දහසකුත් එකක් වැඩ තියෙද්දි එදා මම උදේම නැගිට්ටෙ අපේ එවුන් සෙට් වෙන්න කාලාන්තරයක් මාන බලපු නිසා. උන් සැට් එකටම එකම තැනක, මහ මුහුද අයිනේ, හුලං පාරක් වැදි වැදි බීච් පාටියක් කියල නමකුත් දාගෙන, සොදුරු ආතල් එකක් ගන්න සැරසෙද්දි මම කෝමද ගෙදරට වෙලා ඉන්නෙ. අවුරුදු පහක් ලව් කරල, හැම බාධකයම අහක් කොරල මඟුලක් ගත්ත කියල මට පුලුවන්ද අමතක කරන්න, ඒ සුන්දර බ්ලොග් ලෝකය. කලින්ම හිතන් හිටියෙ ඇත්තටම මට එන්න බැරි වෙයි කියල. ඒ නිසයි මම පෝරමය පවා පිරෙව්වෙ නැත්තෙ. ඒත් උදේම පවුල මාව ඇහැරවල, අද උයන්න පොල් ටිකක් ගාන්න කියල කියද්දි, අද අපි ගෙවල් අස් කරමු කියල කියද්දි, රෙදි කන්දක් හෝදන්න තියෙනව කියල කියද්දි, මම කෝමද උඹලව අමතක කරල පැත්තකට වෙන්නෙ. මම එයාට පස්සෙ, ගෙදරට පස්සෙ, පිලිවෙලට ලිස්ට් එකක් හැදුවම, තුන්වෙනි තැනට වගේ ආදරේ කළේ මේ බ්ලොග් පිටුවට, ඊට පස්සෙ සයිබර් ලෝකෙට.
ඉස්සර තනිකඩව ඉන්න කාලෙ, මේ වගෙ ඉවෙන්ට් වලට ගියාම, කොල්ලො කෙල්ලො මැද්ද මුණ ගැසුන අංකල්ලා, ඇන්ටිල දැක්කම මට වෙලාවකට හිතුන යකෝ මුන්ට වැඩ නැද්ද කියලත්. වගකීම් බහුල වයසක උන්දැලෑ ඉවෙන්ට් වලට ඇවිත් කොල්ලො කෙල්ලො එක්ක අහවල් ලබ්බක් කරනවද කියල මම කල්පනා කළා. ඒත් මේ වගේ ආතල් මිස් කරන්න හොඳ නැති බවත්, ආතල් වලට වයස බාධාවක් නොවන බවත්, එදා බීච් පාටියට සෙට් වුණ මට පැහැදිලි වුණා. අනික පවුලගෙන්, හස්බන්ඩාගෙන්, නිදහස් වෙලා දවසක් හරි ගත කරන්න ඔවුන් ඒ වගේ ඉවෙන්ට් වලට එන්න ඇති කියලත් මට පැහැදිලි වූණා. හරිම සොදුරු දවසක්, මුහුදු හුලං වැදි වැදි, මධුවිත ඩිංගිත්තක් තොල ගාල, අපේ එවුන් එක්ක පිස්සු කෙලින්න අපිට මේ අවස්ථාව ලබා දුන්න සංවිධායක මණ්ඩලයට මම ස්තූති කරන්න කැමතී. මාව සංවිධායක මණ්ඩලයට තෝරගෙන තියෙද්දිත්, මම කිසිම සහයෝගයක් දෙන්න බැහැ කියල පැත්තකට වුණේ, ඇත්තටම මම ඒ දවස් වල කාර්යය බහුල වුණ හින්ද. වෙඩිමක් ගන්නව කියන එක ලේසි නැහැ කියල මට තේරුණේ බැන්දට පස්සෙ. එදා මම හිතා ගත්ත ආයෙමත් බඳින්නෙ නැහැ කියල. එහෙම හේතු නිසා උදව් කරන්න බැරි වුණ නිසා තමා එදා මම බීච් පාටි එකට සෙට්වුණේ ෆන් එකක් අරන් යන්න.
පවුල එදා නැගිට්ට හැටියෙ අරක මේක කියල කරන්න තියෙන වැඩ ලිස්ට් එක කියද්දි මට මතක් වුණා අපේ බීච් පාටි එක. මම එයාට කිව්වා අපේ බීච් පාටි එක තියෙන්නෙ අද කියල. ඇත්තටම එයා මට බැන්න ඇයි ඉතිං යන්නෙ නැත්තෙ කියල. මම කිව්වා කොහොම යන්නද අද අපේ පලවෙනි සති අන්තය නිසා වැඩ ටික ඉවර කර ගන්න ඕනෙ නේද කියල. එයා මට දොස් කිව්වා. දැන් කට්ටිය හිතයි මම ඔයාට යන්න එපා කිව්ව කියල, ඒ නිසා පොඩ්ඩකට හරි ගිහින් එමු කියල. ඒත් මම එයාට තේරුම් කරල දුන්න, මම ෆෝරම් එක පිරෙව්වෙත් නැත්තෙ කලින්ම යන්නෙ නැතුව ඉන්න බලාපොරොත්තුවෙන් කියල. ඒත් මට එදා එන්නම වුණා.
ගෙදරට ආව විතරයි ගෙවල් අස්පස් කරලත් නැති නිසා මම කිටීගෙන් ඇහුව මම මොකක්ද ඇඳගෙන යන්නෙ කියල. මේකටම කියල අලුත් ෂෝටක්, ෂර්ට් එකක් නැති තැන අපි දෙන්න මහන්සි වෙලා ගෙවල් පෙරලගෙන හෙව්වා ගැලපෙන ඇඳුමක්. ඒත් බැන්ඳ අලුත පිලිවෙලකට යන්න ඕනෙ නිසාත්, අලුත් එකක්ම තිබ්බ නම් හොඳයි කියල තමා අපේ එක්කෙනා කිව්වෙ. අපි දහ අතේ කල්පනා කළා. බැරිම තැන හෝම් කමින් එකට ඇඳපු කිට් එක දාගෙන මම පාරට බැස්ස. මහ මඟ හම්බෙච්ච හැම එක්කෙනෙක්ම මගෙ දිහා මහ අමුතු විදිහට බැලුවා. හරියට බඩගින්නට තම ස්වාමිය ගිල්ල ඇනකොන්ඩි දිහා මුළු රටම බලන් හිටිය වගේ. මට අඳින්න එකක් තිබ්බෙ නැහැ කියලත්, ඒ දුක දන්නෙත් මම නිසා මම ගාණක් නැතුව බීච් පාටියට ඇන්ටර් වුණා. ජො ජෝගේ පොට් එකට ඇතුළු වුණ තැන ඉදන් වෙනම ලෝකයක්. දැකල තිබ්බ උන්, කලින් ඉදන් දන්න උන්, අලුත් මූණු, බුකයෙ චැට් කරපු උන්, බ්ලොග් වල සැට් වූන එවුන් ඔක්කොම එක තැනක. ඒ වගේම හෙන්රියා දකින්න ලැබුණට කතා කරන්න බැරි වෙච්ච එක මට මාර අවුලක් වුණා. මොකද හෙන්රියා අපේ පැත්තෙ පොරක් වුණ නිසා. මගේ කිට් එකට අපේ එවුන් මට මාර කමෙන්ට් තොගයක් දුන්නා. බීච් පාටි සංකල්පයට මම අලුත් අරුතක් එක් කළා කියල හැමෝම මාව ඉස්සරහට ගත්තා. එවලේ මට දැනුණු සතුට මුහුදු රැල්ලෙන් ආපු හිරිකිඩත් එක්ක මුසුවෙලා මාව කිලිපොලා ගියා.
ගමේ ගොඩේ කොල්ලෝ එක්ක සැට් වෙලා කිරිකොට ගහපු අපිට ඇද වෙච්ච බෝලයක් දීල සෙල්ලම් කරන්න කියපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා කියල මම කියනවා. ඒ වගේම අලුත් අලුත් ගේම් අයිටම් ටිකක් තිබ්බ නිසා වැඩේ තවත් ආතල් වුණා. තරඟ අලුත් නිසා අපේ එවුන් අලුත් නීති පවා එක්කරගෙන තරඟයට සාර්ථකව මුහුණ දුන්න කියල තමා මට හිතෙන්නෙ.
හැමදාමත් වගේ ඕනෙම ඉවෙන්ට් එකකට පස්සෙ පොටෝ කන්දරාවක් වැටෙනවා. ඒ හැම පොටෝ එකක්ම මගේ ලැප් එකේ බ්ලොග් කියල ෆෝල්ඩර් එකකට තැන්පත් කර ගන්න තරම් මම ආසයි. මේ පාරත් මහා පොටෝ ගොන්නක් මගේ මැසිමෙ තැන්පත් කරගෙන තියෙනවා. මඩ පොටෝ සංකල්පය මත මට එකෙක් හරි මඩ ගහල තිබ්බොත් මේ පාර නම් අතාරින්නෙ නැහැ. ගියපාර මගෙ සපත්තු දෙකේ ඉදන් අපේ එවුන් මට කලේ ද්‍රෝහි කම්. මේ පාර නම් මඩ පොටෝ පාරක් ගියොත් මාත් දෙනවා සුපිරි ආතල් එකක්. ඇයි යකෝ මඩ කියල ඔහොමත් කන්න පුලුවන්ද?
සියළු කටයුතු මැද, සියළු බ්ලොග්කරුවන් එකම තැනකට එක්කොට සුන්දර දවසක් අපට උදා කරලන්නට මහන්සි වූ සැමට ස්තූති... !!
ජය වේවා !!
කවදත් වගේ අපි හැමෝම ආස කරන ගෘප් පොටෝව මෙන්න.
එදා මම හිතා ගත්ත ආයෙමත් බඳින්නෙ නැහැ කියල. :D
ReplyDeleteසුභ පැතුම් ඈ..
මගෙත් හිත ගත්තේ මේ කෑල්ල...:D
Deleteඑදා ආපු මගෙ හැම යාලුවම කිව්වෙත් ඕකම තමා.. :)
Deleteආ එක තමයි මම යනකොට ගැටිස්සියො ටිකක් කතාවෙනවා ඇහුනා "කවුද බං අර වෙඩින් සූට් එකක් ඇඳගෙන බීච් පාට් ආපු ගං කබරයා" කියලා
ReplyDeleteඅඩෝ ජෝනා ඒ මටද බං උන් කිව්වෙ.. ටිකක් අරන් හිටිය නිසා ක්ලික් වුනේ නැහැ..
Deleteහෙක් හෙක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමිස් උනානේ මේ පාරත්.කවදා හරි නාකි වෙච්ච දාකවත් එනවා අනිවා.
ReplyDeleteවැඩක් නැහැ බං..
Deleteමට පෙන්න විදියට අංකල් පට්ටම ගහනකල්ම ගේට්ටුවකට සෙට්වෙන්න විදියක් නැතිවෙයි වගේ මට. බෝතල් කීයක් ඉවරකලාද?
ReplyDeleteනාකි වුණත් බොලා නම් එයිද මන්දා... එදා ආපු උන් බෝතල් ගොඩක් හිස් කලා බං..
Deleteනොබඳිමි. තනිකඩව දිවි ගෙවමි
ReplyDeleteබලමුකෝ..
Deleteඅමමපා යකෝ මේකා මරලත් මදිනේ. මොකක්ද මේකාට කරන්න ඕනේ.
ReplyDeleteඅඩේ උඹ හම්බෙන්නම හිටියේ. ඒත් ඉතින් වැඩක් නෑ දැන්
උඩ කී කරුණු තේරුම් ගනින් මචං.. :)
Delete....බැන්දාම ඔහොම තමා.....
Deleteඑකපාරක් බැන්ද එහෙකුට ආයත් කවදාවත් බඳින්න හිතෙන්නෙ නෑ තමයි බං.
ReplyDeleteඉතිං ගෙදර ගියාට පස්සෙ පොල් ගෑවද?
පොල් ගහෙන් කඩලා ගෑවෙ බං..
Deleteඒ මට මේකා සෙට් උනේ නැද්ද කොහෙද
ReplyDeleteසෙට් වෙන්න මේකා එන්න එපාය බන්
Deleteමේකා ආවේ නැත. මූ කියන්නේ හීනයක් ගැනය...
Deleteමම එද්දි මුන් හිටියෙ නැද්ද බං ??
Deleteඋබ.......උබට මම කියන්නෙ නෑ, උබ හීනෙන්ද යකෝ ආවේ, කෙප්ප කෙලල මුන්ව නොමග යවන්න එපා :/
ReplyDeleteඋබ බීල වැඩි වෙලාද මන්ද හිටියෙ.. මාව බොඳ වෙලාවත් පෙනුනෙ නැද්ද බොලව්..
Deleteබොද වෙලාවත් දැක්කෙ නෑනෙ බන් උබ ආවෙ නැති නිසා :P
Deleteමේ කියන්නෙ වෙන මොකක්හරි එකක් ගැන.....සෑමා බීච් පාටිය පැත්ත පළාතක ඉන්නවා අපිනම් දැක්කෙ නෑ
ReplyDeleteසුමිතව නම් දුර හිටියත් අදුර ගන්න පුළුවන් ටොප්පියෙන්.
Deleteඅඩේ සුමියා උබ මාව දැක්කෙ නැද්ද?? :))
Deleteහදුනා ගැනීම සතුටක්.. හරිම නිහතමානි විදියට කතා කලා.. මම හිතුවෙ නෑ එයි කියලා :)
ReplyDeleteආයෙත් හමුවෙමු! ජය!
උබත් එල කොල්ලෙක් බං.. සතුටුයි එදා කතා බහ කරන්න ලැබීම ගැන..
Deleteමේ මනුස්සයා දකින්න මම කොච්චර ආසාවෙන් ද උන්නේ.. සික් වචන දෙකක් කතා කරන්න බැරි උණා නේ... :'( මම දැනුයි දන්නේ ආවද කියලවත්..
ReplyDeleteඅවුලක් නැහැ දැන් මක්කෙයි කොරන්නේ..
මම බෙං බොර දියක ඉඳුවර
මම දැක්කා බොලාව පොටෝ වල.. ඇයි බං මාව දැක්කෙ නැත්තෙ??
Deleteඋබට හරියන්නෙ ම(ර්)කටින් තමයි මචො.එල
ReplyDelete++++++++++++++++++++++++++++
Deleteහෙහ් හේ.. :))
Deleteඋඹත් එහෙනම් බැන්ද...මම නම් ඉතිං ලබන අවුරුද්දේ දෙසැම්බර් තමා හිතන් ඉන්නේ...
ReplyDelete>> ඔකෙක්කොන් ඔමදිතෝ ගොසයි මසු....!!! <<
මම හිතුවේ කෙන්ජියා දරු පවුල් කාරයෙක් කියල බොලව්...
Delete
ReplyDeleteවෙල් කම් ටු ද බෝර්ඩ්..!
\\දැන් කට්ටිය හිතයි මම ඔයාට යන්න එපා කිව්ව කියල,\\
එළ එළ...මුල ඔහොම තමයි. පස්සෙ බලාංකො..
අත්දැකීම් බහුල පරිතන මහත්වරු කියන දේවල් බොරු වෙන එකක් නැහැ නේද ඉන්දික අයියා ??
Deleteමුගේ ආච්චිට හාල් ගරන්න යකෝ... ලස්සන මේකට රිංගවලා තියන :D :D
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි බං එදා උබ පැත්තකට වෙලා හිටියෙ.. ?? මට ඒක දැකල තවත් අවුල්..
Deleteජය වේවා.
හනිමූන් එකට යන ගමන්ද කොහෙද මුත් ඇවිත්
ReplyDeleteඉවර වෙලා ආවෙ බං..
Deleteඔව් සෑම්....බැඳපු අලුත මෝල ඕෆ් වෙන්නේ කරන්ට් ගියාම විතරයි! කාලයක් යනකොට කරන්ට් තිබුනත් මෝල වැඩ නැහැ. අස්වැන්න අඩුවෙනවනේ..: D
Deleteපස්සෙ මෙනව හරි කියන්නම් මචං... ;)
Deleteමේ නයෙක් නොව ඇණකොණ්ඩෙකි...........
ReplyDeleteහිකිස්.. !!
Deleteඋබ ඉන්න පොටෝවක්වත් දැක්කේ නෑනේ බොලව්,මාත් ආවේ නෑ,ඒත් පොටෝ ඔක්කොම වගේ බැලුවා, :/
ReplyDeleteහොදට බලපං මචං.. උඩ පොටෝ එකේ විතරයි මම ඉන්නෙ.. :)
Deleteමූ නම් පොටෝෂොප් දන්නෙම නැහැ . . ඉගෙන ගනින් වෙනිවැල් අයියගෙන් තැනකට පොටෝ එකක් දාන හැටි .. ඔන්න බලහන් මේක . . තාම ලයික් කොමෙන්ට් වදිනවා හෙහ් එහෙහ්
ReplyDeletehttps://m.facebook.com/photo.php?fbid=10202143960174383&id=1049785475&set=a.1310109746716.2045850.1049785475&source=46&__user=100005763637372
Deleteවෙනියගෙ එඩිටින් තරම් මගේ එක ගති නැහැ බං.. :ඩී
Deleteහිකිස් මූ උස්සලා තියෙන්නෙත් මගේ ෆොටෝ එකකක්මයි බන් !
ReplyDeleteඅඩේ උඹ බැන්දද? එළ කොල්ලෙක්නෙ. සුභ පැතුම් ඈ. දැං තමයි අමාරුම හරිය.
ReplyDeleteඋබ දැන්ද බං දන්නෙ ?? ස්තුති හොදේ ....
Deleteඒ මොකද බං තුවායකුත් කරේ දාගෙන...නාන්නම ගිහින් තියෙන්නෙ උඹ විතරයි එතකොට..!..:))
ReplyDeleteබීච් පාටි කියන්නෙ නිකංද බං???
Deleteසෑමා...ඔය තාම කසකාරයෝ...හරියටම කිව්වොත් කස පැටව්...පෙරහැර මඟ එනවා....දැන්ම තාල, වන්නම් පුරුදු වෙයන්...පෙරහැරේ තාලෙට නටා ගත්තෙ නැත්නම් සොරිම තමා...
ReplyDeleteඇඩෙනවා බං.. බය කරන්න එපා අයියෝ... !!
Deleteඅපි නම් ෆුල් ආතල් එකක් ගත්තා. සෑම් එනවා කියලා අපි බලාගෙන හිටියා. අපි ගියේ රෑවෙලා. තව පොඩ්ඩෙන් ලාස්ට් බස් එකත් මිස් වෙනවා. මරු ෆන් එක!!!
ReplyDeleteඅඩේ.. දුකයි මචං..
Deleteසෑම්ගේ ෆොටෝ එකයි ඉරාජ්ගේ ෆොටෝ එකයි මට ගොඩක් වෙලාවට ටැපලෙනවා. දෙන්නම එක වගේ ...:D ආයෙත් බඳින්න එපා. ඒක හොද තීරනයක්..
ReplyDeleteඇත්ත තමා.. ඉරාජ් මං වගේමයි.. :ඩී
Deleteඅඩෝ මූව මරලත් මදිනෙ යකෝ. මොනා උනත් ලියල තියෙන විදිහටනම් දැඩි ෂෝකයෙන් ලියල තියෙන පාටයි. ගනන් ගන්න එපා සැමා. ඊලග එකටවත් එන්ට. සිරාවටම මම ආවේ උඹව හම්බෙන්ඩ ඕන කියලමයි. මම බ්ලොග් කියවන්න ගද්දෙ උඹේ බ්ලොගෙන්නෙ. ජය වේවා ඈ. ඇත්ත වගේම කෙබ්බෙ ඇදබාලා තියෙනව
ReplyDeleteහරි මචං පස්සෙ දවසක සැට් වෙමු...
Deleteමමත් හාපුරා කියල..යන්න තමයි හිටියෙ සෑමො...අනේ මන්ද..අපි තාම කෝඩුනෙ කියල..හිත ටිකක් පස්ස ගැහුව...ලබන පාර අම්මප මමත් එනවතත
ReplyDeleteමොන කෝඩුද බං.. ඒ සීන් නැහැ එතැනට ගියාම..
Deleteඋඹ ගෙට්ටුවට ගියාද ? එළ කොල්ලෙක්නෙ අනේ ඔයා....
ReplyDeleteඉස්තූති !
Delete:P :P
ReplyDeleteකොටන්න ආව ක්මෙන්ට් එක අමතක වුනා පොටෝ එක දැක්කාම :3 :v
ReplyDeleteඊළග සැරේ එකටවත් අක්කවත් එක්කගෙනම එන්න බලන්න :D නැතිනම් එයාටත් බ්ලොග් එක්ක අටෝලා දෙන්න ;)
අපෝ බ්ලොග් නම් අටවල දෙන්නෙ නැහැ. මාව පජාත කරලම දායි එතකොට :))
Deleteජය වේවා...
අඩේ මමත් හිතං හිටියෙ උඹ ගියයි කියල,බලපුවම කොබෝ නයෙක්නේ ඇරලා තියෙන්නෙ,මොකද බං ප්‍රියම්බිකාව දැම්ම ඉඳලම නීති පනවනවද.
ReplyDeleteනීති නෙවෙ බං. පට්ට බිසී වුණා. මඟුලට පස්සෙ තිබ්බ පලවෙනි වීක් එන්ඩ් එකේ තිබ්බ නිසා වැඩ වැඩී නොවැ..
Deleteඅපිටත් බදින එක එපා වෙනව අප්පා මේ කතා ඇහුවම... කෝකටත් කියල එක පාරක් බැදල බලනව.......
ReplyDeleteපිස්සුද බොල එපා වෙන්නෙ නැහැ පට්ට ආතල්.. එක පාරක් බැඳල බලපං මම කියනවට..
Deleteඔහොම තමයි බං.. ගණන් නොගෙන ඉඳින්!
ReplyDeleteමේ ලෝකෙ බැන්දෙ උඹ විතරද....නිකං බොරු ඇඩ් දෙන්න එපා බං...උඹ හැමදාම උඹේ මගුල ගැන කයිවාරු ගහලා සැන්න පෝමා කියලා ඔප්පු කරලා පෙන්නපං.....
ReplyDeleteකොහොම උනත් ඉතිං පලවෙනි සතියෙම බීච් පාටි (මොකා කිවිවා) යන්න චෑන්ස් එක ලැබෙන එක මහා පිනක් බං.. මට මාසයක් විතර යනකං බෝතල් අඩියක් වත් හරියට බලාගන්න බැරි උනා.. හැක්හැක්..
ReplyDelete