Tuesday, January 7, 2014

සහකරු-කාරිය හඳුනා ගැනීම - Understand Your Spouse !!


පවුල් කන හැම එකාම කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. පවුල් කන්නට පෙරද කස්ටිය කියන්නේ පවුල් කෑම අමාරුයි කියාය. අපේ එවුන්ට පිස්සුය. යකෝ කන එක තරම් ආතල් එකක් ලොවෙත් නැහැය. බත් පතක් පෙරලගෙන කෑවේ ඉස්කෝලේදීය. ඒක ආතල් නැහැ කියන උන් මම දැකලා නැතිය. හොර බලල්ලු කුස්සිය පෙරළගෙන කන්නෝය. ඒක උන්ට ආතල්ය. මලින්ද මාමා වැනි අය රට කන්නෝය. ඉන් එතුමාගේ පරම්පරාවටම ආතල්ය. ඉතිං කනවා කියන එක ගෑවුණු තැන ආතල් නම් පවුල් කනවා කියන එක ආතල් නොවන්නේ කෙසේදැයි ගැටළු සහගතය. එහෙත් පවුල් කෑමට පෙර තම සහකාරයා හෝ සහකාරිය නිවැරදිව හඳුනා ගත යුතුය. ඉන් අනෝන්‍ය ගැටළු අවම වන්නේය. මේ දින වල කිටියා සෑමාවත්, සෑමා කිටියාවත් හඳුනා ගැනීමේ කටයුත්තේ සිටින නිසා පෝස්ට් ලිවීම දුෂ්කරය. එහෙත් හඳුනා ගැනීමට යාමේදී සිදුවන ආතල් නම් බ්ලොග් ලොවට මුසු නොකොට සිටීම මහා පාපයක්ය.

ගෙදරට ආ මුල් දිනවල ගෙවල් අස්පස් කිරීමට සතියක් පමණ ගත වූයේය. වෙනදාට සෙරෙප්පු දෙක ගැලෙව්වොත් ගලවන්නේ දොර ලඟය. එවිට එය සොයා ගැනීම පහසුය. ටවල් එක සාමන්‍යෙයන් දමන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එක උඩය. නිදාගන්නා විට පොරව ගන්නා බෙඩ් ෂීට් එක මතක හිතෙන ලෙස අරන් තියන්නේ ඇඳ යටය. එහෙත් දැන් පවතින තත්වය යටතේ සෙරෙප්පු තබන්නට වෙනම රාක්කයක්, ටවල් එක තෙත නම් අව්වට දැමීමක්, බෙඩ් ෂීට් නමා තැබීමක් සිදුවෙන නිසා ඒවා සොයා ගැනීම අපහසුය. ඉස්සර තිබූ අමුතු පිළිවෙල දැන් නැති නිසා යමක් සොයා ගන්නට යාමේදී ටිකක් වෙලා යන්නේය. ඉස්සර තිබූ ජොක්කු දෙදෙනා මනාව බැලන්ස් කොට සෝදා වේලා අදින්නට සෑමා සමත් වූයේය. මන්දා සෑමා තමා විසින්ම ඇඳුම් සෝදා ගත් නිසාය. එවිට ගෙදර ඇත්තේ මොකාද? වැලේ ඇත්තේ මොකාද? හෙට අදින්නට ඇත්තේ මොකාද කියා ලේසියෙන් සොයා ගත හැකිය. නමුත් දැන් පවතින තත්වය යටතේ ජොක්කු පහක් සිටියද, උන් ඉන්නේ අල්මාරියේද? වැලේද? ඇඳපු ඇදුම් දාන බාස්කට් එකේද ? කියා කලින් සොයා බැලිය යුතුය. එය හුදෙක් අපහසු කාර්යයක්ය.

එකී කලබලකාරී වූ මුල් දින වලදී සෑමා පෑනක් සෙව්වේ කිසියම් වූ වැඩකටය. එය සොයා ගත ‍නොහැකිව කිටීව ඇමතුවේ සෑමාය. ඇයට ‘ඒයි‘ කියා කීවොත් මල අතේය. නාකි ජෝඩු ලෙස ‘ඒයි.. ඒයි..‘ කීම ඇය හෙලා දකින්නීය. එනිසාම සෑමා එම වචනය භාවිතා කරන්නේය. ඇයි එවිට ඕයි කියා පිලිතුරු දෙන්නීය.

“ඒයි පෑනක් තියෙනවදෝ..??“

“ඇයි ඕයි.. ඔය හෑන්ඩ් බෑග් එකේ තියෙන්නේ..“

හෑන්ඩ් බෑග් එකේ ඇති පෑන සොයා ගැනීම සඳහා සෑමා කිටියාගේ හෑන්ඩ් බෑග් එක සෙවීම ආරම්භ කළේය. ඒ සඳහා තවත් විනාඩි කිහිපයක් ගත වූ නිසා සෑමා නැවත කිටියා ඇමතුවේය.

“මේ... හෑන්ඩ් බෑග් එකක් තියෙනවදෝ...??“

“ඔව්.. ඔය ඩ්‍රෙසින් ටේබල් එක උඩ තියෙන්නේ...“

ඒ අනුව සෑමා ඩ්‍රෙසින් ටේබල් එක සොයාගෙන, බෑග් සොයා ගෙන, පෑන සොයා ගත්තේය. මුලුතැන්ගෙදර යුද්ධයට කිටියා මෙහි ආ දින සිටම බැස්සාය. ඇයත් රාජකාරියට පිටත් වන නිසා උදේම නැගිට කෑම සූදානම් කොට නිවසින් පිටත් වන්නීය. ඒ අතර කුස්සියේ අහවර වෙන, අලුතින් ගත යුතු දෑ ලිවීමට ඇය නෝට් බුක් එකක් තැබුවාය. ඒ අනුව දිනක් කුමක් හෝ මඳිපාඩුවක් වී එය ලිවීමට පොත අතට ගත්තේ සෑමාය. 

“ඔයා පොත තිබ්බට මොකෝ මටම මේකෙ ඉස්සෙල්ලම ලියන්න වුණා නේ..“

“හරි හරි ඕකෙ ලියන ඒව ගේන්න වෙන්නෙත් ඔයාටම තමා..“

“හරි කෝ දැන් පෑන..??“

“මඟුලයි පෑනක් තියල නැද්ද?? එහෙනම් ඉස්සෙල්ලම ලියන්න පෑන කියල..“

“යකෝ පෑන කියල ලියන්නත් පෑනක් තියෙන්න එපැයි..“

මේ දිනවල බ්ලොග් ලියවෙන්නේ බැලෙන්නේ ඉතා අඩුවෙන් බව සැබෑය. එයට හේතුව ඇය රැකියාවට යෑම සහ සෑමාද කුස්සියේ විප්ලවයට යම් පමණකින් දායක වීමය. කුස්සියේ විප්ලවය අතර මැද දී සාලයට පැමිණ ලැප් එකට අත තැබීම ඇගේ ඇස් උඩයාමට, කට ඇඳවීමට හේතුවන කරුණක් නිසා ලැප පැත්තක දමා විප්ලවයට දායක වීම ඉතා බුද්ධිමත් ක්‍රියාවක්ය. කුස්සියේ විප්ලවය අවසන් වන්නට ආසන්නව තිබියදී නම් ලැප අත ගෑමට සාලයට ඒම එතරම් අවුලක් නැතිය. එවිට හිරේ ගිය එකෙක්ට ජනාධිපති සමාව ලැබුණා සේ දැනෙන්නේය. ඇය කුස්සියේ සිටින විට සෑමා සාලයේ සිටියොත් විනාඩි පහෙන් පහට කුමක් හෝ කියන්නීය. අවසන සෑමාට කුස්සියට යන්නට හේතුවන පරිදි කුමක් හෝ කියන්නීය. මෙයට හේතුව සෙවිය යුතු බව සිතා ගත් සෑමා දිනක් හොඳටෝම කල්පනා කළේය. සුපුරුදු පරිදි ඇය කුස්සියේ සිටියදී සෑමා සාලයට වී සිටියේ ඇගේ ඇමතීමට හේතුව සොයා ගන්නා අදහසින්ය. ඇය කුස්සියේ සිට දෙබස ඇරඹුවාය. සෑමා පිළිතුරු දුන්නේ සාලයේ සිටය.

“සෑම් මෙතනට ලයිට් එකක් දාන්න වෙයි...“

“ඇයි දාල තියෙන එක..“

“ඒක එළිය මඳි.. අලුත් බල්බ් එකක් දාමු..“

“හා..“

නැවත විනාඩි දහයකින්...

“සෑම්..“

“ඔව්..“

“මෙතනට ප්ලග් පොයින්ට් එකක් දාමු නේද??“

“මොකක්ද අයියෝ.. මම කියල තියෙනව නේද කුස්සියේ ඉදන් කෑගහන්න එපා කියල. මට මෙහාට ඇහෙන්නෙ නැහැ..“

“හරි මෙහාට එන්නකෝ..“

“ඇත්ත කියන්න.. කුස්සියෙ තනියම ඉන්න බයයි නේද??“

කිටී සද්ද නැතිය. සෑමා නැවතත් එම ප්‍රශ්නයම යොමු කළේ කුස්සියට ගොස්ය. විලි ලැජ්ජා සහිත සිනහවකින් ඇය හිස සැලීය. දැන් කළ යුත්තේ සරල දෙයක්ය. සෑමා ලැප් එක කුස්සිය පෙනෙන මානයේ තබා ගත යුතුය. එවිට ඇය කුස්සියේ විප්ලවයට තනිවම උර දෙද්දී සෑමාට බ්ලොග බදාගෙන සිටිය හැකිය. මෙලෙසම ඔබත් ඔබේ සහකරුවා හෝ සහකාරිය නිවැරදි අයුරින් අධීක්ෂණය කරන්නේ නම්, තමන්ට ලැබිය හැකි උපරිම සහනය අත් විඳිය හැකි බව වටහා ගන්න.

Written by sAm_ශ්‍රී_Perera_7:15am_07/01/14

102 comments:

  1. ලැපා ලිපට දාහං. අපිත් නිදහස්...

    ReplyDelete
    Replies
    1. අඩෝ මගෙ බ්ලොග තොපිට එච්චර සාපයක්ද? :)

      Delete
    2. අටමා දීලා පැලෙන්න... හිහ් හිහ්...

      Delete
    3. සැමා හිර කරගත්තට පස්සේ පෝස්ට්කටු දානවා වැඩියි වගේ නේද ළමායි??

      Delete
    4. අටමට කියපල්ලා වැස්සට එලියට බහින්න එපා කියලා.. ඇයි යකෝ මේ කතා වලට අකුණු ඩබල් වෙලා එන්නෙ..

      Delete
  2. ඔන්න සෑමෝ බැන්දට පස්සෙ වෙන දේවල් ලියලෝ...

    ඒකනෙ සෑමෝ අපි බදින්නෙ නැත්තෙ....

    ReplyDelete
    Replies
    1. බැන්ද දවසට ලියවෙයි.. :ඩී

      Delete
  3. කිටිය නෙමෙයි බොල ප්‍රශ්නේ..
    ප්‍රශ්නේ කුස්සිය..කුස්සිය වහල දාපන්,කාපන් කඩෙන්..එතකොට හරිනේ...

    ReplyDelete
    Replies
    1. කුස්සිය වැහුනොත් කක්කුස්සිය අපරාදෙ බං ඒකත් වහන්න වෙනවා.. :))

      Delete
  4. කාලයක් යද්දි ඕව නිකංම ඈගට පත්තියන් වෙනවා. ගණන් ගන්ඩ එපා මළයා. ඒක නෙමේ වැක්‍යුම් ක්ලීනර් එක වැඩද?? ;)
    අටමා උඹේ සායම අරිනවා අන්න අරහෙ :D

    ReplyDelete
    Replies
    1. වැකුම් එක අටමා හැදුවට පස්සෙ ගෙදර ඇවිත් ඔන් කලා බං.. ඒක ගැස්සිලා ගැස්සිලා නැවතුනා. ආයේ මූ ලගටම අරන් යන්න වෙනවා.. >.<

      උගෙ කාලකන්නි කට නිසාම කැඩුනද මන්දා..

      Delete
    2. ආයෙමත් ගියෑකිද බන් රෙද්දක් ඇදගෙන? :D

      Delete
    3. අටමගෙ රෙදි ගලවන්න බලාගෙන යන්නෙ..

      Delete
  5. දිගින් දිගටම මේ වගේ ලිපි කියවන්ඩ ලැබෙයි නෙහ්...හිහ් :)

    ReplyDelete
    Replies
    1. උබලටත් ආතල් නේද.. ??

      යක්කු.. ;)

      Delete
  6. තව නොබෝ දිනකින් පියාඹන පිරීසී මෙන්ම පිඟන් හැඳි ආදියද දැක ගැනීමට ලැබුනහොත් ඒවාද සඳහන් කරන්නේ නම් ඉතා අගය කරමි.

    ReplyDelete
    Replies
    1. එසේ නම් නොවේවා'යි පතමි :-D

      Delete
    2. ඒක ලියන්නත් ලැප තියෙන්න එපැයි. ඒක තමයි ඉස්සෙල්ලම පාවෙන්නෙ. :D

      Delete
    3. අම්ම්ප ප්‍රසන්න අයියේ..මමත් මේ කියන්න හැදුව විතරයි....ගෑනු බැන්දට පස්සෙ මාර තරහක් නෙ තියෙන්නෙ ලැප් එක්ක.....

      Delete
    4. සිරාවට බං ලැප් එක තමා ඒගොල්ලො කියන විදිහට ‘හෙනේ‘‘‘

      ලොල් !!

      Delete
  7. ඔය දවස් ටික තමා ජීවිතේ මාරම ගති දවස් ටික සැමා... අත්දැකීමෙන් කියන්නෙ... හි හි....

    කිටියට තියෙන ජොලිය දැන් අම්මලා තාත්තලා කියන කියන විදියට වැඩ නොකර එයාට ඕනෙ විදියට වැඩ කරන්න හම්බුවෙන එක.. අම්මෝ.. එතකොට ජීවිත කාලෙම පොත් වල කියෝපුවා, ෆිල්ම් වල දැකපු පිළිවෙලට වැඩ කරන විදි අරවා මේවා ඔක්කොම අත්හදා බලන්න යනව... ( ඇයි කන්න බැරි කෑම ජාති... හි හි)

    සැමාට තියෙන ජොලිය අරක නෑ, මේක නෑ, මේ වැඩේ පිළිවෙලට කරන්න ඕනෙ නං මේ වගේ එකක් ඕනෙ මෙතෙන්ට කියද්දි ඕවා මතක තියාගෙන ගිහින් අරන් එන එක... හි හි... ( හොයාගන්නම බැරිඋනොත් ඉතිං කිටියවත් පටෝගෙන යන්න වෙනව.. හැබැයි එතකොට බෝතල් පත්තර ක‌ඩ අස්සෙ රිංගන්න බෑ... හොඳ නමක් තියෙන කඩේකටම යන්න ඕනෙ... ඔන්න ඔතනයි කේස් එක තියෙන්නෙ... හි හි)

    අපිත් ඔය කාලෙ ගත කළේ බැඳලා මාස දෙකතුනකට පස්සෙනෙ... ඒ කාලේ ගෙදර තිබ්බෙ ඕනෙම කරන බඩු දෙකතුන විතරයි.. බිම නිදා ගත්තත් ගානක් නෑ.. ඒ මදිවට උයන්න ගියාම අපේ මහත්තය මගේ වටේ කැරකෙනව... ඒකට දැං... ආසාවට කුස්සියට එන්නෙ කවුරුහරි ගෙදරට ආපු වෙලාවට විතරයි.... ඒකත් කරන්නෙ කට්ටියගෙන් ලකුණු දාගන්න...

    ආ.. ‌ජොක්කු ගැන නං කරන්න දෙයක් නෑ සැමා... ඒක හැම හබියෙක්ටම විඳින්න වෙන දුකක් තමයි.. ඒ මදිවට ඕවා ගලෝලා වත්ත වටේ දාලා තිබ්බම, හෝදන්න හොයා ගන්න බැරි වෙලා වයිෆ්ගෙන් බැනුම් අහන්නත් වෙනව ඔන්න.. දැම්මම අනතුරු අඟවලා තිබ්බම ඉවරයි... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරුට තියෙන එකම ජොලිය....හි හි....හි හි....හි හි....හි හි....හි හි....හි හි....හි හි....හි හි....

      Delete
    2. අරක ගත්තෙ බෝතල් පත්තර කඩේකින් නෙවෙ බං.. මිනුවන්ගොඩ පැත්තෙ සේල් එකකින්.. අටමාව මරලත් මදි පිස්සු **තා..

      කුස්සි සීන් එක ගැන කියද්දි, කුස්සියේ වැඩ වලදි ගෑණු පිරිමි කියල වෙනසක් හදා ගත්තොත් කේස් වෙනවා. දෙන්නම වැඩට යන නිසා සහයෝගෙන් ගෙදර වැඩ බැලන්ස් කර ගත්තෙ නැත්තං මහ අවුලක් වෙනවා. මේ දවස්වල කරන්න ඕනෙ ජීවිතේ හැමදාටම ඒ වැඩ කරන්න බලාගෙන. ඒක නිසා බොහෝම පරිස්සමෙන් තෝර බේරගෙන කරන්නෝනි. නැත්තං හිරුගෙ මහත්තයා ගැන කිව්ව වගේ එදා කළා අද කරන්නෙ නැහැ කියල මටත් අහගන්න වෙයි.. ::))

      ජය වේවා..

      @ඇනෝ.. - මේකි අඩනවද? හිනාවෙනවද කියල තමා හොයන්න බැරි.. :))

      Delete
    3. සේල් වලින් ඉලෙක්ට්‍රික් බඩු ගනිද්දි හොඳට බලලා ගනිං බං... ලාබයි කියලා උස්සගෙන ආවට සතියක් දෙකක් වැඩ කරලා විසි කරන්න උනාම හෙන අපරාදයක්...

      ඇත්තම කියන්නද... අපේ මහත්තයව කුස්සියෙන් එලෝලා තියෙන්නෙ මම... එයා ළඟපාත ඉන්න වෙලාවට, වෙනදට පැයෙන් උයාගන්න තියෙන එක උයාගන්නත් පැය දෙකක් විතර යනව...හි හි

      ඔය කම්පියුටරේ සීන් එක මෙහෙ තියෙන්නෙ අනිත් පැත්තට... මම මේකෙ එල්ලිලා ඉන්නකොට මේකත් තරහා ගන්නෙ අපේ මහත්තයා තමයි... හොඳ වෙලාවට ලැප් එකක් නොවී ඩෙස්ක්ටොප් එකක් උනේ.. නැත්තං මෙයාවත් මෙලහට ඇඳක් යටට හරි විසි කරල... පුදුම තරහක් තියෙන්නෙ කම්පියුටරෙත් එක්ක... හි හි

      සෑමට අද පෝස්ට් දෙකකටම එකපාර උත්තර දෙන්න වෙලා නේ... ඒකත් මරු වැඩේ.... හි හි

      Delete
    4. ඔව් හිරුවෝ.. බ්ලොග් දෙකේම රිප්ලයි කමෙන්ට් දැම්මෙ මම..

      අටමා භංග වේවා.. !!

      Delete
  8. අද තමයි මේ පැත්තට ගොඩ උනේ, අලුත් ජිවිතේට සුභපැතුම් ! ! !

    ReplyDelete
  9. මට පේන විදිහට ලගදිම සෑමගෙ ලැප පියාඹයි වගේ :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මම මලත්.. ලැපට අත තියන්න දෙන්නෙ නැහැ.. :))

      Delete
    2. ඔහොම කිව්වට "සෑම් මගෙන් කොසුපාර නොකා ඕක දෙනව මෙහාට" කිව්ව ගමන් උබ බබා වගේ අතටම දෙයි :D

      Delete
    3. කොස්ස නෙවේ නේ බං.. වැකුම් එක :ඩී

      Delete
  10. ඔව්ව ඔහොම තමයි සෑමො ඔව්ව ඔහොම තමයි. බැන්ද ඈයෝ කොයි කවුරුත් කිව්වෙ ඔහොම තමයි!

    ReplyDelete
  11. මේ කතාව අතාත්විකයි. උඹ ඔච්චර ඉක්මනට කිටියගේ හෑන්ඩ් බෑග් එකෙන් පෑන හොයා ගත්තා නම් කිටියා සාමාන්‍ය ගෑනියෙක් වෙන්න බෑ. හරිනම් උඹට ඕක හොයාගන්න පැය ගානක් ගතවෙනවා ඒක ඇතුලෙ තියෙන වයිවාරන්න සුකුරුත්තං අතරේ මංමුලා වෙලා. පස්සේ උඹ කඩේට ගිහින් පෑනක් ගේනවා.

    ReplyDelete
    Replies
    1. අයි ඇග්රී විත් යූ හෙන්රි. සාමාන්‍ය ගෑනියෙක්ගෙ බෑග් එකකං ඕක හොයාගන්නවට වඩා ඉක්මනට පෑන් ෆැක්ටරියෙන් පෑනක් හදවගෙන එන්න පුලුවං. :D

      Delete
    2. මමත් ඒ කතාව එක හෙලා අනුමත කරනවා.. පෑන් පැන්සල් ජාතිම විතරක් 10-12 ක් ඉතර තියෙනවා...

      Delete
    3. මෙන්න ජීවමාන සාක්කි! :D

      Delete
    4. අනිව. ඇයි දැක්කෙ නෑ දුමියගෙ හැන්ඩ් බෑග් කතාව.

      Delete
    5. @හෙන්රියා - සහතික ඇත්ත බං. හෑන්ඩ් බෑග් එකේ පෑන හෙව්වෙ මම බෑග් එක එහෙම් පිටින්ම ටේබල් එකට හලලා..

      හනිමුන් දවස් පහේම මම කීපවතාවක් කිව්වා මේ නයි මල්ල ඇතුලෙ මට මුකුත් හොයන්න බැහැ කියල. ඇයි බං ගෙදරකට වඩා බඩු ඒක ඇතුලෙ.. මොන ලබ්බක්ද මන්දා..

      ඒ ගැන අත්දැකීම් බහුලම සැට් එකක් යටින් රිප්ලයි කරල නොවැ.. ලොල්..

      Delete
    6. සහතික ඇත්ත, මම කියන්නෙත් bag එකේ නැත්තේ මම විතරයි කියල.

      Delete
    7. සහතික ඇත්ත ඩූඩ්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!හොයන දේ විතරයි නැත්තේ අනිත් ඔක්කොම රෙද්දවල් තියෙනවා.

      "හා හා අදින්න එපා....ඉන්න මම හොයලා දෙන්නම්" මේක තමයි ෆයිනල් ආන්සර් එක.

      Delete
  12. තියෙන තත්වෙ හැටියට ටෙම්පර්ඩ් වීදුරු දාන එක සුදුසුයි වගේ නෝමල් ඒවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අටමා බීල ලියන පෝස්ට් අමු බොරු බං.. අතින් දාල මාව විනාස කොරලා..

      Delete
  13. මේ ඔය 'බයයි' කියලා ලඟට ගෙන්නවගන්න එක (කුස්සිය පැත්තේ ) අපි ඔක්කොමලාම කරන දෙයක් කියලා තාම සෑම් තේරුම් අරගෙන නෑ. :D:D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බය නැති වෙන්න මම ලැප් එකත් අරගෙනම තමා යන්නෙ.. :))

      Delete
  14. ෂා...මේ වගේ ඒවා ලියන එක හරි වටිනවා නොබැඳපු අපිට......දවසක පෙයෝජනවත් වෙන්නෙ නැතෑ.....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අටමගේ බොරු බලලා බය වෙන්න එපා හරිය??

      Delete
  15. මට තියෙන එකම සන්තෝසේ අටමා වගේ යාලුවෙක් උබට ඉන්න එක ගැන

    ReplyDelete
    Replies
    1. ඕකට වැස්ස දවසට එලියට බහින්න එපා කියපං මචං.. :))

      Delete
  16. කිසිවක් නොකියමි :v :v :v :v

    ReplyDelete
  17. අනේ බලපන් සෑම් පුතාට වෙලා තියෙන කරදර!!

    ReplyDelete
    Replies
    1. තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේ...රෙයි... සුභ සන්ධ්‍යාවක් වේවා...

      Delete
  18. //කිටී සද්ද නැතිය. සෑමා නැවතත් එම ප්‍රශ්නයම යොමු කළේ කුස්සියට ගොස්ය. විලි ලැජ්ජා සහිත සිනහවකින් ඇය හිස සැලීය. //

    අහුවෙලා නේද සෑමා... ගැටේකට ගෑනු....ඔය සූට්ටං එකක් බං..ලොකු ලොකු ඒවා තව ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. සැමා මතක තියා ගනින් ඔය 64 න් එකක් විතරයි. තව ගැට 63 ක් තියෙනවා.

      Delete
    2. හිකිස්.. අඩෝ මම ඊට වඩා අයියෙක් තමා.. කලින් ලැප නැහැනේ.. දැන් මම ලැපත් එක්ක කුස්සිය ලඟ.. ලොල්..

      Delete
    3. ලයිව් අප්ඩේට් දිදී ඉදාන් ඒනම් :D

      Delete
  19. තමුසෙට පිස්සු ඕයි...මේ ලෝකෙ බැන්දෙ තෝ විතරයි වගේ හතර අතේ ෆොටෝ දානවා, වීඩියෝ දානවා....එක විකාරයයි...ඕනෑවට වඩා ඕය වැඩ කෑලි වැඩි උනාම බලන් ඉන්න උන්ට හිනා යනවා බං....කොහොමත් කවදාවත් ලස්සන කෙල්ලෙක් සෙට් වෙච්ච නැති උඹ වගේ හාල්පාරු පෙනුම තියෙන එකෙක්ට නම් කිඹිසිබා කිව්වට කිසිම අවුලක් නෑ....දැන්වත් සිබීම නවත්තලා රස්සවා කරපං...

    ReplyDelete
    Replies
    1. හතර අතේ ?? පෝස්ට් එකයි දැම්මෙ. අවුල්ද?..

      කවදාවත් කෙල්ලෙක් සැට් වෙලා නැත්තෙ කාටද කියල තේරෙනවා ඉරිසියා සහගත කමෙන්ට් එකෙන්.. මේ හාල්පාරු පෙනුමට සෙට්වෙච්ච තරම ඇති ඇනෝ.. උබ ඔච්චර ලස්සන වෙලත් සෙට් නොවිච්ච කොට..

      Delete
    2. @ ano කවුරු උනත් උඹ අපි දන්න එකෙක් නේ, ඇයි බන් මේ ඉරිසියාව.

      Delete
    3. @කම්මල - සාමාන්‍ය මිනිස් ගති නොවැ මචං. ඩොන්ට් වොරි !

      Delete
    4. වෙනසක් නෑ. වෙඩින් එකෙන් පස්සේ ෆේස්බුක් එකේ දාන එකයි, බ්ලොග් එකේ දාන එකයි 2ම එකයි නොවැ. ඇයි මේ ඇනෝ කුපිත වෙලා :P

      Delete
    5. හෝටලේකින් කෑව බත්පැකට් එකත් ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් දාන උඹ වගේ එකෙක්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද බන්...තමන්ගෙ ලබ්බ උනත් ඕනෑවට වඩා පම්පෝරිය ගහද්දි කින්ඩි බන්...උඹට කලින් බැදපු එක බ්ලොග් කාරයෙක්ට වත් උඹට වගේ මෝඩ චූන් ගියේ නෑ......පුකට ලෑලි තියං එන්න කියපු එකේ අනික....

      Delete
    6. අම්මට හුඩු සහන් විශ්ව වලියෙන් පස්සෙ තවත් වලියක්ද ? එළ එළ නැගලම ගියදෙන්....හලිම සෝයි....මොනා උනත් ඕනෙම දෙයක් ඔනවට වඩා ඕනම නෑ කියනවනෙ....බැදපු කථා දැන් පරණයි....පෙට්ටිය කඩපු කථාවක් වගේ කියනවා නං එළ.....

      Delete
    7. //...උඹට කලින් බැදපු එක බ්ලොග් කාරයෙක්ට වත් උඹට වගේ මෝඩ චූන් ගියේ නෑ......පුකට ලෑලි තියං එන්න කියපු එකේ අනික....//
      *** ඉරිසියාව පැහැදිලියි, පවූ බන් උඹ. ඇත්තටම උඹ පුකට ලෑල්ලක් තියන් පලයන් .....

      Delete
  20. මොලේ ඇති වැඩක් කොරාමයි මයෙ හිතේ...හි හි

    ReplyDelete
  21. නොබැඳ ඉන්න එක හොඳයි කියලා හිතෙනවා අෆ්පා...

    ReplyDelete
    Replies
    1. අටමා සමාජයම බිය ගන්වා ඇති :))

      Delete
  22. සෑමාටත් මගේ සත්තලන්ට උන දේම සිද්ද උන ඒක ගැන මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි නංගී.. අපි ඊට වඩා කපටී :))

      Delete
  23. ප්‍රීතිමත් දිවියකට සුබ පැතුම්. තේරුම් ගෙන ඉන්නකම් කිසි ගැටළුවක් නැහැ. තව ටික කලකින් සැමාට උයන්න පිහන්නත් වෙයි අනිවාර්යෙන්ම. අර බෙටර්ඩීන් දාපු තුවාලේ හොඳද?

    ReplyDelete
    Replies
    1. ස්තුති මචං..

      අටමාගේ අතිසෝක්තිය පිළිබදව ලිපියක් ලියන්න වෙයි බං..

      Delete
  24. මොන ලැපක්ද බං.. එන්ජෝයි කරපං මේ ටිකේ.. මම එදත් බොට කිවුවා.. මාත් ඉතින් තව ටික කාලෙකින් මේ අනිසංසයටම මූණ දෙන්න ලෑස්ති පිට ඉන්න හන්දා මේවා සෑහෙන වැදගත් ඈ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග ගැන ලෝබයි බං.. ඒකයි ලැප අතට ගන්නෙ..

      උබත් එදාට ලියපංකෝ.. :))

      Delete
  25. මචං සෑමෝ වේලාවක් හම්බවුනොත් මේ පොත කියවහන්.....
    Why Men Don't Listen and Women Can't Read Maps

    ReplyDelete
    Replies
    1. pdf කට්ටක් නැද්ද හොයා ගන්න.. ??

      Delete
  26. ගෑණු ගෑණුම තමයි... ඔය ලැප් එක බදාගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් ෂේප් එකේ හිටපන්... ටීවි එකවත් බල බල....

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ලංකාවෙ විතරයි ඔය ගැටළුව කියල.. ඔහෙත් එහෙමද මචං ? ;))

      Delete
    2. කථා 2ක් නෑ සැමා... ගෑණු ගෑණුම තමයි... ලංතාවේ උනත්... .ඒරොප්පේ උනත්... ;)

      Delete
  27. ලැපාට ආදරයක් තියනවනම් දැන්ම ඕක ගන්න එපා සැමෝ .

    ReplyDelete
  28. ඔන්න ඔය ලැප් ටික කාලෙකට අත හැරලා මේ බැදපු අලුත් වයිෆ් එක්ක ෆන් එකේ හිටපන් බං, මේ කාලේ ආයේ එන්නේ නැහැ ..
    නව ජිවිතයට සුබ පැතුම් ..!!!

    ReplyDelete
    Replies
    1. අන්න අපේ ලකියත් බැන්ද මචං..

      Delete
  29. එහෙමද ,මටත් තව දවස් ගානයි.. උබලගේ බෝට්ටුවට එන්න තියන්නේ ..

    ReplyDelete
    Replies
    1. අම්මද බොල.. කොල්ලො දැන් ලඟ නමනව නේ.. හොදා හොදා.. ජය වේවා..

      Delete
  30. ලැප පරිස්සම් කරගනින් සෑම්.....

    ReplyDelete
  31. එව්ව මෙව්ව නෙමෙයි, අර බෙටඩින් පොඟෝපු ගෝස් එකකකින් ඔතාගෙන ඉන්නෙ ඇයි කියල කියහං...?

    ReplyDelete
    Replies
    1. දත් පාරවල් වල සැරට වෙන්ටැති බං....

      Delete
    2. මටත් හිතුන ඕක :D

      Delete
    3. ගෝස් ඔබන් ඉන්නෙ අටමා.. උගෙ පු** බං..

      Delete
  32. ආඩම්බරයි සෑමා ගැන මට. මට කියන්න වචන එනෙන් නෑ. පපුව කඩාගෙන යනවා. මෙච්චර හොඳට අවබෝධයෙන් කටයුතු කරන එකෙකුට නේ අර අටමා අවලන් කතා කියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අටමා ගැන කතා කරල වැඩක් තියෙනවද බං :)

      Delete
  33. අටමෝ....මේ විස්තර උඹ දන්නේ නැද්ද?

    ReplyDelete
  34. සෑහෙන්න පරක්කු වෙලා සුදු පුතේ මේ පැත්තට ආවෙ...මමත් කාර්යබහුලයි බන්...නිදිමතේ රෑ වෙලා බොගක් කියවන්නෙ හරිම අමාරුවෙන්....දැන් බොලා වෙනම නිවසකද පදිංචිය....සිරා සියරට ආපු දවසක තේ වතුර පාට පැන් ඇති බෝතලයක් කාරිය ලං කරගෙන ඉද ගන්න අපට අවසරද ? බොට සුභ අනාගතයක් සමග සැමදා පතන්නා සේ දරුවන් දුසිමක්ද ලැබේවා...වදවී යන සිංහල ජාතියට එයින් එළිය වැටේවා...

    ReplyDelete
  35. සැමා තාම අහු වෙලා තියෙන්නෙ පුංචිම ගැටේකටනෙ. දොලදුක් එහෙම එන්න ගද්දි ඔහොම නෙවෙයි දරුවා.. :)

    ReplyDelete
  36. අපොයි.. * දොළදුක් සහ සෑමා * පොස්ට් එක ඉදිරියේදී බලාපොරොත්තුවන්න.....! හික්.... හික්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...