව මගෙ හිතේ..

      ජය වේවා !

      Delete
  19. අර ඩොක්ටර් අංකල් මාමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා .



    ReplyDelete
    Replies
    1. ඇත්තටම. ඔහු නියම මනුස්සයෙක්.

      ජය වේවා !

      Delete
  20. පරිස්සම් කර ගන්ට අමාරුම දේ නොවැ පරිස්සම් කොර ගන්ට කියන්නෙ.
    සැමාටත් මාර මීටරයක්නෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ මීටරේට බොරු කරන්න බැහැ බොල.

      අහවල් එක.. ඇයි දැනටමත් විනාස වෙලාද??

      Delete
    2. සැමාගේ පොට්ට මීටරෙත් හොදට වැඩ...

      Delete
  21. දොස්තර නෝනගේ නූල් සූත්තරේ නම් සිරා මචෝ. නූල කැඩුනේ නැත්නම් එච්චරයි.

    සමහර දොස්තරලා, නර්ස්ලා ඉන්නවා කිසිම හිතක් පපුවක් නැතිව තුවාල වලට බෙහෙත් දාන, කටු ගහන..... එයින් එකියෙක් (මගේ මිතුරියෙක්) මට දවසක් කියනවා, අපි ඔන්න ඔහෙ කටු ගහනවාලු. මොකද අපිට නෙවෙයිනේ ගහන්නේ කියලා.....

    ReplyDelete
    Replies
    1. කටු ගහන එක ගැනනම් කතා කරන්න එපා බං..

      හිරි වැටෙනවා..

      ජය වේවා !

      Delete
  22. හොඳ වෙලාවට පින්තූර කෑල්ලකුත් එල්ලුවේ. නැත්නම් මලාට පත්තු වෙන ලයිට් එකක් නම් නෙමේ :)

    ReplyDelete
    Replies
    1. පින්තුරෙත් පැහැදිල මදි නේද බං?

      ජය වේවා !!

      Delete
  23. ඔය මැද පොකුණ හදන තැන පුසෙක් එහෙම හිටියොත් මලාට තුණ්ඩුව යන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඌ මගදි ගලවනවා ෂුවර් !

      ජය වේවා !

      Delete
  24. දැන්ද කියන්නේ... අපේ ඒවා පොඩි කාලෙම කැඩිලා ගියා...

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ඉපදෙද්දිම ඔය කියන නූල නැතුව ඇති මයෙ හිතේ :)

      ජය වේවා !

      Delete
  25. උඹේ බ්ලොග් එකට ආපු මුල්ම දවසෙ මම අනුමාන කලා උඹට උණ්ඩුකපුච්ඡය නෑ කියල!

    ReplyDelete
    Replies
    1. සික්.. මෙන්න යාලුවො.. මේව ප්‍රසිද්ධියෙ කියන කතාද බොල??

      Delete
  26. සෑමෝ දොස්තරී නම් මරු...උඹේ වීඩියෝ ක්ලිප් එක ඊට වඩා මරු....තුන්ඩුව යනෝ ක්ලිප් එක එනෝ දැක්කම හිනාවෙලා පන ගියා. දොස්තරීගේ මහත්තයාගේ නූල තාම තියෙනවාද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. යකෝ වයසක දොස්තර මහත්මියක් ;)

      ස්තුති !

      Delete
  27. උණ්ඩුක පුච්චෙත් එක්කම අනිත් ටිඅක්ත් කපලා දාන්ඩ ඇති බන් උඹ නොදන්නවට !
    ඒ කාලෙ කීව නම් නූල පරිස්සම් කර ගන්නත් තිබ්බා දැන් කොහෙද ඉතින් !

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා.. ඒ කිව්වෙ මොන්ටිසෝරි යන කාලෙද?

      Delete
  28. උඹ ඉස්සර දහම් පාසල් ගියේ බිම බලාගෙන නේද...එහෙම නොවුනා නම් උණුඩුක පුච්චය එක්ක නූලත් කැඩෙන්න ඉඩ තිබුනා...අනේ සීදේවි දොස්තර නෝනෙක්...සෑමා මේ සැරේ බේත් ගන්න ගියේ....අර අතන කසන ලෙඩේටද ?

    ReplyDelete
    Replies
    1. අත කසන ලෙඩේ දැන් හොදයි නෙ බං.

      දැන් තියෙන්නෙ වෙන ලෙඩක් !

      රහසින් - එෆ්.එම් උණක්

      Delete
  29. වීඩියෝ එක විස්තර නොකර හොල්මන් සීන් එකක් කියලා දැම්ම නම් මරු. මගෝඩි කොලු පැටව් එහෙම නැතුව ඇති ඔය හරියේ. හිටියා නම් ඔය කොලේ උස්සනවා. උස්සලා වෙන ඒවා එල්ලනවා.

    ReplyDelete
  30. දොස්තර නෝනා නම් මරු. Medicine නෙමෙයි කරන්න තිබුනෙ Engineering..

    ReplyDelete
  31. අයියෝ මගේ නුල.... දොස්තර නෝනා නම් මරු මොළ කාරියෙක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...