Tuesday, November 6, 2012

ජීවිතය - ආදරය - විවාහය සරලව....


විවාහය යනු හුදෙක් නිදහසේ සිටින පිරිමියා කුඩුවේ දැමීමේ සහ කූඩුවේ සිටින කාන්තාව නිදහස් කිරීමේ ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතු නැත්තේය. මන්ද විවාපත් වෙනතුරු පිරිමියා සිටින්නේ කුරුල්ලෙකු ලෙස නිදහසේය. නමුත් විවාපත් වු පසු ඔහු වගකීමෙන් බැදෙන්නේය. අවේලාවේ වීදි සංචාරය පවා අහෝසි වන්නේය. නමුදු කාන්තාව විවාහයෙන් පසු නිදහස් වන්නේය. රැකගත් දේ සැමියා සතු කොට ඇය නිදහස් වන්නේය. ගලන ගගක් සේ ඇය බලා සිටින්නීය. ඒ පැද යන ඔරු පාරු වල සටහන් නොපිහිටන නිසාය. ඒ බාධකය පිරිමියාට විවාපත් වුවද, නොවුවද බලපාන්නේ නැතිය.

විවාහය අතලග තිබෙන කෙල්ලෝ ඉස්සර අම්මා හා බැදී සිටින්නීය. ඇය අසලට වී හොදි ඒ දන්නට, කෑම පිසින්නට ඉගෙන ගන්නීය. මිරිස් ගල මත අඹරන්නට, වංගෙඩිය හා මෝල් ගස සමග ඔට්ටු වන්නට ඇය සැරසෙන්නීය. ළිදට දුවන්නට, උකුලේ තබාගෙන කළය රැගෙන එන්නට ඇය සැරසෙන්නීය. ඉරුණු රෙද්ද මැසීමේ සිට, හැට්ට පවා මැසීමට ඇය ඉගෙන ගන්නේ තම මවගෙන්ය. ඒ යහපත් යුග දිවියක් සදහා අවශ්‍ය මුලික දැනුම බව ඒ කාලේ මතයක් තිබු නිසාය.

ඒ ඉස්සරය.

දැන් කෙල්ලෝ විවාහයට පෙර ක්ලාස් යන්නෝය. සැන්ඩ්විච් වල සිට අයිසිං කේක් එක දක්වාම නිවැරදිව, ප්‍රමිතියට සැකසීමට ඉගෙන ගන්නෝය. විදුලිය අරපිරිමැස්මැස්මෙන් භාවිතයට ඉගෙන ගන්නෝය. ඒ කාන්තා පුවත් පත් මගින්ය. ඒ අතර කොණ්ඩය සැකසීම, ගෙවතු අලංකරණය පවා ප්‍රගුණ කරන්නෝය. ඒ සියල්ල හොදය. නැතිනම් යහපත්, සුභවාදි පවුල් කෑමක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ අතරම ඔවුන් මැහුම් ගෙතුම් පිළිබද ඩිප්ලෝමා හදාරන්නෝය. පැච් වර්ක් පිළිබද දැනුම ඉහල සුදුසුකමක්ය. ඒ අතර වුල් භාවිතයෙන් කුඩා ළමුන්ට තොප්පි, සහ ඇදුම් ගෙතීම, කතිර මැස්මෙන් කරන නිර්මාණ ආදිය වැඩිදුර සුදුසුකම්ය.

තවද,

ඇය, ඔහු හා විවාහ පත් වු පසුව දෙදෙනා එක විසිය යුතුය. ඒ නිසා ඇය තම ලැප්ටොප් එක මුලින්ම ෆෝමැට් කළ යුතුය. නැතිනම් තමන් ගේ පෞද්ගලිකත්වය නොරැකෙන්නේය. ඒ අතර ඇය තම ඊ-මේල්, ෆේස් බුක්, ඩිඇක්ටිව් කළයුතුය. නො එසේනම් ඒවායේ ප්‍රතිසංශෝධන කළ යුතුය. 

ඒ අනුව,

ෆේස් බුක් එකේ අනවශ්‍ය (විවාහයට පෙර අවශ්‍යය වු, විවාහයට පසු අනවශ්‍යය) මිතුරන්, මිතුරියන් ඉවත් කළ යුතුය. චැට් හිස්ට්‍රිය මකා විනාස කළ යුතුය. තවද පෙරදී ‘කස්ටම්‘ දමා ඔහුගෙන් සැගවූ පොටෝපවා ඉවත් කළ යුතුය. සමහරෙක් වෙඩින් එක පසු තම වෙඩින් පොටෝ පවා දමන්නේ තෝරාගත් අයවලුන්ට නොපෙනෙන ලෙසටය. එය බුද්ධිමත් ක්‍රියාවක්ය. නැතිනම් විවාහය ලත් තැනම ලොප්ය.

උක්ත කාරණා සිහියට තබා ගැනීමෙන් ඔබට යහපත් දිවියක් ගත කළ හැකිය. රණ්ඩු අවමය. ඔබත් ෆේස්බුක් ගිණුමක් හිමි අයෙක් නම්, විවාහයට පෙර එය අකර්මණ්‍ය කිරීම හෝ වෙනත් (ෆේක් හෝ) අකවුන්ට් එකක් සාදාගන්නේ නම් අගනේය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:15pm_06/11/12

ඩ්‍රාෆ්ට් වී බොහොකලක් එලියට නොආ ලිපියක් නැවත නොබලාම එලියට දැමීමි !

96 comments:

  1. // ඒ නිසා ඇය තම ලැප්ටොප් එක මුලින්ම ෆෝමැට් කළ යුතුය. නැතිනම් තමන් ගේ පෞද්ගලිකත්වය නොරැකෙන්නේය. ඒ අතර ඇය තම ඊ-මේල්, ෆේස් බුක්, ඩිඇක්ටිව් කළයුතුය. නො එසේනම් ඒවායේ ප්‍රතිසංශෝධන කළ යුතුය. //
    සහතික ඇත්ත කතාවක් මානවක

    ReplyDelete
  2. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම මෙහෙම තමා වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. කවුද කියන්නේ??

      Delete
  3. කියලා වැඩක් නැත. තිතටම පට්ටය.

    ReplyDelete
    Replies
    1. පට්ට කිව්වේ කාන්තා බුද්ධියද?

      Delete
  4. ෆෝන් නම්බරේද වෙනස් කරනවානම් ඇඟට ගුණය! :) එල එල ඈ!

    ReplyDelete
    Replies
    1. සිම් එක නැත්තං හංගල තියා ගන්ට.

      Delete
  5. ලැප්ටොප් ෆොර්මැට් කළාට වැඩක් නැත.දැන් ඕනෑ තරම් රිකවරි සොෆ්ට්වෙයා ඇත.කොම්පියුටර් අත ගා කෑ එවුන්ට ඕවා සිම්පල් කේස්ය.

    ෆේස්බුක් කතාවට එකගය.

    ReplyDelete
    Replies
    1. රිකවරි සොෆ්ට් වෙයාර් එකක් මා ලග ද ඇත. සිරාය.

      Delete
  6. කාලෝචිතයි සෑමො කාලෝචිතයි..

    ReplyDelete
  7. ////විවාහය යනු හුදෙක් නිදහසේ සිටින පිරිමියා කුඩුවේ දැමීමේ සහ කූඩුවේ සිටින කාන්තාව නිදහස් කිරීමේ ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතු නැත්තේය.////සෑමාගේ ඔලුව පලන්න හිතිලා අද නං ආවේ.. තරහටම අනිත් ටික තියෙව්වේ නෑ පළවෙනි වාක්‍ය ඇරෙන්න....

    කාන්තාව නිදහස් කරන..... අනේ මගේ කට .......

    ReplyDelete
    Replies
    1. තරහා පැත්තකින් තියලා කියෙව්වා.. තව ටිකක් තරහා ගියා..... අනේ සැමා දන්න මඟුල්.... හි හි

      //// තම ඊ-මේල්, ෆේස් බුක්, ඩිඇක්ටිව් කළයුතුය. /////

      හරි ඉතිං.... මේ කරන්න ඕනේ මොකක් හින්දා කියලද සැමා හිතන්නේ..... ///කාන්තාව නිදහස් කිරීමේ ක්‍රියාවලියක්//// තියෙනවද ඔහොම උනාම........ තව ටිකක් හිර කරන එක මිසක්..... ඕවා ඔක්කොම පිරිමි හදාගත්ත කතා..... උන්ගේ ගැලවීමට.. මොකෝ.. ගෑණි ඔය ඔක්කොම කළත් මිනිහා ඕවා කරන්නේ නෑ නේ.. අර ඔරු පාරු කතන්දරේ කවදටත් මිනිහට වලංගුයි නේ....

      ඔය ඔක්කොම කළත්, ඒ වගේ විවාහ වැඩි කල් පවතින්නේ නෑ... ඒක මගේ අත්දැකීමක්... දෙන්නගෙන් එකෙකුට එපා වෙනකල් විතරයි තියෙන්නේ...

      ///විවාහය අතලග තිබෙන කෙල්ලෝ ඉස්සර අම්මා හා බැදී සිටින්නීය. ඇය අසලට වී හොදි ඒ දන්නට, කෑම පිසින්නට ඉගෙන ගන්නීය. මිරිස් ගල මත අඹරන්නට, වංගෙඩිය හා මෝල් ගස සමග ඔට්ටු වන්නට ඇය සැරසෙන්නීය. ළිදට දුවන්නට, උකුලේ තබාගෙන කළය රැගෙන එන්නට ඇය සැරසෙන්නීය. ඉරුණු රෙද්ද මැසීමේ සිට, හැට්ට පවා මැසීමට ඇය ඉගෙන ගන්නේ තම මවගෙන්ය. ඒ යහපත් යුග දිවියක් සදහා අවශ්‍ය මුලික දැනුම බව ඒ කාලේ මතයක් තිබු නිසාය.///

      මේවා දැං කාලේ ඒ තරම් වැදගත් නෑ... කන්න දෙයක් උයා පිහා ගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක් තමයි.. නමුත් නැති උනාය කියලා මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ.. ඉස්සර තරම් අමාරුවක් නෑ දැං උයන පිහන, මහන එක... ඒක නිසා කුස්සිවල පැල් බැඳගෙන ඉගෙන ගන්න දෙයක් නෑ.. අර සම්ප්‍රදායට යමක් ඉගෙන ගන්න ඕනේ නිසා කෙල්ලො කුකරි ක්ලාස් යනවා... එච්චරයි....

      පිරිමින්ට ගෑණුන්ව හිර කරන්න ඕනේකමට හදාගත්ත සම්ප්‍රදායික කුණු ගොඩවල් මේවා.... හරි පිරිමියෙක් කවදාවත් ඒ වෙගේ කෙල්ලෙක්ව හිර කරන්නෙත් නෑ... එහෙම පිරිමියෙක්ට බොරු කරන්න කෙල්ලෙක්ට ඕනේ වෙන්නෙත් නෑ....

      හි හි...

      Delete
    2. සෑමෝ... දුවපං....

      Delete
    3. උඹ හරි හිරුවෝ... මූට මඤ්ඤං....

      හිරුවා පාන්දරම නැගිටලා, දුම්මල වරම අතේ අරං ඉන්නේ... ඇත්තටම සෑමා උඹ ගැන නෙමෙයි මට දුක, අර අහක ඉන්න අහිංසකයා පිටින් මේක යයිද කියලා... පොඩ්ඩක් කූල්ඩවුං කොරන්නයි බැලුවේ... :D

      Delete
    4. ඩ්‍රාෆ්ට් වී බොහොකලක් එලියට නොආ ලිපියක් නැවත නොබලාම එලියට දමා සෑමා හදන්නේ ගුටි කෑමටයි!

      Delete
    5. හරි ... දෙබරෙට ගල් ගැහුව නම් දුවපන් දැන්.

      Delete
    6. හිරූ ගෙ කතාව පට්ට.. මම නම් මාර ලයික්...++++++++++++++
      අර කිව්වත් වගේ සැමා දන්න මඟුල්...හි හී

      Delete
    7. මෙන්න හිරුව සෑමව නිරුවත් කරනවෝ...

      Delete
    8. අඩේ .... අපේ එකාව අපි රැක ගන්න එපායැ.

      සෑම්ට ජය ! :)

      Delete
    9. දැන් මෙතන හි හි... කියන්නෙ අඬනවටද? ...හිනැහෙනවටද?

      Delete
    10. @හිරු-

      //ඔරු පාරු කතන්දරේ කවදටත් මිනිහට වලංගුයි නේ....//

      //ඔය ඔක්කොම කළත්, ඒ වගේ විවාහ වැඩි කල් පවතින්නේ නෑ... ඒක මගේ අත්දැකීමක්... දෙන්නගෙන් එකෙකුට එපා වෙනකල් විතරයි තියෙන්නේ... // අත්දැකීමක්????????

      //මේවා දැං කාලේ ඒ තරම් වැදගත් නෑ... කන්න දෙයක් උයා පිහා ගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක් තමයි.. නමුත් නැති උනාය කියලා මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ..//

      ලොකු වෙනසක් වෙන්නෙ නැහැ කිව්වේ.. ගෙදර ඉන්න ගෑනිට කන්න හදන්න බැරි හින්දා කඩෙන් කන එක සාධාරනයි ද හිරු ??

      //අර සම්ප්‍රදායට යමක් ඉගෙන ගන්න ඕනේ නිසා කෙල්ලො කුකරි ක්ලාස් යනවා... එච්චරයි.... // මේක කියන තරම් සරලව හිතන්න එපා හිරු. ඉස්සර කෙල්ලො ඉගෙනගත්තෙ ගෙදර වැඩ කරල මිස් ක්ලාස් ගිහින් නෙවේ. දැන් ගෙදර වැඩක් කරන්නෙ නැහැ. ක්ලාස් ගිහින් ඉගෙන ගන්නවා අලුත් ගෙදර වැඩ කරන හැටි.

      //පිරිමින්ට ගෑණුන්ව හිර කරන්න ඕනේකමට හදාගත්ත සම්ප්‍රදායික කුණු ගොඩවල් මේවා.... හරි පිරිමියෙක් කවදාවත් ඒ වෙගේ කෙල්ලෙක්ව හිර කරන්නෙත් නෑ... එහෙම පිරිමියෙක්ට බොරු කරන්න කෙල්ලෙක්ට ඕනේ වෙන්නෙත් නෑ.... //

      මෙතන පොස්ටුවේ කාන්තාව හිර කිරිල්ලක් ගැන සදහනක් නැහැ. විවාහයට පෙර කළ යුතු. අද කාලේ කරන දේවල් ගැන සදහන් තියෙන්නේ..

      :))

      ජය !

      Delete
    11. අඩේ සැමෝ... මේක පස්සේ බං දැක්කේ.... හි හි

      ඕ යෑස්... මගේ හොඳම යාලුවෙක් ඔය කේස් එකක් හින්දා ඩිවෝස් උනා.. හැබැයි උන් දෙන්නාගේ රෙජිස්ට්‍රේෂන් එක විතරයි කරලා තිබ්බේ... ඉස්සර දෙන්නම ලවු කළෙත් ෆේස් බුක් එකෙන්.. කොල්ලා නඩු දාන්න ගත්තා කෙල්ලගේ ෆේස් බුක් එකවුන්ට්, ස්කයිප් එකවුන්ට් එක කැන්සල් කරන්න කියලා... මගේ යාලුවා ජොබ් එක කළේ වැඩිපුරම කම්පියුටරේ වැඩ කරන තැනක... මගේ යාලුවා කිව්වා එච්චරවත් එයාව විශ්වාස කරන්න බැරි නම් ඉස්සරහට මොන මොන ඒවා කියයිද.. ඒක නිසා ඩිවෝස් වෙමු කියලා...

      ඇත්තටම සෑම් දැං ගොඩක් අය කන්නේ කඩෙන් තමයි.. උදේට උයාගෙන යන බත් එක දවල්ට කන එක ඇරෙන්න.. මොකද ගොඩක් පවුල් වල දෙන්නම ජොබ් කරනවා... අනිත් එක උයන එක මහ කෙලියක් නෙවෙයි දැං ඉස්සර වගේ.. ඔක්කොම ජාති කඩේ තියෙනවා.. ගෙනල්ලා හට්ටියට දාලා ලිපේ තියන්න විතරයි තියෙන්නේ.. ( මැල්ලුම් ටිකත් ලියලා පැකට් කරලා තියෙනවා මම දැකලා තියෙනවා ෆුඩ් සිටියේ.... ) ක්ලාස් යන්නේ ස්ටයිල් එකට... හි හි.. අර කාලයක් කට්ටිය ටයිපිං ෂෝට් හැන්ඩ් ක්ලාස් ගියේ.. ඒ වගේ.. මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා.. දැං නම් හොදටම වසයයි.. ජීවිතේට පොල් ගාලා නෑ.. එයාට පොල් ගාන්න තේරෙන්නේ නෑ.. හැමදාම කඩෙන් තමයි කෑවේ.. හැබයි ඔය අදටත් ඉන්නේ ලස්සනට...

      ///ගෙදර ඉන්න ගෑනිට කන්න හදන්න බැරි හින්දා කඩෙන් කන එක සාධාරනයි ද හිරු ??///

      අනිවාර්යයෙන්ම සාධාරණයි.... මොකද දෙගොල්ලොම ජීවිතේ වැඩි කාලයක් ඉගෙන ගැනීමටම කැප කරලා තියෙන කොට කෙල්ලෙක්ට උයන්න බෑ කියලා උඩ පනින්න කාටවත් බෑ... හරිනම් උයන එක දෙගොල්ලටම කරන්න පුළුවන් වෙන්න ඕනේ..... ඉස්කෝල වල දෙගොල්ලටම උයන්න උගන්නනවනේ... මගේ තාත්තට, මහත්තයට, මල්ලිට සමහර කෑම හොදට හදන්න පුළුවන්.. ( අඩුගානේ නුඩ්ල්ස් එකක් හරි ) උයන එක තව දුරටත් ගෑණු විතරක් කරන වැඩක් නෙවෙයි.... ( පිරිමින්ට පිරිමහගෙන උයන්න බැරි හින්දා තමයි ගෙවල්වල ගෑණු උයන්නේ.. පිරිමි උයන්න ගියාම මාසෙක බඩු නාස්ති කරනවනේ.. හි හි)

      මම කිව්වේ සෑම් ඔය වගේ කරන එක වංචාවක් නෙවෙයිද... මට නම් එහෙමයි හිතෙන්නේ... මම කවදාවත් මගේ මහත්තයට එන SMS එකක් දිගෑරලා බලන්නේ නෑ... කොච්චර පාස්වර්ඩ් සේව් කරලා තිබ්බත් එයා මගේ මේල් එකවුන්ට් එකට වත් ෆේස් බුක් එකවුන්ට් එකටවත් රිංගලා බලන්නේ නෑ.. ඒ අපි දෙන්නට අපි දෙන්නව හොඳටම විශ්වාස නිසා... එහෙම නොවී මුල ඉඳලම වංචාවක් කරලා ජීවිතේ පටන් ගත්තාම සන්තෝසෙන් ඉන්න පුළුවන්ද.... අනේ මන්දා.. මට නම් බෑ...

      එතකොට දැං කාලේ කෙල්ලෙක්ට එයාගේ මේල් එකවුන්ට් එක, ෆේස්බුක් එකවුන්ට් එක කැන්සල් කරලා, ‌ෆොන් නම්බර් එකත් මාරු කරන්න කියන එක හිර කිරීමක් නෙවෙයිද... මට නම් එහෙම තමයි හිතෙන්නේ... හම්ම්....

      විශ්වාසයක් නැති තැන හොඳ ජීවිතයක් නෑ...

      Delete
    12. dheweni paratath Hiruta jaya.........

      Delete
  8. //විවාහය යනු හුදෙක් නිදහසේ සිටින පිරිමියා කුඩුවේ දැමීමේ සහ කූඩුවේ සිටින කාන්තාව නිදහස් කිරීමේ ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතු නැත්තේය.//

    මේක ඉතින් අනික් පැත්ත වෙන්ටත් බැරි නෑ සෑම්. :)

    මම මේ කල්පනා කලේ ගෑනු ලමයි ඔච්චර ඔය අර පන්ති මේ පන්ති ගිහින් කෑම හදන හැටිම ඉගෙනගන්නේ දැන් කාලේ පිරිමි කන්ට බලාගෙනම ඉන්න කොටසක් හින්දාවත්ද? පිරිමි ලමයි මොනවගේ දේවල් ඉගෙනගෙන විවාහෙට සැරසෙනවා ඇත්ද කියලත් කල්පනා උනා.

    අර ෆේස්බුකියේ තියන දේවල් මකන්ට වෙන්නේ ගෑනු, පිරිමි භේධයක් නැතුව.:D

    ReplyDelete
    Replies
    1. කිසිම දේකින් පිරිමින්ව සතුටු කරන්න ඹවුනට දක්ෂතාවයක් නැති නිසා, කෑම හදලවත් එවා කවලවත් සතුටු කරන්න හදනව වෙන්ටෑ..

      // පිරිමි ලමයි මොනවගේ දේවල් ඉගෙනගෙන විවාහෙට සැරසෙනවා ඇත්ද කියලත් කල්පනා උනා.// පිරිමි ලමයි විවාහයට කලින් සියල්ල අත්දැකීමෙන් දනිත්..

      ජය !

      Delete
  9. හෙ හේ.... මගෙ යාලුවෙක්ගෙ ලැප්ටොප් එකක් කොල්ලට දීලා ෆොර්මැට් කරන්න කියල, පරන කොල්ලගේ ෆොටො එකක් අලුත් එකාට හම්බෙලා තිබුනා.එත් අවුලක් වුනේ නැ.අලුත් එක්කෙනා ඔක්කොම දැනන් හිටපු නිසා...

    ReplyDelete
    Replies
    1. එකනේ කොල්ලො හරි හොදයි කියන්නෙ, ඔකේ අනික් පැත්ත උනානම් අවුරුදු තිහක්වත් ඕක කියවයි.

      Delete
    2. දැනට කියවීම අවුරුදු 3.5 කි. මට හිතෙන්නේ මරෙනකන්ම ඕව නම් අමතක කරන එකක් නැ

      Delete
    3. @කම්මල +++++++

      @itnishantha ++++++

      මට කියන්න දෙයක් තියල නැහැ නොවැ !

      Delete
  10. ඔය කෑම් බීම හදන හැටි පන්ති ගිහින් ඉගෙනගත්තාට ඉතින් අවශ්ය වූ දාට කඩෙන් ගන්න වෙනවාය..
    සෑමාගේ උපදෙස් බඳින්න ඉන්න හැමෝටම ලිංග භේදයකින් තොරව වැදගත්වන බවට සහතික වෙනු කැමැත්තෙමි..

    ReplyDelete
  11. කෙල්ලන්ට විතරක් නෙමෙයි කොල්ලන්ටත් ඉතා වටිනා උපදේශයක්. මේ අර කතාව උඹගේ නිර්මාණයක්නම් උඹ මාර පොරක්. කොල්ලෙක්ගේ නිදහස නැතිවීමයි. කෙල්ලෙකුට එකාධිපති බලයක් හිමිවීමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා, මාතලන් ඒක තව ලස්සනට කියල තියේන්නේ

      Delete
    2. කොයි කොටස ගැනද මාතලන් කිව්වේ...

      ජය !

      Delete
  12. විවාහාපේක්‍ෂාවෙන් සිටින කොළු කෙල්ලන් පළමුව මහාචාරිය සෑම් තුමා අමතන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති සපෝට් එකට :)

      ජය !

      Delete
  13. හි හී...තව මොන කතාද සැමෝ... විවාහ වෙලා නැති නිසා ඕවාට උත්තර දෙන්න අපිට බැරි උනත්...මුළු ස්ත්‍රී ජාතීයම නියෝජනය කරලා ඔය දීලා තියෙන්නෙ හිරුවා නියම උත්තරයක්..අපි මොකටද තව ලියලා ලැපාගෙ කීස් ටිකට වද දෙන්නේ...හි හී..

    ReplyDelete
    Replies
    1. හිරුට උත්තර දුනිමි ! :)

      ජය !

      Delete
  14. මචං සෑමෝ..
    පොස්ටුව මරුය..
    කොමෙන්ටු තුලින් සියල්ලන්ගේම අදහස් එක්වූ විට ඊටත් වඩා මරේ මරුය... :D

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      උබ පුංචි කොල්ලෙක් නිසා වැඩිය මේව ගැන හිතන්න එපා !

      Delete
  15. සැමා දන්න දේවල්....

    ReplyDelete
  16. උබටත් සුවර් ආචාර්‍ය පට්ටමක් ලැබෙනවා මේ පිලිබඳව ... අනෙ මන්දා උබට මෙ දවස්වල මේවා හිතෙන්න ඇයි කියලා
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  17. උඹ දැක්කද බුකියෙ ශෙයාවුන "ගෑනි දකින මිනිහගෙ ෆේස්බුක් පිටුව"

    ReplyDelete
    Replies
    1. නැහැ රාජ් තියෙනව නම් ලින්ක් එක දාපං !

      Delete
  18. බොලේ සෑමා දන්න දේවල්... මේකා අපිට හොරෙන් බහු විවාහ කරගෙන පොලෝසියෙන් හොයනවද මන්දා.... මක්ක වුවත් කථාව ඇත්ත...

    අපේ වාර්ෂික විවාහක අවිවාහක එල්ලේ ගැටුම වෙලේ අවිවාහක කාලෙ හොද ක්‍රීඩකයො දෙන්නෙක් කයියට සැට් වුනා... දැන් උන් විවාහක පිළ නියෝජනය කලාට ඉස්සර වගේ වැඩ නෑ... පිත්ත තුන් පාරක් වනලා දැවී යනවා අඩුගානෙ බෝලෙකට ගහගන්න බෑ...

    කථාව මෙහෙමයි...
    පළමු වැනියා - කාලෙකින් බන් උඹව දැක්කෙ කෙට්ටුවෙලා ඇදිලා ගිහින්නෙ
    දෙවැනියා - උඹත් ඒ වගේ බන් කෙට්ටුවෙලා නෙ...

    පළමු වැනියා - (අසල සිටි බිරිද දක්වමින්) ඒකට එන්න එන්න මහත් වෙනවා...

    දෙවැනියා - මගෙ එකත් ඔහොමයි... අපේ සාරෙ උන් ළග බන්... අද එක ලකුණක් ගහන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අපේ සාරය උරා බීලද :))))

      Delete
  19. ගෑනුන්ට ලැබෙන ඔය කියන නිදහස ඉවරයි ගත්ත ගමන් වාන් දොරටු වහල ‍ජලාසෙ පිරෙන්න ඇරියාම...
    අස්වැන්න නෙලල ගෙට ගත්තට පස්සෙ පුලුවන්නම් ආෆ්ටර් එව්රි 1 ඉයර්.. ඔහෑ...ඔහෑ...

    ReplyDelete
    Replies
    1. :)

      සරල සාර්තක කමෙන්ටුවක් !

      Delete
  20. හෙන සරළයි නේ බං ........ හෙටම බඳිනවා !!!!

    ReplyDelete
  21. කෙහෙල්මල් විවාහය.....මමනම් පයිසෙකට ගණන් ගන්නෙ නෑ.මම ලයික් කරන්නෙ ලිවින් ටු ගෙදර් වලට.

    උපදෙස් ටික වැදගත් වෙන්නෙ ඊනියා විවාහය මහලොකු ලබ්බක් කියලා හිතන අයට විතරයි.

    ReplyDelete
    Replies
    1. හි... හී

      Delete
    2. මට මුකුත් තේරුනේ නැහැ :/

      Delete
  22. සැමාගේ මේ කතාව කසාද බදින්න ඉන්න පිරිමි සංහතියටම ආදර්ශයක්ම් වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  23. හොද්දක් බතක් ඒදගන්න බැරි කෙල්ලන්ට යස අගේට ෂොට් ඊට්ස් හදන්න පුළුවන්ලු....අනේ එහෙම එකෙක් බැඳ ගත්තා නම් ජීවිතේම ෂෝර්ට් කරගන්න තිබ්බා

    ReplyDelete
  24. හික්ස්.... මේකට හිරූ..... නියමෙට උත්තරේ දීලා තියෙනවෝ....... :)

    අදමයි මේ පැත්තට ආවේ...... ආව ගමන් තිබ්බේ ලේ කෝප වෙන පෝස්ට් එකක් නොවැ...... :-/

    ReplyDelete
    Replies
    1. හිරුගේ දෙවෙනි උත්තරේ බලමුකෝ.. :ඩි

      Delete
  25. හිරු අක්කාට ජය! :D

    සෑමා ගැන, අනාගත බිරින්දෑ ම බලාගනිත්වා!

    ReplyDelete
  26. මේ වනවිට තත්ත්වය බොහෝ සෝචනීය වෙමින් පවතී. කෙල්ලන් කොල්ලන් සමග හරි හරියට ක්ලාස් යති. ඉගෙන ගනිති. අම්මලා දූවරුන්ට දැලි ගා ගැනීමට ඉඩ නොතබති. ඉස්සර මෙන් සුදු රෙදි නැති නිසා නැන්දම්මට මවගේ මූනේ දැලි ගෑමට අවස්ථාවක්ද නොමැත.

    අවසානයේදී පෝරුවට නගින්නේ ඉවීමට නොදත් චයිනීස් කෑමට දත්, දරුවන් නැලවීමට නොදත් රොක් ගීතයක් ප්ලේ කිරීමට දත්, හදිස්සියකට අත් බෙහෙතක් නොදන්නා ගූගල් සර්ච් කිරීමට දන්නා, මඩේ සෙල්ලම් නොකර ඒ මත ඇති ගලින් ගලට පැන ගිය කෙල්ලකි.

    කොල්ලාට අබ සරණය.

    ReplyDelete
    Replies
    1. අඩේ මේක මන් ලිව්වේ කෙල්ලෝ ඉගෙන ගන්නවාට නෙවෙයි බොලන්. දැන් එවුන් රූකඩ වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න. (හි හි දැන් ඉතින් කෙලපියවුකෝ මටම)

      Delete
  27. ගමේ කෙල්ලක් හොයා ගත්තා නම් අහවරයි නොවෑ. මං නම් කොම්පියුටරේ අල්ලන්ටවත් දෙන්නේ නැහැ. ඇල්ලුවොත් කෙලින්ම දික්කසාද? සුට්ටං ලැප් එකක් දෙනවා ඈ තුමියට වැඩ කරගන්න

    ReplyDelete
    Replies
    1. සුට්ටං ලැපෙං ලොකු දේවල් කලොත් :ඩී

      ජය !

      Delete
  28. උඹට නම් සෑමො කසාද බඳින්න කලින් මේ බ්ලොග් එකත් ඩිලීට් කරන්න වෙයිද මන්දා! :D


    මම සාමාන්‍යයෙන් ස්ටාෆ් රූම් එකේ ඉන්න කොට එකපාරටම අරින්නෙ නැති බ්ලොග් වලින් එකක් මේක. මොකද මෙතන සිංහල පුලුවන් උන් ඉන්නෙ අපි දෙන්නා විතර නිසා අනිත් උන් හිතන්නෙ මේක වැල සයිට් එකක් කියලා අර පින්තූර දැක්කාම. ඇහුවොත් විතරනෙ කියන්න පුලුවන් එහෙම නෙවෙයි කීයලා.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දැම්මට පස්සෙ කමෙන්ට් ටිකකට රිප්ලයි කරල ආයෙ කමෙන්ට් බලන්න ලොග් වුනේ අද. දවස් දෙකක් විතර මිස් වුනා මගෙ හිතේ. කමෙන්ට් පහලට කියවං යද්දි බොලාගෙ කමෙන්ට් එකට හිනා ගියා බං...

      තේරුම් කරල දියං මේක “වැල සයිට්“ නෙවේ “එල සයිට්“ කියලා

      ජය !

      Delete
  29. සාමාන්යෙන් කෙල්ලෝ බදිනකොට ඔය ටික කරනවා , ලැප් එක ෆොර්මැට් කරන එකනම් අනිවාර්යයි

    ReplyDelete
  30. man nam hithanne degollangema nidahasa nathi wenawa

    ReplyDelete
  31. ඔය ලැප් ෆෝමැට් කරන ඒවා,ෆ්‍රෙන්ඩ්ලා අයින් කරන ඒවා වැඩිය අදාල වෙන්නෙ පිරිමි ලමයින්ටයි..

    ReplyDelete
    Replies
    1. ළමයි කසාද බදින්න්නේ මොන රටේ ද ?

      Delete
  32. හිකිස්....අනේ ඔය තියන මුල්ටික නම් අපිය අදාළයි.ඒත් මේ ඔය පහළින්ම කියල තියෙන ටික, කියන පිරිමි උදවියට තමයි හුගාක් බලපාන්නේ..

    ReplyDelete
  33. අම්මාපල්ලා .. දැන දැනත් අපි මේ හිරේ වැටෙනවනේ...
    (කොච්චර දැනගත්තත් නොවැටිත් බෑ වගේනෙ....)

    ජය..

    ReplyDelete
  34. ඇත්තකුත් තියෙනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  35. කෙල්ලන්ට වඩා කොල්ලෝ තමා රැවටෙන්නේ කෙල්ලෝ කරන වැඩ නිසා.

    ReplyDelete
  36. මෙහෙමයි ෆොර්මැට් කරලා හරි නොකරලා හරි පටන් ගන්න ජීවිතේ දිගටම හොඳින් අරගෙන යනවා නම් වරදක් නෑ. ඇත්තටම ඔය කසාදය කියන්නේ රෝම ලන්දේසි නීතියෙන් ගැට ගහන එකටනම් වැඩක් නෑ. අර සුමිත් කියන එක තමයි ඉස්සර ලංකාවේ තිබිල තියෙන්නේ. වැඩේ තියෙන්නේ අපේ එවුන් ඒ වගේ ඒවාට අවංක නැති එක.

    ReplyDelete
  37. බොලේ එන්න පරක්කු උනාට සෑමා එල පොස්ට් එකක් නේ දාල තියෙම්නේ.. හැබයි මේකට උත්තර නොදෙමි.. :)

    ReplyDelete
  38. My face book account will remain the same....whether its before or after marriage. That is my right & i have nothing to hide....remember that k?

    ReplyDelete
    Replies
    1. :D

      This is public issue affa, not about us !

      This is not about any issue in between u n me :) coz we are not having those kind of issues,

      ah, forgot to say that but u dnt knw my password neh :D :D

      Delete
  39. හික්ස්ස්ස්.. අපරාදෙ පරක්කු වුනානෙ මම.. මොනා වුනත් මරු පෝස්ට් එක..:D

    ReplyDelete
    Replies
    1. හිතු කියවල නැතුවද මරු කිව්වේ??

      හැම කෙල්ලම සෑමාව පතුරු ඇරියා බොල.. මේකි විතරක් හොද කියලා :)

      Delete
  40. සෑමෝ උඹ බදින්නද හදන්නේ අහ්... මට පේන්නේ මේක මූට වෙච්ච දෙයක්ද කොහේද..

    ReplyDelete
  41. දැන්ම ඉදන් ටික ටික කරන්න පටන් ගන්න ඕනා මේ දේවල්..නැත්නම් මගේ මගුලත් මගුලක් වෙයි මේවා දැක්කොත්..ස්තුතියි සෑම් මාමේ..

    ReplyDelete
  42. දැන් ඉතින් ඔය කසාද බඳින ගෑල්ලමයා හරි පිරිමි ළමයා හරි ඒ ඒ විදිහටම බාරගත්ත නම් නරකද?
    එතකොට මෙච්චර මහන්සි වෙන්න ඕන නෑනේ..!!

    ReplyDelete
  43. ඈ....දැන් අයියත් එහෙම කරනවද.......චැට් හිස්ට්‍රි එහෙම...

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං. ඒව එක එක මකන්න ගියාම මම නාකි වෙයි

      Delete
  44. අය්යෝ සෑම...උබ දැන් කුඩුවේ දොර ඇරලද තියෙන්නේ පාරවල් නොහිටින විදියට ඔරු පාරු යන්න .........

    ReplyDelete
  45. කකුළුවා දඟලන්නේ වතුර රත්වෙනකන් විතරයි ලු නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...