Sunday, February 26, 2012

කම්මැලියා ජය ගනී... !! - Early bird catches the worm ???

පෝස්ටුවක් නැතැයි සෑමාට දෙස් දෙවුල් තැබූ සැමට, බණ පදයකින් (සූත්‍ර පාඨයකින්) පටන් ගනිමි.

නිද්දාසීලී සභා සීලී
අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං

- යමෙක් නිතර නිදන සුළුද, සභාවට (මිනිසුන් රැස් වූ තැනට) ඇලුනේ වේද, උට්ඨාන වීරියෙන් කටයුතු නොකරන්නේද, අලසද, කිපීම ස්භාව කොට ඇත්තේද එය පිරිහීමට කරුණු වේ.

පාසලේ, දහම් පාසලේ පවා නොයෙක් විට අසා ඇති පරාභව සූත්‍රය (සහ අනෙකුත් පාලි සූත්‍ර, ගාථා) සෑමාගේ සිතට වැඩිපුරම කා වැදුනේ දහම්පාසල් අවසාන ‍ශ්‍රේණි විභාගය හමාර කොට ධර්මාචාර්්‍යය විභාගය සදහා ඉගෙන ගන්නා කාලයේය. මෙම සුත්‍රය නැවත සෑමාගේ මතකය අළුත් ‍කලේ මෙසේය.

බියගම හන්දිය යනු සවස් ජාමයේ ට්‍රැෆික් එක බහුල ස්ථානයකි. කඩුවෙල දෙසින් (තෙල් මිල වැඩි වුවත්) එන අති විශාල වාහන ප්‍රමාණය නිසාත් බියගම පාරේ දිවෙන වාහන රැල නිසාත් තද බදය බියගම තුන්මං හන්දිය සවසට කලබලය. මෙම තදබදය ට්‍රැෆික් ලයිට් වලට (ඇත්තටම ට්‍රැෆික් ලයිට් දමා නැත) අවම කළ නොහැකි නිසා සවසට රථ වාහන පොලීසිය (බොහෝ විට පොලීසිය) මේ කාරණයට පිලියම් සොයනු මා දැක ඇත. බොහෝ විටක පිලියම මැලියම් දමා ඇලෙව්වාක් මෙන් දරුණු වන්නේ ‍උක්ත පුද්ගලයන් කාර්යය  භාරගත් විටක බව එම හන්දියේ කරක් ගැසූ සැමට නොරහසකි. නමුත් මෑතකදී එයට තරමක සාධාරණ විසදුමක් ලැබී තිබුණු නිසා සෑමාට සරල සතුටු සිතක් පහල විය.

එහිදි සිදු කර තිබ්බේ තුන්මං හන්දිය අසලම තිබු බස් රථ නැවතුම් ස්ථාන හන්දියෙන් ටිකක් ඈතට රැගෙන යාමය. එය ඉතා නුවනැති කාරණයක් බව කිව යුතු සේම ස්තුතිවන්ත විය යුතුය. එම ක්‍රියා මාර්ගයෙන් දුක් වුයේ කලින් බස් නැවතුම අසල සිටි ලොතැරැයි විකුණූ අංකල් පමණි. "බලන්න පුතා හෝල්ට් එක එහා පැත්තට ඇද්දා දැන් මෙතන මිනිස්සු නැහැ. මම වේලෙනවා." බස් එකක් එනතුරු චැට් එකට සෙට්ව සිටි අංකල් කීවේ එපමණකි. නමුත් බහුතර ජනතා හිත සුව පිණිස සිදුවූ දෑ අපූරුය. බ්ලොග් පෝස්ටුවේ දැමීමට වැදගත් යමක් අංකල් කියන නිසාම සෑමා ‍අංකල්ට කිට්ටු වූ බව අංකල් තවමත් නොදනී.

පසුගිය සවස් ජාමයක සෑමා ඔය කියන හෝල්ට් එකට ආවේ කැළණිය දෙසට බසයක් අල්ලා ගැනීමටය. අලුත් ස්ථානයේ බස් හෝල්ට් එකට ඉදිරියට යා යුතුය. එදෙසට ගමන් කරන විට පරණ බස් හෝල්ට් එකේ සිටියේ සෑමාගේ මිතුරෙකි. 

"මචං කොහෙද ගියේ" මිතුරා ඇසීය.

"මම පොඩි ගමනක් ගියා බං. උබ ඇවිත් ගොඩක් වෙලාද ? බස් එකක් ගියෙ නැද්ද ?"

"දැන් විනාඩි 10ක් විතර ඇති මචං. තවම නැහැ.."

"ඒ.. මෙතන නෙවේ නේද ඉස්සරහ නේද අළුත් හෝල්ට් එක??" මම ඇසුවේ එන බස්එක නවත්වන්නේ නිවැරදි හෝල්ට් එකේ නිසාය.

"ඒක එහෙම තමා බං. මෙතනත් සෙනග ඉන්නව නේ.. අනික ඔය ටික යන්න මට කම්මැලී බං.." මිතුරා කීවේ මුහුණද කම්මැලි කමෙන් පුරවමිනි.

"අපෝ බං උබලගෙ කම්මැලිකම... හරි හරි.. උඹ හිටපං... මම ඉස්සරහට යනවා" කියමින් මම ඉදිරියට ඇදුනේ හිස් බස් රථයක් විත් නිවැරදි හෝල්ට් එකේ නැවතුවහොත් ඉද ගැනීමේ අභිප්‍රායෙනි.

මොහොතකින් පැමිණි හිස් බස් රථයක් නැවැත්වුවේ සෑමා පසුකර ආ පරණ හෝල්ට් එකේය. ඉන්පසු පිරිස නංවාගෙන සෑමා සිටි හෝල්ටුවේ නැවැත්වුවද වැඩක් නැත. හිදගන්නට සීට් නැත්තේය. සෑමාද විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිව තම මිතුරා හිදගෙන සිටි සීට් එක අල්ලාගෙන එතැනම හිටගත්තේ මිතුරාටද බෑග් එක දීමෙනි.

"ඒකනේ බං කිව්වේ ටිකක් කම්මැලි වුණාට කමක් නැහැ කියලා"

ඒ කතාව පමණක් සිදුවුණි නම් පෝස්ටුවක් නොදා සෑමාට හිත හදා ගන්නට තිබිණ. 

බස් වර්ජනයට පසුදින බස් රථයක ෆුට්බෝඩ් එක මතදී සෑමාගේ පොකැට්ටුවට සොරි විය. පසු දිනක ජාතික හැදුනුම්පත තැපෑලෙන් පැමිණියද රියදුරු බලපත්‍රය ලැබුණේ නැත. රියදුරු බලපත්‍රය සාදවා ගැනීමට සෑමාගේ බොස් සිකුරාදා දින නිවාඩුව සදහා අනුමැතිය ලබා දුන්නේ බ්‍රහස්ප්‍රතින්දා සවසකය. ඒ වැඩ අහවර කොට ගෙදර යන අතර මගදීය.

"sAm you take your leave tomorrow. Try to hand over your documents before 9am and come back to office soon as possible." කියා බොස් කීවේය. 

(මීට අවශ්‍යය ඩොකියුමන්ට් මොනවා දැයි සෑමා අසා දැන ගත්තේ රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයෙනි. එවන් වැදගත් සේවාවක් ඇරඹීම පිළිබද ස්තුතිවන්ත ‍වන ගමන් ලැබුණු තොරතුරු ගැන පසුවට පෝස්ටුවක් දමමි.)

"Yes sir, I have all documents in my hand but the issue is my birth certificate is at office" සෑමාගේ සියළු සහතික පත්‍ර ඇතුලත් ෆයිල් එක බොස් ඔෆීසියේ සුරක්ෂිත කර ඇත. ඉල්ලූ විටක පවා නොදෙන හේතුව සෑමා තවමත් කල්පනා කරන්නේය.

"Ok, I will call Mr' ###  (he is the owner of our office building) who is next to our office. If you able to be there before 6.30am you can collect your birth certificate from him."

දැන් සෑමා ලයිසන් එක සාදවා ගැනීමට උප්පැන්න සහතිකය ලබා ගැනිමට නුගේගොඩ ඔෆීසිය අසලට උදේ 6.30 යා යුතුය. අපේ ඔෆීස් ගොඩනැගිල්ලේ අයිතිකාර මහතා නිවසින් පිටත් වන්නේ 6.30ට නිසා සෑමා ඒ වෙලාවට එතැනට ගොස් ලබා ගත යුතුය. කරන්නට දෙයක් නැත්තේමය ගෙදරින් 5.15ට වත් එලියට බැසිය යුතුය. සියල්ල දරාගෙන සෑමා කීවේ "Ok" කියාය.

"මචං උඹට හෙට උදේම කොහෙද යන්න තියෙනවා කිව්ව නේද..?" උදේම ගමනක් යාමට තිබෙනවා කියූ මිතුරෙකුට සෑමා ඇමතුවේ තමාගේ තනියට එකතු කර ගැනීමටය.

"ඔව් මචං. උඹ කීයටද යන්න ඉන්නේ" මිතුරා ඇසුවේය.

"5.15ට විතර බස් එකට නගින්න ඕනේ බං. නුගේගොඩට ගිහින් වේරහැරට යන්න වෙන්නේ."

"අපොයි එච්චර කලින් යන්න ඕනෙද පිස්සුද බං. මට කම්මැලියි එච්චර උදෙන් යන්න. උඹ පලයන් මම 5.35ට විතර යන්නේ"

"මදැයි උඹ එක්ක යන්න හිටිය. තොපි කම්මැලි කමේම හිටු. මම යනවා උදේම"

පසු දින උදේ 5.15ට සෑමා බස් හෝල් එකේ සිටින විට පැමිණි පළමු ප්‍රයිවට් බස් රථයේම නැගින. එලෙස ගමන් ඇරඹී 5.50 පමණ වන විට සෑමා සිටි බස් රථය පසු කර ගියේ රතු පාට C'T'B බස් රථයකි. මොහොතින් සෑමාට ලැබුනේ මිතුරාගේ දුරකතන ඇමතුමකි.

"මචං ගුඩ් මෝර්නිං, උඹ කොහෙද ?" ඒ මා මිතුරාය

"ගුඩ් මෝර්නිං මචං. මම @$$‍%^ පහු කළා විතරයි..." 

"අහ් එහෙමද ? අපේ බස් එක උඹ හිටපු බස් එක පසු කරන්න ඇත්තේ මේ දැන්"

"අඩේ.. බලපං ඉතිං. එච්චර කලින් ඇවිල්ලත්.." සෑමා කීවේ කර කියා ගත දෙයක් නොමැතිවය.

"ඒකනේ බලපං. මම කම්මැලි කමට උඹට වඩා විනාඩි 10ක් විතර නිදාගෙනත් උඹට කලින් යනවා"

"එල එල.. කමක් නැහැ බං මාත් හිත හදාගෙන යන්නම්.. :) "

ශ්‍රී සම්බුද්ධ දේශනාව එදා ‍පමණක් නොව සදාකාලිකව සත්‍යයය. එහෙත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක්කේමය. ඉහත සිදුවීම් වටහාගෙන කම්මැලි වීම නොකළ යුත්තේමය. 

සියල්ල අවසන සෑමාට මෙසේද සිහි විය.

සුද්දා කීවේ "Early bird catches the worm" කියාය. එනම් "උදෑසන පලමුව එන කුරුල්ලා පණුවා අල්වා ගනී" කියාය.

අපේ එකාලා මෙයට කීවේ "උදේම එළියට බහින පණුවා කුරුල්ලන්ට අසු වේ" කියාය

එයද වැරදි නැත්තේමය. 

Written by sAm_6.22pm_26..02.'12

60 comments:

  1. හපොයි....මෙයැයිටත් වෙන වැඩ...:/

    ReplyDelete
    Replies
    1. අපිට වෙන්නෙ ඕව තමා ඉතිං, අපි කම්මැලි නැති දරුවො නේ..

      Delete
  2. Replies
    1. තුන් පාරක්ම කියල තියෙන්නේ :)

      Delete
  3. ඇයි බං උඹටම මෙහෙම වෙන්නේ. උදේ එලියට යද්දී හුනෙක් අඩද්දී.බල්ලෙක් උඩු බුරද්දී පොඩ්ඩක් නැවතිලා ඉඳල පලයන්.

    ReplyDelete
    Replies
    1. හූනො, බව්වෝ සද්ද කලාට මට ඒවා තේරුමක් නැහැ මචං.. :)

      ඒ සද්ද වලට හැමදේම නවත්තන්න ඕනෙද ?

      Delete
  4. ඒ කියන්නෙ සෑම් පණුවා..අනේ මන්දා..ධර්මාචාර්යත් කරල තියන නිසා බණ දහම් ගැන ගොඩක් දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. අඩේ පණුවා... සෑමා ඉල්ලගෙන කෑවා වගේය. :))

      Delete
  5. සුද්දා කීවේ "Early bird catches the worm" කියාය. එනම් "උදෑසන පලමුව එන කුරුල්ලා පණුවා අල්වා ගනී" කියාය.

    අපේ එකාලා මෙයට කීවේ "උදේම එළියට බහින පණුවා කුරුල්ලන්ට අසු වේ" කියාය. සිරා ටෝක මම ඔන්න අක්මාවටම දාගත්ත එක ආයේ මැරෙනකම් අමතක වෙන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. අඩේ අක්මාවට ඕව දාන්ට එපා බොල.. අක්මාව දිය වුනොත් ?

      Delete
  6. සැහ් . . ඒකියන්නෙ සෑම ඒ කාලෙ සෑහෙන්න සූත්තර පාරල තියනව නේද ???

    ReplyDelete
    Replies
    1. අලේ.. මෙල්ල මෙයා ලැජ්ජ කොලනවා...

      මචං ඕනයා.. අපි දහම් පාසල් ගිහින් ඉගෙන ගත්ත දරුවෝ හරිය ?

      Delete
  7. කොහොම හරි කරලා කම්මැලි වෙන්න ඕනේ එහෙනම්... ඒකටත් අප්පා කම්මැලියි වගේ..

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකත් සිරා ‍කමෙන්ටුව.. රිප්ලයි කරන්නත් කම්මැලි වගේ අ‍ෆ්පා !

      Delete
  8. නියම කතාව.. ඒ උනාට ජැක් ගහගෙන යන ගමන් තම තම දේවල් රැකගැනීමත් කළ යුතුමයි..

    ReplyDelete
    Replies
    1. අෆොයි.. අනේ මාතලෝ මගෙ පොකැට්ටුව නැති වුනේ ජැක් ගහල නෙවේ බොල. අනික ෆුට් බෝඩ් එකේ කොහෙද බොල ජැක්...

      Delete
  9. ඔතන වැරැද්ද උඹේ නෙමේ විනයක් නැති උන්ගේ... දැන් බලපන් පළවෙනි බස් එක හරි හෝල්ට් එකේ නැවැත්තුවනම් උඹට කම්මැළි නොවීමේ ආනිසංශය ලබෙනවා..

    දෙවෙනි බස කාරයත් කොට කොට ඉන්නැතුව නියම විධිහට ගමන ගියානම් එහෙමයි.. ඕකට ඉතින් උඹ හිත රිද්දගන පෝස්ට් දාලා කම්මැළිකමේ ගුණ ගයන එක වස වැරැද්දක්.

    ඒක නෙමේ උඹේ බොසා පිට රටක එකෙක්ද ? ඇයි බන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ? සිංහලෙන් කතා කරන්ඩ කම්මැළිද ?

    ReplyDelete
    Replies
    1. සිරාවට බස් කාරයන්ගෙ වැරදි බං. මම වැඩිපුරම ප්‍රයිවට් බස් වල යන්නෙ නැහැ. එදා කරුමෙට නැග්ගේ..

      අඩේ කම්මැලි වෙයල්ලා කියල නෙවේ මේක දැම්මේ. වැරදියට නොසිතනු ප්ලීස් ;)

      සිංහලෙන් කතා කරන්න තියා පොර මගේ සහතික ටික දෙන්නත් කම්මැලි :ඩී

      Delete
  10. හප්පොච්චියේ සෑමාටත් වෙන වැඩ... දැන් ඔය ලැයිසමේ වැඩේ කරගත්තද ඈ 5.15 ට ගිහින්...

    ReplyDelete
    Replies
    1. අපොයි එදා 6.30 ඔපීයියට යන්න බැරි වුනා 7ට ගියේ. ඒ ගිහින් වැඩේ ඉවර වෙනකොට 11 විතර වුනා නොවැ..

      Delete
  11. මට හිතාගන්න බැරි කම්මැලි වෙන්න ඕනෙද නැද්ද කියන එක. ඔන්න ඔහෙ මම දැන් ඉන්න විදියටම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. සිරා.. ඉන්න විදිහ හොදයි නොවැ.. කම්මැලි වගේ එහෙම ඉන්නත් නේද ?

      Delete
  12. සෑමා බණ දහම් දන්නවා එහෙනම්.. දැන් එතකොට මේකේ අවවාදය අපිටත් කම්මැලි වෙන්න කියන එකද?

    ReplyDelete
    Replies
    1. අපොයි එපා.. කම්මැලි වෙන්ට එපා බොල. මම කිවේ රටේ හැටි. අපි කම්මැලි නොවුනත් රටේ එකාල බහුතරේ එහෙම නිසා අපිටත් කෙලවෙනවා !

      Delete
  13. හප්පා උඹගේ පර්ස් එකට වැඩේ සිද්ද උනාද...මම නං ඒ වගේ දවස් වලට ඒක ඉස්සරහා සාක්කුවේ දාගන්නවා....මීට පස්සේ එහෙම කරපං..කම්මැලි සීන් එකත් වාන්ස් එකට හිටින වෙලා අනන්තයි...මගේ යාළුවා මෙහෙ ඉන්න අනික් එකම එක ලංකාවේ එකාට නිදා ගන්න එක වගේ වෙන සැපතක් නෑ..මූ ගිය නිවාඩුවට ගෙදර ගිහිල්ලා එන ගමන් ඩුබායි එපාපෝට් එකේ නිදාගෙන නේ..ඇහැරෙනකොට ෆ්ලයිට් එක ගිහිල්ලා..ඊලඟ දවසේ ආවේ ආයිමත් ටිකට් යවලා මූව ගෙන්න ගත්තේ..

    ReplyDelete
    Replies
    1. මුගේ පර්ස් එක නැතිවෙලා තියෙන්නේ ඉස්සරහ සාක්කුවේ දාගත්තු නිසා.සෙනග ගොඩේ කවුද එකෙක් කොහෙද අත ගාද්දී පර්ස් එක අහුවෙලානේ.

      Delete
    2. හික් හික් හික් එහෙම සීන් එකක් ද....

      Delete
    3. අසරණයා කියපු සීන් එක හරි මචං..

      එදා මම නැතිවෙයි කියල හිතලම කරුමෙට ඉස්සරහ සාක්කුවේ දාගත්තා. ෆුට් බෝඩ් එකේ අනික. කොල්ලෙක් ඇවිත් මල්ලි උඩට පඩියට නැගපං කියල බොරු කලබල කරල ගිහින් පිටි පස්සේ ෆුට් බෝඩ් එකේ එල්ලුනා. පොර හෝල්ට් දෙකකින් බැස්සා. ඊට පස්සෙ බලනකොට බඩු මිසිං මචෝ :(

      Delete
  14. සෑම් මා එක්ක තරහ වෙලාද??????

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද මේ සීන් එක.....සැමෝ..................

      Delete
    2. @ඔබ නොදුටු ලොවක් - ඒ මොකෑ බොලේ ඒ.. මාත් දන්නැ මචං

      @වින්චැට්කිරිල්ලී - ඇත්තට මොකෑ සීන් එක ? මිස් අන්ඩර්ස්ටෑන්ඩිං ‍එකක් වගේ !!

      Delete
  15. කම්මැලිකම ගැන හොඳ පාඩමක්!!!

    හැබෑට පනුවන්ට තියෙන්නේ පොඩ්ඩක් පහුවෙලා එලියට බහින්ට.:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බඩේ පනුවොත් එලියට එන්නෙ නැත්තේ ඒකලු :)

      Delete
  16. හැම දෙයක්ම වෙන්න හොඳට කියන කතාව වෙනස් කරලා, "හැමදෙයක්ම වෙන්නේ සෑමට" කියල තමයි දැන් කියන්න වෙන්නේ :))

    ReplyDelete
    Replies
    1. අපොයි සෑමට මයි වෙන්නේ..

      ස්තුති ලොකු පුතා.. අපෙ අයියට අම්ම කිව්වේ ඔය නම බොල.. මම චූටි පුතා නෙවැ :)

      Delete
  17. බොලාගෙ බොසා සුද්දෙක්ද ?

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාව ඔහොම නොවැ.. හිකිස්..

      Delete
  18. ඒ වුනාට කම්මලි වෙන්න ඕන නෑ සෑම් අයියෙ මොකෝ පහු වෙලා ගිහින් බස් එකේ හුලං ගියා නම් මොකෝ වෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. හිකිස් එක තමා මම කම්මැලි නැහැ නොවැ..

      එතකොට කලින් ගිය එකේ හුලං ගියොත් :(

      Delete
    2. එතකොට අලුත් බස් එකක නැඟල යනවනෙ. කොහොමද මගෙ ටිකිරි මොලේ.

      Delete
    3. සිරාවට ඔය ටිකිරි මොලේ ටිකිරි මාරි කනව වගේ තේ වල පොගවන්න එපා මචෝ :))

      Delete
  19. මට මේ කතාව කියවද්දි මතක් වුනේ මම කියවපු "ජනකතා හා සුරඟන කතා" කියන පොතේ තිබුනු "මිස්ටර් කම්මැලියා" කියන කතාව....දැන් කම්මැලිකම හොඳයි කියලා පහුවෙලා යනකොට මේ පිනා චාන්ස් නැතිවෙන්න ඕනේ එතකොට ගානට හැදිලා එයි.....මම පහුගිය පෝස්ට් එකට දාපු කොමෙන්ට් උස්සලා තිබුනෝ මේකත් උස්සයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හනේ කමෙන්ට් නො උස්සමි මලයෝ... කලින් එකෙක් දාපු කුනු හබ්බයක් තාම තියෙනවා ඩිලීට් නොකර. එහෙව් එකේ බොලාගේ ඒවා කොහොම ඩිලීට් කරම්ද ?

      බලමු ස්පෑම් ද කියලා..

      Delete
  20. පව් අප්පා... සෑමටමයි වෙන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්ට පව් සෑමා !

      Delete
  21. සික් සෑමාටත් වෙන එව්වා

    ReplyDelete
  22. පොකට් එකට ගහල තැපෑලෙ අයිඩෙන්ට් කාඩ් එක එවන්න තරමට අපේ හොරු නිහතමානී වෙලානෙ.
    කම්මලි වීමේ වාසිත් නැත්තෙම නෑ

    ReplyDelete
    Replies
    1. දැන් හොරු යහ ගුණයෙන් ඉදිරියෙන් බොල...

      Delete
  23. මේ නම් සැමාටත් කම්මැලි වෙන්න හිතිලද කොහේදෝ :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් කම්මැලි අෆ්පා !

      Delete
  24. පණුව කිව්වේ ටිනර් ටින් එක හලපු එකා ද ! හික්ස් :)
    මාත් වෙලාවකට මාර කම්මැලියි. කොටින්ම උදේට නැගිටින වැඩේට නම් සෑහෙන්න කම්මැලියි !

    ReplyDelete
    Replies
    1. සද්ද නැතිව හිටියට මටත් මතක් වුනේ ඒ පනුවා බොල...

      අපොයි ඔවි වෙලාවකට බස් එකේ ඉදන් ඉන්න සීට් එකේ නින්ද ගියාම හෝල්ට් එකෙන් බහින්නත් කම්මැලි :)

      Delete
  25. ඉස්සර බියගම හන්දියෙ මාත් කරක්ගහනව නිතරම.

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඒ මෙකෑ ඒ?? බදින්ට කලින්ද ? ;)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...