Wednesday, April 11, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (අවසන් කොටස)

ලසදා පැණි බීම කරත්තකාරයා සමග ගම හැර යද්දී සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. මී කැඩීමට කැළයට යන සිරිමෙවන්ට වැලහින්නකගේ අතවරයකට ගොදුරුවන්නට සිදුවේ. රාත්‍රියේ නිවසට එන්නේද වැලහින්නමය. වැලහින්නගේ සෙනෙහස මවගේ සෙනෙහස යැයි රැවටී නිවසේ දොරගුලු හරින්නේද සිරිමෙවන්ගේ පුත්‍රයාය. එදින රාත්‍රියද සිරිමෙවන් ගෙවන්නේ වැලහින්න සමගය. පසුදා උදයේ තිදෙනා අවදි වූ කළ සිරිමෙවන් මොහෙතකට කල්පනා සයුරේ ගිලෙන්නේ මිදුලේ හිදගෙනය. ඒ අතර වැලහින්න සහ දරුවා අතුරුදහන් වේ. සිරිමෙවන් මෙලෝ විකාරයෙන් දරුවා සොයා ගත නොහැකිව තනිවේ. රාත්‍රියේ ද වැලහින්න සමග දරුවා නැවත නිවසට ඒ යැයි සිතා ලාම්පුවක් දල්වා බලා සිටින සිරිමෙවන් අසලට වැලහින්න පමණක් පැමිනේ. දරුවා නැති වූ සොවින් සිරිමෙවන් වැලහින්න සමග පොර බදද්දී ලාම්පුව නිවසට පතිතව නිවස විනාස වේ.

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (4 කොටස) මෙතනින් කියවන්න.

ගිණි දැල් අවසන නැගෙන දුම් රල මිදුල වසා ගනිද්දී සිරිමෙවන් ගේ දෙනෙත් කදුලින් බොදවිණ. වැලහින්න තවමත් සිරිමෙවන් තුරුලේ හොවාගෙන හිස පිරිමදින්නීය. ඇය නොසිතා වූ වරදට සමාව අයදින්නාක් මෙන් සිරිමෙවන් තුරුල් කරගත්තාය. 

"කෝ බොල මගෙ පොඩි එකා.." සිරිමෙවන් කෙදිරි ගෑවේය.

වැලහින්න සිරිමෙවන් මෑත් කර නැගිට ගත්තාය. සිරිමෙවන්ද නැගිට ගත්තේ ඇය පිළිතුරු දෙන්නට සූදානම් බවක් පසක් වූ නිසාමය. වැලහින්න පෙර මග ගෙන ගමන් කරද්දී සිරිමෙවන් පිටුපසින් පියවර මැන්නේය. අදුරු වනය සිසාර ඇසුනේ සතුන්ගේ කෙදිරිලිය. ඒ සියල්ල සිරිමෙවන්ට දැනුනේ නව ලොවකට කැදවීමක් ලෙසටය. අලුත ගෙනා මනමාලිය ගුරු පාර දිගේ ආඩම්බ‍රයෙන් ගමන් කරන කලෙක ගමේ ඕපා දූප සොයන ගැහැනු සේම කොල්ලෝ කුරුට්ටෝ පවා එඹිකම් කර බලන්නෝය. එහෙව් දසුන් සිහි කැදවමින් වැලහින්න සහ සිරිමෙවන් නව යුගයකට පියමනින අයුරු බලා සිටියේ කැලෑ සත්තුමය. දෙපස ගෙම්බන් කෑ ගැසුවේ සංගීතය සපයන්නාක් මෙනි. ගමේ පන්සලේ ආලෝක පූජාවට ලයිට් දාන සමරේ අයියා මෙන් රෑ බදුල්ලෝ සේම කලා මැදිරියෝද මග දෙපස එළිය කළහ.

සියළු සාජ්ජ මැද සිරිමෙවන් හා වැලහින්න ආවේ මහා වෘක්ෂයක් අසල එල්ලෙන වැල් වලින් ආවරණය වූ ගුහාවක් අභියසටය. වැල් පොටවල් මෑත් කර වැලහින්න පාර කීවේ අලුත ගෙනා මනමාලයාටය. සිරිමෙන් හදන්නේ බින්න බහින්නටය. කරන්නට දෙයක් නැත. ආත්තා ගෙඩිය රසය, ගුණය, ගදක් නැත්තේමය. එහෙත් දූරියන් රස, ගුණ පිරි මුත් දුගදය. ඒත් ආත්තා වලට වඩා ගුණයෙන් වැඩි බව සැවොම දනිත්. එහෙව් ගෙඩි දෙකක් දෙපස ඇත. ලසදා නම් ආත්තාමය. සුවදින් සපිරි නිසා පැණි බීම කරත්තකාරයා තුරුලු කර ගත්තේය. වැලහින්න නම් දූරියන්මය. දුගද මුත් ගුණදායකය. තමාට පමණක් ‍නොව තම පුතුටද සෙනෙහේ සිතින් සලකන්නේමය. එහෙව් කලෙක පුතු ගැන සිතීම විනා නාකි මගේ ඇග උඩ නැග්ගාට කම් නැත කියා සිරිමෙවන් ගුහා ගත වුවේය.

ඇතුලත අදුරුය. නමුත් මෑතින් වැතිර නිදන පුතු ගේ මුව පැහැදිලිය. සිරිමෙවන් පියෙක්ව පුතුගේ දිවිය එලිය කරන්න‍ට වෙර දරන්නේ හන්දියේ ඇති ලයිට් කණුව මෙනි. එහෙව් කණුව හන්දිය එළිය කළද කණුව පාමුල අදුරුය. ඇත්තය. සිරිමෙවන්ද එසේමය. තම දිවිය අදුරු මුත් වටේම එලිය කරන්නට කාලයක් එලැබ ඇත. වැලහින්නක වුවද තමා දිවිය සරි කළ රක්ෂාවටම ගැලපෙන්නේමය. මී වද / දෙබර කූඩ කැඩීමට තමා දැන් කළබල විය යුතු නැත්තේමය. තම බිරිය වැලහින්න වූ කලෙක සිරිමෙවන් නිදහස්ය. පෙර නොවිදි රසය, ලසදාගෙන් එපා කී රසය දැන් සිරිමෙවන්ට හුරුය පුරුදුය. දැන් තමා සිටින්නේද ගමේ, නිවසේ නොවේය. නිවස දැවි අවසානය. ගමේ එකාලා තමාව නැවත සොයනු නැත්තේමය. දැන් තියෙන්නේ නුපුරුදු දීගය රස විදීම පමණකී යැයි සිරිමෙවන් සිත හදාගත්තේය.

ඉහල එසවෙන, පහළ යන පුතුගේ පපුව සිරිමෙවන් අතගෑවේය. වැලහින්න සියල්ල බලා සිට පුතු අසලින් වකුටුව වැතිර සිටියාය. සිරිමෙවන් නුහුරු සරම උනා තියා අමුඩය පිටින් වැලහින්න අසල වැතිර ගත්තේය. දැන් සියල්ල නිදහස්ය. පෙරලෙන ගලට පෙරලෙන්නට දුන් කාලය අහවරය. පෙරලෙන ගල කැමති කැමති අතට පෙරලා රස විදින්නට කාලය එලැබ ඇති බව සිරිමෙවන්ට නිසැකය. ගමෙන් එලියට පැන වන ගත වූ අපූරුව සිරිමෙවන්ට සතුටක් ගෙන දුන්නේය. පුතු පසුපසින් වකුටු වූ වැලහින්නද, වැලහින්නට ඇතිල්ලි පිටුපසින් වකුටු වූ සිරිමෙවන්ද, එකම ගල් ගුහාවක් තුල හුස්ම ඉහල පහල හෙලන්නට වූහ. මොහොතකින් පුතු හැර අනෙක් දෙදෙනාගේ හුස්ම වේගය වැඩි වූ බවට දන්නේ කැලෑවේ සෙලවෙන ගස් අතු රිකිලි පමණකි.

අළුත් ලොවක උණුසුමින් හිරු එලිය වැටී ගල් ගුහාව එළිය වෙද්දී සිරිමෙවන් සහ පුතු අතර පැවතියේ හිඩැසකි. වැලහින්න ඒ අතර නොසිටියාය. සිරිමෙවන් කැලැවේ ගති ගුණ දන්නා අයෙකි. වට පිට බලා කුඩා ගස් පැලෑටි විපරම් කළ සිරිමෙවන්ට දැක ගත හැකි වු‍යේ වැලහින්න එලියට ගිය බවකි. එහෙත් ඇය ගමන් කරනවාට වඩා වැඩි වපසරියක ගස් අතු පොඩි වී ඇති බවක් සිරිමෙවන්ට පසක් විය. දැන් කැලෑව අතැර ගොස් ඉන්නට ගෙයක් නැති බව සිරිමෙවන් ගේ සිත තෙපලන්නේය. ආ මග අතැර දමා යායුතු ‍නොවේ. එන අතකට මුහුණ දිය යුතු කළෙක ආරක්ෂාවට යමක් සගවා තබා ගැන්ම සුදුසුය. සිරිමෙවන් පුතු ගල් ගුහාව තුල සිටියදීම එලියට බැස විපරම් කොට හොද ගස් අතු කැබැල්ලක් කඩාගෙන ගල් තලාවක අතුල්ලමින් මුවහත් කලේය. ඒ අනාරක්ෂිත වැලහින්න ගේ ඇසුරට බියේ නොවේමය. වෙනත් සත්ව කරදරයකට ගොදුරු වීමට අකැමැත්ත නිසාමය. වැලහින්න නම් දැන් සිරිමෙවන්ගේ කොටසක් වී ඇත.

පුතුද කැලෑ දිවියට ආශා බැව් පෙනේ. සිරිමෙවන් ලසදා සමග රැය ගත කලේද දවසම කැලයේ සිටින පුරුද්දෙන් සිටින කාලයේය. එහෙව් පුතෙකු කැලයට අකැමති බැව් සිතිය නොහැක. පුතු ද ගල් ගුහාවෙන් එලියට බැස ගත්තේ කෙලි සෙල්ලමට ඇති ලෙංගතුකම නිසාමය. සිරිමෙවන් ද එලියට බැස ගත්තේ වැලහින්න නැති නිසා ඇය එන මගක් බැලීමටත් පුතුගේ ආරක්ෂාව යන දෙකම ගැන සිතීමෙනි.

"අන්න අම්මා.." පුතු කෑ ගැසීය. සිරිමෙවන් වට පිට බලද්දි දුටුවේ වැලහින්නය. පුතුගේ මව වැලහින්නක් ? තම බිරිද වැලහින්නක් ? සිරිමෙවන් දෙ‍ලොවක් මැද දැල්වෙන හිරු මෙන් උනුසුම් ‍වන්නට විය.

වැලහින්න ගුහාව අසලට ආවේ ‍මී වද අතේ හොවාගෙනය. ඒ ඇරත් අතේ තිබි පලතුරු පුතුටය. සිරිමෙවන් සිතන්නට වූයේ තම රැකියාව දැන් කරන්නට වැලහින්න ඉදිරිපත්ව ඇති බවය. එහෙත් කැලේ වෙසෙන අපට නම් මුදල් කුමටද? සිරිමෙවන් සිතුවේය. මේවා විකිනීමට යා යුත්තේ ගමටය. ගමට ගිය කලෙක ගමේ එකාලා පස්සෙන් එනවා ඇත. එවිට තමාට සියල්ලන්ටම උත්තර බදින්නට වෙනවා නිසැකය. ඊට වඩා මී කැඩිල අහවර කළ යුතු කාලය එලැබ ඇති බව සිරිමෙවන්ට පසක් විය. වැලහින්නට එය තේරුම් කළ නොහැකි නිසා ගුහාවට ගෙනා මීය අත නොගා නොසලකා හැරීම කල යුතුය. එවිට ඇය තමා තේරුම් ගනු ඇත. සිරිමෙවන් උපක්‍රම යෙදුවේය.

සිරිමෙවන්ගේ උපක්‍රම සාර්ථක වී වැලහින්න මී ගුහා තුල හොවා හිදගත්තාය. ඉර අවරට හැරී කැලෑ දිවියේ ගුහාවක ගෙවෙන ජීවිත තුනක, අසම්මත පුංචි පවුල් සංස්ථාවක දිනයක් අවසාන වන්නට පටන් ගෙන තිබිණ. නුපුරුදු උණු‍සුමේ නිදන පුතු වැලහින්න ලග වැතරි ගත්දී, පළමු දින නුපුරුදු වූද දැන් තව තවත් සුපුරුදු පහසක් පතා සිරිමෙවන්ද වැලහින් අසලට වූවේය. වෙනදා පුතු මැදය. දෙන්න දෙමල්ලෝ දෙපසය. නමුදු ගුහාවේ ගෙවෙන ප්‍රථම රැය අද සිරිමෙවන් වැලහින්න අසලය. පුතු වැලහින්නට ඉදිරිපසිනි. මොහොතින් තිදෙනා නිදිලොව වැලද ගත්තද සුපුරුදු පරිදි ඉකුත් නිමේෂයේ වැලහින්නගේ දෙනෙත් විවර විය.

වෙනදා විවර වූ දෙනෙතින් ඇයි බැලුවේ සිරිමෙවන් දෙසය. එසවී ඇති අමුඩ ලේන්සුව දෙසය. අද ඇය නැගිට කෙලින්ම පිය මැන්නේ ගුහා දොර දෙසටය. කිසිත් නොපැහැදිලි අදුරු ගුහාවක පෙනුනේ ඇගේ දිලිසෙන දෙනෙත් පමණි. ගුහා දොර අසල සිටගෙන සිට ඇය නැවත පිය පුතු දෙසට හැරුණාය. මෙවර අදුරු ගුහාව පරයා දිලිසුනේ පෙර දුටු දෙනෙත් දෙක නොව දෙනෙත් සතරකි. එකී දෙනෙත් සතර ගමන් කලේ සිරිමෙවන් දෙසටය.

වැලහින්න පහත්ව සිරිමෙවන්ගේ මුව තද කර ගනිද්දී සිරිමෙවන් නිදි දෙනෙත් හැරී දගලන්නට වූවේය. දගලන අතර ලද අවසරයෙන් සිරිමෙවන් කෑගැසීය.

"අහ් උඹ තමා එහෙනම් අද උදේ ගුහාව ලගට ආපු අනිත් එකා..." නැවති සිරිමෙවන්ගේ මුව තද වූයේ වැලහින්න අතින්මය. පුතුට ඇසේ යැයි සිතී ඇය පියාගේ මුව තද කලාය.

සිරිමෙවන් එදින උදේ ගුහාව අවට දි දුටු සාධක වලින් තේරුම් ගත් දේ පසක් වන්නට සිරිමෙවන්ට අමුතු වෙහෙසක් ගන්නට අවශ්‍යය නැත්තේමය. ඒ සාධක මැද තමා සූදානම් කොට තබා ගත් උල් ආයුධය අතපත ගෑ සිරිමෙවන්ට එය ලගට ගත නොහැකි විය.

වැලහින්නගේ ආරාධනයෙන් ඇතුලට පැමිණි වලහා සිරිමෙවන් තැනූ අවිය අතදරා නැගී සිටියේය. වැලහින්නගේ අතින් තද වූ මුව විවර කරගන්නට වෙහෙස දරද්දී වලහා එකී අවියෙන් සිරිමෙවන්ගේ පපු කුහරය පසාරු කරද්දී සිරිමෙවන් මහ හඩින් දුන් විලාපයේ කොටසක් වා තලයට මුසු විය.

පියාගේ මර හඩින් අවදි වූ පුතු වහා පැන බදාගත්තේ වැලහින්නගේ සිරුරමය.

** සමාප්තයි **

Written by sAm_10.04.2012_06.20pm

50 comments:

  1. මොකක්ද බොලේ සැමා අයියේ මේ වුනේ පිස්සු හැදෙනවා මගක් කියවද්දි මම හිතුවේ ජංගල් බෝයි එකේ පෙරවදන තමා මේ ලියලා තියෙන්නේ කියලා ඒත් අන්තිමට වුනේ හිතුවේවත් නැති වැඩක්නේ එතකොට වැලහින්න කොපුව සිරිමෙවන්ට දීලා කඩුව වලහට දීලා වගේ.... හැබැයි මේ කොටස අනික් කොටස් වලට වඩා හොඳට වැදුනා.... තවත් මේ වගේ වෙනස් කතාවක් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා....

    සැමා අයියට සහ මේ බ්ලොග් එක කියවන හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති ස‍හෝ...

      පළමුව මට උඹ වගේ වෙන්න බැරි එකට කම්පා වෙමි. හේතුව උබ බ්ලොග් බහුතරයක් කියවන්න සහ ඒ හැම එකටම ෆ‍ලෝ කර කර කමෙන්ට් කරන්න තරම් හැකියාවක් තියෙන නිසා. තවත් උදාහරන තමා සෙන්නා සහ අසරණයා. උන් දෙන්නත් එහෙමයි. තව එවුන් ඉන්නවා.

      ඇයි බං කස්ටිය කල‍බලෙන් අවුරුද්දට සුභ පතන්නේ. මම මේ පෝස්ටුවේත් විෂ් නොකලේ අවුරුද්ද කිට්ටු කොරලා විපරියාසයක් කොරන්ට නොවැ..

      සුභම සුබ අලුත් මෙව්ව එකක් වේවා ගැමි මලයා... :)

      Delete
    2. SENNA ගේ මැකුණු කමෙන්ටුව -


      ඈහ් මමත් ?

      මම මගේ බ්ලොග් රෝලෙ ඉන්න හැමෝටම නම් කමෙන්ට් එකකින් සංග්‍රහ කරන්ඩ උත්සහයක් දෙනවා..( කුණු දේශපාලන ලිපි වළට හැරෙන්ඩ ) ඒත් පහු ගිය ටිකේ අධික වැඩ හින්දා ඒකත් හබක් උනා. ඒ මදිවට අද ඇඟිල්ලත් කැපුනා.. අනේ අර BMP හදපු උත්තමයො නොහිටින්ඩ මට කාලෙකට කමෙන්ට් එකක්වත් දාගන්ඩ හම්බෙන්නෑ.. ඒ උත්තමයන්ට පින්.

      Delete
  2. අනේ අපොයි. කරපු වැඩේ නම් හරි නරකයි.

    සුබ අලුත් අවුරුද්දක් වේවා...:)

    ReplyDelete
    Replies
    1. මම සිරිමෙවන්ව මරපු එකද නරක ? :)

      ඔබටත් සුභම සුභ වේවා..!

      Delete
  3. මේක ඉවරවෙනක්ම් බලන් හිටියේ එක දිගට කියවන්න. දැන්නම් වෙලාවක් නෑ අවුරුද්දෙන් පස්සේ කියවන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. කොකිසක් - කැවුමක් කකාම කියවන්ට.. :)

      ජය !

      Delete
  4. තනි ඇහැට ඇඩෙනවා
    තිබුන මංඤ්ඤං ගතිය වැඩි උනාද කොහෙද අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ ලිපිය බලලාද ආවේ. ඒකට මාත් මඤ්ඤං වුනා බොලං.. :)

      ජය !

      Delete
  5. සෑමෝ මොකක්ද බන් මේ.. මොකක්ද මේකේ තේරුම් පොජ්ජ ? මම නම් කියන්නේ උඹ අපිට වහන් කොළාත ඔය ළසඳයි, හොර මිනිහයි කියලා.. නැත්නම් මේ කැලේ ඉන්න වලස්සු දෙන්නෙකුට තියන රුදාව මොකක්ද බන් මේ අහක ඉන්න මිනිහෙක්ව මරන්ඩ ? ඒත් පිහියෙන් අනින වළහෙක් ?

    කතාව පොඩ්ඩක් අභව්‍යයි වගේ මටනම්... කොහොම උනත් අලුත් සිතුවිල්ලක්. හොඳ උත්සහායක්.. තව ලියපන් මේ වගේ ඒවා..

    ජය ..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ දේ හිතුනා ඇයි වැලහින්න ඒ විදියේ වැඩක් කලේ.අනිත් එක පිහියකින් අනින වලහෙක්.

      Delete
    2. පිහියකින් නෙවේ බොලව්.. සිරිමෙවන් දවල් ආරක්ෂාවට කියලා හදලා තියාගත්තු උල් කරපු කෝටු පොජ්ජ.

      උන් දෙන්නට ඕනෙ වෙන්න ඇත්තේ ලමයව තියා ගන්ට වෙන්න ඇති. ටාසන් වගේ එකෙක් ඒ ගුහාවෙන් කවද හරි එලියට එයි !

      :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අය්යෝ.. වැරදි තැනක දැම්මේ.. මැකුවා. දැන් ආයෙ ලියන්ඩ මතකත් නෑ. කම්ම්මැලියි..

      සෑමෝ උඹ ඊමේල් එකෙන් බලා ගනින්.

      Delete
    2. හරි තැනට දැමීමි. උඩ බලන්ට !

      Delete
  7. වැලහින්නක් වුනත් දැන් විශ්වාස කරන්න බෑ වගේ....(කසාද කෙරුවාව තුළ)

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකියමි. ඇත්ත බැව් සියලු දෙනා දන්නා බැවිනි. :)

      Delete
  8. සිරිමෙවන් ඒ වතාවේ හොඳම එකෙන් කෙලවගත්තා නේද
    ඔය ඉල්ලපු දේවල් ටික කලින්ම දීල ලසදා වම තියා ගත්තනම් මෙහෙව් කෙලියක් වෙන්නේ නැහැනේ බොල

    ReplyDelete
    Replies
    1. දරුව හැදුනෙත් ලසද වගේ කියල එකෙක්ටවත් තේරුනේ නැහැ මචං.

      පව් සිරියා !

      Delete
  9. අවසානය දුකකි. ටිකට් එකේ ගාන පාඩුය. පට්ටම නිර්මාණයකි. උපමා පස්ටය. කතාව කෙටි කොට අනාගත කෙටි කතා පොතට එක් කරන්න. ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුති මාතලන්. !

      ජයෙන් ජය !

      Delete
  10. අවසානය අමුතුයි . ඒත් කතාව සුපිරියි මේ වගේ කතාවක් හිතට ආපු එකම ඇති බං උඹගේ දස්ස කම ගැන හිතාගන්න . අවසානෙත් ටිකක් වෙනස් කරලා දීලා තියන එක මගේ හිතට වැදුනා .. මටනම් මේ කතාව නියමයි !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සදරු.

      හිස් අහසින් මේ පැත්තට ආව එක මට ගොඩාක් සතුටක්. ඇත්තටම මුලදිම මේ කතාවට කතන්දර ගොඩක් හැදුනා. පස්සේ සදරු ගේ ආගමනය නිසා ලියන්න හිතුනා. කතාව ඉවර නිසා ආයෙ එන එකක් නැහැ වගේ :))

      ස්තුති නැවත !

      Delete
  11. අනී මන්ඩ අප්ප....මං කියෙව්වමයි මේවගේ කටාවක්.....තාමත් මඩුලුකොයිල්....O.o

    ReplyDelete
    Replies
    1. කොයිල් එක පත්තු කොරන්ට :)

      Delete
  12. ඇයි බං එහෙම දෙයක් වුනේ.වලස්සු හැමෝම සිරිමෙවන් එක්ක තරහයිද කැලේ තියෙන මී වද කඩනවට?.නැතනම් අහිංසකව ජිවත් වුනු මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. වලහා - වැලහින්න කපල් එකක්ය.

      පුතු ලබා ගැනීමට කරන්නට ඇත.

      පුතුද ලසදා වගේය. තාත්තාට වඩා ලොකු වුයේ වැලහින්නක්ය.

      Delete
  13. කියෙව්වයෙං කියෙව්වෙ නෑ මෙහෙම කතාවක්...
    එනිවේ තාම නිකං කැරකිල්ල වගේ..

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තට කැරකෙන්ට එකක් ලියමි.

      ජය !

      Delete
  14. මරල දාන්න හිතාගෙනද ඔය වැළහින්න සිරිමෙවන් එක්ක යාලු උනේ..?
    ඒ ලමයා වැළහින්නට අම්මා කියන්නෙ ඇයි? එයා මනුස්ස පැටියෙක් නෙවේද?
    සිරිමෙවන්ව මරන්න ඕන නම් ඒක වැළහින්නකට තනිවම ම කරන්න පුලුවන්නෙ..ඇයි ඒකට වළහෙක්ව එක්ක ආවෙ..?
    වළස්සු මිනී මරන්නෙ ආයුධ පාවිච්චි කරල ද? නැහැනෙ...

    (තව ප්‍රශ්න තියනව..මට මහන්සියි සෑම්...)

    ReplyDelete
    Replies
    1. 1 - මරලා දාන්ට ඇත්තේ දරුවව ගන්ට.

      2 - දරුවා මවගෙන් නොලද සෙනෙහස දුටුවේ වැලහින්න‍කගෙන්

      3 - වැලහින්නට සිරිමෙවන් මරන්ට පුලුවන් ඇති. වැලහින්න සහ වලහා කපල් එකක් වෙන්ට ඇති. සිරිමෙවන් එක්ක දවසක් හරි හිටපු ඇය කෝමද සිරියා මරන්නේ ?

      4 - සිරිමෙවන් සූදානම් කරල තියාගත්ත ආයුධේ හොයන්න දගලද්දී වලහා ඒක අතට අරන් කෙලින්ට ඇති. සමහර (වදුරු විශේෂ) සත්තු අතට අහුවෙච්ච එකෙන් කෙලිනවා.

      Delete
  15. සිරිමෙවනා මැරුවෙ ඇයි යකෝ??? පව් අෆ්ෆා...

    ඒක නෙමේ මචං සැමා අයියෙ...සුභ අළුත් අවුරුද්දක්ඩ වේවා කිව්වා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං උබත් කලබල වෙලා නොවැ මලයෝ...

      ඊලග පෝස්ටුවෙන් තමා කියන්ට හිටියේ. කමක් නැහැ ඕං.. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

      Delete
  16. වැළහින්නට දරුවන් නැති නිසා කල රගපැමක් විය යුතුය..

    මට හිතුනේ නම් එහෙමයි බං.. බලාගෙන යද්දි දැන් කිසිම විදිහකින් කාන්තා පාර්ශවය විශ්වාස කරන්න බෑනේ.. මොනවා උනත් මරු කතාව බං..

    ReplyDelete
    Replies
    1. වෙන එවුන්ට තේරුනේ නැති වුනාට උබ යම් තැනකට ඇවිත් අදහසක් කිව්වා.. :)

      මේක ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද? වලස් ජෝඩුවට ලමයි නැති නිසා..

      ජය !

      Delete
  17. මටත් ගොඩක් මීටර් නෑ..කෑල්ලක් අඩුයි වගේ කියලා හිතෙනවා..
    කොහොම වුනත් අපූරු සිතුවිල්ලක් අපූරුවට අකුරු කරලා තියනවා..

    ඉස්සරහටත් මේ වගේ කතා ලියන්න හිතේවා...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුති රූ..

      ජයෙන් ජය !

      Delete
  18. දැන් ඉතින් වැළහින්න අහවර නිසා නිදහසේ නවගත්තේගම කියවන්න පුළුවනිනෙ
    එහෙම නම් මේ පොත් හොයාගෙන කියවපන්....ටිකක් පරණයි

    # සුද්දිලාගේ කතාව, ක්ෂීර සාගරය කැළඹින,සාපේක්ෂණී(1,2), සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා,සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා,දඩයක්කාරයාගේ කතාව, සංසාරාරණ්‍යය අසබඩ,සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (කෙටිකතා)

    වැඩිදුර විස්තර.....
    http://www.facebook.com/pages/%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8-Simon-Nawagaththegama/227159176032

    ReplyDelete
    Replies
    1. ස්තුති මචං.. මම මේක අහවර වෙනකල් හිටියේ කියවන්න.

      නැත්තං මට මගේ විදිහට ලියන්න බැරි වෙනවා..

      ජය !

      Delete
    2. සාපේක්ෂනී . . . මම කියවපු පට්ටම පොතක් තමයි

      Delete
  19. සෑමෝ අපරාදේ බෝල ගල් ගුහාවේ සතුටින් ජීවත් වෙන විදියට වැඩේ එන්ඩ් කොරා නම් අහවරය්, :/ නමුත් කතාව සුපිරි. කුතුහලය උතුරනවා බෝල උපමා උපමේයත් අනගි

    තවකතාවක් කියන්නකෝ, මන්චි මිල්ක් සෝට් විස්කෝතුවක් උනත් දෙන්නම් ;)

    ReplyDelete
    Replies
    1. අමතක උනා නොවැ, මේ නව වසරත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා ( පැණි නැත්තම් සීනි වලින් හෝ ඉතිරේවා)

      Delete
  20. අයියෝ..සෝචනීය අවසානයක්නෙ බොළ..මොක වුනත් හොඳයි..නොහිතපු දෙයක්නෙ.:D

    ReplyDelete
  21. අනේ දෙයියනේ... !

    ReplyDelete
  22. මමනම් කතාව දන්නවා.හි හී

    ReplyDelete
  23. හෆ්ෆා...නොසිතු අවසානයක්!

    නියමයි!, ඉක්මනටම තවත් සුපිරි කතාවක් ලියන්නෝ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...