මුලින්ම කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ නිර්මාණ ගැන බිදක්.....
Director
No Year Name
1 ) 1960 පිරිමියෙක් නිසා
2 ) 1963 සුහද සහෝදරයෝ
3 ) 1966 සැනසුම කොතැනද
4 ) 1966 කපටිකම
5 ) 1968 බයිසිකල් හොරා
6 ) 1971 කතුරු මුවත්
7 ) 1971 සීයේ නෝට්ටුව
8 ) 1972 ලොකුම හිනාව
9 ) 1972 ඉහත ආත්මය
10 ) 1973 අපරාධය සහ දඩුවම
11 ) 1974 ලසදා
12 ) 1974 දුලීකා
13 ) 1976 වාසනා
14 ) 1976 නෑදෑයෝ
15 ) 1978 සසර
16 ) 1978 ජනක සහ මංජු
17 ) 1979 හිගන කොල්ලා
18 ) 1980 ආදර රත්නේ
19 ) 1982 රේල් පාර
20 ) 1982 වතුර කරත්තය
21 ) 1988 දුර්ගා
22 ) 1994 දවල පුෂ්පය
23 ) 1996 මධුරී
24 ) 2000 උන්ඩය
25 ) 2004 සුමේධා
සෑමා පහ වසරේදී එනම් 1997 වසරේදී ඉගෙන ගනිමින් සිටියේ පහ වසරේය. ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙන්නට පෙර ඉගෙන ගත් ගමේ පාසලේය. සෑමා පහ වසරේ සිටියදී කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා 1996 වසරේදී මධුරී චිත්‍රපටය එලි දක්වා හමාරය. 1994 වසරේදී එලිදැක්වූ දවල පුෂ්පය බලන්නට ගියා සෑමාට තාම මතකය. තාත්තා, අම්මා, අක්කා සහ අයියා සමග ගිය ඒ ගමන අමතක නොවන්නේ ලිබටියේ ජුරාසික්ස් පා(ර්)ක් බලුව හැටි අමතක නැති ලෙසටමය. දවල පුෂ්පයේ තිබුනේ (මතක හැටියට) රෑමත් නර්ස් නෝනා කෙනෙකුට ආදරය කරපු සීන් එකකි. ඒකේ තිබුන "ලදක් ලදක් දුටිමි ලදක් - ආහා ලසන ලදක්" ගීතය තාමත් ඇසීමට තරම් අසා හිතේ.
සෑමා පහ වසරේ සිටියදී සෑමාගේ තාත්තා එම පාසලේම ඉගැන්වූයේ 11 වසරට ගණිතය විෂයයි. පහවසරේ විභාගයට ඉදගන්නට ඉන්න සෑමා කරන හැම දේම තම පියාට වාර්ථා වන්නේ එසැනකිනි. පහ වසරේ කල්යානි ටීචර් තාම සෑමාගේ ගෙදර එනවාය. ඇය තාමත් සෑමාට ආදරේ ඒ කාලේ පන්තියේ කරපු කියපු දේවල් නිසා වන්නට ඇත.
පහ වසරේදී අපි රබර් පටි වලින් කාක්කෝ (රොකට්) විදින්නට ගත්තේ එහා පැත්තේ වත්තටය. ඒ පැත්තේ ගෙදර කිසිවෙක් අපි දුටුවේ නැත. ඇස්බැස්ටෝස් ශීට් ඇතිරූ වහලය පමණක් අපිට පෙනේ. කාක්කෝ විදින සෙල්ලම අන්තිමට තරගයක් දක්වා දිවෙන්නට විය. වැඩිම දුරක් විද්දේ අපේ සමිත්ය. පොරට දැන් කස්ටිය කතා කරන්නේ උපාලි කියාය. ඒ පොරගේ පියාගේ නමය. උපාලියා කාක්කෙක් විද්දේ එහා වත්ත කෙලවරේ ඇති කොස් ගස අසල වැටෙන්නටය. ඒ වාර්ථාව කැඩීමට දිනපතා කාක්කෝ 25ක් පමණ එහා වත්ත දෙසට විදෙන්නට විය.
දිනක් අපේ ටීචර් තම පුටුවෙන් නැගිට විත් එහා වත්ත බැලුවාය. ඒ පැත්තේ වහලය සුදුම සුදු පාට වී තිබිණ. ඒ අපේ එවුන් කාක්කෝ විද්ද පොත් වල පිටු නිසාය. ටීචර් ඒ පැත්ත එක පාරට බැලුවේ එහා වත්තේ ඇන්ටී කලින්ම පැමිණිලි කළ තිබුණ නිසාය. එදා ටීචර් කීවේ කාක්කෝ විදින එවුන් නැගිටිනවා කියාය. රහසේම සෑමාව ගෙන්වා කට උත්තර ගත්තද සෑමා කට නොසෙල්වූ නිසාත් පන්තියටම වේවල් පාර වදිද්දී සෑමාට වැදුනේ දරුණු පහරකි. ඒ කිසිවෙක් පාවා නොදුන් නිසාය.
එදිනම සෑමාගේ තාත්තාට නිවුස් එක ගොස් තිබිණ. සෑමාගේ තාත්තාට ටීචර්ලා සහ ගමම කීවේ/කියන්නේ "ලාල් සර්" කියාය. ඉස්සර පොඩි පන්ති වලදී නැගිට්ටුවා අපෙන් ගුරුවරු අහන්නේ අම්මාගේ නම තාත්තාගේ නමය. පන්තියෙන්ම එකම ප්රශ්නය එලෙස අසාගෙන යන දිනක සෑමාවද නැගිට්ටුවා ටීචර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ තාත්තාගේ නම කුමක්ද කියාය. කණිෂ්ඨ අංශයේ ගුරුවරියක පවා තම එකම ගුරු මණ්ඩලයේ ජේෂ්ඨ පන්ති වල උගන්වන ගුරුවරයෙකුගේ නම නොදැන සිටීම ගැන සෑම්ට පුදුම සහගත කරුණක් විය. ඒ ටීචර් සෑමාව සහ පියාව දැන සිටියාය. හැමෝගෙන්ම ඇසිය යුතු නිසා අහන්නට ඇත.
"අපේ තාත්තාගේ නම ලාල්" සෑමා නැගිට කීවේ මුලු ගමම ඔහුට කියන නමය. ටීචර් සිනා සී මට ඉද ගන්නට කීවාය.
එදා සිට සෑමා හැම ටීචර්ටම කීවේ තාත්තාගේ නම ලාල් කියාය. අමුතුවෙන් හදුන්වන්නට දෙයක් නැත. ගමේ ඉස්කෝලේ සියල්ලෝම තාත්තාව දන්නවාය.
පහ වසරේදි දෝදු සිටියේ අපේ පන්තියේය. ගමේ ඉස්කෝලයෙන් ශිෂ්‍යත්වයෙන් පිරිස වෙන්වී වෙන ඉස්කෝලෙකට ගියත් දෝදු ආවේ සෑමාගේ පිටු පසින් එම පාසලටමය. ඒ තරමට දෝදුවා තවමත් සෑමාගේ පිටු පසින් පන්නනවාය. අපේ පහ වසරේ ටීචර් ඉස්සර පාසලේ හැම වැඩකටම මුල් තැන ගෙන කටයුතු කලාය. ගුරුවරුන්ගේ උත්සව, මරණ, ආදී සියල්ලටම කලෙක්ෂන් දැම්මේ ඒ ටීචර්මය. එසේම අපේ කැන්ටින් එකට කෑම සප්ලයි කලේත් ඒ ටීචර් මාර්ගයෙනි. සමහර රිටන් කරන පොල් ටොෆී, කිරි ටොෆී සෑමාගේ ගෙදරට ආවහම සෑම්, සෑම්ගේ අක්කා සහ මහප්පාගේ දුව සෙට් වී ඒවා උස්සනවාය. ඒවායේ ටොෆී 50ක් තිබෙන නිසා ඉවර වෙන්නටම කන්නට අපිට බැරිය. ඉතින් ඉතිරිය හංගන්නේ ඇදන් යටය. එසේ හංගද්දි ආපහු එලියට අරන් කන්නට අමතක වෙනවාය. ඒවා එලියට ගන්නේ අපේ අම්මාය. එතකොට ඉදලා හමාරය.
ටීචර් කලෙක්ෂන් දාන්න ඕනෙ වුන විට කැමති දෙන්නෙක්ට එන්නට කියන්නීය. සෑමා නම් ඉස්සර ඒ වැඩේට කැමතිම නැත. ඉස්කෝලෙ පුරාම ඇවිදින එක එපා වෙන වැඩක්ය. අනික සෑමගේ තාත්තාගෙන් පවා කලෙක්ෂන් දාන්නට වීම සෑමාට අප්සට්ය. ඒත් අපේ දෝදුවා සහ අංජා හැමදාම මේ සීන් එකට පැනලා යති. ඒකට හේතුව මීටර් වුනේ සෑමාද දිනක් ඒ ගමනට ගිය නිසාය. ටීචර් ඒ වැඩේ කරන දෙන්නාට සංතෝසමක් ලෙස ඉදි ආප්ප 10ක් කැන්ද කොලයක එතු පාර්සලයක් හැමදාම දී ඇත. සෑමාත් එලෙස ගිය දවසක පාර්සලයක් ලැබුන නිසා වැඩේ මීටර් විය. එදා අංජා නොසිටි නිසා ගමන ගියේ සෑමා දෝදු සමගය.
ගුරුවරුන් ගේ නම් ලියු කොළ දෙකක් දෝදුට සහ සෑමාට ලැබිණ. දෙදෙනාට දෙපැත්තට බෙදි යාමෙන් වැඩේ ඉක්මනට අහවර කල හැකි වෙන පරිදි ටීචර් ලිස්ට් දෙකක් සාදා තිබින. දෝදු සහ සෑමා දෙපැත්තට ගියේ වැඩේ කරගෙන නැවත පහ වසරට නගින පඩිපෙල පාමුල දී මුණ ගැසෙන චේතනාවෙනි.
ඉස්කෝලෙ පුරාම කරක් ගැසූ අපි නැවත එකම තැනකට සෙට් වීමු.
"මචං වැඩේ ගොඩ නේද ? " ඇසුවේ දෝදුය.
"මාර සීන් එක බං එක සර් කෙනෙක් නැහැනේ" කීවේ සෑමාය.
"එහෙනම් ඇවිත් නැද්ද දන්නේ නැහැ. මොකක්ද බං නම" දෝදු ඇසුවේය.
"කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා.... බං" සෑමා කීවේය.
"වරෙන් යන්න මම දැක්ක සර් පන්තියක උගන්නනවා." දෝදු සිනාසෙමින් සෑමාව ඇදගෙන ගියේය.
11 වසර පන්තියක් අසලට ගිය දෝදු සෑමාගේ කොළය උදුරාගෙන ගොස් සර්ට දිගු කලේය. එහි සිටියේ "ලාල් සර්" ය. එනම් සෑමාගේ පියාය. දෝදු එනතුරු සෑමා එලියට වී සිටියේය.
"අඩේ අපේ තාත්තද බං කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා" සෑමාගේ ඇස් උඩ ගොස්ය.
"නැතුව යකෝ උබ තාත්තගේ නම දන්නෙ නැති පුතෙක් නේ.." දෝදු කී දෙයින් සෑමාගේ මූණ රතු විය.
"ඇයි බං ගමේ හැම එකාම කියන්නේ ලාල් සර් කියල. අනික ඉස්කෝලෙත් කියන්නේ එහෙම. මම අදයි බං දන්නේ..."
****
සෑමා කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේ එලෙසය. එදා දෝදු නොසිටියේ නම් විනාසය.
පලි - ගමේ හැමෝම අපේ තාත්තාට පොඩි කාලේ සිට කියා ඇත්තේ ලාල් කියාය. ගුරුවරයෙකු වූ පසුව එය ලාල් සර් කියා වෙනස් වී ඇත. එසේම අපේ මහප්පාට (තාත්තාගේ අයියාට) කියා ඇත්තේ 'සීබට්' කියාය. ඔහු රජයේ මුද්‍රණාලයේ හිටපු සහකාර මුද්රණාලාධිපතිය. වෙලාවට සෑමා එහේ සිටියේ නැත.
Written by sAm_7.05pm_25.03.'12
Written by sAm_7.05pm_25.03.'12
ඉතිං කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා... ලාල් වුනේ කොහොමද....
ReplyDeleteහොයල බලන්න වටින කාරනයක්නේ...
:)
මට ඔය එක ෆිල්ම් එකක්වත් බලන්න හම්බ වෙලා නැහැනෙ සෑම්....අයියෝ...
ReplyDeleteමම බැලුවේද දවල පුෂ්පය පමණි.. :)
Deleteඔයාට තිබුනේ තාත්තාගෙන් රඟපාන්න ෆිල්ම් එකක් ඉල්ලගන්නනේ :D..
ReplyDeleteඅපොයි තාත්තගේ නම වත් දන්නේ නැද්ද..
නම දැනං හිටිය පොඩි කාලේ 'ලාල්' කියල.. ඉස්කෝලෙ ටීචර්ලත් කීවේ ලාල් සර් කියල නොවැ.. ඉතිං මම තාත්තගෙන් අමුතුවෙන් නම අහන්න ගියෙ නැහැ.. මාත් එහෙම හිතාගෙන හිටියා..
Deleteඊලග ෆිල්ම් එකේ මම ඉන්නවා බලන්ට..
මුකුත් ඕනෙ නැහැ කවද හරි බැන්ද දවසක මගේ පොඩි එවුනුත් කියයි තාත්තගෙ නම සෑම් කියලා... විලි ලැජ්ජාවේ බැරිවෙයි...
Deleteසෑම් කිව්වොත් තව හොදයි..එයාලා සැමා හරි සෙමා හරි කිව්වොත් කොහොමද මල්ලියෝ..:D
Deleteසෙමා කිව්වට මට ඉහෙන් බහින රෝග නැහැ නොවැ..
Deleteඔයාට පුංචි කුමාරි-ආමි කියයිද ? හිකිස්..
ඔය සෑම් කියන නම පරණ පප්පලගෙ නමක්නෙ බන්.. දාගනින්කො, නිකන් සෙන්නා, සෙනා, සේනා, සනා වගේ නමක්.. හිකිස්...
Deleteහිකිස්... ඔව් බං.. අපේ එකාලා මගේ ලස්සන නම කෙටි කරලා වයසක නමක් දැම්මා..
Deleteමොනා කොරන්නද සෙන්නා,සෙනා, සේනා. සනා
(අපේ පැත්තේ මාලු ගේන පොර මාලු සනාය)
ඒකනෙ මමත් ආපු දවසෙම කිව්වෙ සෑම් කියන්නෙ මගේ සීයගෙ නම කියල.. :P
Delete@ සිත් රූ - අපොයි ආයේත් ඒ කමෙන්ටුව දාලා..
Deleteඉතිං කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා... ලාල් වුනේ කොහොම ද...
ReplyDeleteහොයල බලන්න වටින කාරනයක්නේ...
:)
පොඩි කාලේ ඉදලම එයාට ලාල් කියලා.. මට සෑම් කියනව වගේ.. හිකිස්..
Deleteබොලේ මට මඤ්ඤං වී ඇත.... අයියා මුලින් කියපු ෆිල්ම් සෙට් එකම කරලා තියෙන්නේ අයියාගේ තාත්තද ඈ.... නැත්තම් මේ එකම නම තියෙන දෙන්නෙක්ද අප්පා... මොනා උනත් තාත්තගේ නම මතක නැති එක නම් මාරයි ඈ අඩුගානේ ඉස්කෝලේ යන්නැතිව ලියුමක්වත් ලියවගත්තෙ නැද්ද...
ReplyDeleteඉස්කෝලෙ නොගිහින් ලියුම් ගෙනිච්චෙ නැහැ බොල පොඩි කාලේ.. මොකද තාත්තත් ඉස්කෝලෙ ආව නිසා.. ටීචර්ල දන්නව මම ගෙදර හිටියෝත් හේතුව.. සමහර වෙලාවට අම්මට කියල ලියුම් ගෙනිච්චා අනිත් ඉස්කෝලෙට ගියාට පස්සේ...
Deleteෆිල්ම් සෙට් එකම කලේ කේ.ඒ.ඩබ් පෙරේරා... :)
හපෝයි වැලහින්නම කාපිය මේ සැමාව....
Deleteමම පව් ය !
Deleteහෙහ් හෙහ්... මෙන්න පුත්තු... මචන් උඹේ නම මොකක්ද ?
ReplyDeleteමම සෑම්ද බං..
Deleteඅඩේ තාත්තට හැමෝම ලාල්.. ලාල්.. කියන නිසා තමා සීන් එක වුනේ...
තාම ගමේ ගොඩක් අය ඇත්ත නම දන්නේ නැහැ.. :))
සෑමා මාර පොරක්නේ ඕයි :D
ReplyDeleteමාර කිව්වට මාරම නැහැ බොල.. :ඩී
Deleteතව අවුරුදු ගානකින් සැමාගේ පොඩි එකත් අනිවා කියන්නේ අපේ තාත්තගේ නම සෑම් කියලා. මචෝ උඹේ ඇත්ත නම අර එෆ් බි එකේ ඉන්න නමමද?
ReplyDeleteඔව් බං එෆ්.බී එකේ ඉන්න ඇත්ත නමෙන් තමා.. එෆ්.බී.අයි එකෙනුත් මාව හොයනවා ඒ නමින්ම.. :)
Deleteඒ සිරාවට පොඩි එකා එහෙම කියයිද ?
ඒකනේ මූගේ ටැලන්ට් එක.. දැනුයි කාරනේ තේරුනේ.. එතකොට ජනක සහ මංජු එකේ උන්න උඹේ අයියා කෝ දැන්.. උඹ සෝ එකක් හදන කොට මාව දුෂ්ඨයට හරි ගනින්කෝ බන්..
ReplyDeleteඅප්පේ දුෂඨයාට සුදුසුකම් උබට වඩා තියෙන් ඇත්තෝ ඉන්නව නොවැ..
Deleteමම උබව ගන්නද අර දුටුගැමුණු හිටිය "සුරංගනා ලොවින් ඇවිත්" වගේ සෝ එකකට.. :)
මටම හිනා බොල මම ටයිප් කොරපු කමෙන්ටුවට..
ජයන්තදාස් පෙරේරා නේද?
Deleteපොර ඊඒපී එකේ වැඩ කළා නේද?
හික්ස්ස්..මේකා පටන් ගත්තේ හෙන ඉතිහාස කතාවක් කියන්න වගේනෙ :D :D
ReplyDeleteඅප්පොච්චිගෙ නමත් දන්නෙ නැති උඹ හම ගහන්න වටිනවා ඈ...
ඉතිං බං ඉතිහාස කතාවක් තමා... :ඩී :ඩී
Deleteහැමෝම දන්න නම තමා මාත් දැනගෙන හිටියේ..
අර කාක්කො විදිනව වගේ අපිත් සෙට් වෙලා කෙල ගහන සෙල්ලමක් කරා වැඩිම දුරක් කෙල ගහන පොරව හොයන්න........ඔය දෝදු අයියගෙ ජල්ලි ජකිරි වැඩක් ගැන සෑම් අයිය පහුගිය දවසක ලියල තිබ්බ නේද.......දැක්කනෙ පොර නිසා වෙච්ච වාසිය.....
ReplyDeleteඅහ් දෝදු දුරට චූ කරපු එකද ??
Deleteඅපේ දෝදුවා සෙට් කලොත් පෝරියල් එකක් වුනත් උපකාරත් තියෙනව නොවැ..
මෙච්චර ප්‍රසිද්ධ තාත්තෙකුගේ පුතෙක්ද?
ReplyDeleteඅහන්නත් සංතෝසයි යාලුවා... ඔයා වගේ කෙනෙක් බ්ලොග් අවකාසෙට ආභරණයක්..
අන්න බොහොම ස්තුති..
Deleteආභරණයක් කීවේ නැති වුණ රත්තරං කඩුවක්, ඔටුන්නක් වගේ එකක්ද ?
:))
කන්ඩ එපා හරී මුගෙ ලණු..
Deleteඔය චිත්‍රපටි කරපු KAW පෙරේරා ඇවිල්ලා ඉංග්‍රීසි සර් කෙනෙක්. ගනන් සර් කෙනෙක් නෙමේ. මූ අපිව ගොනාට අන්දන්ඩ යන්නේ.. :-)
මාර වැඩක්නෙ මේක... යට කමෙන්ටුත් එක්ක බැලුවම මම සෑමගෙ ලණුව කාපු ගොනා වෙලානෙ...
Deleteචිත්‍රපටි කොරපු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නෙමෙයි මුගෙ තාත්තා කියලා මමත් දන්නවා බොලව්.... එහෙනම් මූ මගේ බාප්පා වෙන්න එපායැ...
සෑමගෙ ආතල් එක සෑමට ගන්ඩ දීලා කට්ටියම ඒක පිළි අරන් හිටියානම් ඉවරනෙ.. අපිට මොකෝ මේකා කාගේ පුතා උනත්.. මමත් කළේ ඒ ටිකම තමයි...
අන්න උඹත් හොරා වගේ හිටියා මෙච්චර දවසක් කිව්වෙ නෑ නේද අපිට KAW Perera උඹේ සීයා කියලා..
Deleteඑහෙම බලපුවම උබත් බ්ලොග් අවකාශෙට ආභරණයක් නෙවැ.
හරී - නැහැ මචං.. මම දන්නවා උබ ලනුව කෑවේ නැහැ කියලා..
Deleteසෙන්නා - බලපං එතකොට හරීගෙ සීයද පෙරේරා මහතා ??
සිරාවට මටත් පොඩි කාලේ මගේ නමේ මුල් අකුරු ටිකකට පස්සේ එක නමක් කියල කතා කරද්දී හෙන අවුල්.ගොඩාක් දවස් වලට බැනුම්.තමන්ගේ නවමත් දන්නේ නැද්ද කියලා අහනවා..
ReplyDeleteඅඩේ උබ විතරයි මගේ පැත්තට කතා කලේ හැම එකාම මට අද බැන්න...
Deleteමගෙ වැරැද්ද නෙවේ බං... ගමේ එවුන්, තාත්තගේ යාලුවෝ, ස්ටාෆ් එක කියපු නම තමා මම මතක තියන් හිටියේ..
අනික තාත්තේ ඔයාගෙ නම මොකක්ද කියල අහන ලමයි නැහැ නේද ?
උඹනම් අදහන්න වටිනා පොරක්නේ බං...
ReplyDeleteබලාගෙන ගියාම උඹත් වැරදි නැහැ, ඉස්සර කාලේ ගොඩ දෙනෙකුට ඇත්ත නමට අමතරව ගෙදරට කතා කරන වෙනත් නමක් තිබුනනේ...
ඒවා හුරතලේට කියන නම් එහෙමත් නොවෙන නිසා මේ වගේ පැටලිලි වෙන එක අහන්නත් දේකුත් නැහැ
අන්න උබත් මගේ පැත්තට කතා කලා.. අනිත් එවුන් මට දොස් කිව්ව බං.. :(
Deleteතාත්තගේ නම දන්නේ නැහැ කියලා හොදටම බැන්නා..
උඹව තියන්න වටින්නේ නෑනේ බං.. හැබැයි මටත් ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න කාලේ තාත්තගේ වාසගම විතරයි මතකයි.. මොකෝ ඒ කෑල්ල මටත් තියෙන හන්දා?
ReplyDeleteඉතිං ඒකනේ.. මම දැනං හිටියා තාත්ත මොනව වුනත් පෙරේර තමා කියලා..
Deleteඒත් ලාල් කෑල්ල ??????
හොද වෙලාවට ඉස්කෝලෙදි මගෙං තාත්තගෙ නම ඇහුවෙ නැත්තෙ පොඩිකාලෙ . . . මමත් ඒ දවස්වල දැනගෙන හිටියෙ තාත්තට යාලුවො කතා කරන නම . . . "ඇනා"
ReplyDelete"ඕනයා" ගේ තාත්තා "ඇනා" ගැලපෙනව බොල..
Deleteඅඩේ තාත්ගේ නම ඇන්ටන් ද ?
ඇනස්ලි
Deleteඅන්න ලියපං කෝ පෝස්ටුවක් සෑමා වගේ.. ගායක ඇනෙස්ලි මහත්තයවත් ගාවලා.. හිකිස්..
Deleteකේ.ඒ.ඩබ්ලිව්.පෙරේරගෙ පුතා ජයන්ත දාස් පෙරේරා..අපේ අම්මටත් වඩා වැඩිමල්..එතකොට සෑම් ඔයා පොඩි පුතා නම් ඔයාට අඩු ගානෙ වයස 48ක් වත් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්....හෙ..හේ...අපි නම් ගිලීවි ඔය දිරච්ච ලනු...!!!!!
ReplyDeleteඅඩේ කිරිල්ලි නම් මාරයි... මෙයාගේ කනින් රිංගන්න ලේසි නෑ වගේ
Deleteකවුද දෙයියනේ ෆිල්ම් හදපු එක්කෙනා අපේ තාත්ත කිව්වේ...
Deleteඑතුමා කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය..
සෑමාගේ පියතුමා "කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය.."
එනම් "කදන ආර්ච්චිගේ වික්‍රමරත්න පෙරේරාය"
ගැමියා මචං බලපං කිරිල්ලිය කලබල වෙලා නොවැ..
කදන ආරච්චි යන වාසගම මගේ හොඳම යාළුවාගේ වාසගමකි....
Deleteඒ යාළුවා සෑමා නේද :)
Deleteඅඩේ මටත් පොඩි ෆිල්ම් කෑල්ලක ඉන්න සෙට් කරලා දියංකෝ සැමෝ....
ReplyDeleteඑල එල.. පිටසක්වල කතාවක් ගහනවා.. "ඔබ නොදුටු ලොවක්" කියලා ඒකේ ප්‍රධාන චරිතෙ ඉතිං ඔබ තුමාට තමා..
Deleteඔයාගේ තාත්තා කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාද? එයා ගැන අහලා තියනවා. :)
ReplyDeleteඑයාගේ ෆිල්ම් එකක අර 'මංජූ' කියන සිංදුවක් තිබුනු බවත් අහලා තියනවා. :))
මංජු ආහ්...ආ.. ද ?
Delete:))
මෙහෙමත් බොරු කියන අය ඉන්නවනේ...:)))
Deleteබොරු කියන අය බහුතරයක් ඉන්නේ අර දියවන්නාවේ මාලිගාවේ..
Deleteඅඩේ සෑමා ලිව්වේ ඇත්ත සීන් එකක්. කස්ටිය පටලවගෙන මයෙ හිතේ..
ඒ මට ටිකක් පිස්සු වගේ මේක කියවලා.. හී හී.. ලණු දෙනවා කියලා ඔහොමත් ලණු දීමක් තියේද අයියේ.. :P :P :D
ReplyDeleteඅඩේ ලනු නෙවේ මලයා..
Deleteනම් දෙන සමානයි ඒච්චරයි.. කතන්දර දෙකක් එකතු කලා එච්චරයි.. :))
මෙන්න පුත්තු.....
ReplyDeleteනියමයි ඈ............
ඉස්තුති කිව්වා !
Deleteමම මේවායෙන් හතක් බලා තිබේ . පෙරේරා මහතා කාලයක් පිටකෝට්ටේ පැත්තේ සිටියාද ?
ReplyDeleteඅපේ තාත්තා පෙරේරා මහතා නම් උපන් දා සිට කැළණියේය !
Deleteඑසේනම් පෙරේරා මහතා ඔබගේ පියා නොවන බව හොඳින්ම තේරුම් ගතිමි. :D
Deleteකේ.ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා මගේ පියාය..
Deleteඑහෙත් ෆල්ම් හදපු එක්කෙනා වෙනත් කෙනෙකි..
හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච පුත්තු ඉන්නවනෙ බොලව්. මේකගෙ ලණු කන්න එපෝ.
ReplyDeleteවින්චැට් කිරිල්ලිටනම් තියෙන්නෙ මාර මීටරයක්. දැක්කද අපේ සෑමා අර ගැමියා(ගේ පත් ඉ රුව) අහපු ප්රශ්නෙනුයි, මාතලං අහපු ප්රශ්නෙනුයි බන්ඩක්කා වගෙ ලිස්සලා ගිහින් තියෙන හැටි!
henryblogwalker the Dude aka Sherlock Holmes (IBS)
IBS කියන්නේ මොකක්ද?? සැමාගේ ලණුව ගිලලා හිටියේ... කිරිල්ලි නොහිටින්න දිරවගන්න බැරි වෙනවා.කවුදැ දන්නේ සැමා මෙහෙම කෙප්පයක් අතාරිද කියලා ඇත්ත වගේම ලියලා තියෙනවනේ
Deleteගැමියා,
Deleteඒක සෑමගෙ දස්ස කම.. ලෙසටම සිද්ධි ගලපලා ලියලා තියනවා..
සිරාවට සිරාවට සෙන්නා අයියේ
Deleteගැමියා - සිරාවට උබ ගිල්ලද බං.. අවංකවම ලනු දෙන හිතක් තිබ්බෙ නැහැ.. පොඩි ෆන් එකක් දෙන්න හැදුවේ. මම හිතුවේ නැහැ කස්ටිය ඇද ගනි කියලා...
Deleteසෙන්නා - ස්තුති කිව්වා.. සිරාවට කතා දෙකක් එක්කලා බං.. එච්චරයි !
අනේ ගැමි මල්ලී...මුලින්ම මම දාල තියන කමෙන්ට් එකට සෑම් දීලා තියන රිප්ලයි එක බලන්නකෝ.....ඒකෙන්ම පේන්නෙ නැද්ද..?? මම කොනක් අල්ල ගත්තෙ ඔතනින්..ඊට පස්සෙ අම්මගෙන් ඇහුවා..''ජනක මංජු'' ෆිල්ම් එකේ ජයන්ත දාස් එක්ක ඇක්ට් කරපු ''ගෝතමී පතිරාජ'' අපේ අම්මගෙ හොඳම යාලුවෙක්..............හේ..හේ...
Deleteඇයි හත්දෙයියනේ තේරුම් නොගන්නේ..
Deleteමේක ඇත්ත කතාවක්.. අපේ තාත්තා කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා තමා, ඒත් ෆිල්ම් කරපු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා වෙන කෙනෙක්...
මම උඩ කියල නැහැනේ අපේ තාත්ත තමා ෆිල්ම් කලේ කියලා..
කිරිල්ලි අක්කේ-පුරුද්දක් පරිදි පෝස්ට් එකක් කියෝලා කොමෙන්ට් කරන්නේ අනික් අය දාපු කොමෙන්ටු කියවන්නේ නැතුවනේ...ඊට පස්සේ කියවනවා අනික් අය දාපුවා.
Deleteසැමා අයියේ-කැත හිත් වලට ලියු කවි වලට ඇන්දුනාට පස්සේ මේ ඇන්දුනාමය...දෙකම එකට තිබුන නිසා දෙන්නම එක්කෙනෙක් කියලා හිතුනාය...එල එල
ස්තුති ගැමි.. ඇන්දුන එක සතුටකි.. !
Deleteඅපේ පන්තියේ කොල්ලෙක් හිටියා නම සිරිපාල. උගේ ඇත්ත නම ඒක නෙමෙයි. ඒ උගේ තාත්තගෙ නම. ගුරුවරු පවා ඌව දන්නෙ සිරිපාල නමින්
ReplyDeleteහිකිස් අපේ "උපාලියා" වගේ..
Deleteඋගේ තාත්තගේ නම භාවිතා වෙන්නේ.. :))
ලසඳා චිත්‍රපටියෙද 'රෝස නැතුව ගේ පාළුයි රෝසා' සින්දුව ?
ReplyDelete'ජනක හා මංජු' අපේ අම්මයි ඔබීයි ගිහින් බලපු බව මතකයි.
රෝසා ගීතය එච්චර මීටර් නැහැ ඔබා මාමේ... ඒ කාලේ පොඩි එකාල නොවැ..
Deleteඅර සිංදුවත් මතක මර්වින් පෙරේරා මහත්තය නිසා..
ජනක මංජු නම් ටීවී එකේ බැලුවා..
මටනම් හිතුනා සූවර් එකටම බේගලයක් කියලා.මොකද 1960 මුගෙ තාත්තා ෆිල්ම් කලානම් එක්කෝ මූට මාරම වයසයි,නැත්නම් තාත්තා කසාද බැදලා තියෙන්නෙ පහු වෙලා.
ReplyDeleteහිමීට ලිස්සලා ගිහින් තියෙන හැටි දැක්කාම අනිවා බොරු කියලා තේරෙනව..:D
අඩේ බේගල් මුකුත් නැත..
Deleteඅපේ තාත්තාද කේ.ඒ.ඩබ් පෙරේරයා.. ඒත් චිත්‍රපට කලේ වෙනත් අයෙකි.. නම් දෙක පමනක් සමානය. කතා දෙකක් එකට ලිවීමි.. :)
කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාට 60දි 25ක් වත් උනානං 87දි විතර මාර වයසයිනේ. මුගේ බොරුද කොහේද.....
ReplyDeleteබොරු තමයි බොල..
Deleteඅනේ අන්දන්න හිතන්නෙවත් නැතිව ලියපු පෝස්ටුවේ කස්ටිය ඇදගෙන නාල නොවැ..
මචං අපේ තාත්තගේ නමත් ඒක වුනාට එයා ටීචර් කෙනෙක් නොවැ.. අරයා විත්‍රපට කරපු කෙනෙක්..
පිස්සු වගේ මචං.. උඹ කේ. ඒ. ඩබ්. පෙරේරා මහාතගේ පුතා වෙන්න ඇති.. ඒත් ඔය මුලින් ඉන්න පින්තූරෙ ඉන්නේ ඔබතුමා අප්පොච්චි නෙමෙයිනේ ???
ReplyDeleteඅන්න හරි ඒක ඇත්ත..
Deleteමේ පෝස්ටුව සෑමාගේ තාත්තා දුටුවෝතින් කුමක් කියාවිදැයි මට සැකයක් ඇතිවේ...
ReplyDeleteඑක අතකට මූ මගේ පුතා නෙව කීමටත් ඉඩ ඇත...
ඇයි බොල ඒ.. ?
Delete@Sam: ආ මේ ඇවිල්ලා ඉන්නෙ පෝතකයා. ලනු කෑවා නම් කඹ රීපියව් කිව්වලු නේද සෑමා?
ReplyDelete@ගැමියා: ගැමියා අහපු නිසා කියන්නෙ, විභාගෙට යන පොඩි එකානෙ අගෝස්තුවෙ නේද. මම දැක්කා මේ එක එක පොරවල් නමට අගින් එක එක අකුරු එලාගෙන ඉන්නවා. MBBS, FRCS වගෙ. මටත් ඩොක්ට කිව්වා නිතර ටොයිලට් එකට දුවන්නෙ Irritable Bowels Syndrome (IBS) තියෙන නිසා කියලා. ඉතින් මමත් බය නැතුව දාගත්තා ඒක නම අගට. ඩොක්ටත් කිව්වට පස්සෙ තව වෙන මොනවද?
henryblogwalker the Dude
කස්ටිය නිකං කාලා බං.. මගේ තුන් හිතකවත් ලණුවක් දෙන්න අදහසක් තිබ්බේ නැහැ..
Deleteඅපොයි බවල් සින්ඩ්රෝම්ද බොට.. බ්ලොග් අවකාශයේ එහෙම ජලා කරනව නෙවේ.. ;))
තේරුම් ගතිමි ඩුඩ් අයියේ.... මාරයා කියනා පරිදි ඕක හිතේ අප්සට් එකක් විය යුතුමය....
Deleteසැමා අයියේ තා රෙද්ද දුන්නා පමණි.. කපා මසා ඇඳගත්තෝ අපි වෙමු
කමක් නැහැ විලි වැහිල නොවැ.. :)
Delete:D වෙලාවට නෙව යාළුවා ඉඳලා තියෙන්නෙ.. තාත්තගෙ නම සොයාදීම වෙනුවෙන් යාළුවට අර ඉදිආප්ප පාර්සලේ දුන්නෙ නැතෙයි ඉතින්.. :D
ReplyDeleteහික්ස් මොනා කලත් ටීචර් දෙන කොලේ අරන් ඇවිද්දම අපිට ඉදිආප්ප ලැබෙනව නොවැ..
Delete:)
සැමාගෙ තාත්තවයි කෙ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්මයවයි ගොඩ දෙනෙක්ට ටැපලිලා වගේ සැමෝ..
ReplyDeleteඅයියෝ කියන්න පැහැදිලිව එකම නම තිබ්බට කියන්නෙ දෙන්නෙක් ගැන කියල..:D
ඒක නොවැ.. මට පතුරු යන්න බනිනවා කස්ටිය..
Deleteඅනේ මම රටව්ටන්න හිතුවේ නැහැ නොවැ.. ;)
අපේ සමූහ බාලදක්ෂ නායකතුමාගේ නම බී.පී.ආර්. පෙරේරා. ඒත් හැමෝම කියන්නේ නම් ලාල් සර් කියලා. අපිටත් ඕක හරි ප්‍රශ්නයක් වෙලා තිබුණේ. කොතනකවත් එල් අකුරක් නැහැනේ. පස්සේ අපි හිතාගත්තේ "ප්‍රේමලාල්" වෙන්න ඇති කියලා
ReplyDeleteමාර පොරවල්නේ.. පොඩ්ඩක් නම අහල දැන ගන්න එපැයි..
Deleteඑක්කෝ අපේ තාත්තට වගේ ආදරේට කියනවද කවුද දන්නේ..
ජය !
:OOOOOO මෙහෙමත් පුතෙක් :P
ReplyDeleteඅපේ තාත්තට ගමම කියන්නෙ "රාජා" ඒත් නම වෙන එකක් .. මමත් දැන ගත්තෙ පස්සෙ ..
ReplyDeleteඅඩො ඉඳිආප්ප මුල... හා හා... මේ දෝදු කවුද බං? ලොල්...
ReplyDeleteඅහ්.. උබට මතකයි නේ?
Deleteදෝදුවා කියන්නෙ චන්න බං.. ඌට පසුකාලිනව වැටුණු නම නොවැ..
උඹට සැමා සෑම් ඒ ඔන එකක් ලස්සනයි බං මේක පොඩ්ඩක් බැලුවා වසර දෙකකට පසුව
ReplyDelete