Wednesday, March 14, 2012

ආරක්ෂිත ඇසුරකට... (ධනාත්මක චින්තනයෙන්)


ඉස්කෝලේ යන කාලයේ අපිට තිබ්බ අමාරුම වැඩේ හොර බඩු හැංගීමය. ඒ කියන්නේ කෙල්ලෙක්ට දෙන්න අරන් තියපු බර්ත් ඩේ කාඩ් එකක් නැතිනම් දහපාරකට වඩා මහන්සි වී ලස්සනට ලියපු ලියුමක් වගේ දෙයක් අරන් තැබීම ඉතාම අපහසුය. ඉස්කෝලෙ යනකාලේ හොර සීන් සෑමා අතීත මතක යටතේ ඉදිරිපත් කලා මතකැති. (ඉස්සර හොර බඩු හංගපු විදිහ මතක් කරගන්න බඩුත් එක්ක හොරු කියවන්න)

සෑමාගේ අම්මාගේ, මල්ලීගේ, පුතා නොහොත් අපේ මාමාගේ පුතා කෙලි පොඩිත්තියන් දීපු ලියුම් ද උස්සගෙන එන්නේ සෑමා භාරයේ සුරක්ෂිතව තැබීමටය. නැහැ බැහැ නොකියා සෑමා ඒවා සගවා තැබුවද කවදාවත් දිග හැර බලා නැත්තේය. මලයාටද සෑම් අයියා පට්ට ෂුවර්ය. එනිසා බය නැතිව තබා යන්නේය. ඉස්සර බය නැතිව ලග තබා ගත්තාට දැන් නම් ඒවා මතක් වෙද්දී සෑමාට බය හිතෙන්නේය. ඒ ලියුම් වල නම් ගම් නොතිබූ බව මලයා කීවේ මේ මෑතකදීය. එහෙව් නම් ගම් නැති ලියුමක් සෑමාගේ අම්මාට අසු වුනේ නම් සෑමා අද බ්ලොග් ලියන්නට ඉතුරු වන්නේ නැත්තේමය.

දවසක් පොර දුවගෙන ආවේ ලියුම් හට්ටියක් සමගය.

"අඩෝ මේක හංගපං.." පමණක් පවසමින් පොර මාරුය. සෑමා අතේ රැදි ලිපි මිටිය සාක්කුවේ දමාගෙන කාමරයට ආවාට වෙන වැඩක් සෙට් වු නිසා සෑමාට සාක්කුවේ ලියුම් සෙට් එක අමතක විය. මතක හැටියට ක්ලාස් එකක් නිසා හැද සිටි කලිසම බාත් රූම් එකේ එල්ලා සෑමා නිවසෙන් පිටත් විය.

"මචං මම අරක අරන් යන්න එනවා...." බස් එකේ සිටියදි සෑමාට කෝල් එකක් ආවේ මලයාගෙනි. මල හුට්ටප්පරයකි. කලිසම ලියුම් මිටිය සමග බාත් රූම් එකේ වැලේය.

"අඩේ ** සීන් එක.. ඒක වැලේ බං... මට අමතක වුණා.. උඹ දැන්ම අපේ ගෙදරට රිංගලා ගනින් අම්ම නැත්තම් සාක්කු එලියට ඇදලා ඕක හෝදයි" සෑමා මලයාව කුලප්පු කලේ තම ජීවිතයද අනතුරේ බැවිනි.

"මචං වැඩේ හරි... මම ඒක ගත්තා" මලයා පුke කඩියා තියාගෙන නිවසට රිංගා වැඩේ ගොඩ දමා හොද නිව්ස් එකක් දුන්නේය.

එය එදා එසේ සිදු වෙද්දී මෙය මෙසේ සිදුවූයේ ගිය වසරේදීය.

අපේ ඔපීසියේ සිටි පොරක් පෙරුම් පුරාගෙන විත් ‍යන්තම් එකක් සෙට් කරගෙන ඔපීසියේ සැමට මගුලුත් කීවේය. එවන් විටෙක් මගුලට කලින් දින තෑගි පාර්සල් කිරීම සිරිතය. අපේ එකාලා පුරුදු සිරිත් පරිදි ‍කොන්‍ඩම් පැකැට්ටු ගෙනාවේ කොල්ලා පලමු දිනම වැඩේ අවුල් කර ගෙන බඩු පැකැට් කර ගනී වී යැයි සානුකම්පිත චේතනාවෙනි.
Safety 1st !

"සෑමා මේක ලග තියා ගනින් තෑගි පාර්සල් කරනකොට මේක ඇතුලට දාපං..." කියමින් සෑමා අතට ලද පැකැට්ටුව සෑමා පුරුද්දට ඔබා ගත්තේ පොකැට්ටු‍ පොඩ්ඩේය. 

තෑගි පාර්සල් කොට ගෙදරවිත් බැලූ කල සාක්කුවේ ආරක්ෂිත පැකැට්ටුය. අම්මා දැක්කොත් විනාසය. මූ වැඩට යනව කියල ගිහින් කරන්නේ අහවල් ඒවා කියා සිතනු ෂුවර්ය. ඒ අතර මල්ලී ගේ ලියුම් සීන් එකද මතක් වූ නිසාම වැඩි ආරක්ෂාව ගැන සිතු සෑමා එය අල්මාරියේ ඇදුම් අස්සේ එබුවේය. එසේම පසුවට භාවිත විනාස කිරීමේ චේතනාව සහිතවය.

පසු ගිය දිනක සෑමා මුළු අල්මාරියම අස් කළත් පැකැට්ටුව නැත. දිනක් අම්මා අල්මාරිය ඇද්දා වගේ මතකය. සියල්ල සිදුව හමාරය. "අම්මේ අරක කෝ" කියා අසන්නට බැරිය. හේතුවක් නැතිව එක පාරට "ඒක ගෙනාවේ අපේ එකෙක් ගේ වෙඩින් එකට දෙන්න" කියනුද නොහැක.

මාර අප්සට් එකක්ය. සියල්ල මැද දෝදුවා මට මුණ ගැසින. 

"මචං මාර සීන් එක බං.. " සියල්ල මුල සිට දෝදුවාට කීමි.

"අඩේ අවුලක් නැහැ බං.. " දෝදුගේ වදනින් සෑමාගේ මල ඩබල් විය.

"ඇයි ** එහෙම කියන්නේ උඹට විහිළු ඉතිං..."

"පොඩ්ඩක් ධනාත්මකව හිතපං බං.. අම්ම හිතනව ඇති පුතා ආරක්ෂිතයි කියලා..."

අප්පද බොල දෝදුවා නිවැරදිය. ධනාත්මකව එසේ සිතිය යුතුය. 
ආරක්ෂිත ඇසුරකට දෝදුවාගේ ධනාත්මක චින්තනය උචිතය.


Written by sAm_9.30pm_07.03.2012

පලි - දෝදු ගැන කතා දිගටම ලියවුනා නොවැ.. තව තියෙනවා නොවැ.. ඉතිරිය කල් ගිහින් දැමීම ‍හොදැයි ?

පලි / පලි - ජැනට් ඇන්ටිට ලියපු ලියුම පරණ වෙන්න කලින් මේක දාපු එක වැරදිලු.. ඒ නිසා මෙන්න බලපු නැති අයට.

73 comments:

  1. පුතේ මට නම් හිතෙන්නේ දෝදුවාව අසුරු කිරිම උඹට ආරක්ශිත නැති හැඩකි. පාපා මිත්‍ර ගති පෙන්නුම් කෙරේ...

    උඹට මචන් කියන මල්ලි කෙනෙක් ඉන්න එකත් මරු වැඩකි.

    ReplyDelete
    Replies
    1. අපේ අයිය වුනත් මචං, උබ බං බොලං තමා.. සුපිරි ෆිට් නොවැ..

      දෝදුවා හොද එකා මචං.. මෝල් කතා කියනව තමා.. ;)

      Delete
  2. සිකේ කැත සීන් එකක්නේ.අම්මා හිතනවා ඇති පුතා හොද බඩු කාරයෙක් කියලා.මං නම් එහෙම වහ බීලා එල්ලිලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. වහ බීල එල්ලිලා මැරෙන්නේ කෝමෙයි..

      අනේ මන්දා බං මොනව හිතුවද කියලා අහන්න බෑහැනේ.. :(

      Delete
  3. දැන් සිරාවට මෙව්වා එකට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. මෙව්වා එක කෙසේ වෙතත් මමතුමා කුජීතයි බොල...

      Delete
  4. ඇති යන්තං... මං විතරක් නෙමෙයි තව එකෙක් චා වෙලා(හැබැයි ඕව නෙමෙයි) ;) මමත් අද තමයි දැක්කෙ සම්පූර්ණ කබඩ් එකම අස්කරල කියල...

    ReplyDelete
    Replies
    1. සාතන් මොනවටද චා වුනේ.. ??

      Delete
  5. මගේ යාලුවෙක් නම් ඕනෙ මලදානයක් හංගන්නේ යෝද ස්පීකර් පෙට්ටිය ඇතුලේය. මේකෙ පියනක් ඕනෙ වෙලාවක ඇරිය හැකි ආකාරයට හදා ඇතිබව දන්නේ අපි විතරය.
    එක වතාවක් වී මෝලක නැවතී සිටි මගේ යාලුවෙකුට වී ගෝනි ඇතුලේ තිබී කෙල්ලෙකුට අයිති සෙනෙහෙ කොල භාන්ඩාගාරයක්ම හමුවී මාර ආතල් එකක් ගත්තා මතකය.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම කාලයකි බෆල් එකක් අස්සේ සීඩී හැංගුවා බොල.. ඒ ඉස්සර නොවැ.. මේ ලගදි තමා ඔය සීන් එක උනේ.. අම්ම හොයන්නෙ නැති නිසා අල්මරියෙ ඇදුමක් අස්සෙ ගැහුව නොවැ..

      කරුමෙට එදාම අම්ම ඇදුම් අස් කරලා..

      Delete
    2. හුටා ! මගෙත් ලියුක් කරදහි තිබුනෙ බෆල් එකක් අස්සෙ නෙව. බලාගෙන යනකොට කවුරුවත් දන්නෙ නැති තැනක් කියල හිතුවට සේරමල දන්නවනෙ. අපේ අම්මත් දැනං උන්නද දන්නෙ නෑ. ෂෙහ්... !!

      Delete
    3. හිකිස්.. ප්‍රසිද්ධ රහස් ස්ථානයක් වගේ බං.. ඇඩෙනවා..

      Delete
  6. ඔයින් ගියා මදැයි....පිස්සාගේ වල් පත්තර මිටියක් ගෙදරට මාට්ටු විය....ධනාත්මක චින්තන කෙසේ වෙතත් හොඳ ගුටි පාරවල් ලැබුනි.

    ReplyDelete
    Replies
    1. අපේ අයියා වල් පත්තර හැංගුවේ එයාගෙ ඇදේ මෙට්ටේ යටටය. ගෙදර හැමෝම දැනං හිටියත් පොරට ගානක් නැති විය.. :)

      අපේ කොල්ලෙක් බ්ලු සිඩී එකක් බලල මාට්ටුවෙලා තාත්තා උදැල්ලක් අරන් පස්සෙන් එලවලා ගහන්න.. පොර මගේ කතාවල ඉන්න "මාකා"

      Delete
  7. දැන් හොඳටම සුවර්ද මේක අම්මම තමයි ගත්තෙ කියලා..අක්කා ගත්තොත් නම් වැඩේ අවුල් සෑම්..

    ReplyDelete
    Replies
    1. අප්පේ නැහැ බොල.. අම්ම තමා... එදා කරුමෙට මගෙ අල්මරිය අස්කරල නොවැ..

      Delete
  8. අහිංසක මංනං ඕවා ඇහැටවත් දැකලා නැතිය. ඉතිං මට මෙතන ලියන්න දේකුත් නැත්තේය... :D ඒ නිසා කොමෙන්ටුවක් නොදා ඉන්නට තීරණය කළෙමි.

    ReplyDelete
  9. දෝදුවා හරි ...ධනාත්මකව එහෙම හිතපන්....

    ඒක නෙවෙයි කෝ වැලහින්න...? ඒකිට බබා හම්බවෙනකල් ඉන්නවද ඉතුරු ටික දාන්න...?

    ReplyDelete
    Replies
    1. වැලහින්න එනවා ඊලග පෝස්ටුවෙන්.. බොලාල ඉතින් පළවෙනි දවසෙම චාටර් කලා නොවැ ;)

      ස්තුති කිව්වා !

      Delete
  10. ඇඬෙනවාය දුකට නොව සතුටටය...ඈ බොල සෑමෝ විමලේට ඔය හංගපුවයින් එකක් හරි දුන්නනම් අතින් යනවද???

    සැමා අයියා ඒවා නැවත හොයන්නට ඇත්තේ විනාස කිරීමට නොවන බව අප හොඳටම දනිමු....අවුරුදු ලඟ නිසා බැලුම් පිපිරවීමේ තරඟය ගොඩ දාගැනීමට දැන්ම තියා ප්‍රැක්ටිස් කොරන්නට ඒවා සෙවූ බව ආරංචි මාර්ග පවසයි....

    මේක කියවගෙන යද්දි මගේ ලියුම් මිටියක්ද තාත්තාට අහුවූ හැටි මතකෙට නැගුනි ඇඬිල්ල ඩබල් වෙනවාය එදා මගේ රෙදි බේරගත්තේ තාත්තාගේ සරම කඩා ලියුම් ටික පැහැරගැනීමෙනි...නඩු භාණ්ඩ නොමැති බැවින් නඩුව කල් දැමිණි...

    අම්මපා යාළුවෙක් මගේ වෙඩින් එකට ඕවා මිටියක් දුන්නත් මම නෙමෙයි ඒවා පාවිච්චි කොරන්නේ....කොහොමද යාළුවෝ සෙට් එක ඕවාගේ හිල් විදලා දුන්නොත්

    ReplyDelete
    Replies
    1. විමලේ වැඩේ කලෙත් අල්මාරියක් අතුලේ නොවැ.. අතපත ගෑවනම් හම්බෙන්න තිබ්බා.. අඩේ මගේ එක ගත්තෙ පොරද දන්නෙ නැහැ..

      පුම්බපු බැලුම් මදෑ බොල.. අවුරුද්දට අමුතුවෙන් මක්කටැයි ?

      යකෝ තාත්තගෙ සරම කඩල ලියුම් ගත්තද නැහැදිච්ච එකෙක් නොවැ.

      යාලුවෝ දෙන ඒවා පසුවට භාවිත කරන්න.. ;)

      Delete
  11. සීදේවි පත්තර ටික හංගන්නේ ඉස්කෝලේ ලයිට් පෙට්ටියේ....එක එකා පංතියෙදිම කියවලා ආයිත් එතනට දානවා....සඳුදා එනකොට ලයිට් බාස්ලා වයරින් කරනවා අර පෙට්ටියත් ගලෝගෙන....පත්තර පි‍ටුවක්වත් හොයාගන්න බැරි උනා....

    ReplyDelete
    Replies
    1. බාස්ලා ගෙදර ගිහින් වයරින් කරන්න ඇති එහෙනම්..

      අපේ එවුන් කතා ටික කියෙව්වම පොටෝ ගල් කරනවා.. ;) ගෙදර ගිහින් මොනව කරනවද දන්නෙ නැහැ !

      Delete
  12. උඹට තිබුනේ පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇන්ට්‍රි දැම්මොත් මාවම ඇදගෙන යයි බොල...

      Delete
  13. දෝදුගේ චින්තනේ තමා චින්තනේ.... හොර බඩු හංගන්න වෙන තැනක් හොයාගන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. හංගන්නෙ නැතිව භාවිතා කිරීම උචිතයි ශානියෝ..

      Delete
  14. අනේ අම්මා ශොක් වෙන්න ඇති පුතා මෙහෙම වැඩත් කරනවද කියලා.ඇත්ත සීන් එක කිව්වානම් හරිනෙ.වැරදි එකක් හිතාගෙන ඉන්නවට වඩා.

    ReplyDelete
    Replies
    1. අහන්නෙ නැතිව බලෙන් කියන්න ගියොත් තවත් ‍සැකයි නොවැ..

      මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්ද :)

      Delete
  15. ඔය කියන අවුල අපි කාටත් තියෙන්න ඇති. මං කියන්නෙ අම්මල අපේ දේවල් අවුස්සනඑක. හැබැයි ටිකක් වයසට එද්දී(18ක් 20ක් විතර) අපේ අම්ම නං ඒ වැඩේ අත්හැරිය. පසු කාලවල හංගන්න ඕන දේවල් ප්‍රසිද්ධියෙම මගේ කාමරයෙ තිබුනත් කවුරුවත් මොකුත් අහන්නෙ නෑ. හැබැයි අම්ම ඒක නැවැත්තුවට දැං "පොලීසියෙන්" ඉන්නව ඒව චෙක් කරන්න. සෑම ඉතිං තාම පොඩිඑකානේ තව ටික කලකින් ඔව්ව හරියයි.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් 24ක් නොවැ.. එහෙම අවුස්සන්නෙ නැහැ...අම්ම හොයන්නෙ නැති නිසා අල්මරියෙ ඇදුමක් අස්සෙ ගැහුව නොවැ.. කරුමෙට එදාම අම්ම ඇදුම් අස් කරලා..

      අප්පේ පොලිසියත් ඕව බලනවද ?

      Delete
  16. අම්මව තරහ ගස්සන්නෙපා මේ දවස් වල..අනිවාර්යෙන් ඕක මතක් කරයි.. :D

    ReplyDelete
    Replies
    1. හික් හික් මාත් ඉස්සර මොනවාහරි උනාමා අම්මව අක්කලව අවුස්සන්නේ නෑ..ටික දවසක් යනකං...නෝන්ඩි වෙනවනේ ලියුමක් කටේ දාගෙන අම්මා එලවගෙන එනකොට දුවපු හැටි කියනකොට...

      Delete
    2. අපේ අම්ම හොදයි.. අක්ක කට ඇරියොත් විනාසයි..

      Delete
  17. //අප්පද බොල දෝදුවා නිවැරදිය. ධනාත්මකව එසේ සිතිය යුතුය.
    ආරක්ෂිත ඇසුරකට දෝදුවාගේ ධනාත්මක චින්තනය උචිතය.//

    :D:D:D

    ReplyDelete
    Replies
    1. ටැංකූ දත් පෙන්නා සිනාසුනාට !

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. පරණ ඔපීසියේද නැත්නම් දැන් වැඩකරන ඔපීසියේද සෑමෝ ඔය කිව්ව එකා... පරණ එකේ නම් දන්න කියන පොරක් වෙන්න ඕනි.. ;) ;)

    ReplyDelete
    Replies
    1. දොදුවා ඔපිසියේ නෙවේ මචං. අපේ ඉස්කෝලෙ එකෙක්. ගෙවල් ලග ඉන්නේ..

      පරණ එකේ කාවද බොලා දන්නේ ?

      Delete
    2. ඇයි යකෝ තෝයි මායි දෙන්නම ඒකෙනෙ වැඩ කොලේ.. උඹ මෆාස් ‍ලොක්කගෙ ටීම් එකේ නේ හිටියේ.. මම නයිට් එකේ..

      Delete
    3. අෆ්පද බොල මේ අර උස හාදය නොවැ.. අඩේ මීටරේ අවුල් ගියා..

      කෝ තෝ මගේ පේස් බුකියේ නැද්ද ???

      Delete
  20. ඇත්ත ඇත්ත.. අර උඹේ කතාවේ සිතුවා වගේ කෙලෙක් ගෙදරට උස්සන් එන්න වෙන්නේ නෑ ඔහොම ආරක්ශා උනාම..

    ReplyDelete
    Replies
    1. පව් බං සිතුවා.. මට තාම දුකයි.. උබලා ඒව මතක් කර කර සෑමාට දුක් දෙනවා නොවැ..

      Delete
  21. අපි නම් ඉස්කෝලෙ යන කාලයේ ලියුම් හංගන්නේ ඇඳේ ඩබල් ලේයර් මෙට්ටයේ ලේයර් දෙක අතරය. ඉතින් අම්මලාට තබා සක්‍රයාටවත් අප අහු වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපේ අයියත් කලා.. මාත් උස්සලා බලනවා.. පොර හිතුවේ ගෙදර අය දන්නේ නැහැ කියලා.. එත් ඔක්කොම දැනං හිටියා... උබටත් වුනේ එහෙමද දන්නේ නැහැ ;)

      Delete
  22. බබා වගේ ඉන්න මට නම් ඕවගෙ දේවල් වෙලා නෑ. ඒ වුනත් යාළුවෙකුට වෙච්ච වැඩක් මතක් වුනා මේ පෝස්ට් එක නිසා, ඒකත් ලියල දාන්න ඕනෙ කියල හිතාගෙන කොළ කෑල්ලක පොඩි නෝට් එකක් ගහගත්ත. හැබැයි යාළුවගේ නමත් 'පිස්සු සෑම් ' :-))

    ReplyDelete
    Replies
    1. හිහ් .. ඒක නමට ආවෙනික ලක්ෂණයක්ද ?

      Delete
    2. ඔබා බබා.. :)

      හප්පද බොල මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් සෑමාට පිස්සු සෑම් කියල නමක් දාන්න හදන්නේ.. සෑම්වාදී, දේශප්‍රේමි ජනතාව එකතු විය යුතු සංධිස්ථානයක් මේක.. :)

      Delete
    3. අඩේ 'සෙනා'ත් මට එරෙහි වෙලා..

      Delete
  23. ඔක්කෝටම වඩා ගේම තියෙන්නේ ෆාමසියකින් ඕක ගන්න එක තමයි... හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අයිඩින්ට් ඉල්ලුවද ?

      Delete
    2. සිරාවට බොලේ අයිඩින්ටි ඉල්ලනවද????

      Delete
    3. නැහැ බොල වී..ලුවක් කලේ..

      Delete
  24. ධනාත්මකව හිතුවම කොන්ඩම් පැකට් එක අස්ථානගත වීමෙන් කොහේ හරි පුංචි පවුල රත්තරන් වෙන නිසා ( ඒක විසී කරේ නැත්නම්) ඒකෙත් අවුලක් නැත.

    ඒ උනාට අම්මා උඹ ගැන මොනවා හිතනවා ඇද්ද කියලත් පොඩ්ඩක් හිතපන්..
    කාඩ් සුනේ සුන්...

    ReplyDelete
    Replies
    1. කාඩ් කුඩු බං.. ඒත් වෙනසක් නැහැ.. වෙනද වගේම සලකනවා..

      ;)

      Delete
  25. ඉක්මනට ගෙදරින් කසාදයක් හොයලා දෙයි මන් හිතන්නෙ නම්..

    ReplyDelete
    Replies
    1. හප්පේ... නැතිවුණ එක පාවිච්චි කරන්න කියලද එහෙම හොයල දෙන්නේ.. ;)

      Delete
  26. මටත් මාර සින් එකක් වෙලා තියෙනවා කොල්ලෙක් කොහෙන්ද ගත්තු වැනිලා සුරුට්ටුවගයක්‌ මට දුන්නා මම එක අයේ දෙන්න අමතක වුනා.මම ගෙදර ගිහින් කබඩ් එකේ හංගල පස්සේ දවසක අම්මට මට්ටු.වැඩිය මුකුත් කිචුවේ නැහැ.සිගරට් එකක් තිබ්බනං ඉතිං මම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. හපොයි සීයලා වගේ සුරුට්ටු උරනවා කියලා දුක හිතෙන්නැති බොල..

      මලක් තියෙන්න තිබ්බේ.. :)

      Delete
  27. මේකට කමෙන්ට් එකක් දාන්න මට ලැජ්ජයි සෑම්....ඔය පින්තූර අනිත් පැත්ත හරවන්න අරව මේවා කිව්වට මම ලැජ්ජ බයට හැදුන ලමයෙක් හරිද සෑම්....:):)

    ReplyDelete
    Replies
    1. අප්පද බොල එදා විහිලු නොවැ කලේ.. සිරියස් ගත්තද මෙයා.. සොලි.. !

      Delete
    2. ඔන්න ඔන්න ඉතින්.....කවුද අනේ ඕව සීරියස් ගන්නෙ..? ඔය 'සීරියස්' කියන වචනෙ මම ඉතිහාස පොතක වත් දැකල නැහැ.......:DD

      Delete
    3. සීරියස් ලව් ගැන දන්නෙත් නැතිවැති නේද ;)

      Delete
  28. මතක් කරන්න එපා හැංගිල්ලනම්, හංගපු සිගරට් වගයක් අහුවෙලා ගෙදරින් නොගිය එක විතරයි මට උනේ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට හිනා ගියා බං..

      දැන් හංගන්නෙ නැතිවද ගහන්නේ ?

      Delete
    2. සෑම් මේක අහන්නකො......දවසක් මම තාත්තගෙ සිගරට් එකක් පත්තු කරන් මගෙ කාමරේ...ඇඳ උඩ ඉඳන් ජනේලෙන් බලාගෙන කවුද එන්නෙ කියල දැන් ඔන්න වැඩේ පටන් ගත්තා...එක උගුරයි...දන්නෙම නැහැ තාත්ත ආවා කාමරේට...මම අරක දැම්ම බිත්තිය අස්සෙන් ඇඳ යටට....තාත්ත ඇහුව මොකක්ද මේ සිගරට් සුවඳ.? කෝමද මේ?..කියල. එතකොට දුම්පාර එනව ඔන්න ඇඳ යටින්...
      මම නිදහසට මොකක්ද දන්නවද කිව්වෙ?..
      ''..මේ..මෙතන ඇඳ අයිනෙ මකුලු දැලක් තිබුන..ඒක පුච්චන්න මම ඕක පත්තු කලේ ඒක බිමට වැටුනා ඇඳ අස්සෙන්..''
      අනේ ඉතින් මම අම්බානකට ගුටි කෑවා.....
      මේක උනේ පුන්චි කාලෙ හරිද? එදා තමා මගෙ පලමු සහ අවසාන සිගරට් බීමේ දවස.........

      Delete
    3. තාම මකුලු දැල් පුච්චන්නෙ නැද්ද දන්නෙ නැහැ නේද?

      මට මතකයි අපේ අක්ක පොඩි කාලේ බීඩියක් පත්තු කලා හැමෝම ඉස්සරහ..

      Delete
  29. අඩේ අප්පේ ඔය හන්ගිල්ල ගැන නම් කියල වැඩක් නැත..ඉස්සර අපේ යාලුවෙක් හොර ලියුම් හන්ගුවේ ලොකු CR පොතක පිට කවරේ අතුලෙලු...අන්තිමට පොත ඇතුලේ ලියුම් හන්ගලාම පොත 3kg විතර බරලු..:D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. යකෝ ඔක්කොම එකම දේ නොවැ කරල තියෙන්නේ..

      ඉස්සර අපේ එවුන් ඉස්කෝලෙට සී.ඩී ගෙනිච්චෙ පොත් කවර අස්සේ. මම දවසක් වැරදිලා බුද්ධාගම පොතේ කවරෙ අස්සෙත් දාලා.. :(

      Delete
  30. ආරක්ෂාකාරි පහරක් !!!! ලකුණු හයක්ද මන්දා !

    ReplyDelete
  31. @මධුරංග - නැහැ දැවී යාමක්.. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...