Monday, November 26, 2012

ඔව් ඕයි මම බඩුවක්ම තමයි...


එක් මස් කඩකරුවෙකුගේ කතාවේ ලියවුණු මචං මචං මිත්‍රයා ගේ තවත් කතාවක් සෑමාට සිහි වුයේය.

මචං ගෙවුයේ දුක්ඛිත ජීවිතයක්ය. ඒ මුදල් අග හිග කමක් නිසා නෙවේය. සහකාරියකගේ අඩුව නිසාය. ඒත් පොර කෙල්ලෝ පසු පස නොගියේය. කෙල්ලෙක් අකැමැති වන්නට තරම් පෙනෙන්නට අඩු පාඩුවක් පවා නොතිබුනේය. ඒ සිකුරා රජ නොවූ කාලයක් විය හැකිය. එහෙත් සිකුරා රජ වී පොර අසරණ වන්නට ගියේ සුළුතර කාලයක්ය.

මචංගේ මෙන්ම, අපේද මිතුරියක් ඔහුට සහය දුන්නේය. ඒ කෙල්ලෙක් තෝරා ගැනීමටය. එය එතරම් වෙහෙස කාරී දෙයක් නොවුනේ ඇයගේ මිතුරියක්ම මචංගේ නීත්‍යානුකූල පෙම්වතිය ලෙස ඉදිරිපත් වූ නිසාමය. අපේ මචං සහ කපු කම කළ මිතුරිය මාර ෆිට්ය. එසේම උන් උන්ගේ ගෙවල් වලින් හදුනන්නෝය. එසේම මිතුරියගේ, මිතුරිය නොහොත් මිතුරාගේ නොයිදුල් පෙම්වතිය පවා නිවෙස් වලින් හොදින් අදුනන්නේය. ඒ නිසාම පෙම් හබය වැඩි දුර නොගොස් විවාහයකින් කෙළවර වන මට්ටමට නිවෙස් වලින් පවා දැන ගත්තේය. කෙල්ලෝ බලා සිටින්නේ විවාහයට ඇගිලි ගණිමින්ම බව නොදත් අපේ අසරණ මිත්තරයා ගුලිය කෑවේය. ඌ පව්ය.

මෙසේ ආදර අන්දරය ගලා ගියේය. නිවැස් වලට ආවේය ගියේය. එහෙ මෙහේ ගියෝය. ඒ අතර දැවෙන ප්‍රශ්න ඇති වෙමින් තිබුනේය. ඒ අපේ එකාගේ ෆෝන් එක waiting වූ අවස්ථාවකය. එදා සිට උන් මරා ගත්තෝය. ඒ අතර කෙල්ලගේද ෆෝන් එකද waiting වූයේය. වැඩේ තවත් උත්සන්න වුයේය. කොල්ලා කෙල්ලට බනිද්දී ඇයි නිහඩව සිටියාය. රිප්ලයි නොකළාය. මැසේජ් වලට රිප්ලයි නොකරද්දි මචං මිතුරාට මල පැන්නේය. පොර ශුද්ධ සිංහල වාක්‍ය කණ්ඩ උපයෝගි කොට ඇයට සද්ද දමන්නට වුවේය. ඇය ඒවාට පවා නිහඩව සිටියාය.

සියල්ල ඉවසනු නොහැකි තත්වයක් ඇතිවී අවසන මහා දිය පහරක් දරා ගත නොහැකි මට්ටමේ වේල්ලක් කඩාගෙන පහත් බිම් යටකළේය. ඇයි සියළු විස්තර මිතුරියට හෙවත්, මගුල කළ කපු කාරියට කීවාය. ඇය සුදුසු පියවර ගැනීමට පසුබට නොවූවාය. එනිසාම උක්ත නඩුව දෙමව්පියන් මැද විසදීමට පිරිස සූදානම් වුවෝය.

ඇගේ නිවසේ, දෙමාපියන්, ඇය, සහ කපු කාරියද, ඒ අතර තනි වූ අප මචං මිත්‍රයාද වීය.

“මොනාද පුතා මේ කරන වැඩ, ඔයාල කැමැත්තෙන් නේද යාළු වුනේ. දැන් මොකද මේ රංඩු වෙන්නේ?“

“මම රණ්ඩු වුනේ නැහැ ඇන්ටි. මෙයාගෙ ෆෝන් එක වේටිං හැම තිස්සෙම. එතකෙට මම කියපු දෙයක් දුර දිග ගියා..“

“අනේ බලන්න අම්මේ.. මෙයා කියන බොරු මුකුත් කිව්වෙ නැහැලු...“

“ඔව් මුකුත් කිව්වෙ නැහැ තමයි. ඇයි මොනාද මම කිව්වේ..??“

“මේ බලන්න මට එවපු මැසේජ්, තනිකර කුණුහරප, හරියට මම වෙන එවුන් එක්ක එහෙ මෙහෙ ගියා වගේ දාල තියෙන්නේ...“

ඒ වචන සැට් එකත් සමග ඇය තම ෆෝන් එක දිග හැරියාය. ඉන්බෝක්ස් එක සාලය මැදට හැලුවාය. අපේ එකාට හරි නම් එවලේ කට උත්තර නැති විය යුතුය. පොර තවත් ශක්තිමත් වූවේය.

“ආ.. එච්චරද ?? එතකොට මට එවපුවා.. මේ තියෙන්නේ..“

“මම ඔයාට කවදාවත් මෙහෙම ඒව එවලා නැහැ හරිද..“

“එවල නැහැ ?? මේ බලන්න ඇන්ටී...“

“තමුසෙ දවල්ට කෑවද??“

“මම ගෙදර ඕයි...“

“ඔව් තමුසෙ කියපු එක ඇත්ත තමයි.. මම බඩුවක් තමයි.. දැන් මොකද මට කරන්න කියන්නේ...“

කලවමේ හොද සහ දරුණු ඝනයේ මැසේජ් අපේ එකා සාලය මැද දිග හැරියේය. කපු කම කළ මිතුරිය අන්දොස්ය. වලිය තව තවත් ඇවිලී අවසානයක් නොදැකම අහවර වී තිබුනේය. කොල්ලා කෙල්ල දෙතැනකය. කපු කම කළ මිතුරිය අපේ මචං මිතුරා ඇමතුවාය.

“ඇත්තට උබට අරකි එහෙම කුණු හරප එව්වද බං ??“

“පිස්සුද බං. මට චාටර් වෙන්න බැරි නිසා මම මගෙ වෙන නම්බර් එකකින් මැසේජ් ටිකක් ගහගෙන ගියා.. වෙලාවට උන් මගෙ ෆෝන් එක අතට නොගෙන මැසේජි කියෙව්වේ..“

පලි - උක්ත මිතුරා අපේ එතරම් සමීප මිතුරෙකු නොවන බවත්. ඔහුගේ ක්‍රියාකලාපය තරයේ ප්‍රතික්ෂේප කරමි.

Written_by_sAm_ශ්‍රී_Perera_07:02am_26/11/12

මගෙ Huawei දුරකථනයේ නම් දිනය (උදාහරණ ලෙස පසු වූ දිනයක් දැම්මොත්) වෙනස් කලොත් අළුතෙන් එන මැසේජ් පවා මතු වන්නේ පරණ මැසේජ් අතරින්ය. මෙවන් සෙල්ලම් දමන්නන්ට මම එවන් දුරකතනයක් අනුමත කරමි.

75 comments:

  1. දුරකථන ජිල්මාට් එකකින් වගේ කොල්ලා ජාමේ බේරාගෙන තියෙන්නේ! මොනවා උනත් මොලේ ඇති රටක් වටින කොල්ලෙක්!!!

    ReplyDelete
    Replies
    1. නැත්තං කොල්ලාගේ කුට්ටම ගෙදර උන් කපලා විකුනනවා ෂුවර් !

      Delete
  2. මචං කාරයව උල තියන්න එපැයි...

    ReplyDelete
  3. නචන්ගේ ක්‍රියා කල්පයේ ඇති වරදකුත් නැහැ අෆ්ෆා... චාටර් වෙන්න බැහැනේ මොනව් උනත්.. හැබැයි ඉතින් අර වෙන නම්බරෙකින් කියල දැනගත්තොත් වැඩේ චාටර් නේ.. එක නිසා.. මමනං . ඔය දන්නා දන්නා ටර්ක්ස් එකක් පාවිච්චි කරලා. ඒකිගේ නම්බරෙන්ම මට ඕනි මැසේජ් එකක් එවාගනන්නවා .

    ඒ උනාට වැඩේ චාටර් අෆ්ෆා.. හේ හේ

    ReplyDelete
    Replies
    1. මොනෙව උනත් ජාමේ බේරගන්න එපයි.. අනික මොකටද අර වැස්සි එක පාරක් කෝල් වෙයිටින් උනාම.. වාත වෙන්නේ එන්නේ.. එල මචන් එල.. උඹ අපිට ආදර්ශයක් :D

      Delete
    2. ඔන්න අපි නැහැ ඕවට !

      Delete
  4. වැදගත් කථාවක් ;) ඉස්සරහට කාට කාට හරි පොරෝජං වෙන්නෙ නැතෑ.. හිකිස්

    ReplyDelete
    Replies
    1. වැඩක් ගන්නව නම් කමක් නැහැ නේද බං

      Delete
  5. කතාවේ අවසානය මොකක්ද ? සභා තොමෝ දෙපසට වී සතුටින් විසිර ගියාද ??

    ReplyDelete
    Replies
    1. අවසානයක් නැතුව කස්ටිය විසිරිලා.. දැන් දෙතැනක ඉන්නේ

      Delete
  6. මූ නාහෙට නාහන එකෙක් වගේ... මේවා අනාගතේට උවමනා වෙන්ටත් පුළුවනි.

    ReplyDelete
    Replies
    1. හැබැයි කෙල්ල පවු බං..

      Delete
    2. සිරාවට පව් බං. ඒත් මොනව කරන්නද? ප්‍රසිද්ධ නොකර වැඩේ විසදගත්ත නම් ඉවරනේ.

      Delete
  7. ඕන් අපේ මිනිස්සු. තමන් කරන වැඩ අනුන් පිටින් දාලා.. ඊටපස්සෙ ඌ හොඳම මිතුරෙකුත් නෙමෙයිලු. ඒ කියන්නෙ මෙයා මාර හොඳ කෙනෙක්. අපි නම් ඕවට නෑ කියලා. හරි පව්නේ....

    ReplyDelete
    Replies
    1. නැහැ බං. ඌ අමුතු ඩයල් එකක්. ආශ්‍රය කළාට අපි දුරින් ඉන්නේ. අපේ සමහර වුන්ගේ නැතිවුන ෆොන් මුගෙ ගෙදරින් මතු වුනේ.

      Delete
  8. අපොයි, කෙල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ. එක පාරක් කෝල් වෙයිටින් වුනොත් හිතන්නේ අපි වෙන කෙල්ලොත් (ගැනුත්) එක්ක සෙට් වෙන්න කෝල් කර කර ඉන්නවා කියලා. වලියක් ඔහොම දුරදිග ගියොත් ඉතින් අන්තිමේදී ලෝකේ නැති කුණුහබ්බ ගොඩක් කියලා අතැරලා දාන්න තමා වෙන්නේ. මොකෝ ඒ වගේ එකක් සහේට අරන් ඔලුව කනකල් බලං ඉන්නැය. :(

    ReplyDelete
    Replies
    1. සැකේ තියාගෙන ජීවත් වෙන්නත් බැහැ නේ බං

      Delete
  9. ඉතිං අන්තිමට මොකද උනේ බං?? මගුල කලාද?

    ReplyDelete
  10. Hapoi ban..mobile katha facebook passwork hitiya genita dila una keli matath thawama mathakai..charter..eth uve yaluwa kala wede anumatha karanawa..!!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියෙනව වගේ ටික්කා

      Delete
  11. Replies
    1. කෙල්ල කරපු වැඩේ නේද?

      Delete
  12. මචං කරපු වැඩේ වැරදි තමයි...

    ReplyDelete
  13. මචං කරපු වැඩේ වැරදි

    ReplyDelete
  14. වැඩේ නම් කැතයි හැබැයි මචංගේ පැත්තෙන් බැලුවොත් සාධාරණීය හේතුවකුත් හොයාගන්ට බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක සද්ද නැතිව විසදන්න තිබ්බ කේස් එකක් නේ බං

      Delete
  15. මචනුත් පවූ, කෙල්ලත් පවු, ඔක්කෝම පවු. හිකිස්.
    බඳින්ඩ කලිං ඔහොම වලි නං බැන්දට පස්සෙ කෝමට තියෙයිඩ :D

    ReplyDelete
    Replies
    1. වෙන් වුන එක හොදයි බං එක අතකින්

      Delete
  16. machan ge kriyawa anumata kala nohaka.
    Jayawewa,
    Sajith

    ReplyDelete
  17. අන්න එල කොල්ලෝ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙල්ලට ඉවසීම තිබුනා නම් මෙච්චර දුර යන්නෙ නැහැ වැඩේ. නමුත් දෙන්නගෙ නොගැලපීම් වැඩිනිසා තමයි tolerate කරන්න දෙන්නටම හිත නොදෙන්නෙ.

      කොල්ල කල වැඩේ කුජීතයි. මට අහු උනොත් හෑන්ඩ් බෑග් එකෙං ගහල, හතර හන්දි කඩල. ඇඳක් යට දාල කෙල්ලට දෙනව කොනිත්තන්ට කියල.

      Delete
  18. හ්ම්ම්.... ඔහොම කරන්න හොඳ නෑ පවු... :(

    ReplyDelete
  19. කෝල් වෙයිටිං..... ඕක ඔච්චර ප්‍රශ්නයක්ද බං... අනේ මන්දා....
    ඔය වගේ දෙන්නට දෙන්නා විශ්වාසයක් නැති කට්ටිය ඕවා අතෑරලා දාන එක තමයි හොඳ.... අනිත් එක ආයිත් ඉතිං දුක් වෙන්න දෙයක් කියලත් නෑ නේ.. දෙන්නම තරහා උනා.. ආයිත් පස්සෙන් ඇවිත් ලවු ඉල්ලන්න යන්නෙත් නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු වෙන් වෙන එක හොදා එහෙම අවිශ්වාස නම් !

      Delete
  20. වේටින්ග් වෙන එක ප්‍රශ්නයක්ද අප්පා ඔච්චරට.. හිතේ සැකයක් තියන් ආදරේ කරාම තමයි ඔය.. අනිත් කෙනා වැරද්දක් කරත් නෑ ඒක එහෙම නෙවෙයි කියලා කියන්න තරම් තමන්ට එයාව විස්වාස වෙන්න එපැයි.. ඒ නිසා කෙල්ල වැරදි.. මචං ගැන නම් කියන්න දෙයක් නෑ..අවිවාදයෙන්ම හෙළා දකිමි...

    ReplyDelete
    Replies
    1. මෙන්න වෙනස් උත්තරයක්. ඒත් ඇත්තක් තියෙනව නේ.

      මම කියන්නේ දෙන්නගෙම විශ්වාසය නැති කම තමා වැරැද්ද

      Delete
  21. බලු කොල්ලෝ..:)

    ReplyDelete
    Replies
    1. බලු කෙල්ලන්ට සැට් වෙන්නේ බුල කොල්ලෝ !

      Delete
  22. පව් යකෝ අර කෙල්ල.

    ReplyDelete
    Replies
    1. දැන් තනිකඩයි. සැට් කරන්නද?

      Delete
  23. කෙල්ලගෙ වෙලාවට කලින්ම කැඩුනෙ..!

    ReplyDelete
  24. ඉතිං ඒකි ඇත්තටම බඩුවක් නම් ජනසතු කරන්න තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. හිමිජ්ජ වගේ හිටියට මේකගෙ තියෙන වල්කම......

      Delete
    2. දැන් ජන සතු මකුත් නැහැ මචං. ඔක්කෙම රජ සතු !

      Delete
    3. හා හා ඒ උත්තරේට මම පට්ට ලයික් ඈ....

      Delete
    4. රජ කිව්වේ මේ අපේ සිමෙන්ති (වල්) රජා ද?

      Delete
  25. අඩේ ඒකට මං නෙමේ මයෙ කොල්ලම කතා කරනකම් ආයෙ මෙසේජ් එකක්වත් දාන්න යන්නෙ (ඔන්න දවස පුරාම සද්දයක් බද්දයක් නැත්තන් තිං මං මෙසේජ් එකක් දාල බලනව වැඩකද ඉන්නෙ කියල).......ඒනිසා වේටින්ග් ප්‍රශ්ණයක් මට ඇවිත් නෑ.මොකෝ මං ආඩලේ කලන කොල්ලට ඇණයක් වෙන්ඩ යන්නෙ නෑනේ ^_^

    හැබැයි මේ වැඩේනම් කැටයි අෆ්ෆා.....

    ReplyDelete
  26. කොහොමින් හරි කෙල්ල බේරුණානෙ, ඒ මදැයි....

    ReplyDelete
  27. මගුලක් කතාකරනවා...............

    ReplyDelete
  28. මෙවුවා මහ කැත වැඩ බං..

    ReplyDelete
  29. දැන් ඇතිවෙන හුඟක් හුටපට වලට හේතුව High availability. ඒ කියන්නේ ඕනෑම වෙලාවක access කරන්න පුළුවන් කම. ඉස්සර ලියුමක් ලියලා උත්තර එනකම් මොනතරම් ආසාවකින්ද ඉන්නේ? මේ සැකය වැඩි වුනේ තාක්ෂණික දියුණුව නිසා. කේන්ති ආව ගමන්ම message කරනවා. එතකොට වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි.

    ReplyDelete
  30. ඕවා මහා පව් වැඩ සෑමෝ ...!

    ReplyDelete
  31. මුන් දෙන්නා බැන්දානම් එකෙක් මැරිලයි ඉවර වෙන්නේ ඔහොම වෙච්ච එක හොඳයි..

    ReplyDelete
  32. ඈ.....කැතයි ඈ සැමා අයියේ...මං හිතුවේ නෑ ඔයා ඔහොමයි කියලා....

    ReplyDelete
  33. බය වෙන්න එප සෑමෝ , ඊලග කෑල්ල තවත් රසවත්

    ReplyDelete
  34. මූ මාර පොරක්නේ බොලේ සූදානම් සරීරෙන් ඇවිත් තියෙන්නේ... හැබැයි ඉතින් මොක වුනත් ඕක ඔහොම ගොඩ ගියපු එක නම් ලොකු දෙයක් නැත්තං විනාසයි

    ReplyDelete
  35. සුදීක කියල තියන කතාවට ගොඩක්ම එකඟයි. මිනිස්සු ඉක්මනින් හැගීම් පල කරනවා අද කාලේ. ඉතින් එහෙම වුනාම තමයි ගොඩක් ප්‍රශ්න ගිනි ගන්න මට්ටමට යන්නේ, ඒත් අද සමාජේ එක්ක ඒවා වලක්වන්න බෑ.

    ReplyDelete
  36. එල කොල්ලෙක් නෙ!

    ReplyDelete
  37. අනේ.... මට මේක නොවැටහේ....ෆුල් අනදොස්ය, අගක් මුලක් නොවැටහේ....නමුත් (පොස්ට් එක නොතේරැනත්, දමා ඇත කමේන්ට් වලින් වටහා ගතිමි). මා හට මට නොවැටහුනු ඔබේ බොලොගයේ හමුවූ පළමු පොස්ට් එක මෙය වේ....
    ජය........

    ReplyDelete
  38. ඇයි බං මුං මේවගෙ බාල වර්ගයේ වැඩ කරන්නෙ? මමත් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ ඔය කුණුහරප මෙසේජ් කාටවත් යවන එක.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  39. ම්..සෑමාගේ කතාවට 100%ක් එකඟය..ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නැහැයිලුනෙ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...