Saturday, November 17, 2012

නොමිලේ ඇතුලට යන්න වීසා ලබාගත් සියාතුවා...


ගමේ පන්සලේ කඨින පිංකමට බැනර් එක ගැසීමට සියාතුවා එපා කියද්දී ඉනිමග දිගේ බඩ ගෑවේය. වයසට නොගැලපෙන වැඩ කිරීමට සියාතුවා දක්සයාය. හැට පැන්නත් වදුරා බිම නොයන්නා සේම සියාතුවා ඉනිමග දිගේ නැග්ගේය. පනින රිලවුන්ට ඉනිමං නොබදින කොල්ලෝ වට වී ඉනිමග අල්ලා ගත්තෝය. ඒ මක් නිසාවත් නොවේය. ඉනිමග හේත්තු කිරීමට ආධාරකයක් නොවු නිසාය. ගසකට, බිත්තියකට හෝ හේත්තු කළ නොහැකි තැනකදී ඉනිමගක් අල්ලා සිටින්නේ යම් සේද කොල්ලෝ රැල ගැම්මෙන් සිටි සියාතුවා නැග සිටි ඉනිමග අල්ලා ගත්තෝය. සියාතුවාගේ එකම අභියාචනාව වුයේ කොල්ලනේ මා වැටුනත් උඩ නොබලව් කියාය. කොල්ලෝ තරුණ වයසදීම සසර කතරේ අනිත්‍යය වටහා ගැනීමට අකැමැති වූ නිසාම උඩ නොබැලූවෝය. දුර බැලුවෝය.

ගම පුරා දස්කම් දැක්වූ යමක් ඉහල අවකාශයේ ලෙල දෙද්දී කොල්ලෝ සියාතුවා ගැන වගක් නොමැතිව, සැප ගත්තෝය. එකිනෙකාට උසුළු විසුළු කරමින් දැගලුවෝය. බැනර් එක බැදි ලණු පට අත ගැටෙනවා සමගම සියාතුවා සරම පැටලී ඉනිමග දිගේ පහලට රූටා ආවේය. අවසන කොල්ලෝ ඉනිමග අතහැර දමද්දී සියාතුවා සරම ඉනිමගේ ඉහල කෙලවර පටලවා අසරණව බිම සමතලා වී සිටියේය. කොන්ද දෙකට කැඩී සිටියදී පවා සියාතුවා තම නම්බුව, ආච්චීලා සසල කළ මැජික් යෂ්ඨිය වැසීමට සරම සෙව්වේය. සරම පොරවාම සියාතුවා හොස්පිට්ල් ගත කලේය.

සියාතුවා හොස්පිට්ල් දොටුව අසලදී ට්‍රොලියක් මත දිගා කරද්දී මුලතිව් වලට කොටි ගැසූ කලෙක කොලඹ ජාතික රෝහල කාර්යය බහුල වන්නා සේම මහා තුවාල කරුවන් පිරිසක් සමගින් රෝහල දොරටුව අවහිර වූවේය. කඨින පෙරහැරට බැනර් දමන්නට ගිය සියාතුවා මහ කුණුහරපෙන් කෑ ගහන්නට වුයේ අනේ මාවත් හදිස්සි කරලා ඇතුලට දාපං කියාය. කොන්ද කඩා ගත් සියාතුවා අර මහ තුවාල කාරයන් අතර අතරමං වුයේය. ට්‍රොලිය එහා මෙහා ගමන් කළේය. අවසන නිර්වින්දන ගසා සියාතුවා නිසල කළේය. පසුව කොන්ද නිසි අයුරින් ප්‍රතිසංස්කරනය වුයේය. සියාතුවා නැවත වෝඩ් ගත වුයේය.

බොදවූ ඇස් අස්සෙන් සියාතුවා තම රෝහල් ඇදට උඩින් කැරකෙන සීලිං ෆෑන් එක දුටුවේය. හේ ඇස් හොදින් ඇරියේය. වතුර ඉල්ලුවේය. තම කටට වතුර වත් කලේ ප්‍රධාන පොලිස්පති වරයෙක් බව සියාතුවා නොදත්තේය. හේ විනාඩි පහලොවකින් පමණ පියවී සිහියට පැමිණියේය. තමා දුටු දෙයින් සියාතුවා වේදනා නාෂක පැකැට්ටුවක් ගැසු තිරිසනෙක් ලෙස උද්දාමයට පත් වුයේය. කොන්ද විභේදනය වූ වේදනාව විනාස වූයේය. සියාතුවා ආඩම්බර වූයේය. ඒ තමා වටකර තබා සිටි පොලිස් ආරක්ෂක පිරිස නිසාය. ගමේ පාර තොටේ ඇවිදින සියාතුවා පසුපස බලු කුක්කෝ පවා එලවද්දී උන්ට පහර දෙන්නට එක බල්ලෙක් වත් සියාතුවාට උදව් නොකළේය. ඒත් තමා කොන්ද කඩා ගත් පසු තමාට පොලිස් ආරක්ෂාව පවා දී ඇත්තේය. 

පොලිස් කාර්යය මණ්ඩලයේ වාරුව ඇතිව සියාතුවා රෝහල පුරාම උජාරුවෙන් ඇවිද්දේය. ඒත් පොලිස් ආරක්ෂාව සමගමය. කෑම බීම ඇද ඇතිරිලි පවා සැකසුනේ පොලිස් කාර්යය මණ්ඩලය අතින්ය. ගමේ එකෙක් වත් සියාතුවා බැලීමට ආවේ නැතිය. සියාතුවා ඒවා ගැන නොසැලුනේය. යකෝ මම තැනකට ආවහම මුංට තියෙන ඉරිසියාව, කුහක කම නිසාම තමයි මුං මාව බලන්න එන්නෙ නැත්තේ යැයි සියාතුවා වස් කවි කිව්වේය. ගමේ හාමුදුරුවෝ පවා සියාතුවා නොබැලීමට ඒම ගැන සියාතුවා කණගාටු වුයේය. නමුත් ලද සැප සම්පත් අතැර යාමට සියාතුවා මැලි වූයේය. පොලිසිය සමග තියා දොස්තර සමග පවා සියාතුවා කතා නොකළේය. ඉන්ජක්ෂන් සැර වැඩි බව සියාතුවා නොසිතුවේය. සැප නම් ආතල්මය සිතමින් සියාතුවා නිහඩව සිටියේය.

දින කිහිපයකින් සියාතුවාට සනීප වුයේය. සියාතුවා නැවත රැගෙන යාමට වාහනයක් පවා පිලියම් වුයේය. සියාතුවා උජාරුවෙන් වාහනයට නැග්ගේය. අතර මගදී සියාතුවාගේ අතක් වාහනයේ කොනකට තබා මාංචු වැටුනේය. සියාතුවා ඔල්මොරෙන්දං වූයේය. 

බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සීන් එකෙන් හොස්පිට්ල් ඇඩ්මිට් වුන සිරකාරයෙක් ටිකට් කපාගෙන ගෙදර ගොස් තිබියදී කඨින පෙරහැරේ බැනර් එක එල්ලන්නට ගොස් කොන්ද කඩාගත් සියාතුවා බන්ධනාගාර ගත වුයේය. වම්බොට්ටා කන් ගැට්ටා වෙනුවට සියාතුවා ධර්මසේනලා රීප්ලේස් වී බන්ධනාගාර ගත වුවෝය.

එදා පටන් හිර ගෙදර සාමකාමීය. සැර එවුන් ටිකට් කපාගෙන එලියේය. සැර බාල උන් ඇතුලේය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:55pm_17/11/12

44 comments:

  1. අෆ්ෆා එතකොට මෙහෙමද මේක උනා කියන්නේ................

    ReplyDelete
  2. // සැර එවුන් ටිකට් කපාගෙන එලියේය. සැර බාල උන් ඇතුලේය.//මෙහෙම දෙයක් වුණේ නැ නේ..සැර එවුන් ටික පරලොවය..වියයුතුයි.
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහෙම දෙයක් වුනේ නැහැ බං.. මේක කතාවක් විතරයි..


      ජය !

      Delete
  3. හෙට මගෙ උපන් දිනේනෙ... තවත් සැර එවුන් කට්ටියට එළියට එන්න දෙනවා...

    ReplyDelete
  4. හික්ස්! සියාතුවා දැන් රජ සැප විදිනවා විය යුතුය!

    ReplyDelete
  5. සියාතුවේ මා මිතුරේ.... ජම්පරයට ආල වදන සියාතුවේ...

    ReplyDelete
  6. හුටා.. දැන් සියාතු වස් කවි කියනවා ඇත්තේ පොලිසියට වෙන්න ඇති.

    ReplyDelete
  7. ඒ ක්‍රමෙත් නරක නෑ. අහිංසක මිනිස්සු ඇතුලට දැම්මනං කරදර අඩුයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා.. මං හිතන්නේ නව සිර ගෙවල් දෙක තුනක් හැදුවාම ඔක්කොම ඇතුලට දාතෑකි..

      Delete
  8. පව් සියාතුවගේ පස්චාත් බාගේ.....

    ReplyDelete
  9. //ගම පුරා දස්කම් දැක්වූ යමක් ඉහල අවකාශයේ ලෙල දෙද්දී// පට්ටයි සෑම :D

    ReplyDelete
  10. ආදර්ශය: සරම බයානක ඇඳුමකි.

    උගත් පාඩම්: අප ෂෝට් අඳින්නේ ඒ නිසාය.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  11. වෙච්ච දෙයක් නොවුනත් අනිවා විය හැකි දෙයක්.....

    වඩා වැදගත් වෙන්නෙ මේ නිර්මාණශීලී උපකල්පනයයි.

    ReplyDelete
  12. අහෝ සියාතු නොදුටු මොක්පුර.

    ReplyDelete
  13. කතාව එලය.
    කටින පෙරහැරේ බැනර් එල්ලීම සීයලාට සුදුසු නොවේය.
    ජය වේවා.

    ReplyDelete
  14. එල සැමා...මම නම් මනාපයි මේකට...මම හිතන්නෙ සියාතුවා ඉනිමගෙන් වැටුනෙ පය පැටලිලා නෙමෙයි... එල්ලෙන රඹුටන් දැකලා කොල්ලො කලබල වෙලා ඉනිමග බැලන්ස් නැති වෙලා...

    ReplyDelete
  15. මාරම කතාවක්. කාලෙට ගැලපෙනවා.

    ReplyDelete
  16. ඈ.....සැමා අයියගේ මේ තේරෙන නොතේරෙන බාසාවෙන් කියන්න තියන දේ කියන එකටනම් මං බොහොම මනාපයි ඈ....

    ReplyDelete
  17. සිරා මමත් හිතුවේ ඇත්ත කතාවක් කියල .ලෙසටම ගොතලා තියෙනවා.

    ReplyDelete
  18. හුටා මේක සිරා සීන් එකක්ද? :D

    ReplyDelete
  19. නියම ගෙතිල්ලක් නේ..... මරු කතාව.

    ReplyDelete
  20. සැමා ඇතුළට දැමුවේනම් සිරකරුවන් ප්‍රතිසංස්කරණය වී බ්ලොග් ලියන්නටත් පටන්ගනු නියතය... :D

    ReplyDelete
  21. සියාතුවාට දෙවි පිහිටයි !!!

    ReplyDelete
  22. උඹටත් මාර මාර එව්වා තමයි හිතෙන්නේ

    ReplyDelete
  23. හෙක්..හෙක්...මේ සිරි ලංකාවනෙ සෑමෝ....ඔය විදියට ඇත්තටම සියාතු වගේ උන්දැලා හිරේට ගියාද කවුද දන්නේ..ආ..

    ReplyDelete
  24. පට්ටයි ! පට්ට උපරිමයි.

    ReplyDelete
  25. මේක ඇත්තටම වෙච්ච කතාවක්ද සෑමෝ????? පව් අහිංසකයා.

    ReplyDelete
  26. සිරා කතාව සෑමා.. පවු බං සියාතුවා...

    ReplyDelete
  27. සෑම් කොල්ලෝ, තොගේ තාත්තා මම ලහිරු http://blog.lahirusblog.com/

    ReplyDelete
  28. හිකිස්‌.....,,,, අයියෝ සල්ලි.... මෙසේද සිදුවිය....

    ReplyDelete
  29. කොහොමත් ඇතුළේ ඉන්න එවුන් ගොඩක් එළියේ තමා ඉන්නේ :D

    ReplyDelete
  30. පට්ට කතාව බං.ඇත්තට ඔහොම ඒවා ප්ලෑන් කරලා කළාද දන්නෑ.ලීක් කළා කියලා උඹට බඩු බනිස් වෙයි මචං.පරිස්සමෙං ඈ....

    ReplyDelete
  31. දැන් ඉතිං තියෙන්නේ ඇතුලට වෙලාි දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්නයි

    ReplyDelete
  32. කලින් "විකී ලීක්ස්" ය. දැන් "සෑම් ලීක්ස්" ය. කොයිකටත් සෑමා පරිස්සම් වෙනවා නම් හොඳය.. ;-)

    ReplyDelete
  33. ඇත්ත කතාවක්ද සෑමෝ..?
    කොහොම වුනත් සියාතුවාට පව්..

    ReplyDelete
  34. දේශපාලනේ හරි නවකතා ලියන්න හරි පටන් ගත්තොත් නරකද සැම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...