Thursday, October 3, 2013

අමතක වීම්... Absent Minds... !!!


චක්කර කොළ නම් ෆිල්ම් එකක් සොයන්නට ගිය අපේ බුද්ධික අයියා මෑත භාගයේ තවත් වැඩක් කළේය. ඒ සෑමා කමියුනිකේෂන් එකට ගිය අවස්ථාවකය. කමියුනිකේෂන් එක දාපු අලුත බුද්ධික අයියා හන්දියට ගියේ ෆුට් සයිකලේය. ගෙවල් ලග ඉදන් කන්ද පල්ලමේ පැඩල් එක ගසන්නට වත් වේලාවක් නැතිව නිකන්ම හන්දියට ගිය විට කමියුනිකේෂන් එකය. ඒ කියන්නේ පට්ට නියුට්‍රල් එකක්ය. ඒ තරමට කම්මැලි කමේ බයිසිකලේම හන්දියට යන බුද්ධික අයියා හති දාගෙන කන්ද පැත්තට පාගමින් ගෙදර එන්නේ දහවල් කෑමටය. දිනක් පොර හන්දියට ගියේ බයිසිකලේය. ඉන්පසු දහවල කෑමට ගෙදර විත් ගෙවල්, මිදුල් පෙරලමින් බයිසිකලේ හොයන්නට වූයේය. මිදුලේ නවතා තැබු බයිසිකලය කෑම බීම අහවර වී එලියට බහින විට අස්ථාන ගත වී තිබුනේය. අපිද සපෝට් එකට එලියට බැස බයිසිකලේ හෙව්වෝය.

වෙනදාට බයිසිකලය ඉල්ලාගෙන යන අයට කතා කරමින්ද, වෙනදාට නවත්වන තැන් වල අමතක වී නවත්වා ඇතිදැයි බලමින්ද, පැය දෙකක පමණ මෙහෙයුමක් දුන්නෝය. ඒ අතර සැලුන් එකට ආ එකෙක් බයිසිකලේ උස්සලාද කියා පරීක්ෂන පවා ඇරඹුනේය. අවසන අපි හිත හදා ගන්නට සහ බුද්ධික අයියාගේ හිත හැදීමට කටයුතු ආරම්භ කලෝය. “මේක අතෑරලා දාමු අපි හොරා හොයා ගමු“ සෑම අයෙකුගේම මුවින් පිටවූයේ එවන් වදන්ය. බුද්ධික අයියාද කාපු බත්ටික දිරවන්නට තරමේ වෙහෙසක් වී නැවත කමියුනිකේෂන් එකට ගියේ කැඩුනු සිතින්ය. එසේ ගොස් මොහොතකින් අපේ ගෙදරට කෝල් එකක් ආවේ බුද්ධික අයියාගෙන්ය. “මෙන්න බයිසිකලේ තියෙනවා“ ලෙස ඔහු කී පසු අපේ සැට් එකම එතැනය. සෝදිසියෙන් පෙනී ගියේ බයිසිකලය හොරු අරන් ගොස් නොවන වගත්, බුද්ධික අයියා බයිසිකලය හන්දියේ තබා ගෙදරට ඇවිත් ඇත්තේ පයින් බවත්ය.

සෑමා මීට පෙරද මෙවන් අමතක වීම් ගැන ලිපියක් ලියුවේ මතක අමතකද? කමක් නැත ශීර්ෂය යටතේය. මේ ලිපිය ලියවෙන්නට හේතු වූ කරුණ වාර්ථා වන්නේ අපේ මාමාගේ නිවසින්ය. ඒ කියන්නේ අම්මාගේ මල්ලීය. මතක අමතක ලිපියේද නිව්ටන් අංකල්ගේ කණ්නාඩි කුට්ටම් සීට් එක යටින් මතුවන අමුතු සීන් එකක් සෑමා ලියුවේය. මේ ස්ටෝරියද කණ්නාඩි කුට්ටමක් ගැනය. ඒ අපේ මාමාගේය.

දිනක් මාමා අපේ ගෙදර ආවේය. අම්මා මොනවාදෝ කොල (මුකුණුවැන්නද මන්දා..) මිටියක් බෑග් එකක දමා මාමාට දී ඇත්තේය. මාමා අපේ කඩයට වී පත්තරයක් බලමින් සිටියදී එය අතට ලැබී ඇත්තේය. එය බයික් එකේ හැන්ඩ්ල් එකේ එල්ලාගෙන මාමා මෙහෙන් පිටත් වූයේය. ඉන්පසු නිවසේ සිටියදී කණ්නාඩි කුට්ටම සිහි වී ඇත්තේය. එය අපේ ගෙදර නැතිය. තිබූ තැනක්ද නැතිය. එහෙත් ගෙදරම තිබූ බව කියමින් මාමා ගෙදර එවුන්ගෙන් අසා ඇත්තේ කණ්නාඩිය ගැනය. දෙලෝ රත් වෙමින් ගෙදර උන් නිවනක් නැතිව කණ්නාඩිය සොයමින් සිට ඇත. දවසක්ම කණ්නාඩිය අතුරුදහන් වන්නට හේතු නැත්තේය. ගෙදර නැතිනම් පිට තැනක හෝ දමා ආ යුතුය. එසේ නම් කණ්නාඩි කුට්ටම අපේ ගෙදර තිබිය යුතුය. එහෙත් තිබුණේ නැතිය. පසු දින දහවල් කෑම පිසීම සදහා මුකුණු වැන්න කොළ මිටිය එලියට ගෙන ඇත්තේ ශීතකරණය ඇතුලේ තිබීමෙන්ය. එය හැර බලන විට කණ්නාඩි කුට්ටම අයිස් වී කූල් වී තිබුණු බව ආරංචිය.

අමතක වීම් ගැන තව කතා කිහිපයක් මතකයේ තබා ගනිමින් මේ පෝස්ට් එක ලියන්න ගත්තද, කොටස් දෙකකට ඩ්‍රාෆ්ට් කරමින් ලියු නිසා සෑමාට ඉතිරි කතාව අමතකය.

Written by sAm ශ්‍රී Perera_12:03pm_03.10.13

54 comments:

  1. කමෙන්ට් එකක් දාන්න අතමක වෙයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. මට රිප්ලයි කරන්න තාම අමතක වෙන්නේ ;)

      Delete
  2. මේ ටිකේ වැඩ කරන තැන වැඩ වැඩි නිසා දවල්ට කාලා වතුර පවා බීමට මට අමතක වේ......අමතක විමෙත් හැටි ඕංං.....ජයෙන් ජය!සැමෝ

    ReplyDelete
    Replies
    1. සික්.. උදේට දත් මදින්නෙත් නැද්ද? :)

      ජය !

      Delete
  3. සෑමා බලහං කොලුවො අද ජොකා දාලද වැඩට ගියේ කියලා..මාමගෙ රෝගය බොටත් නැති වෙන්න විදියක් නෑ..ජානෙන් ඇවිල්ලා තියෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ජොකා කෝමත් නොදාන නිසා අවුලක් නැහැ බං :පී

      Delete
    2. ජොකා ඇති මොන්ටෙරෝ එකේ වයිපරේ එල්ලලා... ටිකක් බලහං ගිහිං...

      Delete
  4. හාපෝ අමතක වෙන්නැති එකම දෙත් අමතකවීම නොවැ බං මගුල...!!!

    ReplyDelete
    Replies
    1. “මගුල“ අමතක වෙනවද බං ?

      Delete
  5. කණ්නාඩි දෙක ඔලුවෙ තියෙන වගත් සමහරුන්ට අමතක වෙන වෙලාවල් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක සාම්ප්‍රදායික අමතක වීමක් ප්‍ර සා !

      Delete
  6. අන්න කොල්ලෝ!
    මටත් ඔය වගේ අමතක වීම් ගැන කතා ගොඩක් තියෙනවා, නමුත් කරුමෙට එකක්වත් මතක් වෙන්නේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ගොඩක් සර්ලට අමතක වීම් වැඩි හෙන්රියෝ..

      දවසක් අපේ මැත්ස් සර්.. අපේ බෝඩ් එකේ ගානක් හද හද ඉදලා.. ස්ටාෆ් රූම් එකට දුවල එන්නම් කියල ගිහින්... එහා පන්තියේ බෝඩ් එකේ ඉතුරු ටික ලිව්වා බං.. කොල්ලො කිව්වලු සර් අපිට දැන් තියෙන්නෙ ෆිසික්ස් කියල.. සර් සොරි කියල අපේ පන්තියට පැන්නා..

      Delete

    2. :D මේ කතාව උඹේ පෝස්ට් එකේ තියන කතාවල් වලටත් වැඩිය ජොලිනේ බං. මේක ඇඩ් කරපං මේකෙ අනිත් කොටසට.

      Delete
    3. අමතක වුන කොටසක් බං.. දැන් මතක් වුනෙ :ඩී

      Delete
  7. අපේ ගෙදර නම් වැඩිම අමතක වෙන ලෙඩේ තියෙන්නෙ අපේ නංගිට අද දැකල කතා කරපු කෙනෙක් හෙට දැක්කත් අහක බලාගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. මරු නංගි බොල.. යාලු වෙලා ඉන්න එකාව පහුවදාට අමතක වෙයිද?

      හිකිස්.. හිනා යනෝ..

      Delete
  8. මටත් වෙලාවකට ඔය අමතක වීමේ ලෙඩේ දරුණුවට තියෙනවා. ගොඩක් වෙලාවට අමතක වෙන්නේ මම ගත්තු ණය !

    ReplyDelete
    Replies
    1. සික්.. මටත් එහෙම වෙනව නම්..

      එක්කො බං.. අපි ගත්ත ණය.. ණය දීපු එකාට අමතක වුනා නම් කෝමද??

      Delete
  9. මොක අමතක වුනත් කමක් නෑ මුල අමතක නැත්නම් කියනවනෙ.
    වෙලාවකට අමතක වෙන එකෙත් මාර ෆන් එකක් තියෙනවා අමතක උන එක ආයෙ මතක් උනාම.

    ReplyDelete
    Replies
    1. පට්ට අවුල් යන්නෙ බං.. අර දිව අග තියෙනවා.. එන්නෙ නැති මට්ටමේ අමතක වීම් වලට බං..

      ජය !

      Delete
  10. මටත් මතක් උනා කතාවක්.
    ඒ වෙනකොට මංතුමා ඉස්කෝලෙ 7-8 වගේ. දවසක් තාත්තගෙ බයිසිකලෙන් ගියා පාරට. එදා ගංවතුරත් ටිකක් තිබුන. බයිසිකලේ පාර අයිනෙ තැනක නවත්තල යාළුවො එක්ක ඇවිදල හැන්දෑවෙ පයින්ම ගෙදර ආව. .තාත්ත උදේ බලද්දි බයිසිකලේ නෑ. මටත් මතකයක් නෑ. ටික වෙලාවක් කල්පනා කරද්දි තමයි මතක් උනේ බයිසිකලේ අහවල් තැන දාල ආව නේද කියල. දැන් ගෙදරට කියන්නත් බෑ. තිබුන තැනින් නැතිවෙලා ති‍බුනොත්.
    ඔන්න කිලෝමීටරයක් විතර දුර ගෙදරක කෙනෙක් රෑ බයිසිකලේ ගෙනියල තිබුන. මං තුමාත් වැරැද්ද පාපොච්චාරණය කලා.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ යකෝ.. බයිසිකලයක් පිනට දෙන්න තරම් රාජ් දානපතියෙක්ද ඉස්කෝලෙ යන කාලෙම??

      එක අතකට උබ සාධාරනයි.. ගංවතුර බලන්න බයිසිකලේ ගිහින් වැඩක් නැහැ.. වතුර පෑගෙන්නෙ නැහැනෙ.. ;)

      Delete
  11. ඔහොමත් අමතක කරනවද මනුස්පයෝ?? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙල්මට් අමතක කරල අද දඩත් කෑවලු නේ ??

      රාජ සම්පත්ම ලැබේවා.. !!

      Delete
  12. මටත් ඔය ලෙඩෙ තියෙනවද..... මතක නැනේ

    ReplyDelete
    Replies
    1. වයසට ගියාම නම්, සාධාරණයි ඔය ලෙඩේ...

      Delete
  13. මං මොකක්ද කියන්න ආවේ????

    ReplyDelete
  14. මටත් ඕක තියනවා නේ බොලේ හැමදාම වගේ තොප්පිය අමතක වෙනව නේ බොලේ

    ReplyDelete
    Replies
    1. තොප්පිය / කුඩේ වගේ දේවල් අමතක වීම සාමාන්‍යයි නේ ?

      Delete
    2. තොප්පිය / කුඩේ වගේ දේවල් අමතක වීම සාමාන්‍යයි නේ ?

      Delete
    3. ඈයි බන් දෙක දෙක දාන්නේ අමතක වෙලාද ???

      Delete
    4. බ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)

      Delete
    5. බ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)

      Delete
    6. බ්ලොගෙ පොඩි කේස් එකක් බං.. දෝංකාරෙ වගේ.. දෙකක් වැටෙනවා ;)

      Delete
  15. ඊයේ රෑ කමෙන්ට් කරන්න අමතක වෙලා අද මේ දාන්නේ..

    ReplyDelete
    Replies
    1. ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..

      ජය !

      Delete
    2. ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..

      ජය !

      Delete
    3. ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..

      ජය !

      Delete
    4. ++++++++++++++++++

      ++++++++++++++++++

      ++++++++++++++++++

      Delete
  16. ඊයෙ රෑ දාන්න ගිය එක අද දාන්න මතක් වෙනව නම්.. බලාගෙන යකෝ විවාහ ජීවිතේ..

    ජය !

    ReplyDelete
  17. අමතක වෙන බෝලාලා ඔක්කොම කොලොන්නාවේද ???? එහෙ එවුන්ට විතරයි නිත්‍යානුකුලව අමතක කරන්න අවසර තියෙන්නේ ....... මට මතක විදියට ....

    ReplyDelete
    Replies
    1. අපිට කොලොන්නාව ලගයි බං.. කැළණි පාලමෙන් පැනල ගියෑකි නොවැ.. :ඩී

      Delete
  18. බුද්ධික නම් මාරම බුවෙකි

    වරක් අපේ ගමේ කසිප්පු බොන අයෙකුට බොරු දත් කූට්ටම ගලවා ආපසු දමා ගැනීමට අමතක වී ගලක් උඩ එය රැය පහන් කර තිබුණි (දැන් බොලල්ලා අහන්නෙපා ඇයි ඒක ගලවලා තියෙන්නේ කියලා,ගලවලා නෙවෙයි වැටිලා ) පසු දින සොයා යන විට එය නිරුපද්‍රිතව හමු වී ඇත.එය නැවත්තත් ඔහු පාවිච්චියට ගෙන ඇත. හන්ගොල්ලන් ,හැකරැල්ලන් හෙම එය උඩින් ගියා දැයි මම දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. කසියා බොන කටට මොන හංගොල්ලොද අයියෝ.. ගැරඩි පිටින් නේ බොන්නේ.. :)

      Delete
  19. ඕව මොනවද බන් මට අමතක වෙන විදියට...

    ReplyDelete
  20. සෑමෝ........බොග දාලා හෝදගන්න නම් අමතක කරන්න එපා...රටම ගඳ ගහයි......සෑ ගූමා කියලා තමයි කියන්න වෙන්නේ ඊට පස්සේ.

    ReplyDelete
  21. කණ්නාඩිය අමතක වෙන්න පුළුවන් විදි ගොඩක් තියනවා. මට නම් වෙන්නේ ඒක ගැලෙව්වා කියලා අමතක වෙලා තව පාරක් ගලවන්න හදන එක

    ReplyDelete
    Replies
    1. ඒ අතින් උබ සුපිරි ඩයල් එකක් නේ පූමෝ..

      Delete
  22. What the F
    හුටා! ෆැශන් කියලා ලියන්න අකුරු මතක නෑ....

    ReplyDelete
  23. ඇයි අපේ බුවෙක් , බුවෙක් කිවට තලතුනා පොරක්. කෝ යකෝ මගෙ කන්නාඩි කුට්ටම ෂික් කොහෙ දැමස්මද නිච්චි නෑනේ කිය කිය හොයනවා පොරගේ නලලෙම තියාගෙන. නිකමට අත ගාලා බලන් නෑනෙ.

    ReplyDelete
  24. අපේ බබා බලා ගන්නා කෙනා බබාට කියන්නේ මතක නැතුව බෝතලේ අරන් එන්න කියාය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...