Wednesday, November 14, 2012

සුවහසක් රසික සිත් නැලවීමට - බජට් ගීතය...



දියවන්නාවෙන් රටටම බජට් එකක් පාත් වුණා

නිව්ස් වලට පෙන්නනකොට රෑ හරියට හතත් වුණා

බක්කො දාගෙනා නටනා සාටක පෙළ මතක් වුණා.. ආ....

මහින්ද සතුටින් හිටපං අපි එනතුරු අවිත් දරා



කොළඹ රටේ ඉපදුනාට දිවි ගෙවමුකො පොලොස් කකා

බේරේ වැවවේ වතුර අරන් බිල බස්සමු සිනා පපා

‘පබා‘ කුරුත්ථාව ඇදන් මුතු දෙපොටක් ගෙලේ දමා.. ආ....

හිනා වුණා මට මතකයි අමතක කර බජට් කතා



සිරිකොතයේ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා

නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා

රේස් කාර් එකේ ගිහින් කවි අහමුද නා-මලයා.. ආ....

අපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා



Written_by_sAm_ශ්‍රී_Perera_7:53am_14/11/12

මින් පෙර සෑමා විසින් රචනා කළ “"සෑම් ටියුන්ස්" වෙතින් ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති ගීතය....“ මෙතැනින් බලන්න. (එම පෝස්ටුවේ ඇනෝ කමෙන්ට් වලට එදිරිව නැගී සිටි හිත හොද මිනිසා, ඔබා මාමාට නිවන් සුව පතමි..)

58 comments:

  1. සෑමා.. අවිත් දරාගෙන එන කථා කියන්න එපා බන්, ලොක්ක ඒවට හරි බයයි,ගෝත මල්ලිට කියල උඹව උස්සයි.

    ReplyDelete
    Replies
    1. එතකොට ගෝත මලයද චන්ඩියා ?

      Delete
  2. කොහෙන්ද බං මේ ෆොටෝ එක හොයා ගත්තේ.. හි හි.. ලොක්කට මේකප් එක දාන්න අමතක වෙලා වත්ද...

    ReplyDelete
    Replies
    1. පොච්චියේ හිරුවො...උඹ කිව්වට පස්සෙ තමා මාත් හොඳට බැලුවේ... මේක් අප් නැති උනාම මූණත් තහඩුව...හි හී... කොයි වගේද කියන්න උදා හරණ එන්නෙත් නෑනෙ මට...

      Delete
    2. පිස්සුද, මෑන් මේකප් එක නැතුව ලැට් එකට යන්නෙත් නෑ. ඔයත් මොකක් හරි මඟුලක කතාකරන ගමන්නේ, ඇඟෙන්ම කතාකරන නිසා මූනෙ මාංශපේශීන් ටිකක් එහෙ මෙහේ වෙලා, ඒ වෙලාවෙ ආලෝක තත්ත්වයත් ෆොටෝ එකේ කොලිටි එකත් නිසා ඇතිවුනු ඇස්බැන්දුමක් විතරයි. නැත්නම් ඔය චීස් බබා වගේ ඉන්නෙ ලොක්ක.

      Delete
    3. DDD - මම මුකුත් කියන්නෙ නැහැ බං. උබ ඔක්කොම ටික සාර්ථක විචාරයකට ලක් කරලා..

      හරියට අර කවුද අප්පා... ‘අනේ හසන්ත මහත්තයෝ‘ ගාන්නේ/?? එයා වගේ උබේ විචාරය..

      :))

      Delete
    4. දැන් බලන්ට හසන්ත මහත්තයෝ .. මගේ ඇඟේ මයිල් කෙලින් වෙනව මේ සෑම් කොළුව කියන කතන්දරවලට. මුගේ කටේ දාන්ටෙපෑයැ ..මම කියන්නෙ ඈ ...

      Delete
    5. අද උදෙත් ආවා බං රෑපවාහිනි එකේ මඟුලකට... අයියෝ.. මම ටීවී එක වහල දැම්මා.... හි හි

      Delete
  3. මොනවා වුනත් අපිට ලෑම්බෝගිනි එකක් ගන්න චෑන්ස් එක දුන්නේ මේ මජෙට් එකෙන් නේ.මගේ බෝනස් එකෙන් එකක් ගන්න හිතා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තොට ලැබ්බොගිණි.. අපිට බඩගිණි !

      Delete
  4. හික්..හික්..හික්.. මරු සින්දුව බොල...

    ReplyDelete
  5. මහ රජා, කොහොමහරි ඉඳලා ඉදලා අපට කෙලෙව්වා එහෙනං !
    මම නම් කන්න නැතත් ලැම්බෝගිනියක් නම් ගන්න එක ගන්නවාමයි. ඔබත් කැමතිද අළුත්ම ලැම්බෝගිනියක අයිතිකාරයෙක් වෙන්න ? එහෙනම් ලැම්බෝගිනි ගෙන්වන්නන්ගේ සංගමේට එකතු වෙන්න !

    ReplyDelete
    Replies
    1. මම නම් දැනටම ගෙනත් තියෙන්නෙ...අර කොළඹ වරායේ ඕපන් නොකර තියෙන කන්ටේනරයේ තියෙන්නෙ ඒක මධුවො..හි හී...සෙල්ලම් නෑ..

      Delete
    2. අම්මද බොල පැකිං පිටින්ද තියෙන්නේ..

      එල එල අපිට රවුමක් යන්න පුලුවං ලිහිනියෝ..

      Delete
    3. හ්ම්ම්... තාම පැකින් කඩලා නෑලූ. ;)

      Delete
  6. මටත් සින්දු මතක් වෙනවා ලියන්න ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. ‘ලැජ්ජ බිට්‘ එකේ තියල ලියපං බං

      ඇත්ත කියපං ජෝන් උබ බයයි නේ ;))

      Delete
  7. සැමෝ ...මේ පෝස්ටුවට වඩා අර කලින් සින්දු පෝස්ටුවේ කොමෙන්ට් ටික මගෙ හිතට ඇල්ලුවා. ඉළ ඇදෙනවා හිනාවෙලා. ඒකෙ මොන්ටිසෝරියක් වගේ සිංහල උගන්නලා තියෙනවනෙ...හි හී

    ReplyDelete
    Replies
    1. කෝමද ඒ ආතල් එක.. ඇනෝ සර්... :))

      Delete
  8. කෑ නොගහ ලැම්බගනියක් ගනින් බන් මාලගමුවලා එක්ක රේස් පදින්න...

    ReplyDelete
    Replies
    1. රේස් දිනන්න දෙන එකක් නැහැ බං.. නුවර ටීම් එකට වගේ අපිටත් ගහයි..

      Delete
  9. පිලිගන්න.....
    ප්‍රවීන ගී පද රචක....සැමා මහතා..!

    ස්..ස්..සුදු වෑන් එහෙම හීනෙන් පෙනෙනවාද මේ දවස්වල...!

    ReplyDelete
  10. ෂිහ් .... මුන්ට කොච්චර කරත් ගුණේ නෑ.

    රේස් කාර් පදින්ට, කිතුලක් මැදගන්ට දීපු චෑන්ස් එකටවත් සලකලද මම අහන්නෙ මේ කතා කරන්නෙ. දේශද්‍රෝහියො !

    ReplyDelete
  11. හ්ම්ම්ම් කාලෙකින් බ්ලොග් එකක් බැලුවේ..... එහෙම එකකුත් ආවද? රේස් කට්ටියම පදිනවානම් රේස් පිට්ටනියක් හදා ගත්තොත් ලාබයි වගේ.... බලන්න ඕනා එකට ට්‍රයි එකක් දාලා

    ReplyDelete
  12. සත්‍යයේ සටහන පද කීපයකින් හරිම අපූරුවට... :)

    ReplyDelete
  13. උඹ හදාගත්ත කොලුවාව මතක් කරලා නෑනෙ... ඒවා වැරදි වැඩ... අඩුගානෙ ලක්ෂ 25 බස්ටෑන්ඩ් එක ගැන හරි කියන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. බස් හෝල්ට් එක නේද? මමත් දැක්ක, පෙනුම නම් ගති. කීයටවත් විමලෙගෙ අදහසක් වෙන්න බෑ. ඌට පහළ උනොත් ඉතිං 25 ගෙදර ගෙනියන හැටියක් හරි නැත්නම් ඒක දීල ගෑනි ෂොපින් යවන හැටියක් හරි තමයි.

      Delete
    2. සිරා ඔය ලක්ෂ 25 බස් ස්ටෑන්ඩ් එක ගැන අපේ මහත්තයා ඊයේ කිව්වා.. තව එතන තියෙන හට්ස් වලටයි තව මොන මොනාද වැඩ ටිකකටත් එක්ක වෙන්නැතිලු ඔය ගාන කියලා තියෙන්නේ.. මටත් ඒක කිව්වට පස්සේ තමයි හිතුනේ මොන මොඩයාවත් ඔච්චර ලොකු ගාණක් කියලා ඉල්ලලා අනාගන්න එකක් නෑ කියලා... ඕනේ බබෙකුට ‌තේරෙනවනේ ඕකට නම් ඔච්චර ගානක් යන්නේ නෑ කියලා...

      Delete
  14. එක්තරා දුරකථන සංවාදයක්


    මේ මරවියෝ මම උබට ආයේ කියන්නේ නෑ ..උබේ වැයික්කියේ එකෙක් මේ දවස්වල අම්බානකට දඟලනවා .. හොයල බලල උගේ කට වහල දාපන් ,, අයේ බත් වත් කන්න බැරිවෙන්න

    අනේ සර් කලබල වෙන්න එපා .. මේ දොඩන් ගෙඩියක්වත් තරං උස නැති අටිකුබ්බෙක් ඔය කෑ ගහන්නේ ..මං දෙන්නන් වැඩේ ඕකගේ මයිලක්වත් හොයාගන්න බැරිවෙන්න

    ..........................

    ඔන්න ඔව්ව මට ඇහිච්ච එව්වා.. නැතුව මම හදපුවා එහෙම නෙවෙයි ඈ

    ReplyDelete
  15. හික්... හික්... මරු සින්දුව.....

    ReplyDelete
  16. කරන කලට පව් මීරිය මීසේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

    ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
    සැපයක් යයි කකුළුව දිය කෙළියේ

    ReplyDelete
  17. පද කීපයකින් හරිම අපූරුවට ලියල ... ජය....

    ReplyDelete
  18. හික්ස්!මමත් මේ ටිකේ සතෙන් සතේ එකතු කරනවා පාන් රාත්තලක් ගන්න! :D

    ReplyDelete
  19. ගින්නෙන් හොඳ ගින්න තමයි ලැම්බෝගිනිය
    යැමෙන් හොඳ යෑම තමයි (සුදු) වෑන් වල යෑම

    ReplyDelete
  20. එළ...සහතික ඇත්ත

    ReplyDelete
  21. //අපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා...//
    බුවහ්හහ් හහ් හා..

    මම නම් බල බල ඉන්නෙ නැතුව ෆෙරාරියක් ගෙනාව. පෙට්‍රල් ගහන්න කීයක් හරි හොයා ගත්ත ගමන් රවුමක් යන්නයි ඉන්නේ..

    ජය..

    ReplyDelete
  22. යකෝ යුද්දෙ ඉවර කරා තොපිට ඒවා මතක නැ.. දේස ද්‍රෝහියා... :D :D :D

    ReplyDelete
  23. මෙක තමයි යකුනෙ අශියාවෙ අශ්චර්ය තොපිට එක තෙරෙන් නැනෙ.... :P

    ReplyDelete
  24. ලැබ්බෝගිනි නැතිව නොකා හිටියා වගේ. වෙලාවට ආවේ සු(පර) බජට්ටුව

    ReplyDelete
  25. මොනවද සෑම් මේ කියන කතා මම මේ දැන් රේසින් කාර් එකක් ගන්න යන ගමන්..!

    ReplyDelete
  26. "රේස් කාර් එකේ ගිහින් කවි අහමුද නා-මලයා.. ආ....
    අපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා"

    සිරා ම කථාව සෑමෝ..


    ReplyDelete
  27. 4to 1 hodai podi unta bath kawanna nam.

    Berida me lassana song 1 oyage voice 1nma record karala youtube 1ta danna.

    ReplyDelete
  28. :O mahindata ahu unoth ehema uba pothu gahayi

    ReplyDelete
  29. //මහින්ද සතුටින් හිටපං අපි එනතුරු අවිත් දරා//

    මෙහෙම ගියොත් නම් අකමැත්තෙන් උනත් කොරන්ට වෙන්නේ ඒ ටික තමයි බං. අඩුම ගානේ කතා කොරන්ට අපේ රටේ එවුවෝ නැතිනම් අර ජාතියන්තරේද මොකක්ද එකවත් කතා කොරන්නේ නැතෑ එතකොට. අපේ වැඩ අපි කොරගමු කියලා කතා කොලාට මේකලා කවදද බං අපි ගැන හිතලා වැඩ කොරන්නේ. තනිකරම ඒකලාගේ එකාලටම බෙදා ගන්නවා හැර.

    ReplyDelete
  30. හික් හික් නියමයි අෆ්ෆා...

    ReplyDelete
  31. පට්ට සෑම් අයියේ පට්ට ....නරකද මෙලඩියක් දාලා අඹරලා රිලීස් කළා නම්....?

    ReplyDelete
  32. ඔන්න ඕකනේ උඹලට මෙච්චර කරන සේවේ පේන්නෑ.යකෝ මුළිං පාරවල් හදලා, පස්සේ පාරවල්වල දෙපැත්ත හදනවා.ඊට පස්සේ තාප්ප ටික හදනවා.ඊට පස්සේ මිදුල් ටික හදලා අන්තිමට තමයි ගෙවල් ටික හදලා දෙන්ඩ එන්නේ.උඹලට ඒ ටික ඉවසං ඉන්ඩ බෑනේ.

    ReplyDelete
  33. හිහිහී.. වෑන් ගනන් නිසා සුදු ලැම්බොගිනි එහෙම එවයිද දන්නෑ සෑමො.. :D

    ReplyDelete
  34. බොලෑගේ පැත්තෙ ඔය ගුවන් පාලං එහෙම හදද්දි බොලා හිතුවේ ඕවා හැදුවේ මරුටි වලට කියලද?? හිකිස්.. - හුදෙක්ම විහිළුවකි..

    ReplyDelete
  35. මේ බජට් එක ගැන මගේ විචාරය කියන්න පෝස්ට් එකක්ම ලියන්න හිතෙනවා. ඒත් වෙලාව හරහට. සමස්තයක් විදියට මම දකින හොඳ අයවැයක් මේක. :)

    ReplyDelete
  36. අය වැය කියන්නෙ මීට කාලයකට ඉස්සර නම් මිනිස්සු බොහොම උනන්දුවෙන් අහලා කරලා සලකා බලපු දෙයක් ඒත් දැන්නම් ඒක ප්‍රීති කන්නංගරගේ කාටූන් එකක් තරමටවත්- ටෙනිසන්ගෙ බයිස්කෝප් එකක් තරමටවත් වටින්නෙ නෑ.ඒ හින්දා මිනිස්සුන්ගෙ කිසිම උනන්දුවකුත් නෑ.

    ReplyDelete
  37. ඕකනේ උඹලා එක්ක බැරි සෑමා.. මම මෙහෙ මගේ ෆෙරාරිය දාන්න හදනවා.. උඹලා ඉදන් ඕන නැති කතා කියනවා...

    ReplyDelete
  38. monwa unat "Nirmana" hakiyawa elaya..pattaya..
    (Mahinda gen aragena rata palanya karana dena puluwan kenak tawama naha neda?)
    Jayawewa,
    Sajith

    ReplyDelete
  39. අඩෝ ඔව්වට එන්ඩ එපා හරියෙ.. අපේ මහරජතුමා කියලා තියෙන්නේ.. ''අම්මේ ,තාත්තේ, දුවේ, පුතේ....... පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තෙවනුවත් මගේ රට'' කියලා ..ඉතින් අපට කියන්න තියෙන්නෙ ''හා එහෙනම් ඇරපන් අපට'' කියලා තමා.....
    අහින්සක අ.පේ.

    ReplyDelete
  40. පද ගෙතුම නම් සුපිරිය... ඇස්.ඇම්.ඇස් වලින් තොරව නිතරඟයෙන්ම "සුදු වෑන්" ලිස්ට් එකේ සෑමාගේ නම ඉදිරියටම එනවා ෂුවර්ය... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...