Monday, January 30, 2012

හනුමන්තාගේ පැනිල්ල සහ කබරයාගේ පැන්නිල්ල.....

හනුමාගේ පැනිල්ල

හනුමා කියන්නේ සෑමා‍ගේ අට වසරේ සිට මිත්තරයෙකි. පොර මහතය. කොටය. ‍හනුමා 8 වසරේ සිට  පාසල් පුද්ගල නාමකරණයට අනුව හනුමා වුවද, පොරගේ නම තව දුරටත් ස්ථිර වුනේ උසස් පෙල කරනකොටය. අපේ විද්‍යා දිනයේ ගැටයාගේ නාට්‍යයක ගැටයා කපුවෙකුගේ චරිතය කරද්දී, හනුමාට හිමිවුනේ නමට අදාල 'හනුමන්තාගේ' චරිතයයි. ඒ කියන්නේ එදින ඔහු තඩි වදුරෙකි. එදා ගැටයා කපු වෙස් ගෙන මතුරද්දී, ඇඹරුණු දිග නැට්ටක් දමාගෙන ප්‍රධාන ශාලාව මැද්දෙන් පැනගෙන ආවේ හනුමාය. සෑමාට ඒ සිද්ධිය අදටත් මැවී පෙනෙන්නේ හනුමාගේ දක්ෂ රංගනය ප්‍රථම වරට අප දුටුවේ එදින වීම නිසාය.

අපේ ඒලෙවල් පන්තිය තිබ්බේ ලොල්ලාගේ කසිප්පු අංකල්ගේ ගෙදරට මෙහා පැත්තෙනි. ඒ සිදුවීමට පසු අංකල් තාප්පෙන් ඉස්කෝලෙට පැනීමට ඉඩ නුදුන්නේය. එසේ තිබියදී දිනක් අපේ හනුමා තාප්පෙන් පැනීමට වෙර දැරුවේ ඉගෙනීමට ඇති ආශාව නිසා බැව් කිසිවෙකු විශ්වාස නොකරනු නොඅනුමානය.

ඉස්කෝලේ ඇරෙන්නට කලින් ගෙදර යන පිරිසට වඩා උදේ ගේට්ටුව වැහුවාට පසු ඇතුලට ඒමට වෙර දරන පිරිස වැඩිය. උදේ 8ට ගේට්ටුව වැසුවාම 8:30 වනතුරු එන පිරිස එකතු කරන්නේ ශිෂ්‍යය නායකයින් විසිනි. එකී අවාසනාවන්ත පිරිස පාසල පුරා ඇති කුණු රොඩු එකතු කිරීම කළ යුතුය. නැතොත් ප්‍රින්සිපල්ගේ පහර කෑමට ලක්විය යුතුය. ඒ නිසා අපේ එවුන් කරන්නේ නීතියට පිටුපා 8:30ත් පහු වූ පසු තාප්පෙන් ඇතුලට පැනීමය. එහෙම අහුවුනොත් ප්‍රශ්න වැලකි, ගුටි වැලකි. පුදුම නීතියක්ය, ඉස්කෝලේ ඇතුලට එන්න ආවත් ගුටිකන්නට සිදුවේ. 

එදින උදේම අපිට තිබ්බේ පිකිස්ය. පිකිස් ඉගැන්වූ පන්තිභාර පියල් සර්ය. පාඩම කරන අතර අපේ එකෙක් එහා වත්තට සිග්නල් දානු දැක සෑමාද ඒ පැත්තට ඒරියල් එක කැරකුවේය. කොල්ලෝ දෙතුන් දෙනෙකු සමග හනුමා සිටියේ තාප්පෙන් එහා පැත්තේ කසිප්පු අංකල්ගේ වත්තේය. කස්ටිය ප්‍රමාද වී පැමිණ තාප්පෙන් පැනීමට පිඹුරුපත් අදිති. හනුමා ඇරෙන්නට අනිත් එවුන් තාප්පෙන් පැනීමට තරම් උසය. හනුමා කොට ජීවිතයකි. එනිසා මුලින්ම තඩි බඩ සහිත කොට හනුමා පැන්නීම සුදුසු යැයි සියල්ලෝම තීරණය කරන්නට ඇත. ඒ අතර පන්තියේ එවුන් හනුමාට පියල් ගැන කියමින් සිග්නල් දමති.

හනුමා වටේ සිටි පිරිවර හනුමාව තාප්පය මට්ටමට ‍එසවූ විට හනුමා බඩගාමින් තාප්පේ එල්ලින. අපිට මතක්වුනේ මොන්ටිසෝරියේ "හම්ටි - ඩම්ටිය".

හනුමා බඩගාමින් තාප්පේ එල්ලුනේ "හම්ටි - ඩම්ටිය" ලෙසය
අපේ එවුන්ට පට්ට ආතල්ය. හනුමා අත් දෙකත් වෙවුලමින් එල්ලෙමින් සිටියදී යටින් සිටි පිරිස හනුමාව පැන්නවීමට පස්ස පැත්තට පුෂ් එකක් දෙයි. හනුමා ඉහල එසවුනත් අත් දෙකට බරදී පැනීමට පොරට නොහැක. එ‍සේ පැනීමට නම් හනුමා බඩ පැත්තකින් තබා පැනිය යුතුය. සියල්ල එසේ සිදුවෙද්දී අපේ එවුන්ට කෑ නොගසා සිටින්නට නොහැක. පියල්ට ‍හොරෙන් ෆන් එක ගනිද්දී අපේ එකෙක් "අඩේ අන්න හනුමා.. " කියා කෑගැසූ නිසා පොරට වැඩේ මීටර් විය. එහා පැත්තේ ගෙදර අක්කා පඩි පෙලෙන් වැටුන සීන් එක වගේ සීන් එකක් සිදුවෙනු ඇතැයි සිතූ පියල් වහා පැමිණ එහා වත්තට ඔලුව දැම්මේය.

අප්පද බොල හනුමා තාප්පේය. යටින් පිරිසක් හනුමා උඩට ඔසවයි. බර වැඩිකමට නැවත පහල යයි. පියල්ටද සිනා පහල විය.

"තිළිණ.. අත පය කඩා නොගෙන පරිස්සමෙන් පන්තියට එනවා..." පියල් කීවේ එපමණකි. ටික වෙලාවකින්  හනුමා පන්තියට ආවේය.

"කොහොමද තමුසෙ පැන ගත්තේ...?" පියල් ඇසුවේය.

"බැරිම තැන අනිත් එවුන් ඔක්කොම මාව ඉතුරු කරලා පැන්නා සර්" හනුමා කීවේ දුක් ස්වරෙනි.

"ඉතිං තමුසෙ කෝමද ආවේ.??"

"මම උන්ගේ අතේ පොත්ටික එවලා ගේට්ටුවෙන්ම ආවා"

හනුමාට එදිරිව පියල්ට ක්‍රියා කළ නොහැක්කේ ගේට්ටුවෙන් ආපු නිසාය. හනුමාගේ වීර ක්‍රියාව වාර්ථා පොතට එක් වෙද්දී අපේ කබරයාද පසුදිනක ගේමට බැස්සේය..

කබරයාගේ පැන්නිල්ල

එදා කිහිප දෙනෙක් තාප්පෙන් පැන්න වීමේ වගකීම හිමි වූයේ අදරණීය වෙළදාමේ කබරයාටය. ගේට්‍ටුවේ මුර අංකල්ව ර‍වටා නැවත එන ලෙස පවසමින් එලියට යන පිරිසට කබරයා විසින් බෑග් විසි කළ යුතුය. කලින් පෝස්ටුවක සෑමා දැමූ මැප් එකට (මැප් එක බලන්න මෙතනින්) අනුව පිරිස ගේට්ටුවෙන් පොත් බෑග් නැතිව පිට වෙද්දී කබරයාට හිමි වූ‍යේ පිසික්ස් ලැබ් එක ලගින් කස්ටියගේ බෑග් පාරට විසිකිරීමේ රාජකාරියයි.

කස්ටිය ගේට්ටුවෙන් පිටවූයේ කබරයා පිළිබද විස්වාසය තබමින් තම පොත් බැග් කබරයා සන්තක කිරීමෙනි. කස්ටිය මුර අංකල්ට බෝලය බස්සවමින් ගේට්ටුවෙන්ම පිටවන අයුරු අපි කබරයා සමගම බලා සිටියෙමු. දැන් ඇත්තේ කබරයාගේ වාරයයි. බෑග් සියල්ල අත් දෙකට ගෙන, උරහිස් දෙකේ එල්ලා ගත් කබරයා කොරඩෝව දිගේ ගමන් ඇරඹුවේ පිසික්ස් ලැබ් එක පසු කරමින් ගොස් බෑග් පාරට විසිකිරීමටයි. බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු හරි හැටි නොපෙනේ.
උරහිස් දෙකේ බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු නොපෙනේ

කබරයා යන මග අපි බලා සිටියෙමු. පොර පිසික්ස් ලැබ් එක පසුකරනවාත් සමග එලියට ආවේ අපේ පන්ති භාර පියල්ය. පියල් සර් දිව විත් කබරයාගේ බෑග් එකකින් ඇද "තමුසෙ කොහොද ඔය යන්නේ...???" ඇසුවේ කේන්තියෙනි.

දෙපස හරි හැටි නොපෙනෙන කබරයා "මොන හු@$$%ක්ද බං කරන්නේ, අරුන්ටික අරහෙ යන්න බලං ඉන්නවා. පු@ නොදී ජෝගි නොදා පැත්තකට වෙයන් බං. පියලා දැක්කොත් විනාසයි..." කියමින් බෑග් ටික පාරටම විසිකලේය.

පියල් නිරුත්තර කරමින් බෑග් විසිකල කබරේ පිටිපස්ස බලා ඇස් නිලංකාර කර "අහ් සර්..." කියමින් නැවත එද්දීත් පියල් සද්ද නැත.

කතාව ප්‍රසිද්ධ වුනොත් සර්ද චාටර් වන නිසා කබරයාද එදින නිදහස් විය.

Written by sAm_11.50am_30.01.2012

51 comments:

  1. යකෝ.උඹලගේ පන්තිය ආතල් සාගරයක් නේ.පියලයාගේ ආත්ම ගරුත්වය ගැන හිතපු නිසා කබරයා බේරුනා.හනුම තවම මහත්යිද?

    ReplyDelete
    Replies
    1. හනුමගේ ෆේස් බුකි ලින්කුවක් හරි, ෆොටෝ එකක් හරි දාන්න හිතුනත් දැම්මෙ නැහැ. පොරට කේන්ති යන බුවෙක් නෙවේ. පොර පට්ට මහතයි. හැබැයි ටිකක් උස ගිහින්.. :)

      Delete
  2. මම හිතුවේ කබරයාගේ කබර හමට තලන්න ඇති ය කියලා. හික් හික් :)
    මම නම් කවදාවත් තාප්පෙන් පැනලා ඉස්කෝලේ ඇවිත් නෑ. උදේ පරක්කු වෙලා එනවා. එතකොට පිනාගේ විටමින් එක ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ නම් පරක්කු වෙලා 8:00-8:30 අතර ආවොත් දඩුවම් කලා. එයිටත් පරක්කු වෙලා එන එවුන් ගේමක් නැතිව ඇතුලට ආවා. හිකිස් !

      Delete
  3. මම් හිතුවා හරිය. චක්‍රය අවුල් ගොස් ඇත. අද කැත හිත් වලට කවි පොඩ්ඩක් ලිවිය යුතු දවස ය.
    ඒ වෙනුවට වෙන කතාවක් ය.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අසරණයා ‍පෝස්ටුවකින් අළුත් චක්‍රයක් හදුන්වා දුන්නේය. :)

      සෑමා මේ දිනවල කුසූ - සිතූ ඉක්මනින් අහවර කිරීමේ අටියෙන් චක්‍රය වෙනස් කර ඇත. මෙය නව චක්‍රයක් වුවද සාධාරණව පෝස්ටු ටික දමමි.

      මීලග පෝස්ටුව මධුවගේ කැත හිත සදහාමය.

      Delete
  4. කඹරයාගේ වැඩේ තමයි මරු.. මට හිතාගන්න පුළුවන් සර් කාරයාගේ එවෙලේ තත්වය..

    ReplyDelete
    Replies
    1. අපිටත් අද වගේ මතකයි.. ;)

      Delete
  5. හික් හික්,, පාසැල් ජිවිතයේ ලස්සන පේන්නෙ එළියට ගියාම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් මතක් වෙද්දි රසයි..

      Delete
  6. අයියෝ ඒ කාලෙම ඉන්න තිබ්බනම්. ඔන්න දැන් වෙදනගේත් මතකය ඇවිස්සෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් තාම දැම්මෙ නැහැනේ ඒ කාලේ කතාවක්.. අපි එදාත් කිව්ව.. !

      Delete
  7. සුපිරි සීන් එක සර්ට කොටි ගැහුවා වගේ තියෙන්න ඇති හි හි

    ReplyDelete
    Replies
    1. කොටි ගහල මලා නම් එකක් බං, පොර උපරිම අවුල් අපි දැක්ක නිසා;;;

      Delete
  8. ඔය ඉස්කෝලේ තියෙන්නේ මොන කැලේද මචන්..? බලාගන යනකොට ඔක්කොම සත්තු ඉන්නෙ.. කබරයොයි, වඳුරොයි...

    මේ උඹට දාලා තිබුන නමත් කියපන් නිකන් අනිත් උන්ට විතරක්ම මඩ ගහන් නැතුව..

    ReplyDelete
    Replies
    1. ඒක ඇමේසන් වනාන්තරේ බොල තිබ්බේ..

      අවංකවම මට පොඩි කාලේ මගේ නම 'ස'යන්නෙන් පටන් ගන්න නිසා, "සමනලයා" කිව්ව. ඒ කාලේ ඉතිං සමනලය කිව්වත් මල පනිනවනේ.

      පස්සේ පහ වසරේ විතර කොල්ලෝ මට 'සැමියා' කිව්ව. අට වසරේ ඉදන් ඉතින් කොල්ලා "සෑම්"ම තමයි...

      Delete
  9. හෆ්ෆටසිරි.. අනේ පව් අසරණ කබරයා & හනුමන්තා.. සෝක් නම් ටික මොනා උනත්, සත්තු වත්තක් වගේ !!!
    අද මුල්ම කාන්තා නියෝජනය මමද මන්ද..:)

    ReplyDelete
    Replies
    1. අලේ ශානියෝ.... ස්ත්‍රී කස්ටිය සෑම් වර්ජනය කොරල වගේ. අර කුසූගේ චපල සීන් එක නිසා.. හිකිස්.. ජය !

      Delete
  10. සැමෝ උඹලා මාර පොට් එකකනේ ඉඳලා තියෙන්නේ...එහෙන් කසිප්පුවා,එහෙන් පඩිපෙලේ අක්කා..එළ ඈ..මගේ දනිස්සේ තාම ක‍ටු කම්බියට හීරිච්ච පාර තියෙනවා ඉස්කෝලේ කෘෂිකර්ම ගැන්සියගේ කෙසෙල් කැනක් හොරෙන් උස්සන්න ගිහිල්ලා චෙච්ච ඇබැද්දියක් නිසා....

    ReplyDelete
    Replies
    1. අපොයි.. පිටගැස්මට ගැහුවද? මතකනේ සෑමාගේ අක්කගේ ලිපියක ටෙටනස් ගැහුවා.. :)

      කෙසෙල් උස්සපු සීන් එක ලගදිම දානවා නේද ?

      Delete
  11. පියල් සර් පස්සෙවත් අල්ලගත්තෙ නැද්ද ගබරගොයාව?

    ReplyDelete
    Replies
    1. නැහැ.. කබරයා කලේ "බයෝ" එනිසා මැත්ස් පන්ති වලට උගන්නපු පියල් මහතා ඒ පන්ති අස්සේ රිංගන්නේ නැහැ.. :D

      Delete
  12. මට පේන්නෙ පියල් සර් මරු පොරක් වගේ

    ReplyDelete
    Replies
    1. අපොයි...මතක් කරන්න එපා !

      Delete
  13. මරු කතා සෙට් එකක්නෙ.

    ReplyDelete
  14. ඔය උනන්දුව-මහන්සිය ඉගනගන්න තිබුනනං කොච්චර හොදද කියලයි මං කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං රාජ් මහත්තයෝ... ඉස්කෝලෙ ඇතුලට පයින්න උනන්දු වුනේ ඉගෙන ගන්න තමා... :)

      Delete
    2. රාජ් කොහෙද බං අතුරුදහන් වෙලා හිටියේ.සුදු වෑන් එකක්වත් ආවද ගෙවල් පැත්තේ.

      Delete
    3. මාත් ඇහුව බං ඔය ටිකම :ඩී

      පවුල රාජ්ව හැක් කොරාලු

      Delete
  15. අනේ මන්දා මෙහෙමත් පැනිලි..ප්‍රින්සිපල් සර් මේ ලියුම දැක්කොත් කම්මුලේ අත තියා ගන්නවා සුවර් මම මුංවගේ හාල්පාරුවන්ටද ඉගැන්නුවේ කියලා හික්ස්..

    ReplyDelete
    Replies
    1. එහෙම ගිය එවුන් තමා ප්‍රින්සිපල් සර් සුදු වෑන් එකේ අරන් ආවේ.. හිකිස්/ ලැජ්ජාවේ බැහැ !

      Delete
  16. මුං මහ නැහැදිච්චි උන් ටිකක්නෙ. සර්ලට කතා කරන්න නොදන්න, හොරෙන් ඉස්කෝලෙන් පණින, ඒ මදිවට එව්ව මෙතන ලියන....මොනාද තොපි මේ කරන්නෙ.හය්යෝ සිංහල සංස්කෘතියයි ජාතියයි විනාසයි කුජීතුයි!

    ReplyDelete
    Replies
    1. වෙන එවුන් නමවත් කියන්නෙ නැතිව කුනුහරප නම් කියන එකේ අපි නම කීවම වරදක් නැහැ මගෙ හිතේ.

      Delete
  17. කොතරම් සුන්දරද ඒ අතීතය. රෙපාද දිනපතා පාසලට පැමිණියේ උදැසන අට පසුවෙලාය. පන්ති කට් කිරීම අපේ සෙට් එකේ ජන්ම ගතියක් වූ නිසාවෙන්ම හැමදාම පලවෙනි හා ඉන්ගිරිසු කාල පරිච්චේද නම් හැමදාමත් අපට ඕෆ්ය. පන්තිබාර ගුරු තුමා ජන හද හොදින් හදුනන කෙනෙකි. එනිසාම නම් ලකුණු කිරීමද සිදු වුයේ අපේ සෙට් එකේ කාගෙන්ම හෝ නිසා බොහෝ විට අප පාසල් නොගිය දින වලද නාම ලේඛනයට අනුව අප පාසල් ගොස් තිබිණ. කොටින්ම එදා පාසලෙන්ම අප බය වුයේ ප්‍රින්සිපල් තුමාටම පමණි. අද වන විට නම් එදාට වඩා අපේ පාසල නම් දියුණු වී ඇති බවක් පෙනේ.

    ReplyDelete
    Replies
    1. //එදාට වඩා අපේ පාසල නම් දියුණු වී ඇති බවක් පෙනේ.//

      අපේ එකටමද ආවේ. අපිට දැන් "ස්විමිං පූල්" එකකුත් හදනවලු.. :)

      Delete
  18. //එදින උදේම අපිට තිබ්බේ පිකිස්ය. පිකිස් ඉගැන්වූ පන්තිභාර පියල් සර්ය.//
    මොකක්ද මේ විෂයය කීවේ??? :D:D:D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... අර කැලිපර්, ආමාන, රැලිති ටැංකි තිබ්බ එක..

      Delete
  19. තාම මතකායි බොලං..හනුමා වර... වර හනුමා වර වර...බිත්ති කඩාගෙන වර..කොන්ක්‍රීට් දෙබෑ කරගෙන වර....කිවුවාම අහල වර ඉතින්,,

    ReplyDelete
    Replies
    1. තෝ එනකල් තමා හිටියේ.. මම එන්න කියන්න හිටියේ ගැටයාට.. ඇයි බොල ප්‍රමාද ?

      Delete
  20. මටත් කබරය ගැන ටිකක් දුක හිතුනා, පව් ඉතින් යාලුවො නිසා කන කටුනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඔක්කොම ‍එහෙම තමා. තමන්ට මොනව උනත් කරන්න තියෙන දේ කොරනවා..

      Delete
  21. පව් අෆ්ෆා පනින්න ශරීර ස්වභාවය අනිවාර්‍යය සාධකයක් වුනාට ඒ බාධක නොතකා පැනල තියෙන පාටයි !

    ReplyDelete
    Replies
    1. සිරාවට.. මොනව කරන්නද ඉගෙනීම වෙනුවෙන් නේ..

      Delete
  22. අප්පේ උබේ ඔය පැන්නිල්ල අහල මටත් ඉස්කොලේ කාලේ මතක් උනා බං..අපේ ඉස්කොලේ තප්පවල කලුතෙල් නාවල තිබ්බේ බං එත් ඉතින් අපි නොපැන ඉඳිද..හික් හැබැ වැඩිපුරම කස්ටි පැන්නේ මේන් ගෙට්ටුවෙන්ම තමා..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ගොඩක් වෙලාවට එලියට යන්නේ ගේට්ටුවෙන්. විවිධ සාධක මත හැබැයි.. ;)

      කළු තෙල් නාගෙනත් පැන්නද බං..

      Delete
  23. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
  24. උඹගේ ඉස්කෝලේ කාලේ මතක ටිකත් හරි අපුරුයි බං...
    හනුමට තාප්පෙකින් පැන ගන්න බැහැ කියලා ඇත්ත හනුමා දැනගත්තොත් එහෙම, ඌ වලිගෙ අත්තක ගැටගහගෙන එල්ලිලා මැරෙන්නේ

    අපි ඉස්කෝලේ යන කාලෙනම් අපිට යන්න එන්න කිසිම තහනමක් තිබ්බේ නැහැ
    මම ඒ ලෙවල් කරද්දී හැමදාම වගේ ඉස්කෝලේ එන්නේ ගෙවල් ගාවින් එන 08:20 බස් එකේ
    09:10 වගේ වෙද්දී ඉස්කෝලේ
    සර්ලා පන්තියට ඇවිත් කෙළින්ම කියනවා ඉන්න ඕනේ නැති අය යන්න කියලා
    කියන පරක්කුවෙන් ගොඩ දෙනෙක් පන්තියෙන් එළියේ

    ReplyDelete
    Replies
    1. //සර්ලා පන්තියට ඇවිත් කෙළින්ම කියනවා ඉන්න ඕනේ නැති අය යන්න කියලා
      කියන පරක්කුවෙන් ගොඩ දෙනෙක් පන්තියෙන් එළියේ//

      ඇයි මචං අපේ කෙමෙස්ට්‍රි ටීචරුත් එහෙමයි. සෑම් පන්තියෙන් ගියෙ නැත්තම් පාඩම කරන්නෙ නැහැ. හිකිස්.. මම පෝස්ටුවක් දැම්ම එයා ගැන.. ;)

      Delete
  25. පට්ටයි...
    මාත් ඔහොම තමයි ඉස්සර, හැමදාම පරක්කුයි.. අපිට ඉතින් 7.30 ටනේ ඉස්කෝලේ පටන් ගන්නේ. මං යන්නේ 8.15ට. එතකොට ඔය පනිෂ්මන්ට් කන උන් වල් ගලවලා, කුණු ඇදලා පන්තිවලට ගිහිනුත් ඉවරයි. හික් හික්...

    ReplyDelete
    Replies
    1. අපොයි මෙයා හොර දෙටුවෙක් නොවැ.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...