Wednesday, November 6, 2013

ලෝක විනාශය.. - Worlds End ???


ලෝක විනාශය ගැන කිව්වාම මිනිස්සු විවිධ මත දරන්නෝය. ලෝක විනාශය ආශ්‍රිතව බිහි වූ චිත්‍රපට රැල්ල ඒ විවිධාකාර මත බිහිකිරීමට තරමක් දුරට සමත් වූ බව කිව යුතුය. චිත්‍රපට නිර්මාණකරුවා බලන්නේ ලෝක විනාශය විකුණාගෙන හෝ චිත්‍රපටය විකුණා ගැනීම මිසක ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක් නොවේය. චිත්‍රපට නිර්මාණකරුවා ඒ අතින් සාර්ථකය. මන්ද ලෝක විනාශයට පෙර ඔහු තමන්ගේ මුල්‍යමය තත්වය ඉහළ නංවා ගැනීමට සමත් වන නිසාය. එහෙත් ආතර් සී ක්ලාක් මහතා විසින් නිකුත් කළ පොත් පෙළක සඳහන් වන බොහෝමයක් කරුණු තරමක් දුරට ඇත්ත වූ බවක් අපට දැන් පෙනෙන්නට තිබෙන්නේය. එහෙත් මීට වසර දෙදාහාස් පන්සීයකටත් ඉහතදී බුද්ධ දේශනාවේ අඩංගු වූ කරුණු වලින් ලෝක විනාශය පිළිබඳව ඔබ සිතා ඇත්තේද? බුද්ධ දේශනාවට අනුව ලෝක විනාශය පිළිබඳව කරුණු සෑම් විසින් සොයන්නට ආරම්භ කරන ලද්දේ ඔහු දහම් පාසල් ධර්මාචාර්යය විභාගය හදාරණ කාලයේය. ඒ උක්ත පාඩම් මාලාවක තිබූ “අග්ගඥ්ඥ සූත්‍රය“ නිසාය. එහිදී විශ්වයේ ඉපදීම, මිනිසුන් හට ගැනීම, නිවෙස්, පවුල් සංස්ථා බිහිවීම, ආඳිය මනාවට විස්තර වූයේය.

මිනිසා ඇතුළු සියළු සතුන් බෝ වන්නේ, ඒ ඒ සත්වයාගේ කර්මය නිසාය. පින් වැඩි ඇත්තෝ මිනිස් භවයන් වලද, කුසල අකුසල බලයන්ගේ ප්‍රබලතාවය මත සත්ව ජන්ම වලද උපදින්නේය. මෙය සිදුවන්නේ පෙර ආත්මයකදී කළ පින් - පව් වල ප්‍රබලතාවය මතය. එයට මුළු ජීවිතය පුරාම කළ කුසල - අකුසල මෙන්ම මරණාසන්නව ඇති වන චුති සිතද බලපාන්නේය. එම චුති සිත මූලිකව නැවත උප්පතියකදී ප්‍රතිසන්ධි සිත පහළ වන්නේය. 

මිය යාම සහ නැවත ඉපදීම ගැන සිතනා විට සෑමාට ඒ දවස්වල සිටම ගැටළුවක් මතුවූයේ වෙනස් ආකාරයකින්ය. නැවත ඉපදීමක් නැති කිරීමට නම් අප නිර්වාණයම ලබා ගත යුත්තේය. එයින් සියළු ආශාවන් ප්‍රහීනකොට, නැවත ඉපදීමක් කෙරෙහි නොඇල්මෙන්ම නිවන නම් වූ උතුම් ඵලය ලැබෙන්නේය. එහෙත් ලෝක වාසී සියළු සත්වයන් ලිංගික කාර්යයයෙන් හෙවත් තම වර්ගයා බෝ කිරීමෙන් ඉවත් වුවහොත්, සියළු සත්වයන් පවා සංසර්ග ක්‍රියාවෙන් මිඳුනහොත් සිදු වන්නේ කුමක්ද? කිසිම සත්වයෙකු නැවත ඉපදීමකින් තොර වන්නේද? එය නිවන හා සම වන්නේද?

මේ සියළු කරුණු උදේ පාන්දරම සෑමාගේ ඔළුවට ආවේ ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකුගේ පොටෝ කෑල්ලක් දැකීමෙන්ය. Worlds End Between My Legs, ලෙස දැකීමෙන් සෑමා නතර කර ගත නොහැකි සිනහවකින් මේ ලිපිය පටන් ගත්තේය. සෑමා කමෙන්ට් කරන්නට ගියේ “මිනිස් වර්ගයාගේ බෝවීම නැවතුනහොත් Worlds End තමා කියාය.“ ඒ කමෙන්ට් එක මකා දමා මෙලෙස ලිපියක් ලෙස ලියැවුණේ ඔහු ආදරණීය මඩකරුවෙකු නිසාය.



සියළු සත්වයන් පවා සංසර්ග ක්‍රියාවෙන් මිඳුනහොත් සිදු වන්නේ කුමක්ද? 
කිසිම සත්වයෙකු නැවත ඉපදීමකින් තොර වන්නේද?
එය නිවන හා සම වන්නේද?

ඒ කාලයේ සෑමා විසින්ම ප්‍රශ්නාර්ථ යොදා ගත් උක්ත කරුණු වලට පිළිතුරු පසු කාලීනව වැටහෙන්නට වූයේය. ඊට වඩාත්ම සුදුසු පිළිතුරු බුදුසරණ පුවත්පතින් උපුටා ගත් කොටසින් තහවුරු වේ. රතු පාටින් දක්වා ඇති කොටසින් තවත් සක්වල කෝටි ලක්ෂයක් ඇති බවත්, අප සිටින ලෝකයේ මා පෙර සිතූ පරිදි සතුන් තම වර්ගයා බෝ කිරීම නැවැත්වුවද, අනෙක් සක්වලයන්හි සත්වයන් බිහි වන්නේය.

උපුටා ගැනීම - 
බුදුසරණ පුවත්පත - ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ සැප්තැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා

හේතුඵල සම්බන්ධය අනුව, බොහෝ කාලයෙක ඇවෑමෙන් ලෝකය හැකිළෙන බවද ( සංවට්ටමාන) නැවත බොහෝ කාලයකින් කිසියම් සමයෙක ලෝකය දිග හැරෙන ( විවට්ටමාන) බවද බෞද්ධ සූත්‍රවල සඳහන් වෙයි. මෙකී හැකිළීම මෙන්ම දිග හැරීමද වඩාත් පුළුල් අර්ථයකින් තේරුම්ගත යුතුය. එය එකී වචනවල මූලිකාර්ථය ඉක්මවා යන සංසිද්ධියකි. භෞතික ලෝකය යනු සක්වළ සමූහයෙකි. දස දහසක් සක්වළ යන්න ඉතා ප්‍රකට ව්‍යවහාරයක් වේ. සක්වළක් යනු සඳ හිරු දෙදෙනකු බැබළෙන ලෝකයකි. චූලනිකා සහස්සී ලෝක ධාතුවෙහි එබඳු සක්වළ දහසෙකි. එබදු ලෝක ධාතු දහසක් එක් වී ද්වී සහස්සී මජ්ඣමිකා ලෝක ධාතුව සෑදෙයි. එබඳු ලෝකධාතු දහසක් එකතු වී තිසහස්සී මහා සහස්සී ලෝකධාතුව සෑදෙයි. එහි කෝටි ලක්‍ෂයක් සක්වළ ඇත. බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනාව ලෙස සැලකෙන දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාවේ මේ දස දහසක් සක්වල කම්පා වූ බව සඳහන්ය. අභිභූ නම් රහතන් වහන්සේ ගාථා දේශනා කළ හඬ සහස්සී ලෝක ධාතුවට ඇසුණේය යනු තවත් සඳහනකි. මෙසේ ලෝක ධාතු හා සක්වළ පිළිබඳව යම් තොරතුරු බෞද්ධ මූල ග්‍රන්ථ තුළ ඇතැම් තැනෙක හමුවෙයි.

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, අස්ථිර බව, සදාකාලික නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන නොයෙක් අයුරින් පෙන්වා දී ඇත. එකී අනිත්‍ය ස්වභාව දැන දැක සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ නිර්වේදය ඇති කිරීම ( කලකිරීම ඇති කිරීම ), විරාගය ඉපදවීම ( නො ඇල්ම ඇතිකර ගැන්ම), එසේ විමුක්තිය එනම් සියලු සංස්කාර ධර්මයන්ගෙන් අත්මිදීම නම් වූ නිවනට ළඟාවීම පිළිබඳ බුදු රදුන් දේශනා කළ ප්‍රකට දේශනාවක් වන්නේ අංගුත්තර නිකායේ සත්ත සුරියුග්ගමන සූත්‍රයයි. එහිදී ද භෞතික ලෝකය සංස්කාර සංයෝගයක්, සංස්කාර පුංජයක් ලෙස සලකාගෙන තිබේ. එහිදී එකී සංස්කාර ධර්මයන්ද අනිත්‍ය, අස්ථිර බව පෙන්වා දී ඇත. ඒ අනුව එහිලා කලකිරීම ද නො ඇල්ම ද වැඩීමෙන්, අත්මිදීම උදාකරගත යුතු බව එහි දැක්වෙයි.

“ මහණෙනි, යම් හෙයකින් බොහෝ වර්ෂයක්, වර්ෂ දෙකක්, වර්ෂ සුවහසක් වැසි නොලැබෙන සමයෙක් ඇත. එවිට පැළවන හා පැළවූ දෑද තෘණ හා වනස්පතීහු ද වියැළී යත්. වෙසෙසින් වියැළෙත්. යළි නොවැඩෙත්.

මහණෙනි, දිගු කල් ඇවෑමෙන් යම් කලෙක දෙවන සූර්යයෙක් පහළ වන්නේය. එහි රශ්මියෙන් කුඩා ගංගා දිය විල් වියැළෙත්. යළි නොපිරෙත්.

මහණෙනි, තවත් දිගු කලෙකින් තෙවන හිරු පායයි. ( එහි රශ්මිය පළමු, දෙවන සූර්යන්ට ද වඩා වැඩිය) එහෙයින් මහ ගංගාවෝ ද වියළෙත්.

මහණෙනි, තවත් දිගු කලකින් සිව්වන හිරු පායයි. එහි රශ්මිය පෙර පෑයූ තෙවන සූර්යයාට ද වැඩිය. එයින් මහා ජලාශ හා විල් ද වියැළී යයි.

මහණෙනි, තවත් දිගු කලෙකින් සිව්වන හිරුගේ දාහයද ඉක්ම වූ පස්වන හිරු උදාවෙයි. එයින් මහ සයුරත් වියැළී යයි. ඇඟිලි පුරුක් තෙමෙන තරම් දියද එහි නොවන්නේය.

මහණෙනි, දිගු කලකින් ඒ පස්වන හිරුටද වැඩි රශ්මි ඇති හයවන හිරු උදාවෙයි. එවිට මහ පොළොවද මහ මෙරද දුම් නැඟේ. අතිශයින් දුම් නැඟේ.

මහණෙනි, දිගු කලකින් ඒ හයවන හිරුටද වැඩි රශ්මි ඇති සත්වන හිරු උදාවෙයි. එයින් මහ පොළොවත් මහමෙරත් දැවී වාතයෙන් වික්‍ෂිප්ත වූ ගින්න බඹලොව දක්වාම යෙයි.

මහණෙනි, මෙසේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, අස්ථිරයහ, සදාකාලික නොවන්නෝය. ( එබැවින් ) සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම සුදුසුය. නොඇල්මම සුදුසුය. මිදීමමැ සුදුසුය.”

‘ලෝක’ ශබ්දය බුදුදහමෙහි විවිධාකාරයෙන් අර්ථකථනය කෙරේ. ස්කන්ධ වශයෙන් පහකටද, ධාතු වශයෙන් සයකටද, ආයතන වශයෙන් දොළහකටද තවත් නොයෙක් ආකාරයෙන්ද විශ්ලේෂණය, විභජනය කොට දක්වා ඇති නාම රූප ධර්මයෝද ලෝක නම් වෙති. එම ධර්මයන් ලුජ්ජන ( වැනසෙන), පලුජ්ජන ( පළුදුවන) ලක්‍ෂණයෙන් එනම් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. එබැවින් ලෝක නම් වේ. භෞතික ලෝකය ද ඇතුළත් ලෝක නම් වූ මෙකී ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යැයි අසන, බුදුබණ නොදන්නා පුද්ගලයා අසහනයට පත්වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනාත්මය යනු මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේය යන්නය. ( නෙතං මම, නෙසො හමස්මි, නෙසො මෙ අත්තා’ති.) ලෝකය අනිත්‍ය, විනාශ වන්නේය, එබැවින් දුක් සහිතය, අනාත්ම යැයි අසා තැති ගන්නා හෙතෙම ‘මට ධන ලාභයෙක් විය. දැන් එය නැත. මට ලැබෙන්නට ඇති ධනයද නොලැබේ යැ’ යි ශෝක කරයි; ක්ලාන්ත වෙයි ; වැළැපෙයි; හඬයි; මුළාවෙයි. එහෙත් බුදුබණ දන්නා, ඇති තතු දක්නා තැනැත්තේ එසේ ලෝක ධර්මයන් වැනසේ යැයිද දුක් සහිත යැයි ද මගේ යැයි සැලකිය නොහැක්කේ යැයි ද දනී හෙතෙම ශෝක නොවේ. ක්ලාන්ත නොවේ. නොවැළැපේ; නොහඬයි; මුලා නොවේ.

Written by sAm_ශ්‍රී_Perera_7:09am_06/11/2013

78 comments:

  1. මමයි එක..
    "සියළු සත්වයන් පවා සංසර්ග ක්‍රියාවෙන් මිඳුනහොත් සිදු වන්නේ කුමක්ද?"
    හෙහ් හෙහ් :D

    මේක කියවල ඔලුව මඤ්ඤන් උනා වගේ බන් :D

    ReplyDelete
    Replies
    1. මාත හලියට කම්පනා කලා..

      ඒත් අපේ එවුන් එක්ක ඔය වගේ මතයකට එන්න බැරි වෙයි නේද?? උන් හොරෙන් හරි කරයි..

      මම දෙක !

      Delete
    2. මූලික මිනිස් අවශ්‍යතාවක්නෙ බන් සංසර්ගය ඉතින් කොහොම නොකර ඉන්නද :D

      Delete
  2. සැක් දැම්මා නේද මට කලින් හ්ම්ම් ,, දැන් ඉතින් නිමාඩුවේ කියෝලා එනවා :(

    ReplyDelete
    Replies
    1. hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii........

      Delete
    2. යනවා යන්න ... මන් දැන් මේ කියෝලා කොමෙන්ට් එක දාන්න ආවේ ,,

      හ්ම්ම් මාත් කැමති මේ වගේ දේවල් කියවන්න... මගේ ඇදහිල්ලට පටහැනි නමුත් කතාව පැහැදිළි,, හොද ලිපියක් සැමා

      Delete
    3. ඔයාගෙ ඇඳහිල්ල මොකක්ද අපුර්වී !!

      Delete
    4. මං ක්‍රිස්තියානි .. ඒ වගේම මේ ආත්මය ගැන විතරයි මගේ විශ්වාසය .. මේ ජීවිතය මා ලද එකම අවස්ථාව මගේ චරිතය සාර්ථකව අවසන් කර මෙයින් පිට වීම සහ හැම මොහොතකම පසුතැවිල්ලට ඉඩ නොතබා යහපත කරන එක තමයි මගේ කැමැත්ත ,..

      Delete
    5. \\\\\\\\\\මේ ජීවිතය මා ලද එකම අවස්ථාව මගේ චරිතය සාර්ථකව අවසන් කර මෙයින් පිට වීම සහ හැම මොහොතකම පසුතැවිල්ලට ඉඩ නොතබා යහපත කරන එක තමයි මගේ කැමැත්ත ,.. \\\\\\\\

      ඔය වචන ඒ විදිහටම රකින්න ....

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මේ පොස්ට් එකේ කරුණු සහ එයට පාදක වූ ධර්මය නිසි පරිදි තේරුම් ගන්න උත්සාහ කරොත් ටික දවසකින් ඔබේ ඇදහීම මාරු වෙයි අපුර්වී ඕමයා.

      මුල ටික අපි පිළිගන්නේ නැති වුනත් //හැම මොහොතකම පසුතැවිල්ලට ඉඩ නොතබා යහපත කරන එක තමයි මගේ කැමැත්ත// කියන එක නම් සැමගේ පරමාර්ථය විය යුතුයි.

      Delete
    8. පසුතැවිල්ලට හේතුව වැරදි වැඩ කිරීමයි. යහපත කිරීම යනු හොඳ දේ කිරීමයි.

      ඇඳහිල්ල/ආගම/ධර්මය කුමක් වුවත් හොද ක්‍රියාපටිපාටියක්..

      Delete
    9. විශ්ව @ මට එහෙම අවශ්‍ය නැහැ විශ්ව ,, මගේ ඇදහිල්ල තුල මං ජිවත් වෙනවා ,, හිස්කමක් සහ කුතුහලයක් නැහැ ,, ලිපියක් අවදානයෙන් නොකියවා කිසිදාක කොමෙන්ට් නොකරමි ,,,

      Delete
    10. අපූර්විගෙ බ්ලොග් එක මම නිතර යන බ්ලොග් එකක්.විශේෂයෙන්ම ඊශ්‍රායලය ගැන හා ඔවුන්ගෙ ජනජීවිතය ගැන ඉතා වටිනා ලිපි මම කියෙව්වෙ එහෙට ගිහිනුයි.ඕනම දෙයක් අගතියකින් තොරව කතා කරන්න පුළුවන් කෙනෙක් ලෙස මම අපූර්වි හදුනා ගෙන සිටින නිසාත් අපූර්විගෙ ඇඳහිල්ල ගැන මගේ මතය කියන්නම්.ඇත්තටම මිනිසුන්ට ආගමක් අවශ්‍යයි.එහෙම නොවුනොත් පාරෙවත් යන්න බැරි වෙනවා.
      ඒත් දෙවියන් වහන්සේ කියන්නෙ තමන්ගෙම යටි සිතට බවයි මම සිතන්නෙ.යාඥා අහන්නෙ යටි සිතයි.උඩු සිත හා යටි සිත අතර අරගලය දෙවියන් හා යක්ෂයා අතර අරගලය ලෙස දකිනවා.
      අපූර්වි දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා ඇය සතුටින් හා සම්පූර්න බවින් යුතුව ජීවිතය ගෙවනවා.සියළු ක්‍රියාවල වගකීම ඇත්තේ දෙවියන්ට නිසා.මෙසේ සිතන්න පුළුවන් වීමම කෙනෙකුගේ වාසනාවක්.තමන් කරන හැම වැඩක්ම බියකින් තොරව කළ හැකියි.සර්ව බලධාරී දෙවියන් තමන් සමඟ සිටින නිසා.ඒක හරි

      හැබැයි අපූර්විල එතන නතර වෙලා නේද?මෙය සත්‍ය බවට යටි සිතට කවා ගෙන ඇති නිසා යටි සිත අපූර්විට කියනව මේක ඇත්ත කියල.එතනයි ඔය කියන සම්පූර්න බව ඇත්තෙ.ක්‍රිස්තියානීන් පමණක් නොවෙයි බෞද්ධයනුත් එසේමයි.නමුත් අපි සත්‍ය සොයා යන්න ඕන නේද?

      මම බෞද්ධයෙක් ලෙස උපන්නත් මම එතනින් නතර වුනේ නෑ.විවෘත මනසකින් යුතුව ලොව දෙස බලනවා.

      මම අපූර්විට හිතන්න දෙයක් කියන්නම්.

      එක්කො ඕනෙ නෑ

      Delete
    11. මෙය කියවන අපේ වෙනත් මත දරන මිත්‍රයන්ට පොදුවේ දෙවියන් වහන්සේ ගැන යමක් කියන්න කැමතියි.
      ඇත්තෙන්ම සියල්ල දෙවි කෙනෙක් විසින් මවා ඇත යන්නත් සියළු සිදුවීම් එම දෙවියන් විසින් කලින් සැලසුම් කරන බවත් මැවුම්වාදී ආගම්වල කියවෙනවා.
      එසේනම් අප කරන හොඳ හෝ නරක ක්‍රියා දෙවියන්ගේ සැලසුම්ය.අප යනු සැලසුම් කරන ලද පරිගණක වැඩසටහන් වැනිය.අප දෙවියන්ගේ ඉත්තන්ය.එසේනම් ඉත්තන් වෙන කෙනෙක් විසින් අදින නිසා ඉත්තන්ට ත්‍යාග හෝ දඩුවම් දීම නිශ්ඵලය.
      සමහර ආගම්වල මුල් දෙමවුපියන් කළ වරදකට මළු මානව සංහතියටම දඩුවම් දෙන බව කියවේ.එසේම තමන් මැවූ ලෝකයේ විගඩම් කිරීමට සාතන්ට ඉඩ දීම මොකද හිතන්නේ?

      මුල් දෙමවුපියන් කළ වරදට සියළු මානවයන්ට දඩුවම් දීමට පෙර අනාගතය දෙස බලා විසදුමක් දීමට දෙවියන්ට බැරි ඇයි?

      සමහර නිකායන් මානව සංහතිය යක්ෂයාට භාර දී ඇති බව කියති.

      සර්වබලධාරී දෙවිවි කෙනෙකුට මිනිසුන්ට පනිවිඩ එවීමට මිනිස් නියෝජිතයන් හැර වෙන විකල්පයක් නැද්ද?
      අවසාන වශයෙන් අසම්පූර්න මිනිසුන් මැව්වේ ඇයි.තමන්ට යාඥා කරවා ගැනීමටද? ඒ මනෝභාවය කුමක්ද?

      Delete
    12. @ යකා මේ අහන්න

      මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

      ( මේක බලන්න " ඒහි භික්ෂුභාවයට පත් කිරීමේ සහ කල නොහැකි අවස්ථා ".
      )

      Delete
  3. මාවත් තුන් පාරක් කරකවලා හත්පාරක් ටොකු ඇන්නා වගේ. හි.. හි.. ;-) ;-)
    ගොඩක් වැදගත් පෝස්ට් එකක් සෑමා. ටැන්කූ.
    හැබැයි මටනම් සංසර්ග කියාවලියම එපා වෙනවා මේවා කියවත්දි.ි
    ඉපදීමත් මාර දුකක්නෙ. :-/

    ReplyDelete
  4. සෑම් අයියා ලියලා .තියෙන්නේ මාත් ගොඩක් ප්‍රිය කරන මාතෘකාවක් ගැන...ඒත් කවමත් හරිහැටි නොතේරෙන දෙයක් ගැන....

    එහෙත් ලෝක වාසී සියළු සත්වයන් ලිංගික කාර්යයයෙන් හෙවත් තම වර්ගයා බෝ කිරීමෙන් ඉවත් වුවහොත්, සියළු සත්වයන් පවා සංසර්ග ක්‍රියාවෙන් මිඳුනහොත් සිදු වන්නේ කුමක්ද?

    ඇත්තටම මොකැයි වෙන්නේ සෑම් අයියේ.?

    ReplyDelete
    Replies
    1. රාගය හැම සතෙක් තුලම තියෙනව. රාගය ප්‍රහීන කරන තුරු කිසිම සත්වයෙක් සන්සර්ගය නවත්වන්නෑ. රාගය ප්‍රහානය කරන්න පුලුවන් බුද්ධ දේශනා හරහා පමනයි. රාගය ප්‍රහානය කරා කියන්නෙ ඔහු රහතන් වහන්සේ නමක්.

      සන්සර්ගය තුලින් සතුන් බිහිවෙන්නෙ මිනිස් ලෝකෙ හා තිරිසන් ලොකෙ විතරයි. දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත, අසුර, නිරය යන ලෝක වල සතුන් ඉපදෙන්නෙ සංසර්ගයෙන් නෙවේ. ඕපපාතිකව

      Delete
    2. @අමිල - ඇත්තටම මොනා වෙයිද කියල ලිපියෙන් තේරුනේ නැද්ද අමිල :)

      @සුප්‍රබුද්ධ - ඔබ කරන තරකයත් හරි.. ඇත්තට රාගය ප්‍රහීන කරලම මේ වැඩේ නවත්වන්න වෙනවා කියන්නේ.. සියළු දෙනාම රහත් වෙනවා කියන එක. කවුරුවත් සංසර්ගය නවත්වන්නෙ නැහැ. එහෙම නැවැත්වුවත් මේක පෙරේත ලෝකයක් වේවි.. නැතිනම් මම කිව්වා වගේ මේ සක්වල ඇති අනිත් ලෝක වල සත්වයන් බිහි වේවි..

      Delete
    3. සියලු දෙනා රහත් වෙනවකියන්නෙ වෙන්න බැරි දෙයක් නේද මිත්‍රයා. රහත් වෙන්න පුලු වන් දෙවි‍යන්ටත් මිනිස්සුන්ටත් විතරයි. ඒකටත් ක්ෂන සම්පත්තිය තියෙන්න ඕනි. මේ ලෝකෙ ප්‍රමාන කරන්න බැරි තරම් සත්තු ඉන්නවා. උදාහරනයක් විදිහට ගත්තොත් කූඹි ගුලක කූඹි කොච්චරන්ම් ඉන්නවද? ඉතින් රහත් වෙනව කියන එක කොචරන්ම් දුර්ලබ දෙයක්ද

      Delete
    4. සමාවෙන්න ඒක වැරදීමක් !!

      රාගය ප්‍රහීන කරන සියළු “මනුෂයන්ට“ රහත් වෙන්න බැරිද?

      Delete
  5. හරිම හරවත් ලිපියක්. සාමාන්‍යයෙන් කියවන්න කම්මැලි කරැණු ටිකක් නොදැනීම ඔළුවට දා ගත්තා. සෑමාට ස්තූතියි. ජය!!!

    ReplyDelete
  6. ඔය විනාසේ ටික ටික වෙනවා වගේ නේද ? .
    රජ වරුන්ගේ දසරාජ ධර්මය පිරිහිලා . පෙන්නේ නැද්ද රජවරු බෝක්කු උඩ ඉඳගෙන ඉන්න උජාරුව . හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. දස ජරා ධර්මෙන් ඔකඳ වෙලා ඉන්නෙ :))

      Delete
  7. ahaa hugak wadagth deyak kiyala ape rajage wada nisa

    ReplyDelete
    Replies
    1. රජා කරන කුජිත වැඩ නිසා මෙහෙම හොද මාතෘකාත් එළියට එනව බං...

      Delete
  8. World End උනත් බෝ කිරිල්ල නම් නවතින්නෙ නැති එක නම් ෂුවර්

    ReplyDelete
  9. ඉතාම වැදගත් පෝස්ට් එකක් සෑම්...මේ වගේ තව ඒව ලියන්න... මාසෙකට එකක් හරි තමන්ගේ ආගමට අදාල ලිපියක් ලියන එක හොඳයි.. නැත්නම් වෙසක් පොසොන් කාලෙට ලෝඩ් එක දරාගන්න බැහැ ...

    ReplyDelete
    Replies
    1. මසකට රකක් සංකල්පය යටතේ හැම පෝයකටම එකක් දාන්න හිත තිබ්බා. ඒත් රසික ජනතාව අවුල් යයි කියල නොකළේ. වෙසක් පොසොන් එකට හිට්ස් කවුන්ටර් එකේ කරකැවිල්ලේ මන්දගාමිත්වය නිසා අපේ ජනතාවගේ ආගමානුකූල බව මට හොඳට තේරුණා. ;)

      ඔබේ අදහස ගැන සතුටුයි !

      Delete
    2. හිට්ස් බලන්නේ නැතුව මේ වගේ එකක් දෙකක් දාපන් බන්. ඒක වටිනවා.

      Delete
    3. //නැත්නම් වෙසක් පොසොන් කාලෙට ලෝඩ් එක දරාගන්න බැහැ ...//
      හිනාවෙලා පන යනව. මම නොවැම්බර් පෝය පෝස්ටුව දැම්මෙ මේ මාසෙ මුල්ම දවසෙ පිලිගන්නවද?

      Delete
    4. මාත් හිට්ස් කවුන්ටරේ ගලෝලා විසිකලා හි හි

      Delete
    5. @puma - හිට්ස් බලනව නම් වෙසක් / පොසොන් මාසෙම පෝස්ට් දාන්නෙ නැහැ මචං. මම කිව්වෙ හිට් කවුන්ටරෙන් කට්ටියගේ එවැනි පෝස්ට් කියවීමේ රුචිය තේරුණා කියලා. ස්තුති ඔබ එවන් පෝස්ට් අගය කිරීම ගැන :)

      @රාජ් - හෑෑෑෑ??? රාජ් පෝය පෝස්ට් දානවද ??

      @අපූර්වී - ඒක තියෙන එක හොදයි. පාඨකයන්ට බ්ලොග් එකේ තත්වය පිළිබඳ දර්ශකයක් විදිහට තියෙන්න ඕන...

      Delete
  10. පෝස්ට් එක පැත්තකින් තියමු.. අරූගේ ෆොටෝ එකේ මූණ වහලා දැම්මේ ඌ හරි සත්ගුණවත් එකා හන්දා වෙන්න ඇති නේ..

    ReplyDelete
    Replies
    1. නැහැ මට සැනිසීමෙන් ජීවත් වෙන්න ඕන නිසා බං :ඩී

      Delete
  11. අදහසනම් හොඳයි සෑමෝ ප්‍රායෝගික මදි...

    කාලෙකින් උඹෙන් මේ ජාතියෙ ලිපියක් කියෙව්වෙ...

    ReplyDelete
  12. ඔපාපාතික උපත් කියා දෙයක් ඇත. එනිසා මේ දෙය උත්සාහ කර වැඩක් නැත. එසේ වූවා නම් බුදුරජාණන් වහන්සේ එයද දේශනා කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. වටිනා ලිපියක් සෑමා. නියා සිලේ ප්‍රමාණයක් තමයි මනුස්ස ලෝකෙන් ආපහු සුගතියකට යන්නේ. මහ පොලව වගේ ප්‍රාමාණයක් යන්නේ දුගතියේ. ඒ කියන්නේ සසර ගමන කෙලවර කර ගන්නේ ගොඩක් පොඩි පිරිසක්. ඒ හින්දා අවුලක් වෙන්නේ නෑ. දිගටම වර්ගයා බෝ කරන්න කට්ටියක් ඉන්නවා

      Delete
    2. අයියෝ වැරදිලා කොමෙන්ට් එක සුදීක අයියාට පිළිතුරක් විදියට වැටිලා

      Delete
    3. @සුදීක - මේක ඉස්සර මගෙ හිතේ තිබ්බ අදහසක්. ඒ අදහස මම නිවැරදි කර ගත්ත. ඕපපාතික මෙන්ම, සක්වල තවත් ලෝක තියෙන බවක් කියවෙන නිසා ඒ ලෝක වල උත්පත්ති ලබයි..

      @පූමා - වර්ගයා බෝවෙන එක නවත්වන්න බැරි වෙයි. මොකද හැම එකාම රාගයෙන් දැවෙන නිසා.

      Delete
  13. කුප්පරසිද්ද කුඩු රජාගේ කකුල් දෙක අස්සෙන් පෝස්ට්කටුවක් පැන්න මම මේ දැක්කමයි.

    හැබැයි සැමෝ උඹ කියල තියෙන කාරණා ටික නං පංකාදුයි ටිකක් ගැඹුරු උනත් කියවන්න පහසුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති දේශක..

      කුඩු රජා ගේ කකුල් අස්සෙන් පෝස්ට් නෙවෙ දරු මල්ලොත් පනිනවලු බං :ඩී

      Delete
  14. මට ඔය බණ කෑලි කියවන එක අරහං බං.

    ReplyDelete
    Replies
    1. සික්.. අපරාදෙ.. බන තලන සීන් එකක් දාන්න තිබ්බෙ !

      Delete
  15. ඔය විදියට ඕක නවත්තල වෙන ලෝක විනාසයක්නං කවදාවත් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ.
    නියම විස්තර ටිකක් තියෙනව පහළ ටිකේ.

    ඇත්තටම සංසර්ග ක්‍රියාවෙන් මිදෙන එකයි රජාගෙයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද? :D

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසය = රජාගෙ කකුල් දෙක මැද්දෙ එක !

      Delete
  16. උදේ පාන්දර අවුරුදු 2500 කට එහා කෙලලා ඇරපු සුරංගණා කතාවක් දාලා...

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කාලෙ මේවා සුරංගනා කතා වගේ පේන්න ඇති තමා..

      Delete
  17. ලෝක විනාශය කියන අදහසම වැරදියි.ලෝකය කියල දෙයක් අපි හදාගෙන තිබෙනවා.ඇත්තටම එහෙම දෙයක් නෑ.මම කියල කෙනෙකුත් නෑ.ඒත් අප අත්විදින පරාසය තුල පහසුව තකා එවැනි සංකල්ප අවශ්‍යයි.රහත් නොවූ සියළුදෙනාම මෙවනි නිර්මාණයන් කරනවා.එහි වරදක් නෑ.ඉදිරියේදී විද්‍යාවයි බුදු දහමයි සමපාත වුනහම මේ කරුණු ගැන සාකච්ඡා කරන්න හොඳ පරිසරයක් හැදෙයි.මිනිස් කණට ඇසෙන පරාසයෙන් එහා ශබ්ද හා මිනිස් ඇසට පෙනෙන පරාසයට පිටතීන් ඇති දේවල් සතුන්ට පෙනෙනවා.නමුත් විද්‍යාතමකව දියුණු කළ කෘත්‍රිම මොළ වලට මේ අත්දැකීම් ලබන්න පුළුවන්.එ අනුව විද්‍යාඥයන් භූත ලෝක හා ප්‍රේත ලෝක පවතින බව ඉදිරියේදී සොයා ගනීවි.දැනටත් සොයා ගෙන කියල ආරංචි තිබෙනවා.ඉන් පසු මේ කරුණු විශ්ව විද්‍යාල මට්ටමේදීම සාකච්ඡා වේවි

    ReplyDelete
    Replies
    1. ස්තුති යකාගේ අදහසට !!

      Delete
  18. අඩෝ පොඩියට හිටියට සෑම හරි දස්සයා.... හොද යි හොදයි.... මේක කියෙවුවහම මාව කරකවල ඇතෑරිය වගේ උනා...

    ReplyDelete
    Replies
    1. කෝමද මොලේ කොර වුණාද ?

      Delete
  19. වෙන්නෙ නැති දේවල් කතා කරල වැඩක් නෑ. ඊටත් අහවල් වැඩේ නොකර උපදින සත්වයන් ඉන්නත් පුළුවන් නෙව.
    {අතුරු: මලක්වත් ගැහුවද?}

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගහපු එකකට දැනුයි බං වැඩ කරන්නේ.. :)

      Delete
  20. උඹත් දාන කතාවලට සංසර්ගෙත් එපා වෙනව සෑමෝ,පෝයට තව කල් තියෙනව නේද බං.

    ReplyDelete
    Replies
    1. පැන්සොන් යන වයසේදී ඕවා කොහොමත් එපාවෙනවා නේද හැලප අය්යේ.

      Delete
    2. පෝයට පෙර දාපු එකක් හැලපයියේ?? මේවා එපා වෙනව නම් මිනිස්සු ඉපදෙන එක නැවතිලා.. ලෝක විනාසෙත් වෙලා..

      @විශ්ව - සංසර්ගෙ එපා වුනාට වෙන වැඩ සැට් වෙනවලු !

      Delete
  21. ඈ ...........රජාගේ පොටෝව තියෙන තැනට එනකම් තේරුම් ගියා ඉතුරු ටික තෙරුම් ගන්න අපහසුයි.ඒ මන් බුද්ධාගම ගැන දන්නේ නැති නිසා වෙන්න ඇති.කමක් නෑ තෙරුම් ගිය ටිකත් මදෑ...

    ReplyDelete
    Replies
    1. එච්චර බරපතල්ද? ස්තුති කියෙව්වාට !!

      Delete
  22. උඹලට බඩ ගිහින් මැරෙන්න ඕක යකෝ මෙ වගේ උත්තුංග පුද්ගලයන්ගේ පොටෝ අරන් පෝස්ට් ලියනවට ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උත්තුංග පුද්ගලයටද බං බඩ යන්නෙ ??

      Delete
  23. සැමගේ බණ. කාලෙකින් මටත් ආගම මතක් කරලා දුන්නට පිං. මේ ඉරිදට කැලණිය පැත්තේ යන්න ඕන.

    සංසර්ගය නවත්වන්න නම් සියලු සත්වයන්ට නිවන් අවබෝධ කරන්න වෙයි. අපි හිතමු ලේසියෙන් නිවන් යන්න හිතන් මිනිස්සු සෙට් වෙලා ඔක්කොම සතුන්ගේ අහවල් ඉන්ද්‍රිය ඉවත් කළා කියලා නමුත් අනෙක් අපට නොපෙනෙන ලෝක අමතක කලත් මේ ලෝකයේම අලිංගික ප්‍රජනනයෙන් බිහිවෙන සතුනුත් ඉන්නවා. ඔබට හිතුන අදහස වටිනවා. ඔබ ඒ ගැන තර්ක කළා. කියෙවුවා කලකදී ඔබටම පිළිතුර පැහැදිලි වුනා. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ. අහවල් පොතේ තිබුනා කියලා අහවලා කියුවා කියලා පිළිගන්නේ නැතිව තම බුද්ධියෙන් අවබෝද කරගන්න කියලා නේ.

    මගේ දැක්මේ අනුව බුදු හාමුදුරුවෝ බොහෝ දේ පැහැදිලි කලේ එම කාලයේදී පැහැදිලි කිරීමට පහසු ලෙස එක නිසා බොහෝ කරුණු සරල දේ මගින් පෙන්වලා තියෙනවා ගැඹුරෙන් හිතුවොත් බොහෝ දේ හිතන්න පුළුවන්. ඔය ලෝක විනාසය සහ හිරු හත කතාව ගැන හිතුවොත් ක්‍රමයෙන් එක හිරු දෙක වෙනවා ටික කලකින් තුන වෙනවා කියන්නේ ලෝක විනාශයට පෙර සුර්යගේ විශාල වීමක් සමග සුර්ය තාපය වැඩිවීමක්. මෙය සුර්යා තරමේ තරුවක් විනාශ වීමේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සමග සමපාතයි. වැඩි විස්තර සඳහා අන්තර්ජාලය පිරික්සන්න මෙන්න හොඳ ලිපියක්
    http://en.wikipedia.org/wiki/Future_of_the_Earth

    මම SilentSahan ගෙන් ඉල්ලනවා ලෝක විනාසය ගැන පොස්ට් එකක් දාන ලෙස විද්‍යාත්මක තොරතුරු සහිත.

    ReplyDelete
    Replies
    1. //සුර්යගේ විශාල වීමක් සමග සුර්ය තාපය වැඩිවීමක්. මෙය සුර්යා තරමේ තරුවක් විනාශ වීමේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සමග සමපාතයි. //

      එකඟයි. මම මේ ගැන අහල තියෙනවා. ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදිහට සරලව, බණ දේශනා කරන්න ඇති බුදුහාමුදුරුවො. ඒකයි ඔය හිරු දෙක, තුන, වෙන කතාව එන්න ඇත්තෙ කියලයි මගේ හිත.

      උදා- ගස්, ගල් වලට වැඳපු මිනිස්සුන්ට බෝධියට වන්දනා මාන කරන්න හේතු/පසුබිම හදපු විදිහ.

      Delete
  24. බුදුබණ කිව්වත් නිරන්තරේ
    බුදුබණ ඇසුවත් නිරන්තරේ
    ගතිගුණ අතින් අපි හැමදාමත් වනන්තරේ

    http://www.youtube.com/watch?v=31QxpaQacJA

    ReplyDelete
  25. සෑමා වගේ එකෙක් බුදු සරණ කියවනවා කිව්වම කාටද ආඩම්බර...ඔය පත්තරේ එළියට දාන නලින් අයියලාට තමයි....මට පේන විදියට දැන් සෑමා සෑහෙන්න නිවිලා වගේ...

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න නිවිලා :)

      Delete
    2. itnishantha

      නිවිලා විතරක් නෙවේ ඇල්වතුරත් නිමලා බොන්නේ.

      itnishantha

      Delete
  26. මොකද අයියේ එකපාරටම බණ දහම් මතක් වෙලා
    "Worlds End Between My Legs" හිකිස්....... ලොල්ම කතාව

    ReplyDelete
  27. සෑම්ගේ මේ ලිපිය මම අගය කරනවා.

    // බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ. අහවල් පොතේ තිබුනා කියලා අහවලා කියුවා කියලා පිළිගන්නේ නැතිව තම බුද්ධියෙන් අවබෝද කරගන්න කියලා නේ.//

    මේ කාරනයට මාත් එකග වෙනවා. අපි උගතුන් නොවුනත් අපේ බුද්ධිය මෙහෙයවලා මේලෝකයේ සත්‍යය කුමක්ද යන්න අපි තේරැම් ගතයුතුයි. උපතින්ම අපි සැමකෙනෙක්ම අන්‍යආගමිකරණයට ලක්වීම (එයින් මා අදහස් කරන්නේ පියාගේ හෝ මවගේ ආගමික පසුබිම අනුගමනය කිරීමට සිදුවීම.) හේතුවෙන් අප සිතන්නේ මෙයයි සත්‍යය මෙයට වඩා යමක් නැත කියාය. නමුත් මාගේ අදහස නම් සත්‍යය කුමක්ද කියා තේරැම් ගැනීමට අප සෑම ආගමකම කරැනු හරිහැටි අවබෝධ කරගතයුතුය කියාය.එවිට අපට සත්‍යය කුමක්ද යන්න නිගමණයකට පැමිණිය හැකිබව මාගේ පුද්ගලික අදහසයි.

    ReplyDelete
  28. සැම් උඹ මහන වෙයන්කො. ඇත්තෙන්ම දැන් ඉන්න සමහරක් හාමුදුරුවරුන්ට වැඩිය උඹ ධර්මය දන්නවා.. මම එක දවසක් අපේ පැත්තේ හාමුදුරු කෙනෙක්ගෙන් ලෝකයේ ජීවය ඇතිවෙච්ච හැටිගැන බුදු දහමේ විස්තර කෙරෙන හැටි ගැන ඇහුවා. ඒ හාමුදුරුවො දන්නෙ නැ කිව්වා.. මට එපා වුනා..

    ReplyDelete
  29. උබ හරි සෑම .
    මමත් බෞද්ධ . සිංහළ . ගොවිගම ලිපියත් එළ කිරි
    ජය !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...