අපේ එවුන් හීනියට ප්ලාස්ටික් කෑන් එහෙකට තට්ටුවක් දාගෙන සිංදු කියනවා. දවල් තිස්සෙ බඩගාගෙන ඉස්සරහට ගිහින්, මහ රෑ සීතලේ කොල්ලො ටික එකතු වෙලා සතුටු වෙනවා. ඒත් හෙමීට. ඉස්කෝලෙ කාලෙ වගේ, ගමේ වැව ලග සෙට් වුණා වගේ සද්දෙට කට ඇරල සිංදුවක් කියන්න බැහැ අපිට. සිංදුවක් කට ඇරල කියන්න බලාගෙන ඉන්නව නම් එදා ජීවිත කාලෙට කියන අවසාන සිංදුව කියල හිතාගෙන ගීතය සද්දෙට පටන් ගන්න වෙනවා. අපි ඉන්නෙ කොතැනද? කරන්නෙ මොනවද? කියල උන් බලන් ඉන්නෙ අපේ ආතල් කඩන්න නෙවේ. අපෙන් උන්ට තියෙන බාධාව කඩාගෙන අපේ රට ඇතුලටම රිංගන්න. උතුර කියල අපි පපුව ඉස්සරහට දාගෙන උන්ට සලකුනු කරල දීල තියෙන සීමාව කඩල දාල අපිව පාගගෙන ඉස්සරහට එන්න. ඇත්තට උතුර දකුණ වෙන්කරන සීමාව හැදිල තියෙන්නෙ අපේ ඉස්සරහම ඉන්න මේ කොල්ලො සෙට් එකෙන් කියල අපිට විතරයි හිතෙන්නෙ.
සුදු කොට රැලි ගවුම ඇදන් පාසල් ගිය කාලෙ වගේ... ටටා.. ටටා.. ටටා..
සුදු කොට රැලි ගවුම ඇදන් පාසල් ගිය කාලෙ වගේ...
හිනා වෙන්නෙ නෑ...
මට ඇහුනෙ ඒ වචන ටික විතරයි. ඒත් ඒ වචන මාව අතීතෙට උස්සගෙන ගියා. ආයුධ උස්සගෙන දඟලන මම, එදා මගෙ කෙල්ලගෙන් ආදරේ ඉල්ලන්න කොච්චර පරක්කු වුණාද? ඒකි හිනා වෙවී ආදරේ ඉල්ලද්දි මම ඒක කියා ගන්න බැරුව කොච්ච නම් හැරිල ආවද? අපේ එවුන් බැන්න. උබ අහන්නෙ නැත්තං, අපිව පච නොකර නිකං ඉදපං. අපිට බෑ තවත් පස්සෙන් ඇවිත් සපෝට් කරන්න. උන් එහෙම කියද්දි මම හිතට දහිරියක් නැතුව ඒකි වටේ කැරකුණා. මම දැනන් හිටිය කොට, සුදු, ගවුම ඇදන් හිටපු ඒ කෙල්ල අද මගේ පුංචි කෙල්ලගෙ අම්ම වෙන බව. පොඩි එකී අම්ම එක්ක රෑට බත් කනව ඇති. මම ආදරේ කරන කාලෙ, හිතේ හයිය එන්න පටන් ගත්ත කාලෙ, පොඩි එකීගෙ අම්මට පුරුදු කළා රෑට තරු දිහා බලන් කතා කරන්න. එයා ෆෝන් එකෙන් කතා කරනව, අපි අපිට පේන එක පොදු තරුවක් දිහා බලාගෙන කතා කරනව. සමහර විට එයාට පේන තරුව දිහා නෙවේ වෙන්න ඇති මම බලන්නෙ. ඒ පුරුද්ද දැන් පොඩි කෙල්ලට ඇවිත්. ඒකි රෑට බත් ගුලි ගිලින්නෙ තරු දිහා බලාගෙන. රෑට කන්නෙ නැති කෙල්ලට කන්න පුරුදු කළේ අපේ දරුවගෙ අම්ම එහෙම තමා. අන්න දුවේ තාත්ත අර තරුව දිහා බලාගෙන කැලේ යුද්ධ කරනව. පුතා ඒක දිහා බලාගෙන කෑවොත් තාත්තගෙ බඩ පිරෙයි. එහෙම කියද්දි කෙල්ල එක කටක් නෙවෙ දෙක තුනක් එක පාර ගිලින්න හදනව. තාත්තට හයිය එන්න මම කන්න ඕන අම්මෙ. තාත්ත අපි නිසා නෙවෙ, රටක් නිසා නේ එහෙ මිනී මරන්නෙ.
අපෙ කෙල්ලට මම මිනී මරුවෙක්. ඒ කෙල්ල හිතන හැටි. මම කැමති නැහැ එහෙම කියනවට. ඒත් කෙල්ල ලොකු වුණාම ඒකිට කියල දෙන්න වෙනවා අම්මගෙ ආදරේ ඉල්ලන්න බැරුව හැංගුණු මම එච්චර දරුණු මිනිහෙක් නෙවෙ කියල. මේ ගල් හිත අපේ එවුන් මැරෙද්දි තව තවත් ගල් වෙනවා. නැත්තං උන්ව බදාගෙන එතැන අඬන්න ගියොත් අපේ පොඩි කෙල්ලට තාත්තවත් නැතුව යනව. උන් මැරෙද්දි ඒ හයිය හිතට අරන් අපේ එකාව මරපු එකාගෙන් පලි අරන්, අපේ එවුන් ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ල මේ ඇඟට හිර වෙලා තියෙන තුවක්කුව තමා දන්නෙ.
“මොකෑ බං කල්පනා කරන්නෙ..“
“කෙල්ලව මතක් වුණා බං..“
“හිතන්න එපා මචං.. ඕකනේ අපි කෙල්ලො සැට් කරගන්නෙ නැතුව ඉන්නෙ..“
“පල යන්න.. උබලට කෙල්ලො සෙට් වෙන්නෙ නැහැ කියල අපි මොනව කරන්නද? අනික සෙට් වෙලා එකතැන් වුණ දාට උඹලට තේරෙයි මේකෙ රස..“
“ලොරි ටෝක් එපා මල්ලි.. යමු කට්ටිය ඉන්න පැත්තට.. ඔහොම ඉන්න එපා බං..“
“හරි බං.. මම ටිකකින් එන්නම්.. කෙල්ලට අකුරු කියවන්න තියෙනවා. මට ඒව මතක් වෙනව බං..“
“හරි උඹ ඉක්මනට ඒ පැත්තට වරෙන්කෝ..“
-මතු සබැඳි
Written by sAm_ශ්‍රී_Perera_7:44am_26/11/13
-මතු සබැඳි
Written by sAm_ශ්‍රී_Perera_7:44am_26/11/13
පටංගත්ත විතරනෙ. ඉතුරු ටිකත් ලියමු.
ReplyDeleteස්තුති !
Deleteසුපිරියි සෑමා මම මේ බ්ලොගේ මෙතෙක් කියවපු හොඳම එක
ReplyDeleteස්තුති කෝරලේ !
Deleteතරු දිහා බලාන කෙල්ලට කවපු හැටි කියනකොට මතක් උනා හඳ දිහා බලාන අපේ එක්කෙනා එක්ක මම ෆෝන් එකෙන් කතා කරන හැටි.. (ඉස්සර ) :D
ReplyDeleteලියමු ඉතිරි කොටසත්.. (තව කොටසකින් නම් ඉවර වෙන්නේ නැති හැඩයි.. )
හිකිස්.. ඉස්සර ඒම තමා.. දැන් වෙනස් වුනාට නේද??
Deleteඉක්මනින් ඉවර කරනවා කතාව..
නියමයි සෑම්. මාත් හිතන්නෙ සැමාගෙ බ්ලොග් එකෙන් කියවපු හොදම කතාව. ඒත් මතු සම්බන්ද හන්දා ඊලග කොටසෙන් මොකක් වෙයිද කියලා බයකුත් තියෙනවා.
ReplyDeleteබලමු…බලමු…
ප්‍රියා ගේ සිතුවිලි (Priya ge sithuwili)
ස්තුති.
Deleteකෝරලේ මහත්තයගෙ කතාවට මමත් එකයි..ඉක්මනටම අනිත් කොටස බලාපොරොත්තු වෙනව.
ReplyDeleteහෙට දාමු. ඉක්මනින් කතාව ඉවර කරනවා.
Deleteපටන් ගත්තා විතරයි නේද ?
ReplyDeleteහිතේ මාර ෆීලින් ගොඩක් දුන්නා. සිරාවටම කදුළු ආව.
//////////// මට ඇහුනෙ ඒ වචන ටික විතරයි. ඒත් ඒ වචන මාව අතීතෙට උස්සගෙන ගියා. ආයුධ උස්සගෙන දඟලන මම, එදා මගෙ කෙල්ලගෙන් ආදරේ ඉල්ලන්න කොච්චර පරක්කු වුණාද? ඒකි හිනා වෙවී ආදරේ ඉල්ලද්දි මම ඒක කියා ගන්න බැරුව කොච්ච නම් හැරිල ආවද? අපේ එවුන් බැන්න. උබ අහන්නෙ නැත්තං, අපිව පච නොකර නිකං ඉදපං. අපිට බෑ තවත් පස්සෙන් ඇවිත් සපෝට් කරන්න. උන් එහෙම කියද්දි මම හිතට දහිරියක් නැතුව ඒකි වටේ කැරකුණා. මම දැනන් හිටිය කොට, සුදු, ගවුම ඇදන් හිටපු ඒ කෙල්ල අද මගේ පුංචි කෙල්ලගෙ අම්ම වෙන බව. පොඩි එකී අම්ම එක්ක රෑට බත් කනව ඇති. මම ආදරේ කරන කාලෙ, හිතේ හයිය එන්න පටන් ගත්ත කාලෙ, පොඩි එකීගෙ අම්මට පුරුදු කළා රෑට තරු දිහා බලන් කතා කරන්න. එයා ෆෝන් එකෙන් කතා කරනව, අපි අපිට පේන එක පොදු තරුවක් දිහා බලාගෙන කතා කරනව. සමහර විට එයාට පේන තරුව දිහා නෙවේ වෙන්න ඇති මම බලන්නෙ. ඒ පුරුද්ද දැන් පොඩි කෙල්ලට ඇවිත්. ඒකි රෑට බත් ගුලි ගිලින්නෙ තරු දිහා බලාගෙන. රෑට කන්නෙ නැති කෙල්ලට කන්න පුරුදු කළේ අපේ දරුවගෙ අම්ම එහෙම තමා. අන්න දුවේ තාත්ත අර තරුව දිහා බලාගෙන කැලේ යුද්ධ කරනව......////////
මෙන්න මෙතන මාර ෆීලින් එකක් දෙනවා. දිගටම ලියන්න... ඔය ඇඟිලි තුඩු වලට ශක්තිය ලැබේවා..
ස්තුති බෙන් !
Deleteදීර්ග ටෙලියක් වගේ.. ලියපන්කෝ බලන්න.. ෆොන්සේකාත් එක්ක නේ ඉන්නේ..
ReplyDeleteලස්සන හා සංවේදී ආරමභයක් සිරා මල්ලී! උඹගේ ලිවීම් කෝක උනත් මම කියවන්න ආසයි! දෙන්නා තැන් දෙකක ඉඳගෙන එකම තරැව දිහා බලාගෙන කථා කරණ කොටසට මගේ හිත තදින්ම ගියා. ඉස්සරහදී මගේ කවියක ඔය කෑල්ල දැම්මොත් ඔන්න මං දැම්ම උඹෙන් අවසර ගත්තා. ඉතුරැ කොටස් කියවන්න ආසාවෙන් ඉන්නවා..
ReplyDeleteඒ උනාට මේ දාලා තියෙන නමනම් (මර්තුකාව) උබේ අනන්‍යතාවයට ගැලපෙන්නේ නෑ
ReplyDeleteහැම කෙනෙකුගේම අතිතයේ මේවගේ මතකයන් තියනවා මලයා ඒත් මේ කතාව පටන් ගෙනම තියෙන්නේ අතිශය මානුෂීය ගුණාංගයන් එක්ක බලමු අනෙත් කොටසත්
ReplyDeleteදිගටම ලියමු සැමා .....
ReplyDeleteසේකරගේ කවියක් මතක් වුනා.. :) :)
ReplyDeleteපොස්ටුව ලස්සනයි සෑම් හැබැයි ලියල තියෙනව මදි මදි වගේ
ReplyDeleteලස්සනයි සැමා.. මං කියවන්න ආස ජාතියේ ,, මෙවුවා එකක් ..
ReplyDeleteවැලහින්නකට පෙම් බැදිම කතාවට පස්සේ කියවපු හිතට දැනෙන කතාවක්...ඊලග කොටසත් ඉක්මනින් ලියන්න සැමෝ
ReplyDeleteකොටයි කොටයි බොහොම කොටයි..හ්ම්ම් ලියමු දෙවෙනි කොටස..
ReplyDeleteඉස්සරහ ටික බලමු. අර මාතෘකාවෙ ඝනය අයින් කරහන්.
ReplyDeleteදවසින් දවස අමතක වෙලා යන මතකයක් අවධි වුණා. ඇත්තටම හමුදා සෙබළුන් මොනවා හිතනවද ?
ReplyDeleteකතාවට ඇතුල්වෙනකොටම උඹ බ්‍රේක් ගැහුවා.....
ReplyDeleteපොඩ්ඩයි නේ.
ReplyDeleteනියමයි. ඊළඟ කොටසත් ඉක්මනටම දාමු.
ReplyDeleteසොල්දාදුවා ඇතුලේ ඉන්නෙත් මනුස්සයෙක්නේ.........
ReplyDeleteඅපේ රණවිරුවන් සදා අනුස්මරණීයයි.. ඉතිරියත් කියවලාම බලමු...
ReplyDeleteඋඹ දාපු හැම එකටම මම කට කැඩිච්ච කතාවක් ගොඩක් වේලාවට කිව්වේ. අද නම් දැනුනා බන් පපුවටම
ReplyDeleteලියන්න සෑම්... එච්චරයි කියන්න පුළුවන්. (කාලෙකින් බ්ලොගයක් කියෙව්වේ :) )
ReplyDeleteඅඩේ අද මොකෝ බං සුට්ටක්.. දැන් කාලේ ලග හන්දා බිසී වගේ..
ReplyDeleteකතාව නං ලස්සණ යි, සෑමෝ. කියවන කොට මතක් වුණේ ඊයේ පෙරේදා සිරා අයියා ලියලා තිබුණ රංජිත් අයියගේ කතාව. බලමුකෝ ඊළඟ කොටසේ මොකද වෙන්නේ කියලා!
ReplyDeleteඅප්පටසිරි කෑලි කඩලා !
ReplyDeleteදුක හිතෙන අවසානයක්නම් එපා සැමෝ..
ReplyDeleteනියම කතාවකට මුල පුරලා වගේ.ඉතුරු ටිකත් ඉක්මනට ලියලා දාපන්.
ReplyDeleteමම උඹේ පරණ යාළුවෙක්,කොරියාවෙන්
Deleteසෝකාන්තයක් නොවේවා!!!
ReplyDeleteමෙන්න සෑම් අපිට දිගටම මේකාගේ රෝල දිහා බලාගෙන ඉන්න වැඩක් සෙට් කරලා!
ReplyDeleteඅපි බොහෝ විට පිටතින් බලනවට වඩා ගොඩක් මිනිස්සු ඇතුලෙන් වෙනස්, සමහර විට ගල් වගේ මිනිස්සු හරිම සංවේදීයි. යුද්ධකාලෙ සමහර තරුණයෝ හමුදාව අත ඇරලා ගියා ඒ ජීවිතය දෙන්න බයට නෙවේ සමහරු එහෙම නොවුනට ජීවිත්යක් ගන්න හිතන්නෙ නැහැ..
ReplyDeleteසමහර විට කුරා කුබියෙකුටවට් හින්සාවක් කරන්න හිතන්නේ නැති අය අපේ අම්මලගේ තියන කිරිවල මොකක් හරි පවර් එකක් නිසා ඇග රත්වෙල යුද්ධෙට ට දිව්වා..
නමුත් ඒ අතර මේ වගේ කතත් තියෙන්න ඇති..
/ තාත්තට හයිය එන්න මම කන්න ඕන අම්මෙ. තාත්ත අපි නිසා නෙවෙ, රටක් නිසා නේ එහෙ මිනී මරන්නෙ./ වැදුන කියන්නෙ බොක්කටම වැදුන..ඉතිරියත් දාපන් ඉක්මනට
ReplyDeleteකෙල්ලට අකුරු කියවනවා කිව්ව ගමන් මට හිතුනේ යෞවන වයසේ ප්‍රේම පත්‍රයක තිබ්බ එකක් කියවනවද කියලා
ReplyDelete