Friday, November 23, 2012

එක් මස් කඩ කරුවෙකුගේ කතාවක්.. !

ඇයි මචං එහෙම කියන්නේ මචං. මම උඹට එහෙම කරනවද මචං. උබට කවුද මචං ඕක කිව්වෙ මචං. බොරුනම් දැන් කෝල් එකක් දීල මම ඉන්න තැනම උගෙන අහපං මචං. උබට මතක නැද්ද මචං, එදා ඌමයි මචං උඹ ඉන්න තැනම මචං උඹ ගැන එක එක ඒව කිව්වෙ මචං.

උක්ත මචං සහිත ඩයලොග් එක සෑමා ඇතුළු මිතුරු පිරිසට ඇසෙන්නට ලැබෙන්නේ අපේම මිතුරෙක් කට ඇරිය විටය. පොර කතාවට වඩා කියන්නේ එකම වචනයක්ය. ඒ ‘මචං‘ යන්නය. දිනක් අපේ එකෙක් පොරට බැන්නේ තොට හැමෝටම බෙදන්න ඔච්චර නංගිලා ඉන්නවාද කියාය. හැම එකාටම මචං කියන්නට ඌට නංගිලා සිටිය යුතුය. එහෙත් නංගිලා නැතිය. හැම එකාටම කට පුරා කියන්නේ මචං කියාය. ඒ වරක් දෙවරක් නොවේය. හැම වාක්‍යයකටම දෙක බැගින්ය. 



මෙලෙස නන් ආකාරයේ මිතුරන් අප අතර ගැවසෙන්නේය. කලින් කී එකා මචං කියද්දී ‘බං‘ කියන උන්ද බොහෝය. එල, පට්ට, සිරා, දෙයියෝ සාලේ, වැනි සුපුරුදු වචන බහුලව යොදාගෙන බස කරකවන උන්ද ඒ අතරය. එකී නොකී එවුන් අතර කතා බහේදී පස්සු කෙලින උන් බොහෝය. උන්ට සෑමා කියන්නේ නම් “රොබින් හුඩ්“ලා කියාය. මන්ද උන් කට ඇරියොත් විදින්නේය. ඒ රොබින් හුඩ් ඊතල විදින්නාක් මෙන්ය. 

අපේ ලකියා නොහොත් ලක්ෂාන් කියූ කතාවක් මෙසේ ලියන්නට පෙර සෑමා ලකියා කළ වැඩක් නොකිය බැරිය. නැතිනම් එය ඌට කරන අසාධාරණයක්ය. මේ සීන් එක වුයේ කුරුණෑගල පැත්තේ මල ගෙයක් හොයාගෙන පාර අසාගෙන යන අතරය.

“අයියේ මේ පැත්තෙ මල ගෙයක් තිබ්බද?“

“ම්.. මලගෙයක්... මලගෙයක් නම් මතක හැටියට නැහැනේ....“

“හරි අංකල් අපි ඉස්සරහට ගිහින් අහල බලන්නම්..“

අපේ එකා විද්දේ නැතිය. මුලින් කතා කරද්දී අයියා වූ පාර කියන්නා විනාඩියක් යන්නට මත්තෙන් අංකල් වීම දුක්ඛිත කරුණක්ය. පොර ගේ මූණ දෙකඩ වූ බව අපි සැවොම දුටුවෝය.

එය සිද්ධිය සිදු වී විනාඩි දහයක් පමණ ගමන් කර නැවත පාර ඇසීමට වාහනයේ වේගය අඩාල කලේ අපේ ලකියාමය. අංකල් කෙනෙක් තම දියණිය ෆුට් සයිකලයේ හිදුවාගෙන පැඩලයට බර දී ගමන ආරම්භ කරන්නට වූවා පමණි. අප ලකියා වාහනය නවතා අංකල්ට කතා කළේ එහා අසුනේ සිටි සම්පතාට කතා කරන්නට ඉඩ නොතබින්ය.

“අංකල් මේ ඉස්සරහා මල ගෙදරක් තියෙනවද?“

“කවුද නැති වුන කෙනාගෙ නම ??“

“දන්නෙ නැහැ අංකල් අපේ යාළුවගෙ තාත්තා, යාළුවාගේ නම නම් මනෝජ්..“

“එහෙම නම් දන්නෙ නැහැ පුතා, කොහෙද කියන්න හරියටම ගමේ නම..“ අංකල් කෙලින්ම ඇසුවේය.

“විනාඩියක් ඉන්න අංකල් අහලා කියන්නම්..“ කියමින් ලකියා ෆෝන් එක ඔබන්නට ගත්තේය.

යකෝ අංකල් හිටපං කෝ මූ කෝල් එක අරන් ගමේ නම කියනකල්, අංකල් පැඩලයට බර දී ගමන ඇරඹුවේය.

කෙසේ හෝ මල ගෙදර ගොස් ගෙදර එද්දී නුවර පාරට වැටෙද්දී කොළ පාට බෝඩ් එකේ නුවරට සහ කොළඹට ඊතල ගසා තිබියදී ලකියා හරවා තිබ්බේ නුවර පැත්තටය. නුවර කිලෝමීටර 25ක් පමණ දුරක් තිබියදී නැවත හරවා ගෙදර ඒමට තරම් වාසනාවක් අප සතු වුවේය.

ලකියා කළ හදිය එසේය. මේ ලකියා ගේ ගෙවල් ලග අංකල් කෙනෙක් දුන් ආතල් එකක්ය. 

පොරත් අංකල් වුවාට අපේ ලකියා හැදින්වුයේ අයියා කියාය. ඔහු මස් මඩයක් කරගෙන කාටවත් කරදරයක් නැතිව හවසට ෂොට් එකක් දාන පොරක්ය. එසේම අපේ ‘මචං‘ මිතුරාසේම එකම වචනයක් වැඩිපුර භාවිතා කරන්නෙක්ය. පොර හවසක ෂොට් එකක් දමාගෙන මස් කඩය අසල අවි අමෝරාගෙන කෑගසමින් සිටියේය.

“මෙන්න අම්මට *** ඇවිල්ල මල්ලි...“ පොර කෑ ගසන්නේය.

“මෙන්න ඇවිල්ලා, අම්මට *** ඇවිල්ලා මල්ලී...“ නැවත පොර කෑගසන්නේය.

“මෙතන ඇවිල්ලා, අම්මට *** ඇවිල්ලා... මල්ලී...“ කියමින් පොර නැවත නැවත කියද්දී එතනින් ගිය පොරක් මස් කඩ අයියාට කිට්ටු වුනේය.

“මොකද මොකද අයියා කවුද ඇවිල්ල තියෙන්නේ...“

“නැහැ මල්ලි, මෙතන ඇවිල්ලා.. ඔයා ඇවිල්ලා දන්නවනේ මගෙ හැටි.. මම ඇවිල්ලා මල්ලි මගෙ පාඩුවෙ ඇවිල්ලා මෙතන මස් කඩේ කරනවා නේ..“

කවුද ඇවිල්ලා තියෙන්නේ කියා අහන්නට ගියා මල්ලීට වැඩේ තේරුනේය. එසේම මස් කඩ අයියාගේ අම්මාටද කරදරයක් නැති බව පොරට හැගෙන්නට ඇතිය.


Written_by_sAm_ශ්‍රී_Perera_07:01pm_23/11/12

83 comments:

  1. පලවෙනි කමෙන්ටුව මගෙනි.
    උඹත් ඇවිල්ල මාර කතා තම්යි කියන්නෙ හෙහ්

    ReplyDelete
  2. පලවෙනි කමෙන්ටුව මගෙනි.
    උඹත් ඇවිල්ල මාර කතා තම්යි කියන්නෙ හෙහ්

    ReplyDelete
    Replies
    1. මෙව්වා අසාධාරණ වැඩ හරී.. මම දෙක වෙන්ඩ හිතාගෙන හිටියෙ.. ඔයා එකයි දෙකයි දෙකම අත්පත් කරගෙන..

      Delete
    2. කවුද බොල තෑගි දෙන්නේ හෙහ් හෙහ්

      Delete
  3. පට්ටනේ..............

    ReplyDelete
  4. ආ හරි... ඔන්න එක අඩුපාඩුවක් හරි සැමෝ... මෙන්න මුන් දෙන්න පොරකනවා.. හි හි..

    ReplyDelete
    Replies
    1. ෂෙහ් .. මෙහෙත් මං එක වෙන්න පොරයක්ද? දැන් මෙතනට අඩු බ්ලොග් පොලීසිය විතරයි. කස්ටිය ඇවිත් එක වෙන පොරේට ලෙඩේ ඇදල පොඩි සද්දයක් දැම්මනම් බඩු හරි. සැප කනේ. ඊළඟ දවසෙ ඉඳල ඔන්න මාත් එනව පොරකන්න.

      Delete
    2. මීට පස්සේ මම පෝස්ට් එකක් දාන්න කලින් කස්ටියට කියනවා.

      පළවෙනි කමෙන්ට් එකට රුපියල් 2000ක් වත් අය කරනවා :))

      Delete
    3. සෑමෝ ඇයි මේ ඉන්නේ අර "මචං" වගේ තව එක්කෙනෙක් නේද අක්කේ? (හි හි...) :P

      Delete
    4. ඒ ඔයාලට හිනාවෙන්න මගේ සිග්නල් එක... ගර්ර්්ර්ර්ර්ර්ර්................

      Delete
  5. මේක ඇවිල්ලා පට්ට කතාවක් මචන්....

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල කියෙව්වට ස්තුයි මානවක

      Delete
  6. අහා හිකිස්.... කියන්නට දෙයක් සොයමින්.

    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ලා කියන්න දෙයක් නැතිකරන පෝස්ට් එකක් ඇවිල්ලා !

      Delete
  7. කාලෙකට කලින් ‘මචං‘ ඇමති කෙනෙකුත් හිටියා. අහල තියෙන හැටියට නම් පොරට අධ්‍යාපන ඇමතිකමත් නැති වුනාළු ‘මචං‘ නිසා. දැන් ඒ උන්නැහෙ ඔය ගරු තනතුරක් දරමින් පැත්තකට වෙල ඉන්නෙ.

    හබෑට අරුන් මගදි හම්බෙන මිනිස්සු බයිට් එකට ගත්තද නැත්නම් ඒ උන්ගෙ හැටිද බං. නොදන්න පළාත්වලට ගිහින් ජෝක් කරන්න නරකයි මචං, රටේ නැති බාල්දි කැරකිල එන්නෙ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ග්‍රේරුද මචං?

      ජෝක් කළා නෙවේ බං. ඒ පාර යනව යනව ඉවරයක් නැහැ අපි අන්ද කයිප්පු කාල වගේ හිටියේ. :))

      Delete
    2. ග්‍රේරු කවද්ද බං එච්චර පොරක් වුනේ. මම කිව්ව මචං වි. ජ. මු. ලොකුබණ්ඩාර උන්නැහෙ ගැන. එයා ඉස්සර අමාත්‍යංශෙ ඉහළ නිලධාරීන්ටත් මචං කියලලු කතාකරේ. දවසක් ගම්උදාවකට යද්දි වාහනේදි ප්‍රේමදාස මහත්තය ඔය ගැන එයාගෙන් ඇහුවලු. මෑන් මොනාද වල්පල් වගයක් කියල උත්තරේ විදියට. ප්‍රේමදාස උන්නැහෙත් ඔළුව වන වන අහන් හිටියලු මොකුත් නොකිය. වැඩිදවසක් යන්න කලින් එයාගෙ අමාත්‍යංශෙ වෙනස් කරල දේශීය වෛද්‍ය ඇමතිකම හම්බවුනාලු. මට මතක විදියට ඔය කතාව දොරමඬලව වැඩසටහනකදි වි. ජ. මු. ම කිව්වද කොහෙද. මෑන් නම් කිව්වෙ ලොක්ක එයාගෙ මචං පාට් එකට දීපු උත්තරේ ඒකය කියල.

      Delete
    3. ආ .... ඔය වගේ ඉවර වෙන්නෙ නැති පාරක මාත් ගියා රත්නපුරේ ගිහින්. මට එපා වෙල හිටියෙ, පස්ස රිදෙනව සීට් එකේ වාඩිවෙල ගිහිල්ලම.

      Delete
    4. විජමු ලොක්ක ගැනද බං කිවවේ...

      අපොයි ඔව් බං පුක හිරි වැටෙනවා දුර ගමන් යද්දි

      Delete
  8. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ... යන්නේ කොහොමෙයි ...:P

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා ඇවිල්ලා ආපහු හැරිලා ඇවිල්ලා..

      දැන් හරි නේ :ඩී

      Delete
  9. අපේ බොසෙක් හිටියා හැමෝටම මචං කියපු. අන්තිමේ මචං සීන් එක නිසා මනුස්සයා ටිකක් කොන්වුනා අනිත් අයගෙන්. පවු. හොඳ මිනිහ මොක වුනත්.

    ReplyDelete
    Replies
    1. එහෙම බොස් ලා අඩුයි බං. සමහරු මචං ටයිප් එකෙන් ඉන්නවා කොන් නොවී හැබැයි.

      Delete
    2. බොසා ඉතින් අපිටත් මචං කියන්න ආවාම? ඉන්න පියනුත් මචං. අනිත් බොසාලත් මචං. එහෙම වුනාම බැංකුවක් වෙච්ච අපේ තැන ටිකක් අසීරු වුනා.

      Delete
    3. අප්පේ බැංකු නම් බංකු බංකු වෙයි නේද?

      Delete
  10. :D උඹට මීටර්ද පාර්ලිමේන්තුවේත් ඉන්නේ හිටං කියලා හැම වාක්‍යයටම ඇතුල් කරන එකෙක් :)

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි..

      පොරට හිටලා ලු නේද?

      Delete
    2. මටත් කතාව කියවද්දි මතක් වුනේ එතුමාව තමයි. “හිටං“ට අමතරව එයාගෙ තව වචනයක් තියෙනවා. “බම්බුව“

      Delete
  11. සමහර උන් ඇමරිකන් සුද්දෝ වගේ තමයි උන්ටත් මද ෆකර් නැතුවම බෑනේ...

    ReplyDelete
  12. ඕක ඇවිල්ලා මචන් එක එක පොරවල්ගෙ හැටි මචන්. ඕවා ඇවිල්ලා මචන් සක්කරයගෙ පුතා වයිමා ආවත් මචන් වෙනස් කරන්ඩ බෑ මචන්..

    අපේ කට්ටියක් ඔහොම පාරවල් අහගෙන යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ මළ ගෙදර ගියා. අන්තිමට ඒ පැත්තෙ එකෙක් මල ගේ පෙන්නලා කට්ටිය ඒකට ගියාලු.. ගිහින් මිනිය ඉස්සරහා හිට ගත්තා විතරයි මෙන්න කට්ටිය පුපුරන්ඩ හදන හිනාව නවත්ත ගන්න වලි කනවා.. බලද්දි පෙට්ටියෙ ඉඳලා තියෙන්නෙ ගෑනියෙක්.. අර පොර උන්ව වෙන කොහෙද මළ ගේකට යවලා.... ඔන්න බලපන් මිනිස්සුන්ට වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් හොයාගෙන ගියෙත් යාළුවෙක්ගේ තාත්තගෙ මල ගේ නේ මචං.

      ගිහින් මිදුලෙ බැලුවම ‘උපාසක මාතාවට නිවන් සුව‘ කියල පාලං කොඩි දාලා. අපේ එවුන් මර වෙලා. ගේ ඇතුලට ගියාම හරි තැනට තමා ඇවිත් තියෙන්නේ. අර උපාසක මාතාව කලින් මැරුණ කෙනෙක්. මරණාදාර සමිතියෙන් බැනර් ගහලා පිං පිණිස

      Delete
    2. මෙහෙම එකක් අපිටත් වුනා ඒකයි මෙතන දැම්මෙ ඕං

      Delete
    3. මේ ටික නම් සිරා !

      Delete
  13. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් හිටියලු කතා කරන හැම දේටම හඃ හඃ හා කියල හිනා වෙන. ඒක මිනිහගේ තාත්තටත් එහෙමම තිබිල තියෙනවලු. අන්තිමේදී තාත්තා අසනීප වෙලා ඉඳල රෝහලේදී මිය ගිහින්. අර කොල්ලට මාම ඇවිල්ල පුතේ තාත්තා නැති වුනා කියල කිව්වම පුරුද්දට හඃ හඃ හා කියල හිනා ගියාලු.

    ReplyDelete
    Replies
    1. අපේ කම්පැනියෙත් ඉන්නවා ඩයල් එකක්. පෝස්ට් එකවත් මම කියන්නෙ නැහැ.

      පොරත් මොනව කිව්වාත් හැම වාක්‍යයක් අවසානේ හහ්. හහ් ගාලා හිනා වෙනවා.

      Delete
  14. මම දන්නා එකෙක් ඉන්නවා වුත් එක්ක පාරේ යන්නත් බයයි කොයිවෙලේ හු යන්න කියාවිද කියලා දන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ හුලං නැති වුනාමද බං හුහ් කියන්නේ.

      Delete
  15. ඉස්සර අපි හොස්ටල් එකේ හිටිය කාලෙත් රෑ 1 ටැ විතර ඔය වගේ වචන කියල කොළඹ කුරුණෑගල පාරේ ඇවිදින මනුස්සයෙක් හිටිය.

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල පොරගෙ ගම වෙන්න ඇති. ගෙවල් පැත්තට යන්නේ අම්ම මතක් කර කර වෙන්නැති.

      Delete
  16. මම දන්න එකෙකුත් ඉන්නවා ඇවිල්ලා මෙහෙම කියන! :D

    ReplyDelete
    Replies
    1. ඌත් ඇවිල්ලා, මස් අයියා වගේමයි ඇවිල්ලා

      Delete
  17. තව තියෙනවා "අයිෂෙ" "කාරයා" "කියන්නෙ ඕයි" "අම්මප මචං"......මේක ඇවිල්ලා සිංහල භාෂාවෙ නිදහස් භාෂිතය මචං....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මචං. වචන නං ගොඩයි මචං. වැඩ තමා නැත්තෙ මචං. :)

      Delete
  18. මොනාද මස්සිනා මේ කතා... මට නම් පේන්නම බැරි කතාව තමා " ඕයි " කියන එක. ඔය මචන්ලා නම් අපේ ඔෆීසියෙත් පිරිලා. ඒ අය එක්කම කතාවට වැටිලද මන්දා මටත් ඔය " සිරා " වචනෙ කියවෙනවා

    ReplyDelete
    Replies
    1. සිරා කිව්වෙ බ්ලොග් ලියන සිරාද?
      එයා ඔයාගෙ හිතේ කොනක ඇති ඒකයි හැම තිස්සෙම කියවෙන්නේ

      Delete
  19. මම ඇවිල්ල මේ කියන්න දෙයක් කල්පනා කරානේ බං... :) මේක ඇවිලා මරු බං...

    ReplyDelete
  20. පට්ට තමා...මේ වගේ එව්වා අහන්න උඹම ඉන්න ඕනෑ නෙව..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති රතියා !

      තන්හා. රතී. රගා කියන්නෙ මාර දූවරු බං !

      Delete
  21. ඕක ඇවිල්ලා මල්ලි අපේ ජාතික අනන්‍යතාවයේ එක කොටසක්නෙ.. මන් ඇවිල්ලා මේම කීවම අපේ ජාතිය ගැන බුර බුරා ඇවිලෙමින් හතී අතේ දුවන් යන අය ඇවිල්ලා මට නෙලයිද මන්දා ? එහෙම ඇවිල්ලා කලත් අපි නම් සැලෙයි !

    ReplyDelete
    Replies
    1. අම්මේ මෙන්න ඇවිල්ලා.. වෙනි අයියා ඇවිල්ලා.. :)

      Delete
  22. කියන කථා............
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  23. ඔයවගේ ඩයල් එමට ඉන්නව. මගේ යාලුවෙකුගෙ යාලුවෙක් ඉන්නව. ඌ කතාකරනකොට 'සාමාන්‍යයෙන්' කියන කෑල්ල නිතරම දානව. උගේ නම සේන.යාලුව කියන්නෙ 'සාමාන්‍ය සේන' කියල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සේනයා අසාමාන්‍ය එකෙක් බං.. :)

      Delete
  24. කියන්න දෙයක් නැත.. මරුම මරු කතාව.. නියමයි!!!ඔහොම අය ඉන්නවා නෙ ඉතින්..

    ReplyDelete
  25. හි..හි..දැනුයි කල්පනාවට ආවෙ..මෙහෙම පොරවල් කොච්චර ඉන්නවද..!

    ReplyDelete
  26. මම මේ කල්පනා කළේ උඩින් උඹ කිව්වෙ මන් දන්න එකාමද? නැත්නම් වෙන එකෙක් ගැනද කියලා..

    මගෙ යාලුවෙකුත් ඔහොම තමයි ඌත් වාක්‍යයට මචං කියනවා අඩුම ගානෙ දෙපාරක්.. හැබයි සාමාන්‍ය කතාවෙදි නම් අඩුයි ඒක.. ටලිෆෝන් එකෙන් තමයි ලෙඩේ උග්‍ර වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. දුරින් ඉන්නකොට මචං වෙනව ඇති උඹව !

      Delete
  27. ඇයි තව තියෙනවා, ඩෝ කෑල්ල දාන එවුන්. මල ගෙවල් පිළිබඳ අත්දැකීම් මැරිච්ච එකාටත් වඩා වැඩි නිසා නොකියා සිටිමි

    ReplyDelete
    Replies
    1. උඹත් මල ගෙවල් වල අත්‍යාවශ්‍ය අංගයක්ද?

      කැරම් බෝඩ් එක වගේ !

      Delete
    2. නැත්තන්. දැන් මම මළ ගෙවල් වර්ජනය කරලා ඉන්නේ.

      Delete
  28. මචං වගේ එක කාලයක් හිට් වුණු වචනයක් තමා "බුවා" කියන එක :D

    ReplyDelete
    Replies
    1. දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා !

      Delete
  29. සංගිත ක්සේත්‍රයේ බොහොම ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් ඉන්නවා වචන දෙකතුනකට සැරයන් "මචං" කියන මේක කියවද්ද ඔහු මතකයට ආවා.

    ReplyDelete
  30. මචං කියන්නේ මොන භාෂාවේ වචනයක්ද හැබෑට..?

    ReplyDelete
    Replies
    1. දෙමළ...

      මස්සිනා = මච්චාන් (மச்சான்)

      Delete
  31. මමත් මචන් ටිකක් වැඩිපුර බාවිත කරනවා කියලා මේක කියෙව්වම තේරුනේ !!!!

    ReplyDelete
  32. කඩවත මචං එකෙන් අරූට ෂොට් දෙක තුනක් ගස්සපන්... ලෙඩේ හරියයි...

    ReplyDelete
  33. සොරි මචං ටිකක් පරක්කු උනා මචං. අවුලක් නෑනේ මචං අපි කොහොමත් එනවනේ නැද්ද මචං ...!!

    ReplyDelete
  34. සහතික ඇත්ත මචං

    ReplyDelete
  35. සෑම ඇවිල්ල රියල් පොරක්නේ. ඉස්සර තිබ්බ කෑල්ලක් තමයි ඔය ඇවිල්ල. මට පොරක් අහු වුනා ඌ හැමෝටම ශාන්ත කියල තමයි කතා කරන්නේ,

    ReplyDelete
  36. අපෙත් එකෙක් ඉන්නවා ඌtටත් මැදට ඉන්ග්‍රීසි කුණුහරුපයක් නැතිව කතා කරන්න හරිම අමාරුයි..

    ReplyDelete
  37. කාලයක් එක එක වචන මාත් පාවිච්චි කලා කේස් එක සීන් එක සිරාවට දැන් හරේ කියලා තමා පාවිච්චි වෙන්නේ හලේ මන්දා ඔව්වනං

    ReplyDelete
  38. මට නම් වැරදිලා අපේ තාත්තටත් මචං කියවිලා තියෙනවා. තාත්තත් ඇහුනේ නෑ වගේ හිටියා. මාත් හිමීට කැපුණා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...