Wednesday, November 28, 2012

ඇයි උඹ ඉගෙන ගත්තෙ නැත්තේ ??


මේ කතාව නම් සරලය. නමුත් තේරුම් ගැනීමට, සිතීමට බෙහෝ දේ ඇත්තේය.

එදා නම් බදාදා දිනයක්ය. සෑමා ගම්පහ ගියේ දිවයිනේ සුප්‍රසිද්ධ කායික විශේෂඥ්ඥ වෛද්‍ය වරයෙක් හමුවීමටය. ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙක්ය. කතා බහ කරන්නේ විහිළුවෙන් තහළුවෙන්ය. රෝගීන්ට පවා එසේමය.

ඔහු එදා නම් ප්‍රමාදය. රෝගීන් පෝලිමේ සිටියේය. එහෙත් ඔහු වෙලාවට රාජකාරී කරන පුද්ගලයෙක්ය.

ඔහු එනතුරු පෝලිමේ සිටින අයෙක්ට ඌරු ජුවල්ය.

“ඇයි යකෝ අපේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය අරන් ඇයි මේගොල්ලන්ට වෙලාවට වැඩක් කරන්න බැරි?“

ඔහු එය කීවේ වට පිට නොබලාය. එවිටම ඔහු පිටුපසින් රෝගින් පරීක්ෂාකරන කාමරයට යාමට පැමිණියේ විශේෂඥ්ඥ වෛද්‍යතුමාය. ඔහුට එය ඇසුනේය. ඔහු අර පුද්ගලයාගේ පිටට තට්ටු කළේය. එම පුද්ගලයා පිටුපස හැරී වෛද්‍යතුමා දෙස බැලුවේය.

“ඉතිං අපරාදෙන ඔයාටත් තිබ්බනේ ඉගෙන ගන්න...“

වෛද්‍යයතුමා හඩ අවදි කර කීවේ එපමණක්ය.

හැදෙන උන්ට හැදෙන්න මේ වචන ටික ඇතිය.

කතාව ඉවරය.

Written_by_sAm_ශ්‍රී_Perera_08:14pm_27/11/12

73 comments:

  1. උපරිමයි.. පට්ටයි.. කනට ගැහුවට හපන්... නමුත් අර මනුස්සයගෙ කතාවත් සාධාරණයි... 100%

    ReplyDelete
    Replies
    1. ඔව් බං කනට ගැහුවට හපන් !

      ඒ මනුස්සයා පුද්ගලයා ගැන නොදැන, පොදු කුලකයකට වෛද්‍යවරයාව දාපු එක වැරදී බං

      Delete
  2. විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා නොවැ.. පොදු කුලකයට සලකන කොට වෙනස් කෙනෙක් එතන ඉඳල. දෙවි වරු වගේ වෛද්‍යවරු නැත්තේ නැහැ. අපි හැමෝටම එක්කෙනෙක් දෙන්නෙක්වත් මුණ ගැහිල ඇති එහෙම අය.

    යක්කු වගේ අයත් ඉන්නවා ඉතින් හැම තැනම වගේ. උදාහරණ ඕනි නැහැ. :)

    ReplyDelete
    Replies
    1. යක්කු ගැන උදාහරන බොහෝය. ඒත් මෙවන් අයෙක් එවන් කුලකයකට ගැබ් කිරීම අසාධාරණය.

      Delete
    2. යක්කු මේ කතාවට අදාලම නැති නිසාම දැකල තියෙන යකුන් ගැන කිව්වේ නැහැ.

      Delete
  3. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ බැලු බැල්මට දොස්තර හරි වගේ පෙනුනට මනුස්සය වැරිදි වුන එකනෙ... :)

    ReplyDelete
  4. අපි කොයි තරම් කුහක,බාල මිනිසුන් කියලා හිතෙන්නේ ඔය වේලාවට.

    ReplyDelete
  5. ''රේ'' කියලා නම ඉවර වෙන තෙනෙක්ද

    ReplyDelete
  6. වෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය සමාජයේම එක කොටසක්. සාමාන්‍ය සමාජයේ දකින්න ලැබෙන හොද නරක දෙකම වෛද්‍යවරු කියන මිනිස්සු ඇතුලෙත් දකින්න තියෙනවා. සමාජයේ පිලිගැනීමක් තියෙනවා වෛද්‍යවරු පරමාදර්ශී කාරුණික චරිත විය යුතුයි කියලා. නමුත් වෛද්‍යවරයෙක් වෙන්න කලින් ඔහු/ඇයි හිටියේ සාමාන්‍ය සමාජ වටපිටාවේ. වෛද්‍යවරයෙක් වූ පමණින් ඒ ගති ලක්ෂණ නැති වෙන්නෙ නෑ. ඒ නිසා පරමාදර්ශී වෛද්‍යවරුන් සෙවීම පරමාදර්ශී මිනිසුන් සෙවීම තරම්ම අපහසු කාරණයක්. එවැනි අය නැතුවා නෙමෙයි. ඒත් ඒ, සමාජයේ සාධාරණ මිනිසුන් සිටින තරමට සමාන ප්‍රතිශතයක් විතරයි. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රදීප් සාධාරණ කමෙන්ටුවට

      Delete
  7. ලෙඩානේ දන්නේ ලෙඩාගේ අමාරුව..අනික ඉතින් ඔක්කොමලා ඉගනගෙන දොස්තරලා උනානම් ගස් ගල් වලට බෙහෙත් දෙන්නැයි..ලෙඩාට පින්සිද්ද වෙන්න දොස්තර ජිවත් වෙනවා..වෙලාවට ආවනම් ඉවරයිනේ මේ මහත්තයා..

    ReplyDelete
    Replies
    1. හැමෝම සාමාන්‍ය සමාජයේ පුරුක්. අරහත් කවුරුත් නැහැ. සර්ව සම්පුර්ණ කවුරුත් නැහැ. ඒත් ඉවසීම වැදගත් !

      Delete
  8. රෝගීන්ගේ පැත්තෙන් රෝගීන් සාධාරණයි වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණයි

    ReplyDelete
  9. හප්පුච්චියේ ..... අර මනුස්සය චන්ද්‍රිකා නෝනගෙ කාලෙ, එයා එන උත්සවේකට ගියා නම් අදටත් මෑන් හිරේ.

    ReplyDelete
    Replies
    1. හි හි... කියලා වැඩක් නෑ..... හි හි

      Delete
    2. සිරා DDT +++++

      උඹට බ්ලොග් එකක් නැද්ද?

      Delete
    3. දැක්කද ලගදි යවපු චන්ද්‍රිකාවත් ප්‍රමාද වුනේ. නමේ වරදක්ද මන්දා

      Delete
  10. නියම උත්තරේ...කරකෝලා අතෑරියා වගේ දැනෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. බෙල්ල මිරිකුවාට හපන් බොල

      Delete
  11. කලිසම ගැලවෙන්ඩ ඇති නෙහ්. :D

    ReplyDelete
  12. හික්ස්! මනුස්පයාට ආයේ ඉස්කෝලේ යන්න හිතෙන්න ඇති අනිවා!

    ReplyDelete
    Replies
    1. මුල ඉදන් ඉගෙන ගත්ත නම් හරි යයි නේද බං

      Delete
  13. අපොයි...ඒ කියපු දේට නම් කට උත්තර නැ තමයි...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. කට උත්තර තියා මූන බලන්න බැරිව යන්න ඇති.

      Delete
  14. කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට බනින්නෙ ඌටත් තිබුණනෙ ඉගෙනගන්න. දොස්තරලට පොදු කුලකයට දාලා බනින එවුන් ඇවිල්ලා බලන්න මගේ බ්ලෝග් එක.

    ReplyDelete
    Replies
    1. ඒගැන පෝස්ටුවක් ලියවුනාද??

      එන්නම් ඒ පැත්තේ

      Delete
  15. ඉන්න හැමෝටම නිදහස් අධ්‍යාපනේ දෙන්න වියදම් කරනවා තමයි. ඒත් ඒක නැති නාස්ති කරපු කාලකන්නි කීප දෙනෙක් තමයි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් ඒ අයටම සේවය කරන්න එන අයට අනීවාරතේ බනින්නෙ..බොහෝමයක් තැන් වල තත්වෙ ඕක තමයි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙනි අයියා. අධ්‍යාපනය නැති වුනත් ගුණ දහම් නැති තැන මේ දේ වෙනවා

      Delete
  16. dostharalath minissune.. nice story ayya...

    ReplyDelete
  17. ඔහොම කතා අපමණයි. හැබැයි හැම වෛද්‍යවරයම එහෙම ම නැහැ. සමහර වෙලාවට අන්තිම අමාරු ලෙඩෙක් මුණ ගැහුනම අනිත් තැනට යන්න ප්‍රමාද වෙනවා. කොතෙක් දේ තියනව ද? හැබැයි පුරුද්දට පරක්කු වෙන අයත් ඉන්නවා. බහුතරය එහෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. හැම වෘත්තියකම හැම පුද්ගලයෙකුගෙම හොද නරක කියන දෙක තියෙනව නේ.

      ඒක සාපේක්ෂයි. පුද්ගලයා ගැන නොදැන කතා කිරීම වැරදී.

      ස්තුති මහවෙදනා

      Delete
  18. ඩොක්ටර් ගේ පිළිතුර නම් සුපිරි..

    ReplyDelete
  19. පුදුම උත්තරයක් නෙව.

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙයන් මෙහෙම උත්තර බදින්න

      Delete
  20. ගම්පහ එනවා නම් කියලා එන්න තිබුනනේ බන්... එහෙම උනා නම් ඉතිං අපිට හීනියට මොනවා හරි..........තිබුනා...

    ReplyDelete
    Replies
    1. ෂික්,....තකහනියක් එන්න හිතෙනවා බං...!

      Delete
    2. වී උඹ එනවා නම් අර ඩොලැක්කියත් අරන් වරෙන්...

      Delete
    3. එතකොට නැටුම් තෙල්?

      Delete
    4. තෙල් අපි ගේන්නම් බං. :)

      Delete
  21. වෛද්‍යවරායකගේ පමාවට ගොඩක් හේතු ‍තියෙන්න පුළුවන් ඒ නිසා එහෙම කතා කරපු එක වැරදියි.මොනා උනත් ඒ වෛද්‍යවරයා දීපු පිළිතුර නම් රිදෙන්න වදින්න ඇති....

    කාලෙකට පස්සෙයි සැමෝ එන්න ලැබුනේ.... කොහොමද ඉතින් සැප සනීප අසනීපයක්වත් හැදුනද??

    ReplyDelete
    Replies
    1. යකෝ මූ ඉදල ඉදල ඇවිත් අසනීපයක් ද කියල අහනවා..

      Delete
  22. හිකිස්... වෙන දොස්තර කෙනෙක් හිටියනං ලෙඩා හරි..

    ReplyDelete
    Replies
    1. වෙන හැම එක්කෙනාම එහෙමද?

      Delete
  23. ඕකට ලෙඩා ආයේ රිප්ලයි දෙන්න ගියා නම් ආයේ ඒ දොස්තරගෙන් බෙහෙත් ගන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකට රිප්ලයි කරන්න වචන නැහැ බං. විලි ලැජ්ජාවෙ බැහැනේ

      Delete
  24. අර බුවා බඩයනවට බෙහෙත් ගත්තේ නැද්ද කියලා දන්නේ නෑ නේ?

    ReplyDelete
  25. සමාජයේ හැම තරාතිරමකම තනතුරකම ඉන්නවා හොඳ මිනිස්සු සහ ගඳ මිනිස්සු ඉතින් ඒක ඔය වෘත්තියටත් පොදුයි.. මිනිස්සුනේ ඕකෙත් ඉන්නෙ. අපි අසාධාරණ විදිහට ඔවුන් දිහා විතරක් බලනවා මම හිතන්නේ. තමුන්ගෙන් වැඩක් කරවාගන්න එන අසරණමනුස්සයා මෙසේ ඉස්සරහ හිටගෙන පැය ගනන් බඩගින්නේ රස්තියාදු කරමින් හෙමින් වැඩ කරන ලිපිකරුවා රෝහලට ගියාම දොස්තර මහත්තයාට බනිනවා රස්තියාදු කරනවා කියලා. රජයේ බොහෝ සේවාවන්ට වඩා තවමත් එයාලගෙ සේවය උසස්..

    ReplyDelete
  26. මසුරං වටින කථාව...!!!

    ReplyDelete
  27. sam ta hitana nada denama hari kiyala?
    Jayawewa,
    Sajith(Sanjeewa)

    ReplyDelete
  28. හිතටම වැදෙන්න කියලා තියෙනවා

    ReplyDelete
  29. ඔළුව අතගාලා ටොක්ක ඇනලා තියනවා

    ReplyDelete
  30. මිනිහා ඒක අහලා ආපහු ලජ්ජා නැතුව ගිහින් බෙහෙත් ගත්තාද දන්නේ නෑ

    ReplyDelete
  31. ඉතින් ඇත්තනේ කතාව !හොඳ වැඩේ !

    ReplyDelete
  32. //හැදෙන උන්ට හැදෙන්න මේ වචන ටික ඇතිය.//
    සිරාවටම!!!

    ReplyDelete
  33. කදිම පිළිතුරකි.

    ReplyDelete
  34. තමන්ගෙ පැත්තෙන් තමන් හරි.. අනික වැරදියි. ඩොකා ගෙ පැත්තෙන් ඩොකා හරි යද්දි ලෙඩාගෙ පැත්තෙන් ලෙඩා හරි.

    හැබයි කතාව නම් කනේ පහරක්

    ReplyDelete
  35. අනේ මන්දා.....................

    ReplyDelete
  36. කතාව සාධාරණයි හැමෝම එකම මට්ටමින් හිතන නිසා ඒ මනුස්සයට සාධාරණයක කරන්න පුළුවන්.

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. වැරදි කමෙන්ට් එකනෙ බං මෙතන අලවලා තිබ්බෙ.

    මේවට කියන්නෙ 'මවුත් ආන්සර්ස් නැතුව යන ටෝක්ස්' කියලා නේද? :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans


    ReplyDelete
  39. ම්..මම නම් වෛද්‍යතුමා දුන්න උත්තරේට එකඟ නැහැ..
    ඒත් වට පිටේ කතාව දන්නැති නිසා එහෙම කියන එක හරි නැතුව ඇති...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...