මෙතෙක් කතාව...
ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. හෙතෙම තම දරු පැටියා සමග දවස ගෙවා ගෙන මහ වනයට වැද මී පැණි එකතු කරයි. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන නැවත ගෙදරට එන සිරිමෙවන්ට තම පුතු පවා තට්ටු කරන්නේ හබරල කෙළයටමය. ලැජ්ජාව සහ තරහව එක්කොට ගත් සිරිමෙවන් පුතුට බැන වදී....
මඩපාත සොරොව්ව ගම්වාසීන්ට ඔලොක්කු කරමින් වාන් දමන කළදී ගම්වාසීහුද නොසැලී සිටිත්. එහෙත් මහ වනයක් මැද තමා පෙරලාගෙන සද්දන්ත වැලහින්නක් රතියේ වෙලෙද්දී මලා සේ බලා සිටි සිරිමෙවන්ට ලසදා කළ හරිය හොද යැයි සිතේ. ලසදා පැණි බීමකාරයා සමග යාම තිරිසන් වැඩක් සේ හැගුනත් වැලහින්නක් වැනි තිරිසන් සතෙකු තමාට කළ බලහත්කාරකම මඩපාත සොරොව්ව ඉතිරී ගිය කළක් මෙන් සිරිමෙවන්ට හැගේ.
වෙනදාට අමුඩ ලේන්සුවෙන් විලි වසාගත් තම පියා එදින සවස හබරල කොලයකින් වසාගත් විලියෙන් මිදුලේ සිටියදී, වෙනදා තම පියා තමාට ගෙනෙන මාදං මිටක් යැයි සැක කොට කුට්ටමට තට්ටු කර බැනුම් ඇසූ සැටි සිරිමෙවන්ගේ පුතුගේ කන පුරා දෝංකාර දෙන්නේය. ගෙදර වැසිකිලි වල කපන කාලයේ තමාද එහි බැසගෙන පියාට අත් උදව් දුන්නා පුතුට මතකය. වල තුල සිටියදී තමා කෑ ගසන හඩ නැවත නැවත දෝංකාර දී ඇසුනා සේ, තම පියා කවදාවත් නැතිව තමාට කළ තර්ජනය පුතුගේ කන් බෙරය තුල ප්රතිරාව දෙන්නට විය. එලා ගත් පැදුරේ දිගාවී පැත්තට හැරී මුහුනට අතක් තබා දෑස් පියා ගත්තට පුතුට නින්දක් නැත්තේමය.
ලසදා ගෙදර ඉන්න කාලයේ ගෙදර ඉදෙන හොද්දට ලුණු ඇඹුල් මදි වූ කළ සිරිමෙවන් එලියට බැස සියඹලා අතු සොලවන්නේය. එවිට සියඹලා කරල් සට පට ගා බිම පතිත වන්නා සේම, සිරිමෙවන් හදවත වෙනදාට වඩා චංචලය. සට පට ගා සැලෙන්නේය. පුතු නින්ද නැතිව පැදුරේ තැවෙන කල්හි සිරිමෙවන් ද පැදුරේ සිටින්නේ තමාට වූ බලහත්කාරකම තමා හදුනන කැලෑවේ ගස් ගල් දැක සිටි නිසාමය. ලසදා හැරයාම ගමම දැනගත්තාට වඩා වැලහින්නගේ අතවරයට ලක්වීම කැලෑවේ ඇති ගස් ගල් දැකීම සිරිමෙවන්ට මහා නින්දාවකි. රබර් වත්තක වියලුන කොළ අතරින් ඇදෙන සර්ප පැටියෙකු මෙන් සිහින් හඩ නංවමින් කළබලයෙන් සිත එහේ මෙහේ ඇවිදින්නේය. හිත අහලකවත් නින්ද නැත්තේමය. කාටවත් කරදර නැතිව මී වදයක් කඩාගෙන එදා වේල සරි කරගත් සිරි මෙවන්ට කැලැවේ ගස් ගල් පවා හෙට සිට ඔච්චම් කරනවා ඇත. එවන් කලෙක සිත සනසා නිදනු නොහැක්කේමය.
"ඩඩස්..."
කුස්සියේ දොරත්, කක්කුස්සියේ දොරෙත් වෙනසක් නැති සිරිමෙවන්ගේ නිවසේ දොර පැත්තෙන් හඩක් නැගින. සිරිමෙවන් කළබල නැතිව කන් දුන්නේය. කුස්සියේ දොර තනි ලෑලි පලුවකි. ඇරිය යුත්තේ ඔසවා පැත්තකින් තැබීමෙන් පමනි. ගෙන යන්නට තරම් වටිනා දෙයක් ගෙදර නැත්තේමය. හිටපු එකම වස්තුව පැණි බීම කරත්තකාරයා පටවාගෙන ගොස් හමාරය. ඒ නිසා කලබල විය නැත්තේමය. සොරෙක් ඇතුල් වුයේ නම් සොරකමට කිසිවක් නැතැයි සිතා හැරී යනු ඇත. නින්ද නැති සිරිමෙවන් නිසලව සිටියේය.
"තාත්තේ මෙන්න අම්මා ඇවිත්..."
සිරිමෙවන් වැතිර සිටියාට සද්දය කුමක්දැයි විපරම් කොට බලා කෑගැසුවේ සිරිමෙවන්ගේ පුත්තරයාය. කළුවරේ සිටම කෑගැසූ පුතු ගේ හඩ සිරිමෙවන්ව නැගිට වීමට තරම් බලවත් විය. දඩිස් ගා පැදුරේ හිදගත් සිරිමෙවන් එකවරම නැගිට දිව ගියේ කුස්සියටය.
"මොකක් කිව්වා.. මේකිට මේ මහ රෑ යන්න තැන් නැතිවද??" සිරිමෙවන් ඇසුවේ කෝපයෙන් වුවත් සැගවුන සතුටකිනි. දැන් තමාට ගමේ එකාලට පේන්න ඇය සමග ඇවිද්ද හැක. කලින් තමා නොදුන් ආසාවල් ඉටුකර නියම ලෙස දිවිගෙවිය හැක්කේමය. ලණුවක් ඇද ගැට ගසා, කද භාගෙට කපා ඇති පොල් ගසකට වැදුන අවසන් පොරෝ පහරකින් ගස ක්ෂණිකව කඩා වැටෙන්නාක් මෙන් සිරිමෙවන්ගේ සිතට ක්ෂණිකව අපමණ අදහස් ගලා එන්නට විය. පෙර වැරදි නිවැරදි කර ගැන්මේ පෙරනිමිති පහල වන්නට විය.
සියළු සිතුවිලි සමග පෙර මගට යන සිරිමෙවන් ඉදිරියට තම පුතු ආවේ අම්මාගේ අතින් අල්ලාගෙනය. සිරිමෙවන් දුටු සැනින් ඇගේ ඇස් කැලෑව මැද මහ රාත්තිරියේ එලිය දෙන රෑබදුල්ලෙකු මෙන් එලිය දෙන්නට විය. හීයක් විද්ද සැනින් සෙලවෙන දුන්නක නූලක් මෙන් සිරිමෙවන් ගැහෙන හඩින් තම පුතු ඇමතීය.
"ඈ යකෝ තොට තොගෙ අම්මවයි කැලේ ඉන්න වැලහින්නකගෙයි වෙනස අදුන ගන්න බැරි එකෙක්ද??"
පුතු එවිට බැලුවේ අම්මාගේ මුහුණය.
කෝපය මුසු නොවූ බිය මුසු වදනින් සිරිමෙවන් කෑගැසූ කල පුතු පැන්නේ තම පියා සිරිමෙවන් ලගටය. දෙදෙනා බදාගෙන වැලහින්න දෙස බලා සිටියදී වැලහින්නද නොසැලී ගල් කුලක් මෙන් පිය පුතු දෙදෙන දෙස බලා සිටින්නීය. නෙත් හතරක් තමා මත එල්ල වී තිබුණ මොහොතින් පසු වැලහින්න බිම අතුරා තිබූ පැදුර ඇද පැත්තකට දමා බිම වැතිරුණාය.
පුතු බැලුවේ පියා දිහාය.
"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.
"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."
Written by sAm_5.50pm_15.03.'12
පුතු බැලුවේ පියා දිහාය.
"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.
"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."
Written by sAm_5.50pm_15.03.'12
අපූරුයි යාලුවා! :)
ReplyDeleteස්තුතී කුබු !
Deleteසුපිරියි මචං. ඒකි මාර වැලහින්නක්නෙ.
ReplyDeleteවල් සතෙක් බං.. මිනිහෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ.
Deleteචීක්කා... ජරා වැලහින්න.. නරකාාායි !
Deleteඒ අහිංසක මනුස්සයට ස්වභාව ධර්මයත් සරදම් කරනවා නේ.දැන් කොහොමෙයි එකට නිදන්නේ.
ReplyDeleteඅහිංසක සිරිමෙවන් මාමා..
Deleteදැන් ඉතින් නින්දක් නැහැ නොවැ.. ඒකි ගෙදරටත් රිංගලා..
අපරාදේ කෙටි උනේ. කලින් එකේ වැරදිත් එක්ක හදලා වෙනම තියාගනින්. සර්පයා වගේ කෙටි කතා පොතක් ලියන දවසක මේකත් ඒකට ඇඩ් කරපන්. සුපිරියි, සුපිරිම සුපිරියි, සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, කේ කේ සමන් කුමාර, නවතම සොයා ගැනීම සැමා.. ජයවේවා. මේ කොටස තව දික් කරපන්. කලින් එකේ උපමා අඩු කරහන්.
ReplyDeleteමාතලන් බොහොම ස්තුති මචං !
Deleteඇත්තටම මම සතුටු නැහැ මේ කතාව ගැන. හේතුව රසික ප්‍රතිචාර අවම වීම. ඒත් උබ මට හයියක් වුනා. ඒත් මේක වගේම අනිත් ප්‍රතිචාරත් මම සම සිතින් විදිනවා..
ජය !
මට මේක කියවපුවම අර "රයිගම් පුත්තු " පොතේ ඉන්න තාත්තවයි, පුතාවයි මතක් උනා..
ReplyDeleteඋඹේ හැකියාව අපූරුයි.. ජයසේන ජයකොඩි මහත්මයගේ අඩුව පුරවන්ඩ පුලුවන් වෙයි වගෙ... ඔහොම යන්..
"ජයාසේන ජයකොඩි" මහතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සෙනා. ඒ පොත් සුපිරි. මාත් එතුමගේ රසිකයෙක්. හැම පොතක්ම කියවලා තියෙනවා.
Deleteසෑමා එච්චර පොරක් නෙවේ බං.
කමෙන්ටුව මට හයියක්. ඒත් මේ කතාවට කස්ටිය මනාප නැහැ නොවැ.
ඇයි උඹ කට්ටිය මනාප නැහැ කියන්නේ... මේක අමුතු කතාවක්.. ලියාගන පලයන්..
Deleteඋඹ දැන් පොරක් නෙමේ වෙන්ඩ පුළුවන් ඒත් කාලයක් යනකොට පොරක් වෙයි.. ජයකොඩි මහත්තයත් පටන් ගත්තු කාලේ පොරක් නෙමේනෙ.. මම මේ කතාවේ එතුමාගේ කතාවල තියන සමහර ලක්ෂණ දකිනවා.. උඹට ඒ වගේ සජීවීව ඉදිරිපත් කිරීමේ හැකියාව තියනවා.. අධෛර්යයා නොවී දිගටම ලියපන්. අපි කියවමින්.
මොනා උනත් පටන් ගත්ත එක ලියනවා නොවැ..
Deleteස්තුති සහෝ !
සුපිරිම කතාවක් මචං . කියන්න වචන නෑ එක අකුරක් ගානේ කියවගෙන ගියා අවසාන වෙනවා දැනුනෙම නෑ මම කියවපු හොඳම වෙනස්ම කතාවක් ..
ReplyDeleteබොහොම ස්තුති සදරු !
Deleteගොඩක් අය මනාප නැති කතාවට කිහිප දෙනෙක් වට වෙලා සපෝට් දෙන එක හයියයක්. ඒ පොඩි තල්ලුවෙන් සුලුතරයක් දෙනා වෙනුවෙන් ලියනවා.
නැවතත් ටැංකූ මචං !
මට නම් පිස්සු වගේ අයියෝ....
ReplyDeleteමම ඉංග්‍රීසි කතාවක් කියවලා තියෙනවා මේ වගේ හැබැයි වෙනසකට තියෙන්නේ ඒකේ වෙන්නේ තරුණ සත්ව විද්යාඥවරියක්ව පැහැරගන්න ගෝරිල්ලන් රංචුවක් ගැන...අන්තිමේදි ඒ ගෝරිල්ලෝ රංචුව ඒ කෙල්ලව ගිහින් උන්ගේ නායකයට බාරදෙනවා...ALPHA MALE ගෝරිල්ලෙක් කියලා තිබුනේ...ඒකේ නම් එක එක දේවල් මේකේ වගේම වෙලා අන්තිමේ කෙල්ල ගැබ් ගන්නවා දිගු කාලයක් ගර්භාෂයට ජාන එකතුවෙලා මොකක්ද මන්දා වෙලා...ලෝම නැති ගෝරිලි පැටියෙක් හම්බෙන්නේ...බබා හම්බුනත් සතියකින්දෝ කොහෙද මැරෙනවා....
මට හිතෙන්නේ මේ වැලහින්නටත් බබා හම්බුවෙයි වගේ....සැමා අයියගේ මූණම තියෙයි හික් හික් වෙනස් කතාවක් නිසා අන්තිමේ මොන ගිනි විජ්ජුම්බරයක් වෙයිද මන්දා...වැලහින්නගේ නීතිමය හිමිකරුවා එයිද දන්නෑ විමලේ වගේ
ස්තුති ගැමියා දීපු ඔත්තුවට මේ ස්ටෝරිය ඉවරවුනාම ඔය කතාව හොයාගන්න ඕනේ බලන්න.
Deleteඅඩේ කුසුගෙ ලමයටත් තිබ්බේ විමලෙගේ මූන නෙවේලු. මගේ මූනලු. කතන්දර හදනව නොවැ..
පිස්සු හැදෙන්න එපා ගැමි මලයා ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා.
ජය !
ayyata kathawa gana link ekak hoyala ikmantama mail ekak daannam......oyage katha serama awilla amutuma katha maaaarai digatama mehema wenas katha liyamu salenna epa
Deleteස්තුති ගැමි...
Deleteවැලහින්න බොක්කෙන්ම ලව් වගේ නේද සෑම් අයිය....සිරිමෙවන්ට එපා වෙලා.......
ReplyDeleteහිකිස්.. පව් බොල සිරිමෙවා..
Deleteඅද නම් අවුලක් නෑ. ඒත් මේකට ගැලපෙන පොටෝනම් ගූගල් වලින් හොයාගන්න බෑ නේද ? පොටෝ නැතුව පෝස්ටුව විතරක් දැම්මට අවුලක් නෑ මට හිතෙන විදියට....
ReplyDeleteපොටෝ නැතිව දාන්ට බැරි ෂෙයාර් කරද්දි පොටෝවක් නැති වුනොත් කස්ටිය බලන්ට මනාප නැහැ නොවැ..
Deleteබලමු වෙනසක් කොරන්ට..
තුති !
අම්මෝ පිස්සු හැදෙන කතානේ සෑමත් ලියන්නේ...සෙල්ලං නෑ... වලහා දාල ගිය වැලහින්නක් වෙන්ටැති...
ReplyDeleteකමක් නැහැ ඩිවෝස් වෙච්ච එකෙක් නේ.. ;)
Deleteඅනේ මේ වැලහින්නට මොකෝ වෙලා තියෙන්නෙ?
ReplyDeleteකවුද දෙයියනේ දන්නේ.. අලි නලක එක්කෙලෙක් නේද ?
Deleteවැළහින්නට වැඩේ රහ වැටිලා වගේ....අදත් පොල් අරං ඇවිල්ලා වගේ ලෙලි ගහගෙන යන්න......
ReplyDeleteඅපොයි කලින් කොටසේ පොල් ලෙලි ගැහිල්ල මතක් වෙලා ..
Deleteවැලහින්න මොකාටද එන්න හදන්නේ.. අද මොකො බං කතාව කොට??
ReplyDeleteකලින් එක චොර වූ නිසා මෙය කොට කර ටේස්ට් කලෙමි. ලබන පාර සිට නැගලා යවනු ඇත
Deleteස්තුති සහෝ !
තාත්තයි පුතයි දෙන්නම එකපාරට කොහොමද වැලහින්නට රැවටුනේ?
ReplyDeleteමව් සෙනේ අහිමි දරුවා සහ ප්‍රේමය අහිමි පියා නොවැ.. ඡායාවකට වුනත් රැවටෙනවා..
Deleteඅම්මපා සෑමෝ හැමදාම වගේ අති විශිෂ්ඨයි.. අන්තිම කොටස වෙනකම් හිතාගන්න බැරි වෙයි වගේ මොනවයින් මොනව වෙයිද කියල.. ඒක හින්ද හිතෙන දෙයක්වත් දාන්නෙ නෑ..;) ;)
ReplyDeleteහිකිස්.. ස්තුති සහෝ දුන් ශක්තියට.. ජය !
Deleteඑක අතකට ලසදට වඩා වැලහින්න හොදයි වගේ............
ReplyDeleteබොහෝවිට සත්තු සත් ගුණවත් මිනිසුන්ට වඩා..
Deleteහත්වලාමේ!!!! වැලහින්නයි ගෑනියි පැටලුනා එහෙනං ඈ...
ReplyDeleteදැන් අයට ගෙදර ගැනියි අල්ලපු ගෙදර එකයි පැටලෙන එකේ.. හිකිස්... එක්කො ඕනෙ නැහැ...
Deleteවැලහින්නක්ද ? වැලයක්ද ?
ReplyDeleteඔබා මාමා සමග තර්ක අපහසු නිසා නිහඩ වෙමි.. :))
Deleteඊ....ඔලුවට් එක්ක කැලකෙනව හලේ.....
ReplyDeleteමොනා වුනට් වෙනස්ම කටාවක්....ඩිගටම ලියන්ඩෝ............
අලි අලි ලියමි..
Deleteසෑමාගේ පරිකල්පනයත් නරකම නැහැ....
ReplyDeleteමටත් මතක් උනේ කාලෙකට කලින් බලාපු සයිමන් නවගත්තේගමගේ පොතක්
ඔහොම යමු ඔහොම යමු :)
උඹ ඉස්සෙල්ල වගේම හොඳ සුවෙන් ඉන්නවා කියල හිතනවා.... :))))
ඔය කියන පොත මාත් කියවන්න ඕනේ ... හැම එකාම කියනවා ඕක ගැන. හැබැයි මේක ඉවර වෙලා කියවන්නේ..
Deleteමොකෑ මේ සුවෙන්ද ඇහුවේ.. මොකක් හරි යටි(මඩක්)අදහසක් තියෙනව වගේ..
කතාව වෙනදට වඩා කෙටි වෙලානෙ.. :O
ReplyDeleteකලින් එක චොර වූ නිසා මෙය කොට කර ටේස්ට් කලෙමි. ලබන පාර සිට නැගලා යවනු ඇත
Deleteස්තුති
මට පේන විදිහට ලිවින් ටුගෙදර් සීන් එකක් වෙයි වගේ...
ReplyDeleteනිසුත් ගෙස් කොරන්ට පටන් අරගෙන නොවැ.. හෆ්පේ..
Deleteපොඩි එකාගේ අම්මා මොකෝ වැලහින්න මොකෝ !!!
ReplyDeleteදෙන්නම,
අඬන්න ගියාමත් එක වගේ !
බරු ගහන්න ගියාමයි එකවගේ අහුවෙන අහුවෙන හැම ලීයම බරු ගහනවා !