Friday, September 7, 2012

අමධ්‍යප සෑමාගෙන් බේබදු කතා....


සෙට් වීම කළ යුත්තේ ලගින්ම සිටින සමීපතමයන් සමග බව සැබෑය. එහෙත් අවස්ථානුකූලව ඒ ධර්මය වෙනස් වන්නේය. විටක වෙඩින් එකක පවා සෙට් වීමට සුදුසු අයෙක් නොමැති වීමෙන් සිදුවන්නේ සිටින තමාට නොගැලපෙන අයෙකු සමග හෝ සෙට් විමය. කන්තෝරුවේ, වැඩකරන ආයතනයේ තමා වටේ සිටින උන් අතර සෙට් නොවන මැනේජර් කෙනෙකු බෝතලයකට සෙට් වුනොත් මැනා පරිස්සම් විය යුත්තේමය. නැතිනම් කස්ටිය සෙට් වී නොදන්නා අයුරින් මැනාගේ කලිසම ගලවන්නේ බෙල්ලෙන්ය.

දිනක් සෑමාගේ මිතුරෙකු වු වීරේ (අනුවර්ථ නාමය. පොර අයියාගේ හිංසනයට ලක්වු අයුරු කියවන්න) ගාල්ලේ වෙඩිමකට ගියේය. නෑදෑයෙක්, මිතුරෙකුවත් නොවු ඒ වෙඩිමට වීරේට ආරාධනා කර තිබුනේ කොහෙන්දෝ සෙට් වුණ කෙල්ලෙක්ය. ඒ ඇයගේ අක්කාගේ වෙඩිමය. අපේ එකාද ගිහින් තිබුනේ කුමක් හෝ වාසියක් බලාගෙනය. වෙඩිමට ගිය විට කෙල්ල පැත්තකය. අපේ එකා පැත්තකය. මේසයක් අල්ලාගෙන පැත්තකට වී උඩ බලා සිටි මිත්‍රයාට එහා පැත්තේ තව කොල්ලෙක් හිද ගෙන සිටියේය. පොරද අතරමං වු සේයාවක් තිබු නිසා මිතුරා පොරට සෙට් වෙන්නට ට්‍රයි කලේය. එහෙත් පොරගෙන් වැදගත් ප්‍රතිචාරයක් නොවුන හෙයින් අප මිතුරාද පැත්තක් බලා සිටියේය. ටික වේලාවකින් මිතුරා දෙසට හැරුණ නාදුනනා තරුණයා..

“මල්ලි මක්කැයි කරන්නේ.. දුමක් දානවැයි ??“ ඇසුවේය. 

“නැතුව අහවල් එකක් කරන්නද බං මගුල් ගෙදර එන්නේ“ යැයි නුපුරුදු වදන් පෙලට ප්‍රති උත්තර දුන් අප මිතුරා දුමක් දමා පොරට සෙට් වුනේය.

විටක නෑදැයින්ගේ මගුල් ගෙදරක ගිය විට පවා හරියන් එකෙකුට ජොයින්ට් නොවීමේ අවාසනාවට මුහුන නොදුන් කිසිවෙක් නැත්තේය. බොහෝ විට නෑදෑ මගුල් ගෙවල් මග හරින නිසා බහුතරයකට එවන් කරදර නැති බැව් සැබෑය.

තත්වය එසේ තිබියදී සෑමා වැඩ කළ කලින් කම්පැනියක ක්‍රික්‍රට් තරගාවලියක් තිබුනේය. එහිදී මැනේජර් පෝස්ට් පිලිබද නොතකා සියල්ලෝම එක මට්ටමට හද මත සමපාත වූවෝය. සියල්ලෝම එකම නූලක බැදි සරුංගල් සේ අවකාශයේ නිදහසේ සැරිසරද්දි වචන හුවමාරුව  පවා උස් හඩින් සිදුවුවේය. සදට එහා දුර ගිය සෑමාගේ මිතුරෙක් සද මතුපිටට ඒමට වැඩි හරිය කබරයෙක් දමා (වමනය කර) අඩු කර ගත්තේය. එහෙත් සිහිය අවමයට වඩා ගොඩක් අඩුය.

ඒ අතර සත් ගුණවත් මහින්ද අයියා නොහොත් මැනේජර්වරයෙක් එතැනට පිය මැන්නේය. පැත්තක හිදගෙන ඔළුව දණිස් අස්සේ ගසාගෙන සිටි අප මිතුරාගේ කරට අත දමා ගත්තේය.

“මොකද මෙයාට වැඩිද?“ වටේ හිටි එවුන්ගෙන් උත්තර බලාපොරොත්තු වුනේ මහින්ද අයියාය.

“දැන් හරි යයි අවුලක් නැහැ.“ ඒ අපිය.

“නැහැ නැහැ අතන දෙහි තියෙනවා. මල්ලි අර දෙහි ගෙඩියක් ගේන්න..“ මැනා සත්ගුණවත් වීය.

අයෙක් දිව ගොස් ගෙන ආ දෙහි ලෙල්ල මැනා විසින්ම අප මිතුරාගේ හිසේ ඇතිල්ලීය. අප මිතුරා හිස නොඋස්සා සිටියේය.

“මල්ලි මෙහෙමත් හරියන්නෙ නැත්නම් මෙයාට දෙහි ටිකක් කවමු...“ කියමින් මහින්ද අයියා අපේ මිතුරාගේ හිස එසවීය.

“මොන #$%^ක්ද ඕයි.. මට මේ කටින් ඇතුලට දාගත්ත ඒවා එලියට දාන්න බැරුව ඉන්නවා, ඒ මදිවට මෙයා ඇවිත් #$%^ක් කටේ උලන්න හදනවා..“ මිතුරා සදෙන් එහා සිට සද මත සිටි මහින්ද අයියා ඇමතුවේය.

ඉන්පසු කලෙක සෑමා වැඩ කළ තවත් කම්පැනියකදී වැඩ කරන අතරතුර වයින් බීමේ සිද්ධියක් තිබුනේය. ගෙදරදී වයින් නිපදවීමේ අත්දැකිමක් තිබු අක්කා කෙනෙක් වයින් බෝතලයක් සදා ගෙදර ඔහේ තියෙනවා කියු කළ සෑමා එය ඹපීසියට ආනයනය කර ගත්තේය. එය සැගවුනේ ෆයිල් කවර පිරවු පෙට්ටියක් තුලය. වැඩ කරන අතර තුර අපේ උන් වරින් වර ඒ අසල බිම හිදගෙන ෂොට් එකක් දමාගෙන තම සීට් එකට එන්නේය. නැවත වැඩ කරන්නේය. බෝතලය මතක් වු විට නැවත ෂොට් එකක් නවා ගන්නේය. 

මෙවැනිම සිදුවීමක් සෑමාගේ මිතුරෙකුගේ ඔපීසියේ සිදුවි තිබුනේය. උන්ද මෙලෙස කබඩ් එකක සගවා තිබි ඇත්තේ රෙඩ් රම් එකක්ය. කස්ටිය වරින් වර තොල කට තෙමා ගැනීම නිසා මද පවනේ සිටියෝය. ඒ අතර මැනේජර් කෙනෙකු පාත් වීම නිසා අවසන් වරට බෝතලය අත තබා සිටි පුද්ගලයා හදිසියේ බෝතලය කබඩ් එක ඇතුලේ දමා කබඩ් එක වසා තිබුනේය. 

“මොකක්දෝ අමුතු සුවදක් එනවා...“ මැනා වට පිටාව ඉව කරමින් පැවසීය.

කිසිවෙකුගේ ප්‍රති පිළිතුරක් නැති තැන මැනා නැවත පටත්ව තිබුනේ සවස් ජාමයේ එම ඩිපාට්මන්ට් එක අස්පස් කර පිරිසිදු කළ යුතු බව පවසමින්ය. මද පවනේ සිටි නිසාම, කස්ටිය ගැම්මෙන් කාමරයම අස් කර තිබුනේය. මැනා හවස එද්දී කස්ටිය පිළිවෙලට වැඩේ අහවර කර තිබීමෙන් සතුටු වූ මැනා අයෙකුට මුදල් දික්කළේය.

“මේකෙන් ගේනවා බෝතලයක්.. කොත්තුවකුත් දාගෙන එනවා..“

මැනා එසේ කියද්දි කස්ටිය එයට එක හෙලා විරුද්ද වුයේය. ඒ තව එකක් ගැසුවහොත් මද පවන සුනු විසුනු වන නිසාය. මැනා කස්ටියගේ වචනයට අවනත නොවී එකෙක්ව කඩේ යැව්වේය. බෝතලය ආ විට එක එකාට බලෙන් පොවද්දී පළමු උගුරේ සිට කස්ටිය ක්ෂණික ප්‍රතිචාර දක්වන්නේය. මැනාට තම පිරිස ගැන කම්පාවක් ඇති වුවේය.

“අපෝ මුන්ට බොන්නත් බැහැනේ. බලනවා එක ෂොට් එකට වැනෙනවා..“ එලෙස එක එකා බයිට් කරමින් මැනා කස්ටියට උගුර උගුර සම්පාදනය කලේය. කස්ටිය වල්මත්ය. ඒ අතර අසරණය.

“මොනාද අයිසේ තමුසෙට ෂොට් දෙකක් දාන්න බැරුව කෝමද ඉස්සර පාටි දාමු කිය කිය කියෙව්වේ???“ මැනා වටේම බයිට් කරද්දි කට ඇති පුතෙක් ඉදිරපත් වුයේය.

“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“

Written by sAm_9:33pm_07/09/2012

73 comments:

  1. Replies
    1. මම බොන්නෙත් නැහැ. කාටවත් බොන්න දෙන්නෙත් නැහැ. !!!!

      හැබැයි බොන තැන් වල ලැගලා බයිට් කොටා බානවා.............

      Delete
    2. අපොයි අපෙත් එහෙම එකෙක් ඉන්නවා. ඌ බත් කනව වගේ බයිට් කන නිසා බොද්දි වෙනම ඌට රයිස් එකක් ගේනවා. නැතිනම් ඌව එලවනවා :)


      ජය වේවා !!

      Delete
  2. බේබදු කතා නම් මතක් කරන්න එපා :/

    http://sithuwili-pawra.blogspot.com/2012/01/18.html

    ReplyDelete
    Replies
    1. මේක රෙපාගෙ කතාවක් නෙවේ නේද? කියවල බලමු..

      ජය වේවා !!

      Delete
    2. රෙපාගේ කතාවක් තමයි බං. ඒත් මට උනා වගේ ලිව්වට උනේ මාත් එක්ක හිටපු අනිත් එකාට. මමත් හිටියා ඔය කතාවේ වෙන චරිතෙක ... :P

      Delete
    3. හුප්පට ඒකත් එහෙමද?

      සිරා ඇහ් !

      Delete
  3. // වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??//

    මරු ආතල් එක.

    ReplyDelete
    Replies
    1. වැරදි නැද්ද එහෙම කරන එක ?

      ජය වේවා !!

      Delete
  4. සෑමා අමධ්‍යපද ? මම හිතුවෙ හොඳ බොනපාට් කෙනෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං, නොබී ඉන්න වෙලාවට මූ අමද්‍යපළු.

      Delete
    2. මම නො-බොමි !

      ජය වේවා !!

      Delete
  5. මම නම් ඕවා ගැන දන්නෙම නෑ ඕං..!

    ReplyDelete
  6. අපේ එවුං බොන වෙලාවට මාව පැත්ත පලාතක තියා ගන්නෑ...
    එලවන්නම බැරිනං ඔක්කොටම කලිං කියනවා..
    “අනේ මචං පිං සිද්ධ වෙයි බයිට් එක ඩයට් එක කර ගන්න එපා සැන්ඩ් එක ඩ්‍රින්ක් එක කර ගන්න එපා“ කියලා...

    ReplyDelete
    Replies
    1. සිරාවට උබ වගේ උන් බොන උන්ට අරහං !

      ජය වේවා !!

      Delete
  7. එළයැ එළයැ.කියැවීමි.තුටු වීමි.

    ReplyDelete
  8. මමත් ඉතින් අමද්‍යපලු.. හැබැයි බයිට් එක ඩයට් එක කර ගන්නවලූ... :)

    ReplyDelete
    Replies
    1. අපොයි ලගට ගන්නෙ නැහැ උබල වගේ උන් !

      ජය වේවා !!

      Delete
  9. ෂීක් සෑමා හෙන නොහොබීනා එකාය, යකෝ ඔපිස් එකේ තියාගෙන රෙඩ් රම් එකක් වයින් වලින් සැන්ඩ් කරලා බොනවා කියන්නේ මූ හෙන බෙබෙක්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං බොරු කියනවා. රෙඩ් රම්, වයින් වලින් සැන්ඩි කලේ නැහැ ජිංජියෝ.. ඒක අවස්ථා 2ක්. කතා දෙකක් ! :)

      ජය වේවා !!

      Delete
  10. මට මොකක්ද වගේ .. මටද ගැහුවෙ???

    ReplyDelete
  11. හික්...ඔන්න ඉතින් මටත් office එකේ බොන අදහහසක්‌ ඇති කලා.. උබේ මේ පොස්ට් ඒකෙන ...ඈ

    ReplyDelete
    Replies
    1. අපොයි. සෑමා සමාජය විනාස කරනවද මන්දා :/

      ජය වේවා !!

      Delete
  12. හච්චෝ..බොන කතා..........

    ReplyDelete
    Replies
    1. නැහැ මේවා බේබදු කතා !

      ජය වේවා !!

      Delete
    2. ඔබටත් ජයම වේවා! :)

      Delete
  13. හොක් හොක් හොක් ..අන්තිම ටික තමා නියම ම..:ඩී :ඩී

    ReplyDelete
  14. හෆොයි..අමද්‍යප කිව්වට sure ද අමද්‍යප කියල.hikz..

    ReplyDelete
    Replies
    1. අ-මධ්‍යප අනේ !

      ජය වේවා !!

      Delete
  15. මැනාට ටොයිං වෙන්ඩ ඇති කතාවට ^_^

    අනේ මට වතුර තිබහයි..
    ටිකක් බීලා එන්නං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගානට බීපං අඩවියෝ ..

      ජය වේවා !!

      Delete
  16. මම අමධ්‍යප නම් නෙවෙයි. නමුත් බීමට පෙරේතත් නෑ. බෝතලයක්ගෙයි තියාගෙන අවුරුද්ද ක්වුනත් හිටියෑකි.
    බීමට ගිජු නොවුනත් බීම බේබදු සාහිත්‍යයට නම් මම බොහොම මනාපයි.
    හැබැයි සෑමො සමහර උන් නම් බිව්වම හෙනම ඇණ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ෴ බෝතලයක් ගෙයි තියාගෙන අවුරුද්දක් වුනත් හිටියෑකි. ෴

      හිස් බෝතලයක් වශයෙන් මෙය නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. සමහරු එහෙම නෑ.. බිව්වම හිටියටත් වඩා හොදයි... උදාහරණයක් දෙන්ඩ ද ?

      Delete
    3. @ DDT අන්න තේරුනා කිරි ගහට බෝල් ගහෙන් ඇන්න වගේ! හරියට හරි!
      @ මධුරංග: ඇත්ත අපේ තාත්තාත් බොන්න බොන්න ජොලි. කිස්ම අවුලක් නෑ ටිකක් වැඩියෙන් හිනා වෙනවා එච්චරයි. නමුත් සමහරු බුවෝ දෙකක් ඇනගත්තම ගේමමයි ඉල්ලන්නෙ. ඩෙදර උන්ට මල වදේ, ඒකයි මධු එහෙම කිව්වෙ.ඔව් වැඩි දෙනෙක් එහෙම නෑ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. එකගයි හෙන්රියා..

      සෑමා බොන තැන්වල නොබීසිටිමේ හැකියාව ඇති, බොන තැන්වල අවශ්‍ය විට බීමේ හැකියාව ඇති බේබද්දෙකි ;)

      උදා - අද අපේ OB එකේ, අපෙ බැජ් එකේ පැදුරුපාටිය. කස්ටිය බිව්වා. මම නොබි හිටියා. මොකද මට රාජකාරි ටිකක් පැවරිල තිබ්බා.

      ජය වේවා !!

      Delete
  17. අන්තිම කතාව නම් මරු..
    මට තාමත් හිතාගන්න බැරි වස වතුරට කවලං කරලා දුන්නාම නොබොන මිනිස්සු ඇල්කොහොල් වතුරට කවලම් කරලා දුන්නාම බොන්නෙ ඇයි කියලා..!!

    ReplyDelete
    Replies
    1. වස බිව්වම ඔන්ද ස්පොට්. ඇල්-කොහොල් බිව්වම ටික ටික. ඒක සිරා.. මදපවනේ..

      ජය වේවා !!

      Delete
  18. හුර්....රේ අද මම එක වෙලා... හුරේ !

    ReplyDelete
    Replies
    1. මාගේ උණුසුම් සුබ පැතුම් පිළිගනු මැනවි :පී

      Delete
    2. ෂොට් එකටම මූ දැනුත් බීල ඉන්නේ !

      Delete
  19. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි?

    පස්ට කතාව!

    ReplyDelete
  20. අපිත් ඒ කාලේ ඔව්වා කොලා බං.දැන් නං එච්චර හරියක් කොරන්න හයිය හත්තිය නෑ බොලව්...

    ReplyDelete
    Replies
    1. සයියෝ සයියෝ.. මට මහළු වයසේ බැරිය වැඩ කිඩ පෙර සේ.. දුක තමා..

      ජය වේවා !!

      Delete
  21. තදට බීපු ඉතිහාසයක් සිරාටද ඇතේ... එහෙත් දැන් නම් සිරා හොදටෝම නිවිලාය... මේ දිනවල වැඩිපුර බොන්නේ තැඹිලි වතුරය...

    උමලා මාර බඩු ටිකක් තමා... වැඩ කරන අස්සෙන් බෝතලේම හිස් කරලා...

    ReplyDelete
    Replies
    1. සිරා නිවුන එක සිරාය. නැතිනම් ශිරා සහ ධමනි දිය වෙනවාය.

      ජය වේවා !!

      Delete
  22. //“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“//

    මම නම් තාම බීලා නෑ.. බොන තැන වල ඉඳල නම් තියෙනවා... සමහර රංගන දැක්කම මරු අප්පා..
    අපේ කොල්ල්කෙගේ ගෙදර party එකක් තිබුණා. මුන්ට හැංගිලා බොන්නත් බෑ. මුන් කලේ බෝතලයක් කඩලා දැම්ම කොකාකෝලා බෝතලේකට.. දාලා shape ඒකෙ බිව්වා.
    ඊට පස්සේ දෙන්නෙක් ඇවිත් කියනවා මචන් තව භාගයක් තියෙනවා මොකද කරන්නේ කියලා... අරු කිව්වා එකත් ගහමු කියලා.. අවුල තියෙන්නේ සැන්ඩි නෑ.
    එකෙක් කිව්වා "මචන් වතුර ටිකක් දාල ගහමු"
    අනික් එකා කියනවා.. "පිස්සුද ඔයි... එතකොට අරක්කු ඇඟේ දුවනවනේ.. "
    අර දුම දාපු ගමේ ඒක ගාල්ලේ වෙන්න බෑ. මොකද ගාල්ලේ උන් "මක්කැයි" කියලා කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. බොන තැන්වල නොබි ඉන්න එක පස්ට ආතල් තමා :)

      ගාල්ලෙ මගුලට පිටින් එකෙක් ආව වෙන්න බැරිද?

      ජය !

      Delete
  23. මමනම් බොනවා, මෙහේදි සෙට් වෙන්නෙ පුංචිකාලේ බුද්ධාගම උගන්නපු සර් එක්ක.(ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා)

    ReplyDelete
    Replies
    1. උබ එහෙනම් ධාර්මිකයෙක් සුමියා !

      ජය සිරි !

      Delete
  24. බිව්වට කමක් නෑ අපෙන් යනවයි කියලද එත් professional බේබද්දෝ තමා පෙන්නන්න බැරි :/

    ReplyDelete
    Replies
    1. අපෝ බොන තැනක හිටියා කියලා සෙතක් නෑ මට බයිට් එක සෙට් වෙන්නෙත් නෑ :(

      Delete
    2. ඇයි යකෝ බයිට් කන්න බැරි උන් ඉන්නවද?

      ජය !

      Delete
    3. නෑ බං මගෙ කරුමෙට ගොඩක් උන් ගේන්නේ මස් නෙ :)

      Delete
  25. යකෝ..ඔෆිස් එකෙත් දෙකක් නවාගෙන වැඩ කරනව කියන්නෙ නියමෙට ඇති..

    ReplyDelete
    Replies
    1. කස්ටිය පට්ට බිසී එතකොට !

      ජය !!

      Delete
  26. මම ඔය බොන කතා නම් දන්නෙ නෑ.ඒත් මේක මරු.සිරාම ආත්ල් එක තියෙන්නේ බොන අය කරන වැඩ දිහා බලාන ඉන්න එක වෙන්න ඕන.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
  27. මද පවන නම් මරු බං...!
    හැබැයි...මදපවනෙ සිංදු කියන එක ඊටවඩා මරු..!!

    ReplyDelete
    Replies
    1. දාපං පහක්.. මදපවනේ සිංදු + බොංගෝ = පට්ට !

      ජය !

      Delete

  28. //මත්පැන් පානය ශරීරයට අහිතකරය.//


    නොමිලේ සැපයෙන අවවාදයකි.:D

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වා මටත් ඇහුනා !

      ජය !

      Delete
    2. මගේ නම් කන් වල යෝගට් !

      Delete
  29. රෙඩ් රම් වලට කන් වලින් හිටන් දුන් දානවනෙ

    ReplyDelete
    Replies
    1. කවුද දෙයියනේ දන්නේ... මම නම් බිල නැහැ :ඩී


      ජය !

      Delete
  30. “මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“

    මේක තමා හොඳම ටික...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...