Friday, September 21, 2012

කේ-ලිය නම් වූ (අනා)රක්ෂක මාමාට ලියමි - පොඩි සෑමාගේ ලියුම් (11)


දයාබර කේ-ලිය මාමාට ලියමි...

ඉතිං මාමේ, ඔබට කෙසේද? අපි නම් තමන් හිසට තම අතමය සෙවනැල්ල කියා පරිස්සමට සිටින්නෙමු. මාමාද එසේ බව අපි දන්නෙමු. මාමාට මැර තර්ජන, ත්‍රස්තවාදී තර්ජන නැතිවාට මැති ඇමැති තර්ජන ඇති බැව් අපි දනිමු. අපට ඇති තර්ජන මොනවාදැයි සිතෙන්නේ අපට එවිටය. මාමා ඇමති පුත්තු ආරක්ෂා කළ යුතුය. ලොකු මාමාගේ පරම්පරාව පවා රැකිය යුතුය. අහිංසක අප වන් ජනතාවට එතරම් ආරක්ෂක ප්‍රශ්න නැත්තේමය. ඉද හිට හෝ මැති ඇමති තුවක්කුවකින් උණ්ඩයක් පාරක් දිගේ ආවොත් ආරක්ෂා වීමට කටයුතු කිරීම, නැතිනම් ශ්වේත වර්ණ වාහන වල ට්‍රිප් රැගෙන යාමෙන් ආරක්ෂාවීම, කැති පොලු ගත් මැති ඇමති පුත් රත්න වලින් ආරක්ෂා වීම වැනි සුළු තර කාරණා හැරෙන්නට අපි නම් පට්ට ෆන් එකේය. ජීවන වියදම කියාද කිසි අවුලක් නැත්තේය. ඒ ලොකු මාමාට පිං සිද්ධ වෙන්නටය.
මට මතක මාමා දේස පාලනේට එන්නට පටන් ගත් මුල් කාලයය. ඒ කාලේ මාමාට රැවුල නැතිය. රැවුල වවා ගත්තේ බුදු ගේමක් දීමෙන් බව අපි දන්නෙමු. ජනතාව ද දන්නේය. ඉන් පසු රැවුල පිදී ඉහ නිකට පැහී එද්දී මාමා ගොඩ ගියේය. පරිණත බවක් ආවේය. ඒත් මොල ගෙඩිය තාමත් බ්‍රෑන්ඩ් නිව්ය. පිට කොන්දද මනාව නැමෙන්නේය. කෙලින් තියෙන්නේම නැතිය. ඒ ඔබ මාමාට ලැබෙන කැල්සියම් සහිත ආහාර වල බලපෑම නිසාය. මාමා එදා අමාරුවෙන් වවාගත් රැවුල නිසා මාමාට දැන් ප්‍රශ්න ඇති බැව් අපි දන්නෙමු. මාමා දැන් ඉන්නේ රැවුල ගිණි අරගෙනය. ඒ වෙලාවේ පොඩි සෑමා සුරුට්ටු පත්තු කරන්න යනවා කියා අමනාප නොවන ලෙස සෑමා අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නේය.

මේ ලිපිය ලියන්නේ අප පන්සලට වූ අකැරතැබ්බයක් ගැන කීමටය. එය සිදුවුයේ ඔබ මාමාගේ මොල ජුන්ඩ භාවිත නොකර කියන කතා හින්දාය. ඒ නිසාම පන්සලේ හාමුදුරුවෝත් දැන් අසරණව සිටින්නෝය.

අපේ ගමේ හොරු සෙට් එකක් සිටියෝය. සිටින්නෝය. උන් පොලිසියෙන් කට්ටි පැන පැන සිටි බවට ගමම දන්නා කාරණයක්ය. කෙහෙල් කැන් කැපූ හොරු පවා ඒ අතර සිටියෝය. උන්ට නම් නීතිය තද බව උන් දන්නෝය. මහා පරිමාණ හොරුන්ට ඒ කරදරය නැත්තේය. උන් නිදහසේ සිටින බවද සමාජයම දන්නේය. ඒ අතර උන් මාධ්‍යය වලද පෙනි සිටින්නෝය. ඒක මානව නිදහසය. සෑමා කතන්දර පිට පැන්නේය. කියන්න, ලියන්න  ගියාම සෑමාට මෙලෝ නිච්චියක් නැතිය. 

ඉතිං සැමා කියූ උක්ත හොරු සෙට් එක කවදාවත් නැතිව පන්සලට රිංගුවෝය. ගමේ පන්සලේ පිංකමක් තිබුණු වෙලාවේ උන් පන්සලට රිංගු නිසා සැදැහැතියෝ කළබල වූවෝය. ඒ අතර සමහරු තමන්ගේ සෙරෙප්පු පවා උස්සාගෙන යාවි යැයි සිතා සෙරෙප්පු අතේ දමාගෙනම දුවන්නට වුවෝය. ඒ අතර සූත්‍ර සජ්ජායනයේ යෙදී සිටි පන්සලේ හාමුදුරුවෝ තම අත තිබු මයික් එක භාවිත කොට සැදැහැති පිරිස් දමනය කිරීමට සමත් වුවෝය. අපිට ෆුල් ආතල්ය. ඒ සැදැහැති ලදැරියෝ දිව විත් අප වටා රොක් වූ නිසාමය.

තත්වය සමථයකට පසු වූ පසු හාමුදුරුවෝ අත තිබි මයික් එකෙන්ම හොරුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූවෝය. හොරු රැලද හාමුදුරුවන් වටා රැස්ව පිළිතුරු බදින්නට වූවෝය. සෑමාට මතක් වුයේ රජ කාලේ සිදුවූ ධර්ම සජ්ජායනාවන්ය.

“පිංවතුනි බලන්න කවදාවත් නැතුව ගමේ නම ගිය හොර උපාසක මහත්වරු අද පන්සල් ගත වෙලා. ඇත්තටම තමුන්ලා මොකෝ පන්සලට කඩන් පැන්නේ... ??“ හාමුදුරුවෝ ඒ පැත්ත හැරෙන ගමන් ඇසූවෝය.

“බලන්න අපෙ හාමුදුරුවනේ මම දරුමල්ලන්ට කන්න දෙන්න හොරෙන් සුරා මරා පෙරුවට අපිත් අහිංසක මිනිස්සු නොවැ.. මේ ලගකදි ඉදන් පොලෝසිය මගෙ පස්සෙ, ගෙදර උන්ව රැකගන්න මම කට්ටි පැන පැන වැඩේ කොරනවා...“

“කට්ටි පනින වෙලා ඇයි මේ පන්සල් වත්තට  පැනල කළබල කලේ...?“

“අනේ අපට සමාව භජනය ස්වාමීණී... “

“ඕකට සමාව භජනය කරන්න එපා අපේ හාමුදුරුවෝ.. ඕක තමා මගෙ වත්තෙ පීදුන කෙසෙල් කැන කැපුවේ.. ඕකට මම නඩු දාල තියෙන්නේ..“ ඒ කෑ ගෑවේ පිංකමට පැමිණි සුදු හැදගත් විල්සොං මාමාය.

“බලන්න හාමුදුරුවෝ මේ මනුස්සය නහින දෙහින කාලේ අකුසල් රැස් කරන හැටි. ඕව බදාගෙන අරන් යනව යෑ.. විල්සගේ තණ්හාව නැති කොරන්නයි මම ඒක කැපුවේ..“ හොර සෙට් එකේ සිටි කෙසෙල් හොරෙක් බණ ටෝක්ස් දුන්නේය.

“මෙතැන පංසල් බිමේ රණ්ඩු සරුවල් පටන් නොගෙන කරුණාකරල ඔය හොර තුමන්ලා මෙහෙ පැන්නෙ ඇයි කියනවද?“

“ඇත්තම කියන්න හාමුදුරුවනේ... අපි කට්ටියම අද අර ඉතාලි ගිහින් ආපු දේවමිත්ත ලගෙ ගේ බිදින්න හිටියේ. හවස ඉදන් උන්ගෙ වත්තෙ රැකගෙන හිටිය. උන් ටීවි ඒකේ අටේ පෝතිති බලනකොටත් අපි එතැන..“

“ඊට පස්සේ??“ කතාව අසාගන්නට ඉවසුමක් නැතිව සිටි දේවමිත්තගේ සීයා මැදින් පැන්නේය.

“අපි එහෙම රැකගෙන ඉන්නකොට අපිට ඇහුන පොලිස් සයිරන් එකක සද්දයක්... අපි ඉතිං පෝත්ති වලට කියපු හැටියට ආරක්ෂාවක් පතා මෙහෙ දුවං ආවා...“

“ඈ... ආරක්ෂාවට පන්සලට දුවන්න කියල මොන ප්‍රවෘත්තියෙද බොල කිව්වේ..“ ඇසි උඩ ගිය හාමුදුරුවෝ ඇසුවෝය...

‘ඇයි හත්වලාමෙ හාමුදුරුවනේ.. පන්සලේ හිටියම කාවවත් අත්අඩංගුවට ගන්න බැහැ කියල කේ-ලිය මහත්තය නේ කිව්වේ“

පන්සල් මළුවේ රැස්ව සිටි පිරිස් සහ අපේ හාමුදුරුවෝ වෙනදාට ‘සාධු‘කාර දෙනවාට වඩා මහ හඩින් සිනා සුනේ එදාය. ඉන්පසු හොර රැලට අතුරු අන්තරාවක් නොවේවා කියා පිංකම කන්ටිනි්‍යු විය.

උක්ත සිද්ධිය ඔබ මාමාට අකුරකුත් නෑර ලිව්වේ ස්තුති කිරීමටය. ඒ හොරුන් පන්සල් ගත කළ නිසාය. එසේම නිධන් හෑරීම්, කේන්දර ගැලපීම් මුවාවෙන් සමාජ අපරාධ කරන හාමුදුරුවරු පවා පන්සලේම සිටින නිසා නීතියක් ක්‍රියාත්මක කළ නොහැකිය. එය මාර සිරාය. පුජා භූමියක සිට කෙල්ලෙක් ඉස්සුවත් කම් නැතිය. ඉස්සර මිනිස්සුන්ට යක්කු පන්නගෙන එද්දි උන් දිව්වේ පන්සලටය. දැන් නම් පොලිසිය පන්නද්දි දිව  යුත්තේ පුජා භූමියකටය. ඒ කන්සෙප්ට් එකට සෑමා ලයික්ය. හැමෝම ලයික්ය. මෙය දිගටම තිබුනොත් අපි හැමෝටම ශෙයාර් කරනවාය. එතකොට පට්ට ලයික්ය.

කේ-ලිය මාමේ බොට දිගටම ජය !

මීට.
සංවේදී.

පොඩි ෂෑමා !



පොඩි සෑමා පෙර ලියූ ලිපි -










75 comments:

  1. මෙහි සෑමාට ඇතිවූ මරණීය තර්ජන නොවූ නිසා හොරු අත්අඩංගුවට පත් නොවූ නොවේ සෝචනීය පුවත ලියා නැත

    ReplyDelete
    Replies
    1. මුකුත් තේරුනේ නැහැ බං :(

      Delete
  2. කේ-ලිය මාමාගේ ආතල් කාතාවට සෑමයියාට තුති!!!!
    කේ-ලිය මාමා මාධ්‍ය සාකච්ඡාවල රිලැක්ස් එකේ බූරු උත්තර දෙන හැටිනම් අගනේය. අපි ඉතින් දේශප්‍රේමී ජනතාව නිසා අසාගෙන සිටින්නෙමු.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ ගමන ඒ උත්තමය බූලුවා කිව්වා..

      :)

      Delete
  3. සැමාගෙ කතා කියවද්දිත් මට හිතෙන්නෙම මම දුමීගේ කට කහන කතා කියවනවා කියලා. නියම ලියමන සැමෝ

    ReplyDelete
    Replies
    1. දුමිය ලියන්නේ කට කහනවනේ.. සෑම ලියන්නේ මුළු ඇගම කහන නිසා..

      (දුමියා සිරාය..)

      ජයෝ !

      Delete
  4. ආ සෑර් එල කොලම! ඔහොම එන්ඩකෝ සෑර්.

    ReplyDelete
  5. පින්වතුනි මේ ආසියාවේ ආශ්චර්යයි .... :P

    ReplyDelete
    Replies
    1. ඉතිං සාධු කියන්න පිංවතුනි..

      Delete
  6. කේ-ලිය මාමා කොටු පැනල බිමට පත බෑ වෙච්චි දවස්වල එයා වෙනුවට විහිළුවෙන් තහළුවෙන් රටවැසියා සුඛිත මුදිත කරපු අයට මෑන්ස් ස්තූති කොලේ නැද්ද ඔය ජෝක් එක කරන ගමන්ම. දැන් නම් පිස්සුව හොදටම තද වෙල තියෙන්නෙ වැටිච්ච පාර නරක තැනක්වත් කොහේ හරි වැදිලද මන්ද. පව් අසරණයා !

    ReplyDelete
    Replies
    1. පොර වැටුනේ නැහැ කියලත් කිව්වද මන්දා..

      මට එහෙමත් මතකයක් තියෙනවා :)

      Delete
  7. ඔය පොලොස් කොට්ටෝරුවද බන් දැන් ආරක්ශක ඇමති ?

    ලියුමනම් සිරා ඈ.. වැඩේ තියෙන්නෙ මේ වගේ ලිපි සීයක් ලියුවත් වැඩක් නැති එකයි.. අපි වටවෙලා පට්ට, සිරා, ලයික් කියලා ගියාට ඔය කාලකණ්නි මේවා කියවන්නෙත් නෑ කියෙව්වට වැඩකුත් නෑ..

    මේක ඊ_මේල් හරහා බෙදලා දැම්මට උඹේ අමනාපයක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අනේ බෙදපං පුතා.. කිසි අවුලක් නැහැ මේ උබනේ.. :)

      වැඩක් නැහැ කියන්න එපා බං. ජනතා ප්‍රශ්න සිනාවෙන් විසදන විකට රැල (මහ එකාලා ඇතුලු) අපිට වටිනවා..

      ජය !

      Delete
  8. ඔව් ඔව් කේලිය මාමත් කොරන්නේ ලොකුමාමාගේ රෙද්ද අස්සේ රිංගගෙන අපිට කෙලින එකම තමා

    ReplyDelete
    Replies
    1. ලොකුමාමාගේ අදහස් තමා මූ මෝඩයෙක් විදිහට එලියට දාන්නේ :)

      Delete
  9. කේ ලිය රැවුල වැවුවෙ ටෙනිසන් කුරේ වගේ වෙන්න ඕන හින්දා....මිනහා සාර්ථකයි නේද...?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ටෙනියට වඩා සාර්ථකයි සුමියෝ.. :)

      Delete
  10. ඇත්තටම අතීතයේ එවැනි තත්වයක් තිබි තියෙනවා. නැවතත් රාජ යුගයට යන නිසා ඒ මහතා එසේ පවසන්නට ඇත.

    අපේ අඩවියටත් පැමිනෙන්න.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අහ් ඔව්නේද රජ කාලෙ නොවැ අපි ආයෙත් ඉන්නේ..

      ඒ පැත්තේ එන්නම් බලන්ට !

      Delete
  11. කේ-ලීය ගේ රැවුලට පොඩි සෑමාට ඉරිසියා හිතිලා තිබේ. අසපුත් මේවට ඔට්ටුද ආයිබෝවන්ඩ?

    ReplyDelete
    Replies
    1. අසපු... උඩින්ම ඔට්ටුයි.. ඇයි බං නුදුරු අතීතය සිහි කරපං :)

      ජය !

      Delete
  12. කේ-ලිය පව්ඌඌඌඌඌඌ..... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. පට්ට පට පටෝ. ආයේ නෑ සුපිරියටම ලියලා තියෙනවා. අද ඉතින් පන්සලට ගිහිල්ලත් බෑ එතන ඉන්නෙත් කම්බ හොරු නේ...

    ReplyDelete
    Replies
    1. ගල් පල්ලිය වගේ.. ගල් පන්සල කියල වචනෙකුත් හැදෙයි ද බං ?

      Delete
  14. සියලු හොර මැර තක්කඩියන් නීතියෙන් ගැලවීම සඳහා, පුජා භුමි වෙත පැමිණ පදිංචි වීමෙන් සදාකල් ආරක්ෂා විය හැකිය.හෙහ් හෙහ් හෙහ් . ඔවුන් සඳහා වෙනමම විශ්‍රාම ශාලා ඉදිකර දීම කේ-ලිය මාමාගේ යුතුකමකි. එවිට පුජාභූමි වන්දනාවේ යන සාමාන්‍ය ජනතාවට පොලිසිය වැනි නීතිය සුරකින ස්ථාන වන්දනාමාන කිරීමට නිදහසේ හැකිවන්නේය,

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම ශාලා යෝජනාව වටිනේය. එය සභ සම්මත කළ යුතුය !

      ජය !

      Delete
  15. අඩෝ රෙදි කෑල්ලක් අපුල්ල ගන්ඩ ඉන්න අපේ මාමට කින්ඩිය දාන්ඩ එපා හරිය

    ReplyDelete
    Replies
    1. සොරි මචං.. ඒත් ලොන්ඩරි මාමා එයා විතරක් නෙවේ නේ :)

      Delete
  16. ඔහොම යං ඔහොම යං පොඩි සෑමෝ..

    ReplyDelete
  17. වැසිකිලිය වත් හෝදගන්න ඉන්න එකානේ!ඔහොම කිව්වම රටේ අනාගතයට යන කල මොකක්ද??
    තරයේ හෙලා දකිමි!

    ReplyDelete
    Replies
    1. අඩේ මේ ලිපිය වහාම ඉල්ලා අස්කර ගමි..

      Delete
  18. එළ ආ.. පොඩි සෑමාව උස්සන එක්කක් නැති වෙයි. උස්සන්න අවොත් පන්සලකට ගොඩ වෙලා පිළිමයකට වැදන් හිටියනම් බේරෙන්න පුළුවන්.. :)

    ReplyDelete
    Replies
    1. ඒත් බං පිළිම උස්සන කාලේ.. පොඩි සෑමා බේරෙයි කියන්නත් බැහැනේ :ඩී

      Delete
  19. ඇයි බොලල්ලා...රෙදි ටිකක් අපුල්ලගෙන ඉන්නදියල්ලා........!
    මීට..කේ-ලිය

    ReplyDelete
  20. සැමා ලියුම් ලියන්න දස්සයිනේ

    ReplyDelete
  21. Replies
    1. මම දන්නව දැන් උබ කමෙන්ට් දාන්න කම්මැලියා :)

      Delete
    2. කම්මැලි නැහැ බොල.. මේ කියෙවුවෙත් අසනීප අස්සේ.. මේ ටිකේ ටිකක් අසනීපෙන්.. හිටහන් ටිකක් සනිප වෙනකන්.. උඹට බැනලා යන්න... :)

      Delete
    3. මටත් සමීප නැහැ බං :ඩී

      Delete
  22. aaah dan pansal vala pin kata tikata baba hamba veyi vage,
    oplosiyen berenna pansalaa baavithaa karanna :-P

    ReplyDelete
  23. //කියන්න, ලියන්න ගියාම සෑමාට මෙලෝ නිච්චියක් නැතිය. //
    :D :D :D

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙනම දැම්මම මටත් හිනා යනව අෆ්පා !

      Delete
  24. සෑමා නම් ළඟදීම මේවා ලියන්නට ගොස් ලොකු අමාරුවක වැටෙනවා ය.
    හැබැයි අවුලක් ද නොමැත.සුදු වෑන් එකක් පස්සෙන් හඹා හඹා ආවොත් කරන්නට ඇත්තේ පන්සලකට ගොඩ වදින එක ය.

    ReplyDelete
    Replies
    1. ඇයි දැකල නැද්ද පන්සල්වලට සුදු වැන් ඇවිත් හාමුදුරුවන්ව දාගෙන යනවා..

      හැබැයි දාන ගෙවල් වලට හොදේ !

      Delete
  25. හිකිස් මරු ඈ..........

    ReplyDelete
  26. කේලිය මාමා ඔස්ටේලියාවෙ ගිහිල්ලා බීලා බීලා බැල්කනියෙන් මල්පාත්තියක් උඩට පතබෑවුනු හැටි පොඩි සෑමාට අමතක වී ඇති හැඩයි... මොනා උනත් ලියවිල්ලට මම ලයික්ය...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න උඹත් පයිත්තියන් දොඩෝනව. බීල බීල නෙවෙයිළු බං, මෑන් පතබෑවුනේ වෙන මඟුලක් කරන්ට ගිහින්ළු. :)

      Delete
    2. @සිරා- මතකයි බොලේ.. ඒත් විනාස කරනව කියල එච්චර විනාස කරන එක වැරදි බං :)

      @ඩිඩිටි - :))

      ඒ මෙන්න මූ ප්‍රොෆයිල් පික් එකක් දාල මේ දැන්..

      Delete
  27. මමත් ලයික්ය.. නිකන් නෙමෙයි පට්ට ලයික්ය..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය නිකන් නෙමෙයි පට්ට ස්තුතිය !

      Delete
  28. සෑමාට හිතේන එවුවා...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන ඒව මේකෙ ලියන්න බැහැ බොල !

      Delete
  29. 1 වෙනි වතාවට ආවේ..හික්..මරු ලියුම.
    අයියෝ මේ මාමලත් කොරන වැඩ.

    ReplyDelete
    Replies
    1. ලොකු මාමාගේ ඉදල සෙට් එකම සිරා !

      ස්තුති !

      Delete
  30. හී හී..මරු!

    ReplyDelete
    Replies
    1. මේව කම්මැලිකමට දාන කමෙන්ට් :)))))))))

      Delete
  31. Replies
    1. මේව කම්මැලිකමට දාන කමෙන්ට් :)))))))))

      Delete
  32. සෝක් මාමා නෙහ්..? :P

    ReplyDelete
    Replies
    1. දියවන්නාවෙන් එපිට හැම මාමාම එකය !

      Delete
  33. පට්ට
    පන්සල හොරුන්ගේ නිවහන බවට පත්වේවා

    ReplyDelete
  34. පව් බන්... වයසක මිනිස්සුන්ව බයිට් එකට ගන්න එපා... :D

    ReplyDelete
    Replies
    1. සොරි බං.. ඒත් මට මගෙ සීය වගේ නිසා.. විහිළු කරන්නමයි හිතෙන්නේ..

      Delete
  35. බොලා අපි වගේ බෑනලාට එහෙම මාමලා නැතුව බෑ නෙව.

    ReplyDelete
  36. කාලෙකින් ලියුමක් කියෙව්වෙත්,,, කාලෙකින් පන්සල් පැත්තේ යන්න බැරි උනා බලන්න ඕනා ගිහින් මෙහෙත් එහෙමද කියලා.. ජය සැමෝ.

    ReplyDelete
  37. මේ පොස්ට් එක ඊ මේල් වලින් එහාට මෙහාට යනවා නේ. පරිස්සමින් හිටු. අනේම දෙයක් කරලා ඒ වගේ තැනකට ගිහින් මමත් ආරක්ෂාව පතනවා.

    ReplyDelete
  38. ඒ කතාවට අපිද ලයික්ය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...