Monday, March 12, 2012

ජැනට් ඇන්ටීට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 7)


අපේ අක්කා ගැන ලියුම් ලියලා පොඩි සෑමාට ඉවරයක් නැත්තේමය. වෙලාවකට සියල්ල ඇතැර දමා සුදු වෑන් රථයකට බෙල්ල තැබීම අගනේයයි සිතේ. පවුලේ සංතෘෂ්ඨිය තකා අක්කා නිවැරදි මගට ගැනීම පොඩි එකා වුණත් සෑමාගේ පරම අධිෂ්ඨානය බැවින් එකී වගකීම කර මත තබාගෙන නැවතත් ලිපියක් අකුරු කරමි. ඒ අපේ අක්කා සේම දැයේ වනිතාවන්ගේ රූපාලංකාරය පිණිස විවිධ නිෂ්පාදන වෙළදපොලට ගෙන එන ජැනට් ඇන්ටී අක්කාටය. 

ජැනට් ඇන්ටි අක්කාට ස්තුති පූර්වක ආදරයෙන් ලියමි.. !

කාන්තා දිනය පසුගිය සතියේ යෙදී තිබුණු නිසා සෑමාට හිතුනේ මෙවර පොඩි සෑමාගේ ලිපියෙන් කාන්තාවන්ට අපමණ මෙහෙයක් කළ දැයේ කන්තාවකට ලියුමක් ලිවිය යුතුයි කියාය. එනිසාම ජැනට් ඇන්ටීට හද පිරි බැතියෙන් අකුරු කරන්නට පටන් ගනිමි.

අපේ අක්කාට ඉස්සර නම් හරි කරදරය. කැරට් තලා හෝ උරච්චි කොට මුනේ පල්ප ආකාරයෙන් ලේයර් එකක් දමා ඩබල් ලේයර් ඇදේ දිගාවී සිට සෝදා හැරිය යුතුය. එසේම පිපිඤ්ඤා රවුම් පෙති කපා ඇස් උඩ තබා උඩු බැලි අතට සිටිය යුතුය. සදුන්, කෝමාරිකා, වෙනිවැල් ආඩ තෝඩ, කොත්තමල්ලි, තනපලා, පස්පංගුව ආදිය පවා උරච්චි කරගත් අක්කා ඇදේ දිග් අතට දිගාවි මුහුනේ තබාගෙන සිටියා පොඩි සෑමාට අද වගේ මතකය. කිරි හටිටියක් කෑවොත් අක්කාගේ මුහුනට ඉන් භාගයක්ම වෙන්වේ. පලතුරක් කෑවොත් අපි ලෙලි විසික් කරනවාය. ඒත් අක්කා ඒවා එවලේම මුනේ අතුල්ලා ගන්නීය. අඹ, ආත්තා, කොමඩු ද විටෙක දෙහි ලෙල්ල පවා ඇය අතුල්ලා ගත්තේ අනිච්චානුක ක්‍රියාවක් විලසටය. දිනක් දිවුල් කට්ටක් මුහුනේ ඇන ගත්තේ ඒවා කරන්නට ගිහින් බව වරෙක මට සිතිණ. 

එකී සියළු ශාක සාර කැටි කොට, දිය කොට, බෝතල්ගත කොට අපේ අක්කාට මුහුනේ හා සිරුරේ ඕනෑම තැනක අතුල්ලා ගත හැකි පරිදි වෙලද පොලට ඉදිරිපත් කළ ජැනට් ඇන්ටීට මුලින්ම තුති වන්ත වන්නේ අක්කාගේ දුක්ඛ දෝමනස්ස සමනය කළ නිසා පමණක් නොව ඉන් පොඩි සෑමාට පැ‍වරුණු රාජකාරි පවා අවම වූ නිසාය. ඉස්සර අක්කා උඩුබැලි අතට ඉන්නා විට ගෙදර පොඩි එකා වන මම විසින් ඇයට උපස්ථාන කළ යුතුය. බටයක් ආධාරයෙන් වතුර පෙවීම, ෆෝන් එක ලගට දීම, විටෙක ඇගේ මැසේජස් වලට පවා රිප්ලයි කළේ පොඩි සෑමාය. ඒ ඇයට සෙලවෙන්නට නොහැකි නිසාය.

දැන් ඒ කරදර නැත්තේමය. කැරට් තැලීම, කෙටීම කළ යුතු නැත. එය දැන් බෝතල් ගත කොට ඇත. කළ යුත්තේ ඇතිල්ලීම පමණි. කෝමාරිකා, වෙනිවැල්, සුදු හදුන්, දෙහි, ආදියද එසේමය. ඒවා අවශ්‍යය පරිදි ඇයට ඕනැම තැනකට යෙදිය හැක. විටෙක නිවසේ දෙහි නැති වූ විටෙක පවා අම්මාට පවා ප්‍රයෝජනවත්ය. එය ජැනට් ඇන්ටී කළ අප්‍රමාණ මෙහෙයකි. 

ජැනට් ඇන්ටීට මෙච්චර කැරට්, කෝමාරිකා, වෙනිවැල්, දෙහි ආදිය කොහෙන් ලැබෙනවාද කියා වෙලාවකට පොඩි සෑමාට පුදුමය. ජොනී මාමා කූඩ හදුන්වා දුන් කලෙක එළවලු ගණන් ගියද ජැනට් නැන්දා අපේ කාන්තාවන් වෙනුවෙන් කළ මෙහෙය අප්‍රමාණය. එළවලු ගණන් යද්දී අපේ අක්කා කීවේ "අම්මේ බලන්න ඉස්සරහට කැරට් පේෂ් වොෂ් එකත් ගණන් යයි" කියලාය. ඒත් පුදුම සහගත ලෙස එම සතියේම අපේ අක්කා පේෂ් වොෂ් එක අරන් ගෙදර ආවේ පුදුම සතුටකිනි. ඒ සතියේ අක්කාට පේෂ් වොෂ් එක සමග දෙහි අඩංගු සබන් කැටයක් නොමිලේ ලබා දී තිබිණ. ඒ ජැනට් ඇන්ටී කාන්තාවන් වෙනුවෙන් ගෙවත්තේම වගා කරන ශාකවලින් ලබා ගත් ඵලදාවන් බව මා හොදාකාරව දනිමි. එය මලින්ද මාමා ගෙන ආ "අප වවමු, රුව වඩමු" සංකල්පයට බොහෝසෙයින් සමගාමීව යන වැඩසටහනක් බදුය.

දිනක් ඔබ රූපවාහිනියේ කළ වැදගත් කතාවක් නිසා පොඩි සෑමා අක්කා මාළු කට්ටක් උගුරේ සිරවූ විට පවා උපස්ථාන කොට බේරගත්තේය. එයට ඔබට අප්‍රමාණ පිං අනුමෝදම් කරමි. ඒ සිදුවීම මෙසේය.

ජැනට් ඇන්ටී රූපවාහිනියේ දිනක් කීවේ "විටමින් ඊ පෙති/කරල් කඩා හිස කෙස් වලට දැමීමෙන් හිස් කබලට විටමින් උරාගන්නා බවකි" එය අපි පවුලේ සැම ඉදිරිපිට කෙරුනු වැඩසටහනක්ය. අපේ අක්කාද පහුවදාම විටමින් කරල් ගෙදර ගෙන ආවාය. නෑමට පෙර කඩා හිසකේ ගල්වා සිටියාය. ඇය කීවේ එය ඉතා වටිනා උප්පරවැට්ටියක් බවත් තම කොණ්ඩය මලානික බව නැතිව දික් වූ බවකි. අපිටත් ඉතා සතුටුය. ඒ අක්කා කොණ්ඩය ගැන ඉස්සර සිටම කරදර වූ නිසාමය.

ජැනට් ඇන්ටීගේ උපදෙසින් මම අපේ අක්කාගේ අසාමාන්‍යය සම/චර්මය ගැන නිගමනයකට එලැබියෙමි. විටමින් පෙති ගිලින්නට නිෂ්පාදනය කරන්නේ ඒවා පානය කළ විට ඇගට උරා ගැනීමටය. නැතිනම් දොස්තර මාමා බෙහෙත් නොබොන පොඩි එවුන්ගේ ඔලුවට පෙති කඩා දමනවා ෂුවර්ය. එහෙත් අපේ අක්කාට ජැනට් ඇන්ටීගේ ප්‍රතිකර්මය වැඩ කලේය. එනම් අපේ අක්කාට ඇත්තේ විටමින් උරා ගන්නා සමකි. එය ඉතා වටිනවාය. මම කිසිත් නොකියා අක්කාගේ අරුම පුදුම සම ගැන ආඩම්බර වූයෙමි.

අක්කා ප්‍රතිකර්මය පුරා සතියක් කළ පසු, දිනෙක කැම ගනිද්දී උගුරේ දඩාර මාළු කටුවක් හිරවිය. දොස්තර මහතා කටුව අරන් දමා අක්කාව ගෙදර එව්වද අක්කාට කෑම බීම ගැනීමට නොහැකිව සිටියාය. ඒ ගිලින්නට බැරි නිසාමය. සියල්ල හමුවේ පොඩි සෑමා ලෙස මා පෙර දිනකදී එලැබි නිගමය අම්මාට කියා දුන්නෙමි.

"අම්මේ අපේ අක්කගේ ඔලුවට විටමින් පෙති දාපුවහම ඇගට උරා ගත්ත මතකද ? දැන් මෙහෙම මෙයා නොකා හිටියොත් ඇදිලා ගිහින් කැත වෙයි.. ඒ නිසා කෝම හරි කන්න දෙමු..." පොඩි සෑමා ඒසේ කියද්දී අම්මා සුපුරුදු ලෙස පොඩි එකාගේ ඇගට පැන්නාය.

"උබ කිව්වට කෝම කවන්නද මේකිගේ උගුර තුවාල වෙලා ගන්න දෙයක් නැහැ."

"ඒක තමයි අම්මේ අපි මෙයාට උගුරට නොදී ඇගේ පත්තු බදිමු කෑම තියලා.."

"උබ කියපු කතාවෙ ඇත්තකුත් තියෙනව පොඩි එකෝ ඒත් මම ඕව දන්නෙ නැහැ බොලා ඕනෙ දෙයක් කරපං.. අක්කගෙන් ගුටි නොකා.."

අක්කාගේ අපූර්ව සම ගැන සියළු කාරණා තේරුම් කර දී පොඩි සෑමා අක්කාගෙන්ද අවසරය ලබා ගත්තේය. ගිලින්නට බැරි ආහාර, කැබලි කොට පත්තු වහයෙන් අක්කාගේ ඇගේ බැන්දෙමු. උදේට සුප් දියරද, දහවල බත් කැද ද ඇගේ ගල්වා තැබීමු. අක්කා කීවේ ඇගට ඒවා උරාගෙන අක්කා ශක්තිමත් වෙනු ඇයටම දැනෙන බවයි. පසුවදා අම්මා කීවේ ජැනට් ඇන්ටී කිව්වා වගේ හිස කෙස් වලට විටමින් දැම්මා සේ කැද සහ සුප් ඔලුවේ ඉසකුඩිච්චියක් දැම්මා සේ බදිමු කියාය. අක්කාද ඒවාට හිස සැලුවාය. ඒ ජැනට් ඇන්ටී ලොවට හෙලි කළ ඇගේ අරුම පුදුම සම නිසාය.

අක්කාගේ උගුරේ අමාරුව හොද වන විට අක්කාට හෙම්බිරිස්සාව කැස්ස නොඅඩුව තිබුනේ කැද සීතල නිසා විය හැක. එසේම ඇය වෙනදාට වඩා කෙට්ටු වූවද විටමින් පෙති උරාගන්නා සම ගැන ඇය ආඩම්බර වූ නිසාත් ජැනට් ඇන්ටීට අපි බනිනවාට ඇති අකැමැත්ත නිසාත් කීවේ කෙට්ටු වුණ එක හොදා කියාය.

ජැනට් ඇන්ටී හදුන්වා දුන් නිශ්පාදන නිසා පොඩි සෑමාගේ අක්කා, අම්මා සහ ආච්චී යන තිදෙනාගේ දැන් කිසිදු වෙනසක් නැත්තේමය. අක්කා කොටට අදින නිසාත්, අම්මා සාය හැට්ට අදින නිසාත්, ආච්චි ආච්චිගේ රෙද්ද අදින නිසා පමණක් අපට ඔවුනොවුන් වෙන් කොට හදුනාගත හැක්කේමය. කාන්තා දිනය දවසේ පවුලේ සැවොම ගෙදර මෙගා ටෙලි නාට්ටියක් බලන අතර පොඩි සෑමා තම හඩ අවදි කළේය.

"අද කාන්තා දිනය නිසා රටට වැඩක් කරපු කාන්තාවකට උපහර පිණිස ලියුමක් දාන්න ඕනේ අම්මේ.."

"කවුද බොල ඉතිං ඕකට ඉන්නේ.. චන්ද්‍රිකා නෝනත් නැහැ නොවැ.." අම්මා ප්‍රති උත්තර දුන්නාය.

"ඇයි අම්මේ එයා නැතිවට මොකෝ.. මම ජැනට් ඇන්ටිට ලියන්නම්..."

"ඇති යන්තම් මේක වැදගත් වැඩක් කරන්න යනවා.." අක්කා හද පිරි සතුටින් කීවේ ජැනට් ඇන්ටීට දේවත්වයෙන් සලකන නිසාවෙනි.

"ඇයි බොල පිටරට එකාලට ලියුම් ලියන්නේ.. අපේ රටේ කාන්තාවෝ නැද්ද බොලාට ?" ඒ පැන්නේ අපේ ආච්චීය.

"ඇයි ආච්චී අර ඔයා ගාන ක්‍රීම් හදන ඇන්ටි නොවැ ජැනට් කියන්නේ...ක්‍රීම් ඇතිල්ලුවට මෙයා නම බලන එකක් යැ.." මට මෙන්ම අක්කාටද ආච්චි සමග ආවේ සියුම් තරහවකි.

"ඈ බොල එතකොට අපි අතුල්ලන ක්‍රීම් හදන්නේ අර පලාස්ටික් සැත්කමක් කරලා මුණ ඇදවුණ ජැක්සන් කොලුවගෙ සහෝදරී ජැනට් කෙලීද ?"

එදායින් පසු ආච්චී වෙනදා මෙන් අක්කාගේ කාමරයට රිංගා හොරෙන් ක්‍රීම් ගෑවේවත් ෆේෂ් වොෂ් වලින් මුහුන සේදුවේවත් නැත. ආච්චිට එසේ වූවාට සුවහසක් කාන්තාවන්ගේ අපේක්ෂා ඉටු කළ ජැනට් ඇන්ටීට පසුගිය කාන්තා දිනය වෙනුවෙන් පොඩි සෑමා ඇතුලු පවුලේ සැමගෙන් උපහාර.

Written by sAm_10.50pm_10.03.2012

පලි - ඇගේ අතුල්ලන ක්‍රීම් (epidermal) සමට උරාගත්තාට ගිලින බෙහෙත් (Oral medicines) කුඩු කර ඇගේ ඇතිල්ලුවාට වැඩක් නැති නැත්තේය. ගිලින බේත් මුඛයෙන් ඇතුල්ව metabolize වී ආමාශයේදි උරා ගන්නේය. විටමින් ඊ පෙති හිසට දැම්මාට වැඩක් නැත්තේමය.

75 comments:

  1. හලේ සෑමෝ....ලොගෝ එක ජැනට් නෙමේ.......නේච සීක්‍රට්ස්......;)

    ReplyDelete
    Replies
    1. හිතලම කලවම් කොලා බොල.. මගෙ ජීවිතේ මට වටිනව නොවැ.. ;)

      Delete
  2. හිහ්... අනේ බොලං බොගෙ අක්කා තාම ජීවතුන් අතරද.. ?

    උඹ ඔය ලියන ලිපි වලට උත්තර එහෙම ලැබිලා තියනවද කවදා හරි... ?

    ReplyDelete
    Replies
    1. උත්තර ලැබෙයි බං කොයි වෙලේ හරි.. !

      මතක තියා ගනිනං දවසක බ්ලොග් පෝස්ට් එකක්වත් නැතිවුනොත් මේවට ප්‍රති උත්තර ලැබිලා බව.. :ඩී

      Delete
  3. මොනවා වුනත් සිරා කතාව.හුගක් අය ඔය කොන්ඩෙට විටමින් ඊ දාන්න කියන කතාව කියනවා.හික්ස්....මොනවා කරන්නද???

    හැබැයි ක්‍රීම් වලත් විටමින් ඊ තියේලු..

    ReplyDelete
    Replies
    1. අප්පේ බලන්න ඔලුවක් නැහැ වගේ ගෑල්ලමයි බොන බේත ඔලුවට දාන කැත..

      ක්‍රීම් නම් අතුල්ලන්නම හදපුවා නොවැ..

      Delete
  4. පොඩි සෑමාගේ අක්කාටම මේවා පෙනීයං.... :)))

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා එයාට බය නැත්තේය.. :පී

      Delete
  5. අය්යෝ පොඩි එකෝ ප්ලාස්ටික් සැත්කමක් කරපු කෙනෙක්ද ජැනට් ඇන්ට්..හොඳ වෙලාවටනෙ අපි ඕව ගාන්නෙ නැත්තෙ..හැබයි ආ පලතුරු ලෙලි මූනෙ ගාන එකනම් මමත් කරනව.. :D

    ReplyDelete
    Replies
    1. හි හි කටු අනෝදා අහුවෙන්න තියෙන්නේ කටු පැත්ත උලාගන්න

      Delete
    2. පරිස්සමින් වවුලෝ එල්ලේවි ඔයාගේ මුනේ.

      Delete
    3. අයියෝ..හැමදේම ගාන්නෙ නැතෝ..සැමාගෙ අක්කියා වගේ..

      Delete
    4. හිකිස්.. ඒ කියන්නේ මෙයත් උලනවා නොවැ පලතුරු.. ඔහොම යංකෝ.. ගැමිය කීව වගේ වෙයි..

      අසරණයා - වවුලෝ කතාව මොකක්ද බං. අනෝද කන්නේ වවුලොද ?

      Delete
  6. සෑමාගේ අක්කාට කෙසේ වෙතත් ජැනට් ඇන්ටී දුටුවොත් ක්‍රීම් හැදිල්ල පැත්තක තබා පාන් කාලක් කා ගෙදරට ගොස් නිදාගන්නවා සුවර්ය...

    ReplyDelete
    Replies
    1. ජැනට් නැන්දා එහෙම කලොත් කාන්තා පරපුර කැත වෙනවා සුවර්ය.. අපලාදේ !

      Delete
  7. ජැනට් නැන්දාට ජාතියේ සහ මාගේ උපහාසය ආහ් වැලදුනා උපහාරය!

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි නම් නැහැ ජැනට් නැන්දට කේන්ති‍ ගියොත්..

      ස්තුති !

      Delete
  8. හික්ස්... මට පේන්නේ සෑමාට පත්තුවක් බඳින්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. මෙයා බය කොරනව නොවැ.. :)

      Delete
  9. හික් හික් අර (මොකක්ද)පලා ගෑවාම සුදු වෙනවද අයියේ මාරයි ඒ අක්කාට මෙවන් සහෝදරයෙක් ලැබීම කොයිතරම් වාසනවාක්ද අප්පා....මේ ලියුමට නම් කවද හරි සැමාව උස්සන්නේ කෙල්ලෝ රොත්තක් ඇවිත් හපෝයි

    ReplyDelete
    Replies
    1. එවන් අවාසනාවන්ත සිද්ධියක් සෑමාට නොවේවා...

      කෙල්ලෝ එහෙමත් උස්සනවද බොල ?

      Delete
  10. අනේ බං පරිස්සම් වෙයං. ජැනට් ඇන්ටිටත් වැන් තියෙනවලු.හැබැයි පාටනම් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුදු පාටම වෙන්න ඇති බොල.. ක්‍රීම් ගාලා වෑන් සුදු වෙලා ඇති.. :)

      Delete
  11. කොල පාට හර්පල් වෑන් එකක් ඇවිත් හබරල කරලා දායි හොදේ..................
    පට්ටයි

    ReplyDelete
    Replies
    1. සිරා කමෙන්ටුව වචන ගැලපෙන්න කවියක් වගේ ලියල නෙවැ.. :)

      ස්ටූටී !

      Delete
  12. එළ සීන් එක සැමෝ...උඹට එක අක්කයි මට අක්කල දෙන්නයි ඒ කාලේ මී කිරි එහෙම කාපු කාලයක් මතක නෑ...ඒවා අක්කලගේ මූනේ...ඔය රටේ නැති ජාති තලලා පොඩි කරලා මූනේ අතුල්ල ගන්නවා....හික් හික් ඒ සීන් මතක් උනා මේක දැකලා..ජැනට් අක්කට ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපෙ අක්කා හදන ආලේපන මටත් දෙනව බොල ‍ඉතිරි වුනාම. මාත් අතුල්ලනවා. ඒත් සුගතියක් නැහැ.. ;)

      Delete
  13. අලුගෝසුවාMarch 12, 2012 at 11:49 PM

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කිව්වලු මට නම් ඔය ජැනට් ගනිව පෙන්නන්න බෑනේ!

    ReplyDelete
    Replies
    1. පව් අප්පේ.. දැයේ යුවතියන්ගේ ජීවනාලිය නොවැ..

      ස්තුති අලුගෝසුවා මේ පැත්තෙ ආවට.. බයේ බැහැ බොල නමට..

      Delete
  14. අද තමා මම මේ පැත්තේ ආවේ...:) නියම කතාව....සෑමාගේ අක්කාට ඉක්මනින් මේක පෙනේවා කියල ප්‍රාර්ථනා කොරනවා ඕන්....:D ජැනට් ඇන්ටිද මේක දැක්කොත් ක්‍රීම් කර්මාන්තෙ වහනවා බොල....:D

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඇත්තටම අපේ අක්කා නෙට් යන්නෙ නැහැ බොල. එහෙනම් මරනවා සත්තයි. මොකද මේච්චර දෙයක් ඇත්තට වුනේ නැති නිසා.. ;)

      ස්තුති මේ පැත්තේ ආවට. අපිත් එන්නම් එහේ..

      Delete
  15. ඔය ජැනට් ඇන්ටිගේ එක එක ඒවා අපේ ගෙදරත් තියෙනවා මම දැක්කා ලංකාවට ගිය වෙලේ.. මේවා ජැනට් ඇන්ටි නෙමෙයි.. බොලාගේ අක්කා දැක්කම තමයි උඹව සුදු වෑන් එකකට යට කරන්නේ..

    ReplyDelete
    Replies
    1. අප්පේ හැම එකාම බය කරනව නොවැ සුදු වෑන් ගැනම කීලා.. ;)

      Delete
  16. මේක නම් පැහැදිළිම ඊරිසියාවට ලිව්ව පෝස්ට් එකක්....ඇයි පිරිමින්ට ලස්සන වෙන්න ඕවා හදල දෙන්නෙ නෑනෙ කවුරුවත්.........

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ. ඔය තියෙන්නේ ෆෙයාර් ඇන්ඩ් හැන්සම් එහෙම. :D :D
      (හැබැයි මගේ යාලු පිරිමි ළමයෙක් කැම්පස් යන කාලේදී ඔය ෆෙයාර් ඇන්ඩ් හැන්සම් ගැන කිව්වේ මෙහෙම 'ඒක එච්චර එෆෙක්ටිව් නෑ මචන්. උඹල ගාන කෙල්ලන්ගේ වර්ෂන් එක තරං ඒක වැඩ කරන්නේ නෑ')

      Delete
    2. හිකිස්.. පිරිම සම සුමුදු නැහැ නොවැ.. ඒක නිසා වෙන්න ඇති එෆෙක්ටිව් නැත්තේ..

      Delete
  17. ඇයි ඔය රූපලාවන්‍ය ගැන උපදෙස් දෙන්න ටීවී එකට එන සමහර ඈයෝ දැක්කාම එයාලා දෙන උපදෙස් පිළිපදින්නත් බය හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. අප්පද බොල පූසත් ඒව ට්‍රයි කොරල තියෙනවද ?

      Delete
  18. පොඩ්ඩි කල්පනා කලේ ඔය අක්කා ඇත්තටම කොච්චර ලස්සන ඇතිද කියලා. :)

    ReplyDelete
    Replies
    1. මම කීවේ ජැනට් අක්කා නෙමේ ඔයාගේ අක්කා.:D:D

      Delete
    2. හිකිස්.. ඇත්තටම අපේ අක්කා මේව කලේ නැහැ නොවැ.. ඉදල හිටල පේෂ් වොස් එකක් දැම්මා.. එයා දැක්කොත් මාව මරනව සුවර් !

      Delete
  19. අහෝ දුකකි ඉරකි තිතකි ..මෙවැනි අක්කලා ලද අපි පින්වන්ත වෙමු ..!!(අපේ ගෙදරත් මටත් ඔය සෙතෙමයි..!!),

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... හැම අහිංසක මල්ලියෙක්ටම ඔහොම අක්කල ඉන්නව නොවැ !

      Delete
  20. මෙදාපාර පොඩි සෑමාට එන්නේ රෝසපාට වෑන් එකක් ඔන්න බලහන්කෝ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. රෝස පාට එකක් නම් ලස්සනට යන්න පුලුවං නොවැ..

      කනියගෙ ‍බ්ලොග දැක්කෙ අද නොවැ.. සිරා !

      Delete
  21. තව දුරටත් අදහස් දැක්වූ ජැනට් ආන්ටිගේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියෙ ඉදිරියේ සිට සියලුම වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා පොඩි සැමාගේ මුහුණ යොදාගන්නා බවයි.

    ReplyDelete
    Replies
    1. අප්පේ... ඇන්ටිගේ බිස්නස් නැති කොරන්ට යනවද ?

      :))

      Delete
  22. ජැනට් අක්ක විතරක් නෙවේ, උන්දැගෙ පරම්පරාවම ඇවිත් සෑමව උස්සන් යනව මේක දැක්කොත් හෙම.... දැන් මුළු පරම්පරාවම බියුටි කචල්වලට බැහැල නේද....

    ReplyDelete
    Replies
    1. ගෑනු උදවිය ඇවිත් උස්සං ගියත් කමක් නැහැ නොවැ..ලස්සන කොරල එවයි සෑමවත්. ;)

      Delete
  23. හූ ද ફક ඉස් ජැනට් ?

    ReplyDelete
    Replies
    1. බියුටි කචල් කරන ලාංකීය ඇන්ටි කෙනෙක් නොවැ..

      Delete
    2. මෙන්න මෙතෙන්ට ගිහිං බලන්න අයියා . . .

      Delete
    3. බොලේ ඕනයත් දන්න බියුටි කචල්. තෑන්ක් යූ.

      Delete
    4. ටැංකූ ඕනයා.. ප්‍රස්න අහවරයි නොවැ..

      Delete
  24. හනේ වාසනවන් මට ඔය වගේ අක්කෙක් නැති උන එක.. ‍ඒත් මේක බැලිය යුතු අක්කෙක් සිටින්නේය. එයා වෙනුවෙන් මම මේ පෝස්ට් එක මේල් කරමි. සෑමාට තුති.
    ලින්ක් එකත් දාලයි යැව්වේ.. ;)

    ReplyDelete
    Replies
    1. ටැංකූ.. වෙන එවුන් නොකියා කරන එක ප්‍රසාද් වැදගත් විදියට කරලා..

      ස්තුති සහෝ නැවතත්..

      Delete
  25. මේක සෑමා ලියපු හොඳම පෝස්ට් එකක්. *****

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතී..

      මට හිතෙන හැටි ලියන්නේ බොලාද.. දන්නෙ නැහැ නොවැ..

      Delete
    2. ඔවු ඒ මං තුමා තමයි. ස්තුතියි සෑමා කමෙන්ට් එකට. මුලදි මම තනියෙම මේ පෝස්ට් එක කියෙව්ව. දැන් ගෙදර ඔක්කොටම පෙන්නුවා. ඈත ඉන්න පවුලෙ සාමාජිකයෙකුට ලින්ක් එකත් යැව්වා.

      henryblogwalker the Dude

      Delete
    3. හරි මචෝ.. දැන් බොලාගෙ බ්ලොග මට අප්ඩේට් වෙනව නොවැ.. මම එන්නම් බලන්ට..

      ජය !

      Delete
  26. යකෝ බලං ගියාම ජැනට් ඇන්ටිට ලබනපාර ජනාධිපති වෙන්න පුළුවන්නේ මේ කරලා තියෙන සේවයට.. !

    ReplyDelete
  27. යකෝ බලං ගියාම ජැනට් ඇන්ටිට ලබනපාර ජනාධිපති වෙන්න පුළුවන්නේ මේ කරලා තියෙන සේවයට.. !

    ReplyDelete
    Replies
    1. නැතුව.. දැයේ කතුන් ලස්සන කලා නොවැ.. :))

      Delete
  28. සෑමාව සුදු වෑන් වලින් ඇවිත් ඉස්සුවත් මදිනේ බොල.. :P

    ReplyDelete
    Replies
    1. මේං තවත් එක්කෙනෙක් අහුවුනා අම්මපා ස්ත්‍රී පරාණ කසල ශරීරෙකට නාස්ති කරන තරම් ඔව්වා කාහන්කෝ අඩුගානේ බඩටවත් යනවනේ

      Delete
    2. ඔන්න අපි නම් සද්ද නැහැ ඕං..

      ගැමියා බලාගෙන මෙයාලට තද වෙනවා ඇන්ටිට එක එක ඒව කියනකොට..

      Delete
  29. සුදු නෙවේ අයිස්.. රෝස වෑන් එකක් එන්නේ මෙදාපාර

    ReplyDelete
    Replies
    1. සෝයි නොවැ.. ලස්සන ගෑල්ලමයි එක්කම එයිද ? ;)

      Delete
  30. දැං කාන්තාවන්ගෙ පොකැට්ටුවෙ බර සෑහෙන අඩුකරන්නෙ ඔය ඇන්ටි තමා.

    ReplyDelete
    Replies
    1. පවුල නිසා රාජ් ගේ පොකැට්ටුවට අවුලක් නැතැයි සිතමි.. ;)

      Delete
  31. හෙහ් අන්න ලියුම්. උඹ කාන්තා දිනේ වෙනුවෙන් හොඳ වැඩක් කරලා තියනවා. මගේ සුභ පැතුම්.:D

    මේක හැමදාම කියවන්න වටිනා බ්ලොග් එකක් නේ.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ.. සොරි දැන්නේ කමෙන්ටුව දැක්කේ..

      Delete
  32. සෑමා මේක කිව්වාම අක්කා සද්දේ වහලා ඉන්න ඇති නේ. එහෙමත් නැත්නම් සෑමා මෙලහකට ගමකට ගුටි කාලද දන්නේ නෑ.
    ලියවිල්ල නම් සුපිරි පොඩි චෑමෝ !!!

    ReplyDelete
    Replies
    1. අඩේ අපේ අක්ක ඇත්තටම මෙහෙමෙ නැහැ මචං.. :)

      ස්තුතී..සොරි පරක්කු වුණා දැන්නේ කමෙන්ටුව දැක්කේ !

      Delete
  33. මට හිනාව නවත්තගන්න බෑ දෙයියනේ... කොමෙන්ටුව පස්සේ දාන්නම්. එලම කිරි පොස්ට් එකක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...