Sunday, November 11, 2012

ඉන්දියන් යුධ පුහුනුවකින් අනතුරුව.. - ඉකුත් දින පහ

සෑමා කලින් පෝස්ටුවේ දැම්මේ විවාහය ගැනයකාන්තාවෝ සෑමාව පොදු සතුරා කරගෙන වට කරගෙන නෙලුවෝයපසුගිය සතිය පුරාමසෑමා සිටියේ ඉන්දියන් කාරයෝ රැසකගෙන් බේරීමට මගක් සොයමින්ය අතර පසුගිය පෝස්ටුවට කාන්තාවෝ පහර දෙද්දී සෑමා නිහඩව සිටියේය බයට නෙවේය කියාගන්නට දෙයක් නැතුවය.  දිනවල එයිට වඩා ගැටලුවක් සෑමාට තිබුණු නිසායදැන් ප්‍රශ්නඅහවරයටාජ් තරු පහේ හෝටලයේ තිබු දින 5 කරදරකාරී ට්‍රේනින් එක අහවර වී දැන් සෑමා නිදහස් සුවයේය


එවන් කරදරකාරීට්‍රේනින් එකකට යුද පුහුණුවක් කීම සාධාරණ බැව් සෑමා විශ්වාස කරන්නේය.


ඒ අතර සෑමා ඇතුළු අපේ කම්පැනියේ සැට් එක ටාජ් එකේ වාර්තාවක්ද තැබීමට සමත් වුවෝය. එනම් දින පහක ට්‍රේනින් එකකට සහභාගි වී දින 6ක දහවල් ආහාර ගැනීමය. ඒ සිද්ධිය නම් මෙසේය. යුද පුහුණුව සදහා ඉන්දියාවෙන් මෙරටට පැමිණියේ අප ආයතනයේ ඉන්දියන් ප්‍රධාන ශාඛාවේ ජෙනරල් මැනේජර් තුමා, නිෂ්පාදන පිළිබද ප්‍රින්සිපල් උතුමෙක් සහ තවත් දක්ෂ වෛද්‍ය වරයෙක්ය. ඒ අතර අප ආයතනයේ ඉන්දියන් මැනේජර්වරයාද (country manager ) සිටියේය. මොනවා වුණත් ඔවුන් කෑවේ බිව්වේ අපේ 30කින් සමන්විත බට පිරිස ආහාර ගත් පසුවය. උදේ අහාරයට තබන සැන්ඩ්විච් පවා මුල් දින පළමු වටයෙන්ම විනාශ කිරීමට අප බට පිරිස් සමත් වුවෝය. දෙවනුව කෑම ගැනීමට සිටි ඉන්දියානුවෝ අසරණ වුයේ එදිනය. අපේ එවුන්ට වද හිංසා දිදී, යුද පුහුණුව දෙද්දී ඔවුනට පහර එල්ල කළ හැකි අපේ උන් සතුවූ එකම අවිය බඩගින්නම විය.

මෙලෙස දින තුනක් ගෙවී හතරවන දිනය එලැබියේය. අපේ උන් දහවල ආහාරය ගත්තේ පසු දිනෙන් අවසන් වන ට්‍රේනින් එක ගැන සිතමින් විය හැකිය. මන්ද එදින ඉන්දියානුවන්ට කෑම නොමැති වන තරමට අපේ උන් කෑවෝය. ඉන් පසු ලැබෙන විවේකයේ පිරිස තැන් තැන් වල සිටිද්දී ඉන්දියානුවෝ හෝටලයේ කළමනාකාරීත්වයට පැමිණිලි කළෝය. ඒ දින කිහිපයක් තිස්සේ වූ ආහාර අහේනිය පිළිබදවය. ඉන්පසු ඔවුන් විසින් අප හට ලොබියේ ඇති බුෆේ එක සූදානම් කළෝය. ඉන්දියානුවෝ අප වෙත පැමිණ ඉල්ලා සිටියේ අප සියල්ලටම වූ අඩු පාඩුව නිසා, හෝටලයට දැනෙන්නට නැවත වරක් අපේ උන් බුෆේ එකෙන්ද ආහාර ගත යුතු බවය. ඉබ්බා දියේ දැමූ කලෙක ඇන්නෑවේ කී අපේ එවුන් සට පට ගා තමන් ගත් ආහාර ආමාශයේ කොනක සගවන්නට වූවෝය. ඒ හුදෙක් ගුඩුස් ඇරීමෙන් ලැබෙන ඉඩ මදි නිසාමය. එදින එලෙස දෙවරක් දහවල ආහාර ගත් නිසාම, අප දින 5කට දහවල ආහාර 6ක් ලබාගත් බවට වාර්තාගත වන බවට ඉන්දියානු ජෙනරල් මැනේජර් වරයා අප හට කියා සිටියේ සිනා මුසු මුහුණින්ය.

"We had 5 days training, with 6 lunches in this 5 stair hotel " කියමින් ඔහු සිනාසුණේය. අපේ උන් එදා හිනා වුණේ ඒ කතාවට නෙවේය. අනේ ඇති යන්තම් දෙයියනේ කරදරකාරී ට්‍රේනින් එක ඉවරයි කියා යටි හිතෙන් සිතමින්ය.

දින පහක් ඔවුන් සමග ගත කිරීමෙන් සෑමාට නම් හැගී ගියේ ඔවුනට පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙහාට පියාසර කළ පසු තම රට පවත්නා තත්වය අමතක වන බවය. ඔවුනගේ රට තරම් රටක් නොවේ යැයි යන උද්ධච්ච සිතුවිල්ලෙන් පසුවෙන බවක් පෙනෙන්නට තිබුණේය. භූමියේ වර්ග කිලෝමීටර ගණන ගැන නොතකා, සමාජීය පසුබිම ගැන සිතුවේ නම් ඔවුනට වඩා අප ඉදිරියෙන්ය. පහරන්නට පාර පුරා ඉදගන්නා සමාජයක්, පොලිසියට පවා එළව එළවා පහර දෙන සමාජයක්, සිගමන, ගණිකා වෘත්තිය, වැනි සිද්ධීන් නොමැති බොලිවුඩයේ පෙන්නන සමාජ පසුතලයක් මවා පාන්නට ඔවුන් උත්සුක වන්නෝය.

එයම අපේ එවුන්ට පාඩමක් වුවේය. කොහේ ගියත් තම රටට, ජාතියට, ආගමට උසස් තැන දී කතා කිරීමට එයම නිදසුනක් වන්නේය. එදා ට්‍රේනින් එකට යොදා ගත් ප්‍රොෙජක්ටර් තිරය මතම slumdog millionaire වැනි චිත්‍රපටයක් විකාශය වුයේ නම් ඔවුනට තම රටේ පවතින බොලිවුඩයේ නොම පෙන්නන පැත්ත මතක් කර දීමට අවස්ථවක් ලැබෙනවා නිසැකය.

පළි- තරියා කියු පරිදි අර හෝටලේ කෑම චොප්පය. හතරවන දින දෙවරක් දහවල් ආහාර ගෙන, පස්වන දින පාන්දර 3 සිට නොනවත්වා කඹරයා දැම්මේ බීලා නොවේය. කෑම සිරා නිසාය. පස්වන දින සෑමාට කෑම දකිද්දී මහා තරහක් ආවේය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:05pm_11/11/12

මෙන්න එහෙන් මෙහෙන් ගහපු පොටෝ කෑලි ටිකක්...





කන බොන සීන් නම් දාන්නෙ නෑ ඕං...

64 comments:

  1. මීළඟ ට්‍රේනින් එකේදී දින පහට ලන්ච් 10ක් ලැබෙනවා ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. උඹ මගුලක් කියනවා

      අපිට කෑම එපා. ට්‍රේනිංනුත් එපා.. ඊයා...

      Delete
    2. සු දී ක
      මට මතක්උනේ උඹ නගරයේ හොඳම හෝටලයෙනක් කාපු කෑම.

      Delete
  2. නම දාන්න තිබුනේ සැමා කියල නෙමේ කෑමා කියලයි....
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අඩේ මට වඩා කාපු වැඩ්ඩන්ට අපහාස කරන්න එපා !

      Delete
  3. // 5 stair hotel // :-)

    කොහෙද බන් ඔය හෝටලේ තියෙන්නෙ ? හරි පොඩි එකක් නෙ ! :-)

    උඹ ඔය දවස් පහක් ඉඳලා.. අවුරුද්දම ඕකුන් එක්ක හැප්පෙන අපිට උඹලා මල් තියලා වදින්න ඕනා.. ඕකුන්ගෙ ලොකු කයියනම් තියනවා කොහෙ ගියත්... ඒත් වැඩ චා... ගූගොඩට වැටෙන රුපියල් අරන් පූහ් පූහ් කියලා සාක්කුවෙ දාගන්න එවුන්...

    අපේ උන් පිස්සු නොකෙල හරියට වැඩ කරනවනම් ඕකුන්ට හැරෙන්නවත් බෑ බන් ලංකාවෙ උන් එක්ක..

    ReplyDelete
    Replies
    1. ඇත්තට තරු 5 නෙවේද බං?? මට වැරදිලාවත්ද ???

      Delete
    2. ඕක තරු පහෙ එකක් නෙමේ බන්, පඩි පහේ හෝටලයක්..

      Delete
  4. අප්පේ..මේ ඉන්දියන් හැතිකරේ නම් මතක් කරන්න එපා බං! ඔක්කාරේ වගේ!!

    ReplyDelete
  5. යකෝ ... මුං බණ්ඩ කොළඹ ගියා වගේ පොටෝත් ගහල. බඩජහරිකමට කෑව මදිවට තව අපහාසත් කරනව. මම බොලොගෙ බොස් උනානම් තව සති දෙකක විතර ට්‍රේනින් එකක් සෙට්කරනව.

    ReplyDelete
    Replies
    1. හික්ස්.... බණ්ඩා කොළඹ දිස්තිරික්කයේ කොනේමය.. අමුතුවෙන් කොළඔ යෑමට දෙයක් නැත.
      අපිත් කොළඹ හරී.

      Delete
    2. අඩේ මට කොළඹ බණ්ඩා අමතක වුනා. සොරි මචං ඈ ......

      Delete
    3. අම්මද බොල බණ්ඩා දැන් කොළඹ ඉන්නේ :)

      Delete
  6. හික් හික්...උඹලට කන්න දෙන්නෙවත් නැතුව කරපු ට්‍රේනින් එක ලංකාවේ අමි ට්‍රේනින් වගේ නම් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් ඇත්ත බං.. :ඩී

      Delete
  7. ඔය වගේ ට්‍රේනින් එකක් කලකට පෙර මටද සෙට් විය. මතක් වෙන කොටත් කබරයා සිහිවේ. අයියෝ සල්ලි :/

    ReplyDelete
    Replies
    1. ඒ වියදම් කරපු සල්ලි අපිට බෙදල දුන්න නම් පව්ද බං ?

      Delete
  8. එතකොට ට්‍රේනින් එකෙන් වැඩක් වුනේ නෑ....?!!

    ReplyDelete
    Replies
    1. වැඩක් වුනා.. බඩ පිරෙන්න කෑවා.

      ඔළුවට යවන්න දගලපු දේවල් වලින් 25%ක් ඇතුලට යන්න ඇති !

      Delete
  9. ඉන්දියානුවෝ ගැන මෙහෙම කියන කොට හරි දුකයි. ලේ කකියනවා.. :)
    .
    .
    .
    .
    .
    .

    උන් බොහොමයක් දේ වලින් කුජීත බව හැබැය. ඒත් සැමා කියල තියෙන විදියටම උන් රට ගැන තියෙන හැගීම අපට හොඳ පාඩමක්මය...



    ReplyDelete
    Replies
    1. ඔය කියන තරම් උන්ට රට ගැන හැඟීමක් නෑ. මම ඒක අත් දැකීමෙන්ම දන්නවා. උන්ට රට මතක් වෙන්නෙ ක්‍රිකට් ගහනකොට විතරයි.. ඒ නැත්නම් "උඹ කොහෙද ? " කියලා ඇහුවත් කියන්නෙ ප්‍රාන්තෙ නම මිසක් ඉන්දියාවෙ කියලා නෙමේ..

      Delete
    2. ඔව් සෙන්නා ඒක තේරුම් ගන්න පුලුවන් උන්ගෙ IPL තරග වලින්ම. ප්‍රාන්ත වලට මරාගන්න හැටි දැක්ක නේ.

      අනික උන්ගෙ රට ලොකුවට පෙන්නන්නේ අපිට. නැතුව උන්ගෙ ආදරයකට නෙවේ.

      Delete
  10. යුද පුහුණුව කලේ ටයි කාරිය දාගෙනද? :)

    ReplyDelete
    Replies
    1. නැතුව.. මේක අමුතු යුධ පුහුනුවක් :)

      Delete
  11. සෑමාලාගේ කෑම ගැන සිතා ගත හැක..
    යන විට 5 star(තරු පහේ) හෝටලය එනවිට 5 stair(පඩි පහේ)හෝටලයක් තරමට බංකොලොත් වී ඇත..


    ජය..

    ReplyDelete
    Replies
    1. පඩි ගානත් මතක නැහැ බං. බඩ නවන්න බැරි තරමට කෑවා. ස්ටීරිං වීල් එක උඩ බඩ තියාගෙන ඩ්‍රයිව් කරන් ගෙදර ආවේ.. :)

      ජය !

      Delete
  12. ඈ. .. පොඩි කුමාරිහාමිගේ ප්‍රශ්නේ මටත් තියනවා.. :O

    ReplyDelete
    Replies
    1. ඇයට උත්තර දුන්න නොවැ !

      Delete
  13. ඉන්දියන් කාරයො පරද්දන්න බැහැ සෑමෝ කෑම කාලා. බඩජාරි කමෙන් උන් අගතැන්පත්

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ට ගහන්න බැහැ බං. අර කැවුම් කන්න යෝදයා සීන් එකත් අපිනේ උඩින්ම ඉන්නේ.

      Delete
  14. මරු ට්‍රේනින් එකක් නේ සෑමෝ... :)
    මටත් වෙලාවකට ඔහොම ට්‍රේනින් එකකට ආස හිතෙනවා.

    ප.ලි. - මම බ්ලොග් කළාවට අළුත් කෙනෙක්. පුලුවන් නම් මගේ ටැංකියටත් ගොඩ වෙලා යන්න එන්න. මෙන්න පාර.
    http://malutankiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොවට සුබපැතුම්..

      Delete
  15. ටාජ් තරු පහේ හෝටලයේ තිබු දින 5ක කරදරකාරී ට්‍රේනින් එක අහවර වී

    අනේ මේ බොරු නොකියා හිටහන්, තරු පහෙන් කන්න උඹ ඇගිලි ගැන ගැන ඉන්න ඇති... ඉන්දියාවෙ උන් ඔයිට හපං... ලංකාවෙ උන් තව හොදා රැවුල කාරිය කපලා පිළිවෙලකට පිරිසිදුව ඉන්නවා... උන්ගෙ එයාර් පෝට් වල ඉන්නෙත් අපිරිසිදු යක්කු... ඒ උනාට වෙන රටකට ගියාම උන් හරි පොරවල්...

    ReplyDelete
    Replies
    1. //ඒ උනාට වෙන රටකට ගියාම උන් හරි පොරවල්...//

      මටත් කියන්න ඕන වුනේ ඔය ටික තමා බං..

      Delete
  16. ෂික් ඔය ඉන්දියන් එවුන් නම් මතක් කරන්න එපා..!

    ReplyDelete
  17. හි හි.. අපේ මල්ලිට ට්‍රේනින් තිබ්බෙත් ඔය හෝටලයේමය... සැමා කෑම ගැන කියලා තියෙන නිසා ට්‍රේනිං එක මොකද්ද කිව්වොත් අපේ එකා අමාරුවේය.. ( ඒනයින් මාත් අමරුවේය.. ඒක නිසා කියන්නේ නැත.. හි හි) කකුල් කඩිත්තුව හැදී, උණ ගැනී කීප දෙනෙක්ම ට්‍රේනිං දාමා ගසා ගෙදර ගියත් අපෙ එකා කාගෙන ඉවර වෙනකම්ම හිටියේය.. ඊට පසු ඌට වෙන ෆීල්ඩ් එකක ජොබක් සෙට් වූයේ පෙර පිනට කියා ඌ හැමදාම කියන්නේ ය.. හි හි....

    හැබෑට ඉන්දියන් ටයි කෝට් කරයොත් අපිරිසිදුද බං... මං හිතාගෙන හිටියේ ඉන්දියාවේ එක පැත්තක් හොඳයි කියලා... හැබැයි ගිහින් එන අය නම් කියන්නේ අන්තිම ජරා රටක් කියලා.. අනේ මන්දා...

    හැබැයි ඒ අතිං උන් අපේ උන්ට වඩා හොඳයි බං.. අපෙ උන් ගිය තැන රට කාලා එන්නේ.. ඊටත් වඩා පුළුවන් තරම් රටට කෙළවන්න හදන්නේ.. උන් නැති හොදත් කියලා රට උස්සලා තියන්න හදනවා.... අපෙ උන්ට තමන්ගේ බඩනේ ඉස්සරහටම එන්නේ... තමන්ගෙ බඩ පිරෙනවා නං රට විකුණයි අපෙ උන්...

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා බලපන්... උන්ගෙ එයාර් පෝට් එකේදි මම ඇස් දෙකෙන් දැක්කා... තියෙන පිරිසිදු කම... ආයෙ ලංකාවට ඇවිල්ලා අපේ අය ඉන්න ලස්සන දැක්කම ලංකාව කියන තරම් නරක නෑනෙ කියලා හිතුනා... අපේ ගුවන්තොටුපල ඇත්තටම ගොඩාක් හොදයි...

      Delete
    2. @හිරු- අපි ගියේ හොටෙල් කෝස් එකකට නෙවේ බොල.. මේක අපේ කොම්පැනියේ තියන ඇනුවල් ට්‍රේනින් එකක්.

      Delete
  18. බුරිය උල්වෙන්න කාල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව් බං. අන්තිම දවසේ ඔක්කොම එලියට දැම්මා. කඹරයා ලෙස !

      Delete
  19. මං කිවුවේ කෑමනං මෙලෝ රහක් නෑ කියලා...
    අපිත් කෑවනේ ඔය මගුලෙං..
    නෙදකිං...
    කැලණියේ සමන්තා එකේ රොටි හදන්න අනපු ගුලි කනවා ඔයිට වඩා රහට...

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. ප්ලේන්ටිය වුනත් චොප්ප චොර චොරස්..

      Delete
  20. මොකද බං උබ මල් ගස් යට ඉගෙන ෆොටෝ අරන් තියෙන්නේ ..මල් කඩන ගමන්ද...

    ReplyDelete
    Replies
    1. යකෝ ඒක ගහක් නෙවේ පැළයයක් ! :)

      Delete
  21. කෑවනං විඳගෙන ඉන්ට එපෑ අපරාදේ යකෝ අර වෙටර් මාමලා නැන්දලා අමාරුවෙන් හදපු කෑම උඹ ආපහු දලා තියෙන්නේ...

    මෙපැත්තෙ ඇවිත් පලයං
    kachasiththara.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඇයි බං බෝතල් ගණන් පැල් බැදගෙන ගහලා තප්පරෙන් කබරයා දාන එකේ ඕක මොනාද.

      මේ මොකක්ද අලුත් බ්ලොගක්ද බං?

      Delete
  22. කන බොන එක ඇර වෙන වැදගත් දෙයක් හිතෙනෙම නැද්ද බන්?

    ReplyDelete
    Replies
    1. හිතුනොත් කියන්නම් කෝරලේ මහතෝ..

      Delete
  23. ඉන්දියන් කාරයෝ පේන්න බැරිය...ටාජ් එකේ කෑම පේන්නත් බැරිය...

    ReplyDelete
  24. මම දැක්කා ඔයින් පොටෝ එකක . ඒයි උඹද ඒ පොකුණ ගාඩ් කරන සිකුරුටි කාරයා කියලා කව්ද නොසන්ඩාලයෙක් කොමෙන්ට් කරලා තිබුනා බුකියේ..

    ReplyDelete
    Replies
    1. සයියෝ ඔව් බං. ඌත් අපේ ගෙවල් පැත්තෙ එකෙක් !

      Delete
  25. ඉන්දියන් කාරයන්ට බනින්නට මගේ දිව නොනැමෙන්නේ කන්න දුන්න අත හපා කන්නට බැරි නිසාය..කොහොම වුනක් යකා ඔය කියන තරම් කළු නොමැති බව නම් ඉඳුරා කිය හැක..කොයි රටේ සිටියත් මින්ස්සු එකිනෙකාට වෙනස්බව පමණක් කියමි..

    ReplyDelete
    Replies
    1. කන්න දුන්නේ ???

      පොඩ්ඩක් කන්න දීලා.. මුලු දේපලම උදුරන්න හදන එකාට කන්න දුන්න එකා කියන්න එපා රූ !

      Delete
  26. ඉන්දියන් කාරයෝ ලංකාවේ උන් හෙන බඩජාරියෝ කියලා හිතයිද දන්නේ නැහැ.උඹලා නිසා අපිට ඉන්දියාවේ පාරක බැහැලා යන්න බහ ඕයි :D

    ReplyDelete
    Replies
    1. ෆල ෆල මගෙන් අහගන්නෙ නැතුව.. :)))

      Delete
    2. මුන් නිසා නෙමෙ බොල අඩියෙන් අඩිය බොග නිසා තමා ඉන්දියාවෙ පාරක බැහැල යන්ඩ බැරි.. :-)

      Delete
  27. ඉන්දියන් කාරෝයෝ හිතන්නේ උන්ගේ ප්‍රන්තේ රටක්ය කියලා. ගොන් හැත්ත.

    ReplyDelete
  28. සෑමා...
    අවන්කවම කියනවා නම් හැමදාම උඹේ පොස්ට් කියවලා රස විඳින මට අද උඹේ පොස්ට් එක දැකලා ලේ රත් උනා.
    මේකයි මචං කතන්දරේ...
    මචං කවමදාකවත් යුධ පුහුණුවක් යුධ පුහුණුවකට හැරෙන්න වෙන කිසිම දෙකට ඊක්වල් කරන්න එපා. මොකද යුධ පුහුණුවක් කියන්නේ සාමාන්‍ය මිනිහෙක් විනයගරුක හා ආදර්ශමත් නිලධාරියෙක්, විනයගරුක සෙබලෙක් බිහිකරන දෙයක්. කොටින්ම කිවොත් අලුතෙන්ම මිනිහෙක් නිර්මාණය කරන වැඩසටහනක්. රටක ඉන්න මිනිස්සුන්ගේ ජීවිත සුභසාදනය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා පූජා කරන්න පසුබට නොවෙන මිනිහ්ව්ක් හදන වේදසටහනක්.

    ලුතිතන් කේඑස්ආර් විතාන.

    ReplyDelete

  29. හයියෝ මට උඹේ පෝස්ට් තුනක් විතර මිස් වුනා බං.

    ඇත්තටම මේක ශාරීරික මේ ‍ෆිසිකල් ට්‍රේනිං එකක්ද බං සෑමා?

    ඔහොම කන්න පුලුවන් වයසට වත් කෑවට කමක් නෑ . මොකද පස්සෙ ඔහොම කෑවොත් ඕක පුච්චා ගන්න සෑහෙන්න විඳවන්න වෙන නිසා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  30. සැමෝ... මෙන්න මේ කොමෙන්ට් එක මම උඹට පොර ටෝකක් දුන්න බ්ලොග් එකක දැම්ම. බලමු අප්ප්රෝවල් එකට පස්සේ පල වෙයිද කියල

    "ඔබ හමුදාව සහ ඔබේ තනතුර පිලිබඳ අදි තක්සේරුවකින් සිටින්නේදැයි මම නොදනිමි. නමුත් හමුදාවට සම්බන්ද වීම යනු ගවුරවයට කාරණාවක් යයි මම කිසිසේත් සිතන්නේ නැත. හමුදාව යනු නිත්‍යානුකුල ලෙස මිණිමරන්න අයිතියක් ඇති පිරිසක් මිස වෙන යමක් නොවේ. අසුචි ගොඩක් අලංකාර ලෙස සරසා එය අසුච් නොවෙයි කීවද දන්නෝ ඒ ගැන දනී. ඔබ සැම කුලියට මිනී මරණ එක්තරා කණ්ඩායමක සාමාජිකයින් බව එම කණ්ඩායමේ මෙයට වසර 7 කට පමණ පෙර ඔබගේ නිලයේම සිටි මම දනිමි. මොරාල් සහ ඩිසිප්ලීන් යනු තවත් එක්තරා පීඩනයක් මිස ස්ව කැමැත්තෙන් ලබා ගන්නා මනෝ භාවක් ලෙස මට කිසිදා ඔය ජීවිතයේදී සිති නැත. ඕනෑම පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමට යම්කිසි පීඩනයක් හෝ උත්තේජනයක් අවශ්‍ය වන බව ඔබත් මමත් දනිමු. හමුදාව තුල ඇත්තේද එවැනි තත්වයකි. ප්‍රශ්න කිරීමකින් තොරව අණ පිළිපැදීම සඳහා ලස්සන වචන රැසකින් උත්තේජනය කර අපිව පොර කර තබන්නාවූ තත්ත්වය තේරුම් ගැනීමට ඔබගේ මනස තවම සුදානම් නැති බව මගේ හැඟිමයි. කෙසේ වෙතත් ඔබගේ මතය දැරීමට සහ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මම පිලිගනිමි. අනික් අතට ඔබ හිතන තරම් මේ සමාජයට ඔබ කරන්නාවූ රැකියාව ගරු රැකියාවක් නොවේ එලෙස ගරු කටයුතු වන්නේ නම් යුද්දය පවතිනවිට යුද සෙබළුන්ගේ බිරියන් මේ තරම් හෝටල් තුලට ගෙන යාමට සමාජය කටුතු කරන්නේද නැත. ඇත්තටම ඔබ ලැබෙන කුලියෙන් රකින්නේ සමාජයනම් ඔබට විරුද්දව වැඩ කිරීමට තරම් මෙම සමාජය පහත යයි මම මම සිතන්නේ නැත. තව කලක් ඔබ හමුදාවේ සිටින විට මම අද කියන දෙය ඔබට වැටහෙනු ඇත. එතෙක් මිදී යුෂ යයි සිතා කසට පැන් බිවු කොටලුවකු මෙන් නොහැසිරෙන ලෙස මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි."

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...