Wednesday, September 12, 2012

‘සද දෝණි‘ නම් ඇයට රථ ගාය !



එදා එයා මට බැන්න, ගමනක් බිමනක් යන්න බයික් එකක්වත් නැති එකෙක් කියල. මාසෙ පඩිය ඉවරවෙනකල් බස් එකේ වැඩට යන කෙල්ලෙක් වෙච්ච ඔයා දුර දිග නොහිත මට කියපු කතාව වැරදි කියල කියන්න මම උත්සහ කලේ නැහැ. කවද හරි මම උබව දාගෙන හොද බිලක් සෙට් කරනව කියල හිතාගෙන මම මගේ ආදරේ එහෙමම වෙනසක් නොවී දළු දාන්න දුන්න.

මම කැමතිද ඇහුවම එයා කිව්වේ මට බයික් එකක් නැහැ කියල. විපක්ෂෙන් ප්‍රශ්න අහනකොට පක්ෂෙ කට්ටිය මාතෘකාවට අදාල නැතුව උත්තර දෙනව වගේ එයා මට ප්‍රති උත්තර දුන්න.

“අයියෙ මට උබේ බයික් එක දියන්කෝ...“ බස් එකේවත් යන්න සල්ලි නැති මම පිළිසරණක් පැතුව.

“අරන් පල, හැබැයි පෙට්ට්‍රල් ගහපං හොද හිතින්..“ හැමදාම මොල්ලිය ගෙවිච්ච ඔටුව වගේ ගෙදර එන හිස් පෙට්ට්‍රල් ටැංකිය සහිත බයිසිකල් කට්ට ගැන අයියගෙ කේන්තිය සාධාරණයි.

“ඇයි බං ඒම කියන්නේ. මම නොගහ ඉන්නවද මේකට පෙට්ට්‍රල් ??“ ලැජ්ජ නැති කට මැද්දෙ දගලන දිව කතා කළා.

“අරන් පල යන්න“ කවදත් වගේ ආදරණීය වචන වලින් බයික් එක දෙදරුවා.

කහපාට සාරි පොට බස්හෝල්ට් එකේ අසරණව ලෙල දෙද්දි, එයාගෙ ඇස් ඉබාගාතෙ සැරිසැරුව. මම දැක්ක එයාගෙ කළු ඉංගිරියාව කැරකුනේ ත්‍රීවිල් පාර්ක් එකේ පැත්තට. ‘අනේ මන්ද මේකිට ඕනෙ වාහනමද‘ කියල මගෙ හිත මට කොලොප්පං කරද්දිත් මගෙ ආදරේ ලැජ්ජ නැති කම මගෙ නහර පාසා උඩු දිව්වා. මම වංගුවෙන් හරවං ඇවිත් බස් නොඑන හෝල්ට් එකක නැවතුනා. ගැස්සුනා එයාගෙ පපුව. දැනුනා මගෙ ආත්මෙටම.

“සද දෝණි නගින්න“

කියන්න අමතක වුනා. සද දෝණි කිව්වට මේ දෝණිගෙ අම්මගෙ නම ‘සද‘ නෙවේ. ඇත්තටම එයාගෙ නම ‘සද දෝණි‘. මගෙ වැලමිටේ හිර කරන් තිබ්බ හෙල්මට් එක මම එයාට දික් කළා. කාමරේ ඇද යට තනිවුණු මකුලු පවුලක් ජිවත් වුන අසරණ මකුළු දැලක් කඩල තමා හෙල්මට් එක මම අරන් ආවේ. නැත්තං අපෙ අයියට තිබ්බේ එකම එක හෙල්මට් එකයි. එයා ඒක අතට ගත්ත. ඔළුවට දාගෙන වටපිට බලල කකුල බයික් එකේ කොනකට තියල, මගෙ පිටට බර දීල ගොඩ වුනා. හීනයක් නෙවේ ඇත්තටම. මටත් හිතුන ඒක අමුම අමු හිනයක් කියල. ඒත් මේ හැබෑ ලෝකෙ කියල දැනුනෙ අර දූවිලි වැදුන හෙල්මට් එක නිසා එයාට නොනැවතී කිඹුහුම් තුන හතරක් ගියාම.

මම කතා කළා. එයාට කලින්.

“ලසිත් මාලිංග ඔයාගෙ සහෝදරයෙක්ද බබා?“ පළමු වතාවට මම එයාට බබා කිව්ව.

“මොකක්? ඇයි ඒ??“

“දන්නවද ලසිත් මාලිංග විකට් එකක් ගත්තොත් අනිවාර්යෙන් තව දෙකක් ගන්නව පිට පිටම..“

“ඉතිං ??“

“ඒ වගේ ඔයත් පිට පිටම කිඹුහුම් තුන හතරක් යැව්ව බබා..“ 

“පිස්සු කොල්ලා.. ක්‍රික්‍රට් පිස්සා..“ එයා මගෙ හෙල්මට් එකට ගැහුව. අත් දෙක ඉස්සරහට දාල මාව බදාගත්ත.

සයිඩ් කන්නඩිය කරකවල මම බැලුව. එයාගෙ කොණ්ඩේ පාවෙනවා. හරියට අපෙ ආච්චිගෙ යටිතල පහසුකම් හෝදලා වැලේ එල්ල තියෙද්දි තද සුලගකට අහුවෙලා පාවෙන්න හදනව වගේ. කියන්න හොද නැති වුනත් එයා මගෙ පිටට හේත්තු වුණා. හරියට පුද්ගල නාශක බෝම්බ දෙකක් පපුවෙ බැදගෙන ආපු කොටි කතක් මාව බදා ගත්ත වගේ. දැන් පුපුරයි දැන් පුපුරයි කියල හිතුවට පිපුරුනේ නැහැ එහෙම. 

අපි නිදහසේ අහසෙ පාවෙනකොට කොහෙන්ද මන්ද පාත්වුන ආදරේට සාප කරන දෙවි කෙනෙක් අපේ උනුහුම නැති කරන්න අහස කළු කළා. අහසෙ පියාබන කුරුල්ලෙකුටවත් පියාබන්න බැරි තරම් තදට වහින්න ගත්ත. 

“නවත්තන්න අප්පා.. මාව තෙමෙනවා..“ එයා කෑගැහුව.

“බබා දැන් කෝමද ගෙදර යන්නේ..?“ තෙමෙන් නැති තැනක් හොයල නවත්තපු මම එයාගෙන් ඇහුව. ඇත්තටම එතැන තිබුනේ බයිසිකල් හදන ගැරේජ් එකක්.

“මෝඩයා.. වාහනයක් ගන්න සල්ලි නැහැ. බයිසිකලේක දාගෙන ඇවිත් මාව හේදුවා.. ඒ මදිවට යන හැටි අහනවා..“ එයාගෙ සෙනෙහසට වැස්සෙ තෙමිල හිටිය මම වේලිලා ගියා. නැවත ඒ උනුහුම දැනුනා.

“තියා ගන්නවා මේ හෙල්මට් එක.. මම මෙතනින් නගිනවා බස් එකේ.. “ එයා ආදරෙන් මට සමුදීල බස් එකක නගින්න හිත හදාගත්ත. දුකේදි සැපේදි ආදරේ වෙනසක් නැති බව මට එයා ඉගැන්නුවා. ඇත්ත එයා මට ආදරෙයි. වැස්සෙ ගියොත් මම තෙමෙයි කියල වෙන්නැති බස් එකේ නගින්න හදන්නේ.

එයා බස් එකේ නැග්ගොත් මමත් පටස් ගාලා නගිනව බස් එකේම. බයික් එක ආයෙ ඇවිත් ගන්නවා. කියල හිත හදාගෙන මම එයා ලගම තප්පුල පුල හිටියා.

හෝල්ට් එකක් නැති තැනක වුනත් බස් එකක් නවත්තන පාරක එයා හිටියේ. බරාස් ගාල ඇවිත් බ්‍රේක් ගහපු බස් කට්ටක් එයා අත දාන්න කලින්ම නැවැත්තුවා. හරියට ආණ්ඩුව කියන්නති කලින් ජනතාව ගිහින් ඡන්දෙ දෙනවා වගේ. මාත් බයික් එක ගැරේජ් එක ලගම තියෙද්දි හෙල්මට් දෙකම කිහිල්ලෙ ගහන් බස් එකේ එල්ලුනා.

මාත් එක්ක එකට ආපු ගෑනි දැන් වෙන එකෙක් ලග හිටගෙන. මාව බදාගෙ ආපු ගෑනිව තව එකෙක් බදාගෙන. මගෙ හිත බස් එකේ රෝදෙට තැලෙන ගොලුබෙල්ලෙක් වගේ සමතලා වෙද්දි, බස් එකට එකපාරට අහුවෙන ගෙම්බෙක් වගේ පටාස් ගාලා සද්දයක් ඇහුන. මම හිතුව එයා අර කොල්ලට කන පැලෙන්න ගහල ඇති කියල. නැහැ එයාගෙ එහා පැත්තෙ හිටපු කොල්ලෙක්, එයාගෙ පිටිපස්සෙ හිටපු කොල්ලව තල්ලු කරල එයා ලගට එන්න හදල. එකම වලට ජිල්බෝල විසි කරන්න දගලන පොඩි උන් වගේ උන් දෙන්න මරාගෙන.

හැම කදුලකම කෙලවර හීනියි කියල හිතාගෙන මම ඊලග හෝල්ට් එකෙන්ම බැස්ස. වැස්සත් නැති නිසා හිත හදාගෙන ආපහු එන බස් එකක නැග්ග.

ගැරේජ් එක ලගින් බස් එකෙන් බැහැල මම ගියා බයික් එක නවත්තල ගිය තැනට. අපෙ අයිය කියපු වචන මට ආයෙ ඇහෙන්න ගත්ත. ඌ කිව්වෙ පෙට්ට්‍රල් ගහපං කියල විතරයි. ඒත් දැන් පෙට්ට්‍රල් ගහන්න බයික් එක තියා ටැංකිය වත් නැහැ. කවුද එකෙක් බයික් එක උස්සන් ගිහින්.

ගැරේජ් එකත් වහලා. පාර පාළුවට ගිහින්. මම පාරේ ඉබාගාතේ ඇවිදිනවා. එයාගෙ ආදරේ ගිණි පෙලෙල්ලක් වෙලා මගෙ හිත දිය පට්ට එනකල් පුච්චද්දි මට දැනුන වේදනාව අපමණයි. ඒ වේදනාවෙන් වෙලිලා, සමතලා වෙලා ඉන්න මගෙ පපුව උඩින් බයික් එකක බර දැනෙන්න ගත්ත. පාරෙ වැලිකැට අතර දුවන බිංකුන්ඩෙක් වගේ එහෙ මෙහෙ දුවන මගෙ ඉස්සරහට ආවෙ මජං නාගත්ත කොල්ලෙක්. ඌ තමා ගැරේජ් එකේ හිටපු ගෝලයා.

“මල්ලි කෝ මෙතන තිබ්බ බයික් එක ??“

“මෙතන තිබ්බ බයික් එක කිව්වේ ??“

“වැස්ස වෙලාවේ මම මගෙ බයික් එක මෙතන දාල ගියා මල්ලි. දැන් එනකොට ඒක නැහැ. අර ලී කෑල්ලක අගුරුවලින් නම්බර් එක ලියපු එකක්...“ මම දන්න හැම විදිහටම විස්තර කළා.

“අයියෝ අයියෙ අර මඩ නාපු තලගොයෙක් වගේ පාට පාට බයික් එක නේද ?“ මල්ලි හරියටම අදුනගත්ත බයික් එක.

“අයියෝ ඔව් මල්ලි. ඒක කවුරු හරි උස්සලා. දැන් මෙතන නැහැ.“ මම අසරණ වුනා.

“බය වෙන්න එපා අයියෙ. අපි හිතුවෙ මේ ඒක හදන්න ආපු බයික් එකක් කියල. ගරේජ් එකේ මහත්තය වැස්ස නිසා ඒකත් එක්ක අනිත් හැම බයික් එකක්ම කඩේ ඇතුලට දාල යන්න ගියා“

“අම්මෝ ඇති යන්තං මල්ලි.. එහෙනම් අයියට එන්න කියල බයික් එක ගමු නේද? එයා ලගද ඉන්නේ..“ මම උත්තර හෙව්වා.

“අයියා එන්නෙ තව සතියකින්. ගමේ ගියා.. එයාට මලගෙයක් වෙලා...“

මගෙ හැම හීනෙම විනාස කරල එයා ගියා වගේ, ගරේජ් එකේ එකා ගමේ ගිහින්. යතුරත් අරගෙනම.

Written by sAm_1:02pm_12/09/2012

පලි - අපේ කොල්ලෙක් උගෙ බයික් එක මේ විදිහටම ගරේජ් එකක් ලග නවත්තල ගිහින් ඌට මෙවැනිම සිද්ධාන්තයක් වු බැවින් එය සිහිකර අකුරු කලෙමි.

සැයු - මේක නම් සෑමාට වෙච්ච දෙයක් කියා කමෙන්ට් නොදමන්න !

පැරණි පෙම් හබ - 

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !

පරම්පරා ගත ආදර අන්දරය...

96 comments:


  1. මරු කථාව ඈ... මටත් අරවගේ කෑල්ලක් සෙට් කරල දීපන්කෝ... රිස්ක් එකක් නෑ බන්.. වගකීම කිහිප දෙනෙක් අතරේ බෙදිල යනවනේ

    ReplyDelete
    Replies
    1. අඩේ ඒවගේ එකක් සෙට් වුනොත් උබට දෙනව ඈ.. මම කරනව මිසක් ;)

      ජය !

      Delete
  2. ලැජ්ජ නැති කට මැද්දෙ දගලන දිව කතා කළා.

    බස් එකේ රෝදෙට තැලෙන ගොලුබෙල්ලෙක් වගේ සමතලා වෙද්දි, බස් එකට එකපාරට අහුවෙන ගෙම්බෙක් වගේ පටාස් ගාලා සද්දයක් ඇහුන.

    බොලාගෙ බස් වහර නම් කදිමයි සෑමා.... තමන්ගේම කියලා අනන්‍යතාවක් සහිතව ලියනවා... මරු...

    ජය!

    ReplyDelete
    Replies
    1. සිතු කුසු ආදර අන්දරයෙන් ලද වාග් පන්නරය..

      ස්තුති සහෝ..

      ජය !

      Delete
    2. What are little boys made of?
      What are little boys made of?
      Slugs and snails
      And puppy-dogs' tails,
      That's what little boys are made of.
      What are little girls made of?
      What are little girls made of?
      Sugar and spice
      And everything nice,


      සෑම පොඩිකාලෙ මේ කවිය කියපු නිසා තමා ඔය යෙදුම් ඉගෙන ගන්ට ඇත්තෙ

      Delete
    3. කවී කොල්ලො අරන් ඒවි අවී...

      Delete
  3. ලියලා තියලා තියන හැටි නම් හරිම අපූරුයි. ආපහු දිග කතාවක් පටන් ගත්තොත් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. දිග ඒව ලියන්න ගියාම බහුතරය අකැමැති නොවැ. සරල සුගම ආදර කතා ලියමු.

      අපි දෙන්නගෙ කතාව ලියුවොත් තවත් දිග වෙයි නේද :පී

      ජය !

      Delete
  4. මේක නම් සෑමාට වෙච්ච දෙයක් තමා

    ReplyDelete
    Replies
    1. මචං මම කුනුහරප දන්නවා. අහන්න කැමතිද ?


      ජය !

      Delete
  5. ඇයි බං සැමෝ.. පරණ පෙම් හබ කියලා යටින් ලින්ක් දෙකකුත් දාලා මේක නම් සැමාට වෙච්ච දෙයක් කියලා කියන්න එපාලු... අනේ මන්දා.....

    ඔහොම කෙල්ලොත් ඉන්න එපෑ ... මේවගේ වැඩක් වෙලා තියෙන කොල්ලෙක්ට ,හොද කෙල්ලෙක් සෙට් උනාම , කෙල්ලගේ අගේ හොදට තේරෙනවා..... හි හි.. ලියලා තියෙන විදිය නම් නියමයි....

    මොනා උනත් යාලුවගේ බයික් එක මේ විදියට හරි හම්බුන එක ලොකු දෙයක්.....

    ReplyDelete
    Replies
    1. මේ කතා සෙට් එන යන්නේ ‘පරන පෙම් හබ‘ කියන ලේබල් එකෙන් නේ..ඒකයි :0)

      ස්තුති හිරු !

      ජය !

      Delete
  6. හික්.. මරු උපමා ටික.... නියමයි කතාව..

    ReplyDelete
  7. නෑ නෑ මෙක උබට උන දෙයක් වෙන්න බෑ මොකද පැරණි පෙම් හබ කියලා යටින් දාලා තියෙන නිසා

    ReplyDelete
    Replies
    1. බලපං ඒකත් අනිත් පැත්තට ගත්ත නේ උබ.. තෝව කොටියම කාපිය.

      ජය !

      Delete
  8. මේ දවස් වල ලියවෙන්නෙම ප්‍රබන්ද වුනත් විරහ කතාමයි. මොකෝ... ??? :P

    ReplyDelete
    Replies
    1. දන්නවද විරහව වුනත් ‘රහයි‘ අප්‍රමානව !

      ජය !

      Delete
    2. විරහා කතා වලට ඩිමාන්ඩ් එක වැඩී මේ කාලේ..

      Delete
    3. කවදත් කස්ටිය මනාපයි නේ !

      Delete
  9. නියමයිනේ සඳ දෝනි :D

    ReplyDelete
  10. මම හිතුවේ බයිසිකලේ ගල් කියලා

    ReplyDelete
    Replies
    1. ගල් කියන්නේ බං තව පොඩ්ඩෙන් අයියගෙන් ගල් කටස් පාරවල් සෙට් වෙන්නේ..

      ජය !

      Delete
  11. ඒ වගේ කෑල්ලක් මට කිව්වනම් එහෙම පයින් ගහලා එලවන්නේ අම්මපා ඇත්තමයි..හිකිස්‌ (තරහ ගිහින් ඉන්නේ බොල මේක කියවලා )

    ReplyDelete
    Replies
    1. තරහ ගන්න එපා බං. ඒ කොල්ල බේරුනා කියල හිතා ගනින් :)

      ජය !

      Delete
    2. බේරුනා නෙමේ සෑමො උඹ මාරකයක් පැන්නා කියලා හිතාගනින්.. :-) ( මොනවහරි වැරදුනාද මංදා :-) :-) )

      Delete
  12. පොඩි සිද්ධියකින් කරපු සාර්ථක නිර්මානයක් කියලා කියන්ඩ පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුති සෙන්නා ! එත් උබ ඕනවට වැඩි හරිය ?

      ජය !

      Delete
  13. කතාව ලියලා තියෙන විදිය නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුති සැල-ළිහිණි..

      ජය !

      Delete
  14. Kathaawa apuuruwata gothalaa...eath meaka Samaata wuu dheyaka nowea..haaa..

    ReplyDelete
    Replies
    1. tnQ Weni aiyooo, mata wechcha deyak newe macho }:)

      ජය !

      Delete
  15. අනේ පවු බං..මම කිව්වේ අර ගරාජ් එකේ බාස් මාමා.... ;)

    ReplyDelete
    Replies
    1. ඇයි බං පවු.. ඇලෙක්සැන්ඩඒ කියනව වගේ මාසෙකට වැඩ..


      ජය !

      Delete
  16. ගරාජ් ඒකෙ එකා මාසෙකට වැඩ හරි කියලා හිතාගෙන බයික් එක ඇතුලට තල්ලු කරන්න ඇත්තේ.. අනේ මන්දා.. අර පරණ හබ තියන නිසා ඉතින් මේ නම් සෑම ගේ කතාවක් නෙවෙයි තමා..

    ReplyDelete
    Replies
    1. පරණම පරණ ලස්සන ආදර කතාවක් බං ;)

      ජය !

      Delete
  17. හනේ අප්පේ බයිසිකලයක් කරපු හදියක් නේද?..ම‍ට මැවිල පේනවා අර පොර හෙල්මට් 2ත් අත් දෙකේ දාගෙන බස් 1ට නැග්ග හැටි..හිකිස්...

    ReplyDelete
    Replies
    1. අර පොර නෙමේ අනේ සෑමා ..(රහසින් )

      Delete
    2. කෙල්ලන්ට ලංව රහස් කිවීම කැතය... (සද්දෙන්)

      මේ මම දැකල තියෙනවා පොලිස් මාමෙක් බයික් එකේ ඇවිත්, බැහැලා, සුදුපාට හෙල්මට් එක පිටින් කාර් එකක නගිනවා. තව සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඉදරිපත් කරන්න පුලුවං..

      ජය !

      Delete
  18. මං කල්පනා කලේ ඒ වගේ කෙල්ලෙක් ඉන්න එක හොඳයිද නැත්තම් නරකයිද කියලා. මොකද දියුණු වෙනවනම් දියුණු වෙන පුළුවන්. හැබැයි ඒක ඒ විදිහට හිතන එකෙක්ට විතරයි.

    ReplyDelete
    Replies
    1. උබ හිතල තියෙන දුර පැතුමෝ..

      ජය !

      Delete
    2. පුත පැතුම, දුර බලන්න..ලඟ නොබලන්න..

      Delete
  19. // හරියට පුද්ගල නාශක බෝම්බ දෙකක් පපුවෙ බැදගෙන ආපු කොටි කතක් මාව බදා ගත්ත වගේ. දැන් පුපුරයි දැන් පුපුරයි කියල හිතුවට පිපුරුනේ නැහැ එහෙම. //

    ඒ වගේ ගෑනු තව හොඳයි බලන් ගියාම, උන් පුපුරන්නෙ එකපාරයි.

    මොකක්ද බං අර පුපුරයි පුපුරයි කියල හිතල තියෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ජීවිත කාලෙම පුපුර පුපුර ඉන්න ඒවට වැඩිය එක පාර පුපුරන එක සිරා නේද බං ?

      මෙන්න මූත් බබා වෙන්න හදනවා...

      ජය !

      Delete
  20. රත කල්කෙ බිව්වත් හොඳවෙන එකක් නෙවෙයි වගෙ ඒ රත ගාය. අර බයික් එක නැතිවුනේ නෑනෙ. තාවකාලිකව පාවිච්චිය අත් හිටවලා විතරනෙ. කොහොමද නැති වුනා නම්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පෙ එහෙනම් අයියා අරුගෙ කකුල් හතර රවුම් කරල රෝද දෙකක් කරල, පිටේ ඉදගෙන යනනවා...

      :)

      Delete
  21. ඔච්චර හොදට ලියන්න බෑ සෑමට නොවුනනං....
    සෑමයියා අපිටත් කොලේ වහනවනේ ඉතිං..

    ReplyDelete
    Replies
    1. තරියෝ.. ගුටි නොකා හිටු !

      Delete
  22. ආයි කියන්න දෙයක් නෑ සැමෝ ලියල තියෙනවා උඹට උනා වගේම. ඔන්න ඔහොම තමයි යාළුවො ඉන්න ඕනේ. අනුන්ගේ දුක තමන්ගේ කර ගන්න. මට මතක් වුනා කතාවක් අපේ යාලුවෝ සෙට් එකක් බීල ඉන්නකොට දම්මිකට කෙල්ල පොල්ල තිබ්බයි කියලා අංජනයා අඬනවා මී හරකෙක් වගේ.ධම්මිකයා ඉන්නවා උගේ නෙවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අංජනයා යටි හිතින් ට්‍රයි කරලද බං ඔච්චර අඩන්නේ.. ;)

      සිරා ඩයල් එකක් හැබැයි..

      ජය !

      Delete
  23. කියන්න හොද නැති වුනත් එයා මගෙ පිටට හේත්තු වුණා. හරියට පුද්ගල නාශක බෝම්බ දෙකක් පපුවෙ බැදගෙන ආපු කොටි කතක් මාව බදා ගත්ත වගේ. දැන් පුපුරයි දැන් පුපුරයි කියල හිතුවට පිපුරුනේ නැහැ එහෙම.


    ඈ යකෝ මරුනේ .. එල එල .. මේ සිඅ කියන්නේ ඔය වගේ කෙල්ලෝ එහෙම ඉන්නවනං සෙට් කොරහන්කෝ

    ReplyDelete
  24. ලේඛකයන් ප්‍රවීනත්වයට පත් වන විට තම අත්දැකීම් අන් අය තුලින් මතු කර ගැනීමට තරම් දස්කම් දක්වන්නේමය. බස් වහර සහ බාසාව අපූරුය. බලා ගෙන ගියාම බාසා වෙල්ලෙක් නොවැ.
    ;D :D :D

    ReplyDelete
    Replies
    1. අඩෝ අඩෝ කියන කුනු හබ්බයක් කෙලින් කියපං. අනිත් පැත්ත හරවන එක කරදරයි බං :පී

      ජය වේවා !

      Delete
  25. ටොපේ ටොප් බං..කිතිකැවිල ගියා.....!!!!

    ReplyDelete
    Replies
    1. කිතිකැවෙන්න මේක සමනල පිහාටුවක්ද බං ?

      ජය !

      Delete
  26. මුලින්ම සැලකිය යුතුයි යන්න නොසලකා හරින ලදී..එයට කමා වුව මැනවි...
    ඕක කතාවක් උවත් ඔවැනි ඇත්තියන් මටද මුන ගැසී ඇත..ඊට පසුකටට එන ටික මෙයි ලියන්නට නොහැක...

    ReplyDelete
    Replies
    1. සලකන්නම ඕනෙ දේ නොසලකා හරින කැත ගතිය උබටත් තියෙනවනේ :ඩී

      ජය !

      Delete
  27. ගහෙන් වැටිච්ච මිනිහගේ ඔලුවට කඩන් වැටිලා වදින්න ගිය දේවාලෙට ගොනා ඇන්නා වගේ වැඩක්නේ උඹට වෙලා තියෙන්නේ සෑමෝ :D

    ReplyDelete
  28. කතාව හරිම සංවේගජනකයි.... :(

    ඒත් "ප්‍රේමිය" හරිම ප්‍රායෝගිකයි.... ;)

    "සයිඩ් කන්නඩිය කරකවල මම බැලුව. එයාගෙ කොණ්ඩේ පාවෙනවා. හරියට අපෙ ආච්චිගෙ යටිතල පහසුකම් හෝදලා වැලේ එල්ල තියෙද්දි තද සුලගකට අහුවෙලා පාවෙන්න හදනව වගේ....." මේ උපමාව නම් එච්චර ගැලපෙන්නෙ නෑ.
    ඒත් සමස්ථයක් විදියට, කතාවත්-භාෂාව හැසිරවීම්ත් විශිෂ්ටයි.

    ජය වෙවා....!


    ReplyDelete
    Replies
    1. ආච්චිට එක එක ඒව කියනවට සුමියට අප්සට් වගේ :ඩී

      ස්තුති සහෝ..

      ජය !

      Delete
  29. මම හිටියනම් කෙල්ලත් ඒක්කම බයික් ඒක හප්පනවා කොහෙහරි

    ReplyDelete
    Replies
    1. ජීවිත විනාස කරල ආදරයක් ලබන්න එපා ලකියා ;)

      ජය !

      Delete
  30. ආයෙ ඉතින් උඹට නැතුව මට වෙච්ච දෙයක් කියලා හිතලා කමෙන්ට් දාන්නයෑ. අනිවා මේ උඹම තමයි ඕං..!

    ඒක නෙමෙයි මගේ කොමෙන්ට් කන බහිරවයෙක් ඉන්නවද කොහෙද මේ බ්ලොග් එකේ. ටිකක් හොයලා බලපං.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබ්බෙ නැහැ බං උබේ ඒවා මම බැලුවා. ගුගල් දෙයියා උබ එක්ක අමනාපයක් තියෙනවද ?

      ජය !

      Delete
  31. සිරා කතාව සෑමා..

    මම ඉතින් කියන දේ අහන එකානේ.. ඔන්න මේක උඹට උනා කියලා හිතලා කමෙන්ට් කලේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අන්න දින්නා උබ හොද එකා :)

      ජය !

      Delete
  32. වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ හොයා දෙන්නේ සෑමෝ....

    ReplyDelete
    Replies
    1. මගුලයි කපු කම් කරන්නත් වෙනවා :)

      ජය !

      Delete
  33. උපමා අලංකාර ටික නම් පට්ට ය !

    ReplyDelete
  34. ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ,,,,,,,,,,

    ReplyDelete
  35. නියමයි කතාව..හිකිස්..

    ReplyDelete
  36. මාත් එක්ක එකට ආපු ගෑනි දැන් වෙන එකෙක් ලග හිටගෙන. මාව බදාගෙ ආපු ගෑනිව තව එකෙක් බදාගෙන. මගෙ හිත බස් එකේ රෝදෙට තැලෙන ගොලුබෙල්ලෙක් වගේ සමතලා වෙද්දි, බස් එකට එකපාරට අහුවෙන ගෙම්බෙක් වගේ පටාස් ගාලා සද්දයක් ඇහුන. මම හිතුව එයා අර කොල්ලට කන පැලෙන්න ගහල ඇති කියල. නැහැ එයාගෙ එහා පැත්තෙ හිටපු කොල්ලෙක්, එයාගෙ පිටිපස්සෙ හිටපු කොල්ලව තල්ලු කරල එයා ලගට එන්න හදල. එකම වලට ජිල්බෝල විසි කරන්න දගලන පොඩි උන් වගේ උන් දෙන්න මරාගෙන.

    ඒක් පූල් දෝ මාලි..

    ඔච්චරම එපා කියන එකේ ඉතින් සැමාට වෙච්ච දෙයක් කියලා මම අමාරුවෙන් හරි නොහිතා ඉන්නම්.

    මී පැටියා තාම පැටියෙක් නිසා ඉතින් ඔය පුපුරන ඒවා එහම තේරෙන්නේ නෑ එච්චර..!

    ReplyDelete
    Replies
    1. මී පැටියා නේද කලින් සමනල පැටියා වෙලා හිටියේ?

      ජය !

      Delete
  37. මේක නම් මරු... ඈ!

    ReplyDelete
  38. ඉතින් ඒකිට TVS King එකක් අරන් දුන්න නම් හරි :P
    සඳදෝණි බස් එකේ වෙන එකෙක් එක්ක ඉන්නවා කිව්වම මගේ හිත කීං ගෑව :/

    ReplyDelete
    Replies
    1. ටීවීඇස්. කිං අරන් දුන්නොත් ඒකිව අල්ලන්න වෙන්නෙ නැහැ බං :)

      ජය !

      Delete
  39. \\...එයාගෙ කොණ්ඩේ පාවෙනවා. හරියට අපෙ ආච්චිගෙ යටිතල පහසුකම් හෝදලා වැලේ එල්ල තියෙද්දි තද සුලගකට අහුවෙලා පාවෙන්න හදනව වගේ..\\

    ෆට්ට උපමාව :D :D
    සම්භාව්‍ය පොත් වල අපුරු උපමා දැකල තිබුනට මේ වගේ ආතල් කතා වලට මෙච්චර හොඳ උපමා දාන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නෑ.
    නියමයි සැමා!:)

    ReplyDelete
    Replies
    1. ස්තුති නුවන් සහෝ...

      ජය !

      Delete
  40. පට්ටම කෑල්ල මමත් හොයන්නෙ ඒ වගෙ එකක් තමා

    ReplyDelete
    Replies
    1. දෙකක් හම්බුනොත් එකක් මට දියං ;

      ජය !

      Delete
  41. 'සදදෝනි' කියන නම නම් ඇත්තටම ලස්සනයි.
    නෙවෙයි කිව්වට ඔයාට උන දෙයක් වෙන්නම ඇති.හී හී :)

    ජය!

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දෙයක්?? අනේ පලයං බං යන්න !

      ජය හොදේ !

      Delete
  42. ඇත්තටම ලස්සන නමක් වගේ කතාවත් උපරිමයි. සෑම්ට උන දෙයක් නෙමෙයි කියපු නිසාම සැකයි...

    ReplyDelete
    Replies
    1. සැකේ බල්ලට දාපං කුමාරි-ආමී.

      :)

      ජය !

      Delete
  43. ඔය වගේ රථ ගාය ඇති දෝණිලා ඕනෑතරම් ඉන්නව... :P එළ ආහ්... වාග් ශෛලිය උත්කෘශ්ටය... :P

    ReplyDelete
  44. ආයේ නම් බයිසිකලේක කෙල්ලෙක් දාගෙන යන්න හිතන්නෙවත් නෑ!

    ReplyDelete
  45. මේක නම් බොලා නොකීවත් බොලාට නොවුන දෙයක් කියලා තේරෙනවා :v
    සරල සුගම ආදර කථා ලියන්න දිගටම... ජය

    ReplyDelete
  46. හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු... කතාව එල..

    ReplyDelete
  47. හපොයි ගෑල්ලමේක් නිසා වෙච්ච කරදරයක්...!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...