Tuesday, November 13, 2012

නංගී ගම කයි...

ගෙදරක වැඩිමලා කෙල්ලෙක් වුණොත් ඊට පහළින් ඉන්න කොල්ලන්ට වැලේ වැල් නැතිය. ඒ ඇය පොඩි උන්ව පාලනය කරන නිසාය. එය එසේ වුවත් ප්‍රතිලෝමව ගත් කලෙක කොල්ලෙක් ගෙදර වැඩිමලා නම් එච්චරම සීන් එකක් නැතිය. නංගිලා, මල්ලිලා මොකෝ කරන්නේ කියා ලොකු කොල්ලා වැඩිය සොයන්නේ නැතිය. හෙව්වද උන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගසන්නේ අල්ප වූ පිරිසක්ය.

ඉස්කෝලෙදී කෙල්ලෙක් සමග හිනා වුවත්, කතා කළත්, අක්කාට ආරංචි වුණොත් ප්‍රශ්න වැලක්ය. ඇයි ඒ කෙල්ල එක්ක කතා කළේ, කවුද ඒ සක්කර වට්ටම, ඉන්නවා මම අම්මට කියන්නම් ආදී ලෙස අගවිනිසරුවරියකගේ ගැටලු රැසකට මුහුණ දීමට පවුලේ බාලයන් වන කොල්ලන්ට, කෙල්ලන්ට සිදුවේය. ඇය කාත් එක්ක කතා කළත්, සිනාසුණත් කේලම් කියන්නට පොඩි වුන්ට හැකි වුවද, ඇය අම්මා තාත්තා බැලන්ස් කරන්නීය. පොඩි උන්ට ඒවා වැඩක් නැතිය, අක්කාට කැමති දෙයක් කළ හැකිය, උබල මේවා දන්නේ නැත පරිදි ඇය අම්මා තාත්තා පවා බැලන්ස් කර තබන්නීය.

එහිම අනිත් පැත්ත බැලු කලෙක, කොල්ලෙක් පවුලේ වැඩිමලා වී, එනම් අයියා වී, තමන්ට බාල කොල්ලන්, කෙල්ලන් ඉස්කෝලෙදී හෝ මහ මගදී වෙනත් කෙල්ලෙක් කෙල්ලෙක් සමග කතා කොට අහුවුණොත් වැඩිමල් කොල්ලා අහන්නේ, කවුද බං අර කෙල්ල උඹ කතා කර කර හිටියේ, උභ ඒකි එක්ක යාළුද, කෙල්ල ලස්සනයි නේද? නැතිනම් කවුද අර කොල්ලා, ලෙස හෝ, නැතිනම් වැඩිමල් අයියා මුකුත් අසන්නේම නැතිය. ඌ සිටින්නේ උගේ පාඩුවේය.

මෙය හුදෙක් බහුතරයකගේ හැසිරීම් රටාව බවත්, සුළුතරයක් වු පිරිසක් වෙනස් වන බවටත් සෑමාගේ මතයය.

කරුණු කාරණා එසේ තිබියදී සෑමාට ගිය ඉරිදා තම මිතුරියක් මුණ ගැසුණේය.

“කොහෙද බං යන්නේ...“

“මම පොඩ්ඩක් කිරිබත්ගොඩට යනවා සෑම්..“

“ඇයි අද ක්ලාස්ද?“

“නැහැ මල්ලිට ක්ලාස්, ඌව එක්කන් එන්න යනවා..“

“ඇයි යකෝ මල්ලි එක්කන් එන්න යන්නේ උගෙ කකුල් කැඩිලද?“

“නැහැ සෑම් ඌට කිරිබත්ගොඩින් පාර පනින්න බැහැ, වාහන වැඩිනේ..“

“අප්පේ එච්චර පොඩි මල්ලිකෙනෙක් ඉන්නවද? ඌ කීය වසරේද?“

“11 වසරේ අප්පා...“

සිනහව නවතනු බැරිව සෑමා කොන්ද කඩා නොගෙන සිටියේ බොහෝ අමාරුවෙන්ය. බැරිම තැන අසල වූ බිත්තියකට හේත්තු වුයේ තම කොන්දේ සාමාන්‍ය පිහිටීම වෙනස් නොකොට තබා ගත යුතු නිසාය.

“දැන් ඔයාට එතකොට පාර පයින්න පුළුවන්ද?“

“ඔව් මම ලොකුයිනේ.. “

ඇය සිනාසුණාය. මෙය අඩන්නට කාරණාවක් බව සෑමාට සිතුණේය. අර අසරණ කොල්ලා පොඩි එකා කර ඇත්තේ අක්කාය. ඌට ජීවිතයක් නැතිය. තනවම පාරට දැමු කලෙක පාර පනින්නට ගිය ගෙම්බාට වෙන සිද්ධිය සිදුවන්නේය.

ඒ අතර ගෙදර අයියා පවා නංගීගේ අණසකට ලක්වන ඛේදනීය අවස්ථාද නැතුවා නොවේය. එයට හොදම උදාහරණය ලැබුණේ සෑමාගෙ මිතුරෙකුගෙන්ය. ඔහුට ඒ අවාසනාවන්ත ඉරණම ලැබී ඇත්තේය. අපි සමග සිටියත් ගොඩ එන්නට බැරි නම් බෑමය.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නංගී කෙනෙක්ය. අයියා ලංකාවේ ප්‍රකට ආයතනයක සේවය කරන්නේය. අයියා දිනක් තම පෙම්වතිය හමුවට ගියාය. නංගී කැම්පස් ගියාය. ඔහු ගියේද නංගීගේ කැම්පස් එකේ ඉගෙන ගන්නා තම පෙම්වතිය බැලීමටය.

හදිසියේ කැම්පස් එක ලගදී නංගී ඔහුව දුටුවාය. එසැනින් අයියාගේ දුරකථනයට ඇය කතා කළාය.

“අයියේ කොහෙද හලේ ඉන්නේ..“

“මම මේ 154 බස් එකක නැග්ග විතරයි, බොරැල්ලට යන්න..“

“බොරු කියන්න එපා ඕයි.. මම දැක්ක තමුසෙ ඉන්නව කැම්පස් එක ලග“

“හරි හරි තමුසෙ කෑ නොගහ ඉන්නවා..“

“ඉන්නව මම අම්මට කියනවා..“

සිද්ධිට එතැනින් අහවර වුවත්, ගෙදර පැමිණි විගස දෙන්නා මුණ ගැසිණ. අයියා තම පොකැට්ටුවෙන් මොණරෙක් එළියට ඇද නංගීට දුන්නේය. නංගීගේ කට එදා සිට ෂටප්ය.

නැවත දින කිහිපයකින් දෙදෙනා අතර වලියක් ඇදුණේය. දෙදෙනා ගේ රංඩුව නැගලා යද්දී අම්මා තාත්තා පවා මැදිහත්ව අසා සිටියෝය.

නංගී තුරුම්පුව ගැසුවාය.

“තමුසෙ ගෙදරටත් බොරුනෙ කරන්නේ,... එදා අම්මලා මාව බලාගන්න ඔයාව ගෙදර තියල ගියාම, මම කැම්පස් ගිහින් එන්න කලින් මෙයා එළියට පැනලා.. මට අතටම මාට්ටු වුණේ කැම්පස් එක ලගදිම. අර කෙල්ලව බලන්න ගිහින්.. “

ඒ හෙළිදරව්ව සමග ඔවුන්ගේ අම්මා රංඩුවට දෙසට හැරුණාය. අවාධානය ඒ දෙසට යෙමුවුවාය.

“දැක්කද අම්මගෙ පුතා නංගිව බලාගන්න හැටි..“

අපේ එකාගේ මුහුණ දෙක විය. මහා අසාධාරයක්ය. රුපියල් 1000ට වැසූ කටක් අසාධාරණ ලෙස දින දෙකකින් ඇරුනේය. කොල්ලා අසරණ වුවාය.

“මෙන්න තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු රුපියල් 1000“

ඇය ණය මුදල පියෙව්වාය.

සහෝදරියන්ගෙන් බැට කන කොල්ලන්ට ශාන්තියක්ම වේවා...!

පළි - සෑමාට අක්කා, සහ අයියා සිටියෝය. සෑමා පොඩි එකාය. අක්කා බලපෑම් නොකළාද නොවේය. ඒ අතර අයියා සහ සෑමා එකතුව මහා මෙහෙයුමක් කළ නිසා අපේ ස්ථාවරය රැක ගැනීමට මහා රුකුලක් වුවේය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:58am_13/11/12

92 comments:

  1. මීගොඩයාටනම් සහෝදරියන්ගෙන් කරදර නැත.. ඇත්තේ උදව්ය... නන්ගීගෙන් ඇති එකම කරදරයනම් මගෙ අල්මාරියේ ඇති ට් ෂර්ට් ඇගේ යැයි වැර්‍අදි වැටහීමක් ඇතිකරගෙන සිටීම පමණි.. ඒකී දැන් දීග ගොස් ඇති බැවින් ඒ කරදරයද අහවරය..

    ReplyDelete
    Replies
    1. උඹ වැඩිමලා නේද?

      Delete
    2. පික්ෂුද බං.... මම තුන්වෙනියා... අක්කයි අය්යයි මමයි නන්ගියි

      Delete
    3. අර මම කිව්ව සුළුතරයක් පිරිසට මීගොඩයා වැටිලා..

      ජය වේවා..

      සැප කනේ නේ??

      Delete
    4. යකෝ ... මීයත් මම වගේ ගිරේට අහුවෙච්ච පුවක්ගෙඩිය ජාතියෙ, පවුලෙ තුන් වෙනියා. අපේ ගෙදරත් ඔය පිළිවෙලමයි.

      Delete
  2. හුරේ...රේ.. මට ඔහොම කරදරයක් නැතෝ... මමයි පවුලේ ලොකුම එකා. :)

    ReplyDelete
    Replies
    1. කියන්ඩ අමතක උනා.

      "අක්කා කෙනෙක් ඉන්න සෑමට තුණුරුවන්ගේ සරණයි !"

      Delete
    2. ඒකනේ ලොකුම එකා කොල්ලෙක් වුනාම පොඩි උන්ට කරදරයකුත් නැහැනේ..

      අයියයි මමයි එකා සේ හිටපු නිසා අක්කා වැඩි සද්ද දැම්මෙ නැහැ..

      Delete
    3. නෙදකින් ලොකුම එකා උනාට වැඩක් නෑ බොල අපේ එකා වගේ කේලම් කියන පරයෙක් මල්ලි උනොත් ඔක්කොම ඉවරයි..

      ඕකා හින්දා තමයි මගේ ජීවිතයට නිදහසක් නැතිම උනේ.. යන යන තැන අම්මලා ඌව මඟෙ ඇඟේ ගහලා යැව්වා.. ඇත්තටම මේ කියනකොටත් මට තරහයි.. ඌ මම පොඩ්ඩ එහා මෙහා උනොත් කේලාම් කිව්වා.. ඒකටම හරියන අම්මලානෙ ඉන්නෙ..

      මම කාලකන්නි උනා.. ඒත් ඌ නම් ඇතිවෙන්න නිදහස භුක්ති විඳිනවා..

      Delete
    4. හයියෝ මහා අපරාධයක් වෙලා තියෙන්නේ..

      ඕකව දමනය කරන්න පුලුවං වීක් පොයින්ට් එකක් හොයා ගනින්..

      Delete
    5. හරී වගේ ආගම ධර්මය අදහන භක්තිමත් කොළුවෙක්ටත් ඒහෙම වෙච්ච එක හරි අපරාධයක් නෙව. ඉතිං උඹ අසාධාරණේට විරුද්ධව නැගී සිටියෙ නැතෙයි.

      Delete
  3. මටත් සහෝදරියන්ගෙන් කරදර නැත.. ඒ සහෝදරියන් නැති නිසාය! සෑමාට අදත් බ්ලොග් බලන අක්කලා ටික වට කරගෙන නෙලාවිද කියානම් සැකය... :P

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං.. එදා වෙච්ච දේට තාමත් ඇග හිරි වැටිලා !

      Delete
  4. මටත් ඔය කරදරේ නම් තිබුනේ නැහැ...

    ReplyDelete
  5. හපොයි සමහර අය්යලා නංගිලාට කොල්ලෙක් දිහා බලන්ට දෙන්නෙත් නෑ...:)

    ReplyDelete
    Replies
    1. ඒ අර කොල්ලව බේරගන්න මිසක් නංගිට තරහකට නෙවේ !

      :ඩී

      Delete
    2. ඒ කොල්ලා ගැන දුක හිතිලා...

      Delete
  6. අයියෙක් වු මගේන් නංගිලා දෙදෙනාටම කිසිම කරදරයක් නොවීයැ. අද උන් දෙන්නාම මගේ යාලුවන් හා විවාහ වී සතුටින් කල් ගෙවත්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් කුමන්ත්‍රණයක්ද..කොහෙද...!

      Delete
    2. යාළුවෝ තරහ කාරයෝද බං.. :ඩී

      අපරාදේ නලින් අපේ යාලුවෙක් වුනේ නැහැනේ.. :ඩී ;ඪී

      Delete
  7. මේවා සහතික ලෙසම අක්කලා ගැන ඉරිසියාවෙන් ගොතපු කතා බව පෙනේ..!!

    ReplyDelete
    Replies
    1. ගොතපුවා නොව සොයා බලා ලියපුවාය.. :)

      Delete
  8. බට්ටිටත් අක්කෙක් සහ අයියෙක් සිටින්නේය.. අක්කා ඒ කාලේ අයියාට හා මට නිතරම කෙක් අරන් ආවේය.

    ReplyDelete
    Replies
    1. වැඩිමලා අක්කාද?

      එයාට කොල්ලෝ හැමදාම කේක් දෙනවා ඇති.. අනේ වාසනාවන්.. :)

      Delete
  9. මම ලොකු එකා ය! නමුත් නංගි වෙලාවකට මලම ඇනයකි! මගේ මෝබයිලාවට ඉඳ හිට එන මැසේජ් කියවීමේ පුරුද්ද කුජිත ලෙස කර ගෙන යයි!!

    ReplyDelete
    Replies
    1. ලොකු එකාත් අසරණ වෙලා.. අපේ මිත්‍රයාට වුනා වගේ..

      යාළුවෙක්ට කියපං හොද ජාතියේ මැසේජ් එකක් දාල තියන්න කියලා.. :)

      Delete
  10. මේ පාරත් සැමා කන්න හදන්නේ.. හි හි...

    බලපං... අපේ මලයගේ ලවු කේස් වලට සපෝට් කරන්නේත් මම... යාපු වෙලා ඉන්න එකාව ගෙදරට ෂේප් කරන්නෙත් මම... මගේ ඒවට උපදෙස් දුන්නේ ඌ.... පස්සෙන් එන වාත කේස් එළවන්න ගියේත් ඌ එක්ක.... අදත් මගේ පස්සෙන් ඉඳගෙන හැම එකම කරලා දෙන්න ඉන්නේ අපේ මලයා තමයි...

    හැබැයි ඉතිං වලි නම් ඉවරයක් නෑ... කෙලින්ම සෙරප්පුවෙන් තමයි වදින්නේ.. හි හි ඒත් කවදාවත් එක එකාගේ රහස් නම් අම්මලට කියලා නෑ... කිව්වත් අම්මලව ෂේප් කරන්න ඕනේ නම් විතරයි....

    අපි වගේ අක්කලා ලබන්න ජාති ජාති වාසනා කරන්න ඕනේ බං....

    අපෝ නංගිලට තනියෙන් එළියට බහින්න දෙන්නෙ නැති අයියලා තමයි බං වැඩි හරියක් ඉන්නේ.. අයියා හිටලර් ජාතියේ... ඒත් ගොඩක් අයියලා නංගිලට ආදරෙයි... අක්කලා මල්ලිලත් එක්ක තරහා වෙන්නේ වැඩිපුරම අම්මලගේ වැරැද්දෙන්.. කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ‌ලොකු කරගෙන.... හි හි.. මගේ ‌පොඩි එකා, මු තමයි කවදහරි මං ගාව ඉන්නේ, පොඩි එකාට කලින් බත් බෙදන්න ඕනේ කිය කිය අක්කලගේ ඊරිසියාව වැඩි කරවලා, රණ්ඩු වලදි කොල්ලගේ පැත්ත අරන් එහෙම ඔය වැඩේට වැඩිපුර දායක වෙන්නේ අම්මලයි ආච්චිලයි.. හි හි...

    ReplyDelete
    Replies
    1. උඹ වගේ අක්ක කෙනෙක් මටත් හිටියා නම් මමත් ගොඩ බන්... ඇඩෙනවා තනි ඇහට... මේ කී බෝඩ් එක පුරා කදුළු...

      Delete
    2. අනේ ලබන ආත්මේවත් මේ වගේ අක්කෙක් ලබන්න හේතු වාසනා වේවා!

      Delete
    3. //අක්කලා මල්ලිලත් එක්ක තරහා වෙන්නේ වැඩිපුරම අම්මලගේ වැරැද්දෙන්.. කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ‌ලොකු කරගෙන.... හි හි.. මගේ ‌පොඩි එකා, මු තමයි කවදහරි මං ගාව ඉන්නේ, පොඩි එකාට කලින් බත් බෙදන්න ඕනේ කිය කිය අක්කලගේ ඊරිසියාව වැඩි කරවලා, රණ්ඩු වලදි කොල්ලගේ පැත්ත අරන් එහෙම ඔය වැඩේට වැඩිපුර දායක වෙන්නේ අම්මලයි ආච්චිලයි.. හි හි...//

      මේ ටිකට එකගයි හිරු !

      Delete
    4. supurudu paridi Hiru +++++++++++++++++

      Delete
  11. අපේ පවුලෙ වෙලාවට ගෑණු දරුවො නෑ.... ඒත් මම කැමතියි නංගි කෙනෙක් හිටියා නම්... එතකොට ඒ කෙල්ලත් එක්ක යාලු වෙන්න හදලා සද්ද දාන කොල්ලන්ට මටයි මලයාටයි සැට් වෙලා දෙන්න තිබ්බා බැස්ටිය...

    කිරිබත්ගොඩදි හමුවුන කෙල්ලගෙන් උඹ ඇහුවෙ ඔච්චරමද ? මට නම් ෂුවර් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරා කන පොටක් තමා හොය හොය ඉන්නෙ. නංගි කොල්ලා ලව්වා උබට කෙලි...

      කිරිබත්ගොඩ කතාව ඔච්චරයි හොදේ.. :ඩී

      Delete
  12. පළි - සෑමාට අක්කා, සහ අයියා සිටියෝය. සෑමා පොඩි එකාය. අක්කා බලපෑම් නොකළාද නොවේය. ඒ අතර අයියා සහ සෑමා එකතුව මහා මෙහෙයුමක් කළ නිසා අපේ ස්ථාවරය රැක ගැනීමට මහා රුකුලක් වුවේය.

    menna me kathawa daapan sama ayiya balanna! :D :D

    ReplyDelete
    Replies
    1. උඹ මගෙ බ්ලොග් කෙරුවාව නවත්තන්නද බං හදන්නේ :)

      Delete
  13. ෂික්..ළිහිණියට මල්ලෙක් උන්නෙ නෑනෙ සුට්ටක් විතර තරහා පෙන්නන්නවත්...අපරාදේ...ඉන්න අයියත් අයියෙක් නෙවේ...හතුරෙක්නෙ..වැඩක් නෑ වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ ගමන අයියලට බනිනවා..

      හූ හූ හොද වැඩේ..

      Delete
  14. ඒකත් නරක නෑ බලං ගියාම...අක්ක නංගි මල්ලි අය්ය මල්ලි නංගි පවුලේ කචල් ජොලි තමයි...
    අනේ ඉතිං සමහරවිට පවුලේ එකම එකා වුනාම ...සොරි තමයි නේද....?

    ReplyDelete
    Replies
    1. එකා යකා වෙන්නෙ එතකොට තමා..

      Delete
  15. පවුල් සංස්ථාව තුල භීෂණ (:

    ReplyDelete
  16. මම තමයි ලොක්කා... ඒත සමහර වෙලාවට නංගිත් එක්ක බෑ අෆ්‍ෆා..

    ReplyDelete
    Replies
    1. පව් අසරනයා..
      අපේ මිත්‍රයට වෙච්ච දේවල් වෙලා නැහැ නේද?

      Delete
  17. අද කාලයේ කොල්ලන්ටත් තනි පංගලමේ ගමනක් යන්නට අපහසු අවස්ථා නැත්තේ නොවේ. උන්ගේ ආරක්ෂාවට යන සහෝදරියෝ කරන්නේ ලොකු සේවයකි.

    ReplyDelete
    Replies
    1. ඇයි බං කොල්ලන්ට තනියම යන්න බැරි??????

      Delete
    2. උත්තර දෙන්න පෝස්ට් එකක්ම දාන්න වෙනවා සැමෝ... ඇහැක් විදියට (ඇ)කැමති විදියට විවිධ හේතු දෙන්න පුළුවන්.. :)

      Delete
  18. බඳින්න කලින් අපේ ගෙදර ගෘහ මූලිකයා නංගි. දැන් නං හාමිනේ. අර අර්ජුනත් කියලා තිබුනේ එක සහෝදරියෙක්වත් නැතුව මම ගෑණු තුන් දෙනෙකුට මැදිවූ කෙනෙක් කියලා. ඒ උනාට මම දන්න තරමට නම් ඊට වඩ වැඩියි...

    ReplyDelete
    Replies
    1. අර්ජුන වටේ ඉන්න කාන්තාවෝ තුන්දෙනා කවුද බං?

      පවුල සහ ගෙදර කස්ටිය ගැන නේද කියනව ඇත්තේ..

      Delete
    2. අම්මා, නෝනා, දුව

      Delete
    3. මම හිතුව විදිහ !

      Delete
  19. අක්ක වැඩිමලා වෙනඑක අයිය වැඩිමලා වෙනවට වැඩිය හොඳයි කියලයි මට නං හිතෙන්නෙ. අක්කල දෙන්නෙකුයි නංගිකෙනෙකුයි හිටිය මට නං කිසි අවුලක් තිබුනෙ නෑ බං. උඹ බිල්ලො පෙන්නනව.

    ReplyDelete
    Replies
    1. බිල්ලො නෙවේ කොල්ලෝ..

      මේක අපේ එවුන්ගෙන් අහල අදහස් විමසල ලියපු එකක්..

      Delete
  20. සෑම් අහු උනොත් නම් කනවා.අක්කා හමු උනොත් කියන්නම්.අක්කලා මල්ලීලාට ආදරෙයි හලෝ.එක නේ පරිස්සම් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ අක්කා හොදයි. ඒත් ඒකාලේ කේලම් මල්ල !

      Delete
  21. අපේ අක්ක නම් මට ඉටු දෙවියෙක් වගේ. පොඩි කාලෙදිත් දැනුත්. ඉස්සර අක්කගේ ඔක්කොමේ දේවල් හොයන්න දාලා තිබ්බේ මාව.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල සුදීකයා FBI agent කෙනෙක් එහෙනම්..

      Delete
  22. පවුලේ වැඩිමලා උනාම ඔයි ප්‍රශ්ණ නැත.

    ReplyDelete
  23. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම බාලයා. ලොකු අක්ක නම් ටිකක් බාල්දි දැම්මා. පොඩි අක්කා තමයි මගේ ලව් ඉලව් සේරටම සප් එක දුන්නේ. ඒත් අදටත් මට ලොකු අක්කා අම්ම වගේ. කොටින්ම කිව්වොත් අක්කල දෙන්න නිසා තමයි මම අද මොහෙම ඉන්නේ.

    ජය..

    ReplyDelete
    Replies
    1. සතුටු දායක වාසනාවන්ත කතාවක් සහෝ..

      ජය !

      Delete
  24. මට ඉන්නේ මල්ලි කෙනක්... උඅ මට සපෝර්ට් මම උට සපෝර්ට්.. කොරන හොර වැඩ සේරම එකට.. හේ හේ ..ඕන ඔහොමයි අපි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මම කිව්වෙත්

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නිහඬ පාඩුවේ සිටින අයියාගේ චරිතය මමද රඟ දක්වන්නෙක්මි :)

      Delete
    2. උබත් අයියෙක් එහෙනම් !

      Delete
  26. මට නම් ඔය මොක්කුත් නැහැ බන්

    ReplyDelete
  27. සෙල්ලම ලෙල්ලම වෙනවාමයි(කොල්ලන් වළලන් -කෙල්ලන් ගොඩගන්....)
    ඒකෙන් ඇස් රතු වෙනවමයි (හො හො හෝ හො හෝ හෝ)
    මැර කොල්ලන් එක්කලා හාදකම්.....
    උඩ පනිමින් නටමින් නාඩගම්.....
    හොද නෑ කැතයි චී චී කැතයි
    ලැජ්ජා නැද්දෝ
    හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකෝ අයියේ...
    ඩිංගක් හිතන්නකෝ අයියේ....

    දැන් බැලුවම ගෑණිට හපන්නෙ බං සහෝදරියො..... :(

    ReplyDelete
    Replies
    1. සුමියා කිව්ව නම් තර්ක කරන්න දෙයක් නැහැ.. අනික කවියෙන්මයි දීල තියෙන්නේ..

      Delete
  28. අක්කා එච්චර වද දුන්නේ නැත.ඒත් අයියා එක්ක හැමදාම ගේම ය.අදටත් එහෙමම ය.

    ReplyDelete
    Replies
    1. මගුලයි.. ජාන මාරු වෙලාද??

      Delete
  29. කවුරුත් නෑ... අම්මයි තාත්තයි විතරයි.. :'(

    ReplyDelete
    Replies
    1. සයියෝ සයියෝ...

      එකා නම් යකාය.. :ඩී

      Delete
  30. 'කොල්ලෙක් ගෙදර වැඩිමලා නම් එච්චරම සීන් එකක් නැතිය. නංගිලා, මල්ලිලා මොකෝ කරන්නේ කියා ලොකු කොල්ලා වැඩිය සොයන්නේ නැතිය. හෙව්වද උන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගසන්නේ අල්ප වූ පිරිසක්ය.'

    මාත් ඒ අල්ප වූ පිරිසට අයත් නොවන කෙනෙක්. හැබැයි බාල්දිනම් ඇති වෙන්න පෙරලනවා.ඊටපස්සේ බාල්දි තිබුණු විදියටම ආපහු හදලා දෙනවා. ඒ පොඩි වෙනසකටත් එක්ක. ;)

    ReplyDelete
    Replies
    1. බාල්දි පෙරලලා හදලා දෙනවා නම් අවුලක් නැහැනේ. :)

      Delete
  31. මටත් ඉන්නෙ අක්කයි, අයියයි, නංගියි. දැන් ගෙදර ඉන්නෙ අයියයි මායි විතරයි. හැබැයි මට ඔය ප්‍රශ්න නම් නෑ. ඒත් අයියා එක්කනම් ඉස්සර ඉඳන්ම කේස්. දැනටත් තරහක් නැතුවට නෝ කතා, නෝ සිනා. ළඟ හිටියත් මෑන්ට කියන්නෝන ඒව කියන්නෙ අම්මට, ඔන්න කියන්න කියල. ඒ වුනාට අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ මෙකී නොකී සියළු වැඩ ඉතිං එයා කරනව, අපි සිය පාරක් විතර කිව්වම, මගේ වැඩත් කරල දෙනව.

    ReplyDelete
  32. මටද සහෝදරියන්ගේ කරදර නැත :)
    ගෙදර ලොකු එකා නිසා අනිත් ප්‍රශ්නද නැත

    ReplyDelete
  33. Samatanam me dawas tike pissu thada welada koheda.... :P

    ReplyDelete
  34. වෙලාවට අයියා උඹේ පැත්තට හිටියේ නැත්තං උඹටත් වෙන්නේ අර ගිරෙට අහුවෙච්චි මෙව්වා එකට උන මෙව්වා එක හික්ස්

    ReplyDelete
  35. පවුලෙ ඉන්නෙ එකා නම් එකා යකා කියල කියනවනෙ... ඔක්කොටම මම විතරයි...ඒක නිසා මේ ගැන නෝ අයිඩියා සෑමෝ... :D

    ReplyDelete
  36. නිතරම වලි උනාට මට නම් කරදරයක් තිබුනේ නැත. තිබුන එකම කරදරය උන් රෑ වෙලා clz ඉවර වෙලා එද්දී උන් එක්ක යන්න උන එක.

    ReplyDelete
  37. හනේ.... සෑමෝ.., මටනම් ඉන්නේ එකම එක නංගියෙක් විතරයිනේ...ඒත් අම්මලා වැඩිපුර අහන්නේ එයා කියනදේ තමයි ඉතිං........... ඒකි වේලාවකට හොදයි, වේලාවකට නරකයි (නරකයි කිව්වේ මට නරකයි..!) හනේ මටනම් ඒයාව තේරැම් ගන්නට බැරියෝ.... හැබැයි කියන්නට තරම් 'අවුලක්ද' නැතෝ..මොනව උනත් මට රන්ඩු කරන්නත්, යාළු වේන්නත් ඉන්න එකම එකා ඒකි විතරයි බං....

    ReplyDelete
  38. එකෙන් නොව දෙදෙනෙක්ම සිටි.. මොනරු දෙකක් අවශ්‍ය වේ :p

    ReplyDelete
  39. මට හැමදාම හිතෙනවා කෙල්ලෝ ඕපපාතික උනානම් කියල ,, කෙල්ලගේ ගෙදර උන්ගෙන් මල වදයක්නෙ තියෙන්නේ ,, විශේෂයෙන්ම අක්කාගෙන්

    ReplyDelete
  40. මට ඉන්නේ අක්කා කෙනෙකි,එයා මට අවු.12 දි පිටරටක ඉගෙන ගන්න ගියායින් මට කිසි අවුලක් නොවුයේය.ඒ දවස් වල අපේ අම්මගේ අක්කලා 3 න් දෙනෙක්ටම කෙල්ලොය වැඩිමල් අක්කට හිටියේ කොල්ලෙක්ය අපිට ඒ අයියා අපේම සහොදරයෙක් වු නිසාවෙන් උගේ හොර සෙරොම අපි මහම්මාගේ කනේ තියන්නේය.(ඒ සක්කර වට්ටම් පස්සේ ගිය හෙයිනි).....මරුම වැඩේ කියන්නේ උගේ කෙල්ලන්ව මුන ගැසි "එයා යාලු වෙලා ඉන්නේ මා එක්ක "කීමය .අපි කෙල්ලොන්ට ඔය විදිහට 2 පාර්ක් කර ඇත.අදටත් අයියා තාම විවාහ වි නැත.පදිංචිය ලන්ඩන්ය.කතා කරපු ගොඩක් වෙලාවට කියන්නේ තොපි සේරොම හින්දා අදටත් මට කෙල්ලෙක් නැති බවය.ඒ උගේ කෙප්පය.හැබැයි අයියා අපිට උගේ දරුවන්ට වගේ ආදරේය.හැම දෙකදිම අපිට ගොඩක් උදව් කෙරුවේය.

    ReplyDelete
  41. ගැජට් මල්ලියාට නම් ඔය හැම දේකටම ඉන්නේ අයියෙක් විතරෝ හැබැයි දෙන්න මරාගන්නෙ නෑ අම්ම ඉන්න හින්ද එච්චරයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...