Thursday, November 1, 2012

දහඩිය, කදුළු මැද වැස්ස..


හිතේ හයියට
සිහන මැව්වට
අතේ කරගැට
පළුදු වූවට

ඇතැර නොයනා
දිවියෙ සිහිනය

පුංචි දියණිය
දීග දෙන්නට

මගේ කොළුවා
ඉගෙන ගන්නට

ගතේ දහඩිය
නෙතේ කදුලැලි
සගව ගන්නෙමි
වහින වැස්සට

Written_by_sAm_ශ්‍රී_Perera_11:53am_01/11/12

මහ වාහන වල රෝද පහරට තෙමී, අහසින් වැටෙන වැස්සට තෙමී, දිවිය සරිකර ගන්නට වෙර දරන මිනිසුන්ට දිරියක් වන්නට...

74 comments:

  1. උදේ යන්නෙත් වැස්සේ තෙමි තෙමි..
    හවස එන්නෙත් වැස්සේ තෙමි තෙමි..
    මෙහෙම ගියොතින් මාව දියවෙති..
    නවත්තාපන් වැස්ස ඇති ඇති ...

    ReplyDelete
    Replies
    1. කුඩයක් ගනින් :)

      Delete
    2. කුඩයක් ඉහලාගෙන බයික් එක පදින්න අමාරුයි බං ..හික්

      Delete
  2. sama, All, sorry for publish this here, hope all you see chami4u talk about some ppl copy and paste other's blog posts and published those as their products. but chami also do same, me and seems some other guy also commented but all deleted by Chami.

    kohomath horu thamayi anith unta horu kiyanne.

    wadi visthara me comment eken balanna,
    http://maathalan.blogspot.com/2012/10/sir-think-twice.html?showComment=1350626571696#c8108609941242846150

    ReplyDelete
    Replies
    1. Thank for you'r motion..
      but my blog my post..what are you say

      Delete
    2. ok, time is now 12.33, you still approved my comment which I published in your site. but you approved others. good luck mate for "copy" works.

      Delete
    3. "not" word missing, - you still not approved my comment....

      Delete
    4. you can comment now..your previous comment is missing..

      Delete
    5. මට මේ ගැටලුව අදාළ නෑ... ඒත් මම අහන්නෙ උඹට බ්ලොගක් තියෙනවා නම් ඇයි ඇනෝ කමෙන්ට් දාන්නෙ ?

      Delete
    6. සිරාගෙ කාමරේ : machan, only reason is I want to keep my blog clean, hope you can remember past days, how this bloggers was react when some one said something which oppose to their view. I don't want ruined my name (not a real one but) & my blog.
      Hope you can remember, how was the mudslinging happen for few of bloggers in recent past.

      So that's the reason I came ano.






      Delete
    7. "your previous comment is missing"

      Chami, Waw... you said your blog somehow missed my comment. patta seen ekak, I suggest you to complain to respective blog service as you missing some specific comments. LOL.

      Delete
    8. Hi Chami4U, I saw you replied to other Ano about you Copy-paste article (First time you approved because this thread). So I replied below comment at your comment (http://chami4u.blogspot.com/2012/11/blog-post.html?showComment=1351756618688#c8173474247598562301)


      Here is my reply in case you delete, but I know now you are not deleting this, actually you can't delete because now I am posting it here :)


      ------posted at Chami's site----

      This is the other Ano who commented Sam’s post.

      Check below comments and replies, do replied as it given the mean that you written the article by yourself. Even you replied to Rashod, that you heard this story long time ago and recreated by memory. Fantastic… how come it called re-create when you used same exact word which original author used (Anagirathna). And further, for none of appreciation comments you received, you never told that it was from Anagirathna’s article.

      Horu thamayi anith unta hour kiya kiya yanne.

      Happy deleting my comments again.

      rashod - http://chami4u.blogspot.com/2012/08/blog-post_27.html?showComment=1346050231085#c3818234757741463503

      Dude - http://chami4u.blogspot.com/2012/08/blog-post_27.html?showComment=1346078013889#c6729456590220446603

      Delete
    9. ආ චමී 4යූ, මොකද ඔයා හොරකම් කරපු ලිපි ගැන දාපු කොමෙන්ට් අද මැකුවේ. ඔයා "නිලියක් සමග රැයක් ගත කලෙමී" කියල දාල තියන ලිපිය චන්ඩ්‍ර අනගිරත්නගෙ, එත් ඔයා අද උදේ කොමෙන්ට් කෙරුවේ එක ඉංග්‍රිසි කතාවක ට්‍රාන්ස්ලෙශන් එකක් කියල. හරි එහෙනම් අඩුම ගානෙ ඒකෙ මුල් අයිතිකාරයගෙ නම හරි ලින්ක් එකක් හරි දැම්මද. ඒක අහුවම ඔයා ඔක්කොම කොමෙන්ට් ටික ඩිලීට් කරා. ඔයා නම් පට්ට හොරෙක්. අද ලොකුවට දානවා පෝස්ට් හොරකන් කරන එකක් ගැන. හැබැයි ඔයත් පට්ට ලිපි හොරෙක්. ඇහුවම කොමෙන්ට් මකනව.

      මොකද මෙකට කියන්නෙ, "හොරු සමග හෙලුවෙන්" කියලද?

      ----
      අනිත් අයට මෙන්න ලින්ක්ස්
      http://chami4u.blogspot.com/2012/08/blog-post_27.html
      බලන්න මේකෙ රශොද් ටයි ඩූඩ් ටයි කරපු රිප්ලය් කොමෙන්ට්. මෙයා අඟවන්නෙ එක එයා මතකෙන් ලිව්ව කියල. මාර මතකයක් තියෙන්නෙ, අනගිරත්න ලියපු වචන එහෙමම ලියල.

      තව ඕන්නම් ඔය උඩ තියන කොමෙන්ට්ස් ලින්ක්ස් බලන්න.

      ----
      අනේ සෑමෝ සොරි උඹෙ බ්ලොගෙ ගත්තට, මේකා හොර කරනවා මදිවට ඒ ගැන අහල කොමෙන්ට් දාපුවාම පබ්ලිශ් කරන්නෙ නෑ, අනෙ සොරි බන්.

      Delete
    10. මම දන්නා අනගිරත්නයෙක් නැහැ කොලුවෝ උබ කිව්වට පස්සේ තමයි මම අනගිරත්නගේ එව්වා කියෙව්වෙත් , උබ කිව්වට පස්සේ මම එයාගේ ලිපිය හෙන ගේමක් දීලා හොයාගෙන කියෙව්වේ.. ඔය කථාව මම කියවල තියෙනවා ගොඩක් ඉස්සර ඉන්ග්ලිෂ් ක්ලාස් එකක (සර් කෙනෙක් පාඩමක් කළා ඔය කතාවෙන් )ආතල් කතාවක්නේ හිකිස් ...
      ඒ මතකයෙන් මගේ වචන වලින් ලියපු පොස්ට් එකක් ඒක හරිය.. අනගි ගෙයි මගෙයි වචන එකද කියන්න මම දන්නේ නැහැ කොලුවෝ එහෙම වෙන්න විදියකුත් නැහැ (කන්නාඩියක් දාලා බලහන් කොල්ලෝ ) මේක මගේ භාෂාව මගේ අනිත් කතා වල වගේම..ඕනෙනම් හොයාගෙන දෙකම ඒක වර කියවලා බලහන් කොල්ලෝ... උබට ජය

      Delete
    11. @ චමී4යූ~chami4u,
      අනේ කොලුවො, උඹ හරි බබා, බොරුවට "හිකිස්" වචන දන්නෙ නැතිව ඇත්ත කියන්න. උඹ මහලොකුවට අනුන්ගෙ ලිපි හොරකන් කරන එක ගැන පෝස්ට් එකක් දැම්මනෙ. උඹ ලොකුවට කියනවානෙ අඩුම ගානෙ කාගෙ නිර්මානයක්ද කියල කියන්න කියල.

      එතකොට උඹ ඔය හොරකම් කරපුව, අනුන්ගෙන් බලාගෙන උබේ මතකයෙන් ලියපුවා, ට්‍රන්ස්ලේට් කරල දාපු ඉන්ග්ලිශ් ජෝක් වල කාගෙ කාගෙ කියල නිකමට දැම්මද? අඩුම ගානෙ උඹ මේක ට්‍රාන්ස්ලේශන් එකක් වත් කියල කිව්වද? නෑනෙ,

      උඹට එකපාරටම බ්ලොග් ලිපි හොරකන් කරන එක මතක් උනේ, අපි උඹට දිගටම කොමෙන්ට් කරපු හින්දානෙ.

      එතකොට උඹට එලකිරියෙ එකෞන්ට් එක ඩිසේබල් උනෙ ඇයි?

      ඊයේ උඹයි මමයි, තව ඇනෝ කෙනෙකුයි උඹේ හොරකන් ගැන වෙච්ච කොමෙන්ට්ස් ඇයි ඊයේ ඩිලීට් කරේ?

      උඹ මට ජය කියන්න ඕනෙ නෑ, උඹ ලැජ්ජා වෙයන් උඹ කරන වැඩවලට. එච්චරයි.

      මට පොඩ්ඩක් වැඩ අඩූනාම, උඹේ කොපි කැට් වල ඔරිගිනල් ඩෙන්නම්.

      (උඹ වචනය දැමුවෙ බැනීමට නොවේ)

      Delete
  3. සිරාවටම දැනෙන පද පේළියක්.
    සෑමාටත් උණු වෙලා වැක්කෙරෙන හිතක් තියනව එහෙනම් ඈ..

    ReplyDelete
    Replies
    1. වැස්ස වෙලාවට පොඩ්ඩක් පාර දිහා බලං හිටපං. මේව දිකින්න පුලුවං සජීවීව !

      Delete
  4. පින්තූරෙ දැක්කම මට ගොඩාක් දුක හිතුනා... ඔය රැකියාව ගතේ හයිය තියෙන කං විතරක් කරන්න පුලුවන් එකක් නොවැ... ගෙත්තම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කොයිතරම් දුක් විදිනවා බං ජිවත් වෙන්න.. තමන්ගේ දරු පවුල් ජිවත් කරවන්න..හොර මැර කම් නැතිව දුක් මහන්සියෙන් ජීවත්වෙන මිනිසුන්ට අපගේ උත්තමාචාරය ...

      Delete
  5. පින්තූරයත් එක්කම කවිය කියෙව්වම තමා ඒක හිතට වැඩියෙන්ම දැනෙන්නෙ... මේ අපේම මිනිස්සු... අව්ව...වගේම වැස්සත් එක්ක ඔට්ටු වෙන්නේ..ජීවිතය යන්තම් ගැට ගසාගන්න...

    ReplyDelete
    Replies
    1. මේ ලගදි අංකල් කෙනෙක් ෆුට් සයිකලයක් තල්ලු කරන් ගියා මඩ වතුරෙම. ඒක පොටෝ එකක් ගන්න හිතුනත් මට දුක හිතුනා.

      Delete
  6. මේ වැස්සේ කීදෙනෙකුටනම් මේ හැඟීම ඇත්ද?

    ReplyDelete
    Replies
    1. එදා වේල හොයන මිනිස්සු වැස්ස නිසා ගෙවල් වල ඇති !

      Delete
  7. වහින වැස්සේ - සිහින අස්සේ
    හිතේ පැතුමන් බොඳ නොවේවා
    ගතේ පිපෙනා - හිරිගඩු අස්සේ
    හිතේ ඇති ග‍ට අඩු නොවේවා...!!

    (ගොඩාක් හැගුම්බර දෙයක් සෑමෝ..)

    ReplyDelete
  8. ගිනියම් අව්වේ...මහා වරුසාවේ..දෙවියන් වැඩ ඉන්නේ........
    ඇත්තටම කින් කී දෙනාද මේ මිනිස්සු දිහා හැරිලාවත් බලන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්න සිංදුව !

      කවුරු නොබැලුවත් ඒ මිනිස්සු තමන්ගෙ හයියෙන් ජීවත් වෙනවා බං !

      Delete
  9. ඒ දවස්වල අපේ අප්පොච්චටත් වැඩ නෑ වැස්ස කාලෙට.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. වැස්ස බාධාවක් වෙන තව කොච්චර ජීවිත ඇත්ද ?

      Delete
  10. ජීවත් වෙන්න නේ මේ හැම දෙයක්ම.. පව්..

    ReplyDelete
    Replies
    1. උබේ පොටෝව දැක්කේ දැන් :)
      මම හිතන් හිටියේ උබ නාකි පප්පෙක් කියලා !

      Delete
    2. අඩේ ... මෙන්න මෙයත් මූන දාලා. :)

      Delete
  11. මේ බොළඳ කතා නවතා
    මොහොතක්
    අපි අවට බලමු ඇස් ඇරලා..

    නැති බැරිකම් හතර අතේ
    පාවෙනවා සුළඟ වගේ..

    ReplyDelete
  12. සමාජෙය් ෙනාදකින කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් ගයියා. දැක්කත් නොහිතන පැත්තක් !

      Delete
  13. ඔන්න බලපං අපි පාරේ පයිං යන අහිංසක මිනිස්සුනේ බං.වාහන කාරයින්ට ගානක් නෑ උං ඇරලා යනවා.එතකොට මට මතක් වෙන්නේ 'උගේ අම්මට....' කියලා නෙමෙයි 'රිය ඇතුලේ...උණුසුම ඔබට දිදී...නහවයි මා ....රියසක මඩ වතුරේ ...'කියලා.මේ මිනිස්සු ගැන කියනවනං කොච්චර අසරණද?

    ReplyDelete
    Replies
    1. උබ දන්නවද ට්‍රැෆික් එකේ ඉන්නකොට බයික් වලට යන්න ඉඩ හිටින විදිහටයි මම වාහනේ නවත්තන්නේ. සයිඩි කන්නාඩිය නවලා බයික් වලට ඉඩ දුන්න වාර කිහිපයක් තියෙනවා. මොකද මාත් බයික් එකේ වැඩට ගිය එකෙක් නිසා ඒ ආතල් එක මම දන්නවා.

      Delete
  14. සිතන්න බොහෝ දේ ඇති කවියක් .

    ReplyDelete
  15. වහින වැසට දොරෙ ගැළුවට
    දෙපා යට කර වතුර ගැළුවට
    යට කරන්න බෑ දුක් ගින්න
    හිතේ කොණක හැමදාම නැගෙන..

    කවදාවත් වැස්සට නොතෙමුනාට
    පොඩි වතුරකට කෑ මොර දුන්නට
    හැමදාම යට වෙන කුණු ඇල ගාව ගෙට
    හොද අත්තිවාරමක් ඕනමයි අද හෙට..

    උඹේ කවිය සිරා සෑමා.. වැඩ අස්සෙම මේක මටත් ලියන්න හිතුනා..

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම් සිරා කවක්...

    ReplyDelete
  17. රූ : මේ ප්‍රේම කථා විය යුතුයි. හැබැයි සෑමෝ නාටාමි අයියලා දුක් විඳින බව ඇත්ත. ඒත් පිටකොටුවේ හරස් වීදියක පයින් ගියොත් තේරෙනවා පොරවල්ගේ සයිස් එක. සමහරවිට අව්වේ කැකෑරිලා උන් දරදඬු වෙලා ඇති.

    වහින විට
    ගෙරවුම්ය
    අහසින්
    පායන විට
    ගෙරවුම්ය
    මිනිසුන්ගෙන්

    මොනවා වුනත් මටත් උන් ගැන දුකයි උඹට වගේම.

    ReplyDelete
  18. අරුත්බර කවියක්..
    දරුවන් වෙනුවෙන් දුක් විදින අම්මලා තාත්තලට මේ කවිය උපහාරයක්ම වේවා!!!

    ReplyDelete
  19. ගතේ දහඩිය
    නෙතේ කඳුලැලි
    සඟව ගත්තද
    වහින වැස්සට

    හිතේ තෙරපෙන
    දුකී සිතුවිලි
    සිතට වදදෙයි
    ගිගුම් දෙවමින්

    සඟව ගන්නම්
    එවන් සිතුවිලි
    හඬා වැටෙනා
    අකුණු සැරයෙන්

    ඔබට දකිනට
    විදුලි එලියෙන්
    දසන් පෙන්නා
    සිනා සෙන්නම්

    ReplyDelete
  20. මක්කා කොරන්නද බන් . . . අපේ රටේ ආදායම් විෂමතාවය අඩු කරලා හරි හමන් සිස්ටම් එකක් හදන රටට ආදරේ කරන එකෙක් / උන් ටිකක් එන දවස වෙනකම් මෙහෙම තමා . .

    ReplyDelete
  21. මරු කවිය මචන්.. මටත් මේ මිනිස්සු ගැන පුදුම දුකක් තියෙන්නේ..

    ReplyDelete
  22. කොලුවට උගන්වන්නවත් කෙල්ලව දීග දෙන්නවත් නෙමේ ගොඩක් උන් ඔය රස්සාව කරන්නේ.නාටාමි වැඩේ කරන ගොඩක් උන් තෙමිගෙන මැරීගෙන ඕක කරන්නේ කුඩු ගහන්න නැත්තම් අරක්කු බොන්න.අතරින් පතර එකෙක් දෙන්නෙක් තමා පවුල වෙනුවෙන් බර අදින්නේ.

    ReplyDelete
  23. ලොවෙත් පට්ට මතං..!! සිරා..

    ReplyDelete
  24. හ්ම්ම්..අපූරුයි ලියවිල්ල!

    ReplyDelete
  25. ඒ ෆොටෝ එකේ පට්ටම ගතියක් තියනවා, වාහනේ එළියෙන් අමුතුම ලුක් එකක් ඇවිත් සුපිරියටම. වචනයෙන් කියන්න බැරි දේවල් ඒ පොටෝ එක කියනවා. කවියත් පට්ට, ඔය වහින වැස්සේ දාඩිය කඳුළු බින්දු කීයක් ඇත්ද පිටට නොපෙනුනාට

    ReplyDelete
  26. ජිවිතේ ගැට ගහ ගන්න මිනිස්සුන්ට අව්ව වැස්ස බල ඉන්න බෑ..එහෙම හිටියොත් ඒ මිනිස්සු පරාද වෙනවා...
    එල සෑම...

    ReplyDelete
  27. අපෝ .... වැස්ස නම් දැන් හොඳටම ඇති. මට එපා ...... වෙලා.

    ෂික්, මහ ජරා ආණ්ඩුව. :)

    ReplyDelete
    Replies
    1. ඒ මෙන්න මූ ඒකටත් ආන්ඩුවට බනිනවෝ...!

      Delete
  28. සිරාවට බං ,,, තියන එකා මාරු කියලා හීතලට ගුලිවෙලා බුදියගන්නවා .. නැති එකා මොනවා කරන්නද බං .. බඩ ගොස්තරේ හොයාගන්නම එපයි

    ReplyDelete
  29. පේලි කීපයකින් උඹ සෑහෙන කථාවක් කියලා තියෙනවා .......... ඇත්තටම උන්ගේ දුක තේරුම් ගන්න තරං අපි දුක් විදලා නෑ බං

    ReplyDelete
  30. ගුඩ්ෂෙඩ් එකේ කී දෙනෙක් අතපය හතරම හොඳට තියෙද්දීත් හිඟාකනවද? මේ මිනිස්සු රටක් වටිනව.

    ReplyDelete
  31. ජීවිතය........කොතනත් දුකක් බං..අපි කාටත්,
    අඩු , වැඩි වශයෙන්..!!!!

    ReplyDelete
  32. නිර්මාණය නියමයි සහෝ..!

    ReplyDelete
  33. උඹේ කවියේ අන්තිම පද ටික නියමයි. මෙහෙම කවියක් ලියලා මහා ලොකු දෙයක් කරන්න බැරි උනාට මෙහෙම මිනිස්සු ඉන්න බවවත් අපිට ඉඳහිට මතක් කරල දෙන එක ලොකු දෙයක්....

    පින්තුරේ දැක්කහම මෙහෙම ලියන්න හිතුනා... පැතුම් කියලා තියනවා වගේ මේ පින්තුරේට වාහනේ එළියෙන් ලැබිලා තියෙන්නෙ ලොකු 'එළියක්'.

    සැපැ'ති රථයක
    නොතෙමි යන මට
    දුකක් ඇතිවෙයි
    තෙමෙන නුඹ ගැන

    වැඩි යමක් නැත
    කරනු හැකි මට
    නුඹව පසු කර
    ගමන යනු හැර

    පහන් එළි විද
    ලොවට පෙන්වමි
    නුඹේ සෙවනැලි
    මොහොතකට එක

    ReplyDelete
    Replies
    1. සැපති රථයක
      නුබ යනෙනු දැක
      දෑස තෙමුනා කදුළු බිදුවට..

      පෙර සසරේ කල
      පවක් විලසින්
      මෙලෙස අද මා දුක් විදින සද ..

      නුබ යනෙන ඒ සැපති රථයේ
      සුවය නොහදුනන මගේ දිලිදු වත
      නැහැව්වත් නැහැ සිතේ තරහක්'
      බිදක්වත් ගැන ඔබේ රියසක ..

      Delete
  34. කවි ලියන්ට බැරි උනාට අගේ කරන්ට දන්නවා. ලස්සන කවි ටික.:)

    ReplyDelete
  35. පින්තුරේ, කවිය එක්ක ලස්සනට පෑහෙනවා. බලාපංකෝ වැඩේ මුන්ට වැස්සත් පෝස්ට්කටු, පැව්වත් පෝස්ට්කටු. තව වැහැපිය. බ්ලොග් ලෝකේ වැසි වහින්න

    ReplyDelete
  36. පින්තූරෙට ගැලපෙන.. හුඟාක් සංවේදී, දැනෙන කවි පෙලක් සැමා අයියෙ!!

    ReplyDelete
  37. අනේ බං බලං ගියාම අපිත් ටයි පොලු එල්ලගෙන සපත්තු දාගෙන වහලක් යටට වෙලා කරන්නෙත් ඔයවගෙමෙ කැඹිරිල්ලක් තමයි, ඔය වගෙම සිහින ගොඩ දාගන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  38. උඹත් මමත් රැකියාවේදී දුක් විඳිනවා.වෙනසකට තියෙන්නේ හැමෝම දුක් විඳින්නේ වෙනස් වෙනස් විදියකටයි..

    ReplyDelete
  39. නිතරම දකිනවා. හිතන්න වෙලාවක් නෑ මාත් වැස්සේ දුවනවනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...