Tuesday, November 20, 2012

වසර 15ක් පැරණි අපූරු ආදරණීය ලියුමක්...



අද ඉරිදා, එදා ඒ කියන්නෙ ගිය ඉරිදා මම ක්ලාස් ආවෙ ඔයාව දකින්න ආදරය බර කරගත්ත හිතකින්. මම දන්නෙ ඔයා බහින බස් හෝල්ට් එකයි, ඔයා යන ඉස්කෝලෙයි විතරයි. ඊට වඩා විස්තරයක් හොයා ගන්න බැරි වුණ මම ඔයාව දකින්න පුලුවං එකම තැන විදිහට හිතන් ඉන්නෙ මේ මහා බිත්ති පවුරු බැදපු වාහන දුමෙන් අසරණව බලං ඉන්න පන්ති කාමර ටික විතරයි. එහෙම බලාපොරොත්තුවෙන් ආපු මට ගිය සතියෙ ඔයාව මග හැරුනා. ඒ ඔයා ක්ලාස් ආපු නැති නිසාද නැත්තම් මම ඔයා දෙනෝ දාහක් කොල්ලො කෙල්ලො අස්සෙන් එනවා නොදැක්ක නිසාද මම දන්නෙ නැහැ. ඒත් මම දන්නෙ මෙච්චරයි, සතියක වරක් තියෙන ක්ලාස් එකේ, ඔයාව එක දවසක් නෙදැක්ක කියන්නෙ මට සති දෙකක් හරියටම දවස් 14ක් ඔයාව මග හැරෙනවා. ඇත්ත ඒකයි. මගෙ හිත තේරුම් නොගෙන, ඇස් දෙක තෙමන ඇත්ත ඒකයි.

එහෙම සතියකට ලැබෙන එකම එක දවසෙත් ඔයාම මග නොහැරෙන්න මම ඔයා එනකල් ක්ලාස් එක ඇතුලට නොයන බව දන්නෙ මම විතරයි. මාත් එක්ක ඉන්න කොල්ලො සෙට් එක වුනත්, අපේ එවුන් වුනාට උන් දන්නෙ නැහැ සීන් එක. මොකද මට බයිට් වෙන්න බැහැ “ඒකිගෙ දෙමව්පියන්ට නැති කැක්කුමක් නේද තොට තියෙන්නේ“ කියල අහන්න මම අකැමැති නිසා. උන්ට මගෙ ආදරේ නොතේරෙන නිසා. ඒත් උන්ටත් නොතේරෙන්න ඔයා ආවට පස්සෙ පන්තියට රිංගන්න තැනට මම උන්ව අන්දල තියෙන්නේ. ඇතුලෙ ඉන්න බැහැ බං මාර රස්නෙයි, සර් එන්න ඔන්න මෙන්න තියල ඇතුලට යමු කියල උන්ව අන්දල තියෙන්නේ.

උන්ගෙ සපෝට් එක ගන්න බැරි තැනදි, ඔයා මට උදව්වක් වුනා. මගෙ ආදරේ තේරුම් ගත්ත ඔය ඇස් කතා කරනව මට දැනුනා. මම පොලොවෙ වැලි ගොඩක් ඉරට්ට හිර කරපු අහස් කූරක් වගේ, ඔයාගෙ ඔය බැල්ම ඒ අහස්කූරෙ කොන පත්තු කරන ගිනි පෙලල්ලක් වගේ, මාව දවනවා, දැවෙන්න දැවෙන්න ලංවෙලා මම සූස් ගාලා උඩට යනවා, මහ දුරක් උඩ ගිහින් පපුව හීතල වෙන වේගෙන් මම බිම වැටෙනවා, අළු වෙලා, පිච්චිලා, විනාස වෙලා. මම දුක් වෙනවද? ඔයාට සාප කරනවද? නැහැ මොකද හැමදේම ඔය ඇස් නිසා, මොහොතින් මම අළු වෙලා වැටුනත් ඊට කලින් මම සතුටින් උඩ යන නිසා. ලෝකෙට පේන්න ආඩම්බරෙන් මොහොතක් හරි උඩින් හිටපු නිසා.

මට නොලැබුනත් කමක් නැති ඔය ඇස්, මම පතන ආදරේ මාව කවියෙක් ලේඛකයෙක් කරලා. මට නැති වුනත් මට ම‍ම ණයයි ඔයාට.

කියවල ඉවර ඇති නේද? දැනුයි සෑමා කතාව පටන් ගන්නේ.

ඉස්සර හදිස්සියෙ දීල දුවන, මූණට කියන්න බැරි හැමදේම කැටි වෙච්ච ආදරණීය ලියුම් ගැන අදහසක් දුන්නෙ මගෙ රසිකයෙක්. ඔහු මට එව්ව ලියුම කියවලා මට ආපු හැගීම උඩ තියෙන ආකාරයට අකුරු කෙරුනා. එක දිගට ටයිප් කළා මිසක හිත හිත ටයිප් කරපු එකක් නෙවේ ඒක.

මෙන්න මට ආපු මේල් එක.


සෑම්...

මට මීට අවුරුදු 15 කට කලින් ලිපියක් හම්බ උනා බස් හොල්ට් එකේදි .....
කියවලා බලන්න....ඒ කාලේ කොල්ලෙක්ගෙ අදහස් දෑන් ඉන්න අයත් එක්ක බලන්න...මම මෙක උබට දෙන්නෙ බ්ලොග් එකට ලියන්න මේකෙන් මොනා හරි අදහසක් ගන්න...මෙක ලියපු එකා දෑන් මොනා කරනවද කොහෙද ඉන්නෙ කියලවත් මම දන්නෙ නෑ....අඩුම තරමින් මෙක ලියුවෙ කවුද කියලවත් මම දන්නෙ නෑ සහො... 

මම හිතනවා උබ මේක කියවලා හොද දෙයක් ලියය් කියලා....(මම හිතන්නෙ මේක කෙල්ලට දෙන්න බෑරිවෙලා....)

බ්ලොග් එක ආසවෙන් කියවනවා...ඔබට ජය...

-- 
Thanks

G.W.K.P.K Gunawardena

ඒකෙම අමුණලා එවපු ලියුම මෙන්න.

අනුන්ගෙ ලියුම් කියවන එක හොද නැති නිසා පොඩියට දැම්මේ,
ඒත් බලන්න ඕනෙම නම්, පේනවා මදි වගේ නම් ඕක උඩ කොටන්න.
right click on pic & open with a new tab :)


තාක්ෂණයෙන් අපිව ලං කරද්දි, නොදැක හිදීමෙන් ලැබෙන ඉවසීමෙන් වැඩිවන ආදරය අඩු වෙද්දි, කලාත්මක රසය මැකිලා ගිහින්. බුකියේ දාන කවියක, මේල් එකක එන කවියක, නැති රසය එදා ලියුමක තිබ්බ බවට සාක්ෂිය මේක. මගෙ රසිකයෙක් වෙච්ච මාත් නොදන්න කැලුම් සහෝදරය කිව්වත් වගේ මේ ලියුම ඔහුට ඇයට දෙන්න බැරි වෙන්න ඇති. ඒත් මට හිතුන මේක ඇය විසික් කළ එකක්ද කියලත්, මොනව වුනත් වසර 15ක් පරණ ලිපියක අපි මේ දකින සුන්දරත්වය, අපි නොදුටු තව ලියුම් කීයක තියෙන්න ඇතිද?

එකම ලියුම ලස්සන අත් අකරු එන විදිහට දෙතුන් පාර ලියපු උන්, අත කඩදහියෙ නොගෑවෙන්න, අපිරිසිදු නොවෙන්න, නොතැලෙන්න දරපු වෙහෙස හැම දේම අසීමිත ආදරයක්, නොපෙනෙන කලාවක් හංගලා තියෙනවා.

ස්තුති නොදුටු මිත්‍රයාට,

ජය වේවා.

Written_by_sAm_ශ්‍රී_Perera_11:55pm_19/11/12

පලි - මම දන්න මට වඩා වැඩිමල් මිතුරෙක්ට (දැන් ඌ නාකියා) ඒ කාලෙ, ලියුම් විතරක් තියෙන, ටෙලිෆෝන් සීමිත කාලෙ, කෙල්ලෙක් සැට් වෙලා. දෙන්න ලියුම් කඩදහියෙන් ලව් කරල මීට් වෙන්න සැට් කොරගෙන මාලඹේ බස් හෝල්ට් එකේ. දවල් දෙකට කියමුකෝ. අපේ එකා ඉන්නවලු කෙල්ල නැහැලු. මූ පැය දෙකක් විතර කට්ට කාලා, ගෙදර ගිහින් මල පැනල ලියුමක් දාලා අරකිට හොදටම බැනලා. පහුවෙනිද අරූටත් ඒ වගේම ලියුමක් ඇවිත්. බලනකොට දෙන්නම වැරදි නැහැලු, දෙන්නම ඇවිත් හෝල්ට් එකේ දෙපැත්තෙ හිටගෙන ඉදලා යන්න ගිහින්. තමන් හෝල්ට් එකට එන බස් එක නවත්තන පැත්තෙම හිටගෙන ඉදලා එපා වුනාම ඒ පැත්තෙන්ම නැගලා ගෙවල් වලට ගිහින්.

66 comments:

  1. This is wonderful. I'm sorry I won't comment in Sinhalese as my recent lack of fluency seem to prevent me from doing so. It was indeed, a blast from the past.

    ReplyDelete
    Replies
    1. Yes dear, itz pleasure to see such kind of love letter, :))

      Delete
  2. සෑහෙන අවංක කොල්ලෙක් වගේ ලියුම ලියලා තියෙන්නේ :) අවු. 15 කට පස්සේ ඕක බස් හෝල්ට් එකක් ඇතුලට එන්නේ කොහොමද? සමහරවිට දෙන්නා යාලු වෙලා ඉඳලා තරහ වෙච්ච වෙලාවක විසි කරාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැම කොල්ලම අවංකයි නොවැ..

      අපේ මිත්‍රයාට ලියුම හමුවෙච්ච ආකාරය සදහන් කරල තිබ්බෙ නැහැ නොවැ..

      හැබැයි සයුරි කියපු දේත් වෙන්න පුලුවං..

      Delete
    2. සමහර විට එහෙමත් වෙන්න පුළුවන් ....නැත්නම් කෙල්ලට දුන්නාම විසිකලා වෙන්නත් පුළුවන් ....ඒ කොහොම උනත් මට හම්බ උනේ හෝල්ට් එකේ තිබිලා ...

      මම මේක අපේ තාත්තාට පෙන්නුවාම එයා කිව්වේ "බලපන් රචනාවක් ලියන්න කිව්වනම් මෙහෙම ලියය්ද " කියලා :-)

      Delete
  3. ලව් සික්. නෙහ්...

    හයියූ .... මේ කෙල්ලො නිසා කොල්ලො විඳින දුකක්.

    යකෝ මුංට වාක්‍ය රචනයක් ලියන්න පේලි දෙකක් ගලපගන්න බෑ, ලව් ලෙටර් ලියන්න ගත්තම කොලෙත් ඉඩමදි.

    උඹ මේ යක්කු ගස් නගින වෙලාවට පොස්ට් දාන්නෙ මොකද බං, අපි නිදාගන්නෙ නැත්ද, මම යනව මට නිදිමතයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. රචනාවක් ලියද්දි වචන ගැන ගැන ලියන්නේ. ඒකට ලියුම් ලියද්දී :ඩී

      මහ රෑට වුනත් පෝස්ට් එද දැම්මෙ නැත්තං මාරයා බනිනවා. අනිත් එවුන් හිටන් බනිනවා බං ලියන්නෙ නැහැ කියලා. ඒ කතන්දර අහනවට වැඩිය නිදි මරාගෙන හරි ලියන එක සැපයි.. :ඩී

      Delete
  4. මගේ හිත එක පාරටම අතීතයට ඇදිලා ගියා.

    ReplyDelete
  5. ඉස්සර ලව් ලෙටර් වලට වෙනම සංස්කෘතියක් තිබුන.සමහර අත්දැකීම් තියෙන ඈයොන්ට,අත් අකුරු ලස්සන ඈයොන්ට,චිත්‍ර අඳින්න පුලුවන් ඈයොන්ට මාර ඉල්ලුමක් තිබ්බෙ.ඇස්,ඇම්,ඇස් කොටනවට වඩා කොච්චර සුන්දරද..!

    ReplyDelete
    Replies
    1. උබ දන්නවද 10/11 වසරෙදි මම ලියපු ලියුම් තොගයක්.. මගෙ සීන් නෙවේ. අනිත් එවුන්ගේ ලව් සීන්..

      :)

      Delete
  6. අම්මෝ ලියුං නං මතක් කරන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. අටමා ලොකු අංචියක් අල්ලලා වගේ !

      Delete
  7. අපේ කොල්ලෙක් සුදු චුටිට ලියපු ලියුමක් නසරානි කොල්ලෝ ටිකකට මාට්ටු වෙලා වටේටම ඊ-මේල් වුනා වෙන කොල්ලෙක්ගේ එඩිට් කරපු ෆොටෝවකුත් දාලා. අවුරුදු නවයක් පරණ ඒ ඊ-මේල් එක අමාරුවෙන් හොයා ගෙන ජාලගත කලා. :), මෙතන බලන්න

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකක්, අර ලියුම හොයද්දි දැක්කේ.

      Dearest Ms Samona,

      I am very happy to inform you that I have fallen in
      Love with you since the 14th of October (Saturday).

      With reference to the meeting held between us on the
      13th of Oct. at 1500hrs, I would like to present
      myself as a prospective lover.
      Our love affair would be on probation for a period of
      three months and depending on compatibility, would be
      made permanent.
      Of course, upon completion of probation, there will be
      continuous on the job training and performance
      appraisal schemes leading up to promotion from lover to
      spouse. The expenses incurred for coffee and
      entertainment would initially be shared equally
      between us.

      Later, based on your performance, I might take up a
      larger share of the expenses. However I am broadminded
      enough to be taken care of, on your expense account.

      I request you to kindly respond within 30 days of
      receiving this letter, failing which, this offer would
      be cancelled without further notice and I shall be
      considering someone else. I would be happy, if you
      could forward this letter to your sister, if you do
      not wish to take up this offer.

      Wish you all the best!

      Thanking you in anticipation,

      Yours sincerely,
      Sam
      Manager

      Delete
    2. ස්තුති රාමා..

      මේකෙම සිංහල පරිවර්ථනය මම කියවල තියෙනවා.

      ඒ වගේම අන්තිමට තිබ්බා ඉහත කරුනු වලට ඔබ එකග නොවේ නම් කරුණාකර මේ ලිපිය ඔබේ නැගෙනියට යොමු කරන්න කියලත් :)

      ජය !

      Delete
  8. මීට වඩා ලස්සනයි අපේ කාළේ ඒවා. මම කවදාවත් කෙල්ලෙකුට ලියුමක් දීලා නෑ. ඒත් යාළුවෝ ඔක්කොම ලියුම් ලියාගන්නෙ මට කියලා. මිල්ටන් මල්ලවාඅරච්චිගෙ සින්දුවක් තියෙනවමයි. ඒ කියන්නෙ සම්පූර්ණ සින්දුවම, එතනටම පිටුවක් යනවා. ඔහොම ලියුම් දීලා සෙට් වෙච්ච උන් ඔක්කොම වගේ මාට්ටු උනා. කොල්ලගෙ නෝට් බුක් එකක් ඉල්ල ගත්ත වෙලාවට. ඒත් ඉතින් ඇත්ත කියලා බේරුන අය අදත් ජොලියේ ඉන්නවා. උන් දන්නවා උන්ට ලව් කරේ උන් නෙවේ මම කියලා. ඇත්තටම එක කෙල්ලෙක් හිටියා මම එකසිය ගානට ට්‍රයි කරපු, මට සෙට් උනේම නෑ. ඒත් දාගත්ත එකාට ලියුම් ලිව්වෙ මම. පස්සෙ කාළේක අරු කියලා ඔයාට ලිවුම් ලිව්වෙ මම නෙමෙයි අරූ කියලා. මම ඇහුවා කෙල්ල මොකද කිව්වෙ කියලා. මාව නෝන්ඩි කරලා නෑ කෙල්ල. ඒත් මම අරූට කතාව කිව්වා. දෙන්නම අදත් මගේ හොන්ද යාළුවෝ.

    ReplyDelete
    Replies
    1. කලින් දවසක් කිව්වත් වගේ මටත් මාර ලියුම් තොගයක් ලියන්න වුනා බං. ඔක්කොම අනුන්ගේ සින්, ඒ අස්සේ teen book පවා පිරෙව්වා. ඒවත් අනුන්ගේ සීන්. :ඩී

      උබට ලියුම් ලියන්න දෙන්න උන්ට බය හිතුනෙ නැද්ද බං? බ්ලොග ගැන දැක්කම මට නම් බයයි :පී

      ජය !

      Delete
  9. අකුරු කීපයක S. M. S. එකකට වඩා කොච්චර ලස්සනද?
    කොල්ලෝ ලියුමක් දීලා බලන් ඉන්නවා ලියුම යනකම්, කියවනකම්, උත්තර හම්බ වෙනකම්. ඉවසීම පුරුදු වෙනවා
    ඒකට අද....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.

      දැන් ක්ෂණික ආදර අන්දර නොවැ තියෙන්නේ. කෙටිම කෙටී !

      Delete
  10. මමත් ජීවිතේට ලියුමක් ලියල නැහැ (ඉස්කෝලෙදි අභ්යාස විදියට දෙන ලියුම් ඇරුනම :D)
    sms අපිව ගොඩක් ලං කරල. ඒත් නිර්මාණ හැකියාව, සංයමය ගොඩක් දුරට අඩුකරල. ඒ ගැන දුකයි.
    මං හරි ආසයි ඔය ආදර ලියුම් වල දිනේට යටින් දාන කෑල්ලට. නිසල රැයකදී, පාලුව රජකරන මොහොතක, නුබ ගැනම සිහිකරමින් .. වගේ එක එක දේවල්..ලව් ලෙටර් වල ආවේණික ලක්ශන්යක්ද මන්ද

    ReplyDelete
    Replies
    1. හැම එකාම ලියුම පටන් ගන්නේ පාළු රැයක කියලා තමයි.. හිකිස්..

      ජය !

      Delete
  11. මේ කතාව කියෙව්වම මට මතක් වෙන්නෙ අපේ අම්මගෙයි තාත්තගේයි ලියුම් මිටිය . මම හිතන්නේ ඒ දෙන්නටත් වඩා මම කියවන්න ඇති ඒ ලියුම් . එතරම් රසවත් සුන්දර ලස්සන අදහස් .ලස්සන ලා පාට කොල වල ලියපු .
    …(දැන් ඉතින් මට මුකුත් කියන්න එපා අනුන්ගෙ ලියුම් බැලුව කියල :D)

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙ ටික නැති වුනානම් මුකුත් කියන්න තිබ්බා අපරාදේ... :/

      ඔයාගෙ ලියුම් මිටිය පරිස්සම් කරල තියන්න ලමයින්ට බලන්න..

      Delete
  12. අනේ ඇත්ත‍ට ආසාවේ...බෑ Love Letter 1ක් බලන්න..හෙක්..හෙක්...කොහෙද දැන් ඉතිං SMS & E-mail ලෝකෙනේ..Love කිරිල්ලත් දැන් Posh වෙලා...අපරාදේ...

    ‍අනේ ලියුම හරියට පැහැදිලි නෑනේ සෑමෝ...

    ReplyDelete
    Replies
    1. බලන්න ආසයි නම් ලියුමක් මම හරි එවන්නම්..

      ලියුම වෙනම ටැබ් එකක ඕපන් කරලා zoom කලොත් පේනවා..

      Delete
  13. හිතට වැදුනා පොල්ලෙක් ගහන්නැහේ... කාලයක් තිබුනා ඔය වගේම ලියුම් ලියාපු... මුලින් පොත් පිටුවල..පස්සේ සුවඳ කොළවල... අන්තිමට ෆුල්ස්කැප්වල... එක ලියුමට ෆුල්ස්කැප් කොල දෙක මදි උන කාලයක් ඒක... තැලිලා පොඩිවෙලා නැති..කැත හිත් නැති කාලේ... (දැන්නං ඉතිං..නෑ එව්වා ඕන නැහැ)

    යවපු ලියුම් වලට උත්තර ලැබීමත් එහෙමම තමා.. ඒත් මට මතක හිටිනම පිළිතුරු ලිපිය ලැබුනේ ආදරේ ප්‍රතික්ෂේප කරලා එක නංගි කෙනෙක් මට එවාපු ලියුමක්... ඒක ලියලා තිබුන විදියට අහක දාන්න බැරිව මං ගාව ඒක අවුරුදු ගානක් තිබ්බා..සමහරක් විට තාමත් ඇති කොහේ හරි දාපු තැනක... හම්බ උනොත් දවසක දාන්නං... ඒක ලැබිලා දැන් අවුරුදු 17ක් විතර කාලයක් ගෙවිලා ගිහින්.. ඒත් අදටත් මට ඒකේ තිපුන දේවල් සෑහෙන්න මතකයි... නොලැබීමෙත් රසයක් තියෙනවා කියලා හිතෙන්නේ ඒවා මතක් වෙනකොට...

    ReplyDelete
    Replies
    1. නොලැබීමෙ රසයක් තියෙනවා කියන කොට මතක් වෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ගීත සැට් එක..

      නොලැබීමේ රසය නිසා තමා විරහ ගීත එච්චර හිට් වෙන්නේ !

      Delete
  14. මම මුලින්ම ලියුමක් ලිව්වේ 9 වසරේ ඉදිද්දී, මට නම් නෙමෙයි. මගේ හොඳමා යාළුවෙක්ට. ඔහොම ඔහොම ගිහින් කාලයක් යද්දී අපේ සෙට් එකේ හිටපු එවුන් හැමෝටම වගේ ලියුම් ලියලා දුන්නේ මම. (මට තාම කෙල්ලෙක් නෑ ඕයි)

    ReplyDelete
    Replies
    1. උඹ මුල්ම ලියුම ලියල තියෙන්නෙ හොදම යාළුවෙක්ට? ඒ කියන්නෙ කොල්ලෙක්ට ?

      ඉතිං කෙල්ලො සැට් වෙයිද බොලව්.. :පී

      Delete
    2. ඈ බන්, විලි ලැජ්ජා හිතෙන කථා කියන්න එපා බොල. මං ඌගේ කෙල්ලට ලිව්වේ... :p

      Delete
  15. හික්ස් ලියුං එකාලේ කොහේද සෙල්ෆොන් මලේ මගේ යාලුවෙක් හිටියා මිනිහා යාලුවො දෙන්නෙකුට ලව් ලෙටර් දෙකක් ලියල වෙච්චි සන්තැසිය පස්සේ වෙලාවක ලියඥං

    ReplyDelete
    Replies
    1. හපොයි ඌ මාරු කරල ලියුම් දීලද?

      Delete
  16. මිශ්‍ර පාසැලකට ගිය හින්ද ලව් ලේට්‍ර්ස් ඉහලම තැනකට යන්න පුළුවන් උනා. කොටින්ම කිවුවොත් වෙඩින් එකට කලින් අපේ මල්ලි මගෙ අල්මාරි, කබඩ් සුද්දකරල ගෝනියක් විතර ලියුම් පිච්චුව . ඌ ඒකට කිවුවෙ ලවු ගින්නෙන් ගිනිතපිනව කියල.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා කමෙන්ට් එක :ඩී

      Delete
  17. හරි...හරි..යාන්තමට ලියුම කියෙව්වා

    ReplyDelete
    Replies
    1. අකුරු බැරි නිසාද යන්තමට?

      Delete
  18. අය්යෝ ඇයි සෑම් ඔයා මගේ හොර ලියුම බෝලොක්කේ දැම්මේ. මේක මට විලි ලැජ්ජාවක් උදේ ඉදන් මගේ ෆෝන් එකට නිවනක් නැහැ මගේ ලියුම ලංකාවම දැකලා . මේක දැනගෙන මගේ ගෑනි මාව දාලා ගියා..මේ ලියුමේ ඉන්න කෙල්ලගේ මිනිහා ඒකිව දාලා ගියා.. උබ කලේ අපිට මහා පල් වැඩක් සෑම් .. මට බැහැ සෑම් මට බැහැ මේවා ඉවසන්න . මම පනිනවා කෝච්චියට

    ReplyDelete
  19. ලියුම් ගැනනම් කතා කරලා වැඩක් නැහැ .. මරණ ලියුම් මල්ලම මම ලගදී පුච්චලා දැම්මා ..

    ReplyDelete
    Replies
    1. සමාවන්න මරණ නෙවෙයි පරණ .. ලියුම් ටික අහු උනානම් මරණයක් තමයි ..හිකිස් , එකෙත් හැටි නේද ..

      Delete
    2. මරණය තමා මේක දැක්කත් !

      Delete
  20. හැබැයි ම ලියුම බැදුවේ නැ.සෑම් ඔයා කියලා තියෙනවා අනුන්ගේ ලියුම් කියවන්න එපා කියලා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේක කියවන එක වැරදි තමා :පී

      Delete
  21. ලියුම් නේ... මතක් උනා අතීතේ...

    තාමත් ගෙදර උන් මාව බයිට් කරන්නේ ඔය ලියුම් හුටප්පරයක් ඇදගෙන නොවැ.. මීගොඩය ස/පෙ කරද්දි නැන්දල මාමලා බාප්පලා පුංචිලා ඔක්කොම එක්කල ( ඔක්කොම 23ක්) එකගෙදරනෙ වාසයකොලේ.. ඒ කාලේ ලොකුම නැන්දට මට්ටු.. ලියුම් 100ක විතර මිටියක්.. අය්යෝ සල්ලි.. අනේ නැන්දා කණ්නාඩි දෙක දාගෙන සාලෙ ඉඳගෙන ඔක්කොම කට්ටිය වට කරගෙන කියෙව්වා අර ලියුම් ඔක්කොම.. ( මාව මැරුවනම් ඊට හොඳා )

    සිරාවටම ඒ කලේ ලියුම් වල සාහිත්‍යය තිබ්බ බං.. අද යවන එස් එම් එස් වගේ නෙවෙයි

    අපි දන්න එකෙක් හිටියා ඌ කෑල්ලක් ඉන්නව කියල පෙන්නන්න ඌම කෙල්ලෙක් වගේ ලව් ලෙටර් එකක් ලියල ඌටම පෝස්ට් කරගන්නව.. ඊට පස්සෙ අපිට පෙන්නනව.. අඩේ එදා ඇඩ්‍රස් එක දීපු කෑල්ල ලියුමක් එවල කියලා

    ReplyDelete
    Replies
    1. මරු නේ..........! :) තාම නැන්දට හචින් යනවා ඇති :)

      Delete
  22. මම කෙල්ලන්ට ලියුම් ලියලා තියෙන්නෙ දෙවරක් පමණයි... පළමු එක ගැන විස්තරේ මෙතැනින්

    දෙවැනි ලියුම උසස් පෙළ කරන කාලෙ... ඒ ලියුමට ප්‍ර‍තිචාරයක් කෙල්ලගෙන් නැති වුනත් එයාගෙ ගෙදර ඔක්කොම මගේ ලියුම කියෙව්වා කියලා දැන ගත්තම නම් මගේ රෙද්ද නෑ වගේ තමයි දැනුනෙ...

    උඹ දාපු ලියුමත් කියෙව්වා... බොහොම අහිංසක කොල්ලෙක් කියලා තමයි හිතෙන්නෙ...එහෙම කොල්ලෙක් ලබන්නත් කෙල්ලො පිං කරන්න ඕනෙ...

    ReplyDelete
  23. ෂා... නියමයි.... අපරාදේ ඒ කොල්ල කොච්චර බලාපොරොත්තු තියා ගෙනද ඔය ලියුම ඔය විදියට ලියන්න ඇත්තේ.... ඕක කෙල්ලට දෙන්න බැරි වුනානම් හෙනම පව්....

    දැන් කාලේ ලව් ලේටර්ස් නැනේ... අපරාදේ... කොච්චර සුන්දරද ඒ වගේ දේවල්....

    ReplyDelete
  24. මෙක කියවනකොට හිතට අපු හැගිම වචන කරන්න මට නම් තෙරෙන් නැ...

    ReplyDelete
  25. පෙම් හසුන් නම් මමත් ලියලා තියෙනවා. ඒ උනාට නංගි බබාට නම් එකක්වත් ලියුවේ නෑ.

    ලියුම් දෙන්න ගිහින් මෙහෙම දේවලුත් වෙලා තියෙනවා.

    http://saragelokaya.blogspot.com/2012/07/blog-post_06.html

    ReplyDelete
  26. මටත් ලියුම් දෙකක් දීලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ. හැබැයි මේ තරම් ලස්සනට ලියල තිබ්බෙ නෑ.
    අදමයි මේ පැත්තට ආවේ :)

    ReplyDelete
  27. උඩ බලාගෙන කොටන ඇස්.ඇම්.ඇස් එකකට වඩා කොච්චර ....(අනේ මන්ද බන් )

    ReplyDelete
  28. ඒ ලියුම කියෙව්වම මට නම් හිතෙන්නේ මම වගේම අහිංසක අවංක කොල්ලෙක් ලියපු නිර්මල අදහසක් කියලා.

    ReplyDelete
  29. අපිත් ඔහොම කළ හැටි මතකයි .....මට හොද හැටි මතකයි....

    තාක්ෂණයත් එක්ක ලව් කරන්න බෑ, ඒවා හුගාක් අමාරුවන් වෙන්න ඕන දෙවල්.

    ReplyDelete
  30. මාත් ලියුම් ලිව්වා ඇති වෙන්ට.වැඩි හරියක් යාළුවන්ගේ එව්වා.මගේම කියල එව්වත් නොලිව්වම නෙවෙයි.වැඩිය නෑ දවසට 1ක් 2ක් වගේ.කාමරේ හංගපු ලියුම් තවමත් සැරින් සැරේ අහුවෙනවා.ඔයින් එකක් අපේ අම්මටත් අහුවෙලා මහ අලකලංචියක් උනා නොවැ.කතෘතුමිය ආදේශක නාමයක් භාවිතා කරල තිබුණු නිසා ජාමෙ බේරුණා....

    ReplyDelete
  31. මාත් ලිව්වා ලියුම්නම්.ඒත් ඒ ඔක්කොම වෙන එවුන් ලියපු ඒවගේ කොපි. මේකෙනම් මාර ගතියක් දැනෙනවා කියවද්දි.

    ReplyDelete
  32. ම්..ඔය වගේ ලියුම් එකක් දෙකක් මටත් ලැබිලා තියනවා..දැන් නම් අපරාදෙ කියලා හිතෙනවා ඒවා විසික් කලේ..හික්ස්

    ReplyDelete
  33. ශික් විතරක්!!! මේ කොල්ලෝ මෙච්චර ලියුම් ලියලා තියනවා, මට එකක්වත් ලැබිලා නැති හැටි..( අය්යෝ සල්ලි ). ජීවිතේට ලව් ලෙටර් එකක් කියව්වමයි.අම්ම පල්ලා.... තැන්කු සෑමෝ...එත් මට මේක කියව්වාම හිනා යනවනේ මු කියල තියන දේවල් වලට...

    ReplyDelete
    Replies
    1. සැක් උයා පව්.......................... :):):)
      හැබෑටම ඒකාලේ ගුරුවරු ලව් ලෙටර් වලට විරුද්ද ඇති නේද කැරලියෝ... ;);)

      Delete
  34. පා.ලි කෑල්ල කියෙවුවාම මගේ පපුව හෝස් ගාල ගියා මොන අපරාදයක් ද?..

    පාසල් ආදරයේ දුක..

    ReplyDelete
  35. ආදරේ තියෙන තැන අනිවා දුකත් තියෙනවමයි කියලා මම ඊයේ පෙරේදා මේ වගේ හොඳටම අත් වින්දා...ඉස්සර ආදරේ නම් දැන් තියෙන ඒවට වඩා එකිනෙකා කෙරෙහි මානුෂීය පැත්තෙන් බලන එකක් වෙන්න ඇති

    ReplyDelete
  36. මට නම් මේක කියෙව්වාම සෑහෙන දේවල් මතක් උනා..දිග වැඩි හින්දම ඒවා හෙමින් සැරේ පෝස්ට් එකකින්ම දාන්නම්...සිලාවටම සැමා අයියේ මේ කාලේ එස් එම් එස් එකකින් ස්කයිප් කෝල් එකකින් මැසෙන්ජර් එකකින් ලැබෙන දේකින් දැනෙනවට වඩා දෙයක් එක ලියුමකින් දැනුනා...

    ReplyDelete
  37. මේකේ තියෙන කමේන්ට් කියෙව්වම__________________ බං. අයියෝ මටනම් ඔය එක EXPERIENCE එකක්වත් නෑ බං... කොටින්ම OFFICE එකේදි වත් අතින් ලියුං දාල නෑ, හැබැයි මට මතකයි 96දි වගේ මම ඉස්කොලේ වැඩකට ගෙදරට ලියුමක් දැම්මා.... ඒත් එකම එක සෙනෙහෙ කොලයක්වත් මේවනතුරාවට දාලා නෑ සිරාවටම..මේක (ලිපිය) කියෙව්වාම නම් ලියපු බුවා පිස්සෙක්ද කියලත් වේලාවකට හිතෙනවා..ඒත් දැන්නම් මෑන් අවු37ක් 38ක් වේන කෙනෙක් වේන්න ඇති..
    ජය..

    ReplyDelete
  38. අහිංසක ආදරයක් බොලව්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...