Friday, January 17, 2014

ගැසට් එක නැතුව හරි කමක් නැහැ දිනමිණක් දෙන්න - No Worries about Gazette !!


ඒ කාලේ ගැසට් එක බලන්නට තැපැල් කන්තෝරුවට යා යුතුය. සෑම ගමකම ගැසට් එක තිබ්බේ තැපැල් කන්තෝරුවේය. ඒ නිසාම තැපැල් කන්තෝරුවේ ඇන්ටී හෝ අක්කා මාර ගණන්ය. දැන් මුද්දරයක් ගන්නවත් තැපැල් කන්තෝරුවට නොයන නිසා අක්කා, ඇන්ටී හන්ටර් වී ඇත්තේය. එහෙත් ගැසට් එකේ අවශ්‍යතාවය තිබෙන්නේය. එයට පිළියමක් දුන්නේ දිනමිණ පත්තරේය. ඒ සිකුරාදා දවසටය. මොනයම් හෝ වැඳගත් දෙයක් ගැසට් වී තිබුණහොත් එදාට පත්තරේ සෙවීම සුදු කැස්බෑවා සෙවීම වැනිය. පත්තරේ ගන්නා නොගන්නා උන් හැම එකාම පත්තරය ගන්නෝය.

අපේ කඩේ ඉන්නේ ආච්චීය. සෙන්චරියට අත වනමින් නීරෝගී සුවයෙන් සිටින ඇය මාරම මීටරේය. සෑමා ඇය ගැන මාළු වැස්ස ලිපියේ සටහනක් තැබුවේය. මට මතක හැටියට පත්තරේ ගැසට් එක එනවා යැයි මා දැන ගත් මුල් කාලයේ, ගැසට් එක ඉල්ලා අයෙක් කඩේට ආවේය. අපේ ආච්චී ගෙන් පත්තරයක් ඉල්ලූ පාරිභෝගිකයා, ගැසට් එක තිබෙන්නේ මේකේ දැයි ඇසුවේය. ආච්චී කීවේ “කැසට්“ හදා ගන්නට නම් ඉස්කෝලෙ ඉස්සරහා ඇති ඉලෙක්ට්‍රික් කඩේට යා යුතුය කියාය. එදා ගැසට් එක ගැන මාත් ආච්චීත් අධ්‍යයනය කළේ අම්මාගේ මැදිහත් වීමෙන්ය. එදා අම්මා වැඩි දුරටත් කියා සිටියේ සිකුරාදා ගැසට් එක ගන්නට පමණක් දිනමිණ ගන්න උන්ට පත්තරය දීමට පෙර හැමදාම එන පාරිභෝගියන්ට පත්තර අරන් තැබිය යුතු බවක්ය. හැමදාම එන උන් අපි නොදන්නා නිසා එවන් බරසාර වැඩ වලට අත ගැසීමට අපි මැලිවූයෙමු.

එහෙන් මෙහෙන් පාත් වෙන පාරිභෝගිකයන් හඳුනා ගත හැකි නියම මඟක් සෑමා සොයා ගත්තේ මින් පසුවය. මසකට වරක් පැමිණ බත් ඔතන්නට පමණක් ඉරිදා පත්තරේ ගන්නා උදවිය පත්තරය ඉල්ලන්නේ නමින් නොව බරින්ය. බර වැඩිම පත්තරේ මොකක්ද? පිටු වැඩිම පත්තරේ මොකක්ද කියා ඔවුන් ඉල්ලන්නෝය. එසේම මසකට වරක් බිස්නස් එකක් කරනු පිණිස වෙළඳ දැන්වීම් සහිත පත්තර මිලට ගන්නා අය සති අන්තයේ පැමිණෙන්නෝය. එලෙස පැමිණ ඔවුන් පත්තරේ ඉල්ලන්නේ නමින් නොව, ඇතුලත ඇති ලුහුඩු දැන්වීම්, අතිරේකයේ නම කියමින්ය. උන්ට පත්තරේ හෙඩ්ලයින් වැඩක් නැතිය. පත්තර ඉවර වූ විටකදී, මඳය පමණක් ඉල්ලාගෙන යන්නට තරම් ඔවුන් උත්සුක වන්නෝය.

ඉස්සර බෝම්බයක් වැදුනොත් පත්තර සොයා ගන්නට නැතිය. ඒ එදිනට රටම පත්තරේ ගන්නා නිසාය. එලෙසම විශේෂ අවස්ථා නිසා පත්තර උණු කැවුම් වන්නේය. සිකුරාදාට දිනමිණ පත්තරේට වන්නේ ඔය සන්ත්‍රෑන්සියමය. හේතුව ගැසට් එකය. දැන් ගැසට් එකට ලැබෙන තැන අඩු වී යන සීන් එකක් ඇත්තේය. ඉස්සර කඩේට එන උදවිය ඉල්ලා සිටින්නේ “පත්තරේ ඉවර නම්, වැඩිපුර ආපු ගැසට් කෑල්ලක්“ හෝ දෙන ලෙසය. දැන් තත්වය වෙනස්ය.

දැන් පුවත්පත් කලින්ම වෙන්කර තබා ගැනීම සුදුසු කාලයක්ය. මෙය සියළු බ්ලොග්කරුවන්ට පෙර දැනුම් දීමක්ය. නලින් අයියා බ්ලොග් පෝස්ට් උස්සා පත්තරේට ඔබන්නේය. එවිට පත්තරේ සුදු කැස්බෑවා වගේ අස්ථාන ගත වන්නේය. ඒ නිසා ඔබේ පිටපත සිකුරාදා දිනයට කලින්ම වෙන් කරවා ගත යුත්තේය. ගැසට් එක නැතුව හෝ ලඟම ඇති පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඉල්ලා ගත යුතුය.

ඔබේ පිටපත කලින්ම වෙන් කරවා ගැනීමට සෑමා ඇමතිය හැකිය. මිල ගණන් මෙසේය..

ගැසට් + බ්ලොග් පිටුව දෙකම සහිත දිනමිණ පුවත් පත = 200/=
බ්ලොග් පිටුව සහිත දිනමිණ පුවත් පත = 100/=
එවිට ඉවත් කරන ගැසට් එක තවත් කෙනෙකුට රුපියල් 50කට හෝ විකිණිය හැකිය.

අද දිනමිණ පුවත් පතේ බ්ලොග් පිටුව මෙතැනින්.
සෑමාට බිස්නස් එකක් සැට් කර දුන් නලින් අයියාට ස්තූති !!

Written_By_sAm_ශ්‍රී_Perera_6:43am_17/01/2014

පලි - අපේ ගෙවල් ලඟ අසිතයා පුවත් පත් අලෙවිය පිළිබඳ දිනක් සෑමා සමඟ කතිකාවක් ගොඩ නැඟුවේය.

අසියා - මචං දැන් පත්තර වැඩිය විකිණෙන් නැතුව ඇති නේද?

සෑම් - ඇයි බං ඒ?

අසියා - දැන් බං ඉතිං සයිට් එකෙන් බලන්න පුලුවන්නේ..

සෑම් - ඒක අමාරුයි බං.. ලයිට් එකට ඇස් රිදෙනවා.. පත්තරේ ඕන තැනක පෙරලගෙන බලන්න බැරියෑ..

අසියා - පිස්සුද බං මාර ලේසී..

සෑම් - ඒත් වැඩක් නැහැ බං..

අසියා -ඇයි බං ඒ??

සෑම් - ඇයි යකෝ වැඩට යන එකෙක් හරි ඉන්න හැම ගෙදරකම පත්තර ගන්නවා.

අසියා - ඇයි බං වැඩට යන උන්ට ඔපීසියේ ඉන්ටර්නෙට් නැද්ද?

සෑම් - තියෙනව බං, තිබ්බට ඉන්ටර්නෙට් එකෙන් බත් ඔතන්න බැහැනෙ.. පත්තර පිටුවෙන් පුලුවන්නේ

63 comments:

  1. හැක් හැක් ඉන්ටනෙට් එකෙන් බත් ඔතන්න බැරි නිසාම නලී අයියලා බේරෙනව

    ReplyDelete
    Replies
    1. නැත්තං ඉතිං අපිත් ඉවරයි.. !!

      Delete
    2. ඒ අනාට දිනමිනේ බත් ඔතන්ඩ බැ පිලුනු වෙනවා

      Delete
    3. @ අටම්......ශුක්‍ර කතාව!!!!

      Delete
  2. අන්තිම සීන් එක නිසා තමා බං සැමෝ මාත් පත්තර ගන්නේ.. හැක්.. අර ගණං හිලව් වැට් නැතිවද?? ඔන්න බලහං නලියා ලබන පාර උඹේ දෙකක්ම දාවි පත්තරේට.. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹේ දෙකක්ම මේ පාර දාල තියෙන්නෙ මොනවද උඹ නලියට දුන්නෙ ඉඳගෙන.

      Delete
    2. දෙන්නං කාසි වලට වැඩ කරන එකා නෙව.. හැක් හැක්..

      Delete
    3. Praසන්ன කතෘ අයිතිය සුරකින්න ඉදගෙන :)

      Delete
    4. අපොයි ඔය එක එක ඒව සුරකින්න බෑ හිටගෙන. :D

      Delete
    5. ඉඳගෙන හරි හිටගෙන හරි මගේ ඒව දැම්මොත් නලියට ජොබ අහිමි වෙයි.. වැඩිහිටියන්ට පමණයි ඒව දැම්ම කියල..

      Delete
  3. මමනම් දැන් ගැසට් එක බලන්නේ නෙට් එකෙන්...

    නෙට් එකෙන් බලනවට වඩා පත්තරයක් අරන් බලන් එක තාම මම කැමති.මොකො ඉතින් පේජ් ලෝඩ් වෙන්න,කනෙක්ශන් ස්ලෝ වෙන්නේ එහෙම නැනේ...

    කොහෙන් ගියත් උබේ මාකටින් පාරක්නම් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. නෙට් එකේ බලනකොට ගැසට් එක පට්ට ස්ලෝ නේද? ගොඩක් කාලෙකට කලින් බලද්දි එහෙම වුණා..

      :))

      Delete
  4. දැන් අලුත්ම ක්‍රමේ ඉන්ටනෙට්ටුවෙන් කෑම එතීමට හැක ..... විමසීම් නලීන්

    ReplyDelete
  5. බත් එතීම සම්බන්ධව අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න තියෙන්නෙ ඕකට හරියන්නෙ සිංහල පත්තර වලට වඩා ඉංග්‍රිසි පත්තර කියන එකය... සන්ඩේ ඔබ්සවර් එකක් වගේ නං මාසයක් දෙකක් ෂේප්... හි හි

    සිකුරාදා දිණමිණටත්, තරුණයා එකට වෙච්ච වැඩේ වෙයිද දන්නෑ... කඩේට ගිහින් තරුණයා පත්තරෙ තියෙනවද කියල ඇහුවම කට්ටියම කන්න වගේ බලනවා මොකෝ මේ හිටි ගමන් පත්තර හොයන්නෙ කියල...

    ReplyDelete
    Replies
    1. සන්ඩේ ඔබ්සවර් තමා නියම භාණ්ඩේ.. ඇත්තටම බත් ඔතන්න සිංහල පත්තරේ නම් ලංකාදීප, ඔය කතා තාත්විකව කිව්ව නම් නලින් අයිය තරහ වෙනව බොල. මාකටින් ඉගෙන ගනින් :))

      විලි ලැජ්ජාවයි තරුණි ඉල්ලන්න ඕනෙ ගැනි තරුණයා ඉල්ලලා.. :ඩී

      Delete
    2. ඔය වෙන දේවල් බලන්න මලයා මෙයා තරුණයා ඉල්ලලා තියෙන්නේ

      Delete
  6. බත් ඔතන්න ආදේශකයක් හොයාගත්තොත් නලින් අයියලා කම්මුතුයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ සෙතේම තමා මධුරංගයෝ..

      Delete
    2. ඇයි රේස් කොලේ

      Delete
  7. කොච්චර pdf විදියට දේවල් ආවත් අපි තාමත් කැමති ඒක ප්‍රින්ට් කරගෙන ගියවන්න. කියවද්දී අතට අහුවෙන්නේ නැතිනම එකේ ගතිය අඩුයි. කකුල් දෙක උඩ දාගෙන පත්තරයක් කියවද්දී ඒකෙත් පොඩි ගතියක් තියනවා. ඒ හින්දා බත් ඔතන එක හින්දා නැතුව ගන්න ටික දෙනෙක් හරි ඇති.

    ReplyDelete
    Replies
    1. සිරාවටම!
      pdf පාඩම් කරනකොට ආතල් එක කොහොමද කියහන්කෝ. බුවෑක්කා!!!

      Delete
    2. පිඩිඑෆ් පොත් කියවන උන් මට පේන්න බැහැ බං. විකාරයි...

      Delete
    3. පිඩිඑෆ් පොත් කියවන උන් මට පේන්න බැහැ බං. විකාරයි...

      Delete
  8. කවමදාක හෝ අපි ලිව්ව එකක් ඔය පත්තරේ ගියොත් කියහල්ලා. අන්න එදාට මම ඕක ගන්නවා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කුණු හබ්බ ටිකක් අඩු එකක් ලියහං මලයෝ අරගන්නවාමයි..

      Delete
    2. මගෙ ඒවත් දාන එක ලේසි නැහැ ප්‍රසිද්ධ මාධ්‍යක :ඩී

      Delete
  9. ගැසට්/බ්ලොග් පිටුව දෙකම නැති දිණමිණ පුවත්පත කීයටද විකුණන්නෙ බං. ඒව දෙන්නෙ අර පරන පත්තර වගේ කිලෝ ගානට වෙන්න ඇති‍ නේද?

    ReplyDelete
    Replies
    1. පරණ පත්තර කිලෝව 20ද කොහෙද බං.. පත්තරේම ගත්තත් 20යි. හැබැයි ග්රෑම් 500ක් ඇති.. :ඩී

      Delete
    2. පරණ පත්තර කිලෝව 20ද කොහෙද බං.. පත්තරේම ගත්තත් 20යි. හැබැයි ග්රෑම් 500ක් ඇති.. :ඩී

      Delete
  10. Replies
    1. ස්තුති කරන්න ඕනෙ බ්ලොග්කරුවෝ.. ඔබට.. කලින් කිව්වත් වගේ නලියා ඉතිහාසගත වෙන වැඩක් කලේ..

      Delete
  11. මගුලට ගිය සල්ලි හොයා ගන්න පත්තර කළු කඩයක් දාල, මේව කැත වැඩ බන් මිනිස්සුන්ව හූරන් කන එක :3

    ReplyDelete
    Replies
    1. මඟුලක් අරගෙන බලපං කෝ.. මෙහෙම ඉන්න එක ලොකු දෙයක් :))

      Delete
  12. අනේ අප්පේ ගැසට් එකකට ගිය කල!

    ReplyDelete
  13. බත් ඔතන්නේ නැතුව කෑම පෙට්ටියක දාගෙන පලයල්ලකෝ.., ඔච්චර නහින්නේ.
    සෑමෝ ටැංකු වේවා...........!

    ReplyDelete
    Replies
    1. දැන් කෑම පෙට්ටියෙ තමා ගෙනියන්නෙ.. අපෙ උන් කියනවා මු බැන්දට පස්සෙ ඉස්කොලෙ යනව වගේලු වැඩට එන්නෙ..

      Delete
    2. උන් ඊරිසියාවට කියන කතා බන්, උබ ගණන් ගන්න එපා සෑමෝ...!

      Delete
  14. සෑම් අයියට මෙහෙම අයිඩියා දෙන්නේ අර කිටී අක්කද ඈ...?

    ReplyDelete
    Replies
    1. නැතුව පවුල කියන විදිහට තමා ගොඩ යන්න පුලුවන් :පී

      Delete
  15. මගෙ ලිපි කොච්චර ගියත් බොරු පත්තරේ නං මං ගන් නෑ. සෑමා, නලියා තියා දෙයියන්නාන්සෙ කිව්වත්... මේ ආණ්ඩුව පෙරළිලා යූඇන්පී ආවත් දිනමිණ නං අපිට අරහං... අම්මපා...!

    ReplyDelete
  16. යකෝ පත්තරේ නෙට් එකෙන් බලනව, නෙට් එකේ යන එව්ව පත්තරෙන් බලනව...ඌ මට ගහනව මට ඌ ගහනව.....අනේ මන්ද බන් මට මඥ්ඥං වගේ මෙව්ව අහල..!!!!

    ReplyDelete
    Replies
    1. නලින් අයියා අදාල පිටුව දාන නිසා ගන්න ඕනෙ වෙන එකක් නැද්ද මන්දා...

      Delete
  17. අපිට ඉතින් දිණමින එද්දී බැරිය.. ඒ හන්දා නෙට් හොදයි.. අනික බත් ඔතන්නෙත් නැහැනේ අපි..

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින්ම බලපං දිනේෂ් !

      Delete
  18. අළුත් ව්‍යාපාරයට ජය,!

    ReplyDelete
  19. ස්තූතියි සෑම් මලේ! අන්තිමට දාපු සංවාදයත් එළ!!! උඹට ජයෙන් ජය!!!

    ReplyDelete
  20. තාම පත්තර ලෑල්ල ආච්චිද කරන්නෙ....උන්දැට දීර්ඝායුෂ ලැබේවා !

    ReplyDelete
  21. Internet will never replace the newspaper because you can't swat a fly with internet.

    ReplyDelete
    Replies
    1. Dude.....චෑ චෑ චෑ අන්තිම සවුත්තු කතාවක්.

      Delete
  22. ඔන්න බලහන්....තව ටික දවසකින් නලියාව ලේක් හවුස් එකේ මාකටින් මැනේජර් කරනවා.

    ReplyDelete
  23. මමත් ජිවිතෙ ප්‍රථම වතාවට බේරෙ ගෙදර පත්තර ගන්න ගත්ත.

    ReplyDelete
  24. ඇත්තටම මිනිස්සු මෙච්චර කල් දිනමිණ පත්තරේ ගත්තෙ බත් ඔතන්න ‍ද? දෙයියයෝ සාක්කි..නලීන් මේක දැක්කොත් බඩකපාගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒකට හරියන්නේ බේරේ ඔබ්සවර් එකම තමා..

      Delete
  25. මං ඒත් බැලුවා මූ ආන්ඩුවට පැන්නාවත්ද කියල..?

    ReplyDelete
  26. අර බරට පත්තර හොයන එවුන්ට පරණ පත්තර ගුලි කරලා දීපන්, බලන්නේ නැතිවම අරගෙන යයි.

    ReplyDelete
  27. "ඉන්ටර්නෙට් එකෙන් බත් ඔතන්න බැහැනෙ.. පත්තර පිටුවෙන් පුලුවන්නේ"" :D දවසේ කියමන :v

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...