Friday, February 3, 2012

හෙට නිදහස් දිනය(ලු)...

මහරජුන් සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ......

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියවේ......

ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්......

තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයත්
නිවනට සරි කොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්......

-කොළඹ ආනන්ද විද්යාලයේ වැඩ සිටි ධර්මාචාර්ය ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි.

20 comments:

  1. ඇත්තටම හෙට නිදහස්ද....?

    ReplyDelete
  2. මම දැක්ක නිදහස කල් දාලලු....දැන් පෙබරවාරි 4 නෙමේ ලුනේ... මැයි 8 ලු..... :D

    ReplyDelete
  3. රටක නිදහස උදා කරපු වීරවරයෙක්ට වෙච්ච හදියක් !!
    අනාගත පරපුර මේවයි ආදර්ශ අරගෙන අතීතයේ වෙච්ච වැරදි පුනරාවර්තනය වෙන එක වැලැක්වුවොත් හොඳයි !!!

    ReplyDelete
  4. ලැබූ නිදහස රැක ගනිමු.
    ජෙනරාල් අපිටනම් වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. ජනරාල් කියන්නේ වීරයෙක් තමා. හමුදාවේ පොත් වලින් නම අයින් කරලා දැම්මට ඒක නෑ කියන්න බෑ කාටවත්ම. ඒත් මොන වීරයා උනත් අනුන්ගේ ලනු කන එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. මාළුවත් නහින්නේ කට හින්දා කියලා මතක තියා ගන්නත් ඕනේ.

      Delete
    2. //මාළුවත් නහින්නේ කට හින්දා කියලා මතක තියා ගන්නත් ඕනේ.//

      මේ වචන ටිකෙන් කිය වෙන්නේ දේශපාලනික පලිගැනීමක් ගැන මිසක්, ජනරාල් වරදක් කරල හිරේ ගිය වගක් නෙවේ.

      Delete
  5. මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් මට සතුටක් කියල තමයි අපේ ජෙනරාල් තුමාට කියන්න වෙන්නෙ.

    ReplyDelete
  6. ඔය හෙට නිදහස් උත්සවයක් කියල එකක් තියන්න හැදුවට කොහෙද බං තියෙන්නේ ඔය නිදහසක් කියල එකක්, උඹල කාට හරි එහෙම එකක් හම්බ වෙලා තිනවා නම් ඕක තින්නේ කොහෙද කියලා මටත් කියාපන්කෝ:( මට හරි ආසයි බං ඕක කොයි වගේ එකක්ද කියල බලන්න :D:D

    ReplyDelete
    Replies
    1. මොනවගේ නිදහසක්ද බලාපොරොත්තුවෙන්නේ.?48 සුද්දා රට දාලා ගියපු දවස තමයි නිදහස් දවස කියන්නේ.වෙන නිදහසක් කවදාවත් ලැබෙන්නේ නැහැ උඹට මතත් හැමෝටම මේ දේ පොදුයි.

      Delete
    2. 48 සුද්දා කොහෙද බං මේක දාල ගියේ. ටිකක් බලපන් ඇස් ඇරලා. ඌ ගියා කියලා පෙන්නුවට තාම ගියේ නෑ. යන්නෙත් නෑ. ඌ ගියා නම් ගියේ අපේ ඔලු ගෙඩි ටික ඔක්කොම හෝදලා දාලා. සදහටම අපි උන්ගේ යටත් වැසියෝ කරලා. උඹත් ඔය අප්‍රිකාව අත්ඇරලා මෙහේ ඇවිත් ටික දවසක් යනකොට උඹට අගේට තේරෙයි. නැත්තම් තේරුනත් නොතේරුනා වගේ ඉදියි. ඔය මොන ආණ්ඩුව ආවත් හෙට (පෙබරවාරි 4) සමරනවා කියන නිදහස නිකම්ම නිකම් දේශපාලන රගපෑමක් විතරයි.

      Delete
  7. "නිදහස" අකුරු හතරක් විතරමද?

    ReplyDelete
  8. ජෙනරාල්ට මම හිතුවේ හෙට වත් එලියට එන්න පුළුවං වෙයි කියලා..එහෙම චෑන්ස් එකක් නෑ වගේ.....

    ReplyDelete
  9. නිදහස් දිනය???? ඔය කියන්නේ ඉංගිරිසි ආණ්ඩුව 'උඹලා ඕන මගුලක් කරගනින්' කියලා දාලා ගිය දවස නේද?

    ReplyDelete
  10. අනේ මන්දා මම නම් දේශපාලනේට චුට්ටක්වත් කැමති නෑ....මම චන්ද අයිතිය තිබුනත් චන්දේ දාන්න යන්නෙත් නෑ

    ReplyDelete
  11. පෝස්ට් එක හොඳයි!

    මොන මොනවයින් නම අයින් කෙරුවත් මිනිස්සුන්ගෙ හදවතේ කොනක ජෙනරාල් ගැන භක්තිය ඉතිරිවෙලා තියෙනවා..මරාගෙ පැත්තෙ උන් පවා ගොඩ දෙනෙක් ඉන්නවා ජෙනරාල හිරේ ඉන්න එකට විරුද්ධ..(අමු අමුවේ මරාට කඩේ යන උන් ඇරෙන්න)..දවසක නැගිටලා එන ඔය හැඟීමම මරාට පරාවළල්ලක් වේවි..

    එතකන් ඉවසලා ඉමු ජෙනරාල්..

    @ගැමියාගේ පත් ඉරුව : මම නම් සුරුස් ගාලා හරහට ඉරක් ඇඳලා එනවා

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. @හරී //දවසක නැගිටලා එන ඔය හැඟීමම මරාට පරාවළල්ලක් වේවි..// මේක හරී..

      Delete
  12. මට නිකමට හිතුන මේ කවි ටික කියවල පුරුදුයි වගේ කියල

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙමද? නැහැ ඔබා මාමේ මම හිතුව කස්ටියට මතක නැතිව ඇති කියල :)

      Delete
  13. ජෙනරාල්ට ජය වේවා! සැබෑ ජාතික වීරයාට ජය වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...