Wednesday, November 21, 2012

හොරු අල්ලන්න උදව් කරන්න..


ඊයේ උදෑසන සෑමාගේ මස්සිනා අයියාගේ අබාන්ස් ප්‍රදර්ශනාගාරයට හොරු පිරිසක් කඩා වැදී හැකිතාක් දුරට සුද්ධයක් දමා තිබුනේය. කිරිල්ලවල පිහිටි එම ප්‍රදර්ශනාගාරයට ඇතුල්ව ඇති එම පිරිස ඇතුලට තිබූ LED රූපවාහිනී 8ක්, Hi Fi setup 2ක්, DVD player 6ක්, සහ අයන් කිහිපයක් රැගෙන ගොස් තිබුනේය. අත්, පා සළකුණු නොහිටින පරිදි ප්‍රදර්ශනාගාරය ඇතුලත වතුර දමා සළකුණු මැකීමේ උත්සාහයක්ද ඔවුන් විසින් දරා තිබුණේය. තවත් උපකරණ (අනෙකුත් ටීවී, ප්ලේයර්, සෙට්අප්, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරන වැනි) ඉතිරිව තිබියදී සීමිත උපකරණ කිහිපයක් රැගෙන යාමෙන් ඔවුන් පැමිණ ඇත්තේ ත්‍රී රෝද රියකින් බවට පොලිසිය සැක කරන්නේය.


නැති වූ සියළු උපකරණ වල EMI (Electromagnetic interference) අංක අප සතුය. ඕනෑම හොරකමක, ඕනෑම අපරාධයක කිසියම් සුළු අතපසු වීමක් රැදෙන්නේය. එවන් අතපසු වීමකින් හොරු, අපරාධකාරයෝ අත්අඩංගුවට පත් වන්නේය. එනිසාම මෙසේ පෝස්ටුවක් දැමෙන්නේ සොරුන්  සොයා ගැනීමට හැකිවේයැයි 100%ක බලාපොරොත්තුවෙන් නොවේය. එහෙත් ඔබට කිසිවෙකුට අඩු මිලට කිසිවෙකු විසින් ඉහත කී ආකාරයේ උපකරණ විකිණීමට තැත් කලොත් ඒ පිලිබදව කිසියම් හෝඩුවාවක් ලබා දෙන මෙන් සෑමා ඉල්ලා සිටින්නේය.

ආරක්ෂිත වීඩියෝ කැමරා සවිකිරීමට අපේ එකාට නුවණ පහල වේවා යැයි සෑමාගේ පැතුමය.

හොරු අල්ලන්න මෙහෙම පුලුවන්ද? අනේ මන්දා බලමු !

ස්තුතී,
සැමට ජය !

Written_by_sAm_ශ්‍රී_Perera_10:38pm_21/11/12

85 comments:

  1. ලංකාවෙ !!!!! හොරකමක් !!! වෙන්න්න්ඩ ..බෑ....

    ReplyDelete
  2. සමහර විට තොරතුරක් ලැබෙන්න ඉඩ තියනවා සැම්..මේක එෆ් බි එකටත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති නලීන්, බුකියෙත් දැම්මා !

      Delete
  3. අනිවාර්යයෙන්ම හොරු අහුවෙනවා.
    මේ හුණ්ඩුව අස්සෙ හොරකමක් කරලා කාටවත් හැංගෙන්න බෑ.වැඩිම වුනොත් සතියයි....
    හොරා‍ ෂොප් එකෙ වැඩ කළ එකෙක් හෝ දෙතුන් වතාවක් භාණ්ඩ ගැන විමසීම් කළ එකෙක් විය යුතුයි.
    ඒ වගේම ඔය බඩු බට්ටා වාහන වලින් ඩිල්වරි කරන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සුමියා මාත් කිව්වේ දවසක් දෙකක් එන්න යන්න ඇති..

      බලමු !

      Delete
  4. චෑ .... චෑ ... මහ හිඟන හොරු වගයක්නේ. මොනාද බං, අබාන්ස් ෂෝ රූම් එකක් කඩලත් මුං ගෙනිහින් තියෙන්නෙ මක්කද? යකෝ රටේ මහ එවුන් මේ තරම් සාර්ථකව හොරකම් කරන හැටි දිවා රෑ වෙහෙස නොබල පෙන්නලත් මුංට තාම බෑ හරියකට ශුද්ධයක් දාන්න. එක්කො බැරි මරණෙ ගෙවල් නොගෙන ඉන්ටෝන. ඇයි යකෝ... මෙහෙම බාගෙට හොරකම් කරන්න ගත්තම ලංකාවෙ නමටත් ලැජ්ජයි !

    ReplyDelete
    Replies
    1. අර කටුගේ කඩපු ජාතියේ කුඩ්ඩෙක් වෙන්න ඇති බං... සෑමෝ කොහේ අබාන්ස් එකද කියලත් දාපන්.

      Delete
    2. @DDT: මොකක් හරි සීන් එකක් නිසා මගදී සුද්දෙ අතෑරලා කලින් යන්න ඇති. එක්කෝ පොඩි වාහනයක් එන්න ඇති බං.

      @Mr. Anno: කිරිල්ලවල LOLC එක එහා පැත්තේ..

      Delete
  5. අහා.... මෙහෙමනම් බැරි වෙයි... සුවර්ම නෑ. උත්සහය නම් හොදයි

    ReplyDelete
  6. වැඩක් වෙයිද දන්නෙ නෑ ලංකාවෙ පොලීසියෙන්නම් අහයි කාවද සැක කියලා එච්චර්යි . මගෙත් ඔහොම හදන්න ගෙනාපු පරිගනකයි TV DVD Player වගේ සෑහෙන්න හොරු අරන් ගියා කෝ අදවෙනතුරු පොලීසිය ඇල්ලුවද ?

    ReplyDelete
    Replies
    1. පොලිසිය ගැන දන්න නිසා තමයි බං මාත් මේ පෝස්ට් එක හරි දාල බැලුවේ.

      හොරු ගැටගහලා තිබ්බොත් නම් අරන් යයි !

      Delete
  7. අයියෝ ඔච්චර බඩු තිබුන තැනක CCTV දාල තිබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ එකා ජනවාරි වල දානවා කිය කිය හිටියේ.. ඔය දැම්මේ ඉතිං :)

      Delete
  8. අයියෝ සල්ලි....

    ReplyDelete
  9. ඒක නෙව මාත් කියන්නේ ආරක්ෂක කැමරා පද්ධතියක් හයිකරගන්න කියලා තිස්සේ දෙවේලේ. ඕං ඒ ගැන දැගනන්නව නං http://rathei.blogspot.com/ කියල දෙනවා ඒ ගැන...

    ReplyDelete
  10. ලංකාවේ පොලිසියේ හොරු ඇල්ලිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ , මතකනේ වලගේ කථාව . සහෝදරයට ඉන්සුවරන්ස් එහෙම ඇතිනේ නේ , එහෙම නැත්නම් පොලොසියේ ක්‍රියා පටිපාටි වේගවත් කරන්න පුලුවන් උත්තේජක බලවේගයක් එක්ක සබඳතා තියනවා නම් ඒත් හරි . පොලිස්යේ ඇලි මැලි දුබල ගති නැති වෙලා නව පණක් ජවයක් ඇවිත් , ඕයි, බලමු , පොඩ්ඩක් ඉන්නවකො අයිසේ , තමුසෙගේ වැඩේ විතරද අපිට තියෙන්නේ වගේ සුමිහිරි වචන වෙනුවට . හරි මල්ලි බයවෙන්න එපා කොහොම හරි බඩු ටික හොයා ගමු කියන ගාණට ඇවිත් , සමහර වෙලාවට දන්න අඳුරන පලාතේ කුප්‍රකට හොර බඩු කාරයෙක් ගාවට ජීප් එකේම එක්ක ගිහින් බඩු ටික අරන් දෙන්නත් පුලුවන් . හැබැයි උත්තේජනය ආවේ නැත්නම් " අහවල් කෙනා ගාව බඩු ටික තියෙන්න පුලුවන් , පොඩි ගානක් දීලා බඩු ටික අරගෙන වැඩේ ගොඩින් ශේප් කරගන්න පුලුවන් නම් කාටත් ලේසියි , නැත්නම් ඕගොල්ලන්ටත් නිකන් උසාවි ගානි රස්තියාදු වෙන්න වෙනවනේ " කියල රුවන් වැකියක් කියන්නත් පුලුවන් (මේවා ඇවිල්ලා ෆස්ට් හැන්ඩ් & සෙකන්ඩ් හැන්ඩ් අත්දැකීම් )

    ReplyDelete
    Replies
    1. උසාවි යන්න, පොලීසි යන්නෙ නැතුව ගොඩින් බේර ගන්න එක හොදා බං. අනික කවුද හොරා කියල දැන ගන්න එකම ඇති මට නම් !

      Delete
  11. හොරු අහුවෙයි කියල හිතනව බලමු....

    ReplyDelete
  12. මේක හොරුන්ගේ දේශයක් සෑමා. සොරුන් නම් කොහෙත් ඉන්නවා. අපි තමයි ඒ නොවෙන්න වැඩ සංවිධානය කළ යුත්තේ. ඔබේ පාඩුව කෙසේ හෝ පියවේවා පතමි. මිතුරෙක් ලෙස මම ද ඔබ සමග කනගාටු වෙමි.

    ReplyDelete
  13. කිරිල්ලවල කොතන්ද බන් අබාන්ස් ඒකක් තිය්න්නෙ ? පොලෝසියේ වැඩ ගැන නං සුවර් නෑ ගොඩක් වෙලාවට අහුවෙන්නෙ අහම්බෙන්.... කුඩ්ඩො ටිකක් කොහේ හරි පොලෝසියකින් ඇල්ලුවාම කියන ඒවයින් තමා.....ඔය තනිකරම කුඩ්ඩොන්ගේ වැඩක් හැබැය Show Room එක ගැන දන්න එකෙක් ගෑවිලාම ඇති

    ReplyDelete
    Replies
    1. කිරිල්ලවල LOLC එක එහා පැත්තේ..

      Delete
  14. අඩෝ බොරු කියන්න..එපා අපිට DVD player එක.. අරගෙන එන්න බැරි උනා.. ,

    ReplyDelete
    Replies
    1. එහෙනම් අහුවෙයන් සුදු මහත්තයා.. :ඩී

      Delete
  15. කැමරා නැති උනාට ඉන්ෂුවර් වත් කරලා තිබුනා නම්. ඒත් හොඳ ඉන්ෂුරන්ස් එකක් ගන්න බෑ. ආරක්ෂිත කැමරා නැතුව. පොලීසිය දන්නවා හොරු කව්ද කියලා. ඔය වගේම අනිත් කඩවලත් හොයපන්. ගානක් වියදම් උනත් පොලීසියෙන්ම තමයි ගොයාගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉන්ෂුවරන්ස් එකක් දාන්න ගියාම ඒ කම්පැනි එක කියලා බං සිකි්‍යුරිටි කෙනෙක් නැත්තම් ඉන්ෂුවරන්ස් කරන්න බැහැ කියල. තව කැෂියර් එකට වෙනම යකඩ වැටක් තියෙන්නෝනි කියලා..

      හිකිස්.. :)

      ඔව් මේ වගේම සිද්ධි වුන අවට කඩවල් ගැන සෝදිසි කළා, බලමු මොනව හරි දෙයක් වෙයි !

      Delete
    2. ඉන්සුවරස් කාරයො පොලීසියට හපන්

      Delete
  16. මේක දැන් හොරුන්ගේ දේශය වීගෙන යන්නෙ...

    ReplyDelete
  17. ඒකත් එහෙනං කෞතුකාගාරේ වගේ මිෂන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ තරම් වැඩ්ඩෝ නොවෙන්න ඇති බං :ඩී

      Delete
  18. අර අංක ටික දියං අඩුවට හම්බ උනොත් බලල ඒ ටික වෙනස් කොරල දාගන්න.. හැක්..

    ReplyDelete
  19. සුවර් එකටම ඔය ටික උස්සන්න ඇත්තේ CD කඩයක් දන්නා වෙන්න ඇති මයේ හිතේ.
    ඉක්මනටම හොරු අල්ලගන්න ලැබේව.

    ReplyDelete
  20. මම ලදී ෂර්ලොක් හොල්ම්ස් ගෙ පොතක් කියෙව්වා.. දැන් රහස් පරීක්ෂක වැඩ වලට බහින්න හිතාගෙන ඉන්නේ හොද වෙලාවට උබලගේ හොරකමක් උනේ මට හොයන්න වැඩක් නැතුව හිටියේ මම වැඩේට බහින්නම් මට කියක් ගෙවනවද ? :D

    ReplyDelete
    Replies
    1. නියමයි මල්ලි, එහෙනම් ඉස්සෙල්ලාම අර ඔයා අනිත් අයගෙන් හොරකම් කරල මතකෙන් ලිව්ව කියන ලිපි වල අයිතිකාරයෝ කවුද කියල හොයන්න, මොකද ඔයා දන්නෙ නෑ කිව්වනේ. තව වැඩක්, අර අපි ඔය ගැන දාන කොමෙන්ට් විතරක් ඔයාගෙ බ්ලොග් එකෙ පේන්නෙ නැති ලෙඩේ හැදුවෙ කවුද කියල හෙව්වනම්. ආ තව අර ඔයා වැරද්ද පිලිගත්ත කොමෙන්ට් එක මැකුවෙ කවුද කියල හොයහන් මල්ලියෙ.

      උඹට කොපි සරනයි.

      Delete
    2. මෙන්න මෙතනින් තමා මේ මනුස්සයා මේක කොපි කරලා තියෙන්නේ.
      http://www.elakiri.com/forum/showthread.php?t=1039564
      වැරද්දක් කියන්නේ නැහැ මචන් හැමෝටම වෙලාව / හැකියාව නැහැ තමන්ම විස්තර සපයාගෙන පොස්ටු දාන්න එත් රියල් ජෙන්ටෙක් වගේ විස්තර ගත්තු තැන ගැන ලින්කුවක් අඩුම තරමේ නමවත් දාන්න කාරුණික වෙයන්.
      අනික උඹ මචන් මගෙත් කොමෙන්ටුව පබ්ලිෂ් නොකලට කමක් නැහැ එත් උඩින් අපි කරලා තියෙන ඉල්ලීම ගැන සලකල බලහන් නැත්නම් ඔක්කොමගේම පොස්ටු හොරාකන එක වැඩි ඈතක නෙමේ.

      සෑමා මචන් වෙච්චි දේට කනගාටුයි ඉක්මනින් හොරුන් අල්ලාගන්ට ලැබේවා කියල හිතනවා.
      තව උඹේ බ්ලොග් එකේ අර උඩින් දාල තියෙන කොමෙන්ටුව ගැන සමාව භජනය කරනවා

      Delete
    3. mulinma kiyanna one mama chami neme.
      eth mama chamiwa onlanka .com eken goda kaleka idala danna kenek me lipiya mulinma chami liwwe eyage issarama tibunu blog ekek 2010/12 mase lipiyak elakiri eken issuwe e lipiya chamige plaweni blog eka thawama tiyenawanam e lipiye link eka danna kiyala mama kiyanawa eyata . eya uputagaththa thanwala link dala tiyenawa eyage blog eke.

      mata google ID ekak tiyenawa anonymous widiyata oyala katha karana nisa mamath ehemmama uttara dunna.

      Mr SAM oyage blog eken anith ayata mada gahanna dena eka waraddak ehema unoth blog liyana tika denath me anola nisa nathara wei. karuna karala mewata ida denna epa. ano comments nathi karanna.. nathnam oyath karanne loku waradak ehema neda.

      Delete
    4. චමිගේ පළවෙනි බ්ලොග් එක දැන් නැහැ එකේ බ්ලොග් ලිපි 3යි තිබුනේ. එකේ අන්තිමට තිබුන ලිපිය ගැන තමයි ඔයාලා කතා වෙන්නේ chami ඔය අයෙමත් පලකරලා තියෙන්නේ එයාම 2010 හෝ 2011 මුල පළකරපු ලිපියක්. එළකිරි එකෙන් උස්සල තියෙන්නේ එයාගෙම ලිපිය . කිසිදෙයක් නොදැන කියවන ඇනෝ මොදයන්ව නතර කරන්න සෑම් මහත්තයෝ

      මම බහරේන්
      සජිත් (onlanka.com = DEEW (nick name)

      Delete
    5. ඔය චමී නෙවෙයි කියල කියන දෙදෙනාට, අපි කතාකරන්නෙ චමීගෙ ඔය ලිපිය ගැන නෙවේ, එයාගෙ බ්ලොග් එකෙ තියන අනිත් උස්සපුවා ගැන, විශේශයෙන්ම "නිලියක් සමඟ රැයක් " (ඔරිජිනල් - චන්ද්‍ර අනගිරත්න ) වගෙ ලිපි ගැනයි. සමහරවිට ඔයාල කියන මේ ලිපියත් කොපිද සීන් එකක් වගේ.

      අනික මහත්හොරුනේ, අපි මෙහෙම අනුන්ගෙ ඒවායෙ කොමෙන්ට් දාන්නෙ චමී අපෙ කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ නැති හින්දානෙ.

      අපිට හිනා අර බ්ලොග් ලියන අය ලියන එක නවත්තයි කියන කතාවට. ඉස්තූතියි ලේ පිරිසිදු කරාට.

      Delete
    6. @ චමී 4 U

      මචං මෙතැනදි උඹට චෝදනාවක් කරලා තියෙනවා... ඒ නිසා ඒකට පිළිතුරු සපයන්න ඕනෙ... නිහඩව සිටියොත් උඹ ඔය කියන වැරැද්ද කලා කියලා හැමෝම චෝදනා කරන්න පුලුවන්... ඒ නිසා උඹේ පාර්ශවයෙන් කරුණු දක්වපන්....

      Delete
    7. තමන්ගේ සහෝදර බ්ලොග්ගර්ලට මේ විදියට ජාතියක් ජම්මයක් නැති ඇනොනිමස් මෝඩයන්ට මඩ ගහන්න ඉඩදෙන එක හරිද සෑම් ?

      Delete
    8. AnonymousNovember 22, 2012 1:31 PM ට
      ඒ කතාව අනගිරත්නගේ නෙවෙයි english එකක් එහෙනම් අනගිරත්නත් කොපි කළා කියලා කියන්නකෝ ඈනෝ එහෙනම් පරිවර්තනය කරන්න ඕනෙම කෙනෙක්ට අයිතිය තියෙනවා ඇනෝ ඔයා ලියන බ්ලොග් එකක් කියන්න බලන්න අපි ඒවාට එන්නම්.

      Delete
    9. අනුන්ගේ වැරදි සොයන්න ගිහින් වරිගේ නහගෙන තියෙන හැටිනම් හරිම අපුරුයි .
      ඇනෝ පහසුකම් දීලා තියෙන්නේ බ්ලොග් ලියන උන්ට මඩ ගහන්න කියලා හිතාගෙන ඉන්න අයට හොද පිළිතුරක්

      සිංහලයන්ගේ දුර්ගුණයන් බ්ලොග් වලින් ප්‍රදර්ශනය වීම

      Delete
    10. මුලින්ම ඉන්න ඇනොනිමස් නම් DDT ද කොහෙද

      Delete
    11. @AnonymousNovember 22, 2012 1:48 PM
      චමී, මේ ඔයාම නේද චමි හරි කියල කොමෙන්ට් දාන්නෙ,

      මෙන්න මේ කොටස "ඒ කතාව අනගිරත්නගේ නෙවෙයි එන්ග්ලිශ් එකක් එහෙනම් අනගිරත්නත් කොපි කළා" එක පාරක් චමීම කොමෙන්ට් කරා අපිට උත්තරක් විදියටම්, පස්සෙ ඔයාම එක ඩිලීට් කරා.

      Delete
    12. eka English ekak kiyala oya nodannawa unata books kiyawana lankawe okkoma wage dannawa anagirathna kiyanneth daksha pariwarthakayekne

      Delete
    13. @AnonymousNovember 22, 2012 2:21 PM
      අනගිරත්න මහතා පරිවර්තකයෙක් කියන එකවත් නොදැනද ඔයා මේ චමී කියන කෙනාගේ ලිපි වලට මඩ ගහන්නේ. පරිවර්තනය කරන එක හොද වැඩක් හැමෝටම ඉන්ග්ලිෂ් බැහැනේ
      අනික ඇනොනිමස් කෙනෙක් විදියට ඇවිත් ජාරා කරලා ඒ ජරාව අනුන්ගේ වෙබ් වලත් ගාන එකනම් කැතයි. චමිගේ ලිපි වල ගැටළුවක් තියෙනවනම් එයාගේ බ්ලොග් එකේ ලියන්න නැත්නම් එයාට ඊමේල් දැම්මනම් හරිනේ මේ වගේ බාල වැඩ නොකර. මේවා ඉරිසියාවට කරන වැඩ වගෙයි පෙනෙන්නේ

      Delete
    14. ඇනෝ කමෙන්ට් ඩිඇක්ටිව් කිරීම පිළිබද -

      ඇනෝ කමෙන්ට් මුල්ම කාලෙ ඉදන් මම ඇක්ටිව් කරල තිබ්බ. මට ගහපු මඩ වලට ඇති වුණ ප්‍රශ්නවලට මම පිළිතුරු දුන්නා. ඒත් වෙනත් බ්ලොග් කරුවෙකුට පහර ගැසීමට මේක අවස්ථාවක් කරගන්න එපා කියල මම ඉල්ලනවා.

      චමී ලියන විදිහ ඌට ඕන විදිහට වෙන්න ඇති. අකැමැත්තක් තියෙන අය ඒක බලන්නැතිව ඉන්න එක කරන්නෝනි. මම අහල තිබ්බ, කියවල තිබ්බ කතා චමීගෙ බ්ලොගේ සටහන් වෙද්දි මම ඒව බලල කමෙන්ට් කළා “ මේක නම් අහලා තියෙන කතාවක් බං“ කියලා.

      මම හිතන්නේ ඒකයි විය යුත්තේ. නැතුව තැන තැන පහර දෙන එකනෙවේ.

      Delete
    15. අද සිරා දවස, ලොකු සෙට් එකක්ම බැහල ඉන්නෙ, ඉතින් ඔයාල කියෙව්වද චමීගෙ ලිපිය අර අනුන්ගෙ ලිපි හොරකන් කරන එක ගැන එයාම ලියපු එක. ඉතින් අඩුමගානෙ වැදි බන කියන්නෙ නැතිව චමීට තිබ්බනෙ අර ලිපි "පරිවර්තන" සහ අහවලාගෙ ලිපිවලින් පරිවර්තනය කරා කියල කියන්න, කෝ එහෙම කියල තියනවද? (ඇත්තටම ඒක පරිවර්තනයක් නම්). ඒයා එආව දාන්නෙ එයාගෙ නිර්මාන වගේනෙ.

      ඔන්න අපි නම් ලංකාවෙ පොත් කියවපු අය නෙවේ වෙන්න ඇති ඔයාල කියන හැටියට, ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා, මම මක්සිම් ගොර්කිගෙ "අම්ම" කියන පොත පරිවර්තනය කරන්න ඉන්නෙ, මම හිතාන ඉන්නෙ ගොර්කිගෙ නමවත්, පරිවර්තනයක් වත් නොකියා, කෙලින්ම මගෙ නම දාන්න, එතකොට ලංකාවෙ ඉන්ග්ලිශ් බැරි අයට ලොකු හෙල්ප් එකක්නෙ මගෙ පරිවර්තනය. නේද?

      Delete
    16. Samo..., very sorry dude, I just remind him, but there was lots of replied so I couldn't be silence anymore when I saw those replies. Sorry dude again, hereafter no-more comments.

      thanks you.

      Delete
    17. just replies for;

      "මම හිතන්නේ ඒකයි විය යුත්තේ. නැතුව තැන තැන පහර දෙන එකනෙවේ."

      "චමිගේ ලිපි වල ගැටළුවක් තියෙනවනම් එයාගේ බ්ලොග් එකේ ලියන්න නැත්නම් එයාට ඊමේල් දැම්මනම් හරිනේ"

      ---
      We replied him many times which regarding copied articles, all comments are deleted by Chami4U. So...

      @Dilshani, Hi Chamii, how you doing machan.

      Delete
    18. AnonymousNovember 22, 2012 3:42 PM

      අම්මා පරිවර්තනේ වෙලා ගොඩක් කල් .
      චමිට ඕනේ විදියට චමී ලියයි , ඔයා _ක නොදී ඉන්න

      Delete
    19. @ AnonymousNovember 22, 2012 2:11 PM

      ෴ මුලින්ම ඉන්න ඇනොනිමස් නම් DDT ද කොහෙද ෴

      කවුද බං උඹ, මගෙන්ම ගේම ඉල්ලන්නෙ, ක්සැන්ඩර්ගෙ බ්ලොග් එකෙත් ඇනෝ කෙනෙක් අද කමෙන්ට් එකක් දාලා තිබුණ මම බ්ලොග්වල ඇනෝ කමෙන්ට් දාලා ගේම ඉල්ලනවය කියල. මම කොතනත් කියන්න ඕන දේ මම හදාගත්තු ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියනව, ආයෙ ඇනෝ කමෙන්ට් දාන්නෙ මොකටද? මම කාලයක් තිස්සෙ බ්ලොග් කියවන්න ආවට කලින් මට ප්‍රොෆයිල් එකක් තිබුණෙ නැහැ, ඒ නිසා කාටවත් කමෙන්ට් දැම්මෙත් නැහැ, ඒත් බ්ලොගර්ලගෙ කල්ලි, වලි දිහා මමත් බලාගෙන හිටියා. අන්තිමට මම තීරණය කරේ බ්ලොග් අවකාශෙට එහා ගිය පුද්ගලික හිතවත්කම් නිසා ප්‍රශ්න ඇතිවෙනව වැඩියි කියල. ඒ නිසා මම අදටත් ඉන්නෙ කිසි කෙනෙක් එක්ක මින් එහා ගිය හිතවත්කමක් ඇතිකර නොගතයුතුයි කියන මතයෙ. බ්ලොගර්ල කීප දෙනෙක් එක්ක ඊමේල් හුවමාරුකරගෙන තිබුණත් කවුරුවත් එක්ක ෆෝන් නම්බර් දීල කතාකරල නෑ. ඒ නිසා ආයෙ මගේ ප්‍රොෆයිල් එකෙන් වැරැද්දක් කියල කමෙන්ට් කළාට අමනාප වෙන්න දේකුත් නෑ. ඒනිසා මම කොතනකවත් Anonymous කමෙන්ට් දාන්නෙ නෑ.

      මම උදේ දැක්ක මේක, ඒත් මම චමීගෙ බ්ලොග් එකට කවදාවත් ගිහිල්ලත් නෑ, (දැන් ඒ පැත්තෙත් ගිහිල්ල බලන්න ඕන) ඔය කියන ප්‍රශ්න මම දන්නෙත් නෑ. ඒත් මීට කලිනුත් කොහේ හරි ඔය ප්‍රශ්නෙ ඇදිල තියෙනව මම දැක්ක. ඒ වුනත් ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැති නිසා, මම සිරාගෙ කමෙන්ට් එක අනුමත කරල කමෙන්ට් කරන්න හිතලත් ආයෙ නිකන් හිටිය, අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ මොකටද කියල, එහෙම උවමනාවක් තිබුණනම් මම මගේ නමින්ම කමෙන්ට් කරනව.

      ඔයාල කියන විදියට මෙතන ප්‍රශ්නෙ එලකිරියෙ ලිපියක් උස්සපු එකනම් මට කියන්න තියෙන්නෙ ඒ ගැන වැඩිය වද වෙන්න එපා, මොකද එලකිරියෙ ඉන්නෙ කම්බ හොරු, ළඟකදි විචාරක මහත්තයත් ඔය එලකිරියෙ ඉස්සිල්ලක් ගැන පෝස්ට් එකක් දාල තිබුණ.

      ක්සැන්ඩර්ගෙ බ්ලොග් එකේ ඇනෝටත් තිබුණෙ ඔය වගේ ප්‍රශ්නයක්ම නිසා මම ඒ කමෙන්ට් එකත් මෙතන දානව, අවශ්‍ය නම් කියවල තේරුම් ගන්න.

      DDTNovember 22, 2012 11:06 AM

      @ ඇනෝ,

      ඔයා කියන්නෙ මොකක්ද කියල මම දන්නෑ, ඒත් මට එකක් පැහැදිලිව කියන්න පුළුවන්, මම කොතනකවත් anonymous කමෙන්ට් කරල නෑ. මම බ්ලොගර් එකවුන් එකක් හදාගන්ට ඉස්සර කකාගෙ බ්ලොග් එකට ටැබූ ගැන ලියපු ලිපියකට ටැබූගෙ ලිපි කීපයක් උපුටල දක්වන්නත් ගොසිප් ලංකා එකටයි විතරයි ඇනෝ කමෙන්ට් දාල තියෙන්නෙ. ඒත් DST ... හෝ DDT කියල කමෙන්ට් එක යටින් දානව. ඒක මම කකාගෙ බ්ලොග් එකේ අවසානයට කමෙන්ට් කරපු දවසෙ එතනත් සඳහන් කළා, ඇනෝල නිසාම තමයි මම දැන් කකාගෙ බ්ලොග් එකටත් කමෙන්ට් කරන්නෙ නැත්තෙ. (ඒ එක ඇනෝ කෙනෙක් DDT නමින් තව බ්ලොගර් අකවුන්ට් එකක් හදලත් මට පෙන්නුව, උගේ ටිකිරි මොලේ නිසා ඌට තේරුනේ නෑ නම එක වුනාට ඒ දෙක වෙනස් කියල.) ගොසිප් ලංකා එකේ උන් මරාගන්න හදන නිසා දැන් මම මාස ගානකින් ඒකෙ කමෙන්ට් කලෙත් නෑ. මම යූස්කරන මැෂින් එකෙන් නෙට් යන්නෙ මම විතරයි, ඒ නිසා මම නිතරම මගේ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙල ඉන්නෙ, හදිසියෙ මගේ අනිත් ජී මේල් එකට යන්න ඕන වුනාම විතරයි සයින් අවුට් වෙන්නෙ, ඒ නිසා මට කොහොමටත් ඇනෝ කමෙන්ට් දාන්න උවමනාවක් නෑ.
      අනෙක් දේ බ්ලොග් ලියන අය ලිවිය යුත්තෙ මේ මේ දේවල් පමණයි කියල වලි දාන අයට නම් මම හැමවිටම විරුද්ධව පෙනී හිටියා. කවුරු මොනව ලිව්වත් මට කියවන්න හිතුනොත් දිගටම කියවනව, අකමැති නම් නොගිහින් ඉන්නව. ඒ වගේම මම බ්ලොග් කියවන්න එන්නෙ තනිකරම විනෝදය සඳහා, ටිකක් හිත සැහැල්ලු කරගන්න. ඉතිං කවුරු හරි ගේම ඉල්ලුවොත් මමත් අතඅරින්නෙ නැහැ. ඒ වගේම නිදහස් පුරවැසියෙක් විදියට අන්තර්ජාලය තුළ මට සිත්සේ සැරිසැරීමට ඇති බාධාවක් මට නම් පේන්නනෙ නෑ, මම ජීවත් වෙන්නෙ මට ඕන විදියට.
      ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕන, දවසක් වින්චැට් කිරිල්ලි මගේ කමෙන්ට් එකක් යටින් දාලා තිබුණ කෙනෙක් මූනු පොතේ DDT විදියට පෙනී ඉඳල එයත් එක්ක චැට් කළා කියල. ඒත් මට fb එකවුන්ට් එකක් ඇත්තෙත් නැහැ. මට අනවශ්‍ය නිසා මම එහෙම එකක් හදන්නෙත් නැහැ.

      ඔබට අවශ්‍ය පිළිතුර ලැබෙන්න ඇතැයි සිතනව, ඔයාගෙ නියම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් එක දැම්ම නම් අපිට වඩාත් විවෘතව කතාකරන්න තිබුණ කියල හිතනව.

      Delete
    20. චමිට විරුද්දව තිබුණු ප්‍රශ්න දෙකටම උත්ටර හම්බවෙලා තියෙන්නේ
      1 කිලර් ලිපිය මෙයිට වසර දෙකකට ඉස්සර චමිම නෙට් එකේ පළකරපු එකක් . ඒක එළකිරි එකෙන් උස්සල පල කරගෙන තියෙන්නේ එයිට පස්සේ.

      2.අනගිරත්නගේ ලිපිය පරිවර්තකයක් එකේ අයිතිය චමිටත් තියෙනවා එහෙම නේද

      මේ කතාව වැඩි දුර යන්න ඕනේ නැහැනේ එහෙමනම්
      චමී මේකට උත්තර නොදෙන එකයි ගැටලුව . ok චමී ඔයාගේ වරදක් නැහැ මෙතන තේරුම් අරගෙන තියෙන විදියෙයි වරද .

      Delete
    21. නිළියක් සමඟ ‍රැයක් - නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න

      අනගිරත්න මහත්මයා මෑතකාලීනව ප්‍රසිද්ධ වුණේ ලෝක පූජිත නවකතා ‍රැසක් සිංහලයට පරිවර්තනය කිරීමෙන්. නමුත් ඔහු 70, 80 දශක වල ලංකාවේ හිටපු ප්‍රසිද්ධ දක්ෂ පුවත්පත් ලිපි සපයන්නෙක්. ඔහුගේ ජනප්‍රියම ලිපි පෙළ තමයි "නරලොව හොල්මන්". ඒ සෑම කතාවක්ම ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් බව සහතිකයි.

      Delete
    22. @AnonymousNovember 22, 2012 4:28 PM අම්මා පරිවර්තනේ වෙලා ගොඩක් කල් -

      ඇයි චමී මට බැරිද ආයි පරිවර්තනය කරන්න?


      ------------------------------
      @ AnonymousNovember 22, 2012 5:07 PM

      චමිට විරුද්දව තිබුණු ප්‍රශ්න දෙකටම උත්ටර හම්බවෙලා තියෙන්නේ -

      මොන උත්තරද හම්බ උනේ චමී? ඔයාම කියනවා, ඔයාම ඔප්පු කරනවා.
      හරි තාවකාලිකව අපි හිතමු, ඔරිජිනල් ඉංග්ලිශ් ලිපියක් තියනවා, ඒක තමයි ඔයා පරිවර්තනය කරේ කියල. ඉතින් අර ඔයාගෙ වැදි බන ලිපියෙ හැටියට, නිකමටවත් ඔයා දැම්මද ඒක පරිවර්තනයක් කියල? ඔරිජිනල් ලිපියෙ අයිති කාරයා කවුද කියල. ඇත්ත කතාව නම් ඔය උඩ කොමෙන්ට් කරල තියෙන්නෙ, නරලොව හොල්මන් කියන්න අනගිරත්නගෙ ස්ව නිර්මානයක්.


      ------------------------------
      @ ok චමී ඔයාගේ වරදක් නැහැ මෙතන -

      ෂා මාරයිනේ, ඔයා ශේප් එකෙ ඔයාව නිවැරදි කාරයා කියල අඟවන්න හදනවා. මල්ලි ඔයානම් මාරයි ඈ..

      Delete
    23. මම තමඊ මුලින්ම චමිගෙ පොස්ට් 1ක් ගැන මාතලන් බ්ලොග් එකේ අනෝ comment දැම්මේ. චාමි දාපු ලිපියක් මම කලින් බලන්ඩ පුරුදු වෙලා තිබුන බ්ලොග් එකක තිබුනා .හබඊ මම කියන්නෑ එක නම් චමි copy කලා කියලා .මොකද එක එහෙම වෙන කෙනෙක්ට ලියන්ඩ පුලුවන්.එක හඳට ගිය එක ගැන JOKE කතාවක් නිසා. හබඊ මන් දැන ගත්තා චමි කියන්නේ ගල්ආදෙක් කියලා.මොකද මම ඒ ලින්ක් එක එයාගේ බ්ලොග් එකේ දැම්මට approve කලේ නැ . එක නිසා තමඊ මම එක මට ඇනෝ එන්ඩ පුළුවන් තැනක දැම්මේ.මට ID එකක් නැ .මම බ්ලොග් ලියන්නෙත් නැ .Comments දාන්ඩ අසවකුත් නැ. හබි දැන් බලන් ගියාම මේක පට්ට හොරෙක් නේ.තව අනික් අයට හොර වැඩ කරන්ඩ එපා කියල පොස්ට් දාල ඒමදිවට. හික් හික්.

      මචන් චමි අපි බ්ලොග් බලන්ඩ එන්නේ අතල් එකට.අපිට අස හිතෙන දෙයක් දැක්කොත් කියවනවා.එකේ වන්හුන් හොයන්ඩ යන්නෑ .හබි උබල දැනගන්ඩ ඕනේ උබල ලියන දේවල් වලට අවංක වෙලා ලියන්ඩ.නට්ටම් මේ වගේ පොරියල් සෙට් වෙනව.

      Sorry Samo

      Delete
    24. @ "මේ කතාව වැඩි දුර යන්න ඕනේ නැහැනේ එහෙමනම්"

      එල එල, වැරදි කරපු එකාම අන්තිමේ තීන්දුවත් දීල.

      Delete
    25. අප්පට සිරි මම නැති අතරේ මෙතන හෙන ජෝගියක් ගිහිල්ලනේ මාව මුල් කරගෙන දැනුයි දැක්කේ..
      මුලින්ම ස්තුති මගේ පැත්තට කතා කරලා තියෙන කිහිප දෙනාට (මගේ පැත්තට උනුත් ඉන්නවනේ ආඩම්බරයි අප්පා හිකිස් ) මම ඇනෝ විදියට කමෙන්ට් කළා කියන .. ත්තිගේ පුතාලටයි මේ ඇයි මම කාට බයේද ඇනෝ කෙනෙක් විදියට කමෙන්ට් කරන්නේ මගේ බ්ලොග්ගර් නේම් එකෙන් ඇරෙන්න කමෙන්ට් කරලා නැහැ මම ඇනොනිමස් විදියට ඇවිත් කතා කරන්න තරම් දුර්වලයෙක් නෙමේ මම.. අහවල් එක තියෙද්දී අහවල් එකෙන් කෙලින්න හදන්නේ නැති එක මගේ ගතියක් එක නිසා ඇනෝ කෙනෙක් විදියට චමී එන්නේ නැහැ .

      අනිත් එක මේ බ්ලොග් එක මෑතකදී ලියන්න ගත්තට මම අන්තර්ජාලයට ලියන්නේ අවුරුදු හතරක විතර උඩ ඉදලා ඔය හැම ෆොර්ම් එකකම වගේ මම ලියපු ඒවා තියෙනවා එලකිරියේත් හම්බානකට තියෙනවා ඒ හැරුනාම පොස්ට් දෙක තුන ලියල අතහැරලා දාපු බ්ලොග් දෙක තුනකුත් තියෙනවා.. ඉතින් මම පරණ ලියපු ඒවා උස්සපු උන් ඒවා හතර වටේ පොස්ට් කරලා තියෙනවා මමත් දැකලා තියෙනවා ෆේස් බුක් එකේ පවා..එකෙන් මට වැඩක් නැහැ එත් මගේ පරණ ලිපියක් මම ආයෙත් මගේ බ්ලොග් එකේ දාපුවම එක කොපියක් කියන උන්ට දැනගන්නයි මේ කිව්වේ .
      ඒ කෙසේ වෙතත් මගේ බ්ලොග් එකේ මට ඕනේ ඒවා ලියන්න කාගෙන්වත් අවසරයක් මට වැඩක් නැහැ කියවන උන් කියවයි නැති උන් නිකන් ඉදි එක මට වැඩක් නැහැ .අනික මම කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ මට ඕනේ ඒවා විතරයි පබ්ලිෂ් කරන්නේ ඇයි මොකද ?, මගේ බ්ලොග් එක මට ඕනේ විදියට මිසක් කියවන උන්ට ඕනේ විදියට නටන්න මම ලෑස්ථි නැහැ මගේ බ්ලොග් එකට එකෙක්වත් ආවේ නැතත් කමක් නැහැ පුරුදු විදියටම මම මාසෙට දාන පොස්ට් 7 මම දානවා.. මේක මම කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක් වෙන කිසිම දෙයක් බලාපොරොත්තුව නෙමේ එහෙනම් මගේ දේවල් මට කැමැති විදියට මිසක් කොන්දක් නැති ඇනොනිමස්ලට කැමති විදියට නෙමේ..
      අනිත් එක අර පරිවර්තනේ චන්ද්‍ර අනිගිරත්නගේ කතාව ඒක පරිවර්තනයක් නෙමේ කියන උන් දන්නා රෙද්ද තමයි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..
      අනිත් එක ඔය පොඩි පොඩි විහිළු කතානම් මගේ මේල් එකට එන ඒවත් මම බ්ලොග් එකේ දානවා එතැනදී ඒක අනිත් අය කියවලා තියෙනවද නැද්ද කියන එක මට වැදගත් නැහැ කියවලා තියෙනවනම් ආයේ කියවන්න කියලා කවුරුත් බල කරන්නේ නැහැ කියවලා නැති අය කියවයි අනික ඒ කතා ඉංග්‍රීසි හෝ සිංහල වේවා ඒවා ලියපු එකාගේ ජාතකේ මම හොයන්න යන්නේ නැහැ මොකද එයිට වඩා මට වැඩ තියෙනවා..
      කොහොම උනත් අනුන්ගේ බ්ලොග් වල මම ගැන කතා කලාට වැඩක් නැහැ (මගේ බ්ලොග් එකේ නම් මම මේ වගේ සංවාද වලට ඉඩ දෙන්නෙත් නැහැ )මම ගැන කතා කරන්න ඕනේ නම් කෙලින්ම මට කතා කරන්න වෙන අයගේ බ්ලොග් වල මෙහෙම දැම්මට ඒවාට උත්තර දිදී ඉන්නවත් කියවන්නවත් මට වෙලාවක් නැහැ අනික ඇනෝ කියන උන්ව මම _ඩේ කාටවත් ගණන් ගන්නෙත් නැහැ.. ආතල් එකට ලියන බ්ලොග් එකක් වෙනුවෙන් ප්‍රශ්න ඇති කරගන්න කැමතිත් නැහැ එත් ඕනේ එකෙක්ට මම ගැන ප්‍රස්නයක් මොකක් හරි තියෙනවානම් තැනැ තැන ජරා කරන්නේ නැතුව මට කතා කරන්න මෙන්න මගේ නම්බර් එක 0759920155 , කතා කරලා විසදගන්න බැරිනම් .. කැමති ඕනෑම විදියකට මමත් ලැස්ති , කියන්න ලංකාව ඇතුලත ඕනෑම තැනකට චමී එනවා...

      Delete
    26. මට *** කතාකරල කිව්ව අන්න චමී උගෙ නමෙන්ම රිප්ලයි කරල කියල, නැත්නම් ඉතින් මල්ලි හැම වෙලාවෙම අපිට එන්න අමාරුයි, අද ඔෆිස් ආවනෙ.


      @ "අප්පට සිරි මම නැති අතරේ මෙතන හෙන ජෝගියක් ගිහිල්ලනේ මාව මුල් කරගෙන දැනුයි දැක්කේ.. "

      උබනම් සිරා කොල්ලෙක් මචන්, වෙන කියන්න දෙයක් නැත.


      කොච්චර දිග රිප්ලයි එකක් උනත් මචන්, අවශ්‍ය දේ ගැන කතා කරල නෑනේ, ඔයාම තමයි මෙහෙම කියන්නෙ,

      " උපුටා ගැනීම් වැළැක්විය නොහැක්කෙමය තමන්ට නිර්මාණ හැකියාව නොමැතිනම් අනුන්ගේ එකක් හෝ රැගෙන තමන්ගේ කර ගැනීම කොයි ජාතියේ මනුෂ්‍යයාටත් පොදුය එය මනුෂ්‍ය ගතිය යැයි හැදින්විය හැකි උවත් එය මනුෂ්‍යකම නම් නොවේ.

      වර්තමානයේ අන්තර්ජාලය තුල නිර්මාණ කොපි කිරීම සීග්‍රයෙන් වෙමින් පවතී. එහි වැරැද්දක් නැතයි කීමටද බැරිය. එහි වැරැද්දක් ඇත වඩාත්ම දරුණු වන්නේ එම නිර්මාණ කරුවාගේ අඩවියේ ලිපිනයවත් නොමැතිව එය තමන්ගේම කරගෙන පල කිරීමයි. "

      එහෙම කියල, ඊට පස්සෙ ඔයා මෙහෙම කියනවා,

      "එහෙම නැත්නම් කෙනෙක්ගේ නිර්මාණයකින් අදහස් ගෙන එයිට සමාන වෙනත් නිර්මාණයක් කිරීමේත් වරදක් නැත . වරද ඇත්තේ අකුරක වත් වෙනසක් නොමැතිව ගෙඩිය පිටින්ම කොපි කර තමන්ගේ ස්ථානයේ පේස්ට් කර ගැනිමේය .. එවිට එය නිර්මාණ මංකොල්ලයක් වේ .."

      ඇයි ඔයා මෙහෙම කිව්වෙ, මොකද ඔයා කරපු දෙයින් බේරෙන්න. මේක හරියට සෑමගෙ මස්සිනාගෙ කඩේ කඩපු හොරෙක් කියනවා, හොරකන් කරන එක වැරදියි, එත් නැතිවෙච්ච ටිවී එකක්ම ස්ටිකර් එකක් ගහල, පොඩි තීන්ත පාරක් දාල පාවිච්චි කරාට කමක් නැ.

      මල්ලි ගද්‍ය නිර්මානයක් කියන්නෙ, තව කෙනෙක්ට වචන වෙනස් කරල තමන්ගෙම කරගන්න පුලුවන් දෙයක් නෙවෙ.

      අන්තිමෙ කියන්න තියෙන්නෙ, තවත් කිව්ව කියල වැඩක් වෙන්නෙ නෑ, ඒක හින්ද අර උඩ ඇනෝ වගෙ මාත් සෑමගෙ බ්ලොගේ මේක ගැන ආයි කොමෙන්ට් දාන්නෙ නෑ (පෙන හැටියට තව ඇනෝ කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා, උන්ටත් මම කියන්නෙ එච්චරයි ). ඔයාගෙම කතවක් අනිතිමට දාන්නම්, පස්සෙ ඔයා ගිහින් ඔයාම දාපු රිප්ල්ය්ස් ආයි කියවල බලන්න.

      "මේ සම්භන්ධයෙන් දිගින් දිගටම ලිවිය හැකි මුත් තේරුමක් නැත .. කොපි කරන්නා කොහොමත් කොප්ප ගසති මේ සම්මත්ජාතියේ එය වැලෑක්විමටනම් නොහැකිය. මක් නිසාදයත් කොප්පක් ගැසීමට නොහැකි වූ කල ඔවුන්ට පැවැත්මක් නැත . ඔවුන් රැදී සිටින සමාජ ජාලයට අත්වන ඉරණමත් එසේමය.. එබැවින් අනුන්ගෙන් යැපෙන්නන් පිලිබදව අනුකම්පා කර බලාසිටිනු හැර වෙන කල හැකි යමක් නොමැත.. "


      Delete
    27. මේ හලෝ ඇනෝ විදියට එන්නේ නැතුව හරි බ්ලොග් ඇයි ඩි එකෙන් එනවා ..සෑමා නෙමේ මොකා කෝල් කරලා කිව්වත් මට වැඩක් නැහැ..
      අවශ්‍ය දෙ තමයි කතා කරලා තියෙන්නේ හරියට කියවනවා.. අනික මට මල්ලි කියන්න ඔහේ මගේ උප්පැන්න දැකල නැහැනේ :p,
      ඔයාගේ රිප්ලයි එකම මගේ පොස්ට් එකනේ ඇයි ඒ ඇරෙන්න වෙන වචන නැද්ද... බල්ලෝ බිරුවට අර මොකක්ද එකක් පාත්වෙන්නේ නැහැ කියනවා වගේ මට මෙව්වා ලොකු දේවල් නෙමේ ආයේ මම මේ බ්ලොග් එකට එන්නෙත් නැහැ ඔයාට ඕනෑම _ත්තක් දාගන්න .. එත් මම සුපුරුදු විදියටම ලියනවා මිසක් වෙනසක් කරන්නෙත් නැහැ ..

      Delete
  21. ඇයි මේ බ්ලොගර් වල ඉමේජස් පේන්නේ නැති වෙන්නේ. මගෙත් මේ අවුල තියෙනවා. තව කීප තැනකමත් දැක්කා.

    ReplyDelete
  22. ඇයි බං අර කිව්වත් වගේ CCTV හයිකරගන්න කියපං ලෝබවෙන්නැතිව.

    ReplyDelete
  23. දැං නං ඉතිං ගිය දේ ගියා කියලා හිත හදා ගන්න එක විතරයි සැමෝ.. මොකද ඔය බඩු හම්බුවෙන්න තියෙන්නේ බො‌ෙහාම පොඩි චාන්ස් එකක්.. අනිත් එක ඔය වගේ හොරකම් කරන බඩු ගෙඩිය පිටින් විකුණනවා අඩුයි දැං.. කෑලි කරලා පිටකොටුවේ පේමන්ට් එකටනේ යන්නේ.. ( මේක කිව්‌වේ අපේ ඔෆිස් එකේ ෆොන් දෙකක් හොරකම් කරපු වෙලාවක දුන්න මිෂන් එකකින් ලැබිච්ච දැනුමින්... මගේ ෆොන්එක නම් හම්බුනේ නෑ.. ඒත් අපේ බොසාගේ ෆොන් එක නම් හම්බුනා...)

    ReplyDelete
  24. හප්පට සිරි!!! අඩුවට LED එකක් ගන්න චාන්ස් එකක් එයි වගේ! :D

    ReplyDelete
  25. සිම්පල් ගැජට් අපේ උන් පාවිච්චි නොකරන එකේ වරද. ඔතන ත්‍රී වීල් ගොයියො ටික ගැන අවදානෙන් ඉන්ඩ හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාවක්..

      ඔතන ත්‍රී වීල් ගොයියො ටික ගැන අවදානෙන් ඉන්ඩ හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් වෙයි.

      ස්තුති වේවා

      Delete
  26. මේ සැමා අයියේ අපි ඔච්චර දේවල් ඉස්සුවේ නෑ හරිය...නිකන් බොරු කියන්න එපා...ඔය පොඩි පොඩි ටිකක් විතරයි ගත්තේ... :):):)

    ඉක්මනටම අහුවේවායි ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  27. හප්පට සිරි එල් ඊ ඩි ටීවිත් උස්සලද? එහෙනම් උඹලට සෑහෙන්න පාඩු ඇති මම මේ ලගකදී මොනිටරයක් ගත්තා ගෙඩි පිටින් දහතුනක් වුනා.

    ReplyDelete
  28. හොරු අල්ලන අලුත් ක්‍රමයක්ද මේකත් :D

    ReplyDelete
  29. "ආරක්ෂිත වීඩියෝ කැමරා සවිකිරීමට අපේ එකාට නුවණ පහල වේවා යැයි සෑමාගේ පැතුමය." අනේ පලයන් බන් යන්න.. කැමරාවල සටහන් වෙන්නෙ ඇත්තම කියලද උඹ හිතන්නෙ.. දැන් බලපන් අර අහිංසක කොල්ලො දෙන්නෙක් තව මනුස්සයෙකුට ගැහුවා කියලා කැමරාවෙ තිබ්බලු.. කෝ ඔප්පු උනාද? :)

    බඩු නැවත ලැබේවා..!

    ReplyDelete
  30. අප්පා. කටුගේ හොරාට අන්තයිනෙ.

    ReplyDelete
  31. EMI නොම්බරෙන් මෙච්චර හරියක් කරන්න පුළුවන්ද?
    ම්..දැන් නම් කිරිල්ලවල පැත්තෙ රවුමක් දාලා බලන්න ඕන අඩු ගානට ටීවි ගන්න තියනවද කියලා..තැන්කූ සෑමෝ..:))

    ReplyDelete
  32. බොහොම කණගාටුයි. හොරු අහුවේවා කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  33. හොරකමක් කරලා අරන් ගිය බඩු ආපහු හම්බ වෙනවා නම් මම තම දැම්කලා නැහැ සෑමෝ..

    ReplyDelete
    Replies
    1. හොයන්න පුළුවන් ලංකාප්‍රිය මහත්මයා. ඒත් මහත්මාවරු විදිහටනම් අමාරුයි

      Delete
  34. සිද්දිය පිළිබඳ මගෙත් කනගා‍ටුව. ඒ වගේම ලංකාවේ පොලෝසිවල හොඳ නිලධාරීන් ඉන්නෙත් අතලොස්සයි. ඒවගේ කෙනෙක් අතට ඔය කේස් එක ලැබුනොත් බොලාගේ වැඩේ ගොඩ දාගත්ත හැකි. එහෙම නැත්නම් උඹලම යමක් කරන එක තමයි හොඳ..!!

    ReplyDelete
  35. විනෝදයට බර හොරෙක් විය යුතුය.

    ReplyDelete
  36. ලංකාවේ අබාන්ස් එකක් නෙවෙයි නේද බන් ?? ඇමරිකාවේ නේද??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...