1 කොටස - කෙල්ලට අකුරු කියවන්න ඕනෙ මචං
සුදීරයා මට ඒ පැත්තට එන්න කියල පිටත් වුණාම ආයෙත් මම මගෙ කල්පනා ලෝකෙට වැටුනා. මම මෙහෙ ඉඳන්, මගෙ පුංචි කෙල්ල අම්ම එක්ක ගෙදර ඉඳන්, අපි දෙපැත්තක ඉඳන්, ජීවිතේම කැප කරගෙන රස්සාවකට වැඩිය රට වෙනුවෙන් නේද මේ කැප වෙන්නෙ කියල මට හිතුන වාර අනන්තයි. මට වෙලාවක් නැති වුණාම සුදීරයා අපේ ගෙදරට ලියුම් ලිව්වෙ, මම ලියන්න ඕනෙ මොනවද කියල කියල දුන්නට පස්සෙ. ඊට පස්සෙ ලියුම උගෙ අතින් මට ගෙනල්ල දීල මචං මේක කියවලම යවපං කියපු වාරයක් ගානෙ මම ඌට ණයයි. අපේ ගෙදර අය පවා සුදීරයගෙ අකුරු මගෙ අකුරු හොඳට වෙන් කරල අදුනනවා. ඒත් මොන අකුරින් ගෙදරට ලියුම ආවත්, ඒක අරන් තිබ්බෙ, ආදරෙන් පරිස්සම් කළේ, ඒ හැම ලියුමකම මගේ, අපේ එවුන්ගෙ දුක්ඛිත ජීවිතය කැටි වෙලා තිබ්බ නිසා.
“දඩාස්....“
එක පාරට ආපු මහ සද්දෙකින් අපේ එවුන්ගෙ සිංදුව නැවතුනා.
ඒත් එක්කම තවත් සද්ද ඇහෙද්දි අපේ එවුන් කෑගහන සද්දෙ, මහා කළබලයක් වගේ ඇහෙද්දි, මාත් දවස තිස්සෙ කරේ එල්ලගෙන ඉඳලා අමාරු නිසා පැත්තකින් තිබ්බ තුවක්කුව හොයද්දිම මගේ ඔලුවටත් සිහිය නැති වෙන්න පාරක් වැදුනා. ආයෙ කල්පනාව ඇවිත් බලනකොට පාන්දර වෙලා. මාව ටකරං වහල ගහපු, බංකරයක් වගේ තැනක තියල තඩි දෙමල කොටියෙක් මං දිහා බලං ඉන්නවා. උන් ඊයෙ අපෙ බංකරේට පැනල තියෙන්නෙ තුවක්කු නැතුව, අපිට පහර දෙන්න, ඊයෙ වෙච්ච සිද්ධියටත් වඩා මහා වේදනාවක් දැනුනෙ, මට ආයෙ ජීවිතයක් නොලැබෙයි කියල හිතල. රට වෙනුවෙන් පපුව ඉස්සරහට දාගෙන අපි මේ දවස් ටික ගෙවුවේ අපේ මැරිච්ච එවුන්ගෙ ලේ, දහඩිය, කදුළු වල අවසානය දැකල, අපේ අන්තිම සටන දිනවන්නම බලාගෙන. ඒ සියළු බලාපොරොත්තු එක්කම මාව ආයෙත් මහා ප්‍රපාතයකට වැටුන වගේ. උන් මාව හිර කරගෙන. අපේ එකෙක් වත් පේන්න නැහැ. මාව විතරක් මෙතනට එන්න හේතුව, අපේ එවුන්ට වෙච්ච දේ පවා මම කල්පනා කළා. දෙමළ ටිකක් පුලුවන් නිසා උන් අපේ එවුන්ව මරාගෙන කන්න තරම් මිලේච්ඡ ත්‍රස්තවාදීන් කියල මට දැනුන වාර අනන්තයි. මම උන් දෙන කෑම ටික පවා විසික් කරල දාල හාමතේම හිටිය. දවසින් දවස සිද්ධ වෙන සිදුවීම්, තාඩන පීඩන මම ඔහේ බලන් හිටිය. එච්චරයි මට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ.
මේ කාලකන්නි මිනිස්සුන්ට අහුවෙලා අවුරුද්දක්ම ගෙවිල ගිහින් එක දවසක් අපේ එවුන් මුන්ගෙ කෑම්ප් වලට ගහන්න ගත්ත. ඒ කළබල අස්සෙ මට පැනගන්න ලේසි වුණා. හැම පැත්තෙන්ම වට කරගෙන අපේ එවුන් ඉස්සරහට එද්දි, මම ඒ පැත්තට ගිහින් අපේ එවුන්ට එකතු වුණා. අවුරුද්දක් විතර තිස්සෙ උන්ගෙ කුණු ජරාව අස්සෙ ලැගගෙන හිටපු මාව හොස්පිට්ල් එකට යැව්වා. ඒත් මට ඕනෙ වුණේ අපේ ගෙදර අය එක්ක කතා කරන්න. මගෙ පොඩි එකීට, පොඩි එකීගෙ අම්මට මොකද වුණේ කියල සෝදිසි කරන්න. මම බලහත්කාරයෙන් වගේ ගෙදර යන්න ලෑස්ති කර ගත්තා.
අවුරුද්දක් තිස්සෙ කිසිම සහනයක් නැතුව, රට වෙනුවෙන් යුද්ධයක් කරන්න හිත හදාගෙන, ගෙදර අතෑරල දාල ගිය මට අන්තිමට වුණේ අර කාලකන්නි එක්ක එකට ජීවත් වෙන්න. උන්ගෙ කාලකන්නි වැඩ දිහා බලාගෙන ඉන්න. ඒත් ඊට අවුරුදු ගාණකට කලින් ඉදන් රට ජාතිය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන් අපි ගෙවපු කාලෙ මතක් වෙද්දි මට මාර සතුටක් තිබුණෙ. අපි එකා වගේ එකට ඉඳගෙන රෑට කතා බහ කරද්දි, අපේ එවුන් අසනීප වෙලා උන්ට බේත් හේත් කරද්දි අපිට දැනුනෙ අපි එක පවුලක් මහ කැළයක් මැද ඉන්නව වගේ. දැන් මට මගේ ගෙදර පවුල බලන්න කාලෙකින් අවස්ථාවක් ලැබිල. මම හැම දේම හිතේ හිරකරගෙන ගෙදර යන්නෙ මට වෙච්ච දේවල් ගෙදර අය දන්නවද කියල නොදන්න නිසා.
ගේට් එක ඇරගෙන මිදුල මැද්දට ආපු මම ගේ දිහා බලාගෙනම ඉස්සරහට ගියෙ කවුරු හරි මාව බලන්න ඉස්සරහ දොර ඇරගෙන පෙරමගට එයි කියල හිතාගෙන. දවසගානෙ රස්සාවට ගිහින් ගෙදර එන මනුස්සය වුනත් කැමති හැමදාම ඒ දේ වෙනව නම්. හැම හවසකම තමන් ගෙදර එනකල් බිරිඳ දොරකඩට වෙලා බලා ඉන්න කල්. ඒත් අවුරුදු ගාණක් කතා නොකර, මට වෙච්ච දේ නොදැන, අපේ ගෙදර අය මම එනකොට ඉස්සරහට එන්නෙ නැත්තෙ ඇයි කියල මගෙ හිතට මහා බරක් දැනුන. ඒ බර තුනී වෙන්න මම අඩිය ඉක්මන් කළා. අඩියට දෙකට දොර ලගට ගිහින් තට්ටු කළා.
“කවුද??“
ඒ අපේ පොඩි එකී..
“මේ මම දුව..“
“ආනේ.. අම්මෙ තාත්ත ඇවිත්...“ කියාගෙන කෙල්ල තඩි බෝනික්කෙක් බඳාගෙනම එළියට පැන්නා. පොඩි එකී ඉස්සරහ බිම දණ ගහගෙන කාලාන්තරයක් නොවිඳපු සෙනෙහසක් විඳිනකොට පොඩි එකීට ඒක ගාණක් නැහැ වගේ මට දැනුන. මට වෙච්ච දේ පවා නොදැන ඉන්න මට්ටමට තමා කෙල්ල හැසිරුණේ. අපේ එක්කෙනත් එහෙමයි. කතා කරගෙනම මම ගේ ඇතුලට ඇවිත් ඉඳගත්ත. එයා එහා පැත්තෙන් ඉඳ ගන්නකොට පොඩි එකී අපේ තුරුලට ඇවිත් ඉඳගත්ත. ඉස්සරහ ටීපෝ එක උඩ මම එවපු ලියුම් එක උඩ එක ලස්සනට තියල තිබ්බ.
“ඔයාලට මොනවද හිතුනේ මට අච්චර කරදරයක් වුණා කිව්වම..“ පොඩි එකීට ගාණක් නැති නිසා මම කෙල්ලගෙ අම්මගෙන් ඇහුව.
“මෙන කරදරයක්ද මාධව? ඔයා ඉඳහිට හරි ලියුමක් එවපු එක මට මාර හයියක් වුණා. පොඩි එකීට ඇහෙන්න ලියුම කියවනකොට කෙල්ල මට තුරුල් වෙලා අහගෙන හිටිය. තාත්ත එන්නෙ කවදද කියල ඇහුව.“
“මම??“
“ඔව් ඔයා.. ඔයා වැඩ වැඩී කියල දන්න නිසා සුදීරට කියල ලියුම් ලියෙව්ව කියල අපි ඔයාට මුකුත් කියල නැහැනෙ මාධව. ඔය දෙන්න එකට ඉන්න එක හොඳයි. ඒක දෙන්නටම හයියක්...“
සුදීරයා ගෙදර අය බයවෙයි කියල මම වෙනුවෙන් ගෙදරට ලියුම් ලියල කියල මට එතකොටයි තේරුණේ. ඌ එවපු ලියුම් එක එක මම කියවල බැලුව. අවුරුද්දක් පුරාවට එවපු ලියුම් වල තිබ්බෙ මම හොදින් ඉන්නව කියල. කෙල්ල ගැන බලා ගන්න කියල. ඌ කරපු දෙයින් අපේ ගෙදර කදුළු හැලෙන එක අඩු වෙන්න ඇති. මට සුදීරයව මතක් වුනේ එතකොට. වෙච්ච සිද්ධි මුකුත් නොකියම මම කතා කරා සුදීරයට. උගෙ ෆෝන් එක වැඩ නැහැ. ඌව කන්ටැක්ට් කරන්න පුලුවන් ක්‍රමයකින් මම අපේම එකෙක් ගෙන් සුදීරය ගැන ඇහුව.
“මචං.. මාධව එදා උබ හිර වෙලා හිටපු කෑම්ප් එකට ගහන්න සුදීරයත් ගියා.. ඌ එදා හොදටම ඉන්ජර්ල්ඩ් වෙලා බීල්ඩ් වෙලා නැති වුණා මචං..“
මට එච්චරයි අහන්න පුළුවන් වුණෙ. ඇස් වලින් කදුළු පුරවගෙන පොඩි එකී දිහා බලල පොඩි එකීගෙ අම්ම දිහා බලද්දි කම්මුල් දිගේ ගලාගෙන ගියේ අපේ සුදීරය ගෙදර මිනිස්සුන්ට කදුළු වපුරන්න ඉඩ නොදුන්න යාළුකම.
අපි ආයුධ උස්සගෙන පපුව ඉස්සරහට දාගෙන ගියේ ත්‍රස්තවාදීන් මරන්න මිසක්, රට බේර ගන්න මිසක්, මිනී මරන්න නෙවේ. සුදීරය තුවක්කුව පැත්තකින් තියල රෑ තිස්සෙ උතුරෙ ඉදන් ලියුම් ලියන්න ඇත්තෙ දකුණෙ ගෙදරක කදුළු අවම කරන්න. මාව බේරගන්න කෑම්ප් එකට ගහද්දි, සුදීරය ඉස්සරහම ඉන්න ඇති. ඉස්සර එක පෙළට ඉන්නකොට එකෙක්ට තුවාල උනොත් ඌව දාල නොයන සෙනෙහසක් අපිට තිබ්බ. ඒ අපි එක පවුලක් නිසා. හැම එකාටම ජීවිතයක අගේ තේරුණ නිසා.
සුදීරයා උඹ වගේම, දකුණෙ උන්ට හිනා වෙන්න, පපුවට අත තද කරගෙන මේ පොළොව බදාගෙන අවසන් හුස්ම හෙළපු හැමෝටම අපේ උත්තමාචාරය.
Written by sAm_ශ්‍රී_Perera_8:12am_03/12/13

අන්තිම ටික කියවත්දි සිරාවටම පපුව හිර උනා වගේ දැනුනා මචං. උඹ කතාව නියමෙටම ලියලා ආයෙ ඒකෙ කතා දෙකක් නෑ.
ReplyDeleteඔහොම සිද්ධි අනන්තවත් වෙන්න ඇති බං. ඒත් කරුමෙ කියන්නෙ අපේ රටේ ගොඩක් උන්ට ඔහොම ඒවා තියා අවුරුදු 30ක් තිස්සෙ කරුමක්කාර යුද්ධයක් තිබ්බද කියලාවත් දැන් මතක නෑ.
"සෙබලානේ සංග්‍රාමයේ ජය.. පැරදුම දෙකම එකයි…
සුහදානනෙ සුභ සාමයේ තීරකයා ඔබම තමයි…"
මට මතක් උනේ වේරලියැද්දගෙ ඒ සිංදුව.
ස්තුති චතුරංග මම අන්තිම කොටස ලියා ගන්න බැරුව හිර වෙලා හිටියෙ. අමාරුවෙන් ලියපු එක සාර්ථකයි කිවිවම මාර කික්.. :)
Deleteකතාව මරු අයියේ...බොක්කටම වැදුනා... මේ වගේ කී දෙනෙක්නම් අපිට නැතිවෙන්න ඇත්ද
ReplyDeleteස්තුති මල් මල් !
Deleteරණවිරුවන් ගැන අපට හිතන්න වෙනත් පැති කඩකින් ලියපු මේ ලිපි දෙක ඉතා සාර්ථකයි කියලයි මම හිතන්නෙ.
ReplyDeleteඅන්තිම ටික නම් මොකක්ද වුනා වගේ බං (: .
ස්තුති කෙන්ජි !
Deleteවිරුවානනේ
ReplyDeleteඔබ මැරුනා නොවේ
කුසුමක් වෙලා
ඔබ පිපුනා හදේ .... !!!!
:) සදා කාලික ගීතයක් !
Deleteමේ වගේ නොලියූ කතා දහස් ගනනක් ඇති.. ඒවා කලයට යටවෙලා යාවි.. යුද්දයක් නොදුටු අය ඒවායෙ ප්‍රතිපල විඳීවි..
ReplyDeleteසහතික ඇත්ත සරත් අයියා. සියල්ල අතීතයට එක් වෙලා. හරියට හීනයක් වගේ..
Deleteඅන්තීම ටික කියවද්දි නම් හිතට මාරම දුකක් ආවේ......
ReplyDeleteමම සාර්ථකයි එහෙනම්..
Deleteඒ වීර සොයුරන්ට අපගේ උත්තමාචාරය
ReplyDeleteඑසේම වේවා !
Deleteකතාවනම් මරු මචං,අන්තිම ටික කියවද්දිනම් ඇත්තටම ගොඩක් දේවල් මතක් උනා.තව ටිකක් දිගට ලියුවනම් උඹට මීට වඩා හොඳට වදින්න ලියන්න තිබ්බා මේක.ජය.!
ReplyDeleteකතාව දිග වැඩි වුනාම කට්ටියට කොටස් මිස් වෙන නිසා කොටස් දෙකින් අහවර කළා.
Deleteස්තුති ප්‍රතිචාරයට..
අන්තිම වෙනකං මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ....එක අතකට රණවිරුවෝ ලැබුවේ බලාපොරොත්තු උන අත්දැකීම්ද...
ReplyDeleteවේදනාව පපුවට දැණුනා..ඒ කියන්නේ ඔයා සාර්ථකයි සෑම්
ස්තුති රෙහානි..
Deleteමට තිබෙන ගැටළුව තමයි මොකක් හරි සුළු සිද්ධියක් වුනහම සමහරු හමුදාවට පොලීසියට බනින හැටි.ඇත්තටම හමුදාව පොලීසිය සිවිල් සමාජය කියන්නෙ එකිනෙකින් වෙන්කරන්න පුළුවන් සංරචක නොවෙයි.නමුත් මෙහෙම බනින පිරිස පිටුපස දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන බව හැමෝම කෙටිකලකින් තේරුම් ගන්නවා.අදත් මට සෙබලෙක් මුණ ගැහුනා.ඒ සෙබලාට ආචාර ශීලී වුනා මදි කියල මට මේ ලිපිය කියෙව්වට පස්සෙ හිතෙනවා.
ReplyDeleteඅන්තිම හරියෙදි මගෙ ඇස් තෙත් වුනා සෑමො...අපේ ගමේ කමාන්ඩෝ මලයෙක් මේ අන්තිම සටනෙදි පෙරමුණේම හිටිය කෙනෙක්...එයා මට කියපු විස්තර ඉදිරි දිනයක පෝස්ටුවක් කරන්නම්...ඉතාමත්ම සාර්ථක නිර්මාණයක්....අපේ වීර සොයුරන්ගේ වීර ඉතිහාසය කිසිවෙකුට අමතක නොවේවා...නිසි ගෞරවය හිමි වේවා !
ReplyDeleteසෑම් අයියා පහුගිය ටිකේ කොහෙද අන්තරස්දාන් වෙලා හිටියේ.?
ReplyDeleteඋන්ගෙ දරුපැටියන්න්ට විතරක් නොවේ අපිටත් සතුටින් ඉන්න පුලුවන් දැයක් ඉතිරි කලාට ..උන්ට සලකනවා ම්දිද මන්දා..? මදි තමා..!
ReplyDeleteඒ ලේ වලට අපි සදා ණයයි මචං!
ReplyDeleteඅඩේ සෑමා තුන්හිතකින්වත් හිතපු නැති විදියේ දෙයක් බන් මේක. වැදුනා හොදටම
ReplyDeleteසෙබලානනේ ඔබ මැරුණා නොවේ....
ReplyDeleteකුසුමක් වෙලා ඔබ පිපුනා හදේ...
කදුලක් වෙලා ඔබ රැදිලා නෙතේ...
හඩවන්න එපා මේ රෑ යාමයේ.....
කොච්චරවත් රට වෙනුවෙන් දිවි පිදුව රණවිරුවො ඇත්ද??
නමුත් අපේ රටේ කාලකණ්නි ජනතාවක් ඉන්නෙ... අර ඇක්ට කෙනෙක් මැරිල බලපන් අපේ මූසලයො අඩන තරමක්....
සෑමා හිතට කා වදින ලිපියක් මේක
ReplyDeleteසෑමෝ මේ කතාව කියවපු අයගෙන් එකම එක කදුළු බින්දුවක්වත් වැටුනේ නැත්නම්....එහෙව් එකා මේ දේශයට ආදරේ නොකරන..දේශය බේරල දුන්නු රත්තරන් කොල්ලන්ට ආදරේ නොකරන එකෙක්..එච්චරයි..විශිෂ්ටයි සෑමෝ විශිෂ්ටයි
ReplyDeleteකොටස් දෙකම බැලුවා සෑම් කතාව අන්තිම හොඳයි,හිතට වදිනවා අපි නොහිතපු දෙයක් නොවැ අන්තිමට වෙලා තියෙන්නෙ
ReplyDeleteහදවතටම වැදුනා සෑම් මලේ. ලියූ උඹටත් අපේ රට රැකගන්න දිවි දුන් හා ආබාධිත සියළුම රණ විරැවන්ට මගේ උත්තමාචාරය!! ජය වේවා!!!
ReplyDeleteකියන්න දෙයක්නැ මචො.කතාව මල්.කිසිසෙත්ම නොහිතපු සන්වෙදි අවසානයක්
ReplyDeleteමේ කථාව කියපුවාම...මට අපූරැ දෙයක් මතක් වුනා සෑමෝ...මම ඉගෙන ගත්ත ආයතනයක දේශනයක් කරන්න ආව ලංකාවෙ සුප්‍රසිද්ධ පුද්ලයෙක් ඇවිත් දේශමාමකත්වය වඩවන්න ලංකා පොළොවට අත තියලා අපෙන් පොරොන්දුවක් ගත්ත...හැබැයි දේශමාමකත්ව, රටට තියෙන ආදරේ හරි මොකක් හරි එකක් ඒ වෙලාවෙ මට දැනුනෙ නෑ...හැබැයි අද දැනුන උඹේ පොස්ටුව කියවල...
ReplyDeleteඅද බොහෝ දෙනෙකුට මේක අමතක වෙලා. සෑමා උඹ මේක මතක් කරපු විදිය නම් විශිෂ්ටයි. මේක බලපු කෙනෙක්ගේ ඇහැට කඳුල නාවා නම් ඒ මනුස්සයෙක් නොවේ.
ReplyDelete