Tuesday, December 24, 2013

ස්තූති සැමට !!


දහසකුත් එකක් වැඩ තියෙද්දි එදා මම උදේම නැගිට්ටෙ අපේ එවුන් සෙට් වෙන්න කාලාන්තරයක් මාන බලපු නිසා. උන් සැට් එකටම එකම තැනක, මහ මුහුද අයිනේ, හුලං පාරක් වැදි වැදි බීච් පාටියක් කියල නමකුත් දාගෙන, සොදුරු ආතල් එකක් ගන්න සැරසෙද්දි මම කෝමද ගෙදරට වෙලා ඉන්නෙ. අවුරුදු පහක් ලව් කරල, හැම බාධකයම අහක් කොරල මඟුලක් ගත්ත කියල මට පුලුවන්ද අමතක කරන්න, ඒ සුන්දර බ්ලොග් ලෝකය. කලින්ම හිතන් හිටියෙ ඇත්තටම මට එන්න බැරි වෙයි කියල. ඒ නිසයි මම පෝරමය පවා පිරෙව්වෙ නැත්තෙ. ඒත් උදේම පවුල මාව ඇහැරවල, අද උයන්න පොල් ටිකක් ගාන්න කියල කියද්දි, අද අපි ගෙවල් අස් කරමු කියල කියද්දි, රෙදි කන්දක් හෝදන්න තියෙනව කියල කියද්දි, මම කෝමද උඹලව අමතක කරල පැත්තකට වෙන්නෙ. මම එයාට පස්සෙ, ගෙදරට පස්සෙ, පිලිවෙලට ලිස්ට් එකක් හැදුවම, තුන්වෙනි තැනට වගේ ආදරේ කළේ මේ බ්ලොග් පිටුවට, ඊට පස්සෙ සයිබර් ලෝකෙට. 

ඉස්සර තනිකඩව ඉන්න කාලෙ, මේ වගෙ ඉවෙන්ට් වලට ගියාම, කොල්ලො කෙල්ලො මැද්ද මුණ ගැසුන අංකල්ලා, ඇන්ටිල දැක්කම මට වෙලාවකට හිතුන යකෝ මුන්ට වැඩ නැද්ද කියලත්. වගකීම් බහුල වයසක උන්දැලෑ ඉවෙන්ට් වලට ඇවිත් කොල්ලො කෙල්ලො එක්ක අහවල් ලබ්බක් කරනවද කියල මම කල්පනා කළා. ඒත් මේ වගේ ආතල් මිස් කරන්න හොඳ නැති බවත්, ආතල් වලට වයස බාධාවක් නොවන බවත්, එදා බීච් පාටියට සෙට් වුණ මට පැහැදිලි වුණා. අනික පවුලගෙන්, හස්බන්ඩාගෙන්, නිදහස් වෙලා දවසක් හරි ගත කරන්න ඔවුන් ඒ වගේ ඉවෙන්ට් වලට එන්න ඇති කියලත් මට පැහැදිලි වූණා. හරිම සොදුරු දවසක්, මුහුදු හුලං වැදි වැදි, මධුවිත ඩිංගිත්තක් තොල ගාල, අපේ එවුන් එක්ක පිස්සු කෙලින්න අපිට මේ අවස්ථාව ලබා දුන්න සංවිධායක මණ්ඩලයට මම ස්තූති කරන්න කැමතී. මාව සංවිධායක මණ්ඩලයට තෝරගෙන තියෙද්දිත්, මම කිසිම සහයෝගයක් දෙන්න බැහැ කියල පැත්තකට වුණේ, ඇත්තටම මම ඒ දවස් වල කාර්යය බහුල වුණ හින්ද. වෙඩිමක් ගන්නව කියන එක ලේසි නැහැ කියල මට තේරුණේ බැන්දට පස්සෙ. එදා මම හිතා ගත්ත ආයෙමත් බඳින්නෙ නැහැ කියල. එහෙම හේතු නිසා උදව් කරන්න බැරි වුණ නිසා තමා එදා මම බීච් පාටි එකට සෙට්වුණේ ෆන් එකක් අරන් යන්න.

පවුල එදා නැගිට්ට හැටියෙ අරක මේක කියල කරන්න තියෙන වැඩ ලිස්ට් එක කියද්දි මට මතක් වුණා අපේ බීච් පාටි එක. මම එයාට කිව්වා අපේ බීච් පාටි එක තියෙන්නෙ අද කියල. ඇත්තටම එයා මට බැන්න ඇයි ඉතිං යන්නෙ නැත්තෙ කියල. මම කිව්වා කොහොම යන්නද අද අපේ පලවෙනි සති අන්තය නිසා වැඩ ටික ඉවර කර ගන්න ඕනෙ නේද කියල. එයා මට දොස් කිව්වා. දැන් කට්ටිය හිතයි මම ඔයාට යන්න එපා කිව්ව කියල, ඒ නිසා පොඩ්ඩකට හරි ගිහින් එමු කියල. ඒත් මම එයාට තේරුම් කරල දුන්න, මම ෆෝරම් එක පිරෙව්වෙත් නැත්තෙ කලින්ම යන්නෙ නැතුව ඉන්න බලාපොරොත්තුවෙන් කියල. ඒත් මට එදා එන්නම වුණා. 

ගෙදරට ආව විතරයි ගෙවල් අස්පස් කරලත් නැති නිසා මම කිටීගෙන් ඇහුව මම මොකක්ද ඇඳගෙන යන්නෙ කියල. මේකටම කියල අලුත් ෂෝටක්, ෂර්ට් එකක් නැති තැන අපි දෙන්න මහන්සි වෙලා ගෙවල් පෙරලගෙන හෙව්වා ගැලපෙන ඇඳුමක්. ඒත් බැන්ඳ අලුත පිලිවෙලකට යන්න ඕනෙ නිසාත්, අලුත් එකක්ම තිබ්බ නම් හොඳයි කියල තමා අපේ එක්කෙනා කිව්වෙ. අපි දහ අතේ කල්පනා කළා. බැරිම තැන හෝම් කමින් එකට ඇඳපු කිට් එක දාගෙන මම පාරට බැස්ස. මහ මඟ හම්බෙච්ච හැම එක්කෙනෙක්ම මගෙ දිහා මහ අමුතු විදිහට බැලුවා. හරියට බඩගින්නට තම ස්වාමිය ගිල්ල ඇනකොන්ඩි දිහා මුළු රටම බලන් හිටිය වගේ. මට අඳින්න එකක් තිබ්බෙ නැහැ කියලත්, ඒ දුක දන්නෙත් මම නිසා මම ගාණක් නැතුව බීච් පාටියට ඇන්ටර් වුණා. ජො ජෝගේ පොට් එකට ඇතුළු වුණ තැන ඉදන් වෙනම ලෝකයක්. දැකල තිබ්බ උන්, කලින් ඉදන් දන්න උන්, අලුත් මූණු, බුකයෙ චැට් කරපු උන්, බ්ලොග් වල සැට් වූන එවුන් ඔක්කොම එක තැනක. ඒ වගේම හෙන්රියා දකින්න ලැබුණට කතා කරන්න බැරි වෙච්ච එක මට මාර අවුලක් වුණා. මොකද හෙන්රියා අපේ පැත්තෙ පොරක් වුණ නිසා. මගේ කිට් එකට අපේ එවුන් මට මාර කමෙන්ට් තොගයක් දුන්නා. බීච් පාටි සංකල්පයට මම අලුත් අරුතක් එක් කළා කියල හැමෝම මාව ඉස්සරහට ගත්තා. එවලේ මට දැනුණු සතුට මුහුදු රැල්ලෙන් ආපු හිරිකිඩත් එක්ක මුසුවෙලා මාව කිලිපොලා ගියා.

ගමේ ගොඩේ කොල්ලෝ එක්ක සැට් වෙලා කිරිකොට ගහපු අපිට ඇද වෙච්ච බෝලයක් දීල සෙල්ලම් කරන්න කියපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා කියල මම කියනවා. ඒ වගේම අලුත් අලුත් ගේම් අයිටම් ටිකක් තිබ්බ නිසා වැඩේ තවත් ආතල් වුණා. තරඟ අලුත් නිසා අපේ එවුන් අලුත් නීති පවා එක්කරගෙන තරඟයට සාර්ථකව මුහුණ දුන්න කියල තමා මට හිතෙන්නෙ. 

හැමදාමත් වගේ ඕනෙම ඉවෙන්ට් එකකට පස්සෙ පොටෝ කන්දරාවක් වැටෙනවා. ඒ හැම පොටෝ එකක්ම මගේ ලැප් එකේ බ්ලොග් කියල ෆෝල්ඩර් එකකට තැන්පත් කර ගන්න තරම් මම ආසයි. මේ පාරත් මහා පොටෝ ගොන්නක් මගේ මැසිමෙ තැන්පත් කරගෙන තියෙනවා. මඩ පොටෝ සංකල්පය මත මට එකෙක් හරි මඩ ගහල තිබ්බොත් මේ පාර නම් අතාරින්නෙ නැහැ. ගියපාර මගෙ සපත්තු දෙකේ ඉදන් අපේ එවුන් මට කලේ ද්‍රෝහි කම්. මේ පාර නම් මඩ පොටෝ පාරක් ගියොත් මාත් දෙනවා සුපිරි ආතල් එකක්. ඇයි යකෝ මඩ කියල ඔහොමත් කන්න පුලුවන්ද?

සියළු කටයුතු මැද, සියළු බ්ලොග්කරුවන් එකම තැනකට එක්කොට සුන්දර දවසක් අපට උදා කරලන්නට මහන්සි වූ සැමට ස්තූති... !!

ජය වේවා !!

 කවදත් වගේ අපි හැමෝම ආස කරන ගෘප් පොටෝව මෙන්න.


79 comments:

  1. එදා මම හිතා ගත්ත ආයෙමත් බඳින්නෙ නැහැ කියල. :D

    සුභ පැතුම් ඈ..

    ReplyDelete
    Replies
    1. මගෙත් හිත ගත්තේ මේ කෑල්ල...:D

      Delete
    2. එදා ආපු මගෙ හැම යාලුවම කිව්වෙත් ඕකම තමා.. :)

      Delete
  2. ආ එක තමයි මම යනකොට ගැටිස්සියො ටිකක් කතාවෙනවා ඇහුනා "කවුද බං අර වෙඩින් සූට් එකක් ඇඳගෙන බීච් පාට් ආපු ගං කබරයා" කියලා

    ReplyDelete
    Replies
    1. අඩෝ ජෝනා ඒ මටද බං උන් කිව්වෙ.. ටිකක් අරන් හිටිය නිසා ක්ලික් වුනේ නැහැ..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මිස් උනානේ මේ පාරත්.කවදා හරි නාකි වෙච්ච දාකවත් එනවා අනිවා.

    ReplyDelete
  5. මට පෙන්න විදියට අංකල් පට්ටම ගහනකල්ම ගේට්ටුවකට සෙට්වෙන්න විදියක් නැතිවෙයි වගේ මට. බෝතල් කීයක් ඉවරකලාද?

    ReplyDelete
    Replies
    1. නාකි වුණත් බොලා නම් එයිද මන්දා... එදා ආපු උන් බෝතල් ගොඩක් හිස් කලා බං..

      Delete
  6. නොබඳිමි. තනිකඩව දිවි ගෙවමි

    ReplyDelete
  7. අමමපා යකෝ මේකා මරලත් මදිනේ. මොකක්ද මේකාට කරන්න ඕනේ.
    අඩේ උඹ හම්බෙන්නම හිටියේ. ඒත් ඉතින් වැඩක් නෑ දැන්

    ReplyDelete
    Replies
    1. උඩ කී කරුණු තේරුම් ගනින් මචං.. :)

      Delete
    2. ....බැන්දාම ඔහොම තමා.....

      Delete
  8. එකපාරක් බැන්ද එහෙකුට ආයත් කවදාවත් බඳින්න හිතෙන්නෙ නෑ තමයි බං.

    ඉතිං ගෙදර ගියාට පස්සෙ පොල් ගෑවද?

    ReplyDelete
    Replies
    1. පොල් ගහෙන් කඩලා ගෑවෙ බං..

      Delete
  9. ඒ මට මේකා සෙට් උනේ නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන්න මේකා එන්න එපාය බන්

      Delete
    2. මේකා ආවේ නැත. මූ කියන්නේ හීනයක් ගැනය...

      Delete
    3. මම එද්දි මුන් හිටියෙ නැද්ද බං ??

      Delete
  10. උබ.......උබට මම කියන්නෙ නෑ, උබ හීනෙන්ද යකෝ ආවේ, කෙප්ප කෙලල මුන්ව නොමග යවන්න එපා :/

    ReplyDelete
    Replies
    1. උබ බීල වැඩි වෙලාද මන්ද හිටියෙ.. මාව බොඳ වෙලාවත් පෙනුනෙ නැද්ද බොලව්..

      Delete
    2. බොද වෙලාවත් දැක්කෙ නෑනෙ බන් උබ ආවෙ නැති නිසා :P

      Delete
  11. මේ කියන්නෙ වෙන මොකක්හරි එකක් ගැන.....සෑමා බීච් පාටිය පැත්ත පළාතක ඉන්නවා අපිනම් දැක්කෙ නෑ

    ReplyDelete
    Replies
    1. සුමිතව නම් දුර හිටියත් අදුර ගන්න පුළුවන් ටොප්පියෙන්.

      Delete
    2. අඩේ සුමියා උබ මාව දැක්කෙ නැද්ද?? :))

      Delete
  12. හදුනා ගැනීම සතුටක්.. හරිම නිහතමානි විදියට කතා කලා.. මම හිතුවෙ නෑ එයි කියලා :)
    ආයෙත් හමුවෙමු! ජය!

    ReplyDelete
    Replies
    1. උබත් එල කොල්ලෙක් බං.. සතුටුයි එදා කතා බහ කරන්න ලැබීම ගැන..

      Delete
  13. මේ මනුස්සයා දකින්න මම කොච්චර ආසාවෙන් ද උන්නේ.. සික් වචන දෙකක් කතා කරන්න බැරි උණා නේ... :'( මම දැනුයි දන්නේ ආවද කියලවත්..
    අවුලක් නැහැ දැන් මක්කෙයි කොරන්නේ..

    මම බෙං බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. මම දැක්කා බොලාව පොටෝ වල.. ඇයි බං මාව දැක්කෙ නැත්තෙ??

      Delete
  14. උබට හරියන්නෙ ම(ර්)කටින් තමයි මචො.එල

    ReplyDelete
  15. උඹත් එහෙනම් බැන්ද...මම නම් ඉතිං ලබන අවුරුද්දේ දෙසැම්බර් තමා හිතන් ඉන්නේ...
    >> ඔකෙක්කොන් ඔමදිතෝ ගොසයි මසු....!!! <<

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ කෙන්ජියා දරු පවුල් කාරයෙක් කියල බොලව්...

      Delete


  16. වෙල් කම් ටු ද බෝර්ඩ්..!

    \\දැන් කට්ටිය හිතයි මම ඔයාට යන්න එපා කිව්ව කියල,\\

    එළ එළ...මුල ඔහොම තමයි. පස්සෙ බලාංකො..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් බහුල පරිතන මහත්වරු කියන දේවල් බොරු වෙන එකක් නැහැ නේද ඉන්දික අයියා ??

      Delete
  17. මුගේ ආච්චිට හාල් ගරන්න යකෝ... ලස්සන මේකට රිංගවලා තියන :D :D

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං එදා උබ පැත්තකට වෙලා හිටියෙ.. ?? මට ඒක දැකල තවත් අවුල්..

      ජය වේවා.

      Delete
  18. හනිමූන් එකට යන ගමන්ද කොහෙද මුත් ඇවිත්

    ReplyDelete
    Replies
    1. ඉවර වෙලා ආවෙ බං..

      Delete
    2. ඔව් සෑම්....බැඳපු අලුත මෝල ඕෆ් වෙන්නේ කරන්ට් ගියාම විතරයි! කාලයක් යනකොට කරන්ට් තිබුනත් මෝල වැඩ නැහැ. අස්වැන්න අඩුවෙනවනේ..: D

      Delete
    3. පස්සෙ මෙනව හරි කියන්නම් මචං... ;)

      Delete
  19. මේ නයෙක් නොව ඇණකොණ්ඩෙකි...........

    ReplyDelete
  20. උබ ඉන්න පොටෝවක්වත් දැක්කේ නෑනේ බොලව්,මාත් ආවේ නෑ,ඒත් පොටෝ ඔක්කොම වගේ බැලුවා, :/

    ReplyDelete
    Replies
    1. හොදට බලපං මචං.. උඩ පොටෝ එකේ විතරයි මම ඉන්නෙ.. :)

      Delete
  21. මූ නම් පොටෝෂොප් දන්නෙම නැහැ . . ඉගෙන ගනින් වෙනිවැල් අයියගෙන් තැනකට පොටෝ එකක් දාන හැටි .. ඔන්න බලහන් මේක . . තාම ලයික් කොමෙන්ට් වදිනවා හෙහ් එහෙහ්

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/photo.php?fbid=10202143960174383&id=1049785475&set=a.1310109746716.2045850.1049785475&source=46&__user=100005763637372

      Delete
    2. වෙනියගෙ එඩිටින් තරම් මගේ එක ගති නැහැ බං.. :ඩී

      Delete
  22. හිකිස් මූ උස්සලා තියෙන්නෙත් මගේ ෆොටෝ එකකක්මයි බන් !

    ReplyDelete
  23. අඩේ උඹ බැන්දද? එළ කොල්ලෙක්නෙ. සුභ පැතුම් ඈ. දැං තමයි අමාරුම හරිය.

    ReplyDelete
    Replies
    1. උබ දැන්ද බං දන්නෙ ?? ස්තුති හොදේ ....

      Delete
  24. ඒ මොකද බං තුවායකුත් කරේ දාගෙන...නාන්නම ගිහින් තියෙන්නෙ උඹ විතරයි එතකොට..!..:))

    ReplyDelete
    Replies
    1. බීච් පාටි කියන්නෙ නිකංද බං???

      Delete
  25. සෑමා...ඔය තාම කසකාරයෝ...හරියටම කිව්වොත් කස පැටව්...පෙරහැර මඟ එනවා....දැන්ම තාල, වන්නම් පුරුදු වෙයන්...පෙරහැරේ තාලෙට නටා ගත්තෙ නැත්නම් සොරිම තමා...

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා බං.. බය කරන්න එපා අයියෝ... !!

      Delete
  26. අපි නම් ෆුල් ආතල් එකක් ගත්තා. සෑම් එනවා කියලා අපි බලාගෙන හිටියා. අපි ගියේ රෑවෙලා. තව පොඩ්ඩෙන් ලාස්ට් බස් එකත් මිස් වෙනවා. මරු ෆන් එක!!!

    ReplyDelete
  27. සෑම්ගේ ෆොටෝ එකයි ඉරාජ්ගේ ෆොටෝ එකයි මට ගොඩක් වෙලාවට ටැපලෙනවා. දෙන්නම එක වගේ ...:D ආයෙත් බඳින්න එපා. ඒක හොද තීරනයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා.. ඉරාජ් මං වගේමයි.. :ඩී

      Delete
  28. අඩෝ මූව මරලත් මදිනෙ යකෝ. මොනා උනත් ලියල තියෙන විදිහටනම් දැඩි ෂෝකයෙන් ලියල තියෙන පාටයි. ගනන් ගන්න එපා සැමා. ඊලග එකටවත් එන්ට. සිරාවටම මම ආවේ උඹව හම්බෙන්ඩ ඕන කියලමයි. මම බ්ලොග් කියවන්න ගද්දෙ උඹේ බ්ලොගෙන්නෙ. ජය වේවා ඈ. ඇත්ත වගේම කෙබ්බෙ ඇදබාලා තියෙනව

    ReplyDelete
    Replies
    1. හරි මචං පස්සෙ දවසක සැට් වෙමු...

      Delete
  29. මමත් හාපුරා කියල..යන්න තමයි හිටියෙ සෑමො...අනේ මන්ද..අපි තාම කෝඩුනෙ කියල..හිත ටිකක් පස්ස ගැහුව...ලබන පාර අම්මප මමත් එනවතත

    ReplyDelete
    Replies
    1. මොන කෝඩුද බං.. ඒ සීන් නැහැ එතැනට ගියාම..

      Delete
  30. උඹ ගෙට්ටුවට ගියාද ? එළ කොල්ලෙක්නෙ අනේ ඔයා....

    ReplyDelete
  31. කොටන්න ආව ක්මෙන්ට් එක අමතක වුනා පොටෝ එක දැක්කාම :3 :v

    ඊළග සැරේ එකටවත් අක්කවත් එක්කගෙනම එන්න බලන්න :D නැතිනම් එයාටත් බ්ලොග් එක්ක අටෝලා දෙන්න ;)

    ReplyDelete
    Replies
    1. අපෝ බ්ලොග් නම් අටවල දෙන්නෙ නැහැ. මාව පජාත කරලම දායි එතකොට :))

      ජය වේවා...

      Delete
  32. අඩේ මමත් හිතං හිටියෙ උඹ ගියයි කියල,බලපුවම කොබෝ නයෙක්නේ ඇරලා තියෙන්නෙ,මොකද බං ප්‍රියම්බිකාව දැම්ම ඉඳලම නීති පනවනවද.

    ReplyDelete
    Replies
    1. නීති නෙවෙ බං. පට්ට බිසී වුණා. මඟුලට පස්සෙ තිබ්බ පලවෙනි වීක් එන්ඩ් එකේ තිබ්බ නිසා වැඩ වැඩී නොවැ..

      Delete
  33. අපිටත් බදින එක එපා වෙනව අප්පා මේ කතා ඇහුවම... කෝකටත් කියල එක පාරක් බැදල බලනව.......

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල එපා වෙන්නෙ නැහැ පට්ට ආතල්.. එක පාරක් බැඳල බලපං මම කියනවට..

      Delete
  34. ඔහොම තමයි බං.. ගණන් නොගෙන ඉඳින්!

    ReplyDelete
  35. මේ ලෝකෙ බැන්දෙ උඹ විතරද....නිකං බොරු ඇඩ් දෙන්න එපා බං...උඹ හැමදාම උඹේ මගුල ගැන කයිවාරු ගහලා සැන්න පෝමා කියලා ඔප්පු කරලා පෙන්නපං.....

    ReplyDelete
  36. කොහොම උනත් ඉතිං පලවෙනි සතියෙම බීච් පාටි (මොකා කිවිවා) යන්න චෑන්ස් එක ලැබෙන එක මහා පිනක් බං.. මට මාසයක් විතර යනකං බෝතල් අඩියක් වත් හරියට බලාගන්න බැරි උනා.. හැක්හැක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...