Thursday, January 9, 2014

අනේ කාටවත් නම් කියන්න එපා අයියේ... - Please Keep It as a Secret !!!


අවංකව ආදරය කළ කොල්ලෙකු බූට් එකක් කා සිටියදී හැම කෙල්ලටම සාප කරන්නේය. සදාතිනකව තනියෙන් සිටිනවා යැයි කියා පැත්තකට වී සිටින්නේය. නැතහොත් ඒ කෙල්ලම එනතුරු බලා සිටින්නේය. ඒ කෙල්ල වෙන කොල්ලෙකු සමඟ යනු දැක දැකත් ඇය වෙනුවෙන් බූට් සිංදු අසමින් කියමින් කලාකරුවෙකු වන්නේය. ප්‍රේමයේ විරහවේ උන්මත්තකයෙකු වී ඇය වෙනුවෙන්ම බලා සිටින්නේ. කුමන වරදක් වුවද ඔහු හැර ගිය දිනක නැවත එන ලෙස අයදිමින් බලා සිටින්නේය. වැරදිලා හෝ නැවත ආ විට සිදුවන දේ බලා ගත හැකිය. කොල්ලා ඇරියස් හිටන් කවර් කරන්නේය. එය අවංක, නිකැලැල්, පිවිතුරු ආදරයේ ලක්ෂණයක්ය.

තවත් විටක අවංකව ආදරය කරපු කොල්ලෙක් කෙල්ල තමා හැර ගිය විටක මහා සල්ලාලයෙකු වන්නේය. එකෙක්, දෙකෙක්, ගෙන් නොනැවතී කෙල්ලන් දහයක් පහලොවක් බැලන්ස් කරන මට්ටමට වැටෙන්නේය. එය කෙල්ල කළ දේට පලි ගැනීමක් ලෙස කොල්ලා විසින් සිදු කරන්නේය. කෙල්ලට පෙනෙන්නට පට්ට කෑලි සමඟින් එහේ මෙහේ යන්නේය. අවසන කොල්ලා අර කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් පර්මනන්ට් ලෙස තබා ගන්නේ අනිත් කෙල්ලන් රැසකට පාඩම් උගන්වමින්ය.

කොල්ලේ ගැන එලෙස නිශ්චිතවම කීවද කෙල්ලෝ ගැන කිව නොහැකිය. උන් ගුප්තය. අවංක ආදරයක් කරන ගමන් තවත් ඒවා බැලන්ස් කරන ඇත්තියෝද, අවංක ආදරයක් කරන ගමන් අනිත් එවුන්ට ක්‍රශ් එකක් වෙන උන්ද, ඒ ගමන්ම දහයක් පහලොවක් ෆෝම් කොට පස්සෙන් ගෙන්වාගෙන තමා තමයි කෑල්ල කියා ගන්නා උන්ද ඇත්තේය. එසේම එක කොල්ලෙක් එක්ක වත් යාළු නොවී ගමටම ආතල් දෙන උන්ද, ගමේම එවුන් පස්සෙන් එන තරමට ගමේ උපන් සිරියාවිය සුකුමාලිය වන්නාවූ කෙල්ලන්ද ඇත්තේය. කොල්ලෝ පිලිබඳ ලිවීමේදී උන්ට ඇත්තේ කුලක කිහිපයක්ය. එහෙත් කෙල්ලන් වර්ග කිරීම අපහසුය. උක්ත ඡේදයේද සෑමාට මිස් වුණ ජාතියේ උන් රැසක් සිටිය හැකිය.

කෙල්ලන් කොල්ලන් ආදරය, ඉදිරියේ වර්ග කරන්නට සෑමාට සිත් වූයේ මෑත භාගයේ අපේ කොල්ලෙක්ට වූ සිද්ධියක් නිසාය. කොල්ලා අවංක ආදරවන්තයෙක්ය. කෙල්ලෙක් වෙනුවන් තුට්ටු දෙක වැය කොට, ඇගේ සියළු දේ සොයා බලමින් සිටි කොල්ලා අවසන බූට් එකක හිමි කරුවෙක් වූයේය. කොල්ලා කෙල්ල වෙනුවෙන් නොකළ දෙයක් නැතිය. එසේම ඒ කිසිත් කොල්ලා බලෙන් කළ ඒවා නොව, කොල්ලාගෙන් කෙල්ල ඉල්ලා ගත් ඒවාය. එසේම කොල්ලා කැමැත්තෙන් කළ ඒවාය. ඇගේ බෝඩිමට පවා විටක මුදල් ගෙවා ඇත්තේ අපේ කොල්ලාය. කෙල්ලගේ පැත්තේ පිරිසක් කොල්ලාද අඳුනන නිසා කොල්ලාට යම් තාක් දුරකට සපෝට් එකක් ලැබුනේ ආදරය තරමක් දුර ඇඳගෙන යාමට මිස, බොහෝ කල් රඳවා ගැනීමට නොවේය. අවසන කොල්ලා මල් අතරින් එකක් වූයේය.

කලින් බූට් තැබූ කෙල්ලගේ පැත්තේ අය කොල්ලා වෙනුවෙන් දුක් වූවෝය. කෙල්ලට සාප කළෝය. අපේ එකියක් වුනත් ඕකි ඔහොම වැඩක් කළානේ කියමින් විස්සෝප වූවෝය. එහෙත් කොල්ලාගේ සිත නැවත පිළිසකර වීමට එම වඳන් ප්‍රමාණවත් නොවුනේය. ඔහු මෙවර ඇයට මෙන්ම ඇගේ පැත්තේ පිරිසටද සාප කළේය. බුද්ධිය වර්ධනය වී නැවතත් හිතන්නට පටන් ගත්තේය. ඒ අතර තුර අප කලින් දුන් අවවාද, අනුශාසනා නිවැරදි යැයි ඔහුට හිතෙන්නට ඇතිය. එහෙත් පමා වැඩිය. නැවතත් එවන් දෑ නොකර ඉන්නවා මිසක කණගාටුවීමෙන් පළක් නැතිය. කොල්ලා නම් හොද එකාය. එහෙත් කෙල්ල කළ දෙයින් කොල්ලා පැත්තකට වී සිටියා මිසක වෙනත් කෙල්ලන් පස්සේ ගියේ නැතිය. කෙල්ලන් තම ශබ්ධ කෝෂයෙන් ඉවත් කර හරින්නට හෙතෙම සමත් වූයේය. ඒ අතර පෙර සිටම ශබ්ධ කෝෂයේ තිබූ බෝතලය යන වචනය වැඩිපුර උච්චාරණය කරන්නට හෙතෙම සමත් වූයේය.

හදිසියේම අප මිත්‍රයාගේ හිසේ මලක් පිපුනේ කෙල්ලකගේ සේයාවක් තම සිත් කොනක ජනිත වූ නිසාය. එම යෝජනාව ආවේද කලින් කෙල්ලගේ පැත්තෙන්ය. ඇගේ පැත්තෙන් කොල්ලාට සපෝට් කළ අක්කා කෙනෙකු මේ යෝජනාව සමඟ කරලියට ආවේය. ඇය දන්නා කෙල්ලක් සිටින බවත්, හොඳට සල්ලි තියෙන බවත්, ටිකක් මහත, ස්ටයිලිෂ් කෑල්ලක් බවත් කොල්ලා සමාජය හමුවේ කීවේය. මුලින්ම අපට කීවේ අපේ අදහස් දැන ගැනීමටය. සල්ලි නම් මොනවද මල්ලී ඒත් සල්ලි තියෙන කෑල්ලක් නම් එළම තමා කියමින් අපි කීවේ කෙල්ලව බලන්න පලයන් කියාය. එහෙත් මාස කිහිපයක් තිස්සේ ගැස්සි ගැස්සී තිබූ යෝජනව සම්මත කර ගැනීමට කොල්ලා කෙල්ල හමුවට ගියේ මෑත භාගයේදීය. අක්කාගේ තල්ලුවද, අපේ තල්ලුවේද, බල මහිමයෙන් කොල්ලා කෙල්ල හමු වූයේය.

“නංගිට අක්ක කිව්වද මගේ කතාව..“

“ඔව් අයියේ.. කවුද කෙල්ලෙක් බූට් එකක් තිබ්බලු නේද??“

“එහෙම කියන්න එපා... අපි යාළු වෙලත් හිටියනේ..“

“හ්ම්..“

“අක්ක තව මොනවද කිව්වේ..“

“ඔයා මට කැමතී කියල කිව්ව කිව්වේ...“

“ඉතිං ඔයා මොකද කියන්නේ..“

“අනෙ අයියෙ අක්කට නම් කියන්න එපා.. මට බෝයි කෙනෙක් ඉන්නව..“

“එහෙනම් අක්ක කිව්වෙ කවුරුත් නැහැ කියල..“

“අක්ක දන්නව නම් මට කොල්ලො හොයන් නෑ අයියෙ කෙලින්ම බන්දලා දෙනවා..“

කොල්ලා නැවතත් කෙල්ලන් පිලිබද සිතීම අහෝසි කළේලු. එසේම මෙවැනි සිද්ධීන් අප හමුවේ ප්‍රකාශ කිරීමෙන්ද නවතින්නේලු.

Written by sAm_ශ්‍රී_Perera_3:15pm_09'01'13

73 comments:

  1. හපොයි මෙහෙමත් කෙල්ලෝ ඉන්නවද?හොද වෙලාව අපි ඒ කාලෙම රට පැන්නේ නැත්තන් ඔය වගේ නරක හැබිට් අපිටත් පිහිටන්න ගියා :B

    ReplyDelete
    Replies
    1. හිටියනම් මේ ලමයි මීට වඩා නරක් වෙනව නේද?? :))

      Delete
    2. හිටිය නම් මේ ළමයි විතරක් නෙවේ ඔය ළමයිනුත් මීට වඩා නරක් වෙන්න ගියා.....හි...හි...හි....

      Delete
    3. මගෙ අප්පේ.. ලංකාවට නම් එන්න එපෝ..

      Delete
    4. දැන් මලයා ඔය කොතැනද නරක් වෙන්නේ.

      Delete
    5. තැන කිව්වාම නලින් අයියා ඒකත් පත්තරේ දායි.. :))

      Delete
  2. ගෑනු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරා දාපිය....

    කිව්වලු...

    ReplyDelete
    Replies
    1. ඕවට නම් හූ මිටි තියන්න බැහැ බං..

      Delete
    2. ගෘහස්ථ ප්‍රචන්ඩත්වය. :D

      Delete
    3. හෙලාදකිමි ;( ඔව් තරයේම

      Delete
    4. මගෙ මගුල ගැනම කියවනව කියල ඇනෝ මහත්තයෙක් බැනල තිබ්බා. උබලත් ඇඳල ගන්නෙ මගුලමනෙ අප්පා !!

      :ඩී

      Delete
    5. කමෝන් බණ්ඩා කමෝන්!!!!

      Delete
  3. අඩේ පව් බන්. අසරණ අපිටමයි වෙන්නේ මේවා

    ReplyDelete
  4. යකෝ මාර එකියෙක්නෙ, පට්ටෙට ආතල් ගණු දෙනු කරනවා වගේ :D
    සිරාවට ඔය ගෑණු ජාතියනම් විශ්වාස කරන්නම බෑ බන්, මේ ලෝකෙ විශ්වාස කරන්න පුලුවන් ගැණු කෙනෙක්ට ඉන්නෙ අම්ම විතරයි :)

    ReplyDelete
    Replies
    1. අම්ම කියා පිඳිය හැකී එකම ලදකටයි.. මෙලොව අපී වඳින දෙවී පෙම්බර මව තමයි..

      සිංදුවක් තියෙනව නේද??

      Delete
    2. මල්ලි කෙල්ලෝ තමයි කවදාහරි අම්මා වෙන්නේ අහසින් බහින්නේ නැහැනේ අම්මලා ..
      ගහක් නැතුව මලක් නැහැ හොදේ ...

      Delete
    3. සහතික ඇත්ත..

      කෙල්ලො කාලේ දහදුරා වැඩ කරන උන් අම්ම කාලෙ හොඳ වෙනවා. ඒත් හැදෙන්නැති ඇන්ටිලා ඉන්නවා..

      Delete
    4. අපූරුයි ඔමාය අක්කට පිස්සුද බන්, මන් මේ කිව්වෙ තමන්ගෙ අම්ම තරම් වෙන කිසිම ගෑනියෙක් විශ්වාස කරන්න බෑ කියල...මෙයා කියනවා කවදහරි කෙල්ලො තමයිලු අම්ම වෙන්නෙ, ඉතින් හත් දෙයියනෙ ඒ කෙල්ලො අම්මල උනාම උන්ගෙ ළමයි ඒ අම්මලව විශ්වාස කරයි, මන් කිව්වෙ අපේ අම්මල ඇර වෙන ගෑනු කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි කියල...පොඩ්ඩක් නිවීසැනසිල්ලෙ හිතල බලන්නකො කොතනද පැටලුනේ කියල :D

      Delete
    5. එතකොට පුතේ ,, ඒ වෙන ගැහැණු කෙනා දරුවෝ නැති ගැහැණු කෙනෙක් වෙන්න ඕනේ... මොකද නැත්තම් එයාගේ පුතත් ඔයා වගේම හිතනවනේ... ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න අවශ්‍ය නැහැ.. තමන් කල්පනාවෙන් ජිවත් වෙනවා මිසක් ..

      Delete
  5. සෑමා කතාව කියාගෙන එන විදියට මම හිතුවේ.... එක්කෝ ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අටමා වගේම සුදීකයියාත් වල් වැදිලා..

      Delete
  6. කෙල්ලන් විශ්වාස කිරීම අගුණ බවට නිගමනය කල හැක...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවන තුරු හිතිලම නැද්ද?

      Delete
    2. පෝස්ට් එක කියවන තුරු හිතිලම නැද්ද?

      Delete
  7. කෙල්ලෝ හැමෝම නරකත් නැහැ, කෙල්ලෝ හැමෝම හොඳත් නැහැ. ඔය කොල්ලා නම් පවු.

    අනේ කාටවත් නම් කියන්න එපා අයියේ කියලා එක කොල්ලෙක් වැකුම් ක්ලීනරයක් අය්යා කෙනෙකුට දීලා හදාගත්තා නේ පහුගිය දවස්වල. මම හිතුවේ ඒ ගැන කතාවක්ද කියලා

    වැරදිකරු ගුරුවරයාද කියා දැනගන්න මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. කසිප්පු ගහලා ලියන කතන්දර ගනන් ගන්න එපා බං.. :ඩී

      Delete
  8. මේ මොකෝ ටික දවසකින්ම......

    ReplyDelete
    Replies
    1. කියවල වරෙන් නාඩියෝ..

      Delete
  9. උඹ වෙලාවට මේක පවුල් වුනාට පස්සේ ලිවුවේ..

    ReplyDelete
    Replies
    1. අහවල් එකක් කියල වෙන්නද බං?

      Delete
  10. //කෙල්ලෝ ගැන කිව නොහැකිය. උන් ගුප්තය.//

    ඒ හන්දා ඒ ගොල්ලන් ගැන හොයන එක අත් අරින්ට මෙයා...
    අනෙක දැන් බැඳලානේ. :D

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනෙ මෙයා..

      සමාජය ගැන හොයන්න එපෑ..

      Delete
  11. //එකෙක්, දෙකෙක්, ගෙන් නොනැවතී කෙල්ලන් දහයක් පහලොවක් බැලන්ස් කරන මට්ටමට වැටෙන්නේය. එය කෙල්ල කළ දේට පලි ගැනීමක් ලෙස කොල්ලා විසින් සිදු කරන්නේය. කෙල්ලට පෙනෙන්නට පට්ට කෑලි සමඟින් එහේ මෙහේ යන්නේය. අවසන කොල්ලා අර කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් පර්මනන්ට් ලෙස තබා ගන්නේ අනිත් කෙල්ලන් රැසකට පාඩම් උගන්වමින්ය.//

    හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ඇග්රි විත් යූ......

    ReplyDelete
  12. අටමා උඹේ රෙදි ගැලෙවුවට පස්සේ උඹ ල්ලියන එව ගැන හිතෙන්නෙම වැරදියට බන්....
    ඇත්ත කියපන්..අර අන්තිමට කියපු කොල්ල උඹ නේද?????

    ReplyDelete
    Replies
    1. මා එතරම් වාසනාවන්ත නොවෙමි..

      Delete
  13. //“අක්ක දන්නව නම් මට කොල්ලො හොයන් නෑ අයියෙ කෙලින්ම බන්දලා දෙනවා..“//

    අන්න නියම වර්ඩින් එක.. සැමා උඹ බැන්දට පස්සේ පස්සට මොනා හරි දාලද බලහං අර කරත්තේ බැදපු ගොනාටත් හයියෙන් දුවන්න වලිගේ කරකවනවා නෙව.. තොගේ ස්පීඩ් එක හොදටම වැඩි වෙලා දැං.. හැක්

    ReplyDelete
    Replies
    1. පේස්ට් දාන ස්පීඩ් එකද මචං..

      මුන් නැත්තං කතා හදනව නේ මගෙ ප්‍රජා අයිතියත් නැති වෙලා කියලා..

      Delete
    2. ඒකත් නැතිවෙලද දන්නේ නෑ දැන්මම.. ඔය අටං අයියත් කියන විදියට්.... හි හි

      Delete
  14. මේ දවස්වල සෑම පෝස්ට් වෙඩිං ඩිග්රි එකට ඉගෙනගන්නවද කොහෙද.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් මෝටම් කරන්න වෙයිද?

      Delete
  15. මසුරන් වටින කතාව බන්. කෙල්ලෝ නම් ඔහොමමයි

    ReplyDelete
  16. අහම්බෙන්හරි හොඳ කෙල්ලෙක් ලැබුන කොල්ලා වාසනාවන්තයි නැත්නම් ඉතින් සොරිම තමා .

    ReplyDelete
  17. බොක්කෙන් ලව් කරන ඒවා හරියන්නෙ කළාතුරකින් බං... එහෙම නැත්තන් අවුරුදු 7-8 තිබ්බ සීන් කැඩිලා බිඳිලා යන්නේ කෑලි කෑලි වලට...

    අපිට නම් හෙනේට හිටින්නේ ඔය බෝතලේ තමයි වෙලාවකට...

    දුක නම් දෙගොල්ලන්ටම එකයි... පිට දාන විදිය තමයි ඉතින් වෙනස්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. බෝතලේට් ඉස්සර තරම් බලපෑමක්, ඔබ්ජෙක්ෂන් එකක් දැන් කෙල්ලන්ගෙන් නැහැ හැබැයි.

      අවුරුදු 6ක සීන් එකක් තමා මේ ලගදි ගොඩ දැම්මෙ. :))

      Delete
  18. උඹ හිතනවාට වඩා සමහර දේවල් මම දන්නව - උඹ දන්නවට වඩා දේවල් මම හිතනව .. වරෙන් දවසක මම කියල දෙන්නම් අපේ මේ එහා පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අපි නොදන්න දේවල් ‍මහ ගොඩක්..
    ඇත්ත.. ආදරේ අහිමි අපි හරි පවු බං... කොල්ලොන්ට ප්‍රස්න.. !
    එක අතකට ඒ කෙල්ල හොදයි.. කොල්ලෙක් ඉන්නව කිවුව එක.. හැබයි ඔයිට එහා ගිය දේවල් කණට කරල ආදරෙන් කියනව ඔලුව අත ගගා.. සමහර වෙලාවට ඒව ආයෙ හදන්න බැරි තරම් කරපු වැරදි....

    ReplyDelete
    Replies
    1. //එක අතකට ඒ කෙල්ල හොදයි.. කොල්ලෙක් ඉන්නව කිවුව එක..//
      අපේ එකාගෙ හිත හැදුවෙ ඔයට ටික කියලම තමා..

      //හැබයි ඔයිට එහා ගිය දේවල් කණට කරල ආදරෙන් කියනව ඔලුව අත ගගා..//

      නියම වචන ටික. කොයි කොල්ලද එකඟ නොවෙන්නෙ??

      Delete
  19. ඔය ඇත්තමද යකෝ..අම්මප කියපන්.ඔය කොල්ලව කොහොමහරි ගොඩ දාල දීපල්ල.

    ReplyDelete
    Replies
    1. කොයි පැත්තෙන්ද ගොඩ දාන්නෙ???

      Delete
  20. // “අනෙ අයියෙ අක්කට නම් කියන්න එපා.. මට බෝයි කෙනෙක් ඉන්නව..“

    “එහෙනම් අක්ක කිව්වෙ කවුරුත් නැහැ කියල..“//

    " කියන්න මොකක්ද වගේ, එයා මට වඩා ටිකක් කොටයි. මොකක්ද බොගක් කියල එකකටත් ඇබ්බැහි වෙලාලු, තවත් ආරංචිය එයා පෙති, කරල් විකුනනවලු, බයයි අනේ , මැරවින් සිලවගේ ආසනේ කෙනෙක්නෙ" D

    ReplyDelete
    Replies
    1. පව් යකෝ අරූ මැරෙයි මම නිසා !!

      Delete
  21. මගේ කොල්ලො වර්ග කීරීම මෙහෙමයි.. ( මේකට හරියන මූඩ් එකක් නැති හින්ද ඔක්කොම කැටගරි ටික මතක නෑ... හි හි)

    හොඳ කොල්ලො - මොන මඟුල කළත් අන්තිමට අඬාගෙන හරි කෙල්ල ළඟට එන ජාතිය..
    නරක කොල්ලො - මොන මඟුල හරි කරලා හරි දැං ඉතිං ඒක ඉවරයිනෙ කියාගෙන කෙල්ලට බබා පාට් දාන කොල්ලො...

    ඔය කොල්ලො ජාති දෙකටම කෙල්ලො හම්බුවෙනව... මොකද කෙල්ලො කියන ජාතියට වෙන කරන්න දෙයක් නැති වෙන වෙලාවල් වැඩි හින්ද, අනිත් එක හිත උණුවෙන හින්ද... ඉතිං ඔය ජාති දෙකටම සමාව කියන එක හම්බුවෙනව...

    එතකොට සදාකල් අයියා ටයිප් කොල්ලො.. - තමන් ඔය ටයිප් කියල තේරුම් ගන්න තියෙන්නෙ එකම දෙයයි... යාලුවොන්ගෙ අම්මලා තාත්තලා අනේ මේ පුතා වගේ කොල්ලෙක් කොච්චර ෂෝයිද කියල වර්ණනා කරනවනං, හිත යන කෙල්ලො හැමෝම මං ඔයාට අයියා කෙනෙක්ට වගේ ආදරෙයි කියනව නං.... අන්න එහෙමනං දැනගන්නලා පරමාදර්ශී පෙම්වත්තු කියල ජාතියක්‌ මේ ලෝකෙ නැතිය කියල... පරමාදර්ශි පෙම්වතෙන් වෙන්න ගියාම කෙල්ලන්ට බය හිතෙනවා කියල.. හි හි...

    එතකොට කෙල්ලගෙන් බූට් එකක් කාපුවාම අර කෙල්ලට පේන්න හතරවටේම කෙල්ලො තියාගෙන ඉන්න කොල්ලො - අනුකම්පා කළ යුතු කොට්ටාසයක්... අර කෙල්ලට ෂෝ එක දාන එක එපා වෙනකම්ම උෟ තනියෙන් දුක් විඳිනව.. ඊට පස්සෙ තමයි ඉතිං හරි හමන් කෙල්ලෙක් සෙට් වෙන්නෙ...

    එතකොට බූට් එක කාලා බෝතලේ බදා ගන්න උන්... - අවුරුදු 4-5ක් යනකං කෙල්ලෙක්ට ඒ වගේ කොල්ලෙක් එක්ක සෙට් වෙන එක හොඳ නෑ... ඒ වගේ කාලයක් ගියාම අනේ මං වගේ බූරුවෙක් කියල එයාටම හිතිලා තියෙන නිසා ඊට පස්සෙ නං ඒ වගේ කොල්ලෙක් හොඳයි...

    එත‌කොට අතේ තියෙන හැම සතේම හරි කෙල්ලට වියදම් කරලා, පරිස්සම් කරලා, කෙල්ලව පතාගෙන ඔතාගෙන බදාගෙන යන්න පෙරුම් පුරන කොල්ලො... - මෝඩයෝ කියල විතරයි කියන්න තියෙන්නෙ... පණ ඇරලා ආදරේ කළාට, වියදම් කළාට, පරිස්සම් කළාට කමක් නෑ.. ඒත් එයගේ ජීවිතේ එයාට දීලා, තමන්ගේ ජීවිතේ තමන්ට තියාගන්න ඕනෙ... මිනිස්සු කියන ජාතිය වෙනස් වෙන බව එයාලට අමතක වීම තමයි අවුල... කොච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් සමහර පුංචි දේවල් හින්ද මිනිස්සු එකපාරටම වෙනස් වෙනව... එහෙම නැත්තං කාලයක් යද්දි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව... අන්තිමට ආදරයක් නැතුව කොම්ප්‍රොමිස් එකක් විතරක් ඉතුරු වෙනවනං ඒ ආදරෙන් ඇති වැඩක් නෑ නේ... ආදරේ කරපු කෙනෙක් වෙනස් වීම දරාගන්න ආමාරුයි තමයි... ඒත් ඒක තමයි මිනිස්සුන්ගෙ හැටි.. වෙනස් වීම් දරාගැනිම දෙකම කරන්න වෙන්නෙ මිනිස්සුන්ට...

    මගේ එදා තියරියත් මේක තමයි.. ආදරේ කරන්න ඕනෙ අතාරින්න ඕනෙ උනොත්, යන්න දෙන්න ඕනෙ උනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් ඉතුරු ජීවිතේට කරදරයක් නොවෙන විදියට ගතකරන්න ඉඩක් තියාගෙන... කෙල්ලෙක් හැටියට විතරක් නෙවෙයි.. මනුස්සයෙක් හැටියට... අවුරුදු 15කට පස්සෙ අදත් හිතෙන්නෙ ඒ තියරිය හරි කියල...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් !

      ලව් කරන්නේ කවදා හරි එකතු වෙන්න බලාගෙන මිසක් අතාරින්න නෙමෙයිනේ? එකඟයිද නැද්ද?

      “ආදරේ කරන්න ඕනෙ අතාරින්න ඕනෙ උනොත්, යන්න දෙන්න ඕනෙ උනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් ඉතුරු ජීවිතේට කරදරයක් නොවෙන විදියට ගතකරන්න ඉඩක් තියාගෙන.... “

      කොහොමත් දෙන්නගෙන් එකයි තමයි කරදරයක් නැතිව ජීවත් වෙන්නේ ඔක්කොම අමතක කරලා දාලා... හිහ් හිහ්.... ගොඩක් වෙලාවට ඕක ඉවර වෙන්නේ “මට මගේ අම්මලගේ ඇස් වල කඳුළු දකින්න බෑ රත්තරං... එයාලා තමයි මාව හැදුවේ... ඒ නිසා මං එයාලා කියන දේකට එකඟවෙනවා... ඔයා මට සමාව දෙනවා නේද?“ කියලා...

      ඔය හරියි කියලා හිතෙන තියරිම මාර විදියට සාපේක්ෂයි... ඒ වුණාට ඉතින් ඒ ඒ පුද්ගලයා දරණ මත වලට අපි ගරු කරන්න ඕනෑ... උඹ වැරදියි මමයි හරි කියලා වාද විවාද කරන්නේ නැතුව !

      Delete
    2. කවදහරි එකතු වෙන්න බලාපොරොත්තු උනත්, ඒක එහෙමම නොවෙන්නත් ඉඩ තියෙන බවත් තේරුම් අරන් හිටියම ඉවරයි... දෙන්නට දෙන්න ගැන තියෙන ගෞරවය, විශ්වාසය රකින එක දෙන්නගෙම වගකීම කියල තේරුම් ගත්තම ඒක ආදරේටත් වඩා තද බැඳීමක්...

      හීන ලෝකයෙයි ප්‍රැක්ටිකල් ලෝකයෙයි වෙනස තේරුම් ගන්න අමාරුයි ගොඩක් අයට... ඒකයි අවුල... ඔය කෙල්ලො බූට් තියන කතාව වැඩියෙන් ඇහෙන්නෙ කෙල්ලො හීන ලෝකවලින් එළියට එන හින්ද කොල්ලන්ට වඩා ඉක්මණට.. 23 -24 වෙනකොට ගෙවල් වලින් කේස් දාන්න ගන්නවනෙ.... හි හි... මං කියන්නෙ මේ බහුතරයක් කෙල්ලො.. ‌උන් දන්නවා ගෙවල් වල මිනිස්සු තරහා කරගෙන තමන්ට සන්තෝසෙන් ජීවත් වෙන්න බැරි බව... ඔය ඔයා කියපු කතාව කෙල්ලො වගේම කොල්ලොත් ඇති තරම් කියනව මං අහලා තියෙනව.. කෙල්ලන්ට වඩා කොල්ලො ගෙවල් වලට බැඳීම් වැඩියි... අම්මලා තාත්තලා අසාධාරණ තැනුත් නැත්තෙ නෑ ඉතිං.. ඒත් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ෂේප් කරගෙන කරන දෙයක් කළාම ඒ දෙන්නගෙ ජීවිතේටම තමයි හොඳ...

      මගෙ තියරිය මට හරි ගියා... අදටත් මට හරි... ඕක වෙන කෙනෙක්ට කරන්න බැරි වෙන්න පුලුවන් ඉතිං... කොහොමත් ආදරේ අන්ධයි බීරියි ගොලුයිනේ.. ඒ කියන්නෙ හැඟීම් වලට වහල් වෙලා වැඩ කරනකොට ඔය මොන තියරියවත් හරියන්නෙ නෑ.. ඇත්තටම අපි දෙන්නම මුල ඉඳලම වැඩ කළේ ඔය ටික තේරුම් අරන්.. ඒක හින්දම වෙන්න ඇති අපි දෙන්න හැම කේස් එකක්ම විසඳගෙන අන්තිමට කසාදත් බැන්දෙ... හි හි...

      Delete
    3. හිරුවෝ උඹට මේකටනම් උත්තර දෙන්න වෙන්නේ සුපුරුදු බසින් නෙමේ.. ඒ හින්දා කිසිවක් නොකියා යමි. අර අපේ ස්ත්‍රීවාදය මිත්‍රයා හිටියනං කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.

      Delete
    4. මලියට (Maleemsg) පස්සේ මේ විදියට හිතන කෙල්ලෙක් දැක්කමයි ඕං !

      Delete
  22. කෙල්ලන් යනු මිහිපිට ජීවත්වන ගුප්තම සත්ත්ව කොට්ඨාශයකි

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි.මොනවා කලත් තෙරුම් ගන්නව බොරු.

      Delete
  23. මාර කෙල්ලෙක්නේ බං !
    ඒක නෙමේ පවුල් ජීවිතය ගැන පෝස්ට් නැද්ද ? පාං ටෝස් කරන හැටි එහෙම ? හික්ස් :)
    ඒවා නං පට්ට ආතල් !!!

    ReplyDelete
  24. //“අක්ක දන්නව නම් මට කොල්ලො හොයන් නෑ අයියෙ කෙලින්ම බන්දලා දෙනවා..“//
    හැක් හැක් ...කෙල්ලො කෙල්ලො ...

    ReplyDelete
  25. අනේ මන්ද බං, උඹ දැන් ඕව්ව ගැන හිතන්නෝන නෑනේ කොලුවො.

    අනෙක මචං උඹට හරියකට සුබ පතන්නවත් බැරි උනානේ බං මට, කොහේද සීන් එක හරියටම දැක්කෙ අටං අයියගෙ කතන්දර පොඩ්ඩෙන්නේ, දැන් මම මේ උඹ ගැන සතුටු වෙනවද දුක් වෙනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. :)

    ReplyDelete
  26. boot දුන්නා මිස බූට් කා නැත.. ජයග්‍රාහි 16 වෙනි ප්‍රේමය. :p
    ආදරයනම් උමතුවකි.. මල කෝලං බං

    ReplyDelete
    Replies
    1. අනේ උබේ පම්පෝරිය, තේ හැන්දකට *රි පිරෙන්නවත් අතේ ගහගන්ඩවත් පුලුවන්ද දැන්නෑ...ඒ උනාට කතාවනම් මහා වංශෙන්, තෝ වගේ *න්නයෙක්ට පුලුවන්ද ඩෝ කෙල්ලො 16ක් එක්ක යාලු වෙන්න, තෝ බූට් දුන්න නෙමේ කන තරමක් බූට් කාල ඇති..අනේ පලයන් පාලන් කොකෝ මෙතන රගන්නෙ නැතුව...

      Delete
  27. සියලු කෙල්ලෝ මෙසේ නො වෙති... ගෑනු ළමයිනේ විරුද්ධ ව නැගී සිටිමු !!! :-DD

    ReplyDelete
  28. ඔයා පිරිමි කෙනෙක් නිසා ඔයාට ඔය විදියට ලියන්න පුළුවන් ඒ වගේම ගැහැණු කෙනෙක් ලිවනම් ඕකේ අනිත් පැත්ත .අර හිරු අක්කා ලියලා තියෙනවා වගේ ..
    අනේ මන්දා සැමා..මං නම් මිනිස්සු වර්ග කරගන්නේ හොද මිනිසුන් නරක මිනිසුන් ලෙස සහ අවංක මිනිසුන් වංක මිනිසුන් ලෙස යනාදී වශයෙන්...කොල්ලෝ කෙල්ලෝ කියලා නැහැ...
    මොනා උණත් ඔයාගේ යාළුවා පව් ගැහැණු ජාතියම එපා වෙන්න ඇති.

    ReplyDelete
  29. උඹ මොකටද දැන් ඕවා ගැන ඔච්චර හිතන්නේ.....හිටපන් අටමාට කියනවා...

    ReplyDelete
  30. //ය කෙල්ල කළ දේට පලි ගැනීමක් ලෙස කොල්ලා විසින් සිදු කරන්නේය. කෙල්ලට පෙනෙන්නට පට්ට කෑලි සමඟින් එහේ මෙහේ යන්නේය. අවසන කොල්ලා අර කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් පර්මනන්ට් ලෙස තබා ගන්නේ අනිත් කෙල්ලන් රැසකට පාඩම් උගන්වමින්ය.
    // මම වගේ.... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  31. වටින් ගොඩින් හොයලා හොයලා කවුරුත් නෑ කියලා සහතික කරගෙන අහනකොට මට කොල්ලෙක් ඉන්නවා කියන එක නම් මහ ජරාම උත්තරයක් බන්...මමත් ඕක කීප සැරයක් අහලා තියෙනවා...

    ReplyDelete
  32. මම නම් හිතන්නේ ආදරේ කරන්න ඕනේ බඳින්න හිතාගෙන... සහ යන්න ඕනේ වුනොත් යන්න දෙන්න හිතාගෙන.
    මම කරේ එහෙමයි. ඇයට යන්න ඕන වුනා. මුලින් ටිකක් අප්සට් වුනත් මම යන්න දුන්නා. අපි දෙන්නා දෙපැත්තකට වුනා. එයා බැන්දා. මම වෙන කෙල්ලෙක් එක්ක යාළු වුනා. ඒක නැතිවුනා. මටම එපා වුනා. අවුරුද්දකට පස්සේ බැන්ද එයා ආයෙත් ආවා. මම කැමති වුනා. අවුරුදු දෙකකදී එයා ආයෙත් ගියා. බැන්දා. ළමයෙක් ලැබුනා. මමත් බැන්දා. ළමයෙක් ලැබුනා. එයා දැන් ආයෙත් එන්න හදනවා. මාව ඕන වෙලා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...