Sunday, October 13, 2013

චින්තන සංධවනිය - Butter-Fly Symphony !!


බඩ විරේක වෙන අතීතයක
චීනෙ එක්ක ගණුදෙනු කරනා...
අපට අපේ නොවන...
අපේම මුතු ඇටයක් තිබුණා....

පැටව් වඩාගෙන තුන්යම රට රවටා... 
ගිනියම් මහ රෑ අදටත් උන් කිරි ඉල්ලනවා
ඡන්දෙට ඇහැරී කතිරය යළි සොයනා...

අපට අපේ නොවන...
අපේම මැතිරවරණත් තිබුණා..

අපේම මුතු ඇටයක් තිබුණා....


විහිලුවකටවත් කිසිදා නොනැගිටිනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන පක්ෂෙන් නෙරපවනා..

ජය අපේ නොවන..
අපේම විපක්ෂයක් තිබුණා...

අපේම මුතු ඇටයක් තිබුණා...



28 comments:

  1. රාජ් හරි පැරා හරි දාලා තිබ්බා අර සුප්‍රසිද්ධ " ඇඟ බේරා ගැනීමේ " කවි පංතියේ සිංහල අනුවර්තනය...

    ඇත්තමයි මේ ලංකාවේ ඉන්නේ ලැජ්ජාවක් නැති මිනිස්සු පිරිසක්... දේශපාලකයන්ගේ ඇති වරදක් නැහැ සැමෝ..

    මේ පත්ව ඇත්තේ ජනතාවට ගැළපෙනම පාලන පන්තියයි.. . . !

    ReplyDelete
    Replies
    1. ජනතාව හොයන්නෙත් මේ වගේම ආණ්ඩුවක් තමා.. හෙහ් හේ..

      Delete
    2. අලුත් ජනතාවක් පත් කරගන්න කාලෙ හරි.

      Delete
    3. මසුරන් ටෝක්ස් එක රාජ්!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  2. ලංකාවේ දේශපාලනය කුජීතයි.. කටක් ඇරලා මේ පක්ෂේ හොඳයි කියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. නරකින් අඩුම එක තේරීම ජනතාව සතුයි !

      Delete
  3. 'අපේම මුතු ඇටයක් තිබුනා' නෙමේ සෑම් ඉස්සරහට කියන්න වෙන්නෙ 'අපේම අමුතු ඇටයක් තිබුනා' කියලා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. අමුතුයි තමා නේ? ;)

      Delete
    2. අපේ සර් කෙනෙක් ඉස්සර කියන්නෙ "මේක ඉන්දියන් සාගරේ කුපාඩි ඇටේ " කියල

      Delete
  4. ලගදීම මාලියු ගී පොත එළිදක්වන්න පුළුවන් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. “මා සිරගත වන්නට පෙර ලියූ“ එකක් වෙයිද මන්දා ;)

      Delete
  5. ආශ්චර්ය මහත්තයො අශ්චර්ය.
    සහන් කියල තියෙනව කියන්න ඔන දෙ.මොනව උනත් නිර්මනෙ ලස්සනයි

    ReplyDelete
  6. කාලෝචිත නිර්මාණයක්

    ReplyDelete
  7. සමනල සංධ්වනියත් ඔය වගේම චාටර් බං.බලන්ඩ ගිහිල්ලා එපා උනා.
    එල කයිය ඈ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මාත් අහම්බෙන් ෆිල්ම් එක බැලුවා ;)

      ඇති දෙයක් නැහැ. සිංදුව හොද නිසා.. ඒකට ෆිල්ම් එක ගහල වගේ.. ලොල් !!

      Delete
  8. මේක ඉතිං හැමදාම ඔය විදියම තමයි බන්. තව කාලයක් යනකල් එකම තොරණ තමයි

    ReplyDelete
    Replies
    1. ලයිට් එක එක විදිහට පත්තු වෙන නිසා.. මිනිස්සු එකම තොරන බදාගෙන ඉන්නව බං. කතිර යුද්ධ කාලෙට උන් හිතන්නෙ වෙනස් එකක් කියල :)

      Delete
  9. අපිට අපේම නොවන
    අපේම ජනපතියෙක් හිටියා..

    එහෙමත් හොදයි නේද බං..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා මචං. උබලෑම තමා :))

      Delete
  10. අපේම නොවන චයිනීස් මුතු ඇටයක් තමයි දැං තියෙන්නෙ.

    ReplyDelete
  11. ඔලුව කොලොප්පන් වෙන ඒවා ලියන්න එපා බං.
    ලියන්නම දෙයක් නැත්නම් කෑල්ලකට නේම් කාඩ් එකක් ගැන ලියහන්.

    ReplyDelete
  12. උඹටත් ලියන්න හිතෙන එවුවා.

    ReplyDelete
  13. හික්ස්... කාලෙකින් බබී ආවෙ ඔන්න.. ඔරිජිනල් සින්දුවෙ අර ගෑනියෙක්ගෙ අදෝනාව නැත්තන් පස්ට සින්දුව....

    හැබැයි සෑම් අයියගෙ සින්දුවට ඊට වදා ආසයි... ;)

    ReplyDelete
  14. ජනතාව හොයන ජනතාව පතන ජනතා ආණ්ඩුවකට සියලු ගෞරව සෑම් සහෝදරයා පුද කර සිටින වගයි.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...