Monday, March 5, 2012

ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...




තෙමුණු සිරුරට තදින් වෙලිලා
සීතලට ලග තවත් හිදලා
ඇය සමග තනි කුටියෙ සරලා
සනසවන් ඇය තවත් මිරිකා


යුවතියගෙ රස රහස් තැන්වල
ඇතිල්ලෙන විට නුඹේ අතගෙන
සිතා ගන්නට නොහැකි වූ කළ
ලැජ්ජ හිතුනා මට ලියන්නට


තනිවු කුටියේ ලදුන් අතරේ
ලැමේ සුව විද, පාද අතරේ
සිනිදු සුව ඇති පහස වින්දේ
ලොවට රහසේ නොවේ මිතුරේ


ඇතිල්ලෙන කල ලිස්සලා යන
අපූර්වත්වයෙ නිමැයුමකි නුඹ
ලිහිසි බව නැති වුනොත් නුඹ ලග
කතුන් තරහා වෙනවා සත්තක


රස රහස් තැන් සිප බලාගෙන
දිනෙන් දින නුඹ යන විනාසව
ඒත් දිනකට විදින මිහිරිම
ස්පර්ශයම නුඹ විදී සතුටින


කෙලෙස් මල පිරි රතියෙ වෙලිලා
නුඹ ලගට එයි ඇයත් දුවලා
වින්ද සැප යලි මතක් කරලා
නුඹට තුරුලුව හිදී තෙමිලා


ඇගේ සිරැරේ තදින් වෙලිලා
ඇයද නුඹ තව තවත් මිරිකා
දියව යන තුරු නුඹේ සිනහා
අතුල්ලයි තව තවත් මිරිකා


*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*




Written by sAm_4.13pm_04.03.2012

කැත හිත්වලට ලියූ ලස්සන කවි බොහොමයක් ඊ-මේල් ලෙසට සංසරණය වීම සෑමාගේ සතුටට කරුණකි. නමුදු ඒ එකකවත් සෑමාගේ බ්ලොගේ ලින්කුව අඩංගු නොවීම දුක්ඛිතය. එකී සිදුවීම් ගැන මා දැනුවත් කළ නිසුපා ඇතුලු සියල්ලන්ට තුති. 

සැ/යු - කවි ඉස්සුවාට කමක් නැත. බ්ලොගේ හෝ පෝස්ටුවේ ලිංකුව අඩංගු කරන්නේ නම් මානුෂිකය.

77 comments:

  1. එකක් කියවලා කට ගන්ඩ ලැබුනේ නෑ තව එකක් !
    හොද වෙලාවට කවි සෙට් එකෙන් කියවෙන්නේ සබන් කෑල්ලක් කියලා හිතුනේ. නැත්නම් ඇඳන් ඉන්න සරමට දැන්ම සබන් ටිකක් ගාලා හෝදලා දන්න වෙනවා ! :)

    ReplyDelete
    Replies
    1. අඩේ පට්ට කමෙන්ටුවක් ඉස් ඉස්සෙල්ලම..

      ඕක කාඩ්බෝඩ් වගේ නේද බොල හෝදන්නෙ නැතිවම ඉදලා.. :)

      ස්තුතී සහෝ !

      Delete
  2. අදනම් කලින්ම අල්ල ගත්තා..

    උඹේ ටූත්පේස්ට් කවිය මටත් ආවා අමු අමුවෙම.. පස්සේ බොගේ නම දාලා මම හැරෙන් තැපෑලෙන්ම යැව්වා. ඊට පස්සේ හම්බෙච්ච උන් ආයේ නම මකලා උන්ගේ වගේ යැව්වද කියලනම් මම දන්නෑ රජෝ..

    බල්ලොත් එක්ක බෑ.. ඒ වුනාට සැලෙන්ඩ එපා බන්...

    ReplyDelete
  3. ඈ පොඩි සෑමෝ, කෝ බං වැලහින්න?

    ReplyDelete
    Replies
    1. වැලහින්න සබන් දාලා හේදුවා බොල... හිටුකෝ කලබල නොකර.. ලගදීම ලගදීම එනවා..

      Delete
  4. කෝ බන් මගෙ කමෙන්ට් එක. උඹ මැකුවවත්ද ?

    ReplyDelete
    Replies
    1. අඩේ කමෙන්ට් ඩිලීට් කොරනව කියල මට කම්ප්ලේන් ගොඩයි..

      හප්පේ කුණු හබ්බ උනත් මකන් නෙ නැහැ බොල මම.. :)

      Delete
  5. පින්තූරේ දැක්ක ගමන් හිතුනා නාන කේස් එකක් කියලා කියවගෙන යද්දි මීටර් වැඩේ මුලින් දාපු පින්තූරේ වෙන කපල් එකක් දැම්මනම් කෙල පෙරාගෙන කියවයි හි හි දැන් නම් බ්ලොග ගින්දර වගේ කියවන්න පුළුවන් එල ආ.... වැලහින්න මග එනවදෝ

    ReplyDelete
    Replies
    1. වැලහින්න සබන් දාලා හෝදගෙන මග එනෝ...

      ස්තුතී කිව්වා..

      Delete
  6. නිල් පාට සබන් කැටයක්... ම්ම්ම් මොනාද වර්ගය... මොනා උණත් මගේ ආස පාට... :)))

    ReplyDelete
    Replies
    1. සබන් වල පාටට ආස නිසා.. දියවෙයි කියල ලෝබකමේ සබන් ගාන්නෙ නැති අයත් ඉන්නව නොවැ..

      Delete
  7. හොද වෙලාවට මම කවි කියවන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට නැත්තම් ඕනයා නරක් වෙනවා..

      අනික හොද වෙලාවට ඕනයා කවි ලියන්නෙත් නැත්තේ :)

      Delete
  8. ස..ස්.....සබ්..බන්....කෑල්ලක් ගැනනේ....:))

    වැලහින්න මග ද ?

    ReplyDelete
    Replies
    1. වැලහින්න සබන් දාලා නානවා බොල...

      ලගදීම එනවා.. !

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අපි කැත හිත් තියෙන් උන්නේ බං.. හිතන්නෙම කැත විදිහටනේ..

    ReplyDelete
    Replies
    1. නැහැ බොල උඹල හොදයි.. හිත් හොදයි කියල හිතාගෙන එවුන් මේවට පලු යන්න බනිනවා. ඒ උන්ගේ කැත හිත් නිසා..

      Delete
  11. චිකේයියා අපේ හිතුත් කැත කරනවා...ඇයි ඉතින් අර පොටෝ එක මේ පැත්තට හරවල දැම්මෙ නැත්තෙ...?

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රීන් එකට පිටි පස්සෙන් ගිහින් බලන්න තියෙන්නේ.

      Delete
    2. හප්පේ කිරිල්ලියකගේ ඉල්ලීම මෙච්චර දරුණුද බොල..

      දාන්ට තිබ්බ පොටෝ නම්.. දැම්මනම් කෙලි පැටික්කියෝ සෑමගෙ ‍බ්ලොගට පය ගහන එකක් නැහැ :)

      Delete
    3. ෆොටෝ එක අනිත් පැත්ත හරවලා දැම්මා නම් පිරිමි ඈයොන්ට පුටුවක වාඩි වෙලා පෝස්ට් එක කියවන්ඩ බැරි වෙනවා.

      අම්බෝ මේ කිරිල්ලිත් ඉල්ලන ඉල්ලීම් !

      Delete
    4. හිකිස්.. හරි දරණු ඇත්තියෙක් නොවැ..

      කෙල්ලෙක් ගේ පොටෝ එකක් අනිත් පැත්ත හරවන්න හදන්නේ ඇයි කිරිල්ලියක් වෙලත් :ඩී

      Delete
  12. තිත් තිත් දාලා යට සබං කෑල්ල දැම්මේ නැත්තං හිතං හිටියේ කෝමාරිකා දන්ඩක් වගේ එකක් ගැන කියන්නේ කියලා.....

    ReplyDelete
    Replies
    1. කෝමාරිකා දණ්ඩ කීවේ අර ගෑල්ලමයි මූනේ සහ ඇග පුරාම අතුල්ලන මිරිකුවාම ජූස් එන දන්ඩ නේද ?

      Delete
    2. ඔව් ඔව් ඒවා තමා....වේලිලා වගේ තිබ්බට කැඩුව ගමන් ජූස් එනවා......

      Delete
  13. මට නං සබන් මතක් වුනේම නෑ, හැබැයි කලින් ඒව කියවල පුරුද්දට රැවටිල්ලක් කියල නං දැනන් හිටිය.... :-)

    දැන් නං බැක් ග්‍රවුන්ඩ් එක මරේ මරු, ඇහැට හෙණ පහසුයි, තෑන්ක් යූ.

    ReplyDelete
    Replies
    1. විස්වාස කරනවා නං විස්වාස කරපං, නැත්නං නිකා හිටපං Sam, මමත් ආවෙ කැත හිතකිං නෙමෙයි ඕං. කැත හිතකින් යනවා නං යන බොග් සයිට් තියෙනවා, අර ඔබා අයියගෙ එක වාගෙ.
      හුටා, බ්ලඩි ශිට් නේද? මේක කෙ‍ටුවෙ ඔබා අයියගෙ කොමෙන්‍ටුව යටින්ම නේද? පොර ආයෙ එන එකක් නෑ මේක කියවන්න. ඔන්න ඔහෙ තියෙද්දෙන්!
      henryblogwalker the Dude

      Delete
    2. මේවා අලියට වගේ සෑහෙන කාලයක් මතක තියෙන දේවල්...ආරංචිද ඕනය දේයියනේ කියල ඉස්සෙල්ලම දාපු බ්ලොග් පෝස්ට් එක අයින් කොරන්න සිද්ධ වුනේ මොකද කියල ?

      දන්නැත්තන් මෙතනින් ගිහින් බැලියාකි

      Delete
    3. @ ඔබා - වයසක උන්දලැට දැන් මේ පාට හොදයි කියල ආරංචි වුණා ;)

      ස්තුතී කිව්වා..

      @Dude - අප්පද බොල ඔබා මාමා මෙහෙ ආවෙ නැතොත් පාලුයි බොල.. :)
      එන්නෙ නැහැ කියල කෙටුවට කෙලෝ ගත්ත නේද කොල්ලා..

      Delete
  14. අපෝ රැවටිච්ච තරමක්. කැතයි හොදේ.

    ReplyDelete
    Replies
    1. කැත අකුරු ද ?

      ස්තුති !

      Delete
  15. උඹද වල් අපිද වල්.හැමදාමත් රැවටෙනවා ඒත් අදත් රැවටුනානේ.චික්....

    දැන් ලස්සනයි.සිරියාවන්තයි.හිත ඇදිලා යනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. අපි මල් වගේ හොද ලමයි නේද, අතරින් පතර වල් පැල..

      මාත් සතුටුයි බං ! කස්ටිය කරදරයක් නැතිව කියවන එකට..

      ජනතාවාදී සෑමා බ්ලොගේ පාට වෙනස් කරයි :)

      Delete
  16. වෙනදා මෙන්ම පට්ට පට පට. බොහොම අගෙයි. මේව ඉතින් පොඩි මෑන් ගෙනුයි සෑම් ගෙනුයි පමණයි. අර කිව්වා වගේ කපල් එකක් නාන පින්තූරයක් දැම්මානම් වැඩේ නැගලම යනවා.
    පින් සිද්ද වෙනවා... ඇහැට හරි සනීපයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න පාට වෙනස් කලා..මාතලන් ගේ ඉල්ලීම උපරිමයෙන් ඉෂ්ඨ කරන්ට ලැබීම සෑමා ලද භාග්‍යයක්.

      පින්තූර භාවිතය පරිස්සමින් බොල කරන්නේ. ඔය දාපු එකත් බොද කරල නොවැ දැම්මේ.. හොදට තිබ්බා නැත්තම්.. :)

      ස්තුති සහෝ..

      Delete
  17. ඇනෝල මට කරදර කරන්නේ නැහැ. මොකද මම කවදාවත් ඇනෝ ‍කමෙන්ට් දාල නැති නිසා. ගොඩක් බ්ලොග් කරුවො තමන්ම ඇනෝ වෙස් අරන් තම‍න්ට එදිරිව කමෙන්ට් කරනවා. ඒ හිට් වෙන්න

    සෑම්ගේ කතා බලන අය ඇනෝ විදිහට ඇවිත් චොර කරන්නේ නැහැ. මේ කමෙන්ටුවෙන් පස්සේ එයි ද දන්නෙ නැහැ !

    හුකපිය තොගේ අම්මට

    ReplyDelete
    Replies
    1. අලේ.. අර මම කලින් කොහෙද මන්දා දාපු කෙමන්ටුවක් මෙතන පේස්ට් කොරලා නොවැ..

      අහවල් එක කරන්නට පියා සිටී. හැබැයි නියම පිරිමියෙක් ලෙසට. නන්නාදුනන නමින් එන පොන්ටිං මාමලා ලෙස නොවේය..

      ජය පතමි..

      Delete
    2. සෑමා කියා ඇති කතාව එලය අහවල් එක කරන්නට පියෙකු සිටී....මේ වගේ කතා ලියන්නෙ පියෙකු නැති අවජාතක උන්ය මන්ද ගූ කන්නේ බල්ලන් බැවිනි...ඉටින් බලු පුතේ මේ වගේ ගොන් කතා මින් පසු වත් නොකියන ලෙස ඔබට කියම් මන්ද ෆන් එකක් ජොලියක් ගැනීමට එන මේ සෑමගේ බ්ලොග් එකේ ඔබ වැනි උන් නිකන්ම විහිලුවක් වන හෙයිනි.....

      Delete
    3. @උඩ ඇනෝ. =උඹේ මන්ද මානසිකත්වයට අපිට කරන දෙයක් නැහැ.උඹට කරන්න දෙයකුත් නැහැ.මොකද උඹේ අම්මගේ වැරැද්ද?.උඹේ අම්මවත් දාන්නේ නැතුව ඇති උඹේ තාත්තා කවුද කියල.ඉතිං එහෙහු එකේ උඹට බැනලත් වැඩක් නැහැ.

      පොඩ්ඩක් කල්පනා කරලා බලපාන් තාත්තා හොයාගන්න විදියක්.එතකොට ඉබේම මේ අසනීපෙ හොඳ වේවි.මම හිතන්නේ තාත්තා නැති කම්පනේ නිසා මෙහෙම හැසිරෙන්නේ.

      අනේ බං උඹත් කොල්ලෙක් නේ හැදෙන්න බලපන්.

      Delete
    4. @අසරණයා- ගණන් ගන්න එපා කොල්ලා..

      ස්තුති සපෝට් එකට..

      දෙවෙනි ඇනෝ නම් අර 'කසුන් චාමර' කියලා බුකියේ බ්ලොග් යාලුවෙක්. පොර මට මැසේජ් එකක් දාල තිබ්බා ඇ‍නෝට බැන්න කියලා..

      Delete
  18. නිර්මාණශීලියි.....!!!
    - ජය -

    ReplyDelete
  19. සබන් කෑල්ලක් මට මතක් වුනේ නෑ හෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. ඔච්චර අතුල්ලනවා මතක නැද්ද :)

      ස්තුතී !

      Delete
  20. මම නං දන්නව මොකක් හරි රැවටිල්ලක් කියල. මගේ ලග කැත හිත නකැති නිසා හොදයි.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ කැත නැති හිත අපිරිසිදු ඇති.. ;)

      ස්තුති සහෝ.. ඒ දවස් වල ඉදන් රාජ්ගේ කමෙන්ටුවක් වැටෙනකල් ඊලග පෝස්ටුව දාන්නෙ නැහැ මම.. ඒක මිනුම් දණ්ඩක් නොවැ..

      Delete
  21. බලාගෙන දැවිල්ල ගත්තොත් ආතල් කරෙ

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඒක අමතක වුනා..

      ස්තුති !

      Delete
  22. ඔන්න මම මේක බැලුවේ නෑ..දැක්ක ගමන් තේරුනා සබන් කෑල්ල තමා කියලා.

    ReplyDelete
    Replies
    1. හොරා වගේ කියවලා බොරු කියනව මෙන්නෝ...

      Delete
  23. කෝ බං වැලහින්න....
    සබන් කැටයක් ගැන දාල තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. වැලහින්නව සබන් දාලා හේදුවා මචං.. කතාවට කලින්.. :)

      Delete
  24. අනේ මට සබන් කැටයක් වෙන්න ඇත්නම්.......

    ReplyDelete
  25. චී.........වල්.......

    ReplyDelete
    Replies
    1. අඩේ සබන් වල් ද?

      ස්තුති මේ පැත්තේ ආවට !

      Delete
  26. අපිට දැන් කොහොමත් කැත සිත් පහල වෙන්නෑ..මොකෝ මේ වගේ කවි කීපයක්ම කියවලා තියනවා නොවැ..පොස්ටුව කියවන කොට හිතෙන්නේ මේ සැරේ මොකාටද එන්නේ කියලා..හික්ස්..
    දිගටම ලියන්න සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. කලින්ම තේරෙන නිසා වැඩේ හරියන්නේ නැහැ බොලව්.. අත ඇරලා දාමු.. :))

      ස්තුති කිව්වා !

      Delete
    2. එහෙම කරන්නෙපා අයියෝ..මම විහිළුවටනෙ කිව්වෙ..හික්ස්..

      Delete
    3. එහෙනම් සලකලා බලමු නේද ;)

      Delete
  27. අදයි මේ පැත්තට ආවේ ... දිගටම එන්න බලාපොරොත්තු වෙනවා... අනේ මේක කියවනකොටනම් මට හිතුනෙම නෑ මේ සබන් කෑල්ලක් ගැන කියල

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තේ ආවට.. !

      Delete
  28. හෆු :) හිකිස්... අදමයි ආවෙ මේ පැත්තෙ. හෙ හෙ. ඈත්තයි . හරි ක්‍රියෙටිව් ආ.. නියමයි ..

    තව තව නිර්මානසීලි කවි ලියවෙත්වා...
    ජය!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ මල් වේ නම් ඒ පැත්තේද එන්නෙමි..

      ස්තුති !

      Delete
  29. අම්මපා කවදාවත් සබන් කෑල්ලක් ගැන මෙහෙම හිතුවෙ නැහැනෙ.
    සබන් කෑල්ලක් වෙලා ඉපදෙන එකත් නරක නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. දියවුනත් කමක් නැහැ මෙහෙව් සැපක් තියෙනව නම්..

      ස්තුති කමෙන්ටුවට !

      Delete
  30. මාතෘකාවයි, පින්තූරෙයි දැක්කාම මටත් හිතුනා මොකාටද එන්න හදන්නෙ කියලා.... මොනව උනත් නිර්මාණය නම් ජාති.... ;P

    ReplyDelete
  31. කියවන එවුන් වෙනුවෙන් ලියන අහිංසක වෑයම බලන්න ඔන්න මමත් මේ පැත්තේ ආවෝ.....බොලොග් එක පට්ට මචන්...සේරම කවි ටික එක හුස්මට කියෙව්වා....එළම කිරි...ජය පතමි......

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. කැති හිත් වලට ලියපු ලස්සන කවි විතරද බැලුවේ.. චීයා.. :)

      Delete
  32. ඒයි සෑමා ... පට්ට කවි සෙට් එක හෑ... අදනේ බන් උඹේ බ්ලොග් එක කියව්වේ ...

    කීප් ඉට් අප් ...

    PRABATH ( BPO )

    ReplyDelete
  33. මරු අදහස් ටික .. හොඳට ගලපල තියෙනවා. එල එල සෑම් අයියා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...