Thursday, September 6, 2012

පරම්පරා ගත ආදර අන්දරය...


මේ කතාව පටන් ගන්නේ 1840 අවුරුද්දේ. 1840 සෑමගෙ මුත්ත පයින්ම සිරීපාදෙ ගියා. දැන් ඔයාල හිතනව ඇති ඔයාලත් සිරීපාදෙ නගින්නෙ පයින් මයි කියල. මේ කියන්නෙ කන්ද උඩට පයින් යන ටික නෙවේ. ඒ කාලෙ අපේ මුතුන් මුත්තෝ කොළඹ ඉදන් සිරීපාදෙට ගියේ පයින්මයි. ඒ අතරමගදි අපේ මුත්තගෙ ඇහැ වෙන නඩේකින් ආපු වන්දනා කාරියක් ලග නැවතුනා. මුත්ත එයා එක්ක හිනා වුනා. එයා මුත්ත දිහා එක පාරක් බලල, නඩේ ගුරා දිහා බලල බිම බලාගත්ත. සමන් දෙයියන්ගෙ අඩවියෙදි එයා කට වරද්ද ගන්න අකැමැති නිසා වෙන්න ඇති. අපේ මුත්තත් ඊට පස්සෙ කට වරද්ද ගත්තෙ නැහැ. එයා අර නඩේ පිටිපස්සෙ ගිහින් එයාල සිරිපා කරුණා කරල බහිද්දි පැල්මඩුල්ල හරියෙදි අර ගෑනු ලමයව තනි කරල මෙහෙම ඇහුව.

“ඕං මම මේ ඇත්තිට මනාපයි. මොකෑ කියන්නේ??“

“ඔය ඇත්තො ඇවිදින් අපෙ අම්ම අප්පගෙන් අහන්ට..අම්ම අප්පල මනාප නම් මගෙම්මා අමනාප නෑ..“ එහෙම කියල එයා නඩේ ලගට දිව්වා.

ඊට පස්සෙ මුත්ත එයාලගෙ ගෙදරින් අහල, අදාල කාරනා සිද්ද වෙලා දැන දෙන්නට ලමයෙක් ලැබෙන්න ඔන්න මෙන්න. 

““ඈක්.. ඔක්..ඔක්...““ ආන්.. බබෙක් ලැබිල මුත්තගෙ අම්ම වැදුම් ගෙයින් එලියටත් ආව.

“අම්මේ....“ ඒ මුත්තා..

“මොකෑ බං??“ ඒ මුත්තගෙ අම්මා.

“අමුඩයක්ද????“

“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කොල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...

ඊට අවුරුදු 20කට පස්සෙ අපේ සීයාත් කරත්තෙන් සිරීපාදෙ ගියා. සිරීපාදෙ ගිය සීයටත් අරවගේ ඇහැට කනට පේන ගෑනු ලමයෙක් අහුවුනා. සීයත් ඒ ගැනු ලමයත් එක්ක හිනාවුනා. ඒ ලමයත් සීය එක්ක හිනා වුනා. සීයටත් සමන් දෙයියන්ගෙ අඩවිය ගැන ලොකු ගෞරවයක් හිතේ තිබ්බ නිසා සීයා වන්දනා කරන් එන ගමන් ඒ ගෑනු ලමය ගෙන් ඇහුව. 

“නගා මම ඔයාට මනාපයි මොකෑ කියන්නේ..“

“කෝ ඔය ඇත්තගේ ලිපිනය පොඩ්ඩක් දුන්න නම් මට ලියුම් කරදහියක් එවන්න තිබ්බා..“

සීයා ඇඩ්ඩ්‍රස් එක දුන්න.. කටයුත්තත් කෙරුනා.. ඔන්න දැන් එයාලගෙ බබත් අඩනවා..

වින්නඹු අම්මත් වැදුම් ගෙයින් එලියට ආවා. දැන් ඔයාල හිතනව ඇති මේ කතාවට ෆිල්ම් එකක් කලොත් වැඩි වියදමක් නැති වෙයි කියල. මොකද සීන් එකේ තියෙන්නෙම සිරීපාදෙමයි, වින්නඹු ගෙදරයි. එකම ලොකේෂන් එක නිසා. 

නැහැ. ඉස්සර ලමය හම්බුනේ ගෙදරමයි. මේ ලමය හම්බෙන්නේ වින්නඹු අම්මගෙ ගෙදර.

“වින්නඹු අම්මේ.. සරමක්ද ?? කම්බායක්ද??“

“සරමක් සරමක්.. “ වින්නඹු අම්ම කිව්වා..

ඒ සරම තමා අපේ තාත්ත. එයත් වසර 20 පස්සෙ සිරීපාදෙ ගියා ට්‍රැක්ටරෙන්. එයත් ගෑනු ලමයෙක් දැකල, මළුව ලංවෙද්දි ඒ ගැනු ලමයගෙන් මෙහෙම ඇහුව.

‘නංගි මම ඔයාට කැමති. මොකද කියන්නේ‘

“ඔයාගෙ ටෙලිපෝන් නම්බරේ දෙන්න. මම කෝල් එකක් දෙන්නම්.“ ඒ ගැනු ලමය එහෙම කිව්වා. ඒ අපේ අම්ම.

කොහොම හරි ඒ දෙන්නගෙ කටයුත්තත් කෙරුනා. ඒ දෙන්නටත් දරුවෙක් ලැබෙන්න යන්නේ.

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ සුතිකාගාරෙන් දොස්තර මහත්තයා එලියට ආවා.

“දොස්තර මහත්තයෝ.. කලිසමක්ද සායක්ද??“ තාත්ත ඇහුව.

“කලිසමක් කලිසමක්..“ දොස්තර මහත්තය කිව්ව.

ඒ ලැබුන කලිසම තමා සෑමා. ඊට අවුරුදු විස්සකට පස්සෙ පාරෙ බස්එකේ සෑමා සිරීපාදෙ ගියා. සෑමටත් මගදි කෙල්ලෙක් සෙට් වුනා.

සිරීපාදෙ උඩ මළුවෙදි සෑමා මෙහෙම ඇහුව..

“I LOVE YOU.. ඔයා මොකද කියන්නේ...“

“ඔයාගෙ මොබයිල් නම්බර් එක දෙන්න.. කෝල් එකක් දෙන්නම්..“ එයා එහෙම කිව්වා..

කොහොම හරි ඒ විදිහට අපේ පවුලගෙයි මගෙයි කටයුත්තත් කෙරුනා. දැන් එයාටත් දරුවෙක් ලැබෙන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරල ඉන්නේ..

මෙන්න ඩොක්ටර් ලේබර් රූම් එකෙන් එලියට එනවා..

“එකස් කි්‍යුස් මී ඩොක්ටර්..“

“ඇයි???“

“ඩොක්ටර් ඩෙනිමක්ද ? ජීන්ස් එකක්ද??“

“ඩෙනිමක්.. ඩෙනිමක්.. “ ඩොක්ටර් කිව්වා.

ඊට පස්සෙ අපෙ පුතා.. කෝමහරි ඌත් කට්ටියක් සෙට් කරගෙන ඒ/සී වෑන් එහෙක සිරීපාදෙ ගියා. 

දැන් ඔයාල හිතනව ඇති සිරීපාදෙ ට්‍රිප් එක අපෙ පරම්පරාවෙ දායදයක්ද කියලත්. සිරීපාදෙ නොගිය නම් අපි කාටවත් ගෑනු නම් හම්බෙන්නෙ නැහැ කියලත්. 

කෝම හරි අපේ කෙල්ලටත් කොල්ලෙක් සෙට් වෙලා සිරීපාදෙ ඉදිකටු පහන ලගදි කොහෙම හරි ඒකිගෙන් අහල.

“BABY''“

"YES BOY..."

"I WANT YOU..I LIKE YOU.. WHAT DO YOU THINK ABOUT THAT??"

"SIMPLE නෙ බබා. ඔයා FB ඉන්නවනේ. මට REQUEST එකක් දානන්න. මම ACCEPT කරන්නම්."

ඔන්න ඒ විදිහටත් ඒ කාරනේ සිද්ද වෙලා, ඒ කෙල්ලටත් ඔන්න දරුවෙක් ලැබෙන්න.

අපේ කාලෙ වගෙ නෙවේ බබා ලැබෙන තැන කොල්ලත් ඒ ලගම ඉන්නව බබා ලැබෙන හැටි බලාගෙන.

“ඔන්න හරි.. මිස් කියපු නැකතටම සීසර් කළා..“ නර්ස් කිව්වා.

“නර්ස් බොටමක්ද ? ලෙගින් එකක්ද?“

“බොටමක් බොටමක්“ නර්ස් කිව්වා.

අපෙ පරම්පාරාවටම කොල්ලො ලැබුනෙ නැත්තම් මේ කතාව දිගට ගෙනියන්න බැරිවෙනවා...

කෝම හරි අපේ මුනුපුරා සිරීපාදෙ ගිහින්..

“OH BABY MY SWEETY''''''''''“ ඌ නල්ලතන්නියෙදිම කෙල්ලෙක් සෙට් කරන්. කෙල්ලට WORD එක දාලා.

“අද රෑට SKYPE එකේ චැට් කරමුද DARLING'''“

කොහොම හරි ඒ කාරනෙත් සිද්ද වෙලා. මොකක්ද මන්ද අපිට නොතේරෙන තැනකදි ඒ කෙල්ලටත් ලමයෙක් හම්බ වෙලා..

අන්න ලමය අඩනවා..

“HEY ඩොක්ටර්.. “

"YES''"

"DOCTOR බිකිනි එකක්ද ? BEEP BEEP එකක්ද ද?

“අහ්.. BEEP BEEP එකක්“

දැන් ඔයාල හිතනව ඇති බීප් බීප් එක කියන්නෙ මොකක්ද කියල. මුනුපුරා ඇහුවේ ඒකාලෙ කොල්ලො කෙල්ලො අදින ලේට්ස්ම ඇදුම් දෙක ගැන. ඩොක්ටර් කිව්වේ කොල්ලො අදින ඇදුම ගැන.

දැන් හිතනව ඇති ඇයි ඒක හයියෙන් කියන්න බැරි කියාල.

ඒ කාලෙ ඒක මහ හයියෙන් කිව්වට අද කාලේ ඒක හයියෙන් කිද්දි මොකක්ද මොකක්ද වගේ..

Written_10:03am_06/09/2012

82 comments:

  1. හික්ස් .... මාරු සමා එලම එල .. නියමෙට ගැලපිල තියනවා.. සිර කතාව ඒ කලේ කිවුවට එකට දැන් කලේ කියන්න න්කන් මොකක්ද මොකක්ද වගේ

    ReplyDelete
    Replies
    1. අයියෝ පබ්ලිෂ් කලාට පස්සේ දැක්කේ ප්‍ මුත්‍රා දෝෂ එමටයි .. ගණන් ගන්න එපා ..

      අලෙ මම එක උනා (දැනට කබ්බන් අතර පමණක් පවතින පරණ ආතල් එකක්)

      Delete
    2. ස්පෙලින් මිස් ටෑක් හැදුව බං.. කලබලේ දාල වැඩට ගියේ :)

      ජය වේවා !

      Delete
  2. මරු ආදර කතාවක් නේ..බලාගෙන යනකොටම සිරිපාදේ තිබුනේ නැත්තම් සෑමාගේ පරම්පරාවක් හිටින එකක් නෑ තමා..

    කොහොම හරි උදේම හොඳටම හිනා වෙලා ලේ පිරිසිදු කරගතතා...

    ReplyDelete
  3. සමන් දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි....!!!

    ReplyDelete
  4. "“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කෙල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා..."යකෝ සීය......

    ReplyDelete
    Replies
    1. හි හි.. මාත් මේ දඩිබිඩියෙ කාටවත් අහුවෙන්න කලින් හදපන් කියලා සැමාට කියන්න ආවේ... ඔයාට කලින් අහුවෙලානේ...

      සැමෝ මේක හදපන්......

      ////“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කෙල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...///

      Delete
    2. මගදීම දාල දුවගෙන ආවේ කාට හරි වැරැද්ද අහුවෙලාද බලන්න. යකෝ මුන් හැරෙන්ඩ ඉස්සර වැරදි හොයාගෙනනේ, ඔන්න ආපහු ගියා කියවන්ඩ.

      Delete
    3. මටත් එමමයි බං. සම්පූර්ණ වාර්ථාවක් දෙන්න එනකොට කෂ්ටිය වැඩේට එන්ටර් වෙලා.

      Delete
    4. අපොයි උබලගෙන් බේරෙන්න බැරි හැටි. මම මේ කස්ටිය කල්පනාවෙන් කියවනවද කියල ටැස් කොලා.. බොහොම හොදයි ආ.. ;)

      ඇත්තටම හදිස්සියේ පෝස්ට් කරල දිව්වා.. ඒකයි සීං එක.. ;)

      ස්තුති වේවා එසේම ජය වේවා !

      Delete
  5. ආයෙත් අමුඩෙටම ගිහින් නේද? මම හිතුවා මුලදි මුලදි මේක ඇත්තම කතාවක් කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා හරී ;)

      ජය වේවා !

      Delete
  6. අර බීප් බීප් එක මොකද්ද බං? ;)

    ReplyDelete
  7. // ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කෙල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...//

    උබලගේ සියා කෙල්ලෙක්ද එතකොට ????

    ReplyDelete
    Replies
    1. කතාවේ අන්තිමට කෙල්ල අඳින්නේ අමුඩේනේ සෑමාට එක මුලදීම ටැපලිලා

      Delete
    2. තාච්චුව රත් වෙච්චි වෙලාවෙ මාත් ආව ඔන්න ආප්ප පුච්චන්න. :)

      // කෝම හරි අපේ කෙල්ලටත් කෙල්ලෙක් සෙට් වෙලා සිරීපාදෙ ඉදිකටු පහන ලගදි කොහෙම හරි ඒකිගෙන් අහල. //

      මූ ලෙස්බියන් සීනුත් ලියල. :)

      (සෑම් හදිසියෙන් ලියල වගේ. ස්පෙලින් මිස්ටේක් කීපයක්ම තියෙනව)

      Delete
    3. හපොයි කෙල්ලෝ දෙන්නෙක් අහවල් දෙයක් කරන්ටද සෙට් වෙලා..මම ඒක දැක්කේ දැන්නෙ..

      Delete
    4. හිතුව වගේම කස්ටිය කල්පනාවෙන් කියවල නොවැ ;)

      ස්තුති වේවා. ජය වේවා !

      Delete
  8. දැන් ඉතින් සෑමටත් ඕකමලු වෙන්නේ සිරීපාදේ ගියාම....:D

    ReplyDelete
    Replies
    1. හරියට කියවල නැහැ වගේ..

      ජය වේවා !

      Delete
  9. මචෝ පෝස්ට් කියන්නේ මෙව්වටනේ. අම්මට බොල මට දැනුයි තේරුනේ කෂ්ටිය සිරිපාදේ යන්නේ ඇයි කියලා. මහ බබා ඉන්නේ සමන් අඩවියේ වෙන්ට ඕන.
    හින්ට් එකනම් පට්ටයි හොඳේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බං ගොඩක් උන් කන්ද නගින්නේ කෙල්ලො සෙට් කරන්න. කැලි ටෝක් කරන්න. සමාජෙ පිරිහිලා නොවැ !


      ජය වේවා !

      Delete
  10. මං බැලූව එත් මේ හිච්චි කොල්ල කවද්ද හිරේ ගියෙ කියලා හික්ස් බීප් ..බීප්..

    ReplyDelete
    Replies
    1. රාජ් කොල්ලා බය වෙලා වගේ.. බය වෙන්න එපා තවමත් යහතින් ;)

      Delete
  11. බීප් බීප්.. හිමේ ගොස් සිරගත වීම..

    ReplyDelete
  12. අඩේ සෑමා මමත් සිරීපාදෙ ගිහිල්ලා නෑ... බයික් එකේම ඒ පැත්තට යන්න කම්පනා කොලා මේ විස්තරේ දැකලා... පෝස්ටුවෙ අයිඩියා එක නම් එළ...

    ReplyDelete
    Replies
    1. මචං මම තුන්පාරක් ගියා එකම අවුරුද්දේ මාස 3ක් පිට පිට.. මරු බං..

      ජය වේවා !

      Delete
  13. මුලදී මම හිතුවේ මේක මේ ඇත්තම සීන් කෝන් එකක් කියලා අන්තිමට යනකොටනෙ වැඩේ තේරුනේ.ඒත් මොකක්ද මේ බීප් බීප් කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. කතාව හිතවත්ම කොල්ලෙක්ට පෙන්නලා අහන්න. එයා කියයි බීප් බීප් එක ගැන :)

      ජය වේවා !

      Delete
  14. මේ යන විදියට තව ටික කාලෙකින් ඩොකාගෙන් කෙලිම්ම අහන්න වෙන්නේ අවයව දෙකේ නම කියල තමා ... මේ යන විදියට ඉස්සරහට ඇඳුම් අඳින එකක්ම නෑනේ

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමේ කොල්ලෝ, ඩොක්ටර්ගෙන් අහන්නේ මෙහෙමයි.

      "ඩොක්ටර් උදලු මිටක් ද පොරෝ පාරක් ද? " කියලා. හික්ස් :)

      Delete
    2. මීයා කිව්ව විදිහට වැඩිය මධුව කියන සිස්ටම් එක සදාචාරාත්මකයි ;0)

      ජය වේවා !

      Delete
  15. මේ මොකෝ බං මේ. උඹේ බ්ලොග් එකට කාවෙක් රිංගලද කොහෙද. ගොඩක් වචන වල ඉස්පිලි පාපිලි කාලා ඕං. කියවන එවුං උඹව කන්න කලින් හදපං ඔය ටික. නැත්තන් බොලාගේ මුත්තත් තරහ වෙයි උඹත් එක්ක උන්දැවත් කෙල්ලෙක් කොලා කියලා උඹ.

    හික්..හික්..හික්...!!!

    ReplyDelete
    Replies
    1. හැදුව බං. හිදිස්සියේ කෙටුවේ ඒකයි සින් එක :)

      ස්තුති වගේම ජය වේවා !

      Delete
  16. එදා මුත්තා සිරිපාදේ නොගියනම් අද සෑමෙක් නෑ එහෙනම්.... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අන්න තේරුම් ගත්තා.. :)

      අපේ පැවැත්ම = සිරිපා ගමන

      ජය වේවා !

      Delete
  17. කෙටි චිත්‍රපටියකට කියාපු පිටපත ඕන්........පට්ට ක්‍රියේටිව් ඈ...

    ReplyDelete
  18. සිරීපාදේ හරි අනුහස් තියෙන තැනක් නොවැ...

    ReplyDelete
    Replies
    1. නැතුව වෙනි අයියා :)

      ජය වේවා !

      Delete
  19. නියම පෝස්ට් එක සැමා . හරිම නිර්මාණශීලි .

    ReplyDelete
  20. ඒ බං, 1840 ඉඳන් අවුරුදු 20 න් 20ට ඔය චක්කරේ කැරකුනා නම් උඹ දැන් හම්බ නාකියෙක් නේ. දැන් උඹ කියල තියෙන පරම්පරාව ලේටස්ම කොල්ලත් එතකොට අඳින්න ඕන ඔය උඹ කියන එව්ව නෙවි බං, අමුඩයක්. ඔන්න මේක සමාන්තර විශ්වයක සීන් එකක් නම් වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. ආ ... කියන්න අමතක වුනා. මේ ආකෘතිය මරු මචං.

      Delete
    2. උඩ කියපුවා හරියට තේරුනේ නැහැ බං :)

      ජය වේවා !

      Delete
    3. ඒ කිව්වෙ යාළුවා, මුත්ත ගියේ 1840 නම් අවුරුදු 20 න් 20 ට සීයා 1860 දිත් තාත්තා 1880 දිත් ගියාම උඹ යන්නෙ 1900 දි, අන්තිම එකා 1940 දි. නවසිය බර ගනන්වල අමුඩ මිස වෙන මක්කද?

      ලිව්වෙ 1840 උනත් උඹ ලියන්න හිතුවෙ 1940 වෙන්න ඇති.

      Delete
    4. අන්න එහෙම ජ්‍යාමිතික සුස්තරෙන් කියන්න එපැයි ;)

      වැඩිය හිතන්න එපා බං. 2012 වෙනකල් ඇද්ද නම් පෝස්ට් දෙකකට දාන්න වෙනවා :))

      Delete
  21. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :ඬ් හින අගිහින් පන යනවා හෆ්ෆා... නියම කතාව අයියේ!!! ක්‍රියේටිව්!!

    ReplyDelete
  22. සිරීපාදෙට සමන් දෙයි හාංදුරුවංගේම පිහිටයි...
    දැං ඔන්න තනිකඩ හැම එකාම සිරීපාදේ යන්න පටං ගනියි..

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. එතකොටවත් පඩුරක් වැටෙයි නොවැ..

      ජය වේවා !

      Delete
  23. ආදර්ශය: සෑමාගේ පාරම්පරාවේ සියලුම අහිංසකයන් අමාරුවේ වැ‍ටුනේ සිරී පාදේ යාම නිසාය.:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අවවාදය: කතුන් දඩයම් කිරීමේ අරමුණින් සිරිපා නොයන්න.

      ජය වේවා හෙන්රියා !

      Delete
  24. //“ආ.. ඔව් ඔවු.. අමුඩයක්..“ ඒ කියන්නෙ මුත්තට ලැබුනෙ කෙල්ලෙක්. අපේ මුත්තට ඒ ලැබුන අමුඩෙ තමා අපෙ සීයා...\\

    හප්පච්චියෝ සැමෝ....ඉපදුනාට පස්සේ මාරු උනේ නෑ නේද...හි හි

    අපූරු පරම්පරාව...

    // ආදර්ශය: සෑමාගේ පාරම්පරාවේ සියලුම අහිංසකයන් අමාරුවේ වැ‍ටුනේ සිරී පාදේ යාම නිසාය.:D //


    කමෙන්ට් වලින් දැක්ක හොඳම එක ඩූඩ් ගෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුති ලිහිණි.. වැරදි හැදුවා. ;)

      සෑමා හෙන්රියාට දුන් අවවාදය - අවවාදය: කතුන් දඩයම් කිරීමේ අරමුණින් සිරිපා නොයන්න.

      ජය වේවා !

      Delete
  25. අනේ හොදා පින වැඩියෙන්ම කරල තියෙන හින්ඩඩ කොහෙඩො බහින කොටම හම්බෙල තියෙන්න

    ReplyDelete
  26. මේ කතාවත් අර "ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා.ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. ඉන්න කොට ඉන්න කොට ඉන්න කොටවුණා. " වගේ කතාවක්නේ :D

    ReplyDelete
  27. අමුඩේ සරම කලිසම ඩෙනිම
    මිට පස්සේ මොනවා අදියිද මන්දා

    ReplyDelete
  28. දින වකවානු අනුව නම් උඹ ශ්‍රී පාදෙ තිය වෙලාවෙ මගේ මුහුණුවර තියෙන කොණ්ඩෙ බැඳපු පොරක් හම්බ වෙන්න ඇති, ඒ අපේ ආතා.

    නියම ක්‍රියේටිව් එක..... :)

    ReplyDelete
    Replies
    1. අම්මද බොල පොරද? මාත් එක්ක විටක් කෑවා මතකයි !

      ජය වේවා !

      Delete
  29. යකෝ ලමයත් හම්බ වුනාද? එන්නද බලන්න. :D

    ReplyDelete
    Replies
    1. ලමයින්ටත් ලමයි ලැබුනා ;)

      එන්න එන්න !

      Delete
  30. යකෝ සෑමා පට්ට නාකියෙක්නේ බොල ළමයිනුත් ඉන්නවා කියන්නේ...
    වෙලාවට තව පරම්පරාවක් ඉස්සරහට කථාව ගෙනිච්චේ නැත්තේ
    නැත්තමි මළුවට යන්න කලින් උන් දෙන්නා ළමෙක් හදන්න අඩිතාලම දාලා තියෙයි.......

    ReplyDelete
  31. බොලේ උඹේ පුතාලා මුණුබුරාලා වැඩේට සෙට් වෙද්දි සිරීපාදෙට කේබල් කාර් දාලා හෝටල් ගහලා එතන ගන්ඩ දෙයක් නැතිවෙලා තියෙයි බොලේ.අනික ස්කයිප් එහෙම ඒ කාලෙට යල්පැනගිය සන්නිවේදන ක්‍රමවෙලා තියෙයි.මොනවා උනත් එළ කතාව බං

    ReplyDelete
  32. සෑමාගේ පරපුරේ පිං පලදෙන්නේ සිරිපාදෙදිද කොහෙද :)
    අන්තිම හරිය වෙද්දී කට්ටිය සිරිපාදේ නගින්නේ පයින් නෙමේ ඒ කාලේ වෙද්දී වෙන මොකක් හරි අටමගුලක් අනිවා සෙට් කරලා තියෙයි
    කොහොම හරි පොස්ට් එක පට්ට මචං :)

    ReplyDelete
  33. ඒ මේ පෝස්ට් එක මරු හලෝ.....
    නියමා...........යි :)

    ReplyDelete
  34. තවත් ඉදිරියට තව මොන මොන වචන එකතුවෙයිද මන්දා වගේ.. :D
    කාලය මැව් වෙනසක අරුමේ..
    ඉදිරි පරම්පරාව සිරීපාදය අමතක නොකරත්වා කියලා ප්‍රාර්ථනා කරමු..!!

    ජය වේ..!

    ReplyDelete
  35. උඹ බැන්දා කියපු තැනට එනකම් කියවද්දි හිතුනේ ඇත්ත සීන් එකක් කියලා..

    මොනා උනත් සිරා... :)

    ReplyDelete
  36. සෑමලා සිරීපාදේ ගියා වගේ කියල කියමනක් එන්නත් බැරි නෑ යන විදියට.

    ReplyDelete
  37. ඉක්මනටම යන්ඩ ඕන සිරීපාදේ... හැබෑටම බොලේ මොකක් ද බීප් බීප්...?

    ReplyDelete
  38. දැන් ඉතින් පලයන්කෝ මාත් සිරීපාදේ..........

    ReplyDelete
  39. අය්යෝ අමුඩෙකටත් ගිය කලක්..!!

    ReplyDelete
  40. අමුඩේ බීප් බීප් උනා එහෙනම්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...