Thursday, January 30, 2014

මචං අම්ම එක්ක වරෙන් බොන්න.. - Drinking With Parents !!!


බොන උන් මෙන්න බොන්නේ නැති උන්ද මාගේ මිතුරෝය. මන්ද බීම හෝ නොබීම යමෙක් මිතුරෙකු කර ගැනීමට අදාල හේතුවක් හෝ මිනුම් දණ්ඩක් නොවන නිසාය. එහෙත් බොන එවුන් තමන් බොනවා යැයි ප්‍රසිද්ධියේ පිළිගනිද්දී නොබොන උන්ද තමන් බොනවා යැයි කීමට පෙළඹෙන අවස්ථා සෑමා දැක ඇත්තේය. විටක මිතුරන් ඉදිරියේ තමන්ට ලැබෙන තැන නැති වේ යැයි හැගීමෙන් එසේ කියනවා විය හැකිය. නැතහොත් තමන් නොබොනවා යැයි කීම මඳි පාඩුවක් ලෙස සිතනවා විය යුතුය. 

බොහොමයක් උන් තමන් බිව්වද බිව්වා යැයි කීමට අකැමැති සමාජයක් ඉස්සර තිබුණද දැන් නොබොන උන් පවා බොනවා යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එයද සමාජයේ තැන ලබා ගැනීමේ මිනුම් දණ්ඩක් නිසාද, නැතිනම් මිතුරන් අතරේ කොන් වේ යැයි සිතෙන නිසාදැයි සිතා බැලිය යුතුය. නමුත් තමන් බොන්නේ නැහැ කීමට තරම් ආඩම්බරයක් ඇති අය නැති වීම නම් දුක්ඛිතය. බොන උන් අස්සේ සිටින එකම නොබොන එකා වීම ආඩම්බරයට කරුණක් නොවන්නේද? එසේ නම් එය කීමට පසුබට වන්නේ මන්දැයි සෑමාට සිතුනේ මෑතකදී වූ ආතල්ම සිද්ධියක් නිසාය.

මෙලොව ඉපදුනා වූ හැම එකාම මොලොව හැරයන්නේය. වීදුරුවට හලා ගත්තාවූ අරක්කු ෂොට් එක එක හුස්මට ඉවර වන්නේ යම් සේද, මෙලොව උපන් අයෙක් මෙලොව හැර යන්නට වැඩි වේලාවක් ගත වන්නේ නැතිය. ඇල්කොහොල් වඩාත් වාශ්පශීලී නොවේ. එහෙත් එක හුස්මට ඉවර වේ. එසේම පනද තණ අග පිණි බිඳු වැන්නේය. සරලව කිවහොත් එදා තිබ්බේ මල ගෙයක්ය. මල ගෙදරක සැනඩ්විච්, නයිස් බිස්කට්, මාරි බිස්කට්, ප්ලේන්ටී සහ කෝපී හැරුණු විට සැඟවුණු පානයන් සහ බයිට් බොහෝය. දිනක් සෑමා මඟුල් ගෙවල් වලට වඩා මරණ ගෙවල් ආතල්ය කියා කීවේ එම පානයන් නිසා නොව කැරම්, ආදී ක්‍රීඩා නිසාය. ඒ කෙසේ වෙතත් බූරු පැදුරු හැරුණු කොට උක්ත පානය, චන්ද්‍ර ග්‍රහණ පවා පෙන්වන මල් සමඟ මුසු වන්නේ මරණ ගෙවල් වලදීය. එදා අපේ එවුන් මරණ ගෙදර ගියේ මිය ගිය අයට පින් සිදුවන්නට පොඩ්ඩක් සැට් වීමටය.

සියළු දෙනා රැස්ව සිටියද අපේ එකෙක් තවමත් මඟය. එසේ තිබියදී බෝතලය කැඩීම ඌට කරන නිග්‍රහයක්ය. මෙතුවක් අප සමඟ සෙට් වී නැති වුණත් කතාවේ හැටියට පොරත් සමඟ බොන්නට පුලුවන් එකෙක් අපේ සෙට් එකේ නැති බව අපට දැනී හමාරය. එදා මචං අච්චරක් ගැහුවා, මෙච්චරක් ගැසුවා ලෙස කියන “පොර“ ඉදිරියේ අප නම් ලදරුවෝම බව අපට සිතී තිබුණේය. ඒ නිසා පොරගේ ප්‍රමදය නිසා දෙතුන් වරක්ම අවසර ගෙන අප බෝතලය කැඩුවෙමු. ඒ වන විටත් පොර ගෙදරය. පොර කියනා පරිදි මහා ඇල්කෝල් ලෝලියෙක් නිසාම අපේ එවුන් ගේ අවවාදය වූයේ “මචං උඹ එනව නම් කාව හරි වාහනේ දාගෙන වරෙන්. නැත්තං උඹ යද්දි අවුලක් වෙයි“ කියාය. අපේ මිතුරා කීවේ “හරි මචං අද ගහන්නෝනි පැලෙන්න, මම එන්නම් කෝ...“ කියාය.

තත්වය එසේ තිබියදී අපේ එවුන් ලඟ නැමුවේ අපේ ‘පොර‘ට තැන තියාගෙනය. “මචං අරූ එයි ඌට තියමු“ කියමින් කස්ටිය ඉතුරු කළේ ‘පොර‘ වැඩකාරයා කියා කතන්දර වලින් දන්නා නිසාය. එහෙව් බොන කොල්ලෙක් හමුවේ අපි තවමත් පිටිකිරි බොන මට්ටමේ උන් කියා අපි සිතා සිටි නිසාය. අපේ එවුන් සැන්ඩි දමා බොන විට පොර නීට් ගහනවා යැයි කියන්නේය. අපි නීට් ගහනවා යැයි කියද්දී පොර කලවම් කර ගසන්නේ යැයි කියන්නේය. ඒ තරමට පොර වැඩ්ඩාය. බාගයක් පමණ ඉතුරුවන්නට තබා අපේ එකෙක් පොරට කෝල් කළේය. ඒ ඉන්නා තැන දැන ගැනීමටය.

“මචං උබ කොහෙද ඉන්නෙ??“

“හරි බං දැන් මේ පාර්ක් කළා විතරයි..“

“ආ උඹ එළියෙද.. අපි අහවල් තැන ඉන්නවා.. කෙලින්ම වරෙන්..“

අපි සැට් වී සිටි වෑන් එකෙන් එළියට බැස මරණ ගෙදර මිදුලට ආවේ මිතුරාව කුදලාගෙන වෑන් එකටම යාමටය. මිතුරා ඈත සිට එනු දැකීමෙන් අපේ එවුන් මූණට මූණ බලාගත්තෝය.

ඒ අතරින් අපේ ‘පොර‘ ගේ මව හඳුනාගත් අයෙකු කීවේ වචන කිහිපයක්ය.

“මූ මාර #$යෙක් නේ බං.. අම්මත් එක්කනෙ මූ ඇවිත් තියෙන්නෙ....“

පලි - තමන් මතින් තොර බව කීමට ආඩම්බර විය යුතුය. නොඑසේ නම් මිතුරන් මැද බොන බව හඟවමින් සිටීමෙන් තමන්ද, මිතුරන්ද පිරිහෙන්නේය. එනිසාම මිතුරන් මැද සදාකාලිකවම බයිට් වන්නේය.

49 comments:

  1. කවුද බං මේ ඩයල් එක? මම දන්න කියන පොරක් ද? :D

    ReplyDelete
    Replies
    1. නැහැ මචං.. අපේ පරණ සැට් එකේ නෙවෙ. අලුත් සාමාජිකයෙක් ;))

      Delete
  2. අටම්ද.... නෑ නේ... ඌ නම් බොන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඌ ගැන මතක් කරන්න එපා.. බොන්නෙ නැති නිසා අපිට සෙට් වෙන්නෙ නැති ඩයල් එකක් නේ..

      Delete
  3. මන් බොන්නෙ නෑ, මම ඒක ආඩම්බරයෙන් ප්‍රකාශකර සිටිනවා ^_^

    ReplyDelete
  4. මමද තරමට බොමි.... නමුදු වැඩි වූ අවස්තාවක් පමණක් ඇත...

    ReplyDelete
    Replies
    1. බොන තැනට ගෙදර අයව එක්ක යනවද?? :)

      Delete
  5. සෑම්ගේ කතාවට මමද එකගය මොකද තමන් බොනවා නම් එයද නොබොනවා නම් එයද නොසගවා පවසන්නට හැකියාවක් අදාල පුද්ගලයාට තිබිය යුතුය. ඇත්තටම අද බොන්නැති එකාට තැනක් සොයන්නට යාම නිෂ්ඵලය. මොකද සමාජයේ හුගක් උන් කියන්නේ ඕක කන බොන එකෙද්ද බං පො***** කියාය. එතකොට බොන එකා වැඩ්ඩාය. ඒ සමාජයම හිතන හැටිය. කොහේ හෝ අපතායක් බීල වැඩිවී ගෝරි දැම්මත් අනේ ඕක බීග ගන්න් ගන්න එපා බන් කියා ඌව ඒ සිදුවීමෙන් නිදහස් කරන අවස්තා මමද අනන්තව දැක ඇත.
    අනිත් කරුණ නං බොන අය අතර නොබී ඉන්න එකා කොන්දක් නැත් නපුංසකයෙක් නොව අනික් උං කියන දේ අසා උං නිසාම බී පොරක් වන්නට හිතනා නපුංසක චරිතයකට වඩා තමංගේ හැගීම් පවා නිසි ලෙස පාලනය කරගත් පිරිමියෙක් බව මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. බීල කියල වැරැද්දක් කරපු එකෙක්ට දඩුවම් නොකර අතෑර දාන එක නම් මාත් අකැමැති දෙයක්. යකෝ බිව්වනම් කාටවත් කරදරයක් නොවි ඉන්න එපෑ කියල දෙක තුනක් අනින්න ඕනෙ. හොඳ සිහිය එන්නම.

      ඇත්තටම කස්ටිය බෙන්න කියද්දි නොබී ඉන්න එකා පොරක් තමා..

      Delete
  6. අනේ අපිනං බොන්නෑ කියන්නෙ නෑ. හැබැයි ඉතිං අච්චර බොන්න පුළුවං මෙච්චර බොන්න පුළුවං කියල ෂොට් දෙකක් දානකොටම කට් වෙන එවුවොනං කන්නෙ හොඳ නෝන්ඩියක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා උන්ටද අල්ලගෙන පොවන්නේ වැටෙන්නම ??

      Delete
  7. අම්මට ඩ්‍රයිවර්ස් ලයිසන්ස් ඇති.

    ReplyDelete
    Replies
    1. ලයිසන් තියෙනව කියල අම්මව එක්ක ආවහම, බොන්න පුලුවන්ද බොල..

      Delete
    2. එහෙම පවුලුත් ඇති බං. :D

      Delete
    3. පුතාට ඩෝප් වුනාම අම්මා එලවනවා. මම දන්න කස්ටියක් ඉන්නවා වයිෆ්ට ඩෝප් වුනාම හස්බන්ඩ් එලවනවා. හස්බන්ඩ් ඩෝප් නම් වයිෆ් ඩ්‍රයිවින්. ආදරයක තරම :

      Delete
  8. මම නම් බොමි. නමුත් පසුගිය පළවෙනිදා තුන්කාලක් ගසා දවසක් වමනය කිරීමේ ප්‍රීතිය හේතුවෙන් මායියාගේ ඉල්ලීමක් හේතු කොට ගනිමින් බීම නවතා ඇත.

    ReplyDelete
    Replies
    1. අපෝ එතකෙට නම් බීම එපා වෙනව කෝරලේ..

      (තව මාසෙකින් ආයෙ පටන් ගනී )

      Delete
  9. "නමුත් තමන් බොන්නේ නැහැ කීමට තරම් ආඩම්බරයක් ඇති අය නැති වීම නම් දුක්ඛිතය." ඔයා අහපු නිසාද දන්නේ නැහැ. කෙල්ලෙක් ඇහුවා නම් කියයි, අපූ..... මං බියර් එකක්වත් බොන්නේ නැහැ කියල. ;)

    ReplyDelete
    Replies
    1. එහෙම තමා කියන්නෙ :ඩී

      Delete
  10. බොන්නේ නැති එවුං නොබීවාට කමන් නෑ.. අපේ බයිට් ඉවර කරන්න එහෙම එන්ඩෙපා !

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම එවුන් අපි ලගට ගන්නෙම නැහැ බං..

      Delete
  11. එහෙම උනුත් ඉන්නවද බං.
    ඒ මොන වර්ගේ යක්කුද අප්පා.

    ReplyDelete
    Replies
    1. අපේ කෙන්ජි ආයි එන්න හදන්නේ.... එන්න සුදෝ අන්න එහෙම

      Delete
  12. Replies
    1. තේරුණා... ඒක අපූරුයි...

      Delete
  13. නොබොන එවුන්ට බලෙන් පොවන්න නං යන්නේ නෑ ඒකත් අපිම බිලා දානවා මිසක්....

    ReplyDelete
    Replies
    1. බයිට් කන එක තමා ඉවසන්න බැරි නේ??

      Delete
  14. බොන සෙට් එක මැදට වෙලා බයිට් කන එක තමා ආතල්ම වැඩේ...

    ReplyDelete
    Replies
    1. අපි එහෙම උන්ව එලවනවා..

      Delete
  15. හොඳට බොන්න පුලුවන් කියන එවුන් තමා දෙක දැම්ම ගමන් වැටෙනනෙ.අත්දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
  16. බොන එවුන්ට හේතු කප්පරයි නොබෝන එවුන්ට කියන්න ..... ඕනෑම නොවැදගත් දෙයක් උනත් වැඩි දෙනෙක් කරනකොට එක නිකන්ම වැදගත් දෙයක් වෙනවානේ

    ReplyDelete
  17. හෙහ් මරු පොරක් නේ බං.. මමත් බොන්නේ නෑ.. ඒ වුනාට කමක් නෑ සෙට් වෙන වෙලාවක එන්නම්.. බයිට් එක කන්න..

    ReplyDelete
  18. නැවු ටෝක් ඕන නැ නෙහ් බොන්න පුළුවන් තරම් බිලා යන්න බැරි නම් හේත්තුවක් දල නිදියන එක නෙහ් තියෙන්නේ

    ReplyDelete
  19. මමනං කොහොමත් බොන්නෙත් නෑ..... කියන්න අවුලකුත් නෑ

    ReplyDelete
  20. මම නම් කවුද කියලා දන්නේ නෑ හැබැයි මලේ මම නම් ඇත්තටම කැමති බොන එවුන්ට නොබොන එවුන්ට වඩා.....
    උඹට ජය!!!

    ReplyDelete
  21. මොකාද බං සෑමෝ ඕකා ...

    ReplyDelete
  22. සෑමා ඉතින් බොන කන එකා නොවැ...අපි නොදන්නවායැ ඒක....නොබොන උන්ට ෂොට් එකක් දාගන්න කියලා පින් සෙන්ඩු වීමත්...නොබොන උන් අපි බොන විට බයිට් එකට කෙලීමත් තමයි මම අකමැතිම කාරණා....

    ReplyDelete
  23. බොන තැන නොබොන එකෙක් ඉන්න එක එපා වෙන්නේ බ්යිට් ටික තරගෙට කන එකයි,බොතලේ බාගයක් ඉවරවෙන්න කලින් කෝක් එක ඉවර කරන එකත් නිසා...

    ReplyDelete
  24. නොබොන එවුන් එකෙක් හරි ඉන්න තැනක බොන්න පින් කරන්න ඕන. උගෙන් වෙන සේවය කියලා නිම කරන්න බැහැ, :D

    ReplyDelete
  25. අපිනම් ‍පබාන්නෙ සංතෝසයක් ආවිට පමනි. ඒව‍ග්ම අපි ඉන්නේ හැමදාම සංතෝසෙන්!!

    ReplyDelete
  26. බිම හො නොබිම කිමට ලැජ්ජවක් ලෙස මමනම් දකින්නෙ නැ.ඔක කියන්නෙ හිතන්න වෙන්නෙ අනුන්ට ඔනවට බොන හො නොබොන මිනිස්සුනට.හැබැයි ගොඩාක් බොන්න පුලුවන් කියල පම්පොරි ගහන උන් දැනගන්න ඔන වැඩි නොවෙන්නෙ ශරිරයෙ ක්‍රියාකරිත්වය අඩුවෙලා නිසා කියල.

    ReplyDelete
  27. බොන එක බොන එකාගේ වැඩක්, නොබොන එක නොබොන එකාගේ වැඩක්, ඒත් නොබොන බව කියන්න තරම් කොන්ද පන තියෙන්න ඕනේ.
    අපිත් එක්ක තාම ඉන්නවා නොබොන එත් බයිට් එකට ගේම දෙන උන්.
    අපි උන්ට පොවන්න යන්න්නෙත් නෑ උන්ට කයිවාරු ගහන්නෙත් නෑ. එක තමන්ගේ කැමැත්ත.
    බිව්වා නම් සද්දේ වහලා පාඩුවේ ඉන්න ඕනේ..
    නැද්ද මං අහන්නේ ඔං....!

    ReplyDelete
  28. ඒ කසිප්පු පෙරන උන් කසිප්පු බොන්නෙ නෑ නේද බං???

    ReplyDelete
  29. මම හිතුවෙ මේකත් අර කෙල්ල එක්ක බොන්න එන්න කියන මචං ඇඩ් එකේ අලුත් වර්ෂන් එකක් කියල!

    ReplyDelete
  30. අම්ම දන්නවා ඇති පුත්තරයාගේ තරම. "හිටපන් උඹට, අද මාත් එනවා.." කියල අම්මත් ආවද දන්නේ නෑනේ.. :D

    අර කිව්වත් වාගේ, බොන්නේ නැත්නම් එක කියන්න ලැජ්ජා වෙන්නේ මොකට ද. මම නම්, දැන්........... නොබොමි.. :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...