Tuesday, April 24, 2012

එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත...





පුංචි සුරතේ - ඇගිලිතුඩකින්
ඔබා ගෙන හිද පුරුකෙ තරමක්
ඈත් කරමින් පෙට්ටියක දොර
දැනුනි ඇතුලට බරක් මහමෙර

*
*
*
කඩා ගත් පසු බාධකය මුල්
පොදුයි සැමටම විදින්නට පිං
ඉහල පහලට කරයි සැනෙකින්
පාවෙනා සුර ලොවක දසුනින්
*
*
*

පරණ වූ කල කිරි කිරිය දෙයි
ලිහිසි දියරක් දාන්නට වෙයි
මුලදි දැනෙනා සුවය මැකිලා
යාවි කිසියම් දිනෙක දිරලා
*
*
*

විටෙක දෙදෙනෙක් තනිව හිදලා
ලද සැනින් සුව ගනී විදලා
තොල් සගල තොල් සගලෙ සගවා
විදී පෙම් සුව රහසෙ සගවා
*
*
*

එකෙක් ඇරලා බලන් හිදලා
තවත් අය විත් බලයි රිංගා
පැද්දී පැද්දී නොයන හින්දා
කෙලින් ඉහලට පහල යන්නා
එයත් සැපකී සිතින් සිතනා
*
*
*
හදිසියේ සිරවුනොත් ඇතුලේ
ලොවට රහසේ ඉන්ට සිදුවේ
එහෙත් දිවියට ආස හින්දා
සද්දෙ එන්නට ඔබන්නට වේ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
**
*
*
*
**
*
*
*
*

ලිෆ්ට් එකේ හිර වුනොත් ලැජ්ජ නැතිව, සද්දෙ එන්ට, බෙල් එක ගහන්ට..

පලි - දින තිස් පහකට පසු සෑමාගෙන් කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක්. කලින් ඒවා ප්‍රසිද්ධියේ වෙන්දේසි වූ නිසාත්, අපේ එකාලා රැවටෙන්නේ නැතිව අග ඉදන් මුලට බැලූ නිසාත්, සෑමාට කැත හිත්වලට ලස්සන කවි ලිවීම එපා වී තිබිණ. "කරන්නට දෙයක් නැත. බොලාලා ඕනෙ එකක් කරගත්දෙන්" කියා සෑමා නැවත ලියන්නට විය.

පෙර දී කැත හිත්වලට ලියූ කවි.. 
(සියල්ලම වාගේ ප්‍රසිද්ධියේ වෙන්දේසි විය..උස්සනවා නම් ලින්කුවක් සමගම උස්සන්න)






94 comments:

  1. උඹ එදා මට කියලා ගිය විදිහට ලියන එකක් නැති වෙයිද කියල මම කල්පනා කර කර හිටියේ.. හොද වෙලාවට උබ ආයෙම ලියලා.. එල එල.. ඔන්න මම මුල ඉදන් අගට කියෙවුවේ... :)

    ReplyDelete
    Replies
    1. හිකස්.. එදා තමා එදා.. මම උබේ සීන් එකට හොදටම ඇන්දා..

      විහිලුවක් බං කොලේ.. එහෙම නොලියා ඉන්නවද ? නොලිව්වොත් කැත හිත් පව්නේ..

      ජයෙන් ජය !

      Delete
  2. හි හි..
    අපිනං කෘතුහලෙං කියෝනවා ඈ..

    ReplyDelete
    Replies
    1. කුචු-අලේ වේ නම් එල ආ..

      ජයෙන් ජය !

      Delete
  3. සෑමා තමාගේ ප්‍රේක්ෂක ජනතාවට කැත හිත් ඇතිඋන් යයි හංවඩු ගැසුවත් මේ කවිය නියමෙට ලියාඇතිබව නම් කිව යුතුය. "තොල් සඟල තොල් සඟලෙ සඟවා..."

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුති ඩියුඩ්.. කැත හිත් නැහැ අපේ එකාලගේ.. තියෙන්නේ ලස්සන නැහැදිච්ච හිත්.. :)

      ජයෙන් ජය !

      Delete
  4. මුලින්ම හිතුනෙ මුද්දක් ගැන කියනවද කියල... මැදදි තේරෙන්නෙ නැතුව ගියා... අන්තිමට කලින් සෙට් එකේ පද හතරෙන් මීටර් වුනා...

    මේකනම් තේරුම්ගන්න අමාරු වුනා සෑමො... මැදදි හිතුවෙ මූ මේ පාර කුණුහරපයක්ම ලියලද කියල :)

    ReplyDelete
    Replies
    1. මුද්දක් ගැන මුලින් හිතෙන එක සාධාරණයි.. :)

      වෙලාවකට හිතෙනව කුණු හබ්බයක්ම ඇදල දාන්න.. එතකොට කස්ටිය මඤ්ඤං වෙයි නොවැ..

      ජයෙන් ජය !

      Delete
  5. මට නං අන්තිම රූපෙ බලනකං තේරුනේ නෑ බං සැමා අයියේ....
    සිරා ඈ... :-)

    ReplyDelete
    Replies
    1. අන්තිම වෙනකල් තේරුනේ නැත්තං සෑමා ලෙසටම ලියලා.. හිකිස්.. ඒක තමා මටත් ‍ඕනේ..

      ස්තුති !

      ජයෙන් ජය !

      Delete
  6. සෑමගෙ ඔය පෝස්ට් නම් ඇස්ටි හැලෙන්න ඊමේල් වල එහා මෙහා යනකොට මගෙ ඉන්බොx එකටත් වැටුනා..

    කියන්න කණගාටුයි බං උඹේ නිර්මාණයක් කියලා ගෑවිලාවත් තිබුනෙ නෑ.. මම ඉතින් එවපු සමහර උන්ට ලින්ක් එක යැව්වා..

    මේකත් හොඳ නිර්මාණයක්..

    ලිෆ්ට් එක ඇතුලෙදි කරන්ට් එක ගියොත් හරි මගදි හිර වුනොත් හරි මොකද කරන්නෙ? මම දන්න සමහර උන් ඉන්නවා හිරවෙයි කියලම ලිෆ්ට්වල නොයන..

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ ලින්කුව යැව්වට..

      අප්පේ හිරවෙයි කියල බයේ මුකුත් නොකර ඉන්න එක අපරාදේ නේද ?

      ජයෙන් ජය !

      Delete
    2. නෙදකින් උඹෙ වල්හිත මම කිව්වෙ අහවල් දෙයක් නෙමේ. ඇත්තම ලිෆ්ටෙක ගැන..

      Delete
    3. :))

      මාත් කිව්වේ ඒක ගැන තමා..

      Delete
  7. ආහා! මං නං හිතුවා ලිෆ්ට් එක කියලා! සිරා ලිවිල්ල!

    ReplyDelete
    Replies
    1. කලින්ම හිතුන නම් සිරා අහ්.. !!

      ජයෙන් ජය !

      Delete
  8. අනේ මංදා සෑමෝ දැං උබ ඔය ෆොටෝව මුලින් දැම්මොත් හොදයි වගේ මොකද හැමෝම කියවන්නේ දැං ඕක යට ඉදං උඩට....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කලිනුත් හිතුවේ..

      මොනා කරන්නද අපේ එකාල තම තමන්ගේ හිත් ගැන දන්න නිසා අග ඉදන් බලන්නේ.. :))

      ජයෙන් ජය !

      Delete
  9. මට කිසි දෙයක් හිතුනේ නැහැ.ඒත් මොනවා හරි කුපාඩි කතාවක් කියල දන්නවා. පින්තුරේ බලනකම්ම හිතාගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. අනේ.. කුපාඩි කතා නැහැ බොලව්.. මේක ලිෆ්ට් එකක් ගැන නොවැ..

      ""ස්තුති අසාර්""

      ජයෙන් ජය !

      Delete
  10. මීටරේ අවුල් නිසා මටත් මුකුත්ම හිතාගන්න බැරි වුනා පින්තූරෙ දකිනකම්.....දිගටම ලියපං බං සෑම් අයියෙ....බං කිව්වට තරහක් නෑනෙ.....

    ReplyDelete
    Replies
    1. තාම මීටරේ අවුල්ද ?

      අහවල් එකකටද බොල බං කිව්වම තලා වෙන්නේ..

      ජයෙන් ජය !

      Delete
  11. පට්ටයි සෑමෝ.. මමත් මුලින් හිතුවෙ වෙන දෙයක් (කැත දෙයක් නෙමෙයි හො‍ඳේ).. කීයටවත් ලිෆ්ට් එකක් වෙයි කියල හිතුවෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මුලින් හිතුවේ අහවල් එකක් ගැනද මචං.. :)

      ජයෙන් ජය !

      Delete
  12. හිකියොස්....මම නං හිරවුනොත් ලැජ්ජ නැතුව ගහනවා......බෙල් එක..

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. එහෙම තමා කරන්න ඕනේ..

      ජයෙන් ජය !

      Delete
  13. මමත් අදනම් අවුල් වුනා....දොරක් කියලයි මුලින් හිතුවෙ....

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා අද නම් අවුල් වුනා කියන්නේ වෙනද අවුල් වෙන්නෙ නැහැ වගේ.. හිකිස්..

      දොර කියල හිතුවත් හරි නොවැ.. ලිෆ්ට් එකේ දොර.. :)


      ජයෙන් ජය !

      Delete
  14. මං නම් දැන ගත්තා මේ ලියලා තියෙන්නෙ මං හිතපු දේ නෙවේමයි කියලා :D :D

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දෙපාරක් කියෙව්වොත් තමා තේරෙන්නේ.. :පී

      ජයෙන් ජය බනියෝ !

      Delete
    2. ඇත්ත ඇත්ත :P

      Delete
  15. අසභ්‍ය අන්තර්ගතයක් තියෙනව කියලා මම කියවන්නෙ නැතුව ඉන්න හැදුවෙ ;)

    ReplyDelete
    Replies
    1. කුබු ගේ හිතේ අන්තර්ගතය අප්සට් වගේ.. :))

      ජයෙන් ජය සහෝ !

      Delete
  16. මමනම් කියෙව්වේ නැහැ. අපිව නරක් කරනෝ මේ සෑමා :/

    ReplyDelete
    Replies
    1. හලි මගුලයි.. නරක් කරන්නම කස්ටිය.. !!

      Delete
  17. මූ ඇගිලි ගහන තැන් :D

    ReplyDelete
    Replies
    1. මම ?? චී.. අපෝ...නැහැ..

      ජයෙන් ජය !

      Delete
  18. කියෝගෙන යද්දි අතරමං වුනානේ මම හිතුවෙම මේ සැරේ සිරාවටම සීන් එක අමුවෙං දානවා ඇති කියලා බැලින්නං හිත හොඳටෝම කැතයි... හිතේ මිම්ම මැනගන්න මරු සැමයියේ කොහොම දැම්මත් අග ඉඳන් මුලට කියවන්න හිතෙන්නැ කැතට හිතන්නමයි හිතට ඕනේ මරු ඈ...

    ReplyDelete
    Replies
    1. අමුවෙන් දාන්න තමා හිතුවේ.. ඒත් ලැජ්ජයි බොලං..

      අවංකව උඩ ඉදන් බැලුවට තුති. :))

      ජයෙන් ජය !

      Delete
  19. කොළඹ කැම්පස් එකේ UCSC ලිෆ්ට් එකේ යද්දි වෙච්චි රසවත් සිදුවීම් දෙක තුනක්ම තියෙනවා...

    කෙල්ලො හතර දෙනකුයි මන්ඩිපාලයි මායි ලිෆ්ට් එකට ගොඩවෙලා විනාඩි 10ක් විතර බලාගෙන ඉන්නවා තට්ටු තුනක් පහලට යන්න...බැරිම තැන මම මන්ඩියගෙන් ඇහුවා

    "අද ලිෆ්ට් එක සෑහෙන්න හිමිංනේ බං යන්නේ හිරවෙයිද මන්දා"

    "එහෙම අවුලක් නෑ බං මේ යන්නේ"

    තවත් විනාඩියක් විතර ගියාට පස්සෙයි දැක්කේ අර ගෑණු පරාණ ටික පහලට යන්න බට්න් එකක් ඔබලා නෑ කියලා... ලිෆ්ට් එක පහලට ආපු ගමන් මුං පෙරලගෙන දිව්වේ අපි කියපු ඒවට... සිකුරිටි අංකල් මොනා හිතුවද මන්දා...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ඔබන කන් හිටියේ ඒක උඹලට කරන්න බැරිද ......?

      Delete
    2. ඉතිං හත්දෙයියනේ අපි දන්නවැ උන් ඔබලද නැද්ද කියලා අපි බටන් දිහා බලන්න ගියේ නෑ අපි ලිෆ්ට් එකට ගොඩවුනේ දුවගෙන දුවගෙන ඇවිල්ලා එතකොටත් උන් හිකි හිකි ගගා ඒක අස්සේ හිටියේ

      Delete
    3. ඈ බොල ගැමියො, ඉතින් තොපි දන්නැද්ද කෙල්ලො ඔබන්නැති විත්තිය. :-)

      Delete
    4. ගැමියගේ ස්ටෝරියට තනියම හිනා ගියා ගැමි මලයෝ..

      @හර්ෂනගේ කමෙන්ටුව ඊ‍ට දෙවෙනි නැහැ :))

      සෙන්නා බොලාගෙ කමෙන්ටුව පට්ටම පට්ට.. :))

      ""මඩ ලෝකයක් බං මේක..""

      Delete
  20. ඔන්න බලපං තව ටික දවසකින් මේකත් කිසිම ලැජ්ජාවක් නැතුව කවුරුහරි එකෙක් මේල් කරයි.( අඩුම තරමේ ලින්ක් එක වත් දාපංකො.)
    මං උඹට ඉරිදත් කිව්වනෙ. කමක් නෑ උඹේ නිර්මාණ කොල්ල කෑවට නිර්මාණ ශක්තිය කොල්ල කන්න බෑනෙ.

    ජය......!

    ReplyDelete
    Replies
    1. //කමක් නෑ උඹේ නිර්මාණ කොල්ල කෑවට නිර්මාණ ශක්තිය කොල්ල කන්න බෑනෙ.//

      මේ ටිකම ඇති..ස්තුති සහෝ..

      ජයෙන් ජය වේවා !

      Delete
  21. ඇඩේ මේකනම් අල්ල ගන්න බැරි උනා බෝල අග වෙනකම්ම, සුපිරි

    ReplyDelete
    Replies
    1. අන්තිම බින්දුව තෙක්ම වටී කියනවනේ පුබුදුවෝ..

      ජයෙන් ජයම වේවා !

      Delete
  22. උඹනම් හැබෑම දස්සයෙක්. හැකියාව අපූරුයි.. ජයම පතමි !!

    දැන් ඔය උඩ පින්තුරේ තියනවා වගේ අකරතැබ්බයක් වුනොත්ද බෙල් එක ගහන්ඩ ඕනා ?

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      අපෝ ඒ වගේ සීන් වලදී බෙල් ගහලා කස්ටිය එකතු කරගෙන වැඩේ පාඩු කර ගන්න එපා සෙන්නෝ..

      ජයෙන් ජයම වේවා !

      Delete
  23. නියමයි සෑමා...ආසාවෙන් බලාගෙන හිටියේ කැත හිත පොඩ්ඩක් අවුස්සලා බලන්න....

    ReplyDelete
    Replies
    1. මැන ගත්තද හිතේ තරම.. :)

      ජයෙන් ජයම වේවා !

      Delete
  24. පින්තුරේ නොදා ඉන්නයි තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. නොදැම්ම නම් අමුම කුණු හබ්බයක් වෙනවා නොවැ..

      ජයෙන් ජයම වේවා !

      Delete
  25. මම නං උඩ ඉදං කියවනවා... ඇයි බං.. නැතිනං වැඩක නෑනෙ..

    රහයි හොදේ... :)

    ReplyDelete
    Replies
    1. රහ දැනෙන්න කියවන්න දැනෙන රසිකයෙක් නොවැ පොඩි මෑන්..

      ස්තුති සහෝ.. ජයෙන් ජයම වේවා !

      Delete
  26. මම කවදටත් ලෙහන්න තියෙන එක ඔබල බලන එකෙක් නෙමේ.ඒ නිසා කලින් තීරණේ නොකර කියෙව්වා.කියන්න දෙයක් නෑ.ෆස්ට....! [මචන් සෑමෝ..මටත් බොලාත් එක්ක සැට් වෙලා බ්ලොග් එකක් කොටන්න පොඩි අයිඩියා කෑල්ලක් තියෙනවා.බොලාගෙ නීති රීති අණ පනත් මොක හරි තියේනම් ඒවයි,සංසදේට සම්බන්ධ වෙන හැටියි,කොටන්න පොඩි ඉඩං කෑල්ලක් ගන්න ඇහැක් විදිහකුයි කියාපන්කෝ.මේ රික්වෙස්ට් එක ගැන සලකා බලනවනම් පට්ට උදව්ව මචන්.තනියම මෙහෙ ඉන්න කොට පික්ෂු හැදෙනවා.ඒකයි බොලාට සැට් වෙන්න හිතුවේ.] ජය...!

    ReplyDelete
    Replies
    1. එන්න එන්න අපේ ගොඩටම.කිසිම නීති රීති නැහැ.ඕනෙම කෙනෙක් හෙල්ප් කරවී...

      Delete
    2. මොන සන්සදද සරෝ.. ඔය දාලා තියෙන්නේ පරීක්ශන ලිපියක්.. ඒ වෙනුවට මොනවා හරි ලියලා දාපන්.. සින්ඩි වලට එකතු වෙයන්.. අපිට පොඩි දැනුවත් වීමක් කරපන් අපි එන්නම් කියවන්ඩ..

      ජයම වේවා !!!

      Delete
    3. @Sarath Chandrasiri- අසරණයා සහ සෙන්නා මට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැ සරත්. දැන් ඉතිං පටන් ගන්න තියෙන්නේ. දැක්ක නේද බ්ලොග් අවකාශේ ඉන්න උදවියගේ හිත්?

      කැත හිත් වලට සෑමා ලස්සන කවි ලියුවට උන් ගේ හිත් කැත නැහැ කියලා පේනවා නේද?

      අපේ සහයෝගය.. සරත්ට එන්න තියෙන්නේ බ්ලොග් ලෝකෙට..

      ජයෙන් ජයම වේවා... !

      Delete
  27. වෙනද වගේම අග ඉඳන් මුලට බැලුවා...අනේ සැම් ආයෙ ලියන්න සිංහයෙක් කොටියෙක් ගැනවත්....අපේ හිත් නිකම් කැත නොකර.....:D

    ReplyDelete
    Replies
    1. යට ඉදන් උඩට බලනවට ව‍ඩා උඩ ඉදන් යටට බලන එක තමා විදින්න පුලුවන් හොදම විදිහ..

      හැබැයි ගෑල්ලමයි කොල්ලො දිහා බලනකෙට ඒ විදිහ වෙනස් වෙනවා..

      :ඩී

      Delete
  28. මාත් බැලුවේ අග ඉඳන් මුලට. අර කිරිල්ලි කියන්නා වගේ මොකටද නිකං හිත් කැත කරගන්නේ. :D

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ කැත කොරන්ටම හිත් නොවැ..

      කිරිල්ලිට දාපු කමෙන්ටුව බැලුවනම් ;)

      ජය !

      Delete
  29. හැමදාම අග සිට කියෙව්වාම සෑමා පව්ය... අද සිට මේ කවි මුල සිට කියවීමට ඉටා ගතිමි.... :)))

    ReplyDelete
    Replies
    1. අනේ පිං.. :)

      ජයෙන් ජයම වේවා... !

      Delete
  30. මම නම් හිතුවෙම ඕක ගැන නෙවෙ...

    ReplyDelete
    Replies
    1. පැන්ඩට ඇත්තේ නීරෝගි හිතක් ඒනම්..

      ජයෙන් ජයම වේවා... !

      Delete
  31. මොකක් හරි මරාලයක් බව නම් දැනගෙන හිටියා, හැබැයි පින්තුරේ දකිනකම්ම තෙරුනේ නෑ.:) පට්ටයි!

    ReplyDelete
    Replies
    1. ස්තුති මරාලේ බලන්ට ආවට.. ;)

      ජයෙන් ජයම වේවා... !

      Delete
  32. ඉස්සර මට මතකයි කොළඹ බිල්ඩින්වල ලිෆ්ට් ඔපරේට් කරන්න ඇතුලේ පුංචි පුටුවක් තියාගෙන වාඩිවෙලා පොරක් හිටියා.

    ඒ ජොබ් දැන් නෑ. තිබුණා නං මේ කවිය වෙනස් කරන්ත් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දිත් මට මතක් වුනා නවලෝකෙ,සෙන්ට්‍රල්, වගේ ප්‍රයිවට් හොස්පිට්ල් වලත් එහෙම අය ඉන්නවා අදටත්..

      ඒකට වෙනම පුද්ගලයෙක් දාලා නැහැ හැබැයි. ඉන්න සිකුරිටි කෙනෙක් වගේ ශිෆ්ට් එකට දාන්නේ. නැත්තන් කැරකිල්ල හැදෙන නිසා වෙන්න ඇති..

      කවිය ලියද්දි මතක් වුනා ඒ අයව.. ඒත් ඉතිං ඒ අනුව කවිය වෙනස් කලොත් කස්ටිය මඤ්ඤං වෙයි :))

      ජයෙන් ජයම වේවා... !

      Delete
  33. අන්තිමට යනකන්ම මුකුත්ම හිත ගන්න බැරුව හිටියේ ලිෆිට් එක කියලා කිව්වම ආයේ කියෝලා බැලුව

    ReplyDelete
    Replies
    1. හිකිස් එහෙනම් සෑමා සාර්ථකයි.. :)

      ජයෙන් ජයම වේවා... !

      Delete
  34. අම්මපා සෑමො..වෙලාවට අපේ ඔපිසියේ ලිෆ්ට් එකේ අර කතන්දර කිව්ව වගේ පුටුවක් තියන් එකේක් ඉන්නේ..වෙලාවට කවුරුවත් තද කොරන්ඩ කලින් ඌ ඇරලම දෙනව නේව

    ReplyDelete
    Replies
    1. ඒක ලේසී රාජ් ! කිසි මහන්සියක් නැහැනේ..

      හැබැයි හැමදාම එකම ඇගිල් තද වෙනකොට ලිෆ්ට් එකටත් කික් එකක් නැහැ නේද :))


      ජයෙන් ජයම වේවා... !

      Delete
    2. නෑ නෑ ඔය පුටුවේ ඉන්න එකත් කාලසටහනකට මාරු වෙනවා..බං

      Delete
    3. :)

      මාරු වෙන්නේ නැතුව බැහැනේ.. නැත්තම් කැරකිල්ල හැදෙනව නොවැ..

      Delete
  35. මන් නම් වෙන මොකක් හරි වෙන්න ඇති කියල දැනගෙනම... වචනෙන් වචනෙ.. පදෙන් පදේ මගේ ඔළුවට එන අදහස අරන් මාර ෆන් එකක් ගත්තා.. අන්තිමේ.. චෙක් මේ කියලා තියෙන්නෙ ලිෆ්ට් එක ගැන බව දැන ගත්තහම... විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..චික් හිතපු වල් දේවල්..

    ReplyDelete
    Replies
    1. වෙනියා.. දැන් නම් මචං කමෙන්ට් බලනකොට කස්ටිය මැවිලා පෙන්වා. එදා දැකපු නිසා වෙන්න ඇති.. උබ සිරා බුලට් එකක් බං..

      ස්තුති !

      ජයෙන් ජයම වේවා... !

      Delete
  36. අපි අහුවෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං සෑමටත් තද වෙනවා..

      Delete
  37. අන්තිමට එනකම් හාන්කවිසියක් වත් හිතා ගන්න බැරිවුනානේ. හම්මප මං කොච්චර නරකයිද මට හිතුන ඒවා.

    ReplyDelete
    Replies
    1. ඒක නරක නෙවේ පැතුම්.. ඒ හිත නිරෝගි නිසා.. :ඩී

      ජයෙන් ජයම වේවා... !

      Delete
  38. පින්ටූලෙ බලනකම්ම ටේලුනේ නෑ අප්ප....:/

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ තිංහල අවුල් වගේ.. :)

      Delete
  39. වෙනි අයියගෙ කතාව ස්ථිරකරමි..(කාට බයේද)ඇත්ත කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිකිස්... ස්තුති සහෝ !

      ජයෙන් ජයම වේවා... !

      Delete
  40. මූන තරම් ඇඟ සුදු නෑ කියලා වැස්ලින් දන්නවා !!!

    කාලෙකට පස්සේ ආයෙම හිත පරණ තත්වයට වට්ට ගත්තා !!! එල එල !!

    ReplyDelete
    Replies
    1. සෑමට පිං බොලගෙ හිත රිෆ්රෙෂ් කලාට.. හිකිස්..

      ජය වේවා.. !

      Delete
  41. කියෙව්වා.කිසිම දෙයක් හිතුනේ නැහැ වල් අදහස් ටිකක් ඇරෙන්න.ලිෆ්ට් එක දැක්කට පස්සේ ආයේ මුල ඉදන් කියෙව්වා...ආ එතකොටනේ තේරුනේ මෙයාගේ කතාව...මාවත් නිකන් ලිෆ්ට් එකේ හිරවුණා වගේ..දෙපාරක් කියවන එකට ටොෆියක්වත් ඕන හරිද.

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙච්චර කැත හිතක් ඔයාට තියෙනවද ?? ;)

      තේරුනා නේද හිරවුනාම තියෙන අමාරුව...

      මගෙ අප්පේ දෙතුන් පාර කියවනවට ටොෆි කන්දක් වුනත් දෙන්නම්..

      ජය වේවා.. !

      Delete
  42. උබේ ලිවිල්ල ගැන දන්නා නිසාම හිතුනා මොකක් හරි අටමගලයක් තමයි කියල...
    /* එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත... */ ටොපික් එකෙන් ලාවට මීටර් උන ලිෆ්ට් එකක් ගැන වෙන්න ඇති කියලා...

    පට්ට ඕයි..!

    ReplyDelete
    Replies
    1. හිතපු තරම් නෝටියා‍ගෙ හිත නෝටි නැහැ වගේ..

      ස්තුති ඕයි !

      ජය වේවා.. !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...