Tuesday, June 12, 2012

ෆිල්ම් හෝල් එකේ ‍බොක්ස් ඉවරද ? මෙන්න යන්න නියම තැනක්...


මේ දිනවල සුපර් සික්ස්ය. ඒ නිසා හෝල්වල මාර සේනාවක්ය. සිතූ සහ කුසූද චිත්‍රපටය බැලීමට නොව බොක්ස් එකක් සොයා ගැනීමට හෝල් එකට එන්ටර් විය. ඒ වරක් නොව දෙවරක්ය.

පළමු සතිය

ඒ සෙනසුරාදාවක්ය. ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකට සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ තුන් වෙනියාය. 

"බොක්ස් දෙකක්" ඒ සිතුය.

"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.

"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." හැරී එන්න බැරිකමට සිතූ කුසු බැල්කනි ගත වුහ.

සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.

"බලන්න අප්පා දැන් ඔන් ලයින් ටිකට් බුක් කරන නිසා ඇතුලට යන්න කලින් බොක්ස් ඉවරයි" ඒ සිතුය.

"අපිට බැරිද ඔන් ලයින් බුක් කරන්න?" ඒ කුසූය.

"මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් ඕනේ..කමක් නැහැ ලබන සතියේ එමු.." ඒ නම් සිතූය.


දෙවන සතිය

ඒ සුපුරුදු සෙනසුරාදාවක්ය. ගියවර ගිය ඉංග්‍රිසි අකුරු තුනේ හෝල් එකකටම සිතු - කුසු පියමං කලෝය. ජෝඩුව ටිකට් ගන්න පෝලිමේ මුලින්ම සිටියෝය. 

"බොක්ස් දෙකක්" ඒ සිතුය.

"බොක්ස් ඉවරයි." ඒ ටිකට් කඩන්නාය.

"අහ්.. එහෙනම් බැල්කනි දෙකක්." ය‍කෝ පෝලිමේ මුලින් ඉදලත් බොක්ස් ඉවරද? කියා සිතමින් සිතු බැල්කනි ටිකට් ගත්තේය.

සියළු සැලසුම් අසාර්ථකය. කරන්නට ආ කිසිත් සිදු නොවීය. සිතු - කුසු ඉන්ටර්වල් එකේ ගෙදර ආවෝය.

"බලන්න මේක මාර වැඩක් නේ ටිකට් එකක් ගන්න බැහැ අපිට" ඒ සිතුය.

"කමක් නැහැ අපි ෆිල්ම් එක භාගෙ ඒවා දෙකක් බැලුවනේ, ඒ කියන්නේ අපි ෆුල් එකම බලලා..?" ඒ කට කැඩුන කතාව කිව්වේ කුසූය.

"බබා අපි දැන් විනෝද චාරිකා ගියා ඇති. අපි වන්දනා ගමන් එහෙමත් ගිහින් තියෙන නිසා අපි අධ්‍යාපන චාරිකාවක් යමු" ඒ නම් සිතූය.

"ඒ හතර බීරි කතාව මොකක්ද?" කුසුගේ ඇස් කටේය.

"ඇයි බබා අපි ෆිල්ම් බලල තියෙනවා, බීචි ගිහින් තියෙනවා, එතකොට අරහෙ මෙහෙ ගිහින් ලන්ච් අරන් තියෙනනවා...ඒ විනෝද චාරිකා." සිතු පැහැදිලි කලේය.

"එතකොට වන්දනා ගමන් කි‍ව්වේ පන්සල්, පල්ලි ගිය ඒවා ???" කුසු තම දැනුම පෙන්වීමට මැද්දෙන් පැන්නේය.

"අන්න හරි.." සිතු තහවුරු කලේය.

"එතකොට අධ්‍යාපන චාරිකා??" ඒ කුසුය.

"බබා අපි බොක්ස් යනවට වඩා හොදයි ග්‍රහලෝකාගාරේ වගේ කළුවර තැන් වලට යන එක. බලන්න බොක්ස් එකත් කළුවරයි. ග්‍රහලෝකාගාරෙත් කළුවරයි.." ඒ දාර්ශනික මත දරන සිතුය.

"එතකොට බොක්ස් වගේ කවර් කරල නැහැනේ." ඒ කුසුය.

"මොන මගුලටද බබා කවර් කරන්නේ?? හැම එකාම උඩ බලාගෙන ඉන්න නිසා අපිට නිදහසේ වැඩක් කරගෙන එන්න පුලුවන්නේ.."

Written by sAm_1.45pm_10.06.2012

සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.


සිතු කුසු ආන්දෝලනාත්මක ආදර අන්දරය නොබැලූ අයට..




151 comments:

  1. අම්මපා සැමා අයියේ ඇතුලට යන්න කලින් බොක්ස් ඉවර උනොත් මාර කෙලියක් නේද වෙන්නේ....
    ඕං වැරදියට එහෙම හිතනවා නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. දැන් කෝමත් ඔන්ලයින් බුක් කරන නිසා පෝලිමේ එවුන් පව් බං..

      තරුවා වැරදි දෙයක් හිතාගෙනද මන්ද කියල තියෙන්නේ.. හිකිස්..

      Delete
    2. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..කොහොමද ටිකිරි මොලේ...... කාටද වගේ තිබිලා තියෙනවා.... ඔය මොලේ වැදගත් දෙයකට තිබ්බනම් කොච්චර වටිනවද?
      මොනවා වුනත් එල කතාව...

      Delete
  2. බොක්ස් සිද්ධියක්

    එතන සිටියාක් මෙන් ලියා ඇත.. :)

    ReplyDelete
    Replies
    1. එතන සිටියාක් මෙන් කීවේ සැමාගේ කතාව මිසක් වීඩියෝව නෙමේ...

      Delete
    2. මටත් ඔය වීඩියෝව සෙට් වෙලා තියෙනවා. නියම නිර්මනයක් මචං

      ජය !

      Delete
    3. අඩේ මම අදයි දැක්කේ සීන් එක උපරිමයිනේ තැන්කූ ලින්ක් එකට... හිනා සාගරයයි

      Delete
  3. //සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.??

    දැන් සිතු කවුද ?

    මට මොකා උනත් කමක් නෑ... ග්‍රහ ලෝකාගාරේ ඇතුලෙ ළමයි හදන්න ට්‍රයි කොලාට කමක් නෑ.. වදන්න එහෙම යන්න එපා... හඳහන හදන්න ගිහාම තමා *ක ඉරෙන්නේ

    ReplyDelete
    Replies
    1. සතියේ හොඳම කමෙන්‍ටුව මී ගොඩයා!

      henryblogwalker the Dude

      Delete
    2. මී අඩේ මේ සිතු අර කතාවේ සිතූය. කුසූ අර කතාවේ කුසුය. ඒ ජෝඩුවට වුන සින් එකක් තමා මේ.

      අප්පද බොල හෙන්රියත් මැද්දෙන් පැනලා මීයාව සොරි මීගොඩයාව ෆෝම් කරනවා..

      Delete
    3. නෑ යකෝ ග්‍රහලෝකාගාරේ ඇතුලෙ මීයෝ ෆෝම් කරගන්න යන උන්ට කරුණු පහදල දෙනවා

      Delete
    4. ඈහ් අලුත් තරු රටාවක්ද 'මීයා' ?

      Delete
  4. උඹටත් සිරා අදහස් නේ එන්නේ සිරාවටම සිරා :ඩ්
    අනාගතේදී උවමනාවේවි මාත් මීටරේට දාගත්ත :ප

    ReplyDelete
  5. අනේ කළුවර තැනකට යන්න තියෙන උවමනාවක් :D

    ReplyDelete
  6. ඇත්ත බං. බොක්ස් නැතිවුනාම දුක තමා.කොහොම උනත් සිනමාව කඩාවැයෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගොඩගත්තෙ බොක්ස්වල ඉන්න එවුන් තමයි.

    ReplyDelete
    Replies
    1. එකගයි රාජ්. මෙලෝ රහක් නැති ඕනෙම ෆිල්ම් එකක් බලන්න කියලා ඇතුලට යන්නෙ උන් නොවැ. බලන අට මගුලක් නැහැ. හැමදාම එකම නිලිය සහ නළුවා. එකම ෆිල්ම් එක රගපාන්නේ. බොක්ස් එකක් ඇතුලේ. :)

      අම්මද බොල අසරණයා ගණිත සර් වෙලා ලකුනු දාලා.. හා.. හා.. ඔහොම යමුකෝ..

      Delete
  7. පික්චර් හෝල් වල බොක්ස් තියෙන්නෙ මොකටද කියලා මම කාලයක් යනකන්ම දැනගෙන හිටියේ නෑ. එක දවසක් අපි වේයන්ගොඩ ස්ටේශන් එකේ ඉන්නකොට එතන පෝස්ටර් එකක ගහලා තිබුනා මොකක්ද දෙමළ ෆිල්ම් එක්ක බොක්ස් පහසුකම් ඇත කියලා.මට වයස 16ක් විතර ඇති ඒ වෙනකොට මම අම්මගෙන් ඇහුවා මොකක්ද අම්මේ බොක්ස් පහසුකම් ඇත කියන්නේ කියලා.අපේ අම්මා ඇබරුන ඇබරිල්ල ඒක අහලා මට දැන් මතක් වෙනකොටත් හිනා.සෑමගේ මේක කියවලා මට ඒක මතක් උනා ආයෙත්

    ReplyDelete
    Replies
    1. මාත් ඕකම අපේ තාත්තගෙන් ඇහුවා.. තාත්තා නම් කිවුවෙ පුතේ ඒවා තියෙන්නෙ අලුතින් බැඳපු අයට යන්න කියලා :D

      Delete
    2. @කණියා- අලුත බැදපු ජෝඩු ගැන කිව්ව නම්, බොක්ස් ගැන නෙවේ. පෙට්ටි ගැන තමා කියල තියෙන්නේ..

      @කාව්‍යා- අම්මව සම්පුර්නයෙන් අසරන කරල..

      ජය !

      Delete
  8. හැමෝම සැමා වගේ නෙමේනෙ මේ බ්ලොග්කාරයෝ. සැමා නම් එහෙම නරක ළමයෙක් නෙමේ. පව්.....

    ReplyDelete
    Replies
    1. පව් නේද එහෙම කරන අනිත් බ්ලොග්කරුවෝ. සෑමා නම් එහෙම නැහැ. වෙද මාමාට පිං..

      Delete
  9. හික් හික්....ග්‍රහලෝකාගාරෙ වැඩ කරන එක්කෙනෙකුත් සැමාගෙ මේ ලිපිය බැලුවාලු...... :D
    (මන් නම් නෙවෙයි ඕන්......)

    ReplyDelete
    Replies
    1. අප්පද බොල එහෙමද?.. ඔපීසියේ කට්ටියට පෙන්නන්න ඇති පෝස්ටුව එහෙනම්.. :))

      ඇල්.බී පිනෑන්සුව ලගින් යනවා මම.

      ඔය කියන ගාරයට අපි නම් එන්නෙ නැහැ ඕං..

      Delete
  10. ලොවෙත් නැති අයිඩියා එකක්නේ මේක... ආයේ ඉතින් පොඩි එවුන් ග්‍රහලෝකාගාරේ ගිහිල්ලත් හමාරයි වගේ...

    ReplyDelete
    Replies
    1. අපෝ උන් කෝමත් ඔය ටික කරනවා. අම්මල, ටීචර්ලා නොදන්නව වුනාට.

      මම එකපාරක් ගිහින් පොඩි කාලේ නිදාගෙන ඉදල ආව..

      Delete
  11. ඒ වුනාට ඔය වැඩේට ග්‍රහලෝකාගාරෙ හරියන්නෙ නෑ. කළුවර විතරනෙ වෙන මොකුත් "පහසුකම්" නෑනෙ...?

    ReplyDelete
    Replies
    1. මහ පාරේ කරන එකාලට ඔයට ටිකත් ඇති සහෝ..

      දැකල ඇති නේද එලි පිට බීච් ගානෙ ඉන්න වුන්?

      Delete
  12. දැන් ඉතිං පොඩි එකෙකුත් එක්කවත් යන්න වෙන්නේ නැහැ ඕක බලන්න. තරුණ ළමයි තරු ගැන ඉගන ගන්නවා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. තරු නෙවේ බං.. ග්‍රහලෝක පෙන්නන්නේ..

      සෙනසුරුගේ වලලු.. සිකුරු තරුවේ ලප වගේ ඒවා.. :))

      Delete
  13. අඩේ ග්‍රහලෝකාගාරය ගැන කිව්ව එකත් හොදා. එවුන් උඩ බලන් ඉන්නකොට මහල ඕන මඟුලක් කරතෑකි

    මොකද්ද අප්පේ අර ඉංග්‍රීසි අකුරු තුනේ හෝල් එක ??

    ReplyDelete
    Replies
    1. නැහැ මචං.. ඉංග්‍රිරීසි අකුරු තුනේ මණ්‍ඩලේ හෝල් එකක්. අර වාහිනී නාලිකවක් කරන අයගේ..

      Delete
  14. හප්පේ සුපර් සික්ස්නම් කුජීතය එය බලනවට අපට මඩු වල්ගෙන් තැලිය යුතුය නමුත් කපල් යන්නේ ෆිල්ම් බැලිමට නොවන නිසා ෆිල්ම් හෝල් කපල් වලින්ම පිරී පවතී

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ෆිල්ම් ඕම තමා මචං.

      දෙමල ඒවා බලන එවුන් ඉන්නේ..

      Delete
  15. සැමාගේ මොලේ තමා මොලේ. කාටවත් මතක් උනේ නැනේ මෙහෙම දෙයක් .

    ReplyDelete
    Replies
    1. සියළු හිමි කම් ඇවිරිණි කියල දාන්න වෙයිද?

      Delete
  16. වීක් එන්ඩ් යන්න ග්‍රහලෝකාගාරෙට යනවානම්.... උදෙ ශෝ එකට 40ක්වත් නෑ.. විනාඩිම 40ක් තියෙනවා.... ශෝයි තැන.. අත් දුටුවයි.. සත්තයි....

    ReplyDelete
  17. අප්පේ සෑමෝ ඔතනට පොඩි ළමයි එනවා නොවෑ. එපා එපා බොල

    ReplyDelete
    Replies
    1. පොඩි එකාලා දැනටමත් එහෙම තමා බං..

      Delete
  18. ග්‍රහලෝකාගාරෙත් ඉවරයි...මූව උලතියන්න ඕන...මංකිව්වෙ සිතු..ව....!

    ReplyDelete
    Replies
    1. මාත් සපෝට්.. ඕකව උල තියමු !

      Delete
  19. මම ඉන්නේ ග්‍රහලෝකාගාරෙමයි ... අපෝ එතන විනාස කරන්න එපෝ....

    ReplyDelete
    Replies
    1. දම්මිත් ඒකෙ කිව්වේ?

      Delete
    2. මම ඒකේ නොවෙයි අරකෙනේ ...මන් කීවෙ වෙන කෙනෙක් ගැනයි....

      Delete
    3. වෙන කෙනා කිව්වේ ඔයාගෙ අරය ගැනද ? :)

      Delete
  20. අන්න පොස්ට්. අධ්‍යාපනික දැනුවත් කිරීම අතින් අති විශිෂ්ටයි.

    ReplyDelete
  21. ෂක්,බූතයා දාන එවුන්ට තමයි ඒකෙනුත් පාඩු

    ReplyDelete
  22. "බොක්ස් දෙකක්" :D 4 දෙනෙක් ගියාද ??

    ReplyDelete
    Replies
    1. මේක මම දෙවරක් හිතල දැම්මේ...

      බොක්ට් ටිකට් 2ක් කියන එක.. පෝලිමේ ඉද්දි අහල බලන්න
      "බොක්ස් දෙකක් කියල කියන්නේ"

      ස්තුති සහෝ !

      Delete
  23. හෆොයි.. පොඩි එවුන්ට දෙයක් ඉගෙනගන්නවත් තියෙන්නේ එතක විතරයි.. ඒකත් ඉවරයි වගේ දැන්..

    ReplyDelete
    Replies
    1. මේ හැම දේම ඉගෙන ගන්න එපැයි !

      Delete
  24. චැක් ... සෑමා වැඩේ කාලනේ. දැන් මෙතන ඉන්න එවුවොයි ඔය කතන්දරේ අහන එවුවොයි ඔක්කොම ග්‍රහලෝකාගාරෙට ගියාම උඩ බැලිල්ල කෙසේ වෙතත් වටේට බලාවි. මෙච්චර කාලයක් කිසි කරදරයක් නැතිව දෙයියනේ කියල තමන්ගෙ පාඩුවෙ ඒ පහසුකම භුක්ති විඳපු එවුවොන්ට දැන් වෙන තැනකට අධ්‍යාපන චාරිකාව යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අප්පද බොල මට හිතෙන්න කලින් ගිය කට්ටිය ඉන්නවද?

      දැන් ‍ෆිල්ම් මාකට් එක බැහැලා, ග්‍රහලෝක මාකට් එක නගී. රජය පුදුම වෙයි බං..

      :))

      Delete
  25. අපේ සිනමාව පාඩු ලබන්නේ හැම පිල්ම් හෝල් එකකම බොක්ස් නැති නිසා.... බොක්ස් තිබ්බ නම් ඉතිං පිල්ම් පෙන්නන උන් වගේම බලන උනුත් ගොඩ.... නිවාඩු පාඩුවෙ මගේ කාමරේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න...

    ReplyDelete
    Replies
    1. රාජ් කිව්ව කතාව තමා උබේ කමෙන්ටුවෙන් ඔප්පු වෙන්නේ..

      ජය සහෝ. ස්තුති මෙහෙ ආවට. කාමර වලට කතා කරන්න ලැජ්ජ නැද්ද බං...

      Delete
  26. අපේ සිනමාව පාඩු ලබන්නේ හැම පිල්ම් හෝල් එකකම බොක්ස් නැති නිසා.... බොක්ස් තිබ්බ නම් ඉතිං පිල්ම් පෙන්නන උන් වගේම බලන උනුත් ගොඩ.... නිවාඩු පාඩුවෙ මගේ කාමරේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න...

    ReplyDelete
  27. // සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය. //

    හිකිස්ය... එතකොට මේ මොනවාද ?

    පවු අසරණ සිතූ.. සෑමා කරන සෑම නසරානි වැඩකටම ඌට කර ගහන්ඩ වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. අඩෝ සෙන්නා.. මේක උන් දෙන්නගේ කතාවක් බං.. :ඩී

      සිත් රූ ඒ මදිවට සෙන්නට ලකුනුත් දාලා.. අහුවෙයල්ලා..

      Delete
  28. හික්ස්ස්.. හයියෝ..සැමා අයියේ.. ඒ ගමන ග්‍රහලෝකාගාරෙත් විනාස්‍ස කරන්න ද කට්ටියට උල්පන්දම් දෙන්නේ?? :p

    ReplyDelete
    Replies
    1. මුන් ගියොත් විනාසයි තමා. අපි නම් ඔද ලමයි නේ..

      ඔයා ගිහින් තියෙනවද ග්‍රහලෝකාගාරේ.. මට යන්න කෙනෙක් නැතුව කල්පනා කරල පෝස්ටුව දැම්මේ...

      Delete
  29. මම මේ සෑම් අයියගේ මේ ටයිප් එක කතාවක් කියෙව්වමායි.... පාට මැක්සා ලයින් කිරිල්ල ඈ.. සිරාවටම ග්‍රහලෝකාගාරෙත් ප්‍රයෝජනවත් වෙනවනේ අප්පා. ඇයි අප්පා තව තව තැන් තියෙන්නේ ඕනේ තරම්, හෝම්මන් මන්දිර වගේ එව්වා.

    අර පොස්ට් එක අන්තිමට දාපු අසික්කිත වැඩේ මමත් ඇස් පනා පිටම සමහරු කරනවා දැකල තියනවා අයියේ ගුගල් දෙයිය පල්ලා.

    ReplyDelete
    Replies
    1. මේ ටයිප් කතාවක් වෙන කොහෙන් බලන්නද බං, මටත් මෙහෙම එකක් හිතුනාමයි. හිතුන කියන්නේ කටට ඇවිත් එක පාරට කියපු එකක් මේක.. :)

      හොම්මං මන්දිර වෙසක් එකට විතරනේ. අනික හොල්මං වලට පේනවා.

      උ‍බේ ඇස් පනාපිට කවුද බං ඒ අසික්කිත වැඩේ කලේ... තියන්න වටින්නෙ නැහැ උන්ව..

      ජය!

      Delete
  30. සමහර අය තමන්ගේ අත්දැකීම අනිත් අයගේ පිටින් දාන ඒවා නම් හෙන අසික්කිතයි තමා.බොලාත් සිතූ කුසුට ඒ දේම කරා ඈ

    ReplyDelete
    Replies
    1. බොලා කවුද බං? කියපං උගේ ‍බ්ලොග් එක මොකක්ද? මම පියවරක් ගන්නවා.. කැත වැඩ ඕවා..

      Delete
  31. ඒකට් ඊලයි........හයියූ යෙන්..........

    ReplyDelete
    Replies
    1. බබා ග්‍රාලෝකාගාලේ බල්ලා ලෑලේ.. යමු බලල්ල.. :පි

      Delete
  32. ඉවරයි ඉවරයි දැන් ඉතින් එතනත් ඉවරයි .....

    ReplyDelete
    Replies
    1. උබල දැන් එතන පිරුනම ඉවරයි නේන්නම්..

      Delete
  33. ශා ඒකියන්නෙ ග්‍රාලෝකාගාරයෙ උඩබලන් ඉන්නවට අමතරව දැන් බිමත් බලාගෙන ඉන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. බිම නෙවේ බොල.. වටපිට බලපං..

      Delete
  34. Replies
    1. ඇයි අහෝ ? යන්න කෙනෙක් නැද්ද ?

      Delete
  35. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියනවනෙව. කවුරු කවුරුත් සෑමව ආදර්ශයට ගනීවත්ද..?එහෙම උනොත් නම්... අනේ මංදා..හික්..
    ජය.... !

    ReplyDelete
    Replies
    1. සෑමව නෙවේ බං.. සිතූ - කුසූව..

      හිතුව නේද මම අහුවෙයි කියලා. මේක උන්ගේ කතාවක්.

      ජය !

      Delete
  36. මොනාද ඔය බොක්ස් කියන්නෙ?ඉතින් හෝල් ඇතුලෙ සීට් නැතුව බොක්ස්ම හැදුවා නම් ඉවරනෙ?

    ReplyDelete
    Replies
    1. බොක්ස් කියන්නේ පෙට්ටියක් වගේ බොක්ස් එකකට.

      Delete
    2. උඩ ඉදුනිල් දීලා තියෙන ලින්ක් එකෙන් බලාගන්න, ඒක බොක්ස් සිද්දීයක් ගැන කියවෙන කෙටි නාට්‍යයක්.

      Delete
    3. කිරිල්ලි දන්නේ කූඩු ගැන මිසක් බොක්ස් ගැන නෙවේනෙ. කුකුල් පැටව්, වගේ එවුන් දන්නවා බොක්ස්. ‍මොකද උන්ව දාල ගේන්නේ හිල් හදපු පෙට්ටි වල.

      අසරණයාගේ අර්ථකතනය සිරා. ඒත් මචං පෙට්ටි වගේ බොක්ස් රවුම් කරල හදපුව නැද්ද?

      සුමිත් අයියා ඒක සිරා නාට්‍යය නේද බොල.

      Delete
    4. තියේ තියේ.. නුවරඑළියේ නම් තියේ.(දැන් තියේද නොදනිමි.) රවුමට හදලා හරියට උඩුකුරුඥ්ඥ ගහපු බෝක්කුවක් වගේ.. ඒවාට මුන් කියන්නේ බොක්ස්.

      Delete
    5. හිකිස්.. රවුම් බොක්ස්..

      Delete
  37. ඔයා ඉතින් ග්‍රහලෝකාගාරෙට ගියාද? එතන ඉඳන් කතාවත් කියලා දාන්ට. :D

    ReplyDelete
    Replies
    1. චික් විතරක්. මේක සිතු කුසුගෙන් තමා අහන්න ඕනේ.

      ඒ හරිය කොටු, කොටු දැම්මලු ලමයි ඉන්න නිසා.

      Delete
  38. දැන් ඉතින් මේක කියවපු අය ග්‍රහලෝකාගාරේට ගියාම උඩ බැලිල්ල තියලා වට පිටම බල බල ඉඳියි..

    ReplyDelete
    Replies
    1. නැහැ ‍ජෝඩුවක් එකට ගියාම වට පිට බැලලි නැහැනේ. එතකොට ඉන්න තැනත් අමතකයි.

      Delete
  39. උඹ නිර්මාණාත්මක් හැකියාව වර්ධනය කරගන්න මොකුත් විශේෂ ව්‍යායාම, කෑම වට්ටෝරු හෙම පාවිච්චි කරනවද මේ දවස්වල සෑමා? එහෙම නැත්නම් තහනම් උත්තේජක...?
    සුපිරියි! ඒ කිව්වෙ උඹ කරන්න යන වැඩේ නෙවෙයි. පෝස්ට් එක ඈ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කෑම වට්ටෝරුවක් තියෙනවා නිර්මාණශීලි වෙන,

      මොසපොටේමියානු හිපපොටේමස් කෙනෙක් කන්න ඕනේ අත්දුටුයි. මම කරල බැලුව. ඉතිරු වුන අං දෙකක් තියෙනවා එවන්නද ? :))

      ස්තුති හෙන්රියා. ජය !

      Delete
  40. ලංකාවේ මිනිස්සු තාම යනවද බං ග්‍රහලෝකාගාරෙ බලන්න :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං. ඒව කවදාවත් අප්ඩේට් වෙන්නෙ නැති නිසා තමා එහෙම වෙන්නේ.

      Delete
  41. මම හෝල් එකක චිත්‍රපටයක් බැලුවෙ වසර කීපයකට උඩදි. මට හිතෙන්නෙ" බොක්ස්" නියමිත මිලට වඩා රහසින් අලෙවි වෙනවා. ඒවුණත් නැත්තටම මොකවත් නැත්නම් ග්‍රහලෝකාගාරයත් නරකම නෑ. මොකද සියල්ලො උඩ බලා සිටින නිසා.

    රස කතාව රසවත්.

    ReplyDelete
    Replies
    1. ස්තුති.

      මම හිතන්නේ රහසින් අලෙවි වෙනවට වැඩිය බොහොමයක් අන්තර්ජාලය මගින් අලෙවි වෙනවා. මම ඔය කියපු ඊ.ඒ.පී මණ්ඩලේ ඒවා. ඒ වගේම දැන් ‍ඩයලොග් එකෙන් පුලුවං කෝල් කරල බුක් කරන්න.

      ජය !

      Delete
  42. මීට පස්සේ සෑමා සොරි සොරි කසූ සහ සිතූ ග්‍රහලෝකාගාරයේ සිකුරුට්ටන් විසින් හොඳ හැටි සලකා එළියට ඇද දමන දර්ශනයක් බලා ගැනීමට කොළඹ විවි යේ අයට හිමිවන බව සිකුරුය...!!

    ReplyDelete
    Replies
    1. සිකුරුය කිව්වේ මේ ලගදි අපිට ලගින් ගිය එක්කෙනා නේද ?

      Delete
  43. ඇත්තටම මොකටද බන් හෝල් වල බොක්ස් තියෙන්නෙ ???

    ReplyDelete
    Replies
    1. 1 hole - හිල
      2 whole - සියල්ල
      3 hall - ශාලාව

      කොයි හෝල්ද? ගොඩක් බොක්ස් වල පලමු හෝල් එක තියෙනවා තමා හැබැයි.

      Delete
  44. මදෑ මම බොක්ස් එකේ සීන් බලන්න ආවා...
    නෙදකින්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මූ නම් රජ වලා... :)


      රාජ සප්පත් ලැබේවා !

      Delete
  45. හෙහ්... ඒ කියන්නේ මේක උඹටම උන වැඩක්... එහෙනම් හොදට තිබ්බ ග්‍රහලෝකාගාරෙත් විනාස කරයි මේ සෑමා..

    ReplyDelete
    Replies
    1. මට ? කව්ද කියන්නේ. මේක සිතු කුසු කතාවක් බං..

      :)

      Delete
  46. වෙන කෙනෙකුට නම් නොකියමි...
    සෑමාට සිදුවී ඇති අපහසුතාව නිසාම කියමි. ඔතරං බොක්ස් හොයනවා නම් වැඩි පහසුකම් නැති උනත් "රිකී" හෝල් එක වටී. සුපර් බොක්ස් කියා එකක්ද ඇත. වටෙන්ම කවර්ය.
    එතන මදිනම් තවත් දුක කියා පොස්ටුවක් දමන්න. මොකක් හරි කරමුකො.
    (දෙන්නම කැමති නම් හොටෙල් රූම් එකකට ගියොත් නරකද අප්පා,,,,)

    ReplyDelete
    Replies
    1. අපොයි රූම් හොද නැත්තේමය. බැන්දට පසු කරන්නට දෙයක් ඉතුරු කර ගත යුතු බැවි සිතු කුසුගේ අදහසය. නැත්තම් යුග දිවිය කලින්ම එපා වෙනවාය.

      එතෙක් ගොඩ වෙදකම් ප්‍රමාණවත්ය. :)

      ජය !

      Delete
  47. කොල්ඹ කැම්පස් එක ඇතුලෙ තියන ග්‍රහලෝකාගාරේ නම් කෙල්ලෝ කොල්ලෝ වෙන වෙනම් පැති දෙකක ඉන්න තියෙන්නේ.ඒ නිසා මේක හරියන වැඩක් නෙමේය.ලංකාවේ වෙන ග්‍රහ ලෝකාගාරද නැත.අනිත් එක මෙහෙම කරන්න පුලුවන් නම් කැම්පස් එකේ ඉන්න හොඳ ලමයි වෙන කාටහරි එන්න ඉඩතියාවිද? මං අහන්නෙ අද්‍යාපන චාරිකාවක් වත්.

    ReplyDelete
    Replies
    1. //කොල්ඹ කැම්පස් එක ඇතුලෙ තියන ග්‍රහලෝකාගාරේ//

      ඒක ඇතුලේද වෙනමද තියෙන්නේ ?

      Delete
  48. බොක්ස් කිව්වම අපේ එකෙක් කිව්ව කතාවක් මතක් උනා පොර කටට එන එව්වා ඔහේ කියල දාන විදිහේ එකෙක්...ඔන්න මම බැඳපු අලුතම වගේ අපේ බැචාලා සෙට් එක ෆිල්ම් එකක් බලන්න සෙට් උනා මගේ මහගෙත් එකම බැච් එකෙ නිසා එයත් එතන
    ෆිල්ම් එකට යන්න කලින් බැල්කනිද ඔඩිසිද කියල කට්ටිය කතාවෙන අස්සේ අරූ මගේන් අහපි

    " මචො උබල එතකොට බොක්ස් ටිකට්ද ගන්නේ කියලා..."

    එතකොටම අපේ උන්දැ කියපි

    " ෆිල්ම් හොල් එකෙ බොක්ස් මොකටද අපිට ගෙදර ලොකු කාමරයක්ම තියෙනව කියල "

    එතන එකම සීනා සාගරයක් උනා හිකිස්

    ReplyDelete
    Replies
    1. නියම උත්තරේ බං. උබටත් ඉන්නේ ගැලපෙන පවුලක්. හිනා යනවා බං..

      ජය !

      Delete
  49. පොටෝ එකේ වගේ ඔය බොක්ස් වල ඇතුලෙ ලයිට් එකක් තියනවනම් සිතුලට කුසුලට කොයිතරම් පහසුවක්ද. ;)

    ග්‍රහලෝකාගාරයට පොඩි අය යන එන තැනක් නිසා සිතූගේ අදහස නරකය.

    ReplyDelete
  50. ග්‍රහලෝකාගාරෙ තමයි හරිම පොට් එක.

    ReplyDelete
  51. ලකියා නම් බොක්ස් වලට වත් ග්‍රහලෝකාගාරයට වත් ගිහින් නැත.සෑමාගේ ඉහත ‍පෝස්ටුව කියවිමෙන් පසු බොක්ස් වලට කෙෙස් වෙතත් ග්‍රහලෝකාගාරයට යාමට සිතා ගතිමි.

    ReplyDelete
    Replies
    1. පොඩි කා‍ලෙවත් ගියෙ නැද්ද?

      ජය !

      Delete
    2. පොඩි කා‍ලෙවත් ගියෙ නැද්ද කියලා අහන්නෙ?මම තාමත් පොඩිනෙ හ...

      Delete
    3. ඇහ්.. දැන්ම පලයං කොලුවෝ. ලොකු වෙන්න කලින් !

      Delete
  52. සෑමත් අධ්‍යාපන චාරිකා ගිහිං වගේ...
    හික්ස්

    ReplyDelete
    Replies
    1. අද්දියාපන ඒවා අවුලක් නැහැනේ.. ඉස්කෝලෙ කාලෙත් ගියේ. ගිහින් මොනාද බොලා ගත්ත අද්දියා‍පනේ..?

      Delete
  53. හොඳ අදහසක් සෑමෝ... ඒත් බං අපිට යන්ට දෙයිද...

    ReplyDelete
  54. මේක වරදවා වටහා ගැනීමක්. සැමා මේකෙ නරක මොකුත් කියලා නෑ.
    මේකෙ ඉන්න සිතූ කුසූ දෙන්නම කොල්ලො. ඔයාල හිතනව වගේ කපල් එකක් නෙමේ.

    නැත්නම් මොකද මෙච්චර ව්‍යාකරණ දන්න සැමා "සිතූ පැහැදිලි කළේය", "කුසූ මැද්දට පැන්නේය" කියලා ලියලා තියෙන්නෙ.

    //"ඇයි බබා අපි ෆිල්ම් බලල තියෙනවා, බීචි ගිහින් තියෙනවා, එතකොට අරහෙ මෙහෙ ගිහින් ලන්ච් අරන් තියෙනනවා...ඒ විනෝද චාරිකා." සිතු පැහැදිලි කලේය.

    "එතකොට වන්දනා ගමන් කි‍ව්වේ පන්සල්, පල්ලි ගිය ඒවා ???" කුසු තම දැනුම පෙන්වීමට මැද්දෙන් පැන්නේය.//

    මේ කපල් එකක් නම් "සිතූ පැන්නාය", "කුසූ කළේය" කියලනෙ සැමා ලියන්නෙ.

    ඒකවත් තේරෙන්නෙ නෑ, වැදගත් කතාවක් කිවුවම ඒකත් බලන්නෙ වැරදි කෝණෙකින්

    ReplyDelete
    Replies
    1. මගුලයි සෑමා ගේ ව්‍යාකරන වැරදීම් වලට සිදු ගෙන් නියම අර්ථ කථනයක්. :)

      හදන්නෙ නැතිව තියමු නේද? එතකොට මේක වෙනම සීන් එකක් වෙයි.. :-o

      ජය සිදු !

      Delete
    2. අපොයි ගේ කුරුල්ලො දෙන්නෙක්ද කොහෙද.... ඔන්න සැමෝ මමනම් උබ ඉන්න පැත්තක ඉන්නේ නෑ

      Delete
  55. සුපිරිම අයිඩියාවක්නේ බොලේ.... ඒක නෙමේ දැන් ඉතින් ග්‍රහලෝකාගාරේ පාලකයින්ට කරන්න වැඩ ගොඩායි.....

    මුලින්ම සැමාගේ පින්තූරයක් ප්‍රින්ට් කොරගන්න ඕනේ.... ඇතුල්වෙන තැනින් බලන්න ඕනේ මේකා කොයිවෙලේද රිංගන්නේ එන්නේ කියලා.....

    සිතු කුසු ආයෙත් මතක් කරගත් මම පව්ය....

    ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක දැක්ක පට්ට ආතල් සිද්ධියක් මතක් වුනා....

    පෝලිමේ මැදක් වෙන්න දෙන්නෙක් හිටියලු.ඒ දෙන්නට පිටිපස්සෙන් මංතුමා හිටියලු.ටිකට් කවුන්ටරේ ගාවට ඩිංග ඩිංග කිට්ටු කරනකොට ඉස්සෙල්ලා කියපු දෙන්නගෙන් කෙල්ල කොල්ලගේ අතින් අදිනවා දුවන්න හදනවා කොල්ලා ආයෙ ඇදලා ගන්නවා මාර ඇක්ෂන්.. වැටක් වගේ ගහලා නොතිබ්බනම් මුන් දෙන්නා එතන ඩාන්ස් කරනවා තව ඩිංගෙන්.... තව චුට්ටක් කවුන්ටරේට ලංවෙද්දි කොල්ලා කෙල්ලගේ අත හොඳට මිරිකගන්නවත් මම බලාගෙන...ඊට පස්සේ මොනාදෝ කෙල්ලට රහසින් කිව්වා කෙල්ල කොල්ලගේ අත අල්ලන් උඩ පනින්න වගේ ලෑස්තිය.කොල්ලා නෙමෙයි අත අතෑරියේ...

    මේං අරූ කවුන්ටරේට ගිහිං බොක්ස් කියනකොට කෙල්ල පණ කඩාගෙන දුවන්න තියාගත්තේ නැතැයි.... කොල්ලත් අන්තිමේ දීපු සල්ලි ආයෙම අරගෙන ගියා කෙල්ල පස්සෙන්... මම හිමීට කෙල්ලගෙන් ඇහුවා "මාත් බොක්ස් ගන්නද අපරාදෙනේ අරගොල්ලෝ ගන්න ගිය එක ඉතුරුයිනේ කියලා" මේං එයත් දුවන්න ලෑස්තිය... අරුන් එන පාටක් නැති නිසා ඊළඟට ගිහින් ඕඩියන්ස් ගත්තා.... රුපියල් 100ක් පමණයි දෙන්නටම 200යි....මල් වත්තට ගියොත් දෙන්නට 100යි.

    හැබැයි ඉතින් එකම එක සිද්ධියක් පැහැදිලියි.... මේ කතාවේ සිතු කුසු වෙන කවුරුවත් නොව සැමා සහ වෙන්ඩ බාරිමයිය.... සාධක සහිතයි මෙන්න මෙතන බලන්ඩෝ

    සැමෝ දැන් දීපල්ලකෝ උත්තර

    ReplyDelete
    Replies
    1. අප්පද බොල අරකිව බලෙන් ගෙනියන්න හදල නොවැ.. ගැමියා වෙන එවුන්ට වුනා කියලා අත්දැකීමක් දාලද මන්දා..

      අඩේ මේක සෑමාව විනාස කරන්න ලෑස්ති කරපු ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්. එතන දැම්මෙ මට වුණ ඇත්ත සිද්දිය. මේක එහෙම් පිටින්ම සිතු සහ කුසුට වෙච්ච සීන් එකක්. එදා සෑමා ගියේ අපේ කොල්ලෝ සෙට් එකත් සමග. අපේ එකෙක්ට වෙන වුවමනාවක් වෙලා රිංගුවා බාර් එකකට. අපිට විතරක් ඉන්න බැරි නිසා අපිත් ගියා සුපිරි සික්ස් බලන්න බාර් එකට..

      ""ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියල කියමනක් තියෙනවා. එහෙම කියල මිත්‍රවරුනි මම බිම ඉදගන්නවද??? නැහැ.."" මේක සුපර් සික්ස් එකේ මන්ත්‍රි ඇන්ටන් ජූඩ් මහතාගෙ දෙබසක්. ගැමියට මතක ඇති.. :ඩී

      :)

      Delete
    2. සැමා තරහා වෙයිද මන්දා.....:D

      මේ කතාව දැක්ක වෙලේ ඉඳන්ම මට හිතුනේ ඕක දාන්නමයි... කවුදැයි මේ සිද්ධි දන්නේ... සැමා හොඳ එකා අර කවි ලියන සැමා තවා සේරම කොරන්නේ

      Delete
    3. බලපන් උබ හින්ද බොරුත් කියන්න වෙනවා.. :පී

      Delete
  56. කුසූ සහ සිතූ ආදර අන්දරය - Season 2 ද?????

    ReplyDelete
    Replies
    1. Season 2 කට්ටිය එපා කිව්වනේ..

      Delete
  57. ඕක සෑමා ට උන වැඩක්ලු.. බොරුවට අර සිතු ව අල්ලලා ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං කතන්දර හදනවා..

      Delete
  58. ශුවර් මේක වෙලා තියෙන්නෙ සෑමට තමා.....

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි.. සිතු කුසු සීන් එකක් මේක..

      Delete
  59. දැන් එහෙනම් වෙන වෙන ග්‍රහලෝක පේනවා ඇති

    ReplyDelete
  60. //සමහර බ්ලොග්කරුවෝ තම අත්දැකීම් හෝ තමාට සිදුවු සිදුවීම් වෙනත් අයගේ පිටින් දමා ලියන අවස්ථා සෑමා අනන්තවත් දැක ඇත්තේය. ඒවා අසික්කිත වැඩය.//

    මටත් කියන්න තියෙන්නේ ඔච්චරයි සෑමෝ !!! පවු අසරණ සිතුවා... මේ බ්ලොග් පෝස්ට් එකක් නිසා උන්දැට දැන පීනසේ හැදිලා ඇති බනින බැනිල්ලට !!! :P

    ReplyDelete
    Replies
    1. ඕක කරන ඒවට බැනුම් අහල මදි මචං..

      Delete
  61. අය ග්‍රහලෝකාගාරෙට ගියාම උඩ බලන්නේ නැතිව වට පිට බලන්න ඕනේ :P
    ජය!!!

    ReplyDelete
  62. ග්‍රහලෝකාගාරෙට ගිහාම වටපිට පොඩ්ඩක් බලන්න ඕනා.. ඔය අනිත් තැනටනම් අපි යන් නෑහැනේ

    ReplyDelete
  63. වෙසක් කාලෙට නම් භූත ගුහාවත් හොඳයි :P

    ReplyDelete
  64. නිර්විළිකිතයි, අනිච්චානුගයි...

    ඒවගේම පස්ටයි සෑමෝ....

    ReplyDelete
  65. අපරාදෙ..එදා ග්‍රහලෝකාගාරෙ ගිය වෙලාවෙ මං මොකාද වගේ උඩ බලාගෙන හිටියෙ.. 0:)
    මේක ටිකක් කළින් දැම්මනං මොකද සෑමෝ ;)

    ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...